Monday, May 13, 2013

අපේ රටේ වැසියන්ගෙ සාමාන්‍ය දැනුම

අවවාදයයි : පණ්ඩිත (ෆුල් සීරියස්) ලිපියකි.

අවුරුද්දට සාමාන්‍ය පෙළ ගණිතය උගන්නපු ගුරුතුමාගෙ ගෙදර ගියෙමි. මේ එහෙදි අහපු කතාවක්.
(ඇත්තම සිද්ධියක්)

විද්වත් සුහද කතාවට සහභාගී වී සිටින්නේ සිංහල භාෂාව පිළිබඳ ගුරු උපදේශකයෙක්, එවැනිම සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ වියතුන් යයි කියාගත් ගුරු භවතුන් කිහිපදෙනෙක් හා අපේ ගණිත ගුරුතුමා ය.
අප ගණිත ගුරුතුමාද හොඳ කලා රසිකයෙකි. අර්ථ රසයෙන් අනූන ගීත විචාරය කිරීම කතාබහේ මාතෘකාව විය.

ආචාර්ය අමරදේවයන් ගායනා කරන 'සන්නාලියනේ' ගීතයද විචාරය පිණිස කරළියට පැමිණියේ ය.

ගණිත ගුරුතුමා : "හැබෑටම කවුද ඕක ලිව්වෙ...?"

කිසිවෙකුගෙන් පිළිතුරක් නොමැත.

අන්තිමේදී සිංහල භාෂාව පිළිබඳ ගුරු උපදේශකතුමා ඉදිරිපත් විය.

"ඕක ලිවුවෙ අපේ සුනිල් ආරියරත්න සර් නෙ."

ගණිත ගුරුතුමා : "පු* තමා." 

කට්ටිය මීයට පිම්බාක් මෙනි.

"මහගම සේකර."

මෙය ඇසූ මටද සිනාව නවතාගත නොහැකි විය.

හැබෑටම අපේ රටේ මිනිස්සුන්ගෙ සාමාන්‍ය දැනුමට මොකද වෙලා තියෙන්නෙ....?

අවවාදයයි : පණ්ඩිත (ෆුල් සීරියස්) ලිපියකි.

කලක ඉහතදී මම අගනුවර සරසවියක ශාස්ත්‍ර පීඨය සඳහා තොරතුරු තාක්ෂණය පිළිබඳ දේශන පැවැත්වීමි.

එදින දේශනය වූයේ තොරතුරුවල ආරක්ෂාව සලසා ගැනීම පිළිබඳව ය.
පරිගණක වෛරස පිළිබඳ හඳුන්වාදීමක්ද කෙරිණ. 'ට්‍රෝජන් හෝ(ර්)ස්' (Trojan Horse) යනු මෙවැනි එක් ද්වේශ සහගත පරිගණක වැඩසටහනකි.(Malware - Malicious Software) . යම් ප්‍රයෝජනවත් වැඩසටහන් මෙන් පෙනී සිට හීන් සීරුවේ පරිගණකයට රිංගා ගැනීම මේවායේ සහලක්ෂණය යි. මේ සඳහා අදහස ලබාගෙන ඇත්තේ සුප්‍රකට ග්‍රීක පුරාණ (ප්‍රබන්ධ) පුරාවෘත්තයක් වන ට්‍රෝජන් අශ්වයා කථා වස්තුවෙනි.

මේ කතාව අසා ඇති අය ඇත්දැයි මා විමසුවේ එය සිද්ධාන්තය වටහා ගැනීමට රුකුළක් වන නිසා ය.

අවාසනාවකි...! සිය ගණනක සිසු පිරිසෙන් එය අසා සිටි එකදු අයෙක් හෝ නොවීය...!!

සෙමෙස්තරය අවසානයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමට ගිය මා පිස්සන් කොටුවේ නොගිහින් බේරුණේ අනූ නවයෙනි..!

හාරසියයකට නොඅඩු උත්තර පත්‍ර වල මහා පරිමාණයේ අක්ෂර වින්‍යාස අඩුපාඩු සහ ව්‍යාකරණ වැරදි නොතිබුණේ අතේ ඇඟිලි ගණනටත් අඩු උත්තර පත්‍ර සංඛ්‍යාවක පමණි.

ඇතැම් පිළිතුරු හාස්‍යොත්පාදක විය. උදාහරණයක් ලෙස FTP යන්නෙහි තේරුම අසා තිබුණි. 

(නිවැරදි පිළිතුර File Transfer Protocol) ලබා දී ඇති පිළිතුර : Female Transport Protocol

ඒකනම් කමක් නෑ කියමු. උගන්නපු දවසෙ ආවෙ නෑ යයි හිතමු. 

එහෙත් රටේ කලා විශය ධාරාවෙන් ඉහළම ළකුණු ලබා ගෙන රටේ හොඳම සරසවියට එන සිසුන්ගේ සාමාන්‍ය දැනීමේ සහ භාෂා දැනුම පිළිබඳ තත්ත්වය මෙසේනම්...? 

මෙයට එක් ප්‍රබල හේතුවක් ලෙස මා සොයාගත්තේ අපේ රටේ සිසුන් තමා හදාරණ පටු විෂය ධාරාව අලලා ලියවී ඇති සීමිත (නිර්දිෂ්ට) පොත්පත් හා බොළඳ නවකතා හැරුණුකොට වෙනත් කිසිවක් කියවන්නේ නැති බවයි. 

අපේ අනාගත විද්වත් පරපුර....?

10 comments:

  1. ලූලන් නැති වලේ කණයන් පණ්ඩිතයන් වනවා වගේ වේවි .......

    ReplyDelete
  2. වල් වදින රටක උගතුන් යැයි කියාගන්නෙ මෙවැන්නවුන් මිස දැන උගත් මිනිසුන්ම නොවෙයි....

    ReplyDelete
  3. ඒකත් හරියට අර PLC වගේ. පැනපු ගමන් එකෙක් කීවා ප්‍රයිවෙට් ලීසිං කොම්පැනි කියලා. තොරතුරු තාක්ෂණ තරගයක අවසන් වටය. (programmable language control)

    ReplyDelete
  4. ඔයාගේ ලිපියේ ශ්‍රාස්ත්‍ර කියන වචනය ශාස්ත්‍ර කියලා නිවැරදි කරන්න.

    ReplyDelete
  5. සිරා සිද්ධියක් තමයි. ඉස්සර අධ්‍යාපනයෙ හිටියට නම්, ඉස්කෝලෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන පන්සලෙන් සිංහලයි පාලි සංස්කෘතියි ඉගෙන ගන්නවා. ඒ අධ්‍යාපනයෙන් සියළු සංස්කෘතීන් ගැන හැදෑරෙනවා. ඒකයි ඒ කාලෙ විද්වතුන් බිහිවුණේ. දැන් ළමයි ඉගෙන ගන්නෙ ටීවී එකේ යන බොළඳ කතා වලින්. ඒකනේ පොඩි දේකටත් මිනී මරාගෙන සියදිවි නසාගන්නෙ.

    ReplyDelete
  6. Dan kaale wela thiyanne lamayinta wishayata adaala nathi poth kiyawanna denne na. Lamayaa potha maththema nahiya yuthuyi kiyana mathaye thamayi samaajaya inne. Daham paasalakata yanne na. Iskokedi unath kiyawanne wal pal poth.

    ReplyDelete
  7. අනේ මන්ද........

    ReplyDelete
  8. Our education system also should take some of the blame. Even the higher education system. In SL quality of a course if often measured on how much work that you give the student. (assignment, course matter). Most students simply don't have time to read anything that is other than recommended study material.

    ReplyDelete
  9. අද ඉන්න උන්ට හාෂාමය කුසලතාවයක් ඇත්තෙම නෑ ඇත්තටම ඒකට එක හේතුව හොඳ පොත් පත් කියවන්නෙ නැති එක . අන්තිමට ලිං මැඩියො ටික වගේ තමයි.

    ReplyDelete