වස කම්මැලිකමෙන් මං උදේ නැගිටිනකොට 'මචං යූ ප්‍රිෆර් ටී ඕර් කොෆී?' කියල අහල තාමත් නිදි මරගාතෙ ඉන්න මගෙ අතට 'බෙඩ් ටී' එක දෙන එකා දෙමළෙක්.
ටික වෙලාවකින් උදේ කෑමට කැන්ටිමට එනව. "සර් මොනවද?" කියල අහල කන බොන ජාති ස්ටාෆ් ටේබල් එකටම ගෙනත් දෙන එකා දෙමළෙක්.
ඊට පස්සෙ ඔෆිස් එකට එනව. මාව දැකල දෙයියො බුදුන් දැකල වගෙ අතුගගා හිටපු කොස්ස කෙළින් කරල අල්ලගෙන එකත්පසක්ව පැත්තකට වෙලා යටහත් පහත්ව "ගුඩ් මෝර්නින්ග් සර්" කියන ගෑණි දෙමළියක්.
ඒ වෙනකොටත් මගෙ ප්ලාස්ක් එකේ උණුකරල නිමපු වතුර පුරවල. ඒත් වැඩි වෙලාවක් යන්න කළින් මම වතුර සේරම බීල ඉවර කරනව. එතකොට "සර් වතුර ඕනෙද" අහල අල්ලපු බිල්ඩින් එකට දුවල ඉක්මනට වතුර උණුකරල නිමල ගේන ගෑණි දෙමළියක්.
රාජකාරි වැඩකට ඇඩ්මින් බිල්ඩින් එකට ගියාම හැමදේම හොයල බලල උදවු කරන Assistant Registrar දෙමළෙක්.
උදේ 10 ටයි හවස 3.30 ටයි අපිට තේ හදල බොහොම ගෞරවයෙන් පිළිගන්වන්නෙ දෙමළියක්. කොටින්ම අපි බීපු තේ කෝප්පෙ පවා හෝදන්නෙ දෙමළ ගෑණියෙක්.
ඔෆිස් එකේ වැඩයි පී.එච්.ඩී එකේ වැඩයි වැඩිවෙලා ස්ට්‍රෙස් උනාම මගේ වැඩත් එක්ක අදින්නෙ දෙමළෙක්.
මං කෑවද, බීවද, බෙහෙත් බිව්වද, මේ හැම එකක්ම සහෝදරයෙක් වගේ හොයා බලන්නෙ දෙමළෙක්.
"අයියා. ගෙදර අය බලන්නෙ නැතුව පාළුයි." කියල තමන්ගෙ දුක මාත් එක්ක බෙදාගන්න ජූනියර් ලෙක්චරර් දෙමළ කෙල්ලක්.
කොණ්ඩෙ වැවිල වැඩියි කියල හිතුනම හවසට ටවුන් එකට යනව. ටවුමට යන බස් එකේ කොන්දොස්තර දෙමළෙක්.
සැලූන් එකේදි මගේ කොණ්ඩෙ කපන්නෙ දෙමළෙක්.
ආපහු එන ත්‍රීවීල් එක එළවන්නෙ දෙමළෙක්.
"මගෙ වෙඩින් එකට 'සුනිත්' එන්නම ඕන කියල" ඔෆිස් එකටම ඇවිත් ඉන්විටේෂ්න් එක දීල, මං ඒ වෙනුවෙන් යාපනේ ගියාම මගේ අත මිරිකල තදින් බදාගෙන වැළඳගත්තෙ දෙමළෙක්.
ඒ යන ගමනෙදි මට සත 5ක් වියදම් කරන්න දෙන්නෙ නැතුව, නැවතුන තැනදි මදුරුවෙකුටවත් මට ළං වෙන්න නොදී, ළිඳෙන් වතුර අදින්නවත් දෙන්නෙ නැතුව මාව පොඩි එකෙක් වගේ පරිස්සමින් බලාගත්ත එකා දෙමළෙක්.
මේ දැනුත් කෑමට යන්න මගේ වැඩ ඉවරවෙනකම් බලාගෙන ඉන්න එකා දෙමළෙක්.
දැන් ඔබට තිබෙන සාධාරණ ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්නම්.
Q. උඹ/මල්ලි/අයියා/සර් වැඩ කරන්නෙ තමිල්නාන්ඩුවෙද / තූත්තුකුඩියෙද?
A. නෑ මචං/මල්ලි/අයියා/පුතා. මේ සිරි ලංකාවෙ බදුල්ලෙ. පහසුකම් නම් තූත්තුකුඩියෙ වගෙ තමා. ඒත් මේකත් ලංකාව ඇතුළෙම තියෙන පුහුලමක් තමා.
Q.ප්‍රභාකරනුත් දෙමළෙක්නේ?
A. ඔව්. දෙමළෙක් විතරක් නෙවෙයි නොම්මර එකේ ත්‍රස්තවාදියෙක්.
Q. 'ත්රස්තවාදියා' යන වචනයට ඔබ දෙන නිර්වචනය කුමක්ද?
A. නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරන, එසේ කරන්නට සැලසුම් කරන හෝ අනුබල දෙන ඕනෑම එකෙක් (මොන ජාතියේ වුනත්) ත්‍රස්තවාදියෙක්.
Friday, September 4, 2015
Thursday, June 4, 2015
ජීවිත තුට්ටුවකට නොවටිනායයි සිතන මාතර මහ රෝහල
මා කරන්නට යන්නේ ඉතා බරපතල චෝදනාවකි. එනම්,
ලංකාවේ ඉතා අකාර්ය්යක්ෂම සහ නොසැලකිලිමත්ම රෝහල් කාර්ය මණ්ඩලය වැඩ වාසය කරන්නේ මාතර මහ රෝහලේ බවය.
සඳුදා උදේ දේශනයක් අතරතුර, (11.00 ට පමණ.) මට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි. හදිසි යනු රාජකාරි දිනවල කාර්යාල වේලාවේ මා කාර්යබහුල බැවින්, මා අමතන්නට එපා යයි ගෙදර මිනිස්සුන්ට කලින්ම දැනුම් දී ඇති බැවින්, එවන් වේලාවක ලැබෙන්නේ ඉතා වැදගත් පණිවුඩයක් පමණක් හෙයිනි.
ඉන් කියැවුණේ, අපට ඉතා ලබැඳි මගේ ඥාති සොයුරියක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
ඒ අනුව මා දේශනය කළින් නවත්වා මාතර හා ගාල්ල බලා පිටත් වූයෙමි.
දැන ගත් පරිදි සිදුවීම් දාමය මෙසේ ය.
මීට දින 3-4 කට පෙර ස්වසන අපහසුතාවය හා මද උණ ගතිය හේතුවෙන් මා ඥාති සොයුරිය මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී තත්ත්වය උත්සන්න වී ඇති අතර, රෝගය නිවුමෝනියාව යයි නිගමනය කර ප්‍රතිකාර කර ඇත. දින 3කට පසු ස්වසන අවහිරතාවය සහ මද උණ ගතිය තිබියදීම
"ඔයාට දැන් සනීපයි. අනිත් එක මොකටද මෙතන තද බදේ අස්සෙ ඉන්නෙ. අපිට ඇඳනුත් නැහැ. අනිත් අයට දෙන්න තියෙන චාන්ස් එකත් නැති වෙනවා." යයි කියමින් අප ඥාතීන්ගේ දැඩි විරෝධතාවය මැද බලෙන්ම ටිකට් කප්පවා ඇත.
තත්ත්වය එන්න එන්නම නරක් වූ හෙයින්ද, මාතර රෝහලෙන් තවදුරටත් පිළිසරණක් නොමැති හෙයින්ද ඥාතීන් මැදිහත් වී සොයුරිය කරාපිටිය ශික්ෂණ රෝහල (Teaching Hospital) ට ඇතුළත් කරන ලදී.
එහිදී හෙළිවූයේ මා ඥාති සොයුරියට ඉතා දරුණු වයිරසයක් වන Influenza A H1N1 ආසාධනය වී ඇති බවයි. මේ වනවිට ස්වසන අපහසුතාවය උත්සන්න වී ඇති අතර, වහාම දැඩි සත්කාර ඒකකය (ICU - Intensive Care Unit) වෙත යොමු කරන ලදී.
එහිදී හෙළිවූයේ, රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය 78 දක්වා පහළ බැස තිබූ බවයි. (නීරෝගී පුද්ගලයකුගේ මෙය 92-98 දක්වා පරාසයක පවතී.)
වෛද්‍ය නිගමනය වූයේ තවත් ඒකක කිහිපයක් පහළ බැස්සානම්, එනම් තවත් අඩ පැයක් හමාර වූවානම් ඇගේ ජීවිතය අවසන් වන බවය.
මේ මොහොත වනවිටත් ඇය ජීවත් වන්නේ ඉතා අවදානම් තත්ත්වයක, සම්පූර්ණයෙන්ම යන්ත්‍ර ආධාරයෙන් ය.
මා ඥාති සොයුරිය, මාස කිහිපයක් වයසැ'ති බිලිඳු දියණියකගේ අම්මා කෙනෙකි. අම්මාගේ උණුසුම නොමැතිව අවිහිංසක සුරතල් දියණිය හඬනු දැක්ම තරම් හද කම්පා කරවන දර්ශනයක් මිහිපිට නොමැති තරම් ය.

Saturday, April 18, 2015
Extrasensory Perception (ESP) යනු යථාර්තයක්ද? මායාවක්ද? (සංවේදීගේ අත්දැකීම් ඇසුරින්)
සටහන තැබීමට කළින් කාරුණික මතක් කිරීමක් කරනු කැමැත්තෙමි. එනම් උග්‍ර භෞතිකවාදී අදහස් දරන අයට මෙය කිසිසේත්ම ඉන්ද්‍රීය ගෝචර සංකල්පයක් නොවන හෙයින්, ඔවුන් මෙය කියවීමට සිය වටිනා කාලය මිඩංගු නොකළ යුතු මනාය. සෘජුවම කිවහොත්, විශ්වයේ පවතින්නේ මිනිස් සිරිරේ භෞතික සංවේදන ඉන්ද්‍රියන් වන ඇස, කණ, නාසය, දිව හා චර්මය යනාදියට සහ විද්‍යාත්මක උපකරණ හෝ ගණිතයමය අභ්‍යුනය, තර්කනයට හසු වන්නා වූ බලවේගයන් පමණක්මැයි යන මතයේ දැඩිව එල්බගත් අයවළුන්ට මෙය සාතිශය බොලඳ, විද්‍යාත්මක සාක්ෂ්‍යවලින් තොර, හුදෙක් ප්රලාථයක් පමණක් වනු ඇති බවය.
Extrasensory Perception (ESP) යනු ඉහත කී පංචේන්ද්‍රියයන්ට හැර, සයවන ඉන්ද්‍රියක් ලෙස සැලකෙන මනසට අතිග්රහණය කෙරෙන පණිවුඩ හා බාහිර සංවේදනයන් පිළිබඳ කෙරෙන අධ්‍යනයකි. මෙය ඩූක් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ ජේ.බී. රයින් විසින් මූලිකත්වය ගෙන ක්‍රමවත් අධ්‍යයනයකට බඳුන් වූවායැයි සැලකෙන නමුත්, විද්‍යාත්මක දර්ශනය පිළිබඳ දේශනයකදී මෙකී විෂය පථය ප්‍රථමයෙන්ම ගැඹුරුන් හදාරා ඇත්තේ සිද්ධාර්ථ ගෞතම විසින් බව අසන්නට ලැබුණේ අබෞද්ධ විද්‍යාඥයෙකුගේ මුවිනි. (සිද්ධාර්ථ ගෞතම යන නම ඇසුණු සැණින් 'ආගම නේ? අපොයි අවිද්‍යාව. මිත්‍යාව' කියා අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරන 'ප්‍රාමාණික විද්වතුන්' මෙරටද දුලබ නොවන බව කණගාටුවෙන් සටහන් කර තබන්නේ ලද අත්දැකීම් මත ය.)
පඳුර වටේ තැළුවා ඇති ය.
ආසන්නතම අත්දැකීම ලද්දේ ඉතා මෑතකදීය.
එකම සම්මුඛ පරීක්ෂණයට මුහුණ පා, එකම දිනයේ ස්ථිර පත්වීම් ලද, ඉතා ලෙන්ගතු දමිළ ජාතික මිතුරෙකු මට සිටී. දැඩි හින්දු භක්තිකයකු වන ඔහුද මා මෙන්ම ඉතා සංවේදී අයෙකි.
සති 2කට පමණ ඉහතදී, මා සේවය කරන සරසවියේ අවසන් වසර සිසුන් විසින් සමුගැනීමේ සාදයක් සංවිධානය කර තිබුණි. කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ටද ඊට ඇරයුම් ලැබුණි.
ආචාර්ය මණ්ඩලයේ අයට සමරු ඵලකයක්ද පිරිනැමුණි.
සාදය අවසන, සිසුන්ට සුභ පතා මා වාහනයට පැමිණියේ තරමක් ප්‍රමාද වී, අවසානයටය. මා එනතුරු මිතුරන් සහ අංශාධිපතිතුමා මිනිත්තු කිහිපයක් රැඳී සිට ඇත.
නිල නිවාසයට ආසන්න වත්ම මට හදිසියේ යමක් මතක් වීමෙන් මහත් කණගාටුවක් ඇති විය. එනම් මා ලද සමරු ඵලකය හෝටලයේ අමතක වී දමා විත් වීමයි.
එය මේ සරසවියේ සිසුන්ගෙන් මා ලද පළමු සිහිවටනය වීම නිසා එය මට මහඟු වටිනාකමකින් යුත්තක් විය. මට යළි යළිදු දැනුනේ මහත් පශ්චාත්තාපයකි.
ඒ පිළිබඳම මා මිතුරාටද පැවසීමි. ඔහු කිසිත් නොකී ය.
නිල නිවාසය කීවාට ඇත්ත වශයෙන්ම මාත්, මගේ දමිළ මිතුරාත් තාවකාලිකව නවාතැන් ගෙන සිටින්නේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාර්ය මණ්ඩලයට වෙන්වූ කාමරයකය.
මුහුණ සෝදාගෙන පැමිණ යළි මේසය ඉදිරිපිට හිඳගත් මා විමතියට පත්වීමි.
මට අමතක වූ සමරු ඵලකය මේසය මත විරාජමානව සිටී...!
මේ නම් මා මිතුරාගේ වැඩක් බව මම එසැණින් වටහා ගතිමි. එහෙත් මට එය අමතක වන බව ඔහු කල්තියා දැනගත්තේ කෙසේද? ඔහු උත්සව ශාලාවෙන් පිටවූයේ මා ඉන් පිටවීමට මිනිත්තු කිහිපයකට ප්‍රථමය.
මේ පිළිබඳව ඔහුගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ කිසියම් අධ්‍යාත්මික බලවේගයක් (Spiritual Influence) විසින් මට එය අමතක වනබව ඔහුට දැනගන්නට සැලැස්වූ බවයි. සාමාන්‍යයෙන් මමද අත්භූත බලවේග (පමණක් නොව නක්ෂ්ත්රය, ගුරුකම්, දෙවියන්, යක්ෂයින් පමණක් නොව බෝධි පූජා හා පිරිත් පවා) කෙරෙහි දරන්නේ ඇල්මැරුණු ආකල්පයක් වුවද කිසිදු හේතුවක් නිසා අසත්‍යයක් නොපවසන මගේ මිත්‍රයා කියන දෙය එක්වරම ප්‍රතික්ෂේප කිරීමට මට සිත් නොවේ.
මේ හා සමාන වෙනත් අත්දැකීමක්ද මා සතුව පවතී. ඒ මීට වසර 8කට පමණ පෙරාතුව, මා සරසවි ශිෂ්‍යයෙක් වී කාලයේ ය.
සරසවියේ සිවු වසරම මා හා එකටම සිටි ඉතා කුළුපග මිත්‍රයෙක් විය 'තෙලා'. ඉතාම අවිහිංසක, අවංක, අව්‍යාජ මිත්‍රයෙක් වූ ඔහු ගැන වෙනම සටහනක් නොතැබීම ඔහුට කරන බලවත් අසාධාරණයකි.
සවස් වරුවේ දේශන නිමවී මා නවාතැනට ගොඩ වූයේ දැඩි තෙහෙට්ටු ගතියෙනි. වේලාව ගත වත්ම මා උණ රෝගයෙන් පෙළෙන්නට විය. ඒ සමඟම දැඩි කුසගින්නක් මා කය දවන්නට වූ අතර ශරීරය අප්‍රාණික වූ නිසා අන්ත අසරණ භාවයකට පත්වීමි.
මා දියවැඩියා රෝගයෙන් පීඩා විඳි නිසා සාමාන්‍ය ආහාර පරිභෝජනයට නොගෙන, විශේෂයෙන් සැකසූ ආහාරයක් ගන්නා ලෙසට වෛද්‍යවරු උපදෙස් දී තිබුණි. එය පිළියෙළ කිරීමට සරසවිය අසල නිවසක කාරුණික කාන්තාවක් භාරගෙන තිබුණි.
බෝඩිමේ මිතුරන් සියල්ලට දුරකථන ඇමතුම් ගත්තද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. ඒ අතර දැඩි වර්ෂාවක්ද ඇද හැලෙන්නට පටන්ගත් අතර ක්‍රමයෙන් අඳුරද ගලා එන්නට විය.
අධික සීතලෙන් හා කුසගින්නෙන් පීඩා විඳිමින් සිටි මොහොතක 'තෙලා' ගෙට ගොඩවූයේ හිතට මහත් සැනසීමක් ගෙනදෙමිනි.
"මචං...මට කෙළ උණ. උබට පුළුවන්ද අජන්තා අක්කගෙන් මගෙ කෑම එක අරගෙන එන්න?"
ඔය කියන අජන්තා අක්කාගේ නිවසට මෙතැන සිට කිලෝමීටරයක් පමණ දුරය. ඒ මදිවට පිටත අධික ශීතලය. නා කපන වැස්සය. ගණ අඳුරය. කෙසඟ දුර්වල සිරුරකට හිමිකම් කී තෙලාට එය මේ මොහොතේ මහත් අභියෝගයක් වනු නිසැකය. ඇරත් ඇගේ නිවස පිහිටා ඇත්තේ මුඩුක්කුවක් වැනි එතරම් ප්‍රියමනාප නොමැති පරිසරකය. තෙලා එවැනි පරිසරයකට රෑ පානේ තට්ට තනියම යවන්නේ සිතකින් නොවේ.
මද සිනාවක් පෑ 'තෙලා', මා මහත් පුදුමයට පත් කරමින් සිය බෑගය විවෘත කර මගේ කෑම පාර්සලය ගෙන හැර පෑ ය.
"පුදුමයි නේ බං. උඹ එතනින් නෙවෙයිනේ වෙනදට කන්නේ...?"
"නෑ. බං. මං ගෙදරටම ගිහින් ගෙනාවේ. ඒ වෙනුවෙන්ම."
"උඹ කොහොමද දැන ගත්තේ මම කෑම එක ගත්තේ නෑ කියලා..?"
"මට නිකං හිතුනා."
"නිකං...?"
මගේ අම්මාටනම් එවැනි අත්දැකීම හිසේ කෙස් ගණනට තිබේ.
නමුත් ඒ සිහින මාර්ගයෙනි.
කලකින් හමු නොවූ ගමේ සමීප ඥාතියෙක් සුදෙන් සැරසී ඇගේ සිහිනයට පැමිණේ. අදාල ඥාතියා තවදුරටත් ජීවතුන් අතර නොමැති බවට දුරකථන ඇමතුමක් පසුවදාට ලැබෙයි...!
ඇගේ ආසන්නතම 'අධ්‍යාත්මික හීනය' මෙසේය:
මා කුඩා කිරි දරුවෙකුව සිට ක්‍රමයෙන් වත්මන් ස්වරූපය දක්වා රූපාන්තරණය වී, එක්වරම නැගිට මහත් අභිමානයෙන් යුතුව ඇවිදියි.
ඒ දිනවල මා සිටි මානසික මට්ටම ඉතා සංකීර්ණ එකක් විය.
සය මසකට පෙර මා සේවය කළ සරසවියෙන් ඉවත් වී ආචාර්ය උපාධිය සඳහා විදේශීය සරසවියක ලියාපදිංචි වුවද, පොරොන්දු වූ මූල්‍යමය සහනය නොලැබී යාම සහ සැඟවුණු ගාස්තු ඇතුළත්වීම යන හේතු නිසා එය තාවකාලිකව අත් හැර දමා ගෙදර එන්නට සිදුවිය.
මාස 5ක් පමණ දේශීය හා විදේශ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ දුසිම් 2කට පමණ ඉදිරිපත් වුවද, ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා සුදුසු රැකියාවක් නොලදිමි.
කිසිදු ආදායමක් නොමැති වීමෙන් ආර්ථික දුෂ්කරතා හිස ඔසවන්නට වූ අතර, මාස 5ක පමණ ඇවෑමෙන් වාහනය පවා ලක්ෂ 7ක් පමණ පාඩුවට විකුණා දමන්නට සිදුවිය.
මේ හේතුවේන් මා පසු වූයේ බලවත් මානසික පසුබෑමක ය.
අම්මාගේ සිහිනය සංඛේතාත්මකව සැබෑවක් බව සාධනය කරමින් පසුදින උදයම මට එක්තරා ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් ලැබුණි.
ඒ මා උගත් සරසවියේ ස්ථිර කථිකාචාර්ය තනතුරට පත්වීමකි.
මෙවැනි තවත් එක් අත්දැකීමක් පමණක් සටහන් කර තබන්නෙමි.
එදින අම්මාගේ සිහිනය ඇය නිවසේ ඉදිරිපස දොර තදකොට අල්ලාගෙන සිටින දර්ශනයකි. දොරේ අගුළු නොදා තිබූ අතර, කිසියම් බාහිර පුද්ගලයෙක් දොර තල්ලු කරගෙන බලයෙන් නිවසට ඇතුළ් වීමට උත්සාහ කරමින් සිටී.
මා අසා ඇත්තේ ඒ කවරෙක්ද කියායි.
පිළිතුර "මාරයා" ය.
ඊට පසුදින, (පියවි ලොවේදී) මගේ පියා මාරාන්තික දුම්රිය අනතුරකින් දිවිගලවාගත්තේ අනූ නවයෙනි.
දුම්රිය වේදිකාව හා ධාවනය වන දුම්රිය අතරට වැටුණු ඔහු, 'ෂොක් ඇබ්සෝබර'යක පැටළී පීල්ල මත අඩි 50ක් පමණ ඇදී ගියද, සුළු සීරීම් තුවාළ වලින් පමණක් ඔහුගේ සිරුරට හානි වී තිබීම අප කාගේත් අතිශයින් දුලභ වාසනාව විය.
සබැඳි:
හේතුවාදියෝ
අධ්‍යාත්මික හීන
පුනර්භවය පට්ටපල් බොරුවක්....?
සමාධි සුව

Friday, February 20, 2015
ඔබේ දැනුම් පොතට....
ඇතැම්විට ඔබ විද්‍යා සිසුවෙක් හෝ විද්යාවීදී උපාධිධාරියෙක් නොවනවා ඇති. එහෙත්....ඔබ මහරගම පිළිකා රෝහළට වරක් හෝ ගොස් තිබෙනවාද?
ඒ අසරණයින් දිනක් හෝ වැඩිපුර ජීවත් වීමේ බලාපොරොත්තු සඵල කරගන්නේ මේ උදාර මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගය නිසා බව ඔබ මොහොතකටවත් සිතුවාද?
ලොව විශාලතම නොබෙල් පවුල
(රාජපක්ෂ පවුල ගැන දන්නා බොහෝ දෙනා මේ ගැන නොදන්නවා ඇති. :D )
කියුරි පවුල.
1. මාරි කියුරි - නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
2. පියරේ කියුරි (මාරි කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
3. මාරි කියුරි - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1911
4. අයිරින් කියුරි (මාරි සහ පියරේගේ දියණිය.) - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
5. ජීන් ෆෙඩ්රික් ජුලියට් කියුරි (අයිරින් කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
6. හෙන්රි රිචර්ඩ්සන් ලැබියුෂෙ (මාරි සහ පියරේගේ බෑණා, ඊව් කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් සාම ත්‍යාගය 1965
7. හෙලේනා ලැන්ග්විට් ජුලියට් (අයිරින් කියුරිගේ දියණිය.) නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව (නිර්දේශිත.)
මේ සියලු සාර්ථකත්වයන්, විද්‍යාව වෙනුවෙන් කරන ලද අනුපමේය සේවාවන් පසුපස කඳුලින් ලියැවුණු තවත් කතාවක් ඇත. එනම් මෙයින් බොහෝ දෙනා, විකිරණශීලිතාව (Radioactivity) ගැන පර්යේෂණයන්හි නිරතව සිට එයින්ම සිය ජීවිතය අකාලයේ කෙළවර කරගත්, වඩාත් සංවේදීව කියනවා නම් දිවි පිදූ විශිෂ්ටයින්. ඒ විකිරණ වලට නිරාවරණය වීමෙන් ආසාධනය වූ රුධිර සෛල අවසාධනය ආශ්රිත වූ රෝග තත්ත්වයන් හේතුවෙන්.
මොවුන් භාවිත කළ පොත් පවා අධික ලෙස විකිරණශීලී බවක් අදටත් දක්වනවා.
*මාරි කියුරි වයස 66දී මියයන්නේ ඇප්ලාස්ටික් ඇමීනියා නම් මෙවැනි රෝගයකින්.
*පියරේ වයස 46දී මිය ගියේ රිය අනතුරකින් වුවත් ඒ වනවිටත් ඔහු ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිටියා. ඔහු මග මග ඇද වැටුණේද ඒ වනවිට ඔහු ශාරීරීකව බොහෝ දුර්වලව සිටි නිසා.
*අයිරින් මියගියේ වයස 58දී ලියුකේමියාවෙන්.
*අයිරින්ගේ සැමියා ෆෙඩ්රික්ද මියගියේ වයස 58දී.

අපි දික්කසාද වෙමු
වෙනස් සංස්කෘතියක තියෙන කිසිම දෙයක් අපිට මතුපිටින් බලා හොඳ නරක නිර්ණය කරන්නට නොහැකියි. මේක තේරුම් ගැනීමේ අඩුපාඩුවක් නිසා මම මේ ලඟදි අලි අමාරුවක වැටුණා.
මගේ රුසියානු ජාතික මිතුරිය මරීයා වරක් මගෙන් විමසුවා "ඔබේ රටේ මිනිසුන් ජීවිත කාලයම එකම සහකරුවා සමඟ ජීවත් වනවා. දික්කසාදය සලකන්නේ අවමානයක් ලෙසටයි. මේ ගැන ඔබේ මතය කුමක්ද?"
මගේ පිළිතුර වූයේ
"ඒක අපේ සංස්කෘතියේ තිබෙන හොඳ දෙයක්. මා එයට කැමතියි."
ඇය මා දෙස හැරී බැලුවේ විමතිය හා මදක් අවඥාව මුසු බැල්මකින්.
"ඔබ විද්‍යාඥයෙක්. මං වගේ කළමණාකරණ උපාධිධාරියෙක්* නොවෙයි. ඇයි ඔබ වගේ කෙනෙකුත් එහෙම පටු විදියට හිතන්නේ?"
මෙවර තිගැස්සී ගියේ මම. මෙවැනි චෝදනාවක් කවදාවත් මට එල්ල වී නැහැ. ඊළඟ මොහොතේ ඇය එය පැහැදිළි කළා.
"මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සිතන පතන විදිය පවා වෙනස් වෙනවා. ඉලක්ක, අරමුණු වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒ අරමුණු වලට යනකොට තමන්ගෙ ආදරණීයයන් අමතක වෙනවා.
එතකොට එතැන ඉන්නේ අපි ආදරය කළ කෙනා හෝ විවාහ වූ දිනයේ සිටි කෙනා නොවෙයි. මං අහන්නේ අපි ආදරය කළේ වෙන කෙනෙකුට නම්, අහවල් මගුලකටද අතීතයෙ හිටි කෙනෙකුට මැරීගෙන කත් අදින්නේ?. අතීතයේ ජීවත් වෙන්නේ. වර්තමානයේ ජීවත් වන අපිව වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකෙ ඉඳිද්දි අපි මොකටද එහෙම අය නොසොයා දුක් විඳ විඳ ඉන්නෙ? මට නම් තේරෙන්නේ නැහැ."
මම නිරුත්තර වුණා.
ගමනාන්තයට ළඟා වීමට ගත වූ ඊළඟ පැය 2 1/2 ම මම කල්පනා කළේ ඇගේ පිළිතුරේ තර්කාණුකූල භාවය හා එයට අභියෝග කළ හැකි පිළිතුරක් ගැනයි.
ඇය නැගූ ප්රශ්නය තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා.
"මිනිස්සු වෙනස් වෙනවා නම්, ඇයි අපිට වෙනස් වෙන්න බැරි?"
----------------------------------------------------------------------
*මගේ කළමණාකරණ උපාධිධාරී මිතුරන් තරහ වන්නට එපා. මේ ඇය කියපු දේ එළෙසින්ම සිංහලට නැගූ විට හැඟෙන අදහසයි.. මගේ පෞද්ගලික මතය නම් කිසිම උපාධිධාරියෙක් වෙනත් කිසිම උපාධිධාරියෙකුට වඩා ලොකු නැත කියාය.

Tuesday, February 17, 2015
හයිබ්‍රිඩ් සිහිනය බොඳ කළ එකාලාට සුද්ධ සිංහලෙන්....
හයිබ්‍රිඩ් ගැන හරවත් සමාජ කතිකාවතක් ඇතිවෙමින් පවතී. එයට පොහොර දමමින් බ්ලොග් එකෙහි මකුළුදැල් කැඩීමට තීරණය කළෙමි.
සතුට නම් සිළුමිණේම මෙවැනි අගනා අපක්ෂපාතී ලිපියක් පළ වීමය. (එහෙත් යහපාලනය ෂෝක්..! කීමට ඉක්මන් නොවෙමි.)
ලංකාවේ හයිබ්‍රිඩ් මෝටර් රථයක් භාවිත කරන අයගෙන් 95% කට වඩා උගත් වෘත්තිකයින්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධනපතීන් වන දේශපාලඥයින්, සුපිරි වය්‍යාපාරිකයින්, නින්දගම් වලින් ඕසෙට සල්ලි ගලන නායක හිමිවරුන්, මහාපරිමාණ ටියුෂන් ගුරුවරුන් වැන්නවුන් ඉන්ධන පිරිමැසීමක් හෝ පරිසර හිතකාමී බවක් ගැන තකන්නේ ඉතාමත්ම කළාතුරකිනි. ඒ අනුව හයිබ්‍රිඩ් රථය යනු මෙරට උගත් වෘත්තිකයාගේ නිල වාහනය යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
උදාහරණක් ලෙස, මා ලැබූ අධ්‍යාපන පසුබිම මත, මගේ මිතුරන් බොහෝ දෙනා තොරතුරු තාක්ෂණික හෝ ඉංජිනේරු වෘත්තිකයින්ය. නැතහොත් සරසවි ඇදුරන්ය. ගණනින් 70ක් පමණ වන මගේ උසස් පාසැල්, විද්‍යාවේදී, පශ්චාත් හා ආචාර්ය උපාධි බැචාලාගෙන් හා මා සේවය කළ ආයතන සතරෙහි වෘත්තීය සඟයන්ගෙන් 50ක් පමණ එක්කෝ හයිබ්‍රිඩ් රථයක් භාවිත කරති; නැතහොත් ළඟදීම එකක් මිළදී ගැනීමට බලාපොරොත්තු වෙති. එය පෞද්ගලිකව මා සම්බන්ධයෙන්ද අදාලය.
මෙවැනි සන්දර්භයක් තුළ මෙරට උගත් වෘත්තිකයින් සූරා කන මෙවැනි අම්බරු ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් සිදුවන්නේ මෙරට ගැන උගතුන් කළකිරී බුද්ධි ගලනයට ඉණිමං බැඳීම මිස අන් කිසිවක් නොවේ.
මෙවැනි අදූරදර්ශී රොබින්හුඩ් ප්‍රතිපත්ති හදනා එකාලා දැනගතු යුතු දෙයක් ඇත. එනම් පසුගිය රජය පිරිහීමට 6% කාලයේ උගතුන්ට කරනලද අවමන් පාරාවළල්ලක් ලෙස ක්‍රියාකළ බවත්, එකී දූෂිත රජය පෙරලන්නට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හා විශ්වවිද්‍යාල ප්‍රජාව සාධනීය මෙහෙවරක් ඉටු කළ බවත් ය.
එවන් සරසවි ප්‍රජාවේ හා ඉන් පිටවන්නන්ගේ වත්මන් හා අනාගත බලාපොරොත්තුවල ගෙළ සිඳලන්නට ඉදිරිපත් වන්නේ නම්, නුඹලාට වැඩි දුරක් යා නොහැකිය.
Sunday, February 9, 2014
කාටවත්ම නොකී මගේ ප්‍රේම වෘත්තාන්තය
එක අතකට මේක කිසිම තේරුමක් නැති දෙයක් කියලත් හිතෙනවා. කෙනෙක්ගෙ අතිශයින් පෞද්ගලික ජීවිතේ දේවල් තව කෙනෙකුට හෙළි කරන එක.
ඇත්තටම මේක කියවන කෙනෙකුට ගන්න කිසිම දෙයක් නෑ. නමුත් පුරා අවුරුදු 5ක් මම මේක හිතේ තදකරගෙන හිටියා. මාව හොඳින්ම තේරුම් ගෙන සිටිනවා යයි මා විශ්වාස කරන හිතවත්ම මිතුරු මිතුරියන්වත් මේ කතාව මෙච්චර විස්තරාත්මකව අදවන තුරුම දැනගෙන හිටියෙ නෑ.
එහෙනම් ඇයි මම මේ දේවල් හිටිහැටියෙම වමාරන්නෙ? මටත් හිතාගන්න බෑ ඇත්තම හේතුව.
ආසන්නතම හේතුව මේකයි. අවසානයක්, පරක් තෙරක් පේනතෙක් මානයකවත් නොපෙනෙන මේක මට දැන් ඇති වෙලා. කාට හරි කියලා දාලා හිත සැහැල්ලු කරගන්නයි අවශ්‍ය.
මගේ පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙන් ඔබේ වටිනා කාලය කා දැමීම ගැන දහස් වාරයක් මට සමාවන්න.
මේක ඒක-පාර්ශවික ප්‍රේම කතාවක්. මේ දක්වා කතාව අහපු හැමෝම කිවුවෙ එහෙමයි.
එක-පාර්ශවික ප්‍රේමය, දෙදෙනාගේම එකඟතාවය ඇතුව දළුළා වැඩුණු, ගලා යන, බිඳුණු ප්‍රේමය තරම් උත්තරීතර දෙයක් නොවන බවයි, මට ඒ හැමෝම කිවුවේ. මේක සමාජ සම්මතයක් තරමටම මිනිස්සුන්ගේ හදවත් තුළ පැලපදියම් වී තිබෙන බව දකින්නට ලැබෙනවා. අවසානය කුමක් වුවත්, සම්මත හෝ අසම්මත ප්‍රේම කතා වලින් 99% කටත් වඩා දිවෙන්නේ එම, ඒ කියන්නේ දෙදෙනාගේම කැමැත්ත මත ඇතිවූ ඒවා.
දශක තුනක ජීවිතයේ මා නරඹූ දේශීය-විදේශීය නිර්මාණ දහස් ගණනක් අතුරින් ඒක-පාර්ශවික ප්‍රේමයට තැනක් දීපු නිර්මාණයක් මම දුටුවේ එකම එකයි. ඒ ගුණදාස කපුගේ ගායනා කරන 'උන්මාද සිතුවම්' ගීතය ඇතුළත් 'එක් ටැම් ගේ' සිනමා සිත්තම. මේ සටහන තබන්නට එයින් ලැබුණු ධෛර්යය අප්‍රමාණ බව කිවයුතුයි.
මගේ ජීවිතයේ මම තරුණියන් 3 දෙනෙකුට ආදරය කර තිබෙනවා. කියන්න කණගාටුයි එයින් පළමු 2ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක පාර්ශවික ඒවා. ඒ කියන්නේ ඒවාට අනිත් පාර්ශවයෙන් අංශු මාත්‍ර හෝ දිරිගැන්වීමක් ලැබුණේ නැති බව අවංකවම කියන්න ඕනා.
ඉන් පළමු එක ඇතිවූයේ මීට වසර 11කට පෙර, මා උසස් පෙළ හදාරණ කාලයේ. මා සහභාගී වූ රසායන විද්‍යාව කුඩා කණ්ඩායම් පන්තියකට පැමිණි අසල්වාසී සමවයස් තරුණියක් කෙරෙහි. අවුරුදු 3ක් විතර මම බලාපොරොත්තු තියාගෙන හිටියත් ඇය දැඩිව මාව ප්‍රතික්ශේප කළ නිසා සරසවියේ පළමු වසරේ මගේ කණ්ඩායම් ව්‍යාපෘතියක හිටපු කෙනෙකුට මා අවධානය යොමු කළා. මාස කිහිපයක් ඇවෑමෙන් කල් යල් බලලා මා මගේ අදහස ප්‍රකාශ කරන්නට ඔන්න මෙන්න තිබියදී මගේ මිතුරකු ඇයට ඇගේ ගම් පළාතේ පෙම්වතකු සිටින බව සොයාගත්තා. ඉතින් හිත හදාගන්නට සිද්ධ වුණා.
ගොඩක් දෙනෙකුට බොක්කටම වදින්නේ ප්‍රථම ප්‍රේමය බව පැවසෙතත් මා සම්බන්ධයෙන්නම් එය සම්පූර්ණයෙන්ම වෙනස්. හේතුව වඩාත් හොඳ අවබෝධයෙන් යුතුව, වඩාත්ම ගැඹුරින්, අධ්‍යාත්මිකව මම පෙම් කළේ තුන්වන සහ අවසන් වතාවට.
පළමු වසර අවසානයේ විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරපු ක්ෂේත්‍ර චාරිකාවකදී තමයි අපි එකිනෙකාට සමීප වුණේ.
මගේ දෙවන උත්සාහයක් අසාර්ථක වූ නිසා මා සිටියේ තරමක කළකිරීමෙන්. නමුත් ඒ ගමනේදී ඒ වනවිට එකම බෝට්ටුවේ සිටි ඇයව හඳුනාගන්නට ලැබුණා. එකම බෝට්ටුවේ කිවුවේ ඒ වන විට ඇයත් ඇගේ ආදරය බිඳිලා වේදනාවෙන් හිටියේ.
අවුරුදු 2 1/2ක්ම අපේ හිතවත්කම (අවසානයේ ඇය එය හැඳින්වූයේ එහෙමයි.) ගලාගෙන ගියා.
මට ඕනෑ වුණේ ඇගේ ආදරය ස්ථිරවම දිනාගන්නා තුරු කිසිවෙකුටත්ම ඒ ගැන දැනගන්නට ඉඩ නොතැබීම. කොටින්ම මගේ හිතවත්ම මිතුරන්, මිතුරියන්වත් ඒ ගැන හාංකවිස්සියක්වත් දැනගෙන හිටියේ නෑ. ඉන් සමහරු අදවනතුරුත් මේ ගැන දන්නෙ නෑ.
ඇත්ත. ඇය මට කවදාවත්ම 'මම ඔයාට ආදරෙයි' කියා නෑ. අහන අහන කෙනා එය හුදෙක් මගේ හිතළුවක් යයි නිගමනයට එන්නට ඒක පාවිච්චි කරනවා. සමහරවිට ඇත්ත වෙන්න ඇති.
ඒත් ඒ අවුරු දෙකහමාරට අපි අතරේ ඇතිවුණු දුරකතන සංවාද, කෙටි පණිවුඩ, 'මිස්ඩ් කෝල්ස්' (මීට අවුරුදු 7 1/2 කට කළින් ඔය ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවි ජනප්‍රිය වෙලා තිබුණෙ නෑ. 'මිස්ඩ් කෝල්' තමයි හුඟක් ජනප්‍රිය වෙලා තිබුණෙ.)
සමහර දවස්වල මගේ ජංගම දුරකථයට ඇයගෙන් ලැබුණු 'මිස්ඩ් කෝල්ස්' ගණන දුසිම් ගණනක්. කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)ත් එහෙමයි.
ඒ කිසිම එකක 'ආදරය' කියන වචනය තිබුණේ නැති බව ඇත්තයි. නමුත් මේ හැම එකකම සාමාන්‍ය මිත්‍රත්වයට එහා ගිය දැඩි ලෙන්ගතුකමක් තිබුණු බවයි මට හැඟී ගියේ.
ඇයත් මා මෙන්ම ඉතාම සංවේදී හදවතක් තිබුණු කෙනෙක්. ඉතාම සුළු දේටත් මහා ලොකුවට සිත රිදවා ගන්නා කෙනෙක්. මේ අවුරුදු දෙක හමාරට එවැනි සිදුවීම් දුසිම් ගණනක් ඇය මට පවසා තිබෙනවා. සමහර දවස්වල රාත්‍රියට අපි පැය ගණන් හැඟීම්බර කතාවල යෙදුණා. කෙළින්ම ආදරය යන මාතෘකාවට නොබැස්සත් අපි කතා කළේ ඊට ගොඩක් සම්බන්ධ දේවල් ගැන. ජීවිතය ගැන, සමහර දේවල්වල නිස්සාරත්වය ගැන එකිනෙකා හිතන පතන විදිය ආදියයි. එතැනදී මට හැඟී ගිය දෙයක් තමයි, මේ තරම් මම සිතන පතන විදියට අනුකූලතාවයක් දක්වන වෙනත් සිතක් දරන්නෙක් මේ ලෝකේ සිටීම හරිම පුදුම සහගතයි කියන කාරණය. අපි අතරේ ඒ තරම් ගැලපීමක් තිබුණා.
ඇයට මා ගැන හැඟුණේ හුදෙක් සාමාන්‍ය මිත්‍රයෙක් ගැන දැණුන විදියටයි කියා මට තවමත් සිතෙන්නේ නෑ. එය එහෙම වූයේ කෙසේදැයි වචනයෙන් විස්තර කරන්නට බැහැ.
ඒ අවුරුදු 2 1/2 තුළදීම මම ඇයට මගේ ආදරය ප්‍රකාශ කරන්නට සුදුසු අවස්ථාවක් එනතුරු කල්මරමින් සිටියේ. නමුත් විස්තර කරන්නට තේරෙන්නේ නැති හේතුවකට මා එය දවසින් දවස කල් දැමුවා. එය එයට වඩාත්ම සුදුසු වේලාව නොවේයයි මගේ සිත කියූ නිසයි. අනවශ්‍ය ලෙස කළබල වීමෙන් ආදරය පමණක් නොව, ජීවිතයේ හමුවූ වඩාත්ම මා තේරුම් ගත්, අවිහිංසක, සංවේදී, හැඟුම්බර, චාම්, සරල, අවංක යන ගුණවලින් පරිපූර්ණ වූ තැනැත්තියගේ මා කෙරෙහි අවධානය, සැබෑම ලෙන්ගතුකම, ඇසුර පවා අහිමි වී යා හැකි බව මට හැඟී ගියා.
මේ අතරේ ඇගේ යම් සියුම් වෙනසක් මා නිරීක්ෂණය කළා. වෙනදාට වඩා කල්පනාවේ නිමග්න වෙමිනුයි ඇය කාලය ගත කළේ. යම් කෙනෙකුට දුරකථනයෙන් අමතන්නට ඇය උත්සාහ දරණ බවත්, අනිත් කෙළවරෙන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන නිසා යම් තැවුලකින් ඇය සිටින බවයි මට හැඟුනේ. නමුත් ඇගේ නිහඬ බව ප්‍රශ්න කරන්නට මා බිය වුණා. මේ වනවිටත් මට එසේ කිරීමට අයිතියක් තිබුණේ නෑ.
අන්තිමේදී මගේ ප්‍රාණ සමාන යෙහෙළියක් මඟින් මා පිළිබඳව ඇගේ අදහස කුමන ආකාරයක එකක් දැයි දැනගැනීමට මා තීරණය කළා.
මා යෙදවූ යෙහෙළිය ඉතා විශ්වාසවන්ත වුවත්, ඇය කී කතාව මට පිළිගන්නට අපහසු වුණා.
"එයා හොඳ යාලුවෙක් තමයි. ගතිගුණත් ගොඩක්ම හොඳයි. නමුත් එයා වගේ කෙනෙක් බඳින්න නම් මම කැමති නෑ."
එයට හේතුවත් මගේ මිතුරිය උපක්රමශීලීව අසාගන්නට සමත් වූ තිබුණා. එයත් විශ්වාස කරන්නට අපහසුයි.
ඇය පවසා ඇත්තේ මෙවැන්නක්:
ඇයට අවශ්‍යයිලු සරසවියෙන් පිටවූ වහාම විවාහ වීමට. ඇය විවාහ කරගන්නා තැනැත්තාට තමන්ගේම කියා නිවසක්, වාහනයක් තිබිය යුතුයිලු.
ඇය වගේ සරල, චාම් (ඇත්තටම මම ඇයට කැමති වන්නට ප්‍රධානම හේතු එකී කී ගුණාංගයි.) භෞතික දේවල් වලට වඩා අධ්‍යාත්මික දේවල් අගය කරන කෙනෙක් හදවතට එකඟව ඒ විදියට කතා කරන්නේ කොහොමද කියා මට සිතාගන්නවත් බැරි වුණා.
මොකද්ද මේ කතාවේ තේරුම කියා මා දින ගණනක් කල්පනා කළා. සමහරවිට ඇය කියපු කාරණය ඇත්ත වන්නට පුළුවන්. හැඟීමවලට ඉඩනොදී යථාර්ථයට මුහුණදෙන්නට ඇය ඉටාගන්න ඇති.
නමුත් මා පරාජය බාරගන්නට කැමති වූයේ නෑ. විශේෂයෙන්ම ඇය වගේ අය අද කාලේ හොයන්න හරිම අමාරුයි.
ඉතින් මම තීරණය කළා ඇයට අවශ්‍ය සුදුසුකම් හදා ගැනීමට.
ඒ වනවිට මම සිහින මවමින් සිටියේ උපාධියේ ප්‍රථම පන්ති සාමර්ථයක් ලබා ආචාර්ය මණ්ඩලයට බැඳීමට. එය මා පමණක් නොවේ, ඇය ඇතුළු මුළු විශ්වවිද්‍යාලයම දැන සිටියා. මගේ ඒ ගැන කිසිවෙකුට අබමල් රේණුවකවත් අවිස්වාසක් තිබුණේ නෑ.
නමුත් ඇය වෙනුවෙන් අවශ්‍යනම් එය පවා අත් හරින්නට මා තීරණය කළා. (මීට වසර 5-6කට පෙර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුට ලැබුණේ ඉතාම සොච්චම් වැටුපක්.)
උපාධිය ලැබූ පසු ආචාර්ය මණ්ඩලයට නොබැඳී ඉංජිනේරුවකු ලෙස පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වී, එයින් ලැබෙන ඉහළ වැටුපෙන් සාපේක්ෂව කෙටි කාලයක් තුළ නිවස හා වාහනය යන අරමුණු වලට ලඟා විය හැකි බව මට පෙනී ගියා.
මේ අනුව, ඒ කැපකිරීම කිරීමට මා සම්පූර්ණ සූදානමින් සිටියා. ඒ අරමුණු ඉටුකරගන්නා තෙක්, තවදුරටත් අපේ සමීප සම්බන්ධතාවය පෙර පරිදිම ඉදිරියට ගෙන යාමටයි මා බලාපොරොත්තු වූයේ.
මේ වනවිට උපාධියේ තුන් වන වසර අවසාන භාගයයි ගතවෙමින් තිබුණේ. ඒ වනවිටත් එකිනෙකාගේ සුවදුක් විමසන කෙටි පණිවුඩ හුවමාරු වෙමින් තිබුණා.
ඒ අතරේ මගේ මිත්‍රයෙක් ගෙනා ආරංචිය නම් මට සුභදායක එකක් වුණේ නෑ. එයින් කියැවුණේ ඇය ඇගේ ගම් පළාත වන මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක නාවික ඉංජිනේරු විද්‍යාව හදාරණ තරුණයෙගෙන් ආදරය අයදින බව.
එක්තරා දිනෙක මම දුටුවා ඇගේ යම් කැපී පෙනෙන වෙනසක්. ඇය වෙනදාට වඩා බොහෝ සතුටින් සිටින බවයි මා දුටුවේ. ඇගේ ජංගම දුරකථනයටත් කිසිම නිවනක් තිබුණු පාටක් පෙනෙන්නට තිබුණේ නෑ.
මා අනුමාන කළ දේ නිවැරදි වී තිබුණා. ඔහු ඇගේ ආදරය පිළිගෙන තිබුණා.
ලෝකයට හොරෙන් ආලය කිරීමේ බරපතලකම මට තේරුණේ එදායි. අපි අතර සිදුවූ කිසිම දෙයක් අප දෙදෙනා හැර අන් කිසිවෙකු දැන සිටියේ නෑ.
එය මට දැඩි කම්පනයක් ඇති කරන්නට සමත් වුවත් හිතේ හැටියට ශෝක වන්නට හැකි වාතාවරණයක් එහි තිබුණේ නෑ. ප්‍රසිද්ධියේ හිතේ අමාරුව පිට කරන්නට යාමෙන් මා උන්මත්තකයෙකු හා කුහකයෙක් යයි මිතුරන් අතරේ ආකල්පයක් ඇති වනවාට මා බිය වුණා.
එදින මා දැඩි තීරණයක් ගත්තා. ඒ දෙබිඩි ජීවිතයක් ගතකරන්නටයි. එනම් ලෝකයට පෙනෙන්නට ඉතාම සාමාන්‍ය ජීවිතයක් ගතකරන අතර දුක, ශෝකය හුදකලාවම විඳ දරාගන්නට. වෙනත් වචනවලින් කියනවා නම් සැහැල්ලු විනෝදකාමී ජීවිතයක් ගතකරන බව මවාපාමින් රහස් ශෝකභරිත ජීවිතයක් ගෙවන්නට.
මගේ එම තීරණය වහාම ක්රියාවේ යෙදුණා.
ඒ අනුව දිවාකාලයේ සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකළ මා, දේශන නිම වී පැමිණ කාමරයට වැදී දොර වසා විදුලි පහන නිමා දමා, යහනේ වැතිරී පැය ගණනක් හිතේ හැටියට ශෝක වන්නට මා පුරුදු වූවා.
(කෘෂි විද්‍යා සිසුවෙකු වූ මගේ කාමර සඟයා, හිස් ඇඳක් තිබූ වෙනත් කෘෂි විද්‍යා සිසුවෙකුගේ කාමරයේ ලැගුම් ගන්නට යාම එයට විශාල පහසුවක් වුණා.)
මටත් නොදැනීම ආහාර රුචිය කෙමෙන් කෙමෙන් මගෙන් ඉවත් වී ගියා. තරමක් තරබාරු සිරුරක් තිබූ මගේ ශරීරය ක්‍රමයෙන් කෘශ වී යන්නට පටන් ගත්තා.
ශරීරය දුර්වල වීම හේතුවෙන් මා නිතර රෝගාතුර වන්නට පටන් ගත්තා. රෝගවලට ප්‍රතිකාර ගන්නා බව ඇඟෙවුවත් ඇත්තටම එවැන්නක් සිදු වුනේ නෑ. 'ඕනේනම් ඉබේම සුව වී ගියාවේ. නැත්නම් වෙන ඕනම දෙයක් වුනාවේ' යන ස්ථාවරයක මා සිටියා.
මාස 7කට පමණ මේ විදියට ගෙවී ගියා.....
එකදිගට මාසයක් විතර උණ, ශරීරය අප්‍රාණික බව තිබුණා. හරිහැටි ප්‍රතිකාරයක් ගැනීමට මට වුවමනාවක් ඇති වූයේ නෑ. කෑම අරුචිය උත්සන්නම වුණා. ජීවිතය යන්තම් ගැටගසා ගත්තේ බිස්කට් කිහිපයක් සහ ප්‍රධාන වශයෙන්ම ග්ලූකෝස් වලින් සහ ෆාමසියකින් මිළදී ගත් 'ජීවනී' නම් පානයකින්.
දිනක් මේ මෙහි උච්චයට ළඟා වුණා. සිහිසුන්ව ඇදවැටුණු මා රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වූයේ මගේ රුධිරගත ග්ලූකෝස් මට්ට්ම ඇදහිය නොහැකි තරම් ඉහළ මට්ට්මක පවතින බවයි. සංඛ්‍යාත්මක වශයෙන් එය 667ක් වූවා. එවැනි ඉහළ අගයක් ඔවුන්ගේ ජීවිතයේ කිසි දිනෙක වාර්තා වී නොමැති බව වෛද්‍යවරු ප්‍රකාශ කළා. එහි ප්‍රතිඵලයක් ලෙසට මා තාවකාලික අර්ධ අන්ධභාවයට පත්වූවා.
වැඩිදුර පරීක්ෂණ වාර්තා මගින් වෛද්‍යවරු මවිතයට පත්වුණා. එනම් මට වැලඳී තිබුණේ අකලට වැළඳෙන දියවැඩියා ප්‍රභේදය (Type I/Insulin dependent) නොව, වයස්ගත පිරිසි අතර බහුල Type II/Insulin independent නම් ප්‍රභේදයයි.
ජානමය හේතු නිසා තවත් වසර ගණනාවකින් මතුවන්නට තිබූ ප්‍රවේණික රෝගයක්, අධික මානසික අසංතුළිත භාවය නිසා කල්තියා අත්විඳින්නට සිදු වූ බවයි විශේෂඥ වෛද්‍ය මතය වූයේ.
මා නේවාසිකව ප්‍රතිකාර ලැබූ සති 3 තුළ තුළ මා බලන්නට පැමිණි ලබැඳියන් අතර සෑම දිනකම මම ඇගේ දෑස බලාපොරොත්තු වුවත් කවදාවත් එය ඉටුවූයේ නෑ.
මා මුළින් කී මගේ දෙබිඩි ජීවිතය, වසර 5කට පසුවත් අදටත් නොවෙනස්ව පවත්වාගෙන යනවා. ඉන් මිදෙන්නට මට කවදා හැකියාවක් ලැබේදැයි සිතාගන්නටත් අමාරුයි.

Subscribe to:
Posts (Atom)