අට විසි වියේදී මා සූවිසි වියැති පුතුන්ගේ පියෙකු කළ ආදරණීය පුතුනි.....
මා දෙපා නමැද සරසවි මවු තුරුලෙන් නික්මී ඉගිල යාමට අවසර පතන පුතුනි......
නුඹට අවසරයි......
එහෙත්....නුඹ ගැන බියක් මසිත නැතුවාම නොවෙයි...
මන්ද....අදින් පසු නුඹ ගැටෙන්නේ පරිපූර්ණ තත්ත්ව තුළ හැසිරෙන අථත්‍ය යථාර්තය සමඟ නොව,
පරිපූර්ණ යථාර්තය සමඟ නිසායි.
ඒක තේරුණේ නැතුව ඇති....
මට කියන්න ඕන වුනේ මෙපමණකි.....
ආදරණීය පුත,
කඩුල්ලෙන් එහා ලෝකය නපුරුයි.....
ඒ නපුරු ලෝකයේ ලොකු මිනිසෙක් නොව, හොඳ මිනිසෙක් වී
නපුරු ලෝකයට දිවි හිමියෙන් සේවය කරන්න...
නපුරන්ගෙන් ප්‍රවේසම් වී
ඔවුන'තර සිටින අහිංසකයින් වෙනුවෙන් ඔබ ලැබූ තාවකාලික ජීවිතය කැපකරන්න.
මතක තබාගන්න, ඔබ, ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි....
ඔවුන්ගේ ලෝකයේ කඳුලැලි පිසින එකම ඉටුදෙවියා ඔබයි....
කිසිම හේතුවක් නිසාවත් ඔවුන්ට නපුරු වන්නට එපා...
හැකිනම් මා පෙවූ සිප්කිරෙන් බිඳක් ඔවුන්ගේ මුව'ඟ තවරන්න...
එය, මා ඔබ වෙතින් ලබන ඉහළම ගෞරවයයි...
නුඹත් මමත් මේ රටට වී ඇති ණය ගෙවිය හැකි එකම මග එයයි...
Niyamai..
ReplyDeleteJayawewa.
මේ විසි අට හැවිරිදි තාත්තා ඔබ ද? නැතිනම් ඔබ දාසය හැවිරිදි පුතා ද? හිතට වැදුන සටහනක්.
ReplyDeleteමා පියාණන්ය. සමුගෙන ගියේ මගේ පුතණුවන්ය.
Deleteඔබ හරිම වාසනාවන්ත පියෙකි.. දෙදෙනාටම ජය සතුට සදා..
Deleteහිතට වදින පොස්ටුවක් ...ජය වේවා !
ReplyDeleteමට මේ සටහන මග හැරිලා. සංවේදී සටහනක්. අපි කාටත් මේ දිනය ලගා වෙනවා ජීවිතේ කවදා හරිම. මගෙ පොඩි පුතාත් දැන් ඈතක යන්න ලඟයි ඉගෙනීමට.
ReplyDelete