Sunday, May 26, 2013

ගිණි තියාගත් හිමිනම සහ හෘද සාක්ෂිය


ගව ඝාතනය මුල් කරගත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන හිමිනමක් ගිණි තබාගෙන අපවත් වී ඇත.

උන්වහන්සේගේ ක්‍රියාව පිළිබඳ අංශු මාත්‍රයකදු එකඟතාවක් මා තුළ නොමැත්තේ වුවද, එම පුවත මා කම්පනයකට පත්කළේ මන්ද...?

මා ශෝකයට පත්වූයේ මේ රටේ ඉතාම අතලොස්සක් වූ, සිය හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන මනුෂ්‍යයෙකු නිකරුනේ අකාලයේ මිය යෑම නිසා මිස අන් කිසිදු හේතුවක් නිසා නොවේ.

මා මෙසේ කියනා විට "මේ වගේ මෝඩයෙක් මැරිල ගිය එකමයි හොඳ...!" යයි කියන නරුමයන් සිටින බව හොඳාකාරවම දනිමි. මින් සාතිශය බහුතරය, උග්‍ර මානව හිතවාදීන් යයි කියා ගන්නා සමාජවාදීන් ය.

වටිනා මනුෂ්‍ය ජීවිතයක් විනාශ කර ගනිමින් අවධානය යොමු කර ගැනීමට තරම් ගව ඝාතනය දැවෙන ජාතික ප්‍රශ්නයක් නොවන බව සහතික ඇත්තය. ඊට වඩා ඵලදායී, බලපෑම් සහගත බුද්ධිමත් ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන්නට උන්වහන්සේට ඕනෑ තරම් අවස්ථා තිබුණි. කටුක යථාර්ථය එයයි. ඒ අනුව බලන කල එම ක්‍රියාව අමනෝඥ ක්‍රියාවක් බව පිළිගන්නට මා බිඳකුදු පසුබට වන්නේ නැත.

එහෙත් උන්වහන්සේ විසින් සිදුකළ ක්‍රියාව නොව, උන්වහන්සේ පිළිබඳව මා තුළ පෞද්ගලිකව ප්‍රසාදයක් ඇත. එකට එකම හේතුව, හරි හෝ වැරදි වේවා, සිය හදවතට එකඟව යමක් කරන්නට තරම් ධෛර්‍ය්ක් උපදවාගන්නට සමත් වන්නන් මේ යුගයේ අතිශයින්ම දුර්ලභ වීමය. මේ ආත්මාර්ථකාමී ප්‍රවාහයේදී, අන් අයෙකුට මොන කරදරය සිය දෑස් ඉදිරිපිට සිදුවුවත් නොදැක්කා සේ සිටින ප්‍රවණතාව තුළ එසේ කිසීම උඩුගම්බලා පීනීමකි. හිමිනම නිකරුණේ හෝ සිය දිවි පුදන්නේ එවැනි සන්දර්භයක් තුළ වීම මා දකින සුවිශේෂීයත්වයයි. හරයක් ඇතුව හෝ නැතුව වේවා, ආත්මාර්ථකාමියෙකු නොවී සිය හදවටක එකඟව ක්‍රියා කිරීම, ආත්මාර්ථකාමී කාළකණ්ණියෙකු වීමට වඩා දහස් වාරයක් උතුම්ය. 

එසේ කරන්නන් කෙරෙහි මා තුළ නිතැතින්ම ලැදියාවක් ඇතිවීම නොවැලැවැක්විය හැකිය.

10 comments:

  1. අකුරක් නෑරම එකඟයි...........

    සම්පූර්නෙන් එකඟයි.............

    මේ ගැන මගේ අදහස


    මා තවත් තැනක වූ කතා බහක්

    ReplyDelete
  2. හදවතට එකඟව, ධෛරියෙන් වුනත් තමන්ගේ ඇඟට ගිනි තියාගත්තම හරිද අප්පා....තමන්ගේ ජීවිතය නැති කරන එකත් මිනී මරනවා හා සමානයිනෙ..අනික මැරිලා කොහොමද ප්‍රශ්න වලට උත්තර හොයන්නේ.. ජීවත් වෙලා විසඳුම් හොයන එක නෙමෙයිද ධෛරිය කියන්නේ ! මට නම් විහිළුවක් වගේ

    ReplyDelete
  3. බොහෝ දුරට එකඟයි

    ReplyDelete
  4. Ekangayi..
    Diwi nahagena prashna walata uththara hoyala hariyanne na. Hoyannath ba..

    ReplyDelete
  5. අද හැම තැනම මේ ගැන කතිකා... ඒ කතිකා හැම තැනකම සහන් නියම අදහස් කියලා තියනවා.

    ReplyDelete
  6. දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙනත් ඒක නැති කරගත්ත එක ගැන කණගාටුයි. මම නම් හොඳ වැඩේ කියන්නෙ නෑ. ඒත් ඵලක් නැති වැඩක්. නාටකීය ස්වරූපයේ මෙවැනි වැඩ වල කිසිදු ගත යුත්තක් නෑ. මිනිස්සු තළු මර මර රස විඳිනවා. කලබල වෙනවා. ආයිම ටික කාලයක් යනකොට දියාරු වෙලා ගිහින් අමතක වෙනවා.
    අනිත් එක ඇත්තටම මේක නාටකීය වැඩක් කියලා හිතෙන්නෙ නැද්ද සංවේදී? මේ හාමුදුරුවො ගිනි තියාගන්නකල්ම වටේ කැමරා අටෝගෙන ඉන්න එකට අමතරව ගිනි තියාගත්ත ගමන් හාමුදුරුවො වටේ කට්ටිය ගිනි නිවන දේවල් අරන් එකතු වෙන එක සහ ගිනි ඇවිළුණු හාමුදුරුවො ගින්න නිවාගන්න එහෙ මෙහෙ දුවන එක.
    ඇයි මට හිතෙන්නෙ හාමුදුරුවන්ව මේ සඳහා දිරිමත් කරන්න වටේ කට්ටියක් හිටි බව හා හාමුදුරුවො එයාලගෙ ලණුවක් කා ඇති බව?
    https://www.youtube.com/watch?v=MEUpTlAZ5FQ

    ReplyDelete
  7. කොහෙත්ම එකඟ නැ. පණ්ඩිතයෝ ඇවිදින්නත් බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවලු.

    මම ගාථාව ලියන්නේ නැ නමුත්
    සරු දේ නිසරු දේ ලෙසත් නිසරු දේ සරු දේ ලෙසත් තේරුම් ගන්නා නිසරුදේම ලබයි

    ReplyDelete
  8. ඒ කතාව ඇත්ත.

    හරි හෝ වැරදි වේවා තමන්ගෙ හිතට එකඟව වැඩ කර තියෙනව

    ReplyDelete
  9. මමත් එකඟ යි. තමන්ගේ හිතට එකඟ ව වැඩ කරන එක හොඳ දෙයක්. ඒත් කළ දේ හොඳ ද නරක ද කියලා නැවත වරක් සිතා බලන්න තිබුණා.

    ReplyDelete
  10. ගව ඝාතනය ගැන මගේ අදහස http://www.layan.info/2014/01/blog-post.html

    ReplyDelete