Saturday, November 30, 2013

ඛේදවාචකය

මේ දැවී අළුවී ගියේ දැව, ප්ලාස්ටික්, යකඩ වලින් නිමැවූ තවත් එක්තරා උපකරණ එකතුවක් නොවේ... මේ රටේ වටිනාම මිනිසුන් දෙදහසකගේ වටිනාම ජීවිත කාලයෙන් වසර කිහිපයකි....

එය හුදෙක් භෞතික හානියකට ලඝු කරන අයට නරුමයන් යයි පරිභව කරන්නට නොපැකිළෙමි....

ඒ වදන් කිහිපය, සිදුවූ ඛේදවාචකය විස්තර කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දනිමි. මන්ද, මා මෙය නම් කරන්නේ මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුම ඛේදවාචකය ලෙසට බැවිනි. 

උක්ත ප්‍රකාශය ('මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුම ඛේදවාචකය') අතිශයෝක්තියක් වන මාධ්‍යවේදීන් යයි කියාගත් සමූහයක්ද, බහුතරයක් අසංවේදී මිනිසුන්ද සිටින බවද ඉඳුරාම දනිමි. අරුමයක් නැත. අපමණ වෙහෙස දරා, දහසකුත් එකක් කැපකිරීම් කර, දහඩිය, කඳුල, සුසුම මතින් වැඩවූ දරුවකු අහිමි වීමේ වේදනාව ඇත්තේ පියෙකුට මිසක් අන් කිසිවෙකුට නොවන බැවිනි. එය දරාගත නොහෙන ශෝකයකි. කම්පනයකි. 

පියෙකුගේ කඳුළු ලෝයට නොපෙනෙතත් තමන් දහඩිය, කඳුළ, සුසුම මතින් ගොඩනැගූ ලෝකය අසුරු සැනින් දැවී අළුවී යනු දරාගත හැක්කේ කුමන පියෙකුටද? හඩා වැලපෙන හදවතින් සහ කඳුලෙන් සටහන් කර තබමි....









6 comments:

  1. අපේ යාලුවෝ වගයකුත් හිටියා ඔතැන. ලැප් එක විතරක් අතට අරන් දුවලා. හිතා ගන්න බැරි උණා ලු මොකද උණේ කියලා

    ReplyDelete
  2. ඔබගේ ෆේස්බුක් සටහනත් එක්කම මෙයත් කිය වුව නිසා ඔබට දැනෙන හැඟීම තේරුම් ගත හැකියි.
    දැන් මොන විදිහකින්වත් ඔය නිශපාදන ආපහු හදාගන්න බැරි වෙනවද?
    ඒක නම් බොහෝම කනගාටුදායකයි. මොකද අපේ රටේ නව නිශ්වාදනයක් කියලා එකක් කාගේ හරි පොලිටික්කෙගෙන් නැතිව එලියට නො එන කාලේ මේ වගේ අහිංසක සිසුවන්ගේ නිර්මාන හා කැපවීමේ ප්‍රතිපල ටික දකින්න නොලැබී යාමනම්.

    ReplyDelete
  3. හදවතින්ම කනගාටුයි සුනෙත් මේ සිද්ධිය ගැන.

    ReplyDelete
  4. තමුන් දුක් මහන්සියෙන් නිර්මාණය කරන දේ කිසිම සටහනක් නැතුව විනාශ වෙන එක කොච්චර අපරාධයක් ද? ඇත්තටම දුකයි

    ReplyDelete
  5. දුක් මහන්සියෙන් නිර්මාණය කරපු දේවල් මෙහෙම නැති වුනාම ඒ අයට කොහොම ඒක දැනෙනවා ඇත්ද..

    ReplyDelete
  6. මේ තරඟ වටිනා නිර්මාණ ටික තියන්න ඔය plastic කුඩාරම ඇරෙන්න වෙන තැනක් බලධාරීන් තිබුනේ නැද්ද ?

    ReplyDelete