Thursday, August 1, 2013

මගේ හිතවත් බැචාලා වෙතටයි

කැම්පස් එකේ මාස 6ක් (පළවෙනි මාස 6) මාත් එක්ක එක කාමරේ හිටපු වෙන ෆැකල්ටියක පොරක් සහ ඒ වගේ ගොඩක් දෙනෙක් (හැමෝම මගේ බැචාලා කියන එවුන්) මගේ බ්ලොග් එකේ 'කට්ට් කෑම' සටහන ගැන හෙනටම අවුල් ගිහිල්ලා.

මට මැසේජ් කරනව හෝ ගාලා "උඹ කෑවයි කියන කටු මොන කටුද? උඹට වඩා කටු කන උන් ඕන තරම් ඉන්නවා. හැබැයි උන්ට ලියන්න බෑ. උඹ නිකං පොරක් වෙන්න හදන්න එපා. අපි දන්නව උඹ පොරක් නෙමෙයි කියලා. උඹ කවුද කියල උඹ ඉගෙන ගත්තු කැම්පස් එකෙන් දෙයි නියම සහතිකයක්. කොන්ද පණ නැති එකෙක්නෙ උඹ. උඹ හිතන් ඉන්නවා උඹ හරි විශේෂයි කියලා. එහෙම එකක් නෑ. නිකං බොරු ප්‍රතිරූප ගොඩනගලා මිනිස්සු රවට්ටන්න එපා යකෝ. උඹ උඹට නැති පොරත්වයක්නේ උඹේ බ්ලොග් එකෙන් මවා පාන්නේ. උඹ කියන ඒව ඇත්ත කියල හිතන් ඉන්න ලංකාවේ බොලඳ රීඩර්ලා අතරේ උඹලා වගේ උන් පොරවල්..අනේද කියන්නෙ...? අඩු ගානේ උඹට තාම කෙල්ලෙක් දාගන්න බැරි වුනා..බියර් එකක් බොන්නෙ නැති උඹත් මිනිහෙක්ද යකෝ..බ්ලා..බ්ලා..." 

ඇත්තටම හොඳ වෙලාවට මම එහෙම එකක් ලිවුවේ... මිනිස්සු කවුද කියල මට හඳුනගන්න මේක සෑහෙන හොඳ අවස්ථාවක් වුණා.
හිහ්...ඉතින් මම කිවුවද "මම විතරයි කටු කෑවේ. වෙන මොකෙක්වත් මම තරම් කටු කාලා නෑ. මම කාපු කට්ට් තමයි සුපිරි" ? අනිත් උන්ට උන් කාපු කටු ගැන ලියන්න බැරි උනා කියලා මම කාපු කටු ගැන නොලියා ඉන්න ඕනෙද? උන්ට ලියන්න බැරි වුනා කියල මම පළිද..? මම පුළුවන් හැම වෙලාවෙම එහෙම උන් ගැන ලියන බව මගේ පාඨකයො දන්නවා ඇති. වීරප්පන් ගැන එහෙම ලියපු සටහනක් ලංකාවේ ජනප්‍රිය සඟරාවකින් උපුටා ගන්න පෙළබෙන්නෙ ඒ නිසා නොවේද..?

අනිත් චෝදනාව මම මගේ බ්ලොග් එකෙන් මගේ ප්‍රතිරූපය හදාගන්නවා කියන එක. හිහ්..හිහ්...ඉතින් දෙයි හාමුදුරුවනේ මගේ බ්ලොග් එකෙන් මගේ ඉමේජ් එක හදාගන්නෙ නැත්නම් වෙන මොන කෙන්ගෙඩියකින් ඒක හදන්නද..? දැන් එතකොට මම ලියන්න ඕන මම කිසිම ටැලන්ට් එකක් නැති, කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නැති කැත, ලියනවා ඇරෙන්න වෙන කිසිම හරයක් ඇති දෙයක් නොකරන මෙලෝ රහක් නැති එකෙක් කියලාද? 

උන් කියවන්නෙ මගේ බ්ලොග් එක විතරද කොහෙද...! උන් කියන විදියට මම ලියන්න ඕනෙ මගේ දුර්වලකම් ඉස්මතු වෙන විදියට..?
මොනාද එතකොට මෙයාල මගේ දුර්වලකම් විදියට ප්‍රධාන වශයෙන්ම දකින ඒව..

අංක එක මම බොන්නෙ නැති එක....මම බොන්නෙ නැත්තෙ මට ඕන නිසා. ඒක තේරුමක් නැති නිසා. කොහොමත් හේතු වැඩක් නෑ කෙනෙක් කන බොන දේ තීරණය කරන්නෙ ඒ කෙනා. හැබෑවටම හිත හොඳ නම් අනිවා බෙබේ කෙනෙක් වෙන්න ඕනෙලු...!
ඊළඟ එක මට කෙල්ලෙක් නැති එක...! ඒ ගැන මට වඩා අමාරුවක් මෙයාලට තියෙන බවයි පේන්නෙ. හිහ්. 

සමහරු හිතන් ඉන්නවා කොහේ හරි යන ඉසකුඩිච්චියක් කරගැහුවම හරි පොරක් කියලා....එහෙම මොකක් හරි මරණයක් කරගහලා මයිල්ස්ටෝන් ඇචීව් කළා කියල කියන්න ඕන නම් මට ඕන තරම් චාන්ස් තිබුණා...ඒක මගේ පර්සනල් ඉන්ටරස්ට් එක...ඉගෙනීමට මුළ් තැන දෙන එක....හරි හමන් රස්සාවක් නැතුව කසාදෙ විතරක් වෙලාවට කරගෙන දැන් පොරවල් වෙලා ඉන්න අයට තේරෙයි ළමයි බමයි ඉන්න කාලෙක, ප්‍රශ්න එනකොට කරගත්ත ගොන්කම කියලා...! මට හිතෙන්නෙ මෙතන තියෙන්නෙ තමන් වැටිච්ච වළේ මාවත් නොවැටිච්ච එක ගැන ඉරිසියාවක්...පවු එයාලා...

මම කවුද කියල කැම්පස් එකෙන් සහතිකයක් දෙයිලු. ඔව් දුන්නා තමයි. උපාධි සහතිකේ. වෙන මොන සහතිකද කැම්පස් එකකින් බලාපොරොත්තු වෙන්නෙ? කැම්පස් යන්නේ ඉගෙන ගන්න ගන්නම නෙමෙයි..වෙන වෙන අඩුපාඩුත් පුරවගන්න කියල හිතාගෙන ඉන්න හාදයොන්ට නම් උපාධිය විතරක් ගන්න එක හෙන ප්‍රශ්නයක් තමයි. ඒත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි නම් කොහේවත් යන එකෙකුට ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ. 

මට කොන්ද පණ නැතිලු. හා..හා..මගේ කොන්ද ගැන මගේ ෆැකල්ටියෙ උන් දන්නවා. මට ක්ලාස් එක තිබිලත් ස්ටාෆ් ගත්තෙ නැත්තෙ කවදාවත් මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නොවුනු දුප්පත් අහිංසකයින්ගෙ ප්‍රශ්න කතාකරපු නිසයි කියල දන්න මිනිස්සු දන්නවා.

මම විශේෂ කෙනෙක්ද නැද්ද කියල තීරණය කරන්න ඕන මිනිස්සු. මම නොවෙයි. ඇත්ත. මම විශේෂ කෙනෙක් නොවෙන්නැති.

මම බොරු ලියනවනම් ඒ බව ඉස්සෙල්ලම දැනගන්න ඕන මම. ඔය කියන කස්ටිය පාස් අවුට් උනායින් පස්සෙ මම ආපු ගියපු, වැඩ කරපු, ලැගපු හැම තැනම මගේ පස්සෙන් ආවද හැම තැනම මේවා බොරු කියල කියන්න..? 

මම අද වෙනකම් එක අකුරක්වත් ගොතපු ප්‍රබන්ධ ලියලා මිනිස්සු මුළා කරලා නෑ. මේකෙ තියෙන හැම සිද්ධියක්ම, අත්දැකීමක්ම, අකුරක් ගානෙ ඇත්ත කියල මගෙ හදවත දන්නවා. 

මිනිස්සු මට රැවටිලා කියල කියනවනම් එක මගේ පාඨකයින්ට කරන අවමානයක්. නිග්‍රහයක්. මිනිස්සු එච්චර මෝඩයොද..? රවට්ට්ලා මොනව ගන්නද..? මම මේක ලිවුව කියල මට කිසිම ප්‍රතිලාභයක් නෑ. ආත්ම තෘප්තිය විතරයි. කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රසිද්ධිය වෙනුවෙන් තමයි මෙච්චර දඟලන්නෙ කියලා. එහෙනම් ඉතින් මම අන්වර්ථ නාමයකින් පෙනී සිටින්නෙ ඇයි? 

මම අකුරු කරන්නෙ මට පොළොවේ පය ගහලා අත්විඳපු දේ. මම හැබැහින් දැකපු දේ. නැතුව හිතින් මවාගත්තු මනෝ විකාරවත්, ගොතපු ප්‍රබන්ධවත්, වෙන කාටවත් ඕන දේවත් නෙමෙයි. ඒව මිනිස්සුනෙ ජීවිත වලට, හදවත් වලට වදින විදියට ලියන්න මට යම් හැකියාවක් තියෙනවා. 

ජීවිතයේ ඒකාකාර විදියට විඳින මිනිස්සු මගේ සටහන් කියවලා යම් විවිධත්වක් සහ ඉන් සැනසීමක් ලබනවා. 

කුහක කමයි ඉරිසියාවයි පැත්තක තියලා උපේක්ෂාවෙන් බැලුවොත් තේරෙයි මම කවුද කියලා. 

අතුරු සටහන : ලකා කියල මහත්මයෙක් මේ අඩවිය ගැන අපූරු අදහස් දැක්වීමක් කර තිබෙනවා.

ප.ලි. 
මගේ ආදරණීය 'සංවේදී' පාඨකයිනි, 
ඔව්. ඔබලා හරි.
මේ පෝස්ටුව පළ නොකළ යුතුව තිබුනා යයි දැන් මටත් හිතෙනවා.
මේ වගේ (උදාහරණ 1උදාහරණ 2) මානසිකත්වයක් තියෙන කෙනෙකුට අපි අනුකම්පා කරන්න ඕන.
මේ පිළිබඳව ඔබෙ වටිනා කාලය නාස්ති කිරීම ගැන දහස් වාරයක් මට සමාවන්න.
මේක අයින් කරන්න මම කැමති වුනත් එහෙම කළොත් සින්ඩිකේටර් වලින් මගෙ අඩවිය බ්ලොක් වෙන නිසා එහෙම කරන්න විදියක් නෑ.

ඒ ගැන යළිත් මට සමාවන්න.

32 comments:

  1. //කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නැති කැත//

    මේකනං හරිම හැඩයි. ඒ උනත් ඔය බැචාටත් එකක් කියන්න ඕන.. මොන රෙද්දකට අනුං කියන ඒවට උත්තර බදින්න යන්නේ.. විකාර... බ්ලොග් කටුවේ ඇත්ත ලියනවද බොරු ලියනවද කියන එක කාටවත් වැඩක් නෑ.. ලියන දෙයින් කාටහරි ඉම්ප්‍රෙෂන් එකක් ලැබෙනවනං එච්චරයි.. රෙද්ද..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් ඇත්ත. අදහස් දැක්වීමට ස්තුතියි...සලකා බලන්නම්කො... :)

      Delete
  2. Kellek nathi wena eken kondak athi minihek neweyi kiyana eka theeranaya wenne kohomada? Anika bebaddek nowichcha paliyata ooth kondak nathi haal paaruwek wenawada? Pissu kathaane. Mamath kawadaawath beelath na. Bonneth na. Eka theeranaya karanne mama. Nathuwa ape appachchiwath, wena mokekwath newe. Kello inna hamoma porawalda? Ane aachchige redda thamayi.

    ReplyDelete
  3. "මම කවුද කියල කැම්පස් එකෙන් සහතිකයක් දෙයිලු. ඔව් දුන්නා තමයි. උපාධි සහතිකේ. වෙන මොන සහතිකද කැම්පස් එකකින් බලාපොරොත්තු වෙන්නෙ?" Aniwa

    ReplyDelete
  4. අනේ ඇයි අනේ ඔයාට මේ ටිකේ මෙහෙ ඒවාම වෙන්‌ෙන්... හි හි... කලින් මචං පෝස්ට් එකක් ලියලා නෝන්ඩි උන.. ඊළඟට ඊයෙ පෙරේදා ලියපු එකකට මෙහෙම ප්‍රතිචාර ආවා.. දැන් මං දන්නවා මේකට එන ප්‍රතිචාර මොනාද කියල.. ඔන්නං කියන්නං...

    “ යකෝ උඹට පිස්සු ඔය එක එක උන් කියන ඒවා ඇඟට ගන්න...”

    “ උඹ කරන කියන ඒවා උඹට ඕනේ හැටියට කරගනිං... ඔය කොහෙවත් ඉන්න එවුන්ට ඕනෙ එකක් කියාගන්න ඇරලා.. මොකෝ උඹේ ඇගේ වදිනවයි..”

    “ තමන් කන බොන, කසාද බදින එක තමන්ගේ වැඩක්.. ඒත තමන්ට ඕන හැටියට කරගන්න ඕනේ.. අනිත් අය කියන ඒවා වලට බයේ වැඩ කරන්න ගියොත් විනාසයි....”

    “ මේකට පිස්සුද මන්දා .. මේවට මෙච්චර සැලෙනවා නං බ්ලොග් වල වලියක් ගිය දවසට මේකා අඬයිනේ කඳුලු පෙර පෙර...“

    “ මූටත් පොරමේනියාව ගහලා... නැත්තං මෙහෙම ඒවා ලියයියෑ..”

    “ ඔය වි වි ගිය උන් ඔක්කොටම තියෙන ලෙඩක් ඕක... පොර මානසිකත්වය... එකපාරක් බැනුම් අහලා මදිවට තවත් පෝස්ට් දාන්න යනවා.. ”

    “ ඇත්තටම කැම්පස් යන්නේ මෙච්චර බබ්බුද ඈ....”

    හි හි... ඔන්න ඔතන මට හිතිච්ච ඒවත් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. හරියටම හරි හිරු..ඕවා තමයි මේකට ෆේස්බුකියේ වැටුණ කමෙන්ට්ස්....
      පේන කියන ජොබ් එකක් පටන් ගම්මුද...? හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි....

      Delete
  5. අපිටනම් ඉතින් ඔය කියන උපාධි නෑ. ඒත් ඉතින් ලියල තියෙන ඒව නම් හුගක් ඇත්ත

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නෙ උපාධිය නෙමෙයි සහෝ...උපාධි නැති පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු මම අනන්ත දැකලා තියෙනවා. මම එයාලගෙන් ජීවිතේ ඉගෙන ගන්නවත් එක්ක....

      Delete
  6. මට නම් පේන්නේ මේ ඔක්කොටම හේතුව අපේ සංවේදී ආචාර්යතුමා ඇත්තටම ඉතාම සංවේදී කෙනෙක් වීමයි.
    ඉතාම සියුම් කරුණක් ඔබතුමාට අති විශාල සතුටක් හෝ දුකක් වුණ අවස්ථා මම FB එකෙත් BLOG එකෙත් සෑහෙන්ඩ දැකල තියනවා. . . (ඒ කියන්නේ මම සෑහෙන කල් ඉඳන්ම ලිපි කියවනවා :-D )
    මම හිතන්නෙ අපි අනුන්ට ගින්දරක් නොදී දැඩි කැපවීමකින් ලබාගත්ත ඉගෙනීම,රැකියාව, ගෙදර, වාහනය, තනතුරු. . . . ගැන කියන්ඩ, ලියන්ඩ සාධාරණ අයිතියක් හැමෝටම තිබිය යුතුයි . . . .

    ReplyDelete
    Replies
    1. // මම හිතන්නෙ අපි අනුන්ට ගින්දරක් නොදී දැඩි කැපවීමකින් ලබාගත්ත ඉගෙනීම,රැකියාව, ගෙදර, වාහනය, තනතුරු. . . . ගැන කියන්ඩ, ලියන්ඩ සාධාරණ අයිතියක් හැමෝටම තිබිය යුතුයි . . . .//
      මෙන්න මේ අදහසට මම පුදුම විදියට ගරු කරන්නෙ මේක 99%ක් දෙනා පුරාජේරුවක් විදියට අර්ථකථනය කරන නිසයි....

      Delete
  7. මගේ කොමෙන්ට් එක ස්පෑම් ගොඩේ ඇති..

    ReplyDelete
  8. සංවේදී ඇයි ඔයා මෙහෙම පෝස්ට් එකක් ලිව්වේ.. ලැබෙන ඕනම කමෙන්ටුවක් ආශිර්වාදයක් සේ සලකා ඉන්නවා මිසක්... මෙවන් කමෙන්ටුවකටත් සැලෙන ඔබ නම් සංවේදි වැඩියි.. එහෙම වෙන්න ?ඕන නෑ.
    ඔබ නිවැරදිව පැහැදිලිව ලියන තාක් පාඨකයන් ඔබත් එක්ක ඉදීවි... අමතක නොකරන්න ඇනෝලා අන්වර්ථ නාමිකයෝ බ්ලොග් එකකට ආභරණයක් බව...

    ReplyDelete
    Replies
    1. නෙගටිව් කමෙන්ට්ස් නම් මට ඕනි තරම් හම්බුවෙලා තියෙනවා. 'ෆේස්බුක් මචංලා' පොස්ට් එකේ සූස්ති ගුණේ ගේ කමෙන්ටුව බලන්නකෝ...එවට සැලන මිනිහෙක් නෙමෙයි මම..සමහරු 'බුදුන් පොරක්ද', 'පුනර්භවය පට්ටපල් බොරුවක්' පෝස්ට් වලට මට පෞද්ගලිකව සුද්ද සිංහලෙන් බැනලා එවලා තිබුණා. සැළුනෙ නෑ. මොකද මම ඔය ඔබ කියපු තැන හිටපු නිසා. ඒත් මේ චෝදනාව කළේ අවුරුදු 7ක් මම මට ඉතාම හිතවත්, මාව තේරුම් ගත් කෙනෙක් කියා සිතා සිටි අයෙක්. ඊට පස්සෙ වෙච්ච දේ දන්නවද? මම එහෙමයි කියලා හිතන් හිටපු හැම එකාම වගේ ඒ මතය අනුමත කලා..මම ෆේස්බුකියේ කරුණුදක්වනකොට, සාක්ෂි ඇතුව මම ඇත්ත ලිවුවේ කියලා ඔප්පු කරනකොට සමහරු පර්සනල් අරගෙන මට ෆෝන් එකෙන් කුණුහරුපෙන් බැන්නා. මේක ලිව්වේ ඉවසලා ඉවසලා බැරිම තැන.

      Delete
    2. ඉවසල ඉවසල බැරිම තැන.. අන්න එතන තමා ඉවසිය යුතුම තැන!!

      Delete
    3. දේශකයා හරියටම හරි.

      Delete
    4. ඒත් මේ චෝදනාව කළේ අවුරුදු 7ක් මම මට ඉතාම හිතවත්, මාව තේරුම් ගත් කෙනෙක් කියා සිතා සිටි අයෙක්. ඊට පස්සෙ වෙච්ච දේ දන්නවද? මම එහෙමයි කියලා හිතන් හිටපු හැම එකාම වගේ ඒ මතය අනුමත කලා..

      මොකද ඔයත් එක්ක අවුරුදු 7ක් හිටපු මිනිස්සු ගොඩක් එහෙම කියනවනම් ඔයා.. ඔයා ගැනම ආයෙත් හිතන්න ඕන කියලයි මට හිතෙන්නේ.

      Delete
  9. Salenna epa. Ekayi mata kiyanna thiyanne. Mama ganath danna aya dannawa. Eth mama ewagen salila kadan watune na. Eka thamayi mama mage me loke dashaka 2ka jeewithen igenagaththa paadama.

    ReplyDelete
  10. මම හිතන්නේ මේ පොස්ටුව නොදා සිටිය යුතුව තිබුනා, කොහොමත් මේ වගේ දේවල් වලට අප්සැට් ගැහීම හෝ තරහා ගැනීම හොඳ නෑ, සංවේදී ,ටිකක් සංවේදී වැඩියි වගේ.

    ReplyDelete
  11. keepon with your good works

    ReplyDelete
  12. උඹ උඹ කවුද කියලා අඳුරනවානම් මේ පෝස්ට් එක ලියන්න ඕන වෙන්නේ නැහනේ.

    ReplyDelete
  13. ඔය බනින එවුන්වම ටිකක් හරි කමක් නෑ මගේ බ්ලොගටත් එවපල්ලකෝ පුළුවන් එකෙක්

    ReplyDelete
  14. Thursday, July 18, 2013 ලිපියට අදාළව ඔබට අනුව හමුදාවට අපහාස වන ලිපියක් ලංකාදීප වෙබ් අඩවියේ දමා ඇත.
    http://www.lankadeepa.lk/index.php/articles/157972
    ඔබට නොවැටහුනත් ඉදිරියෙදිත් හමුදාවට අපහාසවන ඔය වගෙ ලිපි පළවිම දිගටම සිදුවෙවි.

    ReplyDelete
  15. මගේ ආදරණීය 'සංවේදී' පාඨකයිනි,
    ඔව්. ඔබලා හරි.
    මේ පෝස්ටුව පළ නොකළ යුතුව තිබුනා යයි දැන් මටත් හිතෙනවා.
    මේ වගේ (උදාහරණ 1 උදාහරණ 2) මානසිකත්වයක් තියෙන කෙනෙකුට අපි අනුකම්පා කරන්න ඕනා.
    මේ පිළිබඳව ඔබෙ වටිනා කාලය නාස්ති කිරීම ගැන මට දහස් වාරයක් සමාවන්න.
    මේක අයින් කරන්න මම කැමති වුනත් එහෙම කළොත් සින්ඩිකේටර් වලින් මගෙ අඩවිය බ්ලොක් වෙන නිසා එහෙම කරන්න බෑ.
    ඒ ගැන යළිත් මට සමාවන්න.

    ReplyDelete
  16. කමෙන්ට් එක මැකුවෙ ඇයි මචං?

    ReplyDelete
    Replies
    1. මැකුවේ නෑ මචං. සිරා. ආයෙ දාපන්. ඕන එකක්.

      Delete
  17. උඹේ පොඩි හරි අඩුපාඩුවක් තියේද කියල උඹම තීරණය කරලා හදාගනින්.එතකොට උඹ දිනුම්.බනින උන් පරාදයි;
    අනික උඹ පොරත්වයකින් ඉන්නවා නම් අවුරුදු 7 උඹ එක්ක හිටිය නම් මේ හදිසියේ ෆෝම් වෙන්නේ අයි කියල අහපන්.පොර ටෝක් දෙන යාලුවෝ ඉන්නව මටත්, අපි නම් ඒ වෙලාවට ඔය පොර ටෝක් වලට හොදට නොන්ඩි කරනවා හැබැයි යාළුකම කවදාවත් නැති වෙලා නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. මගේ අඩුපාඩු තියෙනවා මචං. මං ඒක දන්නවා. මම පොර ටෝක් දෙන කතාව ඇත්ත. හැබැයි මම ලොකුව දෙන්නෙ මට තියෙන ඒව මිසක් නැති ඒව ගැන නෙමෙයි. මොනා උනත් උඹ කියන කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි

      Delete