අපේ නවාතැන තිබුණේ කඳු මුදුනක. මේ කාලෙට වලාකුළු යන්නේ අපේ ෆෝටිකෝව මැදින් කිව්වොත් ඒක කිසිසේත්ම අතිශයෝක්තියක් නෙමෙ.
මේ ගෙදර අයිතිකාරයො දුර පළාතක පදිංචි වෙලා හිටියෙ. අපි කැම්පස් කොල්ලො සෙට් එකක් තමයි මේක අරක්ගෙන හිටියෙ. වෙන කවුරුවත් නැහැ.
මේක වුන දවස්වල හිටියෙ මම විතරයි. ඉයර් එකක් ඉවරවෙලා මාසෙකට වැඩි නිවාඩුවක් ලැබිලා කවුරුත් ගෙවල්වල ගිහින්. මේ ගතවෙන්නෙ නිවාඩුවෙ හරි මැද දවස්.
මම මොකද මේ පාළු ගෙදර කළේ කියල ඔබ හිතාවි. අපේ උපාධියේ කණ්ඩායම් ව්‍යාපෘතියට අපි කළේ පරිගණකයකින් පාලනය වන වාහනයක්, අර ග්‍රහලෝක වලට එහෙම යවන්නේ රෝවර් යානා, අන්න එහෙම එකක්. ඉතින් මේකෙ විදුලි හා ඉලෙක්ට්‍රොනික් පද්ධතිය සැලසුම් කරල ඇටෙව්වේ මම. ඉස්සර ඉඳලම මට ඔය රොබෝ උණ තිබුණා. මම කර කර හිටියේ ඕකෙ වැඩ. (මේ තමයි ඒ මහා රෝවර් රාජයා. කොහොමද කොල්ලගෙ වැඩ?)
තනියමද කියල අහනවා? ඔව්. ගෲප් එකේ අනිත් උන් මේ වැඩ වලට ආස නෑ. උන්ට සොෆ්ට්වෙයා වැඩ භාර දීල තිබුනේ.ඒ කියන්නේ ප්‍රොග්‍රෑමින්, සිමියුලේශන්ස් වගේ වැඩ.
මම සාමාන්‍යයෙන් ඔය හොල්මන්, අවතාර වගේ ඒව විශ්වාස කරන කෙනෙක් නොවෙයි. කොහොමත් මම දේව ගණයෙ නිසා මට ඒව පේන්නෙ නැතිලු. රෑ වෙනකම් වැඩ කරලා මම කන්න කඩේට යන්නෙ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ එළියෙන්. යකාට බයනම් සොහොනෙ ගෙවල් හදනවද?
දවසක් වැඩ කර කර ඉඳලා මම එළියට යන්න ඉස්සරහ දොර අරින්න ගියා. (සීතල නිසා වහගෙන ඉන්නෙ.) ඕකෙ අගුල කරකවල අරින එකක්. සාමාන්‍යයෙන් ටිකක් තදයි.
ලොක් එකට අත තිබ්බා විතරයි මෙන්න ඒක හෙමිහිට නිකම්ම කැරකෙනවා! ඒ විතරක් නම් මදැයි දොරත් හෙමීට ඇරුණා!! (මගේ කිසිම ආයාසයක් නැතිවම!)
මම එකපාරටම දැක්කේ ෆෝටිකෝව මැදින් ගුප්ත විදියට ගලාගෙන ගිය තද මීදුම් වලාකුළක් විතරයි. ඒ මැදින් මතුවුනේ කවුද..? දඬු ලේනා...!
ඒ උගෙ කැම්පස් කාඩ් එක (අන්වර්ථ නාමය).
මට ක්ෂණිකව ඇතිවුනේ මෙහෙම හැඟීමක්...(අවංකවම)
මූ ඇක්සිඩන්ට් එකකින් මැරිලා, මට පෙනී ඉන්නවා ඒ පණිවිඩය දෙන්න. ඔහොම කතා බර ගාණක් මම කියවලා තිබුණා. හදිසියේ නොසිතන මොහොතක මැරිච්ච මිනිස්සු තමන්ගෙ ළඟම හිතවතුන්ට ඊට මොහොතකට පසු පෙනී හිටපු සිද්ධීන් පිටරටවලින් විතරක් නොවෙයි ලංකාවෙනුත් ගොඩක් වාර්තා වෙලා තිබුණා. හදිසියේ ගෙදර ආපු තමන්ගේ සැමියා එක්ක කතාකරලා මිනිත්තු ගණනකින් ඔහු යුදබිමේදී මිය ගිය පණිවිඩය ලද සෙබළ බිරිඳකගේ කතාවක් කියවලා වැඩි දවසක් ගෙවිලා තිබුනේ නෑ.
"බය උනාද...?"
මෙහෙම කියලා දඬුලේනා මගෙ අත අල්ලා ගත්තා.
උගේ අත උණුසුමට තිබුන, එතකොට තමයි මට තේරුණේ මූ මැරිලා නෑ කියලා!
මේ ටිකක් අභව්‍යයි වගේ හිතෙයි. ඒත් මතක තිතාගන්න මේ ඔක්කොම වුනේ තත්පර 2-3ක් ඇතුළත කියලා. මට කියන්න ඕනි උනේ අපි එදිනෙදා දකින, අසන දේවල් කොච්චර අපේ යටි හිතට බලපෑම් කරනවද කියලා.
විශේෂයෙන් මෙන්න මේ සිද්ධියට පස්සෙ තමයි මම මේ වගේ ඒව ඇත්තටම විශ්වාස කරන්න පටන් ගත්තේ.
:D අම්මෝ මම නම් ඔහොම ඉන්නේ නෑ තනියම වැරදිලාවත්!
ReplyDeleteහරිම බිය එලවන සුලු කතාවක්නෙ..... මගෙ මයිල් කෙලින් උනා.... එත් එක්කම ඈහෙට කදුලු බින්දුවකුත් අවා මචන්.....
ReplyDeleteඔව් ඉතින් තෝනෙ බිය දනවපු එකා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅඩේ කවුද බොලේ ඒ
ReplyDeleteඋඹට ව්ඩා හොල්මන් ඉන්නවද ඇහ්
ReplyDeleteඔව් ඉතින් හොඳ වෙලාවට දඬුලේනව දැක්කෙ බැරිවෙලාවත් තෝව එහෙම දැක්කනම් මේ වෙනකොට මම නෑ...
Deleteමේ යාලුවනෙ සීන් එකේ අනික් ටික.....මේ පට්ට කලුවරෙ මර බයෙන් බොඩිමට ගිහින් දොර ඈරපු මට මොකාද නිකන් මහසොනා වගෙ එකෙක් ඈතුලෙ ඉදන් දොර ඈද්ද මට නිකින් ................කියන්න ඔන නෑ නේ...... මුව දෑකල මම........
ReplyDeleteවැඩිය කෑ නොගහ හිටු නැත්නම් මට කියන්න වෙනව ෆෝටිකෝව හෝදන්න වෙච්ච විත්තිය....
Delete