Thursday, March 28, 2013

තාවකාලික සමුගැන්ම......

"කවුරුහරි ගිහින් වයිට්බොර්ඩ් මාකර් එකක් ගේන්න....ඉක්මනට...!" 

මම තරහෙන් කෑ ගහල කියන්නෙ මගෙ සහය ආචාර්ය මණ්ඩලයට...

"ශිහ්...හිතට ආපු අදහස අමතක වෙන්ට කලින් ලියන්න විදියක් නෑනේ..." 

ඩිමෝ මල්ලි කෙනෙක් කෝල් එකක් ගන්නව ඔෆිස් එකට...
එයා දුවගෙන එනව...පෑන් මිටියකුත් අරගෙන...එහා තියෙන මැත්ස් බිල්ඩින් එකේ අපේ ඔෆිස් එකේ ඉඳල එයාට එන්න ගතවෙන්නෙ මිනිත්තු භාගයක් විතරයි...
කොහොමත් එයා අඩි හයක් විතර උසයි...දිග අඩි තියල එනව ඇති...

සමහර වෙලාවට කළබලේ නිසා "තෑන්ක් යූ" කියන්නත් අමතක වෙනව....

සමහර දවසට වැඩ ඉවර වෙලා ගුරු විවේකාගාරෙ ඉඳල කාර් එකට යනකොට වොෂ් රූම් ගියොත් හොඳයි කියල හිතෙනව...

දැන් හයත් පහුවෙලා...වොෂ් රූම් එක ලොක් කරලා...මම ඔෆිස් එකට කතා කරනව..

"දොස්තර කිවුවනෙ කොලෙස්ටරෝල් එන්න හදන්නෙ, එක්සයිස් කරන්න කියල. ඒක නිසා බීච් එකට ගිහින් ටිකක් ඇවිදලම ගෙදර යනව..." යතුර අරගෙන ආපු එයාට මම කියනව.
"මම යතුර ගෙනත් දෙන්නම්...?"

"කමක් නෑ සර්....මම අරන් යන්නම්..."

ඔෆිස් එකේ අපිට දීල තියෙන ෆොටෝ කොපි මැෂින් එක ගොඩක් සංකීර්ණයි...මට තාම හුරු නෑ.
සමහර වෙලාවට මට ෆොටෝ කොපියක් ගන්න ඕන උනාම ඒක පිස්සු කෙළිනවා...
"අනේ විමල්. මෙන්න මේක බලන්න."
"කෝ දෙන්න සර්.."

මැෂිමෙන් එළියට ආපු කඩදාසි ගොන්න එකතු කරගෙන ඔක්කොටම එකපාර කටු ගහන්න මම අසාර්ථක උත්සාහයක යෙදෙනව...

"ඕක පොඩි ස්ටෙප්ලර් එකෙන් ගහන්න බෑ සර්...ඝණකම වැඩියි....කෝ දෙන්න..."
එයා කඩදාසි ගොන්න ලස්සනට එකතු කරල තඩි ස්ටෙප්ලර් කටුවක් ගහල මට දෙනව...

ජීවිතේ හැම දෙයක්ම තාවකාලිකයි කියන ධර්මතාවය ඔප්පු කරමින් එයා අද විශ්වවිද්‍යාලයෙන් අස්වෙලා යනව...
මොනව කරන්නද විමල්...මම ඇතුළු ඔබේ සහෝදර කාර්ය මණ්ඩලය හදවතින්ම ඔබට සුභ පතනවා....!

6 comments:

  1. Thamanta godak langin indapu, aashraya karapu, udaw karapu kenekge wen weema hama welema bohoma sanwedi deyak...
    Eth ithin...
    Piya wippayogo kiyala Budu Haamuduruwoth me gana deshana karala thiyanawa..

    ReplyDelete
  2. මට අපේ රනිල් මතක් උනේ.. අපේ තිබ්බෙත් හරිම කෑලි වැඩි ෆොටෝ කොපි මැෂින් එකක්.. ඒකේ කෑලි තේරෙන්නේ නැතුව මං දඟලනකොට “ පණ්ඩිතයා වෙන්නැතුව යනවා... මං කරලා දෙන්නම්..” කියලා මාව එලෝනවා... පත මැනිෆෙස්ට් ස්ටෙප්ලර් කරන්න උනාම මං රනිල්ව හොයං යනවා... “හයියෝ මෙයාගේ කට විතරයි...” කිය කිය වැඩේ කරලා දෙනවා... මං එයා ගැන පෝස්ට් එකක් ලිව්වා කාලෙකට කලින්.... ඒත් එයා සමුඅරං ගියේ සදාකාලිකවම...

    ReplyDelete
    Replies
    1. ඔහු ගැන අවංකවම කණගාටුයි....

      Delete
  3. මචන් මීට වඩා නම් ටිකක් තද වෙන්න ඕනේ..
    නැත්නම් පැවැත්මක් නැහැ..බලන්න එන්ජිනියර්
    කෙනෙක් උනාම මොන තරම් බරක් , වගකීමක් එන
    තීන්දු තීරණ ගන්න වෙන තැන් එනවද ? ඒ නිසා මීට
    වඩා ටෆ් වෙන්න ..

    හිතන්න එපා මම දැනට ලෙක්චර නිසා වගකීම අඩුයි
    නේද කියලා ..කරා නොකරා ඔයා ඒකට හැඩ ගැහෙන්න
    ඕනේ..


    ( මේ කමෙන්ට් එකත් නුහුරට යාවිද මන්දා
    silentsahan@gmail.com )

    ReplyDelete
    Replies
    1. මචං උඹ කියන්නෙ සේවකයො වැඩිය කරට ගන්න එපා කියන එක වෙන්ට ඕන....?

      Delete
    2. ඔතන මිත්‍රයා වැඩේ තියෙන්නේ අපි ප්‍රධානියා වෙන්නේ සිල්ලර
      බඩු කඩේකද , තොග බඩු කඩේකද , රෙදි කඩේකද , මුර කුටියකද ,
      බැංකුවකද , විශ්ව විද්‍යාලයකද , ලොකු පරිපාලන ආයතනයක්ද
      etc etc වගේ තත්ව එක්ක ..

      එහෙකට එකක් වෙනස් .පැහැදිලිවම වෙනස් ..ඔයා එන්ජිනියර් කෙනෙක් උනාට ආයතනයේ ප්‍රධාන CEO වෙන්නෙත් ඔයා නම් අනික් සියලු දෙනා ඔයාට යටයි.. එතැනදී ඔයා මගේ අති ඉහළ නිළධාරියා මිසක් එකම පන්තියේ එන්ජිනේරුවෝ නෙවේ...මට බැහැ ඔයා එක්ක නෑකම් කතා කරන්න යන්න ..ඔයත් මා එක්ක හවසට set වෙන්න එන්න හොඳ නැහැ...


      හැබැයි අපි දෙන්නා ඉන්නේ සිල්ලර බඩු කඩේක බඩු කිරන්න නම් ඔන්න
      " මචන් level එක" කමක් නැහැ. ගොඩක් වෙලාවට සේවකයෝ ඉහළ නිලධාරී වටා එකතු වෙන්නේ ලාබ ප්‍රයෝජන සඳහාමයි...ඒ අයගේ ප්‍රයෝග වලට අහු වෙන්න එපා...


      හිත යටින් අනික් අයව හෙමීට තේරුම් අරන් , ඒ ඒ විදිහට ඉන්න ඕනේ.
      විශේෂෙන් විධායක ශ්‍රේණි වලදී...

      යාලු කම් හිතවත් කම් වෙනයි , වැඩ වෙනයි මචන්..අපි හිතවත් කමට
      ලන් උනාට අනික් කෙනා ලන් වෙන්නේ කපටි කමට වෙන්න පුළුවන් .
      අපි බීලා වෙරි වෙච්ච වෙලාවක ආයතනයේ වැදගත් රහසක් එළියට
      යන්න පුළුවන්, වැරදි තැනක ඇඟිලි සලකුණක් හිටින්න පුළුවන් ,
      වෙන කතාවක් පිට අත්සනක් වදින්න පුළුවන් වැරදි ලිපියක...

      ඒ නිසා හැම වෙලේම වගකීමක් දරන්න සූදානමෙන් ඉන්න ඕනේ..

      මම මේ ටික කිව්වේ පෝස්ට් එකට අදාලව නෙවේ ..පුද්ගලිකව
      ඔයාට ..මම ගොඩක් ආදරේ කරන කෙනෙක් ඔයා ...ඒ නිසයි
      මෙහෙම කිව්වේ හොඳද ? වරදක් හිතන්න එපා...

      Delete