tag:blogger.com,1999:blog-1126316916938846726.post3021022809050532533..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: සෙමාසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1126316916938846726.post-39133450317940792722013-03-13T17:22:01.343+05:302013-03-13T17:22:01.343+05:30ඔය සෙමාලා මම හිතන්නේ හැම බැච් එකකටම එකෙක් ඉන්නවා. ...ඔය සෙමාලා මම හිතන්නේ හැම බැච් එකකටම එකෙක් ඉන්නවා. හැබැයි ඌ එච්චර දක්ෂයානම් සංවේදිට තිබුනා මිනිහාට ශිෂ්‍ය නායක වැඩේ බාර දෙන්න.. ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-60598788289793293572012-10-26T15:56:27.138+05:302012-10-26T15:56:27.138+05:30පුදුම මනුස්සයෙක් වෙන්න ඕනෑ. මට මතක් වුනේ අර ත්‍රී ...පුදුම මනුස්සයෙක් වෙන්න ඕනෑ. මට මතක් වුනේ අර ත්‍රී ඉඩියට්ස් චිත්රපටියෙ රැංචෝ ව.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-67609619680310300362012-09-25T16:19:14.687+05:302012-09-25T16:19:14.687+05:30සෙමා ගැන කියන්නට වෙබ් පිටුවක්ම අවශ්‍ය වුවත් ඔහු පි...සෙමා ගැන කියන්නට වෙබ් පිටුවක්ම අවශ්‍ය වුවත් ඔහු පිළිබඳ ස්වල්පයක් පමණක් සඳහන් කරනු කැමැත්තෙමි. ජීවිතයේ විවිධ අවධිවලදී විවිධ නායකයන් යටතේ විවිධ වු ක්‍රියාකාරකම් වලට දායක වී ඇතත් ඔවුනට වඩා සෙමා සැබවින්ම වෙනස්ය. සෙමා යනු සැබවින්ම ලීඩර්ෂිප් මොඩලයකි. ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියා කිරීමේදී සාමාජිකයන්ට ඇතිවන් පීඩනය ඉතාමත් අඩු බව ඔහු යටතේ විවිධ ක්‍රියාකාරකම් වලට දායක වුවෝ දනිති. විවිධ දක්ෂතා ඇති අය එකතුකර ගැනීමේ හා ඕනෑම පුද්ගලයකු කථාවෙන් වසඟයට ගන්නට ඔහු සතු හැකියාව ඉතාමත් ඉහළය. එදවස අප විසින් ශිෂ්‍ය නායකයන් වශයෙන් කරනු ලැබු සම-හරක් වැඩ වලදී ඔහු අපගේ සහයට නොසිටියානම් එවන් අවස්ථාවකදී කෙසේ ක්‍රියා කරනු ඇත්දැයි අද කල්පනා කරන විට එදා ඔහුගේ උපදෙස් අනුව ගත් තීරණ කොතෙක් නිවැරදිදැයි හැඟේ. සමස්ථ විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය ව්‍යාපාරය තුල සැබවින්ම ඔහු අමරණීය චරිතයකි.
එදවස අපගේ පාළන අධිකාරිය වඩාත්ම බියට පත් කළ පුද්ගලයා වීමේ ගෞරවයද ඔහුට හිමි වේ.එහෙත් ඔවුන් සිතා සිටි ආකාරයේ දේශපාළන හෙංචයියෙකු නොවු ඔහු සිය පෞද්ගලික සුඛවිහරණය තකා විශ්ව විද්‍යාලයේ ගෞරවයට හානි වන අන්දමේ ක්‍රියා වලට දායක නොවීය. එසේම ඔහු සතුව ඉතාමත් රහසිගත හා ශක්තිමත් ඔත්තු ජාලයක් පැවති බව සත්‍යකි. එහි සේවය කළ අය පිළිබඳ තොරතුරු එහි සේවය කළවුන් පවා නොදැන සිටීම මෙහි ඇති විශේෂත්වයයි. කොටින්ම පාළන අධිකාරිය කළ කී දෑ පමණක් නොව ආරක්ෂක අවශ්‍යතා මත විශ්ව විද්‍යාලයේ තොරතුරු එක් රැස් කළ හා ඔවුනට තොරතුරු සැපයු රාජ්‍ය නිළධාරීන් පිළිබඳව පවා ඔහුට වැටහීමක් තිබුණි. අප විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය ව්‍යාපාරයට එතරම් බාහිර බලපෑම් එල්ල නොවීමට මෙම තොරතුරු සේවය ඉමහත් මෙහෙයක් ඉටුකරන ලදි.
මාගේ පෞද්ගලික අදහස ඔහුට වඩාත් ගැලපෙන්නේ දේශපාලනය බවයි.වාසනාවකට හෝ අවාසනාවකට ඔහුට ඒ සඳහා එදවස පැමිණි ඉල්ලීම් උපක්රමශීලීව මගහරින්නට ඔහු සමත්විය.සෑම දේශපාලන පක්ෂයක්ම සිතා සිටියේ ඔහු ඔවුනගේ පාක්ෂිකයකු බවයි. එහෙත් මා දන්නා පරිදි ඔහුගේ එකම දේශපාලන පක්ෂය ශිෂ්‍යයන් හා පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීමම විය. මා දන්නා පරිදි ඔහුට ශිෂ්‍ය ව්‍යාපාරය හරහා එදවස ලැබුනු දොල පිදේනි පිළිගත්තානම් ඔහු මේ වන විට අඩුම තරමේ පළාත් සභා මන්ත්‍රී ධූරයක්වත් හොබවනු ඇත.
කෙසේ වෙතත් සාමාන්‍ය ජීවිතයේදී මිත්‍රයකු වශයෙන් බොහෝ විට ඔහුගේ හා මගේ සිතුම් පැතුම් අහසට පොළව මෙන් විය.එහෙත් සිවු වසරක විශ්ව විද්‍යාල ජීවිතයේ වසර 3ක්ම ඔහු හා යෙහෙන් වාසය කරන්නට මා සමත් විය.(වැලා හා පෙට්ටියා ඔහු හා වසර 4ක් කෙසේ ගෙවා දැමුවාදැයි මට තවමත් ගැටලුවකි.) වසර 4ක විශ්ව විද්‍යාල ජීවිතයේ ඔහුට ප්‍රශ්ණ නොතිබුනු දවසක් තිබුනා නම් ඒ එහෙමත්ම දවසකි. අනවශ්‍ය ප්‍රශ්ණ ගෙදර ගෙන ඒමේ පුරුද්ද නිසා අපි 3දෙනා පමණක් නොව අසල්වැසි බෝඩිම්වල මිතුරෝද බොහෝ විට රාත්‍රී කාලයේදී නිදි නොලැබ පීඩා විඳින ලදි.
කළමණාකරන උපාධිය හැදෑරූ අපට ප්‍රැක්ටිකල් බිස්නස් ඉගැන්වු ඔහු, ඔහු විසින් නිෂ්පාදනය කළ කෑම පමණක් නොව කුඩා මෘදුකාංගයක් පවා අලෙවි කිරීමට අපට ලබා දෙන ලදි. කෑම වැඩේ නැගලා ගිය නමුත් සිය මානව හිතවාදීකමට පින්සිදුවන්නට මටත් ධනාටත් මෘදුකාංග අලෙවියෙන් ලබාගතහැකිව තිබූ විශාල ලාභයක් අපට හොරා නොමිලයේ මෘදුකාංගය ලබාදෙන්නට ගොස් නැතිකරගන්නා ලද්දේද ඔහු විසින්මය.
කෙසේ වෙතත් විභාග දිනවලදී පවා කිසිත් වැඩක් නොකර දිනය පුරා චිත්‍රපට නරඹන ඔහු විභාගයන් ඉහළින්ම සමත්වන විට ඔහුට බැන බැන දිනය පුරාම විශේෂ වැඩසටහනක් යටතේ පාඩම් කරන ඔහුගේ ලඟම මිත්‍ර හා ගෝල වැලා අවම වශයෙන් වරකට සබ්ජෙක්ට් 1ක්වත් අසමර්ථ වීම ග්රවූන්ඩ් පාළුවන් වු මටත් පෙට්ටියාටත් පුදුම්ය උපදවන සුළු විය. හදුන්කූරු පත්තු කිරීමට අමතරව ඔහු සතුව ඉතාමත් කැත පුරුදු කිහිපයක් පැවති නමුත් මෙහි ඒවා සඳහන් කිර්‍රම පවා ජුගුප්සාජනකය.කෙසේ වෙතත් ඒවා අන් අයට එතරම් කරදරකාරී ඒවා නොවිණි.
ඔහු විසින් අනාගත විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දිනා දුන් දෑ බොහොමයක් ඇත.කොටින්ම ඔවුන් අද ඉගෙනගන්නා විෂය නිර්දේශය පවා වෙනස් වුයේ ඔහුගේ අරගලවල ප්රථිඵලයක් ලෙස බව දන්නෝ දනිති. ඔහු හා සම්බන්ධ මතකයන් පිටු පුරා ලිවිය හැකි වුවත් මෙතකින් මෙය හමාර කරණු කැමැත්තෙමි.
Anonymoushttps://www.blogger.com/profile/11590921727549971715noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-17351453503687827392012-09-20T10:36:50.338+05:302012-09-20T10:36:50.338+05:30සොරි මචං කැම්පස් එකේ නම දාල තිබුන නිසා මට කමෙන්ට් ...සොරි මචං කැම්පස් එකේ නම දාල තිබුන නිසා මට කමෙන්ට් එක අයින් කරන්න උනා. මම මේ බ්ලොග් 1කෙ කොහෙවත් මගෙ නමවත්, කැම්පස් එකේ නම වත් ගාවගන්නෙ නෑ. ඒක බ්ලොග් ලියන අයගේ සම්ප්රදායක්. නම නැතුව ආයෙ දාපන්.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-21949606826681251272012-09-19T23:57:16.140+05:302012-09-19T23:57:16.140+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/11590921727549971715noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-74382359297649385402012-09-17T19:07:32.093+05:302012-09-17T19:07:32.093+05:30මචං උබ සෙමා නේද?
(නැත්නම් සොරි වෙන්ට ඕනෑ - ඌ දැන් ...මචං උබ සෙමා නේද?
(නැත්නම් සොරි වෙන්ට ඕනෑ - ඌ දැන් අරාබියෙ ඉංජිනේරුවෙක්)සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-81248354499432115932012-09-17T18:27:48.003+05:302012-09-17T18:27:48.003+05:30dan oya sema mokada machn karanne ekai wadagath we...dan oya sema mokada machn karanne ekai wadagath wenneAnonymousnoreply@blogger.com