Friday, September 28, 2012

ඉතින් අවසරයි සමු දෙන්නට....


සංවේදී සේවය කරන සරසවියේ සංවේදීගෙ සහය ආචාර්ය මණ්ඩලයේ සොයුරෙක් හා සොයුරියක් (ඉතිරි වෙලා හිටිය එකම සොයුරිය) අද සරසවියට සමු දීලා පාසල් ගුරු සේවය වැළඳ ගන්නවා. මේ ඒ වෙනුවෙන් සංවේදී මුහුණු පොතේ තියපු සටහන. මේ ඉල්ලීම සහ වදන් පෙළගැස්ම සමස්ත ගුරු පරපුරටම වැදගත් වේවි සහ උපහාරයක් වේවි කියලා හිතුන නිසා මේක ඔබත් එක්ක බෙදා ගන්න හිතුනා.

"එක අතකට ඔබ මට වඩා වාසනාවන්තයයි මට හැඟේ. 

කීර්තිමත් විශ්වවිද්‍යාලක ආචාර්ය මණ්ඩලයේ සේවය කිරීමට සුදුසුකම් ලද ඔබ නික්ම යන්නේ වඩාත් කැපකිරීම් සහිත වූ උතුම් සේවයක් මේ රටට ඉටුකිරීමටය. 

මා වායුසමනය කරන ලද විද්‍යාගාරයක සහය ආචාර්ය මණ්ඩලය පිරිවරාගෙන කරන සේවය ඔබ දහඩිය වගුරුවමින් අවම පහසුකම් මැද මේ රටට ඉටු කරනු ඇත. 

දුප්පත් අහිංසක දරුවන්ගේ කඳුල හා සුසුම මට වඩා ඔබට සමීප වනු ඇත.
වනයේ පිපුනු නමුත් සුන්දරත්වයේ හෝ වටිනාකමේ අගයේ අඩුවක් නැති මල් කැකුළුවල සුවඳ ඔබ ආඝ්‍රාණය කරනු ඇත.
ඒ සුකොමළ හදවත් වඩාත් මෘදු ලෙස ස්ඵර්ශ කරනු ඇත.
ඒ සුවඳින් ඔබ විඳින අනේක විධ දුක් වේදනා සැනෙකින් අමතක වනු ඇත.

මතක තබාගන්න. විශ්වවිද්‍යාලයේ ඉගැන්වුවද, දුෂ්කර පාසලේ බාලාංශයට ඉගැන්වුවද ගුරුතුමා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුඋතුමා වේ. එය වන්දනීය තනතුරකි.

මීට,
ඔබේම සොයුරු,
____ සර්"


ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක සංවේදීට හොඳට පුරුදු වුනත් (මේ සංවේදීගෙ සිවු වෙනි සරසවිය හා රැකියා ස්ථානය.) වැඩියෙන්ම දුක දැනෙන්නෙ ඒ ගැන නොවෙයි. 

අපේ නිදහස් සරසවි අධ්‍යාපනයේ හෙට දවස ගැන...

7 comments:

  1. ඔබ අපූරු කෙනෙක් නොවෑ..

    මේක ලියල එල්ලල තබාගන්න වටින සටහනක්
    ඔබෙන් සේවය ලබන අය වාසනාවන්තය

    ඔබට සදා ජය!

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීම ගැන ස්තුතියි. මේ වගේ සටහන් රාශියක් මේ බ්ලොග් අඩවියේ තියෙන බවට ආරාධනාවක් කරන්න කැමතියි.

      Delete
  2. සංවේදී... ඇත්තටම සංවෙදී....

    ReplyDelete
  3. හරිම සංවේදී සටහනක්...හැම වචනයක්ම මගෙ හිත ගත්තා

    ReplyDelete
  4. ගුරුවරයෙක් වෙලා කවදහරි විශ්‍රාම ගිය දාට එයාලා කරපු සේවය ගැන හද පතුලෙන්ම වෙනස්ම සන්තෝසයක් දැනේවී... ඒ දේ හැමෝටම ලබා ගන්න බැරි දෙයක්...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete