Friday, December 6, 2013

අයි ඈම් ප්‍රවුඩ් ටු බී අ රැෂනලිස්ට්


ඔන්න අපිනම් ඉතින් ආගමක් අදහන්නෙ නෑ. මොකද අපි ආගම් අදහන අයට වඩා ගොඩක් බුද්ධිමත්නෙ.

ඔය ආගමික නායකයො කියන බුද්ධ, ජේසු, නබි වගේ අයට වඩා බොහොම බුද්ධිමත් කාල් මාක්ස්, ලෙනින්, කොවූර් වගේ අයගෙ පෙන්වා දීම් පිළිගන්න අය.

කොටින්ම බුදුන්ට මාක්ස් එක්ක හැරෙන්න්වත් බෑ. 

මාක්ස්වාදීන් වන අපි නම් 'කලෙක්ටිව් වර්ක්ස් ඔෆ් මාක්ස් ඇන්ඩ් එන්ගල්ස්' තියෙන දෙයක් හැර වෙන කිසිම දෙයක් පරම සත්‍යය විදියට පිළිගන්නෙ නෑ. 

ඉස්ලාම් කාරයා කුරාණයෙ අකුරක් ගානෙ විශ්වාස කරන එක අන්තිම වැරදියි, කුරුස කාරය බයිබලේ ඔලුව උඩ තියාගෙන ඉන්න එකත් පට්ටම වැරදියි. ඒ වුනාට මාක්ස් එංගල්ස් ප්‍රකාශන එක්ක තර්ක කරන්න එන්න එපා. මොකද ඒකෙ තියෙන අකුරක් ගානෙ 100% හරි. සර්ව සම්පූර්ණයි, පරිපූර්ණයි. මොකක් කිවුව? කාල් මාක්ස්ගෙ සමහර එව්ව යල් පැනපුව? ඕවට එන්න එපා, මරාගෙන මැරෙනව යකෝ! සංශෝධන? මෙතන යකා අවුස්සගන්න එපා. ඒව කවදාවත් වෙනස් වෙන්න ඕන ඒව නොමෙයි. අකාලිකයි. මේ ලෝකෙ බිහිවෙච්ච 100% පර්ෆෙක්ට්, ඒ කියන්නෙ පරිපූර්ණ මිනිස්සු තමයි සමාජවාදී චින්තකයො. එහෙම අයගෙන් බිහිවෙන්නෙ සර්ව සම්පූර්ණ, හැමදාටම වලංගු දර්ශන මිසක් ඔය ආගම් වගේ කාලෙ හැටියට අවලංගු වෙන ඒව නොවෙයි.

බලන්න. නබි ඉස්ලාම් ආගම හැදුවෙ කාන්තාර ගෝත්‍රික සමාජයකට. ජේසු, බුද්ධ තමන්ගෙ ආගම් හැදුවෙ අවුරුදු දාස් ගාණකට කළින් ඒ ඒ සමාජෙ හැටියට.ඒ නිසා ඒව අදට හරියන්නෙ නෑ. නමුත් බලන්න ලංකාවෙ අද තත්වෙ. හරියටම 1917දි රුසියන් විප්ලවය සිදුවෙන්න කළින් රුසියාවෙ තිබුන සමාජ, ආර්ථික තත්ත්වයමයි. ආයෙ ඇරපු අතක් නෑ. විප්ලවයක් කරන්න මරු. 

ලෝකෙ එකම සාර්ථක දේශපාලන ක්‍රමය හැටියට තියෙන සමාජවාදෙ.
සමහරු අපෙන් අහනව ලෝකෙ සමාජවාදෙන් දියුණු වෙච්ච රටවල් නම් කරන්න කියල. ඇයි නැත්තෙ. 
රුසියාව (සමාජවාදී රුසියාවට අමරිකාව කෙළවපු එක වෙනම කතාවක්. ඒක සමාජවාදෙ වැරැද්දක් නෙමෙයිනෙ.), කියුබාව, උතුරු කොරියාව.....
මොකක් ඇහුව? "සමාජවාදය ඔච්චර සාර්ථකනම් ඇයි ලෝකෙ දියුණු ගොඩක් රටවල් බොහොමයක් ඒක නැතුව වෙන ආර්ථික ක්‍රමවලට ගිහිල්ල තියෙන්නෙ?"
පසුගාමී, ධනේෂ්වර ක්‍රමයක් තුළ පීඩිතයාට තැනක් නෑ. ඔය සුළු ධනේශ්වර චින්තනය වෙනස් කරගන්න සහෝදරයා. ප්‍රතිගාමියෙක් වෙන්න එපා.
"එතකොට ඇයි උතුරු කොරියාවට වඩා දකුණු කොරියාව දියුණු?"

ඒ වගේද උතුරු කොරියාව බලවත් රටවලින් ගේම ඉල්ලන එක?

සමහර ආගම් කාරයෝ වෙනුවෙන් බුද්ධිමත් යයි කියන විද්‍යාඥයො කඩේ ගියපු එක ෆට්ට චාටර්. ඔය අයින්ස්ටයින් කියන හාදය කියල තියෙනවනෙ.
"The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism." 
ඒ යකාට හොඳටම පිස්සු. අයින්ස්ටයින් ගිය සියවසේ ලොකුම බුද්ධිමතා කියන්නෙ කවුද? අයින්ස්ටයින් මාක්ස්, ලෙනින් එක්ක බලනකොට බාලාංශ පොරක්.
ඒක නිසා මිනිහ කියන ඒව ගණන් ගන්න හොඳ නෑ. 

ආයෙ නීල්ස් බෝර් කියල හාදයෙකුත් ඒ මෝඩ කතාවට පෝර දාල තියෙනව කියනවනේ. මෙන්න පොරගෙ නියම ගොන් කතාව:
"For a parallel to the lesson of atomic theory...[we must turn] to those kinds of epistemological problems with which already thinkers like the Buddha and Lao Tzu have been confronted, when trying to harmonize our position as spectators and actors in the great drama of existence.". මේවගේ පිස්සො නොබෙල් තෑග්ගට නිර්දේශ කරපු පිස්සො කවුද හැබෑට?

උග්‍ර භෞතිකවාදියෙක් වෙච්ච "කළුකුම් න්‍යාය" මගින් විද්‍යා ලෝකෙ උඩු යටකුරු කළායැයි කියන (අපිට මොකෝ උඩු යටිකුරු බැරිනම් බඩ පිණුම් ගැහුවත්), නොබෙල් ත්‍යාගලාභී (හොරට) බර්ට්‍රන්ඩ් රසල්, අඩිය ගහල ඉන්නකොට පොරට වැරදිලා මෙහෙම කියවිලා.
"Buddhism is a combination of both speculative and scientific philosophy. It advocates the scientific method and pursues that to a finality that may be called Rationalistic. In it are to be found answers to such questions of interest as: 'What is mind and matter? Of them, which is of greater importance? Is the universe moving towards a goal? What is man's position? Is there living that is noble?' It takes up where science cannot lead because of the limitations of the latter's instruments. Its conquests are those of the mind."

තව ආතර් සී ක්ලාක් කියල හාදයෙක් වළ පයයි ගොඩ පයයි තියාගෙන කොයිල් වෙලා (ස්නායු දුර්වල වෙලා) ඉන්නකොට සිහි විකලෙන් පොරට කියවෙච්ච කතා නම් කොහෙත්ම ගණන් ගන්න ඕන නෑ.

මුන් ඔක්කොටම පිස්සු. මාක්ස් වාදෙත් එක්ක බලනකොට අලගු තියන්නවත් බැරි බුද්ධගෙ හිතළු ගැන වර්ණනා කරල මේ තරම් සර්ව සම්පූර්ණ මාක්ස්වාදය "ඩොග්මැටික්" කියන්න? 
(එහෙම කියල තියෙන්නෙ 'කාල් පොපර්' කියල අහලවත් නැති පිස්සු ඩයල් එකක්. මෙන්න පොරගෙ ගොන් විචාරය..."Here was an attitude utterly different to the dogmatic attitude of Marx, Freud, Adler, and even more so that of their followers. ")

හේතුවාදීන්, භෞතිකවාදීන් විදියට අපේ මතය නම් වෙනස්. "සෑම සිදුවීමකටම භෞතික පැහැදිලි කිරීමක් ඇත." කියලනේ අපි පිළිගන්නෙ. විද්‍යාත්මක උපකරණ වලට අහුනොවෙන සහ පැහැදිළි සාක්ෂි නැති ඔක්කොම පට්ටපල් බොරු. මිත්‍යාවන්. අපි ඔය බුද්ධාම් කාරයෝ පිළිගන්න "පුනර්භවය", "නිවන" වගේ සංකල්ප සම්පූර්ණ මිත්‍යාවන් කියන අතිශය තර්කාණුකූල, බුද්ධිමත්, වියත් අවසන් නිගමනයට එලැඹෙන්නෙ ඒ අනුවයි. කොහොමද අපේ රැෂනල් තින්කින්. පට්ට මොළේ නේ?

නිර්-ආගමික අපි දෙගොල්ලම කොහොමත් ආගම් / සමාජවාදය හැර අනිත් දර්ශන පිළිගන්න අනිත් අයට වඩා පට්ට බුද්ධිමත්. හෙණ රැඩිකල්. 'අවුට් ඔෆ්ද බොක්ස්' හිතන්නෙ.

ඒක නිසා තමයි අපිට ඔය සඟිස්කෘතික, සීමා, මායිම් මොකුත් තකන්න ඕනෙ නැත්තෙ. කොටින්ම ආගම් අදහන උන් පවට/දේව උදහසට බයෙන් නොකර ඉන්න, උන් උන් අතරෙ සම්මත කරගෙන ඉන්න ඊනියා සදාචාරෙ අපිට අදාල නොවෙන්නෙ. කොටින්ම උන් 'තුප්පහි' යයි කියන ඕන වැඩක් අපිට කරන්න පුළුවන්. උන් කළොත් තමයි උන්ට පවු. අපි ඒවයින් නිදහස්. නීතියක් නැත්නම් බඩු ගැසීමේ සිට මිනී මැරීම දක්වාම ඕන දෙයක් කරන්න පුළුවන්. (සමාජවාදීන් වන අපිටනම් කොහොමත් පසුගාමී ධනපති සතුරෙක් මරන එක ශ්‍රේෂ්ඨ වැඩක්.) යමක් කමක් හම්බකරගත්ත උන්ට ඉරිසියා කරන්න නම් ඉතින් කාගෙන්වත්, මොනම නීතියකින්වත් ලයිසන් ගන්න ඕනෙ නෑනෙ.

ඔයාකාරයෙන් පට්ට නිදහසක් තියෙන්නේ නිර්-ආගමික වීම තුළ. මේක තේරෙන්නෙ නෑනෙ මේ ආගම් බදාගෙන ඉන්න මෝඩ හැත්තට. අම්මපා..

"බෞද්ධ දර්ශනයට බනින්න කළින් ඒ ගැන හදාරල එන්න" කියන සුනෙත් වගේ සම්ප්‍රදායික පොරවල්ට නියම ආමන්ත්‍රණය ("වේ...ගෙ පුතා") දුන්නෙ අපේ තරුණ පරපුරේ වීරයා, තිළිණ එදිරිසිංහ. ලෝකෙ හැම දර්ශනයක්ම ගැඹුරෙන් හදාරල අන්තිමට ඒ ඔක්කොම අතරින් සමාජවාදෙ හැර අනිත් ඔක්කොම වැරදියි කියන්න තරම් වයසට ඔරොත්තු නොදෙන තරම් දාර්ශනික දැනුම් සම්භාරයක් තියෙන්නෙ අපේ කොල්ලන්ට. දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධි ගැහුවයි කියන සුනෙත්ල වගේ කැම්පස් ගුරාල කොහෙද තිළිණ වගේ උගත්, විද්වත් තරුණයොත් එක්ක හැප්පෙන්නෙ? බෞද්ධ දර්ශනේ මොන කෙණ්ගෙඩියක්ද? සමාජවාදෙත් එක්ක බලනකොට...මොනව ඇහුව? කොහොමද එහෙම කියන්නෙ? සාධක? ඒව ඕන නෑ. හරි දේ (සමාජවාදෙ) හරි. ආයෙ කතා ඕන නෑ. මොකද, ආයෙත් සුනෙත්ට වගේ "වේ...ගෙ පුතා" කියල අහගන්න ඕනද? එන්න එපා සමාජවාදෙ විවේචනය/ප්‍රශ්න කරන්න. අපි විචාර බුද්ධියෙන් සමාජවාදය වැළඳගත්තු, සමාජවාදෙට පණ වගේ ආදරේ කරන මිනිස්සු. මළ පනිනවා හරිද?

අපේ රැඩිකල් චින්තනය නිසා අපේ සහෝදර සහෝදරියො බුකියෙ පට්ට වීරයෝ වෙලා ඉන්නෙ. මේ ලඟදි යශෝදරාවට ඡන්නත් එක්ක අනාචාරෙ හැසිරෙන්න හිතුණා කියල කියපු සුලක්ඛනා සමරසේන සහෝදරී පට්ට රැඩිකල් වීරවරියක් වෙලානෙ.

ගතානුගතිකව හිතන ඔය සුනෙත්ලා වගේ අයට ඕව කවද තේරෙයිද මන්ද? මිනිහ ආගමක් අදහනකම් අපි වගේ රැඩිකල් බුද්ධිමතෙක් වෙන්න කවදාවත් චාන්ස් එකක් නෑ...

20 comments:

  1. උද කියලා තියෙන ඔක්කොමලාව දන්නවා කියලා තියෙන ඒවත් දන්නවා එත් අන්තිමට කියලා තියෙන සුනේත්වනම් දන්නේ නෑ ..... කව්දබන් සුනෙත්?

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ට ඕනෑ. සුනෙත් කියන්නේ මේ බ්ලොග් එක ලියන එකා.
      බුකියෙන් කොපි කරලා ගත්තු නිසා තමයි මෙහෙම කොන්ෆියුස් වෙලා තියෙන්නේ.

      Delete
  2. ඔය එකෙක්වත් කියපුවා වැඩක් නෑ. දැක්කම පේනවා ඔය ඔක්කෝම පට්ට බොරු කියලා.

    ReplyDelete
  3. අප්පේ... උන්ගේ සමාජවාදෙයි අරකයි මේකයි!

    ReplyDelete
  4. අනේ කෙහෙම්මල් සමාජවාදේ. 1984 කියෙව්වම තේරෙනවා මොකක්ද සමාජවාදේ කියලා. ඇස් වහගෙන පහර ගසා ඇත.

    ReplyDelete
    Replies
    1. බොරිස් පැස්ටනැක් ගේ එම කෘතිය හැමෝම කියවිය යුත්තක්.

      Delete
  5. සමාජ වාදේ පොඩි ගතියකුත් තියනවා. මල ගෙදරක නයිටක් ගහන්න නම් සුපිරි ආ. 12 විතර වෙද්දී ඉතිං අපියි යක්කුයි විතරයි මල ගෙදරක ඉතුරු වෙන්නේ. එතකොට කැරම් බෝඩ්, කාඩ් පැක් එහෙමත් පැත්තට වෙලා ඇම්ඩාගේ කතා,මැජික් වැඩ එහෙම එලියට එනවා. සමාජ වාදේ එන්නේ ඊටත් පස්සේ. ආයේ පාන්දර කුකුළා හඩලන කල් නිදිමතක් කියලා නාමයක් නෑනේ

    ReplyDelete
    Replies
    1. ඒත් වෙස්සන්තර ජාතකේ තරම් ගතියක් නෑ
      ඒකෙන් නයිට් එකක් නෙවෙයි තුන හතරක්ම කවර කරගත්තානේ අපි

      Delete
  6. අන්න කාලෙකට පස්සෙ ඇත්ත කතාවක් ... නිකං බලන්නකො ගොහිං කියුබාවට චීනෙට උතුරු කොරියාවට.. අම්මෝ සැප.. ඇති නැති පරතරේ අහස පොලොව වගේ.. ඒ වගෙ තත්වයක් ලබන්න කොච්චර වාසනා කරන්න ඕනෙද ? චීනෙ පතල්වල මිනිස්සු මැරෙන්නෙ සිය ගනන් එක රොත්තට.. කොච්චර ආශික්ද ? චීනෙ සමාජ්වාදි අය්යලා මැලේසියාවෙ කැසිනොවල වියදං කරන්න කෝටි ගනං..

    ReplyDelete
  7. සමාජවාදය බිද වැටුනෙ ඇමරිකන් කුමන්ත්‍රන නිසාලු.එහෙමනම් එක එක කුමන්ත්‍රන වලට අහු වෙන්න සමාජවාදී රටවල හිටියෙ ළමා පැනඩෝල් බොන තොත්ත බබාලද?
    තියෙන දේ බෙදා ගන්න මහ ලොකු තියරි ඕන නෑ.සමාජවාදයෙ තියෙන්නෙ සරදියෙල්,රොබින්හුඩ් න්‍යාය.වෙන මොකවත් නොවෙයි.නව නිර්මාණ කිරීමක් එතන නෑ.
    හදෙන් පස් ගෙනාපු කතා හදෙන් හාල් ගේන කතා වගෙ තමයි

    ReplyDelete
    Replies
    1. ය කා උඹ බොගක් දාපන්.. ඕන නම් කියපන් මම ටොයිලට් එක හදලා දෙන්නම්.. දැන් පරක්කු වැඩියි..

      Delete
  8. මුලින්ම දැනගන්න කැමතියි මේ ලිපිය ලිව්වේ "නිරාගමික" කොටස ඉලක්ක කරගෙනද ? නැත්නම් ඔබ දන්නා පුද්ගලයින් ඉලක්ක කරගෙනද කියන එක?

    දෙවනුව ඔබ මෙහි සඳහන් කරල තියෙන සමාජවාදය, කෝවූර්, මාක්ස් වැනි අය සහ නිරාගමිකත්වය අතර සම්බන්ධය පැහැදිලි කරන්න.

    ඔබේ ප්‍රතිචාරයෙන් පසු මේගැන අදහස් දක්වන්න කැමතියි

    ReplyDelete
  9. "නිරාගමිකත්වය යනු, ආගම් වල ඇති සංකල්ප සහ විශ්වාස වලට සාක්ශි නොමැති නිසා ඒවා පිලිගැනීම ප්‍රතික්ශේප කිරීමයි"

    මේ අර්ථ දැක්වීමට එකඟද ? නැත්නම් ඔබේ අර්ථ දැක්වීම මොකක්ද ?

    ReplyDelete
  10. මේ ලිපිය ගැන කතුවරයා සහ මා අතර ඇතිවූ සංවාදයක්

    https://www.facebook.com/groups/ambalama.the.rest/permalink/635860596452145/

    ReplyDelete
  11. මෙ ලිපිය බැලුවහම මට හිතෙන්නෙ මෙහෙම දෙයක්. මෙ ලිපියෙන් ඉලක්ක කරන්නෙ නීර්-ආගමිකත්වයේ කිසියම් ආකර්ෂනීය බවක් දැකීමෙන් සිය ආගමික කඳවුරු වලින් දුරස් වෙන තරුණ පිරිස්. වෙනත් වචන වලින් කිව්වොත් පොඩි ලමයි ඉලක්ක කරගෙන තමයි ලියැවිලා තියෙන්නෙ.

    උදාහර්ණයක් දුන්නොත් මෙහෙමයි. කලුවරට පොඩි ලමයි ස්වභාවයෙන්ම බයයි. හැබැයි සමහර ලමයි කලුවරට බය වෙන්න තාර්කික හේතුවක් නෑ කියල තේරුම් අරගෙන රෑ පානෙ එලියට බැහැල එහෙ මෙහෙ ගිහින් නොයෙකුත් වෙනත් අනතුරු කරගන්න පුලුවන්. මොකද කලුවරට බය වෙන්න හේතුවක් නැති උනාට, රාත්‍රී කාලයේ තියෙන විශේෂිත පරිසරය ගැන හොඳ අවබෝධයක් ඔවුන්ට නැති නිසා.

    මේකට පිලියමක් වශයෙන් වැඩි හිටියන්ට පුලුවන් රාත්‍රිකාලයෙ එලියට එන ගොරක යකා හී මොකක් හරි එකක් ගැන කියල ලමයින් බය කරන්න. අරමුන හොඳයි වැඩෙත් කෙරනවා. රෑල එලියට බැස්සහම තියෙන වෙනත් සංකීර්න ප්‍රශ්න ගැන කියාදෙන්න මහන්සි වෙන්න ඔනේ නෑ.

    දැන් එකම ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ කතාව කියන වැඩිහිටියා මේක සම්යක්ප්‍රයෝගයක් විදිහට කරනවද නැත්තම් ඔවුනුත් ගොරක යකා ගැන විස්වාස කරවද කියන එක.

    මටත් මේ ලිපියෙ රචකයාගෙන් අහන්නෙ තියෙන්නෙ ඔබත් ගොරක යකා විශ්වාස කරනවද නැත්තම් ලමයි බය කරන්න කරන සම්‍යක්ප්‍රයෝගයක්ද?

    වෙනත් වචන වලින් ආයෙත් අහනවා නම්, මේ ලිපියේ මතුකරල තියෙන බොලඳ තර්ක ඔබ ඇත්තටම පිලිගන්නවාද නැත්තම් මේක ආගමෙන් ඈත් වෙන ලමයි බය කරල ගෙට ගන්න කරපු සම්‍යක්ප්‍රයෝගයක්ද? දෙවැන්න නම් ඒ ගැන මට ප්‍රශ්නයක් නෑ. වැඩිදුර කතා කිරීම තේරුමකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නෙ ආගමෙන් ඈත් වෙන කතාවක් නොවෙයි. මෙච්චර හැමදේම අනිත් අයට වඩා දන්නවා, තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා කියා (තමන්ම ඒ නිගමනයට ඇවිත්) අධිමානයකින් සිතා සිටින ඔබට අඩුගානේ ඒකවත් තේරුම් ගන්න බැරි වුණු එක කණගාටුයි. ගොරක යකා තර්කය අන්තිම බොළඳ තර්කයක් වෙන්නේ මේ ලිපියෙන් කියන්න හදන සරල තර්කයවත් හරියට වටහා ගත නොහෙන සංදර්භයේදී.
      මගේ තර්කය, දැනට තිබෙන විද්‍යාත්මක උපකරණවලට හසු නොවෙන (කවදාවත් හසු නොවන යයි ඉන් අදහස් වන්නේ නෑ. අනාගතයේදී වැඩි දියුණු කරන ලද උපකරණ වලට හසු වීමේ සම්භාවිතාවක් ඇති.) පළියට යම් දෙයක් එකවරම බැහැර කිරීම සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන බව පමණයි. මෙය ආගමික සංකල්පයක් වන්නත් පුළුවනි, වෙනත් යම් සංසිද්ධියක් වන්නටත් පුළුවනි. විද්‍යාත්මකව ඔප්පු කරන තුරු පිළි නොගෙන සිටීමට කෙනෙකුට අතිතියක් තිබෙනවා. නමුත් ඒ දේ අනිවාර්යයෙන්ම නැතැයි කියා පැමිණෙන අවසන් නිගමනය අපරිණතයි. ඇත්ත වශයෙන්ම (නිරපේක්ෂව.) නැති වන්නටත් හැකියි. පියවි ඇසට නොපෙනෙන පළියට යමක් ඇත්තටම නැතැයි කීම තාර්කික නැහැ. උදාහරණයක් ලෙසට අධෝරක්ත කිරණ ඇසට පෙනෙනේ නැහැ. හේතුව එහි සංඛ්‍යාතය ඇසේ සංඛ්‍යාත පරාසයෙන් බැහැර වීම. නමුත් ජංගම දුරකථන කැමරාවක් තුළින් බැලීමෙන් එය නිරීක්ෂණය කළ හැකියි. පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් අන්වීක්ෂයක් මගින් නිරීක්ෂණය කළ හැකියි. මෙහිදී එම උපකරණ අදාල සංවේදන හැකියාව සහිතව නිපදවා තිබූ නිසයි අපට ඒවා ඇත්තටම තිබෙන බව සනාථ කරගත හැකිවූයේ. උපකරණ නොතිබුණානම් අපි ඒවා හුදෙක් සංකල්ප පමණක් යයි කියා බැහැර කරන්නත් තිබුණා.
      මා පෞද්ගලිකව අත්භූත බලවේග, නක්ෂත්‍රය, දේව, යක්ෂ සංකල්ප විශ්වාස කරන්නේ නෑ. (ඔබේ ගොරක යකා පැණයට පිළිතුර එතැන තිබෙනවා). නමුත් ඒවායේ යම් සත්‍යතාවයක් තිබිය හැකියි. ප්‍රවාදවල කියන ආකාරයෙන්ම නොවෙයි. ඔප්පු කරන තුරු පිළිනොගෙන ඉන්න එක ගැන තර්කයක් නෑ. ඒක අතිශය තර්කාණුකූලයි. වෙනත් විදියකට කියනවානම්, යමක් පිළිනොගෙන සිටීමට එය විද්‍යාත්මකව සාධක සහිතව නොතිබීම ප්‍රමාණවත්. නමුත් යම් දෙයකට මිත්‍යාවක් යයි ගැරහීමට නම් එවැන්නක් නැතැයි යනුවෙන්ද විද්‍යාත්මකවම සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි. සරල උදාහරණයක් ගතහොත්, විද්‍යාත්මකව ඔප්පු කර නොමැති හේතුව නිසා කෙනෙකු පුනර්භවය විශ්වාස නොකිරීම අතිශයින් සාධාරණයි. නමුත් එය මිත්‍යාවක් යයි පරිභව කිරීමටනම් ඔහුට විද්‍යාව විසින්ම එවැන්නක් නැතැයි සාධක සහිතවම ඔප්පු කරන තුරු ඉවසා සිටින්නට සිදුවනවා. ඔබේ මතවාද දරණ බොහෝ අයකුට, මේ ඉවසීම නැති වීමයි ප්‍රශ්නය.

      Delete
  12. නිරාගමික වීම මාර නිදහසක් තමා
    මැරුනට පස්සේ මොකද වෙන්නේ කිය කිය ගනන් මිනුම් නොබලා තමන්ට හරියි කියලා හිතෙන දේ කරන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. තමන්ට හරියි කියා හිතෙන දේ ඇත්තටම හරියි කියා කියන්නේ කොහොමද? උදාහරණයක් විදියට ඔබට යම පුද්ගලයෙක් මරන්නට තරම් තරහක් එනවා. ඔබට හිතෙන 'හරි' විදියට නම් ඔහුව මරන්න ඕනේ. ඔබ ඔහුව මරණවාද? (නීතියට හසු නොවන නිසා නොකර ඉන්නවායයි තර්කය දාන්න එපා.)

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. විද්‍යාත්මක ක්‍රමය,නැත්නම් ඉන්ද්‍රියානුභූතිකවාදී න්‍යාය 'සත්‍යය' අනාවරණය/නිර්ණය කිරීමේ එකම මාර්ගය යැයි සැලකීමේ ඇති දාර්ශනික ගැටලු පිළිබඳ මෙම ලිපියේ හොඳ විග්‍රහයක් දී ඇති බව මට පෙනී යයි.එය පැසසිය යුත්තකි.ඉන්ද්‍රියානුභූතිකවාදී න්‍යායාත්මක රාමුවෙන් එපිට දාර්ශනික ලොවක් ඇති බවද එම දාර්ශනික ලොවේ සුදු,කළු සත්‍ය-අසත්‍ය යැයි කිවහැකි කිසිවක් නොමැති බව මෙම ලිපියේ ගැබ් වී ඇති ප්‍රබලම අදහස යැයි මම මෙම ලිපියෙන් අවබෝධ කරගත් දෑ ඇසුරින් අනුමාන කරමි.එමෙන්ම මා පාඨකයා විසින් සඳහන් කෙරුණු ඇතැම් දෑ පිළිබඳ කෙටි විචාරයක් දෙන්නෙමි.

    1.පාඨකයා පවසන අයුරින් නිරාගමිකයන් බොහෝ දෙනෙක් උග්‍ර භෞතිකවාදී ඉන්ද්‍රියානුභූතිකවාදීන්ය.මෙය යම්තාක් දුරට නිවැරදි වුවත් භෞතිකවාදී වීම නිරාගමික වීමට අවශ්‍ය සුදුසුකමක් නොවේ යැයි මම සිතමි.මා දන්නා තරමින් සාමාන්‍යයෙන් ආගමක ප්‍රධාන
    මතවාද කාණ්ඩ තුනකට වර්ග කළ හැකිය.එනම් සත්භාව විචාරය,අධ්‍යාත්ම විද්‍යාව සහ එහි සදාචාරාත්මක රාමුවයි.මෙම අංග තුන එකිනෙකට බැඳුනු තුනකි.ඒවා ස්වාධීන නොවේ.කෙනෙකු නිරාගමිකයකු වන්නේ එකී කාණ්ඩ තුනට අයත් මතවාද බොහෝමයක් ප්‍රතික්ෂේප කළ විටය.ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි නිරාගමිකයෝ ආනුභූතික නොවන දෑ පිළිබඳ විශ්වාස කළහ.වාස්තුවික නොවන තාර්කික යථාර්තයන් සෙවූ ඇල්බර්ට් අයින්ස්ටයින් නිරපේක්ෂ වාස්තුවික යථාර්තය අතහැර සාපේක්ෂවාදී යථාර්තයක් කෙරෙහි එළැඹුනි.ආගමික අදහස් ප්‍රතික්ෂේප කරන්නා හුදු භෞතිකවාදියෙකු හෝ කාර්ල් මාර්ක්ස් විසින් ඉදිරිපත් කරන ලද හේතුවිද්‍යාත්මක භෞතිකවාදි මත දරන්නෙක් නොවේ.මෙය එක්තරා විදිහකට ස්ටෙරියෝටයිප් එකකි.දාර්ශනිකව භෞතිකවාදී හෝ ඉන්ද්‍රියානුභූතිකවාදී නොවන නිරාගමිකයන්ද සිටියි.නිරාගමිකයන් බහුතරයක් භෞතිකවාදී වුවද භෞතිකවාදය හෝ ඉන්ද්‍රියානුභූතිකවාදය නිරාගමිකත්වය සමඟ කිසි සම්බන්ධයක් නැතැයි මම විශ්වාස කරමි.ඉන්ද්‍රියානුභූතික වාදය යම් තාක් දුරට නිරාගමික ලොවේ 'කල්ට්' යැයි පැවසිය හැකිය.එනමුදු නිරාගමිකත්වය යනු ඉන්ද්‍රියානුභූතික වාදය හෝ මර්ක්ස් දෙසූ හේතුවිද්‍යාත්මක භෞතිකවාදය මත පදනම් වූ දෙයක් නොවන බව මම තරයේ විශ්වාස කරමි.

    2."රැශනලිසම්" නැතහොත් හේතුවාදය භෞතිකවාදය මත පදනම් වූ දර්ශනයක් නොවන බව මම විශ්වාස කරමි.එය ප්‍රාථමික ඥාණ විභාගි දර්ශනයකි.හේතුවාදය සහ ඉන්ද්‍රියානුභූතිකවාදය යනු පරස්පර දර්ශන දෙකකි.ඉන්ද්‍රියානුභූතිකවාදී දර්ශනය පංචේන්ද්‍රිය මඟින් ආනුභූතික වන දෑ දැනුම ලැබෙන ප්‍රධානතම ක්‍රමය ලෙස සලකයි.එනමුදු හේතුවාදී දර්ශනයේ ආනුභූතික වස්තූන් සහ සංසිද්ධීන් සත්‍යය අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය නොවන බව සඳහන් ය.තාර්කිකව යථාර්ථයන් නිර්ණය කළ හැකි බව හේතුවාදී දර්ශනයේ සඳහන් ය.එනමුත් විද්‍යාවේ හේතුවාදී මෙන්ම ඉන්ද්‍රියානුභූතික න්‍යායන් ඇත.විද්‍යාත්මක ක්‍රමවේදයේද මෙම දර්ශන දෙකෙහි න්‍යායන් කිහිපයක් යොදාගෙන ඇත.දාර්ශනික වශයෙන් භෞතිකවාදය සහ හේතුවාදය යම්තාක් දුරට පරස්පර නොවේ.එනමුදු හේතුවාදය යනු භෞතිකවාදයට හෝ විද්‍යාත්මක දර්ශනවාදයට අනුරූපි දර්ශනවාදයක්ම නොවන බව මම විශ්වාස කරමි.

    ReplyDelete