ශිෂ්‍යත්වේ ප්‍රතිඵල ඇවිල්ලා....හරියටම ලෝක ළමා දිනේදීම...සමහරු මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලත් අර්ථකථනය කරාවි.
සමහරු මේකට අම්මලාගේ විභාගේ කියලත් කියනව. ඒ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ?
තරඟකාරීබව උපරිම නිසා ළමයින්ට වැරදි ආදර්ශ දීල හරි කොහොමහරි තමන්ගෙ ළමය මේ කඩඉමෙන් පන්නගන්නනෙ ගොඩක් දෙමාපියො උත්සාහ කරන්නෙ. පාස් උනාටම මදි, ටවුමෙ ලොකුම ඉස්කෝලෙට ඇතුළත් වෙන්න සුදුසුකම් ලබන්නත් ඕනෙ. ඒ විතරක්නම් මදෑ, අහවලාගෙ ළමයට වඩා එක ළකුණක් හරි වැඩිපුර ගන්නත් ඕනි...නැත්නම් මොන මදි කමක්ද..?
වැරදි ආදර්ශ කීවම මතක් වුණේ...මං දන්න අම්ම කෙනෙක් ඉන්නව, දරුවගෙ පැවරුම්, ගෙදර වැඩ කරන්නෙ එයා...! එක පන්තියක් ඉවරවෙනකොටම තව එකක් පටන්ගන්න නිසා දරුවට ඒව කරන්න වෙලාවක් නැතිලු.
මම ජීවත් වෙන මාතර නගරයෙ ශිෂ්‍යත්ව උපකාර පන්ති පටන් ගන්නෙ 1 වසරෙන්. මාතර නගර කෙන්ද්‍රයෙ ඉඳල කිලෝමීටර් 10-15ක් විතර යනකම්, ඒ කියන්නෙ නාගරික සහ අර්ධ නාගරික ගෙවල්වල ඔය වයසෙ ඉන්න හැම දරුවෙක්ම වගේ ඔය රැල්ලට ගොදුරු වෙලා...හවස් වරුවෙ විතරක් නොවෙයි, නිවාඩු දවස්වල, පෝය දවස්වල පවා දරුවො ගෙවල්වල නැහැ. නගරයෙන් කි.මී. 5ක් විතර දුරින්, අර්ධ නාගරික යයි කියන අපි ජීවත්වන වටපිටාවෙත් එහෙමයි. අල්ලපු ගෙදර හුරතල් පොඩි එකීල දෙන්න ඇහැට දකින්න පෙරුම් පුරන්න ඕන. හාව හඳ දකින්න වගෙ තමයි ඇහැ ගැටෙන්නෙ.
අපි පොඩි කාලෙ, ඒ කියන්නෙ මීට අවුරුදු 20කට විතර කළින් නම් ඔහොම සූදුවක් තිබුණෙ නෑ. ඒ කියන්නෙ ශිෂ්‍යත්වෙට පන්ති යන ප්‍රවණතාවයක්. ශිෂ්‍යත්වය කියල එකක් තිබුණත් කාටවත් ගානක් තිබුණෙ නෑ. කොටින්ම මම ඒක ලියපු දවසට කළින් දවසෙත් ගත කළේ කෙළි දෙළෙන්. මම විතරක් නොවෙයි අපෙ ගමේ පහුවදාට ශිෂ්‍යත්ව විභාගය ලියන්න හිටපු ගොඩක් අය.
නිවාඩු කාලයක් වුණු එදා උදේ තාත්ත ඇහැරවල 'ඉස්කෝලෙ යං' කීවම මම පුදුම වුණා. ඇයි නිවාඩු කාලෙ තාම ඉවර නෑනෙ.
තාත්ත මාව මෝටර් සයිකලේ ඉස්සරහ ලගේජ් එකේ (ඒක තැපැල් නයින්ටියක්) තියාගෙන ඉස්කෝලෙට ගියා.
"ඔයා මේකෙන් පාස් වෙන්නම ඕන. නැත්නම් මම නරක මිනිහයි කියන්න එපා" "පාස් වුනොත් අරක අරන්දෙනව." වගේ කතා මුකුත් අහන්න ලැබුණෙ නෑ.
මුළින්ම තිබුණෙ ගණිතය ප්‍රශ්න පත්‍රය. පැය 1 1/2 හෝ දෙකයි. ඊට පස්සෙ සිංහල ප්‍රශ්න පත්‍රය.
මේ මොන කරුමයක්ද කිය කිය හිටපු මම ඕනවට එපාවට ලියල දාල ගෙදර ආවෙ වෙනද ඉස්කෝලෙ ඇරල එන මානසික තත්වයෙන්මයි. විශේෂ සැහැල්ලුවක්, බලාපොරොත්තුවක් කියල දෙයක් තිබුණෙ නෑ. අමුතුවෙන් නිදහස් වෙන්නය කියල එහෙම ඔළුවෙ බරක් තිබුණෙ නෑනෙ.
ඉතින් මීට අවුරුදු විස්සකට විතර කළින් අද වගෙ දවසක ඒ දවස උදා වුණා. එතකොට මම හිටියෙ ටවුමෙ මාමගෙ බෝඩිමේ. අම්මල ගමනක් ගිහිල්ල. මාමයි මාමගෙ යාළුවෙකුයි එක්ක මම ටවුමෙ බෝඩිමේ නවත්වල ගියා.
මාමල පාඩම් කරන නිසා මම හරිම කම්මැලි කමෙන් හිටියෙ. නොහිතපු වෙලාවක තාත්ත මෝටර් බයිසිකලෙන් ආව. එයා විශේෂ සතුටකින් ඉන්න බව පෙණුන. මාමගෙ අතට මොනවද දෙනව දැක්ක. මොනවද මොනවද කිව්ව. මට කිසිදෙයක් තේරුණෙ නෑ.
මාම මගෙ ඔළුව අතගාල තාත්ත දීපු පොදියත් අරන් කුස්සියට ගියා. ටික වෙලාවකින් පීරිසි කෝප්ප 4කට මුදවපු කිරියි, පැණියි බෙදාගෙන ආව.
අපි හතරදෙනා ප්ලාස්ටික් සහ යකඩ හැඳිවලින් කිරි කෑව. මට ඒත් අමුත්තක් දැනුනෙ නෑ.
කන ගමන් දෙමස්සිනෝ කතා කරපු දවල් වලින් මට තේරුණ මම මීට මාස 3කට විතර කළින් ලියපු අර ශිෂ්‍යත්වෙ කියන කෙහෙල්මල් විභාගෙ පාස් වෙලා කියල. ඒත් අමුතු සතුටක්වත් දුකක්වත් දැනුනෙ නෑ.
"මේ ළකුණු වලින් රාහුලේටම යන්න පුළුවන් වෙයි. 164 යි නේද? ගිය පාර රාහුලේට ගත්තෙ 160න්."
මාම එහෙම කිව්වම තමයි මට විශේෂ හැඟීමක් ඇතිවුනෙ. හැබැයි ඒක සතුටක් නෙමෙයි, දුකක්..! අවංකවම..!!
1 වසරෙ ඉඳලම නෙමෙයි ඊටත් කළින් ඉඳලම මම අපේ අම්මයි තාත්තයි එක්කමයි ඉස්කෝලෙ ගියේ. එයාල උගන්නපු ගමේ ඉස්කෝලෙටමයි. ගමේ ඉස්කෝලෙ හරිම ආදරණීය තැනක්. සමවයසෙ යාළුවොන්ගෙ විතරක් නොවෙයි ඉහළ පන්තිවල අයියල අක්කලගෙත් නොමද ආදරය මැදයි මම හැදුනෙ. මේ ඔක්කොම දාල මීට වඩා හොඳයි කියල කියන්න පැහැදිලි සාක්ෂියක් නැති, නොදන්න නුහුරු තැනකට, නානඳුන මිනිස්සු ගොඩක් මැද තට්ට තනිවම අතරමං වෙනව කියල මතක්වුණාම ඇතිවුණෙ ඇත්තටම කණගාටුවක්.
මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් පරිච්චේදයක් පෙරළුණු ඒ දවස මට අවංකවම දැනුනෙ එහෙමයි.
අද මේ මොහොත වෙනකොටත් ඒ හේතුව මුල් කරගෙන සතුටු වෙන අතළොස්සට වඩා දුක්වෙන පිරිස වැඩි බව අපි සිහි කරන්න ඕන. ඇයි දෙයියනේ කීයෙන් කී දෙනාද බලාපොරොත්තු විදියටම සමත් වෙලා ඇත්තෙ? දරුවන්ට නම් ගාණක් නැතුව ඇති.
ඒත් අම්මලා තාත්තල කී ලක්ෂයක් විරෝ පට්ටම් ගහගෙන, අල්ලපු ගෙදරට මූණ දෙන්න බැරුව ඇත්ද...?
හැබැයි ඒ අම්මල තාත්තල මේක බලනවනම් එකම එක දෙයක් විතරක් මට කියන්න තියෙනව.
මේ රට හොල්ලපු විශිෂ්ටයෝ, දක්ෂ කලාකාරයෝ, ක්‍රීඩකයෝ, විද්‍යාඥයෝ, අපේ සමාජයේ ලොකුයි කියා ලොකුවටම ගණන් ගන්න දොස්තරලා, ඉංජිනේරුවෝ වුනත් හැමෝම 5 වසරෙ ශිෂ්‍යත්වෙ පාස් කරපු අය නෙමෙයි...
හරි සවේදී,
ReplyDeleteමම පහේ ශිස්සත්තෙට ලියනකොට මට වයස අවුරුදු නමයයි. (ඒ කාලෙ හෝඩියට බාරදෙන්න වයස සීමාවක් නෑ) පහේ ශිස්සත්තෙට තිබුණා වාක්‍යයක් නිවැරදි කරන්න "ගොනා මස් බදී" කියල මම ඒක නිවැරදි කලේ "ගොනා මස් උඩ බදී කියලා" (කොහොමඳ මගේ ටිකිරි ගොන් මොලේ) නියම වයසෙදි තමයි අටේ ශිස්සත්තෙ ලිව්වෙ ඒක යන්තම් තලා ගෙන සෙන්ට්‍රල් ස්කූල් එකකට ගියා.
මම එකද ?
අටේ ශිෂ්‍යත්වෙකුත් තිබුණද ඒ කාලේ...?
Deleteඹව්, ඒකට කියන්නෙ විද්‍යා ශිස්සත්වය කියල. පාස්වෙන අය විද්‍යා විෂයන්ම කරන්න ඕන. රට පුරා සෙන්ට්‍රල් ස්කූල් තිබුණා
Deleteමේ කතාව කියෙව්වම මතක් උනේ... මගෙ ශිෂ්‍යත්ව පේපර් එකේ (දැනට අවුරුදු 20 කට වැඩියි) තිබුනා ප්‍රෙහේලිකාවක් පුරවන්න. ඒකෙ එක වචනයක් තිබුනා. අකුරු 4යි. පලවෙනි අකුර 'බු'. "ඉගෙනීමට අත්‍යවශ්‍යම දෙයකි". මට එක පාරටම මතක් උනේ 'නුවණ'. ඒත් ඒකට අකුරු තුනයි. පටන් ගන්නෙත් බු යන්නෙන් නෙවෙයි. මම කල්පනා කරා කරා.. එන්නෙම නෑ. පස්සෙ ඕන එකක් වෙද්දෙන් කියල ලියල දැම්ම "බූදලය" කියල. ප්‍රතිපල ආවම මට ලකුණු 152යි. නාලන්දෙට යන්න එක ලකුනක් මදි. ඒ දවස්වල හැමෝම විහිලු කරේ බුද්ධිය නැති නිසා නාලන්දෙට යන්න බැරිවුනා කියල. හැබැයි බුද්ධිය නැතිඋනේ හොඳ වෙලාවට කියල අද මට හිතෙනවා. :)
Deleteමට මේ කතාවෙ නිකං අභව්‍ය ගතියක් තියෙනවා. මොකද මම පහවසෙරෙ ඉන්න කාලෙ වෙනකොට ගොඩක් දේවල් ගැන ලොකු දැනුමක් තිබුනා. නමුත් මට ස්කෝල සබ්ජෙක්ට් බැහැ.
ReplyDeleteමට තිබුනෙ ලකුනු එකසිය හතලිස් ගානයි. මගේ කාලයත් මේ ආසන්න කාලයක් තමයි.
ඉස්කෝලෙ සබ්ජෙක්ස් බැරි වුනා කියන්නෙ ඒ පුද්ගලයගෙන් වැඩක් නෑ කියන එක නෙමෙයි සහෝදරයා. ඔය විභාග එකක්වත් යන්තමින්වත් පාස් නොවී ජීවිතේ දිනපු අය, රටට ලෝකෙට සම්පතක් වෙච්ච, අඩු ගානෙ කාටවත් ගින්දරක් නොදී හම්බකරගෙන කාල සතුටින් ජීවත් වෙන අය ඕන තරම් මේ සමාජයෙ ඉන්නව. විභාග පාස් වුනා කියලවත්, කැම්පස් ගියා කියලවත් කවුරුවත් පොරක් වෙන්නෙ නෑ. ඔහුගෙ ආකල්ප සහ ගතිගුණයි සමාජයට වටින්නෙ. නැතුව උපාධි, සහතික නොවෙයි. කැම්පස් නොගිය කියල කිසිකෙනෙක් හීනමායක් තියාගන්නවත්, ගියපු අය ගැන රුවිතෙට හිතන්නවත් ඕනෙ නෑ. මම මේ අවවාදය දෙන්නෙ ඔයත් ටිකක් එහෙම මානසික තත්වයක ඉන්නවා කියල (මීට කළින් කමෙන්ට් වලින් සහ මා ගැන වෙනත් තැන්වල දක්වා තිබුණු අදහස් කියවීමෙන්) මට දැනෙන නිසා. කැම්පස් ගියපු උන් අමුතු සත්තු නෙමෙයි. ඕක සම්පූර්ණයෙන්ම වැරදි ආකල්පයක්. ඕන නිසා වෙන්නෙ අනවශ්‍ය බෙදීම්, ගැටීම්, පක්ෂපාතිකම් ඇතිවෙන එක විතරක් නෙමෙයි, මිනිස්සු ගැන වැරදි ප්‍රතිරූප මවන කොහේවත් යන උන්ට නොදැනුවත්වම උඩගෙඩි දීම.
Deleteමං ගේමක් නැතිව ශිෂ්‍යත්වේ ගොඩ දාගත්තා කියලා පොර වෙන ගතියක් දැනෙනවා දැනෙනවා වගේ..
ReplyDeleteදිය කොරහෙත් කිඹුල්ලු හොයන අයට එහෙම පේන්න පුළුවන්. මම එයින් අදහස් කළේ ඒ කාලෙ අද වගෙ ළමයින්ට පීඩනයක් තිබුණේ නෑ කියන එක. ඔබතුමා කතාකරන්නෙ මම අන්තිමට කියල තියෙන් දේ දැකල නෑ වගේනෙ හරියට. ලකා ගෙන්ද මේ අඩවිය ගැන දැන ගත්තෙ..? එහෙම නම් මම ඔබතුමාට කියන්නෙ එක එකාට ඔබතුමාගෙ ඔළුවට අත හෝදන්න දෙන්න දෙන්න එපා කියලයි. මේක බැනීමක් හෝ තර්ජනයක් නොවෙයි. කාරුණික ඉල්ලීමක්.
Deleteඅපි දැනටත් සමාජයේ ලොකු මිනිස්සු නම් නෙමේ. ඒත් දෙයියනේ කියලා රස්සාවක් කරගෙන පරස්සාවකුත් කරගෙන දරුවෙකුත් හදා ගෙන අම්ම තාත්තටත් සලකගෙන කාටත් අත නොපා ජීවත් වෙනවා.
ReplyDeleteඒත් කියන්න ලැජ්ජ වැන්නෑ පස්සෙ මොන විභාග පැන්නත්. අපිත් ඔය විභාගෙ නම් ෆේල්.
ඒත් මට වටිනම දේ ඒ ෆේල් වෙලා ගෙදරා ආපු වෙලාවෙ මගෙ අම්ම මට බැන්නෙ නෑ මගෙ නල්ලිී ඉම්බා.
අන්තිමේ ලියල තියෙන කතාවත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකගයි.. මේක ඉහලින් ගොඩ දාගත්ත අනික්වා අනා ගත්ත යාළුවෝ අපි අතරත් හිටියා..
ReplyDeleteමම ශිෂ්‍යත්වේ ලිව්වේ 2001 දී..හැබැයි පන්ති ගියේ එකකට විතරයි.ඒකත් අපේ ගෙවල් ළඟ මිස් කෙනෙක් කරපු එකක්. පාස් උනා. 150යි. ගෙදරින් එහා පැත්තේ තියෙන ඉස්කෝලේ දාල තව එක එක ඒවාට යන්නේ මොකෝ කියලා හිතලා මම ඒකටම ගියා. 13 වසර වෙනකම්ම ඒ ඉස්කොලෙමයි!
ReplyDeleteහැබැයි අර 5න් අනිත් ඒවාට ගිය යාලුවොන්ට වඩා මම ජිවිතේ වින්දා... ජිවිතේට හොඳ දෙයක් එකතු කර ගත්තා...
මමත් ශිෂ්‍යත්වේ ගැන පොඩි තැකීමක්වත් නොකරපු කෙනෙක්. ඒ නිසා ම මම ෆේල් වුණා. පන්ති ගියෙත් නැහැ අමතර ඉගෙන ගන්න. හැබැයි අම්මලා මුකුත් කිව්වොත් නැහැ. ඒ නිසා ම ඊට පස්සේ තිබුණා හැම විභාගයකින් ම ඉහළින් ම සමත් වෙන්න පුළුවන්කමක ලැබුණා මම ම ආසාවෙන් වැඩ කරපු නිසා!
ReplyDeleteමමත් ශිෂ්‍යත්තෙ පාස් නෑ බොල... ඒ කියන්නෙ මමත් ලොක්කෙක්....
ReplyDeleteබුහාහාහාහා.....
අන්තිමට කියපු දේ නම් ඇත්තම ඇත්තයි. පහවසරත් එක්දරා කඩඉමක් වතරයි. ඒක පාස් උන පැංචන්ට වඩා ඒකෙන් උත්ප්‍රෙරකය අරගත්තු ලමයි පහු කාලෙක තමන්ගේ අධ්‍යපනේදි ඊටත් වඩා ඉහල යන අවස්ථ ඕනෙ තරම්.
ReplyDeleteවැඩක් නැ කියලා මගේ පොඩි එකාටත් ඔහොම වෙයිද කියලයි මට බය. තාත්තලා ගොඩක් වෙලාවට උපේක්ෂා සහගත උනත් අම්මලා එක්ක තමයි අමාරු. දැනටම මම ගෙදර නැති හින්දා උට වැලි ටිකක් මඩ ටිකක් වතුර ටිකක් වත් අත ගාන්න එලියකට යාගන්න නෑ. අම්මයි ආච්චිලයි එක්ක.
ReplyDelete