Friday, January 17, 2014

උන්ටම ගිය රටක්....!

ප්‍රභූවරයෙක් මහමග වඩින කල ලේන්සුව අතට ගෙන කාණුවට බැස, දෙකට නැමී 'හාමුදුරුවනේ' යයි කී කලක් තිබුණි. මා සිතා සිටියේ ඒ යුගය අවසන් බවය. එහෙත් ඊයේ අපරභාගයේ සන්ධ්‍යා කාලයේ සිදුවූ එක්තරා අත්දැකීමක් හේතුවෙන් මගේ ඒ කල්පිතය බිඳී ගියේ ය.

වෙහෙසරකර දිනක නිමාව සනිටුහන් වෙද්දී මා රියට ගොඩවූයේ නිවස බලා යාමටය.

වාහනය මාතර - කතරගම ප්‍රධාන මාර්ගයෙන් ඇතුළ් මාර්ගයට දමා වැඩි දුරක් යාමට මත්තෙන් ප්‍රධාන ලාම්පු දල්වාගත්, එක්සත් රාජධානියේ නිෂ්පාදිත නවතම ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ පෙළක් විරුද්ධ දිශාවෙන් එනු දක්නා ලදී. 

පාරේ ඉඩ තිබෙන්නේ වාහන දෙකක් යන්තමින් මාරුවීමට පමණි. එසේ තිබියදී රිය පෙරහර පැමිණෙන්නේ අධික වේගයෙනි. ඒ මදිවට ඩිෆෙන්ඩර් වර්ගයේ රථ 4ට මැදිවූ අළුත්ම සුදු පැහැති ලෑන්ඩ් කෲෂර් ප්‍රාඩෝ රථයක් එන්නේ පාර හරි මැදය.

ප්‍රාඩෝ රථය හා මගේ රථය ගැටී අනතුරක් සිදුවීමට ඔන්න මෙන්නය. එහෙත් එහි රියැදුරුට රාජ උෂ්ණය වැදී තිබීම නිසාවෙන්දෝ මා රිය ලං ලංව පැමිණෙනු දැකීම කිසිදු චකිතයක් ඇති කරන්නට සමත් නොවී ඇති බව පැහැදිලි විය. මාර්ගය අයිනට ගනු වෙනුවට එය තවදුරටත් වේගය අඩාල නොවීම මා රිය දෙසට විදුලි වේගයෙන් එනු පෙණින.

ගෑවෙන-නොගෑවෙන ගානට අනතුරක් නොවී රථය බේරාගැනීමට මට ඇති එකම විකල්පය මා ගතිමි. එකම වෙනස ලේන්සුව කරට ගැනීම වෙනුවට ඉංග්‍රීසි කුණුහරුපයක් කියැවීම පමණි.

අපූරු ප්‍රභූවරු!

පිං බත් කෙළින පිං තෙල් වලින් දුවනා පිං වාහන වලින් සවාරි ගසනා පිනාලා නොදන්නා වග නම්, මහමග උන්ගේ අප්පාගේ බූදලයක් නොවන බවත්, දශක තුනක් අනේකවිධ කැපකිරීම් මැද කෘතිමව වඩවාගත් සිය මොළය මිරිකා ගත් මුදලින් ගත් ඉංජිනේරුවාගේ දුප්පත් වාහනය පමණක් නොව, දහඩිය කඳුළ මතින් ගත් කම්කරුවාගේ බයිසිකල් කටුවද පිනට පහළ වූ පින් ප්‍රාඩෝවට, ඩිෆෙන්ඩරයට වඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වටිනා බවත් ය.

7 comments:

  1. අපි යවපු උන්ගේ වැරැද්දද? නැත්නම් යවපු අපේ වැරැද්ද ද?

    ReplyDelete
  2. මොනා කරන්නද බං.. දැන් ඉතින් රෙස්පට් බලන් ඉන්නවා මිසක..

    ReplyDelete
  3. විකටකතා , කවි , කුණුහරුප වගේම රූපෙට රැවටී ඔබම ලබා දෙන ඡන්දයෙන් රට කරවනවා වෙනුවට , රට කරකවනා වුන් සිටින රටක හෙටක් වේදැයි සැකයි , ඊළඟ ඡන්දෙදිත් රටවැසියාට තවත් දේ ගෙනත් දේ මෙවුන් .... ලෝකේ සුන්දරම රට , අසුන්දරම දේශපාළුවන්ගේ ගොදුරක්ව ටිකෙන් ටික ගිලෙමින් යනබව දකින එක කණගාටුවක් ...

    ReplyDelete
  4. අධිවේගී මාර්ගය ඇරපු අවුරුද්දේ දෙසැම්බර් මාසේ අපි ඕකෙ යියා ගාල්ලට. මෙන්න යකෝ වැඩි දුරක් යන්න ලැබුනේ නෑ, ඔය වාගෙම ඩිෆෙන්ඩර් එකක නැගලා ලයිට් දාගෙන සුදු ග්ලව්ස් දාගෙන ආපු සෙට් එකක් මම කිව්ව ගමන් අයින් වුනේ නැතුවට මට අත දික් කරලා බැන බැන සීයට ගිය මාව ඕවටේක් කරලා ගියා.

    ReplyDelete
  5. කුම්බලාවෝ කැවානම් විඳවාපන් බලලෝ

    ReplyDelete
  6. චන්දෙ දීල පත් කරල යවලා දැන් බැන බැන ඉන්නව අපි හැමදාම කරන්නෙ ඕක

    ReplyDelete