Sunday, March 17, 2013

ආ...වැවද...? මම සල්ලිවලට ගත්තා....!


එවක මම අගනුවර මෘදුකාංග සමාගමක සේවය කළෙමි. මේ සිද්ධිය මා එයට සම්බන්ධවීමට ප්‍රථම සිදුවූවකි. රාත්‍රියක නිදිවරන විට ඇදුනු කතාවකි. මෙය කියු ජ්‍යේෂ්ඨ සඟයා කෙප්ප කෙළින හාදයෙක් නම් නොවේ. 

වැව් බැඳි රාජ්‍යයේ ප්‍රමුඛපෙලේ ව්‍යාපාරික සමාගමකට අවශ්‍ය මෘදුකාංග පද්ධතියක් අප ආයතනය විසින් සම්පාදනය කර ඇත. එහි ප්‍රමුඛ ව්‍යාපාරයක් වනුයේ ස්වේත වර්ණ මලක නම් දරන හෝටලයකි. 
(එනමින් බස් ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය ගායකයෙකු කැසට් පටයක්ද නිකුත් කර ඇත!)

එය පිහිටා තිබෙන්නේ පෙර රජ දවස නිර්මිත විශිෂ්ඨතම නිර්මාණයක් වන සාගරයක නම් දරන සුප්‍රසිද්ධ වැවක් අද්දරය. හිමිකරු සිය සොහොයුරාගේ 'ස්ටාර්' එක හොඳ වීම හෙවත් ලංකාවේ ඇමති කෙනෙක් වීම හේතුවෙන්ම දැන් අති සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට වරම් ලද්දෙකි. 

සාමාන්‍යයෙන් මෘදුකාංග පද්ධතියක් මූලික අධ්‍යයනයේ සිට සම්පූර්ණ කිරීම දක්වා මාස කිහිපයක් ඇදේ.
මූලික අධ්‍යයනය සඳහා මගේ සඟයා එහි යන්නට සැරසුණු විට අප සමාගමේ මුළ් තැනද විනෝද චාරිකාවක් ලෙස ඔහු හා එක් වුණේලු.
මාස කිහිපයකට පසු පද්ධතිය සම්පූර්ණ වූ පසු එහි සාර්ථකත්වය ගැන සතුටු වූ ඉහත කී හෝටලයේ හිමිකරු අපේ සෙට් එකට පාටියක් දුන්නේලු.

වැව අයිනේ සඳලුතලයක කට්ටිය සෙට් වුනේලු. හැබැයි අපේ ලොක්කට (අපේ මෘදුකාංග සමාගමේ ප්‍රධානියා) හෙන අවුල් ලු.
බැරිම තැන මිනිහ ඇහුවලු හෝටලේ හිමිකරුගෙන්

"සර්...අපි කලින් එනකොට මෙතන තිබුනෙ වැව නෙ.....?"

"ආ...වැවද...? මම සල්ලිවලට ගත්තා....!"  

17 comments:

  1. ආ...වැවද...? මම සල්ලිවලට ගත්තා....!
    //මේක වෙන්න පුලුවන්ද? වැවක් සල්ලි වලට ගන්න????

    ReplyDelete
    Replies
    1. ඒ හරියෙ වැව ගොඩකරලා තමයි ඔය කියන හෝටලේ අළුත් ගොඩනැගිලි හදල තියෙන්නෙ....

      Delete
    2. වැවක් මොකද්ද ලොක්කා ... අපි විකුනනවා ඕන දෙයක් සදාහරිත වනාන්තර අක්කරයක් රූ 2000 වැවක් රූ 50 000 රුපවාහිනියේ කුලුන - යකඩ වලට රූ 1 000 (සුඅධර්මන් අමතන්න) උසාවියක් අගවිනිසුරු සමග රූ 10 000 කුඩු දුමියාගේ මොළ රෙපෙයාර් ස්ටොරියක් රූ 250 ඉබේ ගස් බැඳෙන නියාමකයන් කිලෝ එකක් සත 25... අඬන පබා සමග පාර්ලිමේන්තු සවාරියක් ... තව ගොඩක් තියනවා මෙතන ලියන්න ඉඩ මදි.... අදම ලඟම සිටින ආණ්ඩුවේ මැර මන්ත්‍රී අමතන්න අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ...

      Delete
    3. Alwiz . . . සුපිරි කොමෙන්ටුව ඈ . . . මේ සංවෙදී මහත්තයා ලංකාවේ නෙමෙයිද ඉන්නේ?
      කිව්වත් වගේ වැවක් නෙමේ මොනවද ඕන කටුගේ තිබ්බ බඩුත් මිසින් එකේ සර් ඕවා මොනවද. .

      Delete
  2. අපේ පැත්තෙත් ගඟ සල්ලිවලට ගත්තු අය ඉන්නවා

    ReplyDelete
  3. සුදු අරලියා මල.. පිපුනේ ඇයි තනිව.... ද?

    ReplyDelete
  4. අම්මටහුඩු.. :( දෑන් ලන්කවෙ වෑව් සල්ලි වලට ගන්නත් පුලුවනිද? පිස්සු හෑදෙයි මෙව්ව අහල..

    ReplyDelete
    Replies
    1. වැව් මොකෝ අපි මුහුදත් විකුණන මිනිස්සු

      Delete
  5. අපේ වත්තට පස් ගෙනත් දැම්මහමත් ආංඩුවෙන් දවසක් ආවා පහත්බිම් ගොඩ කරනවා කියලා බලන්ඩ ,දේෂපාලන හෙංචයියලා ඇලවල් හිටං වහලා වෙල් ගොඩකරනවා ,

    ReplyDelete
    Replies
    1. නීති තියෙන්නේ දුප්පත් අපිට විතරයි..

      Delete
  6. වෙහෙර ගිල්ල එකටා අග්ගලාව කජ්ජක්ද කියන එක අහලා නැද්ද?

    ලෝකෙන් උතුම් රට ලංකාවයි . . ලංකාවයි සිරි ලංකවයි . .

    ReplyDelete
  7. විය නොහැක්කක් නොවේ. මේ කිට්ටුවම ඉන්න මගේ යාළුවෙකුගෙ තාත්ත කියන විදියට මුල් අයිතිකරුවන්ගෙන් හෝටලය සහ ඉඩම අරගෙන තියෙන්නෙ ලක්ෂ 50කට! එහෙම අරගෙන තියෙන්නෙත් බලහත්කාරයෙන්. හෝටලයට එන සංචාරකයන් භයකරල මඟින් එලවල යනඑනමං නැතිකරල තමයි අරගෙන තියෙන්නෙ.

    ReplyDelete
  8. ඇයි යකෝ අර දළදාව තියන පැත්තේ එකෙක් අලගල්ල කන්දේ බාගෙකුත් සල්ලි වලට ගත්තේ

    ReplyDelete
  9. ඕක මොකක්ද සිංහරාජෙත් මුදල් වලට ගන්න පුළුවන්කොට. දැනට හෝටල් කීයක් ගහලද?

    ReplyDelete
  10. හරිම කනගාටු දායකයි..... මේවගෙ විපාක දැන් නෙවෙයි පස්සෙ තමයි තේරෙන්නෙ. සල්ලි වලට බල්ලො මරන්න පුලුවන් රටේ මේව මොනවද ?

    ReplyDelete
  11. හ්ම් පොළොන්නරුවට තියෙන එකම විශාල හෝටලය ඕක අයිය ඇමති උන නිසා තම බලය මල්ලිට

    ඒත් මම අහල නෑ දුප්පත් මිනිස්සුන්ට ගහල කරදර කරල තියෙනව කියල ඔය කියන මල්ලි ව්‍යාපාරික ලෝකේ කොහොම හැසිරුනත් මේ පැත්තෙ ඉන්න සාමාන්‍ය මනුස්සයට කරදරයක් නැති නිසා වෙන්න ඇති මිනිස්සු බනිනව අහල නෑ තාම ((බනින්න බයද කියන්නනම් දන් නෑ හැබැයි ඇමති අයියනම් චන්ඩියෙක් නෙවේ මෙහෙ))

    ඔය හෝටලය තියෙන්නෙ වැවේ එක පැත්තෙකට වෙන්නනෙ මම තාම හෝටලේ දැකල නෑ

    නිකන් ඒ පැත්තෙට යැවෙන් නෑ තියෙන්නෙ පොළොන්නරුව ටවුන් එකේ ඉදන් දුර නිසා

    ReplyDelete