Thursday, September 5, 2013

පිරිමින්ගේ විවාහය ගැන බමුණු මත

අපේ ලොකු අම්මගෙ දුවෙක් බැන්දා ගිය සතියේ. ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ නෑදෑයො කස්ටිය එකතු වෙලා ලොකු කයිවාරුවක් පටන් ගත්තා. දන්නවනේ ඉතින් ඔය වගේ වෙලාවට ඇදෙන කතා. අවිවාහකයින්ට විවාහ යෝජනා ඉදිරිපත් වෙන්න ඊට වඩා හොඳ අවස්ථාවක් තවත් නෑනේ.

ඉතින් පවුලේ දැනට ඉතිරි වෙලා ඉන්න තනිකඩයො ටිකත් අමාරුවේ දාලා එළවලා දාන්න තමයි මෙයාලගෙ කල්පනාව. අනේ ඉතින් (ලැජ්ජාවෙන් ඇඹරෙමින්) මේ සැරේ ඔය අවාසනාවට ගොදුරු වෙන්න ගිය අහිංසකයෙක් තමා මම තුමා.

කස්ටිය මගේ වයස එහෙම අහගන්නකොටම මම දැනගත්තා බඩුම තමා කියලා.

මුළින්ම දැන් මගේ කළ වයස හරි කියලා මතක් වුනේ අපේ ලොකු අම්මට.

හැබැයි මෙච්චර දියුණුය කියන සමාජයේ කවදාවත් ඇහෙයි කියා හිතුවෙ නැති එතනදි ඇහුණු කතා ගැන නම් මට තාමත් පුදුමයි. 

මේ තියෙන්නෙ එතන වුණු සංවාදය.

1 ඥාතියා : "අනේ ඉතින් 29 කියන්නෙත් වයසක්ද..?"

2 ඥාතියා : "මේ කටේ කිරි සුවඳ නොගිය පුංචි ඈයොන්ට මොන ගෑණුද..?" (ඈයා කියන්නෙ අර ගස් නගින සතා නොවෙයි, දකුණු පළාතෙ ගම්වල 'එකා' කියන්න භාවිත වෙන පදයක්නෙ.)

3 ඥාතියා : (නුරුස්නා ස්වරයෙන්) "ඕකනෙ කියන්නෙ. දැන් ඉන්න උන්ට ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම ගෑණු ඕනවෙනව...!"

මෙතනදි ලොකු අම්ම තනි ගේමකට සෙට් වුණා වගේ පේන්නෙ.

ලොකු අම්මා : "එහෙම කියන්න එපා. අපේ දරුවන්ගෙ අනාගතේ ගැන අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන..." 
මෙහෙම කියල ලොකු අම්ම අපේ අම්මගෙ මූණ බැලුව.

මේ කතාව මා සම්බන්ධයෙන් කවදාවත් ඇදිල නැති නිසා මම කුතුහලයෙන් හිටියෙ අපේ අම්මගෙ අදහස දැනගන්න.

"නෑ. අක්කේ. මෙයා තාම ඉගෙන ගන්නව. අනික ගෙවල් දොරවල් හරියකට නෑ. අම්බලම වගේ. වැස්ස දවසට තෙමෙනව. කොහොමද පිට කෙනෙක් ඇවිල්ල ඉන්නෙ..අනිත් එක මෙයාට තව වයස තියෙනව. අපේ ප්‍රියන්ත (අපේ මාමා) උනත් බැන්දෙ 34 දි නෙ. පිරිමියෙකුට 39 උනත් වයසක් නෑ. ගෑණු ළමයෙකුට තමයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ." අපේ අම්මගෙ ආකල්පය එහෙමයි.

"ඔව්. ඔව්. මෙයැයි දැන්මම බඳින්න ඕනෙ නෑ. ඉන්න තැනක්වත් තියෙනවැයි හරියකට..?" ඒ දෙවන වසර වෛද්‍ය ශිෂ්‍යාවක් වන අපේ නංගි කාරි.

"කොහොමත් ගෙදර නංගිලා ඉන්නකොට අයියලා ඉස්සර වෙන සිරිතක් නෑ. නංගිලගෙ කටයුතු එකළාසයක් කරලයි ඒව ගැන බලන්නෙ. මොකද්ද ඔච්චර තියෙන හදිස්සිය..?" අපේ අම්මලා හිතන හැටි.

"ඩිග්‍රි ගැහුවට වැඩක් නෑ. තාම වැඩිහිටියො ඉස්සරහ අතපය විසිකරන්නෙ නැතුව කතාකරන්නවත් දන්නෙ නෑ." ඇවිළෙන ගින්නට පිදුරු දාන්නෙ අපේ මාමා.

මේ ඔක්කොම කතා අහන් ඉඳල දැන් මට නප්පියටම තද වෙලා. ඇයි යකෝ මුන් එකෙක්වත් මගෙ අදහසක් අහන්නෙ නැතුව එයාම යෝජනා ගෙනත්, වාද කරල නිෂේදනය කරනව.

"මට ඕනෙ ඇති මගුලක් නෑ." මම අන්තිම තීන්දුව දුන්නු නිසා කට්ටියට කට උත්තර නැති වුනා.

සංවාදය අවසන්. දැන් විචාරය.

හරි. අවුරුදු 29 කියන්නෙ කෙනෙක් පරිපූර්ණ වශයෙන් පරිණත භාවයට එලැඹිලා නැති වයසක් කියල මම පිළිගන්නව. (ඔය චෝදනාවමනෙ මාවයි බ්ලොග් එකයි අල්ලන්නෙ නැති අයගෙ ලොකුම තුරුම්පුව.)

මෙතනදි මම කතාකරන්නෙ පිරිමියෙකුට විවාපත් වීමට සුදුසුම වයස කියා සමාජය සම්මත කරගෙන ඉන්න ආකල්පය ගැනයි. 

අවුරුදු 39 වුනත් පිරිමියෙකුට අවුලක් නෑ කියල සඳහන් වුණා. නමුත් හිතන්න 39 දි බඳින කෙනෙක් 40 දි දරුවෙක් ලබනව. දැන් කාලෙ තියෙන ආයුෂ ගැන හිතනකොට කෙනෙක් 60 පැනල ජීවත් වෙයි කියල හිතන්න අමාරුයි. හොඳයි අපි හිතමු 58ක් ජීවත් වුණා කියල. වැඩිමහල් දරුවගෙ වයස 18 දී පියා අහිමි වෙනව. ඊට පස්සෙ මුළු පවුලෙම බර අදින්න වෙන්නෙ එයාට. (මං දන්නව ඉතින් කඳ මෙහෙ වුනාට හිත අමරිකාවෙ තියල ආපු අපේ උගත්තු කියන කතාව. දියුණු රටවල වයස 18 වෙනකොට දරුවන්ට සම්පූර්ණ නිදහස දෙනව 'ඕන එකක් කරගනින්' කියලනෙ කියන්න හදන්නෙ. හැබැයි මේක ලංකාව. ලංකාවෙ දරුවෙක් සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලෙ යන්නෙ වයස 20දි විතර.) 

අනිත් එක ඔය කතාවෙන් මට හැඟී ගිය එකක් තමයි අම්මල, සහෝදරියො කොච්චර පිටින් කැමැත්ත පෙන්නුවත් තමන්ගෙ පුතා, සහෝදරයා පිට කෙනෙක් එක්ක ආදරය, ආරක්ෂාව, ආර්ථිකය බෙදා ගන්නවට යටි හිතෙන් කැමති නෑ කියන එක.

පිරිමියෙක් හීනෙකින්වත් හිතල නැති කෙනෙක්ගෙ නැන්දම්මලගෙ, නෑනලගෙ එයා ගැන තියෙන ආකල්පය කොහොම එකක්ද කියල සියුම් විදියට තේරුම් ගන්න උත්සාහ කරන ඕනම කෙනෙකුට තේරෙනව.
ගෙවල් දොරවල් හරියකට නෑ කියන්නෙ "මේ ගෙදරට ගෑණු ගේන්න එපා. අපි වගකීමක් දෙන්න බෑ එයා එක්ක වළි දාගන්නෙ නෑ කියල. ඕනමනම් තමන්ගෙම ගෙයක් දොරක් හදගෙන පල....!"  කියන එකනෙ.
අනිත් කාරණේ: නංගිලගෙ කටයුතු අහවර කරල ඉන්න කියන්නෙ විවාහ වුණාට පස්සෙ එයාලගෙ විවාහ උත්සවයට (ගෑණිගෙ අකමැත්ත නිසා) අපි වියදම් නොකර ඉඳියි කියන බයටනෙ. එතනත් තියෙන්නෙ අවිශ්වාසය. 

ඉතින් නැන්දම්මා-ලේලි, නෑනලගෙ ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට දායාද වෙන එක අහන්නත් දෙයක්ද..?

24 comments:

  1. //ඕනමනම් තමන්ගෙම ගෙයක් දොරක් හදගෙන පල....!"//

    අම්මලා මේක කියන්නෙ නැත... කිව්වත් හිත යටින් අනේ එපෝ කියාගෙන තමයි.. හි හි... කොච්චර උනත් පුතාලා ගෙයින් පිට වෙලා වෙන ගේකට යනවට අම්මලා අකමැතියි.... දුවලව නං එළෝගන්නකං සිහියක් නෑ...

    ගෙවල් දොරවල් කේස් එක අඳින්නෙ නංගි කෙනෙක් ඉන්නවා නං තමයි.. නැත්තං ඒකත් නෑ... ඒ උනාට ඔය දෙකම අර හේතුවට හදාගන්න කතා...

    අපේ වැඩිහිටියෝ කසාද ගැන කතා කරනකොට මං නං හැමෝටම පේන්න සබාව මැද්දෙම කන්දෙක වහගන්නවා ඉස්සර... එත‌ෙකාට නවත්තගන්නව... හි හි...

    //ඉතින් නැන්දම්මා-ලේලි, නෑනලගෙ ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට දායාද වෙන එක අහන්නත් දෙයක්ද..?//

    ‌මේවට හේතු වෙන්නෙ ඉස්සර හේතුම නෙවෙයි දැන් ගොඩක් වෙලාවට... හැබැයි තාම ඉස්සර තරම්ම තියෙනව... ඒත් වැඩිය ඇදි ඇදි එන්නෙ නෑ ගොඩක් එවුන් පවුල් වෙලා ගෙයින් එළියට බහින නිසා....

    ReplyDelete
    Replies
    1. //...මේවට හේතු වෙන්නෙ ඉස්සර හේතුම නෙවෙයි...//
      ඒ කියන්නෙ අළුත් හේතුත් තියෙනවද හිරු...?
      කියන්නකො බලන්ඩ අපිටත් දැන ගන්න....

      Delete
    2. නංගිලා ගෙදරි යනකම් කොල්ලො ගෑණු ගේන එකට අකමැති වෙන්න ඇත්තම හේතුව මේකනේ...අයියලාගෙ හැසිරීම නිසා නංගිලා නරක් වෙනවා..හරිය...? :)

      Delete
    3. ඒවා රහස්... හි හි...

      ඒකත් වෙන්න පුළුවන් තමයි.. හැබැයි ඒකට නං හේතුව ඔය පරණ කතන්දර ඇරුනම ඉතිං බර අඳින හරකා අයියා වීම තමයි... හැබැයි දැන් නං ගොඩක් තැන් වල ඔය කේස් එක අඩුයි.. මොකද නංගිලා කොල්ලෝ හොයාගෙන, ජොබි කරලා සල්ලි හොයගෙන තමන්ම ඒ වැඩ කරගන්න නිසා.. එහෙම නැති තැන් වල ඉතිං අයියලට සොරි ඩොට් කොම් තමයි... හි හි

      Delete
    4. මේක නම් හරි හිරු... මම අත්දැකීමෙන් දන්නවා නංගිලාගේ විතරක් නෙමේ අක්කලාගේ එව්වත් කලේ මම තමා ....දැන් තමයි මම ගැන හිතන්න වෙලා තියෙන්නේ ././

      Delete
  2. උඹ ඇහුවෙ නැද්ද එයාල බැඳපු වයසවල්?

    මේ මම දන්න කතාවක්.
    කොල්ලෙක් වෙඩිමකට ගියාම ඥාති ගෑනු සෙට්එකක් කියනවලු "ආ...ඊලඟඑක ඔයාගේ...." කියල.
    බේරෙන්නම බැරිතැන මූ වැඩක් කලාලු ආ‍යෙත් මොකුත් නොකියන්න.
    කරල තියෙන්නෙ මළගෙදරකදි අර සෙට්එක සෙට්වුනාම කොල්ල කියනව "ආ...ඊලඟ එක ඔයාගේ" කියල.

    ReplyDelete
    Replies
    1. එල කතාව... හැබැයි ආයේ මූණ බලන එකක් නෑ.

      Delete
    2. රාජ්ම් පට්ටම කතාව මචං ... සිරාවටම

      Delete
  3. ගෙදර ඉන්න ගෑනු කට්ටිය ඔක්කොම බැන්දම පිරිමි පරානේ බඳින්න ඕන කොඉයන එකනම් හරි. එතකොට අක්කල නංගිලා ටික ගෙදරින් ගිහින් නේ, නැත්තං ගෙන මනමාලිගේ දාහක් අඩුපාඩු කියයි, මගුල ඇරෙයි මාසෙන්.

    ReplyDelete
  4. යකෝ මට 29 දී තමා පුතා ඉපදුනේ, 32 දී මගේ උපන්දිනේ දවසෙම දුව හම්බ උනා.... බැන්දේ 27 දී යකෝ ...කැම්පස් අවුට් උනේ 24 දී .....මම පට්ට හදිසි කරයෙක්නේ බොලව් .....:D

    ReplyDelete
  5. කසාදයක් නෙමෙයි මිනිහෙක්ට ඕන ගෑනියෙක්. කසාදෙ ඕන සමාජෙට. ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්නේ එන්නේ ආර්ථික කාරනා ඉස්සරහ. ඒ ආර්ථික කාරනාව සමාජමය කාරනාවක් බවට පත් වෙනවා. නමුත් පෙම් හැඟුම් පීදෙන කාලෙම කොල්ලෙක්ට කෙල්ලෙක් හම්බවෙනවනම් එක තමා හරිම දේ. ඉස්සර සමාජේ තනියම පැලක් අටෝගෙන හේනක් කුඹුරක් කොටාගන්න පුළුවන් වෙනකොටම සහේට එකියක් ගෙන්නගන්නේ ඕකයි...

    ReplyDelete
  6. ගෙවල් දොරවල් ප්‍රශ්නයක් වෙන්නේ කපුවෝ ගෙන්නලා කරන මඟුල් වලට විතරයි මම හිතන්න.. :P:P (විවාහා යෝජනා )
    තමන් හා පවුලේ උදවිය හොඳින් තේරුම් ගන්න කෙනෙක් හම්බුණොත් ඔය මුකුත් නෑ...
    හරි , ඇත්තටම හිතන්න ...
    තමන් අනාගතේ ගොඩනඟාගන්න යන ජීවිතයකට ලස්සන ලොකු ගෙදරක් ,ඉඩ කඩම් තියන කිසි උත්සහයක් නැති නෝන්ජල් මිනිහෙක්ද වටින්නෙ , ඔය මුකුත් නැති උත්සාහ වන්තයෙක්ද...?
    :)

    ReplyDelete
    Replies
    1. ඕවා ෆැන්ටසි විතරයි නඟා... ඔය හිතන විදිය වෙනස් වෙන්න බැදලම බලන්න ඕනෙ... හි හි...

      Delete
  7. මෙන්න මෙහෙම සීන් එකකුත් උනා අපේ මිත්තරෙකුට..

    මිනිහත් වයස ගිහිල්ලත් බැදල නෑ. (අපොයි ඌට 29ට නහුතෙට වැඩියි) ඉතිං මිනිහගෙන් හැමෝම අහනවා මොකෝ බදින්න අදහසක් නැතෙයි. දැං වයසක් 40 විතර වෙනවානේ ආයුබෝං. මේක අහල අහල ඒවට උත්තර දීලා අපේ මිත්‍රයටත් එපා වෙලා හොදටම මල පැනලා හිටිය වෙලාවක අසමජ්ජාතියෙක් ඇවිත් ඇහුව ‍නේ ඔය ප්‍රශ්නෙම. නහුතෙට නැගපු මිත්‍රයා දීපු උත්‍තරේ තමයි.

    "ඕන නෑ. ඔය ඉතුරු ටිකත් අතිංම ඇදලා දානවා."

    ReplyDelete
    Replies
    1. ඔය අතින් අදිනවා කිව්වට පිච්ච මල් සුවඳ බලන්න ගිහින් වෙරළු මල් සෙන්ට් ගහගෙන එන්න ඇති බන්...

      Delete
  8. මම නම් කියන්නේ කොල්ලෙක් වුනාම පවතින අමාරු කම් හමුවේ අඩුම ගානෙ 30දිවත් බඳින්න ඕනෙ. එතකොට කෙල්ලට 25, 26, 27 වගේ වෙනවා නේ. මමත් 30දි බඳින්නයි ඉන්නේ ...ගහක්..හෙහේ..ඕනම කොල්ලෙක් කෙල්ලෙක් විවාහයට ඇතුල් වෙන්නේ බලාපොරොත්තු පොදි බැඳගෙන. මම කිවේ මුලින්ම බඳින දේනනේක් ගැන. මේ කිසිම කෙනෙකුට විවාහ ජීවිතේ අත්දැකීම් නැහැ. විවාහ ජීවිතේ කියන්නෙ අපි ලව් කරන කාලේ වගේ ෆුල් ෆන් ලයිෆ් එකක් නම් නෙමෙයි කියන් කාරණාව පිලිගත් කරුණක් වුනත් හැබැයි ඉතිං දෙන්නගේ තේරුම් ගැනීම හොඳනම් ආයි ලව් කරපු කාලෙයි පස්සෙ කාලෙයි කියලා වෙනසක් නැහැ. සුන්දර ජීවිතයක් ගෙවන්න පුලුවන්. රණ්ඩු සරුවල් එක්කම දුක, සතුට දෙකත් එක්ක ආදරය, සෙනෙහස, බලාපොරොත්තු , වගකීම් මේ හැම දෙයක්ම තියනවා විවාහය කියන දේ ඇතුලේ. අර කියපු කිසිම දෙයක් නැතිවුනාම නිකම් ඔහේ ගලායන ලඟක් වගේ නිකම්ම ගලා යනවා මෙලෝ රහක් නැතුව. ඒ දේවල් තමයි එලිය කරන්නේ, තරහ නිවුනම් අලුත් පෙම්වතුන් ජෝඩුවක් වගේ ආයෙත් ආදරේ අලුත් කරන්නේ ඒවයි.

    ReplyDelete
  9. බඳින වයස තීරණය කිරීම පුද්ගලික අයිතියක්. සමහර උන් ආසයි ඩිග්‍රියක් අරගෙන රස්සාවක් කරලා ගෙවල් දොරවල් හදලා විවාහ වෙන්න. සමහර උන් කැමතියි ඇටෙන් පොත්තෙන් එලියට එන කොටම කසාද බඳින්න. සමහර උන් බඳින කොට 40-50 වෙලා. සමහර උන් ඉස්කෝලෙන් අස් උන ගමන් බඳිනවා. කොහොම උනත් ගැහැණු අයට දරු ඵල ලබන්න සශ්‍රීක සමයක් තියෙනවනේ, ඒ කාලේ තමන් කැමති පිරිමියෙක් එක්ක විවාහ වෙන එක තමයි හොඳම දේ. නැත්නම් ඉතින්. ගයිනෝ ඉස්පැසලිස්ලටයි, කපු මහත්තුරුන්ටයි තමයි හොඳ...

    ReplyDelete
  10. අපේ ගෙදර උදවියට නම් 29 කියන්නෙත් පරක්කුයි වගේ ;) ආර්ථිකේ එච්චරම හරි නැති හින්දා බේරිලා ඉන්නෙ...

    මේකට කෙලින්ම සම්බන්ද නැතත් මට තියෙන ප්‍රශ්නෙ දාන්නම්.. උත්තරයක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො... කසාදයක් බඳින්නෙ ඇයි?...

    ReplyDelete
    Replies
    1. මට උත්තරේ මෙතන දෙන්න පුළුවන්.. ඒ උනාට ඒක මෙතනට ගැලපෙන්නේ නෑ.. වටින් කිව්වොත් ආතල් එකකුත් නෑ...

      Delete
    2. එහෙමද? කොහොම හරි උත්තරේ දැනගන්න සලස්වපන්කො.. මෙතන නැති වුනාට කමක් නෑ,. :)

      Delete
    3. මාතලං කිව්වොත් වරදින්නෙත් නෑ.. හැක්

      Delete
  11. විසි නාමයත් වයසක්ද? (පොලවේ හැපී හැපී අඬමින් ගැසූ කොමෙන්ටුවකි)

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete