Saturday, January 4, 2014

ඉන්ටර්නල්ද? එක්ටර්නල්ද?

මේ සටහන තබන්නට හේතුවූයේ මෙන්න මේ අදහස් දැක්වීම යි.

සරලවම එහි කියන්නට යත්න දරන්නේ, බාහිර උපාධිධාරියාට වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් 'සම තැන දීම' අසාධාරණ බවයි. කරුණාකර සටහන අවසන් වන තුරු මගේ ආකල්පය ගැන අවසන් තීරණයකට එන්න එපා.

රජයේ විශ්වවිද්‍යාලයක පූර්ණකාලීනව උපාධියක් හදාරණ කෙනෙක්ගේ ජීවන අත්දැකීම් වෙනස්. මොකද විශ්වවිද්‍යාලයක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය විශ්ව-විද්‍යාලයක් (Univers-ity) වන නිසා. එයින් ලැබෙන්නේ අද්විතීය විශ්වීය (Universal) දැනුමක්. පොත පතේ දැනුම පමණක් නොවෙයි. 

ගෙදරදී තමන්ගෙ රෙද්දක් හෝදගන්න බැරි, තේ එකක්වත් හදාගන්න බැරි හාමුලා, කුමාරිහාමිලා කැම්පස් ඇවිත් අගේට තමන්ගේ වැඩ කරගන්නවා. අවුරුද්දකින් දෙකකින් අගේට උයන්නත් ඉගෙන ගන්නවා. ගෙදරදි බැරිවෙලාවත් ආයුධයක් අල්ලන්නෙ නැති, කැත්ත උදැල්ල අල්ලන්න දන්නේවත් නැති උන් අගේට මළ ගෙවල්වල කාණු කපනවා. වත්තෙ හතර මායිම නොදන්න උන් ලංකාවෙන් තුනෙන් දෙපංගුවක් කවර් කරනවා. කුණුහරුපයක් ඇහුණොත් ලැජ්ජාවෙන් මූණ රතුවෙන උන් අපූරුවට කුණුහරුප කියනවා. කෙල්ලෙකුටනම් ඇඹරෙන්නේ නැතුව අහගෙන, දරාගෙන ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. (මේ හැමදේම ජීවිතේට වැදගත්.)

කැම්පස් එකක් කියන්නේ සමාජයේ සෑම ජනකොටසකම නියෝජනයක්. සෑම ජාතිකයකම, සෑම ආගමකම අය එතන ඉන්නවා. විවිධ සංස්කෘති එහිදී මිශ්‍ර වනවා. ඒ විතරක් නොවෙයි, විවිධ මත, ආකල්ප දරන පුද්ගලයින් හා ගැටෙන්න වෙනවා. විවිධ සමාජ වලින් පැමිණි අය (ධීවර ආදී.), විවිධ තරාතිරම් වල අය, විවිධ දේශපාලන මත දරන අය, කුලභේද සලකන අය, උඩරට-පහතරට භේද සලකන අය, විවිධ දුර්ගුණ, විකෘති ඇබ්බැහි වලට යොමු වුණු අය ආදී වශයෙන් සංකීර්ණ සංකලනයක්. ඒ හැම ජාතියේම අය එක්ක එක නේවාසිකාගාරයේ, එක කාමරයේ ඉන්න සිදුවනවා. (උදාහරණයක් විදියට සරසවි ශිෂ්‍යයන් අතරේ ඉන්නවා ගංජා පානය කරන අය, මම හොඳට දන්නවා. අපේ හොස්ටල් එකේ හිටියා හෙළුවෙන් ඇවිදින එකෙක්.)

සාමාන්‍ය පවුලක කෙනෙක් වන මම, කෝටිපති ව්‍යාපාරිකයින්ගේ දෝණියැන්දලා එක්කත්, මහපොළ 2,500න් තමනුත් ජීවත් වෙලා ඉතුරු කරලා ගෙදරටත් යැවූ අන්ත දුගී අසරණ 'තෙලා' එක්කත් එකම පොල් රොටිය බෙදාගෙන කාලා තියෙනවා. 
කැම්පස් එනකොට සිංහල වචනයක් වත් නොදන්න (පස්සේ අපිටත් වඩා දක්ෂ විදියට සිංහල කුණුහරුප කියපු.) දමිළ 'කැනා' (ඔය පහළ පිතූරෙ දැකුම්-කළුවට ඉන්නෙ කැනෝජන් හෙවත් ආරණීය 'කැනා'. උගේ ගැන වෙනම සටහනක් නෙමෙයි පොතක් ලියන්න පුළුවන්. හරිම ආතල් ඩයල් එක.) ප්‍රධාන චරිතය රඟපාපු සහ ෆයිරූස්, ෂිෆාන් සහ රිෆ්කි මුස්ලිම් මිතුරන් වෙතින් සහාය නළුවන් විදියට උපරිම සහයෝගය ලබපු වේදිකා නාට්‍ය 3ක් සාර්ථකව වේදිකාගත කරලා තියෙනවා. 



කැම්පස් ජීවිතේ උපරිමෙන් විඳපු කෙනෙකුට, ඒ කියන්නෙ විවිධ සංස්කෘතින් එක්ක මිශ්‍ර වෙච්ච කෙනෙකුට කවදාවත් පට්ට ජාතිවාදියෙක් වෙන්න බෑ. කැනාල හිතන්නෙ, පතන්නෙ, අපිව දකින්නෙ කොහොමද කියන එක තේරෙන්නෙ උන් එක්ක එකට කාපු, පිස්සු කෙළපු උන්ට විතරයි. උන් අපි ගැනත්, අපි උන් ගැනත් හිතන හැටි වෙනස් කරන්නෙ නැතුව කවදාවත් මේ රටේ ජාතික ලෙඩේ - ජාතිවාදය නිට්ටාවටම සුව කරන්න බෑ. මෙන්න මේ අතිනුත් (හරියට) කැම්පස් ගියපු එකෙක් සාමාන්‍ය එකෙකුට වැඩිය පරිණත වෙනව. 

සංවිධානය කරපු දන්සැල්, අවුරුදු උත්සව, වෙසක් උත්සව, රාමසාන්, දීපවාලි ආදී උත්සව සංබ්‍යාව මෙච්චරයි කියා කියන්න බෑ. ගියපු විනෝද චාරිකා ගණනත් ඉලක්කම් දුසිම් කිහිපයකට අඩු නෑ. කොටින්ම මගේ ඡායාරූප එකතුවෙන් 90% කටත් වඩා තියෙන්නෙ ඒ සදා අමතක නොවෙන මිහිරි මතක.

මිනිසුන් එකිනෙකා තේරුම් ගන්නවා. අන්‍යෝන්‍ය සහයෝගය, නායකත්වය, සංවිධානය, වගකීම් ඉසිලීම, මිනිස්සුන්ගේ අමාරුකම් තේරුම් ගැනීම, වැරදි වලට සමාව දෙන්නට ඉගෙන ගන්නවා.

කණ්ඩායමක් විදියට වැඩ කරන්නේ කොහොමද (කණ්ඩායම් ව්‍යාපෘති වලදි.), ඒ වගේ වෙලාවක එකෙක් වැටුණොත් (ලව් සීන් එකක් නිසා/ආර්ථික හෝ වෙනත් නොසිතූ විරූ මානසික/සාමාජයීය ආදී සංවේදී ගැටළුවක් නිසා) කොහොමද ඌව ගොඩ දාන්නෙ කියලා ඉගෙන ගන්නවා. 
කැම්පස් උප සංස්කෘතියෙ(sub-culture) තියෙනවා 'කුප්පිය දානවා' කියල එකක්. මේකෙදි කරන්නෙ දේශනවලදි ගොඩක් අයට නොතේරෙන කරුණු, තේරුණු කෙනෙක් සරලව කියා දෙන එක. පුදුමය කියන්නෙ මහාචාර්යවරු මාස ගණන් කියලත් තේරෙන්නෙ නැති ඒව කුප්පියෙදි විනාඩි ගණනෙන් තේරෙන එක. (ඒක භාෂාමය සහ ආකල්පමය හේතු මත සැබෑ වන ආශ්චර්යයක්. ආකල්පමය කිව්වෙ සමහරු මහාචාර්යවරු කියන දේවල් තේරෙන්නෙම නෑ කියල පූර්ව-ආකල්පෙක ඉන්න නිසා.) මේ අත්දැකීම් සාමාන්‍ය ජීවිතේට වගේම වෘත්තීය ජීවිතේටත් ඉතාම වැදගත්.

දුප්පත්-පොහොසත් සෑම දෙනෙක්ම ජීවිතය හරියටම අත්දැකීමෙන් විඳින්නේ මෙහිදි කිව්වොත් එය නිවැරදියි.  
මේ පහත තියෙන්නේ ඒවාට සාක්ෂි. මේ අඩවිය කියවලා වැඩිම දෙනෙක් සිනාසුනු මෙන්ම අඬපු අනුවේදනීය සත්‍ය සටහන්. 

සරසවි ජීවිතයේ රසවත් සිදුවීම්.


සරසවියේදී හමුවූ අපූරුම චරිත


වෙනස් අත්දැකීම්


බලන්න, මේ අඩවියේ සටහන් වලින් වැඩිම ප්‍රමාණයක් සහ ජනප්‍රිය සහ වැඩිම ප්‍රතිචාර (කමෙන්ට්ස්) ලැබූ සටහන් සියල්ලම පාහේ සරසවි ජීවිතයට සම්බන්ධ ඒවා. ඒ කියන්නේ ජීවිතේ හොඳම අත්දැකීම් වලින් අති බහුතරය ලබා තිබෙන්නේ සරසවි භූමිය තුළදී. සරසවි ජීවිතයේ වසරක්, සාමාන්‍ය ජීවිතයේ වසර 5කට මා සමාන කරන්නේ ඒ නිසයි.

නමුත්, සමාජ අත්දැකීම් අතින් අභ්‍යන්තර උපාධිධාරියෙක් බාහිර උපාධිධාරියෙකුට වඩා අනිවාර්යයෙන්ම ඉදිරියෙන් සිටියත් විෂය දැනුමෙන් බාහිර උපාධිධාරියෙක් එවැන්නෙකුට දෙවැනි වන්නේ නෑ. 

මා මේ කරුණ කියන්නේ දීර්ඝ කාලීන අත්දැකීම් වලින්. ඔය දෙපිරිසම සමඟ මා විවිධ අවස්ථාවල ගණුදෙනු කර තිබෙනවා. ඇතැම්විට බාහිර උපාධිධාරීන් සිටින්නේ පූර්ණ කාලීනව සරසවි වල ඉගෙන ගත් අයට පවා ඉදිරියෙන්. 

බාහිර උපාධිධාරියෙක් සිය උපාධිය සම්පූර්ණ කරන්නේ දහසකුත් එකක් අභියෝග, දුක් කම්කටොළු මැද. අභ්‍යන්තර වුවත්, බාහිර වුවත් උපාධියක් සම්පූර්ණ කිරීම පහසු කටයුත්තක් නොවෙයි.

මෙන්න මේ නිසා, රැකියාවක් ප්‍රදානය කිරීමේදී බාහිර උපාධිධාරියාට සම අයිතිය දෙන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ. සරසවි යන්නට ලකුණු කිහිපයක් මදිවූ පළියට ඔවුන් හෙළා දැකිය යුතු නැහැ. ඔවුනුත් අපේම සොයුරන්, සොයුරියන්.

39 comments:

  1. කතාවේ ප්මාතෘකාව ගැන මගේම අදහසක් කියලා එකක් මට නෑ. ඒත් කතාව පුරාම තියන සරසවි උප සංස්කෘතිය ටික නම් ඇත්තම ඇත්තයි. ඒක ගැන ආයේ කතා කරලා වැඩක් නෑ

    ReplyDelete
  2. කියන්න දේවල් ගොඩක් තියනවා.....
    ඔබේ කතාවට එකඟයි. වැඩි සමාජ දැනුමක්, තේරුම් ගැනීමේ හැකියාවක් සහ උගත්කමක් තියනවා යයි කියාගන්නා අභ්‍යන්තර උපාධිධාරීන් බාහිර උපාධිය ලැබූ අයට තැනක් ලබා දීමේදී මේ තරම් අන්තගාමී දැයි විශ්මයට පත් වුනා. (මම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අභ්‍යන්තර උපාධි අපේක්ෂිකාවක්, හීනමානයෙන් නොවෙයි කොමෙන්ට් කරන්නේ)
    බොහෝ විට බාහිර උපාධි ධාරීන් ඔවුන්ගේ අද්‍යාපන කටයුතු කරගන්නේ රැකියාවක් කරන අතරතුර. ලෙක්චර්ස් නැතුව, සති අන්ත පන්ති මගින්. ඒ වගේම ඔවුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා වෙන්නේ අභන්තර උපාධිධාරීන් ගේ උත්තර පත්‍ර සමග සංසන්දනය වෙමින්. ඇත්තටම ඔවුන් එන්නේ රෝස මල් මාවතක නොවෙයි. ඔවුන්ගේ දැනුම අවතක්සේරු කරන්න අපට අයිතියක් නැහැ. කැම්පස් ගිහින් බීලා පිස්සු නටන අය ගරු කල යුතුයි ඇතැම් බාහිර උපාධිධාරීන් සිදු කරන දිරිමත් කැපකිරීම් වලට.
    රකියාවකදී වැදගත් වෙන්නේ එය හොඳින් සිදු කිරීමට ඇති හැකියාව. ලංකාවේ නම්, රජයේ රැකියාවක් නම්, අල්ලස් නොගැනීම සහ කම්මැලි නැති වීම වැනි දේ විශේෂයි. මොන තරම් උගතෙක් උනත්, ඔහු සමාජයේ ජීවත් වීමට දන්නේ නැත්නම්, ඒ උගත් කමෙන් වැඩක් නැහැ මම හිතන හැටියට.

    ReplyDelete
  3. මේක කියෙවම ගෙදර ඉදන් ගිය මන් ගැන දුක හිතුන.කොහොමත් හොස්ටෙල් කටන්දරය්ක් තිබෙත් නෑ.ගිය අවරුදු 4 ටම ට්‍රිප් ගියේ 4 ද කොහෙද අපේ තාත්තට පින් සිද්ද වෙන්න .

    ReplyDelete
  4. හැබැයි සංවේදී ගොයි‍යෝ.බාහිර බුවේක් ලියුවෝත් ඌ ලියයි,ලකුණක් දෙකක් වැඩිවේලා ඇතුළට ගිය උන් වාගේ නෙමේයි,අපි නම් සමාජේත් එක්ක ගැටෙන ගමන් ඒ සමාජේ ජීවත් වේලා,ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරලා ඒ රස්සාවෙන් අම්මා තාත්තවත් බලාගෙන උපාධිය ගොඩ දා ගත්ත අපි,මහපොළෙන් ,ගෙවල් වලින් යැපෙන පරපුටූවන්ට වැඩිය දාහක් හොඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. එකඟයි මේ කතාවට, කැම්පස් ගිහින් රජයේ සහ දෙමව්පියන් ගේ සල්ලි වලින් බීලා පිස්සු කෙළලා වලි දාගෙන ආතල් අරන් එලියට එන එකෙකුට වඩා රස්සාවක් කරන ගමන් දෙමව්පියන් සමහරවිට මල්ලිල නන්ගිලටත් සලකමින් උපාධිය අරන් එලියට එන එකාට ඔෆිස් එකක් ඇතුලෙ වැඩ ටික හරියට කරගෙන ඉන්න පුලුවන්. අභ්‍යන්තර කියල මහ ඔලුවෙන් ඉන්න එවුන් පොඩ්ඩ ඇත්තම් සටන් පාඨ කියගෙන කට අරින්නෙ. උන් හිතන්නේ උන්ගෙ කට වල් වලට රජය බය උනා වගේ හැමෝම බය වෙයි කියලා. (sorry about the aggressive language. some of your points made me pissed off.)

      Delete
  5. //ගෙදරදි බැරිවෙලාවත් ආයුධයක් අල්ලන්නෙ නැති,// ආවුද නේද?

    ඇත්තටම සරසවිය හා යන්තමින් බැඳුන කෙනෙකුට ජාතිවාදියෙක් වෙන්න බැහැ කියන එක සහතික ඇත්තක්.

    උබ බාහිරේටත් ලකුනු දාල ලිව්වට.. බාහිරේ උන් කවදාවත් අභයන්තර උන්ට ලකුනු දායිද?

    ReplyDelete
    Replies
    1. උඹ අන්තිමට අහපු එකට උත්තරේ උඩ කමෙන්ට් එකේ තියෙනව...
      ඒ කමෙන්ටු දැක්කම හිතෙනව සමාජ දැනුමෙන් විතරක් නොවෙයි ආකල්පමය අතිනුත් සමහර බාහිරයෝ පහළින් (=කුහක කම/හීනමානය අතින් නම් ඉදිරියෙන්) කියල...

      Delete
    2. හැමෝම නොවෙයි, සමහරු!සමහරු!!

      Delete
    3. අනේ බොහෝම ස්තුතියී සංවේදී උන්නැහේ මාගේ
      කුහකකමයි හීනමානයි පෙන්නලා දුන්නාට. සංවේදී උන්නැගේ කොමේට්ටුව කියෙව්වාම ඇතුලේ හිටපු තමුන්නැහෙගේයි ,බාහිරයෙක් කියලා තමුන්නැහේ හිතන මාගේයි දැනුමේ පරතරේ මට සක් සුදක් වාගේ පැහැදිලි වුණා.තමුන්නැහෙට මාර සමාජ දනුමක් නොවැ තියෙන්නේ,,එක කොමේ‍ට් එකෙන් කොච්චර දේවල් දකිනවාද? අර මාගේ බාහිර උපාධි අහවල් එක අම්මපා වැඩක් නෑනේ.

      Delete
    4. කුහක කම/හීනමානය අතින් ඉදිරියෙන් ඉන්න අභයන්තරයනුත් කොච්චරනම් ඉන්නවද ..... ඕකට කියන්නේ බන් ජන්මේ ගති නැරේ කියලනේ

      Delete
    5. //.තමුන්නැහෙට මාර සමාජ දනුමක් නොවැ තියෙන්නේ,,එක කොමේ‍ට් එකෙන් කොච්චර දේවල් දකිනවාද?// ඇත්ත. එක කමෙන්ටුවෙන් නොවෙයි එහි එක වචනයෙන් වුනත් ඒක පැහැදිලිව පේනවා. මෙන්න ඒ වචනය. ///පරපුට්ටෝ/
      ඇත්ත කතාකරන්න මහත්තයෝ, බැරිවෙලාවත් ඔබතුමා කැම්පස් ගියානම්, මහපොළ නොගෙන ඉන්නවද? එහෙනම් ඔබතුමාට කවුරුහරි ඔය වචනේ දාල අපහාස කරනවට ඔබතුමා කැමතිද?
      තමන්ට ලැබුණෙ නැති වරප්‍රසාදයක් ලැබුණ වාසනාවන්තයන්ට/උත්සාහවන්තයින්ට අවමන් කරන්න අයට කියන්න සුදුසුම වචනය කුහකයා නැත්නම් වෙන මොකද්ද?

      Delete
    6. //කුහක කම/හීනමානය අතින් ඉදිරියෙන් ඉන්න අභයන්තරයනුත් කොච්චරනම් ඉන්නවද ..... ඕකට කියන්නේ බන් ජන්මේ ගති නැරේ කියලනේ//
      ඇත්ත. ඉන්නවා තමයි. ඒකට කැම්පස් යාම/නොයාම අදාල වෙන්නේ නෑ. එය ඔබ කියනවා වගේ පුද්ගලයානුබද්ධ ආකල්පයක්. සමස්ථ ප්‍රජාවම ඒ නිසා අවමන් විඳිය යුතු නෑ.

      Delete
    7. මට මේ වේලාවට තමයි මං කොටපු යුනිකොඩ් ටික ගැන දුක හිතේන්නේ.....
      බොහෝම ප්‍රසිද්ධ zen උපමා කතාවක් තියෙනවා පිරිච්ච තේ කොප්පයකට,අළුතේන් තේ පුරවන්න බෑ කියලා. ඒත් කමක් නෑ මම මේ ටිකත් කියනම්කෝ සංවේදී තව ටිකක් මිනිස්සුන්ව බොක්කෙන් ආශ්‍රයේ කරන්න.රටේ තොටේ ඇවිදින්න.පුළුවන්නම් පිටරට විශ්ව විද්‍යාලයකට යන්න.හැබැයි යද්දී සංවේදීගේ මහා ලොකු සමාජ දැනුම ලංකාවේ තියලා හිස් මිනිහෙක් වාගේ ‍යන්න.

      Delete
    8. හරි හරි. ඔබතුමාගේ සමාජ දැනුමත් එක්ක බලනකොට මගේ සමාජ දැනුම මොකද්ද කියලා කෙලින්ම කිව්වනම් ඉවරයිනේ. ඇත්ත වෙන්න ඇති. ඔබතුමා ලංකාවේ බුවාල විතරක් නෙමේ ජපන් බුවාලත් ආශ්‍රය කරනවානේ. :D

      Delete
  6. හ්ම්ම්..ඇත්ත....ඒත් කොහොම උපාධිය ගත්තත් රැකියා පෝලිමේදී ඔය උපාධි වර්ග දෙකේම අය සටන් කරන්නෙත් එකට.......එහෙම බැලුවම අවසානෙදි ඉතිරි වෙන්නේ උගතුන් පමණයි.......

    ReplyDelete
  7. මම නම් තාම විශ්ව විද්‍යාල ජීවිතේ විඳලා නෑ. ඉස්සරහට අසාවෙන් ඉන්නේ ඒකට. දන්නෙ නැති හින්දා අහන්නේ ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලත් මේ වගේමද?
    මගේ අදහසත් බාහිරි/අභ්‍යන්තර/රාජ්‍ය/පුද්ගලික සරසවි භේදයකින් තොරව දක්ෂයට සුදුසු තැන හිමි විය යුතුයි.

    ReplyDelete
  8. සුදුසුකම් ලබන සැමට සරසවි ලැබෙනව නං මේ ප්‍රශ්නයෙන් වැඩි හරියක් විසඳෙනවා නේද.

    ReplyDelete
    Replies
    1. මගේ නම් පෞද්ගලිකව කිසිම අකමැත්තක් නෑ.

      Delete
  9. දැන් ඔන්න පැක්ටරියක් පටන් ගන්නව කොළඹ ඕකට ලංකාවෙ හතරදිග් බාගෙන් සෙනග ගෙන්න ගන්නවා පත්තරෙ ඇඩ් දාලා...
    එතකොටත් හතර වටේ මිනිස්සු එකට එකතු වෙනවා නේද?
    එතනදි දන්න දේවල් නොදන්න දේවල් හුවමාරු වෙනවා..අලුත් අත්දැකීම් ලැබෙනවා...උයන්න දන්නෙ නැති අය ඉගෙනගන්නවා..මල ගෙවල් වල යනවා.. ඔක්කොම එකයි..

    මම හිතන්නෙ කොළඹ තියෙන ගාමන්ට් ෆෑක්ටරි එකක ඇතිවන උප සංස්කෘතියයි සරසවියක ඇතිවෙන උපසංස්කෘතියයි ලොකු වෙනසක් නැහැ..

    ReplyDelete
    Replies
    1. කැම්පස් ගිය උන් අමුතු සත්තු නොවෙයි. නමුත් උන් දිහා එහෙම බලන්න සමාජයේ, කැම්පස් නොගිය අය පුරුදු වෙලා ඉන්නවා.
      මතුපිටින් බැලුවම ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත. සමාජ අවබෝධය ලබන්න කැම්පස් යන්නම ඕන නෑ. ඇත්ත. සරසවිය කියන්නෙ එවැනි සමාජ අවබෝධය ලබන දහසකුත් අවස්ථා අතුරින් එකක් පමණයි. ඇත්ත වශයෙන්ම කියනවනම් මේ අවබෝධය කැම්පස් ගියපු අයට වඩා හොඳින් ගත්තු අය ඉන්නව. මම එතනදි ඔබට එකඟයි.
      (මම කිව්වෙ නෑනෙ එහෙම කෙනෙක් වෙන්න අනිවාර්යයෙන් කැම්පස් යන්න ඕන කියල. මම කියන්නෙ සාපේක්ෂව - බාහිර උපාධිධාරීන්ට සාපේක්ෂව.)
      නමුත් ෆැක්ටරියක හෝ ගාමන්ට් එකක උපසංස්කෘතිය සරසවි උපසංස්කෘතියට සමාන කිරීම සාර්ථක නෑ. හේතුව සරසවියක මූලික අරමුණ සීමිත කාලයක් තුළ විශාල ශ්‍රාස්ත්‍රීය දැනුමක් විධිමත් ලෙස ලබාගැනීම. සහ පර්යේෂණ මගින් නව දැනුම උත්පාදනය. ඒ කියන්නේ මෙහිදී පුද්ගලයින්ගේ බුද්ධිමය සංවර්ධනයක් සිදුවනවා. මෙයයි ඔබ සංසන්දනය කරන අන් තැන්වලින් නොලැබෙන දේ. මෙය තනි වචන යුගලකට ගොනු කළ හැකියි. විධිමත් - නොවිධිමත් ලෙස.

      Delete
    2. එතකොට , වෙන රටවල සේරම කැම්පස් ලමයි රස්සාවල් කර කර ඉගෙන ගන්නේ.
      //හේතුව සරසවියක මූලික අරමුණ සීමිත කාලයක් තුළ විශාල ශ්‍රාස්ත්‍රීය දැනුමක් විධිමත් ලෙස ලබාගැනීම. සහ පර්යේෂණ මගින් නව දැනුම උත්පාදනය. ඒ කියන්නේ මෙහිදී පුද්ගලයින්ගේ බුද්ධිමය සංවර්ධනයක් සිදුවනවා. //

      මෙහෙම කරලත් ඇයි අය්යේ අපේ කැම්පස් 1682 න් උඩට ගිහින් නැත්තේ.

      http://www.mohe.gov.lk/index.php/en/component/university/?view=rank

      Delete
  10. ඔබ ඉතාමත් නිවරැදියි.. අභියෝගය අවස්ථා දෙකෙහිදීම ඒ අයුරින්ම තියෙන නිසා සමතැන් කෙසේ වෙතත් රිසි දෙයක් සේ සැලකීම වටිනවා

    ReplyDelete
    Replies
    1. සම / රිසි කෙසේ වෙතත් ‘නිසි‘ තැන ලැබෙනවනම් හොදයි.

      Delete
  11. කැම්පස් ගිහින් රජයේ සහ දෙමව්පියන් ගේ සල්ලි වලින් බීලා පිස්සු කෙළලා වලි දාගෙන ආතල් අරන් එලියට එන එකෙකුට වඩා රස්සාවක් කරන ගමන් දෙමව්පියන් සමහරවිට මල්ලිල නන්ගිලටත් සලකමින් උපාධිය අරන් එලියට එන එකාට ඔෆිස් එකක් ඇතුලෙ වැඩ ටික හරියට කරගෙන ඉන්න පුලුවන්. අභ්‍යන්තර කියල මහ ඔලුවෙන් ඉන්න එවුන් පොඩ්ඩ ඇත්තම් සටන් පාඨ කියගෙන කට අරින්නෙ. උන් හිතන්නේ උන්ගෙ කට වල් වලට රජය බය උනා වගේ හැමෝම බය වෙයි කියලා. (sorry about the aggressive language. some of your points made me pissed off.)

    ReplyDelete
    Replies
    1. කතන්දර ෙම්කත් මාර කතන්දරයක්ෙන්.

      අපි කැම්පස් ගිය විදිහ අමතක කරන්ෙන් අැයි. කැම්පස් යන්ෙන් ලංකාෙව් උසස් ෙපළ කරන අයෙගන් කීෙයන් කීයද??? ඒච්චර අමාරුෙවන් ගිය අය ඒ් පැත්ත පළාෙත් යන්න බැරුව ෙගදර ඉදන් ටියුෂන් ගිහින් ෙගාඩදාන උපාධියකට සමාන කරන්ෙන් ෙකාෙහාම ද???

      අනික කැම්පස් ගිය මිනිසා සංෙව්දී ෙවන්න ඔ්ෙන් තැන සංෙව්දීයි ව ෙග්ම සමාජ අසාධාරණය හමුෙව් නිශ්ශබ්දත් නෑ. කාර්යාලයකට ගිහින් බලන්නෙකා් බාහිර ෙසට් ඒක ෙවනම අදුර ගන්න පුළුවන්. ෙදන ෙදයක් කාෙගන ෙවන ෙදයක් බලාෙගන ඉන්නවා. ඒ්ත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන්ෙන් අවුරුදු 04 ක් පහක් ජීවිෙත් ඒ් ෙවනුෙවන් කැප කරපු සමාජ ක්‍රියාකාරිෙයක්. ජපන් වාහනයකුයි ෙම්ඩ් ඉන් චයිනා ෙසල්ලම් කාර් ඒකකුයි සමාන කරන්න බෑෙන්. ෙපනුම ඒක වෙග් වුණාට අැතුෙල් ෙගාඩක් ෙද්වල් ෙවනස්. පදින්න ගත්තම තමයි ෙත්ෙරන්ෙන්. කරුෙමකට අෙප් ර ෙට් වාහන තියං ඉන්ෙන් පදින්න ෙනෙමයි ලස්සනට හින්දා ෙම්ක ෙත්ෙරන්නෑ.

      Delete
  12. මේ කතාවට එකඟයි! කොහොමත් උපාධිධාරියාට සමතැන් නෙවෙයි නිසිතැන තමයි දෙන්න ඕනේ. අභ්‍යන්තරයේ උනත් ඉන්නවා ඔය කිසිම දෙයක් කරන්නේ නැතිව පොතට විතරක් ඇලිලා ඉන්න අපතයෝ ටිකක්. උන් ඉතිං කොහේටවත් නෑ.

    ReplyDelete
  13. ඔබගේ උගත් බව මනාව පෙන්වන මෙ ලිපිය තුලින් කුහක මිනිස්සුන්ට ආදර්ශයක් දෙනවා ඔබ ඉගෙනීම තුලින් චර්යාමය වෙනසකට ලක්වූ නියම උගතෙක් ජයවේවා...

    ReplyDelete
  14. මේක කියනකොට මතක් උනේ මෙන්න මේ ලින්ක් එක.
    https://www.facebook.com/photo.php?fbid=572154549492795&set=a.462948003746784.96284.462935233748061&type=1&relevant_count=1

    මේක ජාතිවාදී කතාවක් නොවුනට මෙතන කට්ටිය හැසිරෙන්නෙත් මෙහෙමි.

    හැමෝම දන්නේ තමන්ගේ කතාව විතරි. එක නිසා තමන්ගේ කතාවෙන් අනිත් ය මනින්න යන්න එපා. එක තේරුමක් නැති වැඩක්.

    ReplyDelete
  15. මෙතන ගැටලුව වන්නේ ඔබ වැඩියෙන්ම අත්දැකීම් ලබා ඇත්තේ විශ්ව විද්‍යාලය හරහා වීමත් එවැනි අත්දැකීම් ප්‍රමාණයක් අනෙක් අයට ලබාගත නොහැකිව ඇතැයි සිතිමත්ය. ඔබට වඩා මල ගෙවල් වලට සහභාගී වු , ඔබට වැඩිය ට්‍රිප් ගිය, ඔබට වැඩිය ආතල් ගත්ත, ඔබට වැඩිය වෙනත් ජාතින් වල පුද්ගලයන් ඇසුරු කල , කොටින්ම ඔබට වඩා අත්දැකීම් ගත්ත පුද්ගලයන් භාහිර උපාධිධාරීන් අතර සිටිය හැක. ඔබ දෙපලටම වැඩ අත්දැකීම් ඇති අය උපාධි නැති අය අතර සිටිය හැක.

    ReplyDelete
  16. අපේ රටේ අධ‍ය්‍යාපනයේ තිබෙන්නෙ යම් කිසි සෝචනීය තත්වයක්. කට්ටියක් කැම්පස් යද්දි තවත් කට්ටියක් ලකුණක දෙකක අඩුවක් නිසා අතරමන් වෙන්වා. ඉතින් භාහිර උපධිවත් නැති උනොත් ඒ අයට මොකද වෙන්නෙ? අසාධාරණයි නේද?

    ReplyDelete
  17. ගැටලුව වන්නේ උසස් පෙළ තමන්ට වඩා ලකුණු කීපයක් අඩුවෙන් ගත් අය, තමන්ට වඩා දැනුමෙන්, බුද්ධියෙන් පහත් බවත් ඔව්න් මුළු ගීවිත කාලයම තුලම තමන්ට වඩා පහත් අදායම් හා සමාජ මට්ටමක ජීවත් විය යුතු යයි සමහර විශ්ව විද්‍යාල වල අබ්යන්තරව අද්‍යාපනය ලබා සියලු සමාජ අත්දැකීම් ලබාගත් උගතුන් විසින් විශ්වාස කිරීමයි. එය තවත් එක යල්පැනගිය කුල ගෝත්‍ර වාදයේ එලි දැකීමකි.

    ReplyDelete
  18. අදහස් සියල්ලම සමග වාගේ එකග වෙනවා...
    ඒත් කමෙන්ටි කරලා තියෙන සමහරු ගැන හිතෙන්නෙ කේන්තියකටත් වඩා දුකක්...
    රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව කිවිවෙ එකලු....

    ReplyDelete
  19. දැන් ඔය ඉතා අඩු මුදලකට ලබා දෙන භාහිර උපාධි ක්‍රමය නැති කරන්නයි යන්නෙ. ඒ වෙනුවට ලොකු ගණන් දීල යන්න පුළුවන් පුද්ගලික වි.වි වලට යන්නට වෙනව.

    ReplyDelete
  20. සංෙව්දී,

    නියම රචනයක්. ඔබ ෙගාඩක් ෙද්වල් ෙම්ෙකදී ෙගාණු කරලා තිෙයනවා. ෙම්කට සම්බන්ධ කරන්න කැමතියි අෙප් අඩවිෙය් පළවු කවියක් සහ ඒහි කෙමන්ටු ටිකත්. ෙම් සංවාදය තව තවත් ඒමගින් ශක්තිමත් ෙවයි කියලා හිතනවා.

    http://kurutugegeepawra.blogspot.com/2014/01/blog-post_3.html#comment-form

    අපි නම් සංෙව්දීෙග් පැත්ෙත්. කවුරු ෙමානවා කිව්වත් අැත්තටම නම් කැම්පස් ජීවිෙත් ගත ෙනාකරපු ෙකෙනක් ඒ් ෙගාඩට දාලා සමාන කරනවා නම් අැයි කැම්පස් යන්න අපි ෙමච්චර දුකක් විදින්ෙන්. ඒළියට අවාම අපිට සම කරනවානම් අැයි ඒයාලට කැම්පස් යන්න බැරි වුෙණ්. ඔය ප්‍රශ්ණයට තිෙයන උත්තෙර් ෙමාකක් ද ?

    ReplyDelete
    Replies
    1. ඒකට උත්තෙරේ හරි සරලයි.
      ඒක හරියට o/l D 8 ගත්තු සමහර අය A/L පේල් වෙනවා.යන්තන් ගොඩ දාගත්තු අය අයිලන්ඩ් රෑන්ක් ගහල කැම්පස් යනවා.
      අයිලන්ඩ් රෑන්ක් ගහල කැම්පස් යන සමහර අය රිපීට් වෙනවා.තුන්වෙනි පාර බොට්ටුවෙන් ගිය සමහර උන් ස්කොල් ගහනවා.
      ස්කොල් ගහලා ෆස්ට් ක්ලාස් වලින් එලියට ගිය සමහර උන් ඉන්ඩුස්ට්‍රියෙදි හරිම අසාර්තකයි, ඒත් අර තුන් හතර පාර රිපිට් වෙලා කුප්පි වලින් ගොඩ ගිය උන් වැඩට ගිහින් මාසෙන් කොම්පනියේ උන් රට යවලා, ඒ රට වල සුද්දෝ ඉල්ලන ගානක් දෙන්නම් යන්ඩ එපා කියනවා.
      එතකොට උඩ කියපු අයගෙන් කවුරුත් අනිකාට වඩා දක්ශයි හෝ අදක්ශයි කියන්න බෑ.

      අපි හැමෝම දාගෙන කැම්පස් යන්නම දගලන්නේ වෙලාවේ හැටියට කරන්ඩ් තියන හොන්ඩම,ලේසිම,ලාබම,කෙටිම දේ නිසයි.
      ඒක බැරි උනොත් දක්ශයෙකුට පේන තව විදි ඕන තරන් තියන්වා.ඒ පාරවල් දිගයි,අමාරුයි.උවමනාව තියන කෙනා රවුම් පාරෙන් එතනට එනවා.
      එතකොටත් ඒ කවුරුත් අනිකාට වඩා දක්ශයි හෝ අදක්ශයි කියන්න බෑ.

      Delete
  21. " කවුරු ෙමානවා කිව්වත් අැත්තටම නම් කැම්පස් ජීවිෙත් ගත ෙනාකරපු ෙකෙනක් ඒ් ෙගාඩට දාලා සමාන කරනවා නම් අැයි කැම්පස් යන්න අපි ෙමච්චර දුකක් විදින්ෙන්."

    This is where you are wrong. What every man woman want is to be happy and successful in their life. And there are many paths to get there but the end goal is the same. Believing that only you deserve to be successful and happy because of the path that you took is very narrow minded thinking.

    Getting a degree or going to uni is not the only way or the best way to be successful. You complain about people get to better positions because of connections. Well thats why having a good network is important. That's why businesses like linked in thrive. Having a good network and knowing people that can help you matters lot more than getting a degree.

    Biggest myth that you live in is thinking that everything should come to you just because you went to uni and got a degree. Hard work and struggle to be successful does not end on the day that you get your degree. It ends only on the day you die.

    ReplyDelete
  22. good one mate.
    u should translate this to Sinhala.
    I dnt think these buggers bother to read this and understand.

    ReplyDelete