ඇදුරන් (විශේෂයෙන් සරසවි) යනු 'බෝඩ් එකට' උගන්වා යන, සිසුන්ගේ සිතුම් පැතුම් කිසිදා ස්ඵර්ශ නොකරන, මුදල් මත්තේම නැහෙන අසංවේදී නරුමයන් යයි සිතා සිටින අය කරුණාකර මෙය කියවන්න.
දේශන ශාලාවේ සිටි සියගණනක් වූ සිසුන් අතුරින් එක් කඩවසම් පිරිමි ළමයෙක් ළඟ මගේ අවධානය රැදුනා…
Multimedia තිරයේ සිදුවන වෙනස් කම් වලට ඔහු දැක්වූයේ එපමණ හොඳ ප්‍රතිචාර නොවෙන අතරම ඊට වඩා ඔහුට වැදගත් වුනේ දේශනය record කර ගැනීමයි.
දේශනය අවසන් වුනාට පස්සේ ඔහු සිය පෙම්වතියත් සමග විත් මා මුනගැසුනා. ඔහු මගෙන් ඉල්ලා සිටියේ දේශනයේ විද්‍යුත් පිටපත (soft-copies).
ඒ කුමකටදැය් මා විමසූ විට ඔහු කීවේ එය text-2-voice software 1ක් මගින් audio බවට හරවාගෙන සවන්දෙන බවක්.
ඔහු විෂේශයි කියලා දැන් හොඳටම විශ්වාසයි නේද?…ඒත්..ඉගෙනීමට තියෙන අසාමාන්‍ය උනන්ඳුවට වඩා තවත් විෂේශත්වයක් ඔහුට තිබුනා…
ඔහුගේ දෑසම අන්ධයි…..!
එවෙලේ මා ළඟ එය (soft-copy) නොතිබූ නිසා staff room 1කේ දී මා හමුවන ලෙසට මා දැනුම් දුන්නා.
ඔහු සිය පෙම්වතියත් සමග විත් මා staff room 1 දී යළි මුනගැසුනා. මම විස්තර ඇහුවා හිත නොරිදෙන විදියට…..
ඔහු අන්ධ වෙලා තියෙන්නේ මීට මාස කීපයකට කලින් (විශ්වවිද්‍යාලයේ පළමු වසරටත් පසු )…
ඔහු කියනවා ඔහු මේ විෂයට හා මගේ දේශනයට ඉතා තදින් ඇලුම් කරන අතර ඔහුට මේ විෂය ඉතා හොඳින් ඉගෙන ගැනීමට අවශ්‍ය බව…
Record කරගත් මගේ දේශනයට නැවත නැවතත් සවන් දෙන බව ඔහු කියනවා….
හිතන්න….Computer Screen 1 නොපෙනෙන කෙනෙක් ඒක ඉගෙන ගන්න කොයිතරම් නම් ධෛර්යයක් ඕනෙද කියලා……
තවත් සංවේදී අතුරු කතාවක් තියෙනවා..
ඔහුගේ පෙම්වතිය ඔහු අන්ධ වීමට කලින් හමුවූ කෙනෙක්. ඇය ඔහුට කණවැල අල්ලන්නේ හරිම ආදරෙන්..
අද ඔහු අත්සන් කරනකොට ඇය පොඩි ළමයෙකුට ලියන්න පුරුදු කරන අම්මා කෙනෙක් වගේ ඔහුට උදවු කලේ. එවෙලේ මම ඉතාම හැඟීම් බර උනා..
ඒ වගේ උතුම් චරිත මම දැකලා තිබුනේ media වලින් විතරයි….
මම ඔහු වෙනුවෙන් මට හැකි උපරිමයෙන් උදවු කරනවා…අද ඔහු වෙනුවෙන් විශේෂ සටහන් මම හදන්න පටන් ගත්තා…..
මගෙන් වෙන්න ඕනෙ යුතුකම් ගැන මම අද ඉතාම තෘප්තිමත්..
ඉගැන්වීමෙන් ලබන තෘප්තිය මට වෙන කිසිම දෙයකින් ලබන්න බෑ කියන එක මම තේරුම් ගත්තා.
මගේ අම්මා තාත්තා (ඒ දෙන්නම ගුරුවරු), ගුරු දෙවියන් ගැන මට දැන් තියෙන්නේ පෙරටත් වඩා ලොකු ආදරයක් සහ ගෞරවයක්…
ආදරණීය සිසු දෙපල….ඔබට හදවතින්ම සුභ පතනවා…බුදු සරණයි….
2011.12.01 විශ්වවිද්‍යාලයේදීය.
පසු කතාව.
2012.05.09 වන දින මම විශ්වවිද්‍යාලයට සමු දුන්නෙමි. එදින උදේ දේශනයේදී ඒ බව සිසුන්ට දැනුම් දෙනවිට මට හැඬුම් ආවේය. ඒ තරමටම මා විශ්වවිද්‍යාලයට ආදරය කළ නිසා විය යුතුය. කෙසේ වෙතත් මා සහෝදර ආචාර්ය මණ්ඩලය සාදයක් සංවිධානය කර ඇති බව දැනුම් දෙනු ලැබුනු හෙයින් දේශනය අවසන් වූ වහාම මට සිසුනට සමු දෙන්නට සිදු විය.මා සමුගැනීමේ සාදය අවසන් වී යළි පැමිණෙන විට වසා දමා ඇති ආචාර්යවරුන්ගේ විවේකාගාරය ඉදිරිපිට ඔහු සිටගෙන සිටියේය. මම ඔහුගේ අතින් අල්ලා ගතිමි.
"සර්...මගෙන් පොඩි සිහිවටනයක්. මේක එච්චර වටින්නේ නම් නෑ...".
මා කීවේ මෙපමණකි.
"දරුවෝ, වටින්නේ මේකෙ රුපියල් වලින් කියන වටිනාකම නෙවෙයි. දෙන කෙනාගේ හදවතයි."
මා ලැබූ තිළිණ අතුරින් ලද වටිනාම සහ සදා අමරණීය මතකයන් රැගෙන යන සිහිවටනය එම සරල යතුරු රඳවනයයි. අදටත් එය සුරැකිව මා සතුව ඇත.
ආදරණීය මිතුරු මිතුරියන්ට සමුදී ගේට්ටුවෙන් පිටතට පැමිණ අවසන් වරටත් මම හැරී බැලුවෙමි. '_____ විශ්වවිද්‍යාලය' යන නාම පුවරුව බොඳවූ දෑස් තුළින් දුටිමි.
සංවේදී කතාවක්.. මෙවන් ගුරුවරුන්ට අපෙන් ආචාරය..
ReplyDeleteමේ කතාව කලින් කියවලා තියෙනවා වගේ මතකයි.. වෙන බ්ලොග් එකක ලිව්වද?
ඔව් අන්තිම පේළියෙ පළවුනා. මම මේක අත්විඳි දවස්වලම. වෙන ඒවගේ තියේනම් හොර කොපියක් වෙන්න ඕනා. මේ තියෙන්නේ ලින්ක් එක.
Deletehttp://www.thelastrow.net/2012/01/%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F/
a man with a heart...
Delete