හේතුවාදීන් කියලා කියන්නේ මේ ලෝකේ අධ්‍යාත්මික බලවේග තියෙනවා කියලා විශ්වාස නොකරන අය. මේ අය පිළිගන්නෙ විද්‍යාත්මක උපකරණ වලට අහුවෙන හෝ ගණිතමය වශයෙන් සාධනය කරන්න පුළුවන් 'පරම සත්‍යය' විතරයි. මේ අදහස් ලංකාවේ ගොඩක්ම ප්රවලිත කළේ මහාචාර්ය ඒබ්‍රහම් කොවුර් (Abraham Kovoor) මහතා. එතුමාගේ අනුගාමිකයින් තමයි අර රැස්වීම කැඳවලා තියෙන්නේ. ලංකාවේ ඉහලම පෙළේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් සහ විද්වතෙක් වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එහි පුරෝගාමියෙක්. මීට අමතරව සුප්‍රකට මනෝ වෛද්‍යවරු වන රූමි රූබන් මහතා, පී.එන්.විද්‍යාකුලපති මහතා මෙහි ප්රමුඛ පෙළේ සාමාජිකයන්. එතුමන් විශ්වාස කරන්නේ සියලු යක්ෂ, ප්‍රේත ආරූඪ මනෝ මූලමය රෝගයන් කියාය. මෙහි සත්‍යතාව ඉතා ඉහළ විය හැකියි. උදාහරණයක් විදියට ගත්තොත් තරුණියන්ට වැහෙනවා කියන කළුකුමාර දිෂ්ටිය කියන්නෙ වැඩිවිය පත්වෙලා විවාහ දිවියට සුදුසුකම් ලබන වයසේ ඇතිවන සිරුරේ හෝමෝන වෙනස් වීම නිසා මොළයේ සංඥා හා සංවේදන හසුරුවන රසායනික විපර්යාස නිසා ඇතිවන මානසික සමතුලිතතාව බිඳවැටීමක් බව හේතුවාදී නොවන වෛද්‍යවරුන්ගේ පවා මතයයි.
මේ සටහනෙන් ඒ වගේ මතවලට සහය දැක්වීමට වඩා නිරුත්සාහයෙන්ම වෙන්නෙ ඒ මතයට ටිකක් පටහැණි සාධක ඉදිරිපත් කිරීමයි කියලා කිව්වොත් නිවැරදියි. මේක හේතුවාදී සංකල්පයට පහර ගැහීමක්වත් හේතුවාදීන් විවේචනය කිරීමක්වත් නොවෙයි. එහෙම වෙන්නෙ මගේ පුද්ගලික අත්දැකීම් 2ක් එක්කයි. එකක් 'අධ්‍යාත්මක හීන' සටහනේ තියෙන මගේම සත්‍ය අත්දැකීම. අනෙක තමයි 'සමාධි සුව' සටහන. ඒකත් මගේම සත්‍ය අත්දැකීමක්.
මේ දේවල්වලින් මට නම් නිගමනය කරන්න වෙන්නෙ විද්‍යාත්මක උපකරණ වලට අසු නොවන එකම හේතුව නිසා අපිට සියල්ල බැහැර කළ නොහැකි බවයි. මහ ලොකු විද්වතෙකු නොවුනත් මම ඒක තේරුම් ගන්නෙ මෙහෙමයි.
ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගත්තෙ නැත්නම් අපි තවමත් විශ්වාස කරන්නෙ විද්‍යුත් චුම්බක තරංග කියන්නෙ හුදෙක් කල්පිතයක් විතරක් කියල වෙන්න පුළුවන්. ඒක තිබුණාවෙ. අන්වීක්ෂය බැරිවෙලාවත් හොයාගෙන තිබුණෙ නැත්නම් අපි කවුරු හරි ක්ෂුද්‍ර ජීවීන් කියල සත්ත්ව කොට්ඨාශයක් ඉන්නව කිව්වොත් හිනාවෙන්නත් ඉඩ තියෙනව.
මෙතන වෙලා තියෙන්නෙ ඇත්තටම අධ්‍යාත්මික බලවේග කියල එකක් නැතිවීමද නැත්නම් ඒව අල්ලගන්න තරම් දියුණු, සංවේදී උපකරණ තවම නිපදවා නොමැති වීමද..? මිනිස් මොළය කියන්නෙ ඔය කියන හැම උපකරණයකටම වඩා සංවේදී, දියුණු අවයවයක් නිසා උපකරණ වලට අහුවෙන්නෙ නැති ඒව අහුවෙනව වෙන්න බැරිද..?
මනෝ කාය(Astrol Body) ගැන පර්යේෂණ කරන විද්‍යාඥයො ගොඩක් අය ඔය වගෙ සියුම් ශරීර තියෙන ජීවී කොටස් ගැන විශ්වාස කරනව. ඒ විතරක් නෙමෙ ක්‍රිස්තුස් වහන්සෙ මරණින් දින ගණනකට පසු උඨ්ඨාන වුනයි (පෙනී සිටියයි කියන එක) කියන එකට මේ අය විද්‍යාත්මක අර්ථකතන දෙනව. සාමාන්‍ය කෙනෙකුට දර්ශනය නොවුනත්, යම් විශේෂ සංඛ්‍යාත පරාස වලට සංවේදී අයට එහෙම සියුම් ශරීරයක් පෙනෙන්න හැකියාව තියෙන බව මටත් හිතෙනෙව.
හොල්මන්, අවතාර ගැන මගෙත් වැඩි විශ්වාසක් නෑ. ඒත් එහෙම අය ඇත්තටම ඉඳලා, අපිට නොපෙනී ඉන්නවා වෙන්න පුළුවන්. උදාහරණක් විදියට මිනිස් කනට ඇහෙන්නෙ නැති ශබ්ද, රූප කොච්චර තියෙනවද සත්තුන්ට ඇහෙන, පෙනෙන. හිටිගමන් ඔය අපේ ගෙවල්වල බල්ලො එහෙම කිසිම හේතුවක් නැතුව කළබලවෙන්නෙ ඒ නිසා කියල මහලොකු උගත්තු නොවෙන අපේ ගැමියො කියනව. ඇත්ත වෙන්න පුළුවන්.
වඩාත් විද්‍යානුකූලව මේක පැහැදිලි කළොත්, කවුරුත් දන්නවනෙ MP3 ගැන. ඔය ගීත එහෙම ගබඩා කරන Format එකක්. මේක සම්පීඩනය(Compress) කරපු Format එකක්. මේ MP3 වර්ගයේ ගීතයක් ගබඩා කර තබන්න ඉලෙක්ට්‍රොනික උපකරණවල / තැටිවල අවශ්‍ය වෙන්නෙ ඒ ගීතයම අමු (සම්පීඩනය නොකළ) Audio File එකේ තියෙනකොට වගේ 1/10 ධාරිතාවක් (ඉඩ ප්‍රමාණයක්). මෙහෙම වෙන්නෙ මුල් පිටපතෙන් මිනිස් කණට නොඇසෙන - ඒ කියන්නෙ හර්ට්z(ස්) 20-2000Hz පරාසයේ නැති ශබ්ද අයින් කළාම. වීඩියෝ සම්පීඩනය කරලා MP4 වගේ Formats වලට හරවද්දි වෙන්නෙත් ඔය ටිකමයි. ඒ කියන්නෙ මිනිස් ඇසට 'දිරවන්නෙ නැති' සංඛ්‍යාත වල රූපමය දත්ත ඉවත් කිරීම. සමහරවිට ඒ අයින්කරන රූප, ශබ්ද වල හොල්මන්, අවතාර ඉන්නත් පුළුවන්!
ඔය සංඛ්‍යාත කතාව තේරුණේ නැත්නම් කරන්න හොඳ වැඩක් තියෙනව. ගන්න ටී.වී. එකේ දුරස්ථ පාලකය. ඒකෙ මුදුනෙ තියෙනව සුදුපාට බල්බ් එකක් පෙනුමෙන් එල්.ඊ.ඩී. (LED) එකක් වගෙ. බොත්තම් (ඇඳුමෙ නෙවෙ, රිමෝට් එකෙ) ඔබල බලන්න ඒක පත්තු වෙන්නෙ නෑ. දැන් ගන්න කැමරාවක් තියෙන ජංගම දුරකථනයක් (එහෙම එකක් නැත්නම් කරන්න දෙයක් නෑ) කළින් විදියට කරල බලන්න හැබැයි දැන් බලන්න අර බල්බ් එක පත්තුවෙනව දකියි ෆෝන් එකේ කැමරාවෙන්. මෙහෙම වෙන්නෙ ඇයි? හේතුව අරක විශේෂ එල්.ඊ.ඩී. එකක්. අධෝරක්ත කිරණ (Infra Red - IR) තමයි නිකුත් වෙන්නෙ. ඒක අපේ ඇහේ සංඛ්‍යාත පරාසෙ නෑ.
විද්‍යාත්මකව ඔප්පුකරන්න තවමත් බැරි වුනත්, තාර්කික ලෝකය විසින් පිළිගන්නා ලද පුනර්භව සාධක 11,000කට වඩා වාර්තා වෙලා තියෙනව. ඉතාමත්ම පුළුල් විෂය පථයක් නිසා මම ඒ ගැන කතා කරන්න යන්නෙ නෑ.
විශ්වයේ දැනට පිළිගත් ආකෘතිය පමණක් නොව, ජීවය පැවතිය හැකි සම්භාවිතාවන්, සංඛ්‍යා ලේඛන සහිතව මීට අවුරුදු 2600කට පෙර බුදුන් වහන්සේ ගණනය කළේ කොහොමද? (විශ්වය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් Thousand Universal Objects - 'සහස්සී ලෝක ධාතු' නම් සූත්‍රයේ ඇතුළත්. ලොව මුල්ම සාර්ථක විශ්ව කොටස් වලට බෙදා වෙන්කිරීම, වර්ගීකරණය මෙයයි.). සත්ත්වයාගේ උපත ගැන උන්වහන්සේ සඳහන් කර ඇති උපමාවට පැසෙන කිරි බඳුනක මතුවන ගිතෙල් (Ghee) වල රසය සම්බන්ධකොට තියෙනවා. පුදුමය නම් එය ජීවය සඳහා අවැසි මූලික ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන සෑදෙන්නේ ඇමයිනෝ අම්ල සංගණනය වීමෙන්.) වලින් පරිපූර්ණ වීමයි. 'ඉන්දක' සූත්‍රයේදී උන්වහන්සේ කළලයක විකසනය හරියටම විස්තර කර තිබෙන්නේ වෛද්‍ය පොතක වගේ.
වරක් උන්වහන්සේ අඹරේ දිලෙන තරුවක් පෙන්නලා ඇසුවලු "මහණෙනි ඔබ සිතනවද අර තරුව එතැන ඇත්තටම දැල්වෙමින් පවතිනවා කියලා?"
ලැබුණු උත්තරය 'ඔව්.' නමුත් උන් වහන්සේ ඊට පසු පැහැදිලි කළා එය පුපුරා ගොස් තිබුණේ මීට වසර ගණනාවකට පෙර බවත්, දැන් අප දකින්නේ තවමත් පෘතුවියට ළඟා වෙමින් පවතින, තරුව පුපුරා යාමට පෙර එයින් මුක්ත කල ආලෝකය පමණක් බවත්. මතක තියාගන්න මේ පැහැදිලි කිරීම කළේ 'ආලෝක වර්ෂ' සංකල්පය තබා ආලෝකය කියන්නෙ (සීමිත වේගයකින්) ගමන් කරන දෙයක් බවවත් නොදැන සිටි සමයක බව.
ඔන්න ඔය නිසා තමයි NASA ආයතනයෙන් විශ්වයට මුදා හැරුණු යානයේ රන් පතක සඳහන් පණිවුඩය සනිටුහන් කිරීම සඳහා පාලි භාෂාවට විශේෂ ප්රමුඛත්වයක් ලැබුණේ. (රන් යොදා ගත්තේ එය ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුම නිසා වැඩි කල්පැවැත්ම නිසා). තවත් පැහැදිලි කළොත්, බුදුන් වහන්සේ හමුවීමට පැමිණි දෙවිවරු ගැන සඳහන් වෙනවනේ. විද්‍යාඥයො හිතන්නෙ මේ දියුණු ලෝක වල සිට පැමිණි පිටසක්වල ජීවීන් විය හැකියි කියල. බුදුන් වහන්සේ ඔවුන් සමග සන්නිවේදනය කළේ පාලියෙන් හෝ වෙනත් එවන් භාෂාවක් භාවිතයෙන් නිසා එයාලට වටහා ගන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නෙ එම භාෂා කියලයි විද්‍යාඥයො බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.
මෙහෙම බටහිර විද්‍යාඥයො අපේ දේවල් මත රඳා පවතින තැනට වැටෙද්දි අපේ අය ඊට ගරහන එක එක අතකින් කණගාටුවට කරුණක්.
කවුරුත් දන්නවනෙ 'හර්ජ්' (Hergé) කියන කලාකරුවා, 'ටින් ටින්' බැලුවනම්. මතකද දන්නෙ නෑ ඒකෙ මේ දර්ශනය
හර්ජ් කියන්නෙ නිකම් හිතළු විතරක්ම තමන්ගෙ කලා නිර්මාණ වලට පාදක කරගත්තු කෙනෙක් නෙමෙ. එයා ලෝකෙ ගොඩක් රටවල සංචාරය කරල තියෙනව. මේ අත්දැකීම එයා ටිබෙට් දේශයෙන් ගත්තු එකක්.
අදටත් මෙහෙම දේවල් ලෝකෙ තියෙනව. නිකමට 'ගූගල්' පාරක් දාල බලන්නකො 'Man Levitates YouTube' කියල.
සටහන : මේකෙ මේ හාමුදුරුවො පැහැදිලිවම කියනව 'Magic, we are not the same' (මැජික් සහ අධ්‍යාත්මික 'ප්රාතිහාර්යයන්' එකක් නෙමෙ නෙමෙ දෙකක්). මැජික් කියන්නෙ යම් කිසි දක්ෂ 'රැවටීම්ක්' විය හැකි නමුත් මෙය එවැන්නක් නොවන බව මෙහි අරුතයි.
ඔබ ලිපියේ සඳහන් කරල තියන සමහරක් කාරණා ගැන මාත් විවෘතයි (උදා දෙවියන් යනු පිටසක්වල ජීවීන් ) , නමුත් "අධ්යාතිමික බලවේග" කියන ලේබලය ගහගෙන කරන බොහොහොමයක් විකාර පසුපස යනවට වඩා හේතුවාදි වීම හොඳයි , ඔය කිසිම බලවේගයක පිහිටක් නොපතා ඉන්න මට තවමත් කිසිම ගැටලුවක් මතුවෙලා නැති නිසාත් , විද්‍යාත්මකව හොයාගෙන තියන දේවලින් විතරක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කම තියන නිසාත් මට නම් හේතුවාදය හොඳයි , මෙහෙම ඉන්න කොට නැකත් බලන්න යන්න පුද පුජාවල් වලට යන්න , ධාතු වඳින්න පැය ගණන් පෝලිම් වල ඉන්න යන කාලය ශ්‍රමය හා ධනයත් ඉතුරුයි , ඒ අතරම බෞද්ධ දර්ශනය ඇතුලේ ජීවත් වෙන්නත් , තවමත් තහවුරු කර නොගත් දේවල් පිලිබඳව විවෘත මනසකින් ඉන්නත් බැරි කමක් නෑ
ReplyDeleteමමත් කිසිවක් 'අදහන්නෙක්' නෙවෙයි. ඒ කියන්නෙ කිසිවක් බලාපොරොත්තුවෙන් වන්දනා කරන කෙනෙක් නොවෙයි. කවදාවත් දේවාලෙකට ගිහින් නැනැ යන්නෙත් නැහැ. ඔය බහිරව පූජා වගේ ඒව මට කොහෙත්ම අල්ලන්නෙ නැහැ. නිර්මල බුදු අදහන්න ඕනෙ දෙයක් නෙමෙ හැදෙන්න අනුගමනය කරන්න ඕනෙ පිළිවෙතක් සහ ගැඹුරු දර්ශනයක්. මම කිසිමත් දෙවියෙක්ගෙ පිහිටක් යදින කෙනෙක් නෙමෙ.
Deleteපිටසක්වල කතාවට මම හරි කැමතියි ,මේ අති විශාල විශ්වයේ ජීවය පැවතිය හැකි ග්‍රහලෝක තියෙන්නෙ 1යි (පෘතිවිය) කියල පිලිගන්න මම කොහෙත්ම කැමති නෑන් ,ඒක ප්‍රායෝගිකත් නෑ ,අහන්බෙන් හෝ තව එක ග්‍රහලෝකයක් වත් පැවතිය යුතුයි හමහරවිට ඊටත් වටා වැඩි ගනනක් ,තියන එකම ප්‍රශ්නෙ ග්රහලෝකයකින් තවත් ග්‍රහලෝකයකට සංචරනය කිරීම අපහසු වීම .විශේශයෙන්ම ඒකට ප්රබලව බලපාන්නෙ අදාල ජීවීන්ගෙ ආයුකාලය .ආයුකාලය අඩුනම් සංචරනය කිරීම අපහසුයි මන්දයත් පෘතිවියේ යානා ශබ්දයේ වේගය පසුකලත් ආලෝකයේ වේගය පසුකරල නෑ ,ඒකනිසා තම ආයුකාලය තුල ග්‍රහලෝක හරහා (ආලෝක වර්ශ ගනනාවක් දුරින් ඇති) සංචරනය අපහසුයි.ආයුකාලය වැඩි ජීවීන් පිරිසකට පෘතිවියට පැමිනිය හැකියි .කොහොමත් දෙවියන් එනවකියල විතරයි නේ අපි දැනගෙන තියෙන්නෙ .මිනිස්සු කවුරුවත් ඒහේ ගිහිපු කතා අපි අහල නෑ නේ...මැරුනම යන කතාවල්නම් මිනිස්සු කියනව ...බුදුදහමෙ එහෙම එකක් කියනවද කියල නම් මම දන්නෙ නෑ...
Deleteඅපිට විද්‍යාවෙන් පේන්නෙ එක්තරා සීමාවක් විතරයි ක්යන එක ඇත්ත...ඒත් අර බුදුදහම ඒක අස්සෙන් ඔප්පු කරන්න යන එකටනම් මම කැමති නෑ....
ReplyDeleteබුදුදහම ගැන මමත් හරියට දැනගත්තෙ බටහිර විද්වතුන් පළ කරපු ඉංග්‍රීසි මාධ්‍ය පොතපතින්. ඊට කළින් එච්චරම පැහැදීමක් තිබුනේ නෑ කිව්වොත් ඒක අසත්‍යතාවක් නෑ. මමත් අන්ධ භක්තියෙන් හැම දේම පිළිගන්න කෙනෙක් නෙමෙ. ඒත් අබෞද්ධ පර්යේෂකයින් කරපු පර්යේෂණ ගැන මම බටහිර විද්‍යා ප්‍රකාශන වල කියෙව්වා. මම කියල තියෙන සූත්‍ර ගැන පවා මම ඇහුවෙ ඒවායින්. ඔබ බෞද්ධ දර්ශනය පිළිනොගන්නවනම් ඒක ඔබේ අයිතිය. මට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නෑ. හැබැයි මේ ලෝකෙ දැනට බිහිවෙච්ච බුද්ධිමත්ම මිනිසා වන ඇල්බට් අයින්ස්ටයින් පවා අගය කරපු දර්ශනයක් තමයි බෞද්ධ දර්ශනය. අද ලංකාවේ ඒය මනෝ වෛද්‍යවරු ප්‍රතික්ෂේප කලත්, මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවා මහ ඉහළින් පිළිගත්ත දෙයක්. මම ගතානුගතිකව ආගමක් විදියට 'බුද්ධාගම' අදහන කෙනෙක් නෙවෙයි දර්ශනයක් විදියට පිළිගන්න කෙනෙක්. ලංකාවේ බෞද්ධ දර්ශනය (බුද්ධාගම හා සම්බන්ධ ඇතැම් ඇදහිලි, පසුකාලීනව හින්දු ආගමෙන් එකතු වූ විවිධ මනස්ගාත නොවේ - නිර්මල බුදු දහම ) ප්‍රතික්ශේප කරන ගොඩක් අය මාක්ස් වාදියෝ. ඒත් කාල් මාක්ස් කියන ශ්‍රේෂ්ට දාර්ශනිකයා අන්තිම මොහොතෙදි බෞද්ධ දර්ශනය ගැන දැනගෙන, 'මීට කළින් ඒය දැනගන්නට ලැබුණි නම් ලෝකය මීට වඩා වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබූ බව' සිය දියණියට යැවූ ලිපියේ සඳහන්. මාක්ස්ගේ දර්ශනය විකුණාගෙන කන ගොඩක් ලංකාවේ නායකයින් ඒ ගැන හාංකවිස්සියක්වත් දන්නෙ නෑ. දැනගත්තත් 'සියලුම ආගම අබිං' යයි දැනටමත් අනුගාමිකයින්ගෙ ලේ වලටම දාල නිසා කතාකරන්න කැමති නෑ. ඔබ එතරම් අන්තවාදියෙක් නොවේ කියල මට හිතෙනව. හැකිනම් ඒ ලිපියෙ මුල් පිටපත අසංශිප්තව සොයාගෙන කියවන්න.
Delete//අදහන කෙනෙක් නෙවෙයි දර්ශනයක් විදියට පිළිගන්න කෙනෙක්. ලංකාවේ බෞද්ධ දර්ශනය (බුද්ධාගම හා සම්බන්ධ ඇතැම් ඇදහිලි, පසුකාලීනව හින්දු ආගමෙන් එකතු වූ විවිධ මනස්ගාත නොවේ - නිර්මල බුදු දහම ) //
DeleteSame here
@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili
DeleteLike (y)
ඔබ හෙතුවාදයට දුන් අර්ථ දැක්වීම අසම්පුර්නයි කියලයි මගේ වැටහීම,
ReplyDelete"...මේ අය පිළිගන්නෙ විද්‍යාත්මක උපකරණ වලට අහුවෙන හෝ ගණිතමය වශයෙන් සාධනය කරන්න පුළුවන් 'පරම සත්‍යය' විතරයි."
කුඩා කාලයේ සිටම මේ ගැන උනන්දු වූ අයෙක් ලෙස හේතුවාදීන් යනු "සැම සංසිද්දීයකටම භොතික පැහැදිලි කිරීමක් ඇතැයි සලකන පිරිසක්" කියලයි මගේ අදහස. ගණිතමය හෝ විද්‍යාත්මකව දැනට පවතින දැනුමෙන් යමක් පැහැදිලි කිරීමට නොහැකි වූ පමණින් එය අධිභොතික හෝ අධ්‍යාත්මික නොවන බවත් පවතින දැනුමෙන් ඒවා අවබෝධ කර ගැනීමට නොහැකි උනත් ඒවටත් ස්වබාවික පැහැදිලි කිරීම් ඇති බවත් එයින් හැඟවෙනවා.
ඒ වගේම පරම සත්‍ය කියා දෙයක් නැ තිබෙන්නේ සම්මුති සත්‍යන් පමණයි (නලින් ද සිල්වා මේ ගැන බොහොම සංගත ලෙස පැහැදිලි කර තිබෙනවා)
@බුවාගේ සිතුවිලි කියා ඇති පරිදි ඔය වැනි දේවල් තිබුනත් නැතත් ඒවා විස්වාස කිරීමෙන් වැඩිපුරම වෙන්නේ අවැඩක් බවත් ඒවා විස්වාස නොකිරීමේ හෝ ඒවා ගැන උනන්දු නොවීමේ කිසිදු අවැඩක් සිදු නොවන බවත් යහපතක්ම සිදු වන බවත් මගෙත් හැඟීම.
අදහස් දැක්වීම ගැන ස්තුතියි. අර්ථ දැක්වීමේ අඩුපාඩුවක් ඇත්නම් එය පෙන්වා දීම ගැනත් නැවතත් ස්තුතිය පිරිනමන අතර යළි මතක් කර සිටින්නේ මෙය හේතුවාදීන් හෙලා දැකීමට ගත් උත්සාහයක් නොවන බවයි. අධ්‍යාත්මික බලවේග විශ්වාසයට ගැනීම හෝ එයින් ඵල ප්‍රයෝජන ගැනීම එක් එක් අභිමතය අනුව කළ හැකියි. උදාහරණයක් ලෙස, නක්ෂත්රය ඉතා තදින් විශ්වාස කරන අය මෙන්ම එහි ඇතැයි කියන ප්‍රථිලාභ ගන්නා අය කොතෙකුත් ඉන්නවා. පෞද්ගලිකව මම එයට නැඹුරු වුන කෙනෙක් නොවෙයි. එහෙත් ඉහත දක්වා ඇති අත්දැකීම් 2 මත මට අධ්‍යාත්මික බලවේග ගැන කුහුලක් තියෙනවා. එයින් අදහස් වෙන්නෙ නෑ මම හැම ගුප්ත සංසිද්ධියක් පස්සෙම දුවනවා කියන එක. සමාජයේ වැඩිපුරම කෙරෙන්නෙ ඒ විශ්වාසය මත පදනම් කරගත් හුදු ව්‍යාපාර බව මමත් එකහෙලාම පිළිගන්නවා. හොඳම උදාහරණය තමයි වශී ගුරුකම් වගේ ඒවා. මේවා නිකම් පිළිලයක් වගේ ඔඩු දුවලා තියෙන හැටි බලාගන්න පුළුවන් පුවත්පතක දැන්වීම් පිටුව බැලුවම. 99%ක්ම මේවා නූගත් අහිංසක මිනිස්සු සූරා ගන්න අරමුණු කරපු වංචනික ඒවා. මම කියන්නෙ ඒ නූගත් මට්ටමට යා යුතුයි කියන එක නොවේ. නිර්මල බුදු දහම අනුගමනය කරන කෙනෙක් හැටියට මේවායින් වාසියක් හොයන එක නොවෙයි මම කරන්නෙ. සංවේදී කෙනෙක් නිසා මෙතුල යම් සියුම් අපූර්වත්වයක් මම දකිනවා. ඒකයි මේ ගැන අදහස් බෙදා ගන්න හිතුවෙ. වාද කරන්න නොවෙයි. එපමණයි.
Deleteඔය කාලෝ මහත්තය කාලෙන් කාලෙට චන්ද වැඩවලට අරන් යන ස්පීකර් එකක් වගේ. මොකද ඒක හැමදාම තව කාගෙවත් දෙයක් සද්දෙන් කියනවා මිසක් එකටම කියල අදහසක් නැනේ. මම දැක්ක එක දවසක් දොරමඩලාව "ඔය මහත්තයම කියනවා අපි කලින් කොවුර් මහත්තයත් එක්ක එකතුවෙලා කරපු වැඩ හරි නැ. කතරගම ගිහින් අරක්කු බීල මස් කාල ගිනි පැගුවට අපි නොදන්නා බලවේග තවමත් ඇත්තටම තියනවා. ඒ කාලේ අපි තරුණයෝ නිසා දුර දිග කල්පනා නොකර තමයි ඔය දේවල් කරේ. නමුත් අද මගේ මතය වෙනස් කියල." දැන් එතුමා ආයෙත් හේතු වාදී සංගමයත් එක්ක එකතුවෙලා කොවුර්ගේ තියරිය ගැන කතා කරනවා. මම පුද්ගලිකව මේ මහත්තයත් එක්ක කිසිම අමනාපෙකින් නෙවේ මේ කියන්නේ. නමුත් රෙදිත් ඇඳගෙනද ඔය විදිහට කතා කරන්නේ කියල සැකයි.
ReplyDeleteහේතුවාදීන් විසින් ප්‍රකාශ කරනු ලබන සියල්ලම සත්‍යයැයි පිළිගත නොහැක්කේ ඔවුනගේ මනසට ගෝචරවන ප්‍රමාණය හා පෙර සංසිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන් තුල පවතින අත්දැකීම් ප්‍රමාණය මත පමණක් ඔවුනගේ තර්ක හා කරුණු දැක්වීම් සීමා වී ඇති නිසායි. සමාජයේ පවතින බොහෝ මිත්‍යාමතවලට එරෙහිව ඔවුන් විසින් ගෙනයන ක්‍රියාදාමය සැබවින්ම අප විසින් පැසසිය යුතුය. එහෙත් මා ඔවුනගේ දකින ප්‍රධානම දුර්වලතාවය නම් ඔවුනගේ මනසට ගෝචර නොවන සියල්ල එකහෙලාම ප්‍රතික්ෂේප කිරීමයි.
ReplyDeleteවර්ථමානයේ පුවත්පත්වල පළවන වශී ගුරුකම්, යකුන් ලවා වැඩ ගැනීම්, තෙල් වර්ග පිළිබඳ එතරම් විශ්වාසයක් නැතත් එවැනි දෑ භාවිතයට ගනු ලබන හා ලැබු පාර්ශව සමාජයේ පහළම තලයේ සිට ඉහලම තලය දක්වා එදා සිට අද දක්වා සිටිති. බොහෝ විට ඔවුන්ද ප්‍රසිද්ධ සමාජය තුල මෙවැනි දෑ ප්‍රතික්ෂේප කරණු දැක ගත හැකිය. එහෙත් සත්‍ය ඊට ඉදුරාම වෙනස් බව දන්නෝ දනිති. ආධ්‍යාත්මික බලවේග පිළිබඳ විශ්වාස නොකරන සමාජයක් ඒ සියල්ලම බැහැර කරත් නම් ඒ සඳහා සාධාරණ ක්‍රමවේදයක් හේතුවාදීන් විසින් මේ කිසිත් නොදන්නා සාමාන්‍ය අහිංසක ජනතාව වෙත ඉදිරිපත් කිරීමක් කළ යුතුය.
සමාජයක යමක් පිළිගැනීම හෝ නොපිළිගැනීම තීරණය වන්නේ ඒ ඒ සංසිද්ධිය පිළිබඳව ජනතාවට පවතින පෙර අත්දැකීම් හා ඒ ඒ බුද්ධි මට්ටම් අනුවයි. බුදුදහම යනු ආගමක් පමනක් නොව ලොව පවතින පරම සත්‍ය පිළිබඳ තාර්කික අවබෝධයක් ලබාදෙන දර්ශනයක් යනු මාගේ පෞද්ගලික පිළිගැනීමයි. (සැ.යු-වෙනත් ආගම්වලින් හා විදේශීය ආක්රමණවල බලපෑම නිසා ඇතිවු වෙනස්වීම් වර්ථමාන බුදුදහම තුල පවතී.) එබැවින් සියළු ආගම් අබිං ලෙස පිළිගැනීමක් අප තුල නැත. එසේම මැජික් හා ධ්‍යානඵල අතර ඉතා විශාල වු වෙනස්කම් පවතී. මා අසා ඇති පරිදි නවීන විද්‍යාවේ සොයා ගැනීමක් නිසා බුදු දහමේ කිසියම්මවු ඉගැන්වීමක් මුසාවක් වී නැත.
මිනිසුන් ජීවත් කිරීම කෙරෙහි සහ සමාජයක යහපත් පැවැත්ම කෙරෙහි අනාගතය පිළිබඳ බලාපොරොත්තු තිබිය යුතුය. බොහෝ ආගම් විසින් මේ සඳහා විශාල මෙහෙයක් කරණු ලබයි.රොබෝ සමාජයකට වඩා අප, සාමාන්‍ය මිනිසුන් ජීවත්වන සරල සමාජයකට ප්‍රිය කරණු ලබයි. අවසානයේදී මේ සම්බන්ධයෙන් පැවසියයුතු වන්නේ විශ්වයේ අප නොදන්නා හා අපගේ මනසට ගෝචර නොවන බොහෝ බලවේග හා ශක්තීන් පැවතියහැකි බව සහ අපගේ මනසට ගෝචර නොවු පමණින් ඒ සියල්ල බැහැර කළ නොහැකි බවයි.
This comment has been removed by the author.
Deleteදැනට සොයාගෙන ඇති යන්ත්‍ර සීමිත ප්‍රමාණයකින් විග්රහ කරන්න බැරි වූ පමණින් යමක් නැතැයි කිව නොහැකියි...
ReplyDeleteඅපිට පෙන්නේ නැති ඇහෙන්නේ නැති පමණින් දෙයක් නැතැයි කීම විහිළුවක්. ඕනෙම කෙනෙක්ට තමන්ගේ මතය ප්‍රකාශකිරීමට අයිතිය තියෙනවා. ඔබගේ තර්කය මමත් පිලිගන්නවා.
ReplyDeleteබ්ලොග් අවකාසයේ මා කියවු සිත් ගත් ලිපි වලින් එකක් ඔබේ මේ ලිපිය , දිගින් දිගටම ලියන්න ශක්තිය ලැබේවා
ReplyDeleteමම නම් දකිනකම් විශ්වාස කරන්නේ නෑ. සමහරවිට මමත් හේතුවාදියෙක් වෙන්න ඇති. කොහොමත් මම දැන් ඉන්න කාලෝ ෆොන්සේකාට වැඩිය පරණ කාලෝ ෆොන්සේකාට කැමතියි.
ReplyDeleteඔබේ ලිපියේ ඇති කරුනු අතිශය හරවත් වන අතර දුරස්ත පාලකයේ බල්බය හා සම්බන්ද කරුන මම පලමු වරට අත් දකින සිදුවීමකි...
ReplyDeletehetuwadeen(dr kalo\vidyakulapati\etc..)yanu ugatun pamani,budu dahama ikmawayana buddhiyak oun sathu nowe...
ReplyDeleteමොකක්ද මේ විද්‍යාකුලපති ඩොක්ටර් කියන "හැලුසිනේශන්" ?
ReplyDeleteඇත්ත දැනගන්න
මොකක්ද මේ විද්‍යාකුලපති ඩොක්ටර් කියන "හැලුසිනේශන්" ?
ඇත්ත දැනගන්න...මෙවැනි සිද්ධීන් හුදු මානසික රෝග ලෙස ලෝකය ඉදිරියේ ප්‍රකාශ කරමින් විද්‍යාවේ මාන පදනම් කර පිළිතුරු සෙවීමට අපහසු බව නොපෙන්වා මෙරටේ වෛද්‍යවරුන් මෙවැනි අවස්ථා වලට මුහුන දුන් පුද්ගලයින් හුදු මානසික රෝගීන් පමනක් බව පෙන්වා මහජනතාව නොමග යැවීම එතුමන්ලාගේ දක්ෂතාවක් නොව තම අසමර්ත තාවය විදහා පෑමක් බව ප්‍රකාශ කල යුතුය.
https://www.facebook.com/JyotishLanka/
How can i contact Dr.P.N.Vidyakulapathi and Dr.Ruume Ruban.Pls send contact details
ReplyDelete