Wednesday, December 5, 2012

එහෙනම් ඒක කරගෙන ඉන්ඩ.....


මේක ඇත්ත කතාවක්ලු....

අපේ සිරි ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙ කාර්යාලයක ලිපි ගොණු පවත්වාගෙන යන්න අවශ්‍ය කෙනෙකුට ඇබෑර්තුවක් තිබුණලු. 

මේක දැනගෙන ප්‍රදේශයේ උගත් තරුණයො සෑහෙන්න ආවලු සම්මුඛ පරීක්ෂණේට....ඒ අතරෙ උපාධිධාරියෙකුත් හිටියලු...මෙයාට උපාධියෙ පන්ති සාමාර්ථයක් එහෙමත් තිබුණලු...ඒ කියන්නෙ ක්ලාස් පාස් එකක්...විශ්වවිද්‍යාලෙ ගිය අය දන්නව ඇති ක්ලාස් එකක් ගහන්න සෑහෙන්ඩ අමාරුයි. (කැම්පස් කොල්ලො කියන විදියට පට්ටම දරුණු ගේමක් දෙන්ඩ ඕනා) ඒකට ඉතින් හැම විෂයටම වගේ ඉහල ලකුණු ගන්න ඕන.

ඉතින් මෙයාව ඉන්ටව් කළෙත් මන්ත්‍රී තුමාමලු.

ඉන්ටව් එක කරගෙන යන අතරතුර අපේ උපාධිධාරී තරුණයා තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනත් කතා කළාලු. මෙන්න මෙහෙම සංවාදයක් ගියාලු.

"සර්...මට ක්ලාස් එකකුත් තියෙනවා..." ඒකිව්වෙ අර උපාධියෙ පන්ති සාමාර්ථය ගැනනේ...

හැබැයි ලැබුණෙ අනපේක්ෂිත ප්‍රතිචාරයක්...

"ආ....එහෙමද....එහෙනම් ඔයා එක කරගෙන ඉන්ඩ....මම ජොබ් එකක් නැතිම කෙනෙකුට චාන්ස් එක දෙන්න බලන්නම්...!"

ඒ මොකද්ද ඒ හරුපෙ කියල ටියුම් ලයිට් මොළේට හිතෙනවද....? නිකං කොයිල් වගේද..?

ටියුබ් ලයිට් වලට තේරුණෙ නැත්නම් මෙන්න මේකයි අපේ මන්ත්‍රීතුමා තේරුම් අරගෙන තියෙන්නෙ...
මෙයාට ටියුෂන් ක්ලාස් එකක් තියෙනවා...(ඒකෙ සෑහෙන්න ළමයි, ඒ කියන්නෙ සැලකිය යුතු ආදායමක්...)
ඒකෙ උගන්නන්න යන්න පරක්කු වෙනවා කියල තමයි "මට ක්ලාස් එකකුත් තියෙනවා" කියල තරුණයා අදහස් කළේ....

කොහොමද අපේ මන්ත්‍රීතුමාගෙ සාමාන්‍ය දැනීම...? 
(මට කිවුවෙ තාත්තා..ඒ කාලෙ ඒ කියන්නෙ 1980 ගණන් වල වෙච්ච දෙයක්ලු. හැබැයි ඉතින් දැන් කියලත් අපේ දේශපාලු උතුමන්ගෙ දැනුමෙ, උගත්කමේ, බුද්ධියේ වැඩි වෙනසක් නෑ මං හිතන්නෙ...)

අපේ පවුලේ සුහද පිළිසඳරෙදි තාත්තා ඔය කතාව කිවුවම අම්මා තවත් ඒ වගේම සිදුවීමක් මතක් කළා...

ක්‍රීකට් ක්‍රීඩාව එච්චරම ජනප්‍රිය නැති ඒ කාලෙ දවසක් පාර්ලිමේන්තුවේදි කතාවුනාලු ලංකාවට ටෙන්ඩුල්කාර් එනවා කියලා....
එකපාරටම ඔය කළින් කතාවෙ මන්ත්‍රීතුමා වගේ කෙනෙක් නැගිටල කිව්වලු....

"මටත් එකක් ඕනේ....!"  

5 comments:

  1. වෙන මොකුත් එපාද දන්නේ නැහැ දේසපාලුවොන්ට. හරක් රැලක් පාර්ලිමේන්තු යවනවට අපේ එවුන්ටමයි ගහන්න ඕනේ. අයියෝ සල්ලි කිල්යල තමයි කියන්න වෙන්නේ.

    ReplyDelete
  2. කාර් කථාවේ ඔරිජිනල් එක මහරගමින් පාර්ලිමෙන්තු ගිය ප්‍රේමරත්න ගුණසේකරට කියලයි කියන්නේ. සයිරස් වෑන්ස් ලංකාවට එනව කිව්වමලු :-)

    ReplyDelete
  3. හෙහේ පටට් කතාව..තාමත් ඒ විදිහමයි දියවන්නා රැලගෙ දැනුම , එකෙක් දෙකෙක් ඇරුනම..


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. හිකිස් මාර දැනුමක් නේ එයාලට තියෙන්නෙ බැලුවම

    ReplyDelete
  5. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete