Friday, August 2, 2013

වෙඩි කෑ උන් වෙනුවෙන් ධනපතියාගේ සටහන

මම සමාජවාදියෙක් නොවෙමි.
යූ.ඇන්.පී. කාරයෙක්ද නොවෙමි.
එහෙත්......
මා කන හැම බත් ඇටයක් පාසා ඔවුන්ගේ දහදිය බවට හැරවූ රුහිරු ගැබ්ව ඇති බව....
සමහර විට ඔවුන්ට කිසිදින හිමි නොවූ , දරුවන්ටවත් හිමි නොවන, මා ලැබූ වරප්‍රසාදවලට ඔවුන් දහදියෙන්, කඳුලෙන්, සුසුමෙන් දායක වූ බව....
සරසවි බිමේදී 'සර්' කියා මා ලබන සෑම ලයාන්විත ආමන්ත්‍රණයක්ම ලැබෙන්නේ මා කිසිදිනක විඳ නැති තරම් දුක් කම්කටොළු දැරූ සිරුරකට අයත් මුවකින් බව....
ඔවුන්ගේ එකම වස්තුව වූ දරුවන්ගේ සුවඳින් මගේ ලෝකය එකළු වන බව....
මගේ පඩි පතේ සෑම රුපියලකම ඒ අසරණයින්ගේ සිය දරුවන් වෙනුවෙන් ඔවුන් තැබූ බලාපොරොත්තුව කැටිව ඇති බව..... 
මගේ වාහනයේ දැවී යන සෑම ගැසොලින් බිඳුවකම ඔවුන්ගේ ජීවය ඇති බව....
මට මොහොතකදු අමතක නොවේ.....

මේ සටහන දිය බිඳකට දිවි පිදූ පීඩිතයින් වෙනුවෙන් ඉහල මධ්‍යම පාන්තික ධනපතියෙක්.

ප.ලි. 
මම හිතන්නේ නැහැ මම ධනපතියෙක් කියා. නමුත් ඔය සමාජවාදියෝ කියන උන් මට කියන්නේ එහෙමයි. මේ වචනය උන්ගෙ එකක්. මගේ එකක් නොවෙයි. 

මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයෙක්ව හිටපු කාලෙ එහි ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය නායක "ආචාර්යවරු කියන්නෙ ධනපතියෝ. උන්ට ගරු කරන්න ඕන නෑ." කියල කියනව මගෙ කන් දෙකටම ඇහුණ. මං දන්නව මේ වගේ ආකල්ප එයාලට පොවන්නෙ අවුරුදු 7-8 උපාධිය ගන්න බැරිවුන නිසා සරසවි ඇදුරන්ට වෛර කරන අර අන්තරේ කියන එකේ නායකයො කියාගන්න උන් කියල.
මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු 3ක් විතර වෙනව. ඒ කාලෙ FUTA එක එච්චර ජනප්‍රිය නැහැ. ඇත්තටම ළමයි සහ අපි අතරෙ සෑහෙන ලොකු පරතරයක් තිබුණ. මේ නිසා ලේසියෙන්ම අර වගේ අවස්ථාවාදීන් මේ අහිංසකයින්ගෙ බ්‍රේන් වොෂ් කළා. ඒකට අහිංසක දරුවො පළි නෑ. වගකියන්න ඕන මේ රටේ තුප්පහි සමාජවාදය.

26 comments:

  1. එහෙම හිතන්නෙත් ගාම්බිර විදියටද???

    ReplyDelete
    Replies
    1. නෑ. හරිම දුකෙන්.

      Delete
    2. මම හිතන්නේ නැහැ මම ධනපතියෙක් කියලා. නමුත් ඔය සමාජවාදියෝ කියන උන් මට කියන්නේ එහෙමයි. මේ වචනය උන්ගෙ එකක්. මගේ එකක් නොවෙයි.
      මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයෙක්ව හිටපු කාලෙ ඔය අන්තරේ ප්‍රාදේශීය නායකතුමෙක් එහෙම කියනවා මගෙ කන් දෙකට ඇහුන

      Delete
  2. මමත් කම්කරුවෙක්. මට කිසිම වරප්‍රසාදයක් ලැබී නැහැ. ඒත් අතට කීයක් හරි එනවා. නමුත් සංවේදී කතිකාචාර්ය්‍ය කියන්නෙ පීඩිත පංතියෙම තමයි, කම්කරුම තමයි. එකම වෙනස අපි හිතාගෙන ඉන්නවා අපි මධ්යම පංතිය කියලා එහෙම එකක් නැහැ. ධනපති පංතිය අපි ඇහින් දැකලාවත් නැහැ. අපිට යම් ආදායමක් ලැබුනට අපි පීඩිත පංතියෙන් වෙනස් වෙන්නෙ නැහැ. අපිව ඕකට වැද්ද ගන්නෙ නැහැ. ඒ නිසා මම නම් දකින්නෙ නැහැ ඔබ ධනපති කියලා. ධනපතියන් කිසිවෙක් අපිව දන්නෙත් නැහැ. උන් හිනාවෙයි අපි ධනපති කිව්වොත්.
    හැබැයි අපි එහෙම හිතන එක උන්ට වාසියි. මොකද අපේ පංතිය බේර ගන්න අපේ දායකත්වයක් එතකොට නැහැ. වැලිවේරියේ වුනෙත් ඒක. ඒක අසංවිධානාත්මක වූයේ අපි අපිට අයිති තැන නොහිටපු නිසා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නැහැ මම ධනපතියෙක් කියලා. නමුත් ඔය සමාජවාදියෝ කියන උන් මට කියන්නේ එහෙමයි. මේ වචනය උන්ගෙ එකක්. මගේ එකක් නොවෙයි.
      මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයෙක්ව හිටපු කාලෙ ඔය අන්තරේ ප්‍රාදේශීය නායකතුමෙක් එහෙම කියනවා මගෙ කන් දෙකට ඇහුන

      Delete
  3. Samaajawaadaya kere mage yam gaurawayak thiyanawa. Habayi Lankaawe thiyana samaajawaade gana neweyi. Lankaawe e namin kriyaathmaka wenne wena deyak. Eka gana mage thakeemakuth na. Aththatama mona danawaadiya unath, aththatama baluwoth, hariyata baluwoth, api okkoma awashyama paththen antha duppathun neda?????

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔයා හරියටම හරි. මමත් සමාජවාදයට ගොඩක් කැමති කෙනෙක්. ඒත් ලංකාවේ ප්‍රැක්ටිස් කරන කුණුහරුපයට නොවෙයි. අවුරුදු 8-20 වෙනකම් සමාජවාදය ගැන ලියැවුණු පොත් සිය ගණනක් ආසාවෙන් කියවපු කෙනෙක්. අපේ ගෙදර පොත් 10,000 ක විතර ලයිබ්‍රි එකක් තියෙනවා. එයින් 3000කට අධික පරිවර්තන අතුරින් 70% ක්ම රුසියන් පරිවර්තන. මගේ තාත්ත ජ'පුර සරසවියේ හිටපු ශිෂ්‍ය නායකයෙක්. විජේවීරත් එක්ක දෙල්කඳ නුගේගොඩ එකම වතුර කළේ නවාගෙන වතුර බීල සමාජවාදය ගැන දේශන කරපු කෙනෙක්.

      Delete
    2. පෙට්ටියයි නලාවයි කොහෙද දන්නේ නෑ... :D

      Delete
  4. ලංකාවේ නියම ධනපති පංතිය. දේශපාළණය, කළාව, ජනමාධ්‍ය යන සෑම අංශයකින්ම ඉවත් උනා. මේ සියළුම කරුමයන්ට හේතුව එයයි.

    ReplyDelete
  5. අලුතින් හිතන්න වෙනව හැමෝටම.විජාතික බලවේග ,ජාත්‍යාන්තර කුමන්ත්‍රන කීවට සුද්ද හිටියෙ නැත්නම් මොකකින් මොකක් වෙයිද කියන්න බෑ.යුධ අපරාධ ,චැනල් 4 වගෙ ඒවටත් ජනතාව නිශ්ශබ්ද වෙයි මීට පස්සෙ

    ReplyDelete
  6. ඔබ කෙසේ කීවත්,ඔබ ඒ ධනපති කියන හැඳින්වීම ඇතුලට යන්න සියුම් මානසික හෝ උත්සාහයක් දරනවා නේද?ඔබ කියන පරිදිම තුප්පහි සමාජවාදීන් යන වචනය භාවිතා කරන්නේ වෙන්ඩ ධනවාදීන්ය.ඒ වාගේම තුප්පහි ධනවාදීන් යන වචනය බොහෝ දුරට භාවිතාකරන්නේ සෝබන සමාජවාදීන්ය.රාජ්‍ය පාලන විදි සොබා තුල මෙවන් වාද සහ වාදීන් අඩු වැඩි වශයෙන් සිටී.මධ්‍යස්ථ මනසකින් සහ ඇසකින් බැලුවානම් හරි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබ කියන්නෙ ඇත්ත. අදහසට ගරු කරනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. ඔබ කෙසේ කීවත්,ඔබ සමාජවාදය ගැන ලියැවුණු පොත් සිය ගණනක් කියවපු කෙනෙක් කියල මට නම් සැකයි.නැත්නම් ඔබට ඒගැන පැහැදිළිවී නැහැ.දෙවෙනි comment එකෙන් ඒගැන යම් අදහසක් ඔබට ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. දෙවැනි කමෙන්ට් එක කියලා ඔබ අදහස් කළේ මොන කමෙන්ට් එකද?

      Delete
    2. සහෝ. මානව හිතවාදියෙක් වෙන්න අනිවාර්යයෙන්ම ලංකාවේ සමාජවාදී දේශපාලනයට හේත්තු වෙන්නම ඕනද...?

      Delete
    3. මා ඔබට එසේ කිරිමට පවසා නැත.මා ප්‍රශ්න කලෙ සමාජවාදි පොත පත කියවා ඔබ ලබාගත් දැනුමයි.

      Delete
    4. ඇත්ත වශයෙන්ම ඔබතුම කියන පරිදිම සමාජවාදය ගැන මගේ දැනුම හා අවබෝධය පරිපූර්ණ එකක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මොකද මා අවසන් වරට පිරිසිදු සමාජවාදය කියවා වසර 10ක් පමණ ගත වනවා. නමුත් මහ වෙදනා කියපු විදියේ එකක් යන්න ගැන නම් අවබෝධයක් මට කවදත් තිබුණා. ඔබතුමා මගෙන් අවංකවම බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මා ලංකාවේ සමාජවාදය විවේචනය කිරීම නැවැත්වීම වගේ පටු අරමුණක් එහි නැතැයි මට සිතෙනවා. ඒ ඔබතුමා මෙහි වැදගත් විදියට හැසිරෙන නිසා.

      Delete
  8. සංවේදී නෙමේ මේ බ්ලොග් එකේ නම උම්මන්තක කියලා දැම්මනම් තමයි ගැලපෙන්නේ
    මෙන්න තමුන් ගැන අපූරු සටහනක් වැටිලා
    http://lakafrance.blogspot.com/2013/08/9.html

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබතුමා හරි. මටත් එහෙම හිතෙනවා. =D =D ඔබතුමාගෙ ඉල්ලීම සලකලා බලන්නම්කො...
      ංආ. තව පොඩ්ඩෙන් අමතක වෙනව. බොහොම ස්තුතියි ලින්ක් එකට.

      Delete
  9. ප්‍රකාශිත යුද්ධයක් තියෙන අවස්ථාවක, අවි ගත් ත්‍රස්තවාදීන්ට පහරදීමය සහ රතුපස්වල නිරායුධ උද්ගෝශකයන්ට පහරදීම සන්සංදනය කරන්න එපා. ඒ දෙක සිද්ධි දෙකක්.
    (සමහරු බොරදියේ මාලුබාන්න හදනවා.ඒකයි මෙහෙම ලියුවේ)

    ReplyDelete
  10. සමාජවාදියෙක් කිසිදිනෙක ධනපතියෙකු නොවේද

    ReplyDelete
  11. මේ ගැන පොස්ටු කිහිපයක් දැක්කා . කමෙන්ටුත් දැම්මා. කියන්න දෙයක් නම් නැත. කණගාටුවම මිසක.

    ReplyDelete