Tuesday, August 6, 2013

කඩ්ඩ ඇණයක් වෙලා තියෙන්නෙ ඇයි...?


කළින් සටහන කියවපු හෙන්රි කියල ඉංග්‍රීසි ගුරුභවතෙක් අදහස් දැක්වුව මෙහෙම.

"මම දන්න විදියට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනෙ එකාට ගුරුවරයෙක්වත් ඕනේ නෑ ඉගෙන ගන්න. අප අවට පහසුකම් තියෙනව නමුත් අවංක චේතනාවක් නෑ. කැපවීමක් නෑ. ඉංග්‍රීසි ගැන දරන ආකල්පය හොඳ නෑ.
නිකං හිතලා බලාපං, අවුරුදු ගානක් ඉස්කෝලෙදි ඉංග්‍රීසි ඉගෙනගෙනත් ඉංග්‍රීසි බැරි උන් හින්දි කතා කරන ලස්සන අර ‍ෆිල්ම් බලලම..."

ඒ කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි.

මේ ටිකත් එකතු කරන්නම්කො ඒක තවත් සම්පූර්ණ වෙන්න.

ඕක මෙහෙමයි. ලංකාවෙ ගොඩක් අයගෙ කඩ්ඩටයි මැතටයි තියෙන්නෙ හුඹස් බයක්. බලාහෙන ගියාම මේ දෙකේම ඇති රෙද්දක් නෑ.

මෙහෙම එකකුත් තියෙනව. මම දන්නෙ නෑ අනිත් ඉකෝලවල කොහොමද කියල, මම ඉගෙනගත්ත ඉස්කෝලෙ නම් 6 වසරෙ ඉඳල 13 දක්වාම ඉංග්‍රීසි උගන්නපු ගුරුවරු පන්ති කාමරයෙදි එකම එක සිංහල වචනයක්වත් කතා කළේ නෑ. ඒක මදිකමක් විදියටයි සැලකුවෙ. ළමයෙක් බැරිවෙලාවත් සිංහල වචනයක් කිවුවත් ඌව මරාගෙන කන්න හදනව. ඒක තනිකරම ආකල්පමය දෙයක්. පොඩ්ඩක් හිතන්නකො (ඉංග්‍රීසිත් දන්නෙ නැති) චීනෙකුට සිංහල සිංහලෙන්ම උගන්නන්න ගියොත් ඌට හිතෙන දේ. ඔය දේම තමයි ලංකාවෙ කඩ්ඩ ඉගෙනගන්න ළමයින්ට වෙලා තියෙන්නෙ. 

මීට අමතරව අපේ මිනිස්සුන්ගෙ කඩ්ඩ කතාකරන්න වුවමනාවෙන් පැකිළෙන පහුබහින ගතියක් තියෙනව. මීට ප්‍රධානම හේතුවක් තමයි අනිත් උන් හිනාවෙයි කියන බය. ගොඩක් වෙලාවට මේක බොරුවට හිතින් මවාගත්ත එකක්. ඇත්තටම එහෙම හිනාවෙන උනුත් ඉන්නව නැත්තෙ නෑ.

හොඳම උදාහරණෙ මම දන්න කෙනෙක් ඉන්නව කැන්ග කියල. මිනිහ කැන්කරු දේශෙට ලැදියාවක් දක්වන නිසා ඒ කාඩ් එක මිනිහට වැටිල තියෙන්නෙ. නමුත් හොඳ සිහියෙන් ඉන්න වෙලාවට කටු ටෝක් වලට එච්චරම කැමැත්තක් නෑ. ඒත් අඩිය ගැහුවම මිනිහ අනිත් උන්ට කඩ්ඩ උගන්නන්නත් යනව. පස්සෙ අපේ උන් 'විශේෂ හේතු මත' කඩ්ඩ වැඩියෙන් පාවිච්චි කරන උන්ගෙන් අහන්න ගත්ත "කැන්ග සර්ගෙ කඩ්ඩ පන්තියටද ගියේ ..?" කියල.

කවදාවත් මාත් එක්ක තනි කඩ්ඩෙන් කොටල නැති මගෙ ඩිමෝ මල්ලි කෙනෙක් ස්ටාෆ් පාටියකදි කහ පාට මොනවද ටෙස්ට් කරල මට කිවුවනෙ "යූ සිට් හියර්...! අයි හැව් මෙනිතින්ග් ටු සේ යූ..." ඔය ඔය ඉතින්, පේන්නෙ නැද්ද අපේ ගතිය..කෙනෙක් කොහොම කොහොම හරි කඩුව දානකොට අපි එයා නෝන්ඩි කරල දානවනෙ. ඉතින් කොහොමද කරන්නෙ. ෂොට් එකක් දාගන්නම වෙනව කඩ්ඩෙන් අමතන්න.

මැත ගැන කතාකරනවනම් මම කැම්පස් යන්න කළින් ටියුෂන් කරපු නිසා දන්නව, ගොඩක් උන්ට මැත එපා වෙලා තියෙන්නෙමේ ක්‍රමයෙ තියෙන වැරැද්ද නිසා. උදාහරණයක් විදියට කිවුවොත් 6වසරෙදි මොකක් හරි සීන් එකක් නිසා මැත අනාගත්ත එකෙක් 7,8 වසරවලට යනකොට ඌ ඉවරෙටම ඉවරයි. මොකද 7තේ මැතට 6යේ මැත ඕන. 7තේ උගන්නන ගුරුවරය ළමයින්ට 6යේ දැනුම තියේද කියල චෙක් කොරන්නෙ නෑ. කෝච්චිය යනව වගෙ කඩාගෙන යනව. අනේ ඉතින් අල්ලගන්න පුළුවන් උන්ට 'ෂෝයි' කියනව. බැරි උන් 'මැට්ටො' කියල හංවඩු ගහල පැත්තකට දානව

හැබැයි සමහරවිට අර මැට්ටෙක් කියල හිතන ඉන්න දරුවෙකුට 6යේ මැත උගන්නල ගත්තනම් සමහරවිට අය බ්‍රයිටො කියන උන්ට ඇපත් නෑ...! අවාසනාවකට ලංකාවෙ බහුතරයක් ගුරුවරු සිලබස් කවර් කළා කියල සැනසීමට පත් වෙනව ළමයි බහුතරයක් අනාථ වෙද්දි. 

දන්නවනෙ. ලංකාවෙ අධ්‍යාපනය කියන්නෙ සිංහයයි, කොටියයි, පූසයි එකට දාල තඩි ගෝණෙක් මරාගෙන කාපිය කියල කියන ක්‍රමයනෙ. ඇත්තටම වෙන්න ඕන ළමයින්ගෙ දැනුම සහ බුද්ධි මට්ටම අනුව කණ්ඩායම් බෙදල වෙන වෙනම උගන්නන එකයි. 

මෙහෙම කිව්වම වෙන දේ මං දන්නව. අරය අඩුයි මෙයා වැඩියි කියල බෙදුවම සමවයසෙ සමහරුන්ගෙ හීනමානය, තව සමහරුන්ගෙ ආඩම්බරේ වැඩි වෙනව. 

ඇත්තටම ඔතන තියෙන්නෙ මෙහෙම ප්‍රශ්නයක්. කිසිම දෙමවුපියෙක් කැමති නෑ තමන්ගෙ ළමය අඩු යයි කියන ගොඩට දානවට. ඒක තනිකරම අභිමානය පිළිබඳ ගැටළුවක්. ඉතින් කරන්නෙ ගෙදරට ගුරුවරයෙක් ගෙන්නන එක. මේකත් හැමෝටම කරන්න බෑ අද කාලෙ හැටියට. එහෙම එන ගුරුවරුත් ඔය තත්ත්වෙ තේරුම් ගනියි කියල හිතන්න අමාරුයි.

මම අත්දැකීමෙන් කියන්නෙ. මගෙ ගෝලයෙක් හිටිය අට වසරෙ ඒ (මම කැම්පස් යන්න කළින් ටියුෂන් කරපු) දවස්වල. මම 8ටේ ගණන් උගන්නන්න ගියාම මට හිතුණ මූ අමු මැට්ටෙක් කියල. අන්තිමට වාර විභාගෙන් ලකුණු 26යි අරන් තියෙන්නෙ.

ත් ඇත්තටම වෙලා තියෙන්නෙ එයාට 6යේ 7තේ ගණන් බෑ. ඔය භාග සංබ්‍යා එකතු කරනව වගෙ ඒව. ඉතින් මම 8ටේ ගණන් උගන්නන එක බල්ලට දාල 6යේ ගණන් ඉගැන්නුව. ළමය සාර්ථකව 6යේ ගණනක් හදපු හැමවෙලාවෙම හිතාමතාම මිහිහ දක්ෂයෙක් කියල වර්ණනා කළා.
එයා ඊට හරියටම මාස 8කට පස්සෙ වාර විභාගෙ ලකුණු 67ක් ගත්ත. 

විශ්වාස කරන්න පුළුවන්නම්, 9යෙදි උනත් එයා මගෙ පන්තියෙදි 9 වසරෙ එක ගානක්වත් හදල තිබුනෙ නෑ. 8ටේ ගණන් පුළුවන්නිසා ඉස්කෝලෙදි තේරුම් ගන්න ඇති 9යෙ ඒවා. පස්සෙ මම කැම්පස් ගියාම පන්තිය නැවැත්තුව. ළමයගෙ තාත්ත ඩොක්ටර් කෙනෙක්. එයාල මට තෑගි බෝග අරගෙන අපේ ගෙදර ආව. 

අප්පිරිය වෙලා තිබුණ ගණිතය දැන් එයාගෙ ප්‍රියතම විෂයක්ලු. උසස්පෙළ කළෙත් මැත්ස් වලින්. මේ අවුරුද්ද අන්තිමට එයා පෞද්ගලික විශ්විද්‍යාලයකින් අයි.ටී. උපාධිය ගන්නව.

36 comments:

  1. අර හැන්රි කියල ගුරුවරයෙක් ගැන කිව්ව නේද මිනිහා අලි බොරු කාරයෙක්. මිනිහා දන්න ඉංගිරිසියක් නෑ මේකට එන අය ඒකට සාක්ෂි දරාවි..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඒත් මිනිහ කියල තියෙන දේ ඇත්ත නේද...?

      Delete
    2. හෙන්රියෝ මෙන්නෝ දේශකයා...............!

      Delete
    3. දේශකයා උඹ අහුවෙයංකෝ මට!

      Delete
    4. අඩෝ කවුද ඩෝ නොදන්න දෙයක් අහගන්න අපේ මාස්ටර්ට පල් පාට් දාන ඝෝශකයා , අතේ පොලු තියාන හිටියට අපි බය නැ හරිය.

      Delete
  2. ඉගැන්වීම් රටාව බලපානවා මම හිතන්නේ , බලන්න අර හින්දි කතාව වගේම තමයි, රුසියාවේ උසස් අධ්‍යාපනයට යන අය රුසියන් බාසාව හොඳටම ඉගෙන ගන්නවා අවුරුද්දකින්. එහෙම ගිය අයටත් හරියට ඉංගිරීසි බැහ, එත් ලංකාවේදී ඉංගීරීසි ඉගෙනගෙන අවුරුදු 15 ක් විතර, අධ්‍යාපන ක්‍රමය විද්‍යාත්මක ලෙස (දේශපාලනික ලෙස නොව) වෙනස් වියයුතුයි කියා සිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යයෙන්ම. මමත් ඉන්නෙ ඔබ ඉන්න තැනමයි...

      Delete
  3. හරියටම හරි. ඕක තමා ඇත්ත තත්වේ. අපිටත් උනේ ඔය ටිකමයි. මම o/l කරන්න මාස 6ක් තියලා තමයි ගණන් ඉගන ගත්තේ තේරුමක් ඇති විදිහකට. එකත් ඉගැන්නුවේ ගුරුවරයෙක් නොවුනා උනත් ඉගැන්වීමට උපන් හපන්කම් තියන අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක්. එයා නොහිටින්න මම අද මෙතන නැ. ඕක ඔය විදිහට තේරුම් ගත්ත ගුරුවරු අතේ ඇඟිලි ගානට වගේ ඉන්නේ. "අ" කියන්නත් කලින් "A p p l e" කියලා ඉගන ගන්න අපිට ඇත්තටම කඩ්ඩ බැරි වෙන්නෙත් අපේ තියන ආකල්ප හින්දම තමයි. බොහොම ස්තුති ඇත්ත ඇති සැටියෙන් තේරුම් කර දීමට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති

      Delete
    2. Ada man lankawe nathath, ada methanata enna kadda udau una, eth man kadda egenagaththeth o/l walin. etakan api english period ekata hitye class cut karala natinam pantiyen eliye dhana gahagena.
      Ada mage lamai mage ratin pita math ekka,
      eyala egena ganne english walin,
      eth ape gedara sinhala withatrai kata karanne.

      thamanta uwamana unama hamoma oni deyak ingenagannawa.
      ugannana kramayata wada igena ganna tiyena uwamanawai.

      me mata hitena hati

      Delete
  4. ඇත්තටම අද ගොඩක් තැන්වල ඉන්ගිරිසි අවශ්‍ය නෑනේ. එක්කෝ මුළු රටේම එහෙම තත්වයක් ඇති කරන්න ඕන. නැත්නම් ඉන්ගිරිසියෙන් හෝඩියේ ඉඳන්ම උගන්වන්න ඕන.

    ReplyDelete
  5. ඉංගිරිස් කියන්නෙත් භාෂාවක්. විෂයක් විදිහට නොගෙන භාෂාවක් විදිහටම ගන්නව නම් මේක ඉගෙන ගන්න එක ඒ හැටි අරුමයක් නෙමෙයි. සිංහල භාෂාවේ අකුරු කීයක්ද? ඉංගිරිස්වල 26යිනෙ. ඉතින් ඕක එහාට මෙහාට පෙරලල ඉගෙන ගන්න නම් නිතරම භාෂාව භාවිතයේ තියෙන්න ඕන. පුලු පුලුවන් වෙලාවට කඩ්ඩෙන්ම කොටන්ඩ, කතාකරන්ඩ, කියවන්ඩ ඕන.භාවිතයේ ඇති කිසිම දෙයක් අමතක වෙන් නැ. එක එකාල හිනාවුනාට කමක් නැ වරදිනකොට. ඉගෙන ගත්තොත් උන්ටත් හිනාවෙන්ඩ අපිටත් බැරි නෑ නෙවද.

    ReplyDelete
  6. මම කලින් පෝස්ට් එකට ගිහින් මගේ කමෙන්ට් එක ස්පෑම් වෙලාද කියලා අහලා ආවා විතරයි. මෙන්න යකෝ ඒකෙන් පෝස්ට් එකක්ම දාලා. බොහොම ස්තුතියි සංවේදී.

    මටත් පොඩ්ඩක් එකතු කරන්න දේවල් තියෙනවා මේකට.

    සංවේදී කියපු ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි ඉගැන්වීම සිද්ද වුනේ මෙහෙමයි. මෙතනදි සිංහලෙන් කතා කිරීම මදි කමක් කියලා හිතන මානසිකත්වය ගැන නෙවෙයි මම කතා කරන්නේ. ඒක වෙනම මානසික ව්‍යාධියක්.

    ඉංග්‍රීසි උගන්වන එක කම වේදයක් තමයි translation method ඒක පැහැදිළි කරන්න ඕනෙ නෑනේ. ඔය ක්‍රම පාවිච්චි වෙලා තියෙන්නේ අපි ඉගෙන ගන්න ඉස්සර. මම දැකලා තියෙනවා හුඟක්ම පරණ ප්‍රශ්ණ පත්තර වල ඉංග්‍රීසි ඡේදයක් දීලා සිංහලටත් සිංහල ඡේදයක් දීලා ඉංග්‍රීසියටත් පරිවර්තනය කරන්නත්. මම මෑතකදි නම් එහෙම දෙයක් දැකලා නෑ. ඒ ක්‍රමය පාවිච්චි කරන්නෙත් නෑ.

    ඊට පස්සේ ආවා Cummunicative Approach කියලා ක්‍රමයක්. අපි මව් භාෂාව ඉගෙන ගන්නේ ව්‍යාකරන නීති වෙනම ඉගෙන ගෙන නෙවෙයිනේ. නමුත් අපි වෙනත් භාෂාවක් ඉගෙනගන්න කොට වෙනම ව්‍යාකරණ කියා දීලා ඒ අනුව භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරනවා. මේක එච්චර රසවත් ක්‍රමයක් නොවන නිසා තමයි Comunicative Approach ආවේ.

    අනික, Immersion method. තමන්ට ඇහෙන්නේ ඉලක්ක භාෂාව විතරක් නම්, අනිකට තමන්වවත්, තමන්ට අනෙකාවත් තේරුම් ගන්න තියෙන එකම විකල්පය ඉලක්ක භාෂාව ඉගෙනෙ ගැනීම විතරක් වන අවස්ථාව. උදාහරණ අර ඉවාන් පවුලූෂා කිව්ව රුසියන් භාෂා ඉගැනුම. නැතිනම් තමන් ප්‍රංශය, ජර්මනිය ජපානය වගේ රටක ජීවත් වෙන්න සිදුවීම.

    ඉතින්, අර ගුරුවරු ඉංග්‍රීසියෙන්ම ඉංග්‍රීසි උගන්වන්න උත්සාහ කරන්නේ අර අන්තිමට කිව්ව අවස්ථාවන් දෙක කෘතිමව ඇති කරන්නයි. මේක අසාර්ථක වෙන්නේ ශිෂ්‍යයන්ට එකම ජාතියෙ වුනාම ඒ අයට එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්න පොදු භාෂාවක් තිබීමයි. නමුත් මෙතනදි ශිෂ්‍යයොත් එක එක රටවලින් ආවොත් මීට වඩා සාර්ථකයි. ශිෂ්‍යයො එකිනෙකාට සිංහලෙන් කතා කරගන්නවට අමතරව ගුරුවරයත් සිංහලෙන්ම දෙසන්න ගියාම අර ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නෑ. උඹලා දැකලා ඇති. ඉංග්‍රීසි උගන්නනකොට reading comprehension එකක් තිබුනොත් ලංකාවෙදි 'බොහෝ දුරට' වෙන්නේ, ගුරුවරයා අර කතන්දරේ සිංහලෙන් කියලා දෙන එකයි කියලා. මේක වැරදියි. මොකද, ඒ පාඩමේ පළමු ප්‍රාථමික අරමුණ එතනම බිඳ වැටෙන නිසා.

    අනික, ගුරුවරු, තමන්ව නිරීක්ෂනය කරන නිළ ධාරියා, නැතිනම් උපදේශකයා ඉස්සරහා මෙහෙම ඉංග්‍රීසි පාඩමක් සිංහලෙන් කරොත් එතනම ළකුණු ඔක්කොම කැපෙනවා. නමුත් සිංහල පාවිච්චි කරන්න බැහැමයි කියලා මෙතනින් කියවෙන්නේ නෑ. බැරිම තැනකදි, අවම වශයෙන් මව් භාෂාව පාවිච්චි කිරීම තමයි හරියි කියලා පිළිගන්නේ.

    මේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ගැන මිසක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනත් විෂයයක් ඉගැන්වීම ගැන නෙවෙයි. මම ඒ ගැන දන්නේ නෑ.


    කමෙන්ට් එක දිග වැඩි වුනා නම් සමාවෙයං. මම මේක කෙ‍ටුවේ රිෆරන්ස් බලලා නෙවෙයි. නිකම්ම අත්දැකීමෙන් ඒ නිසා වැරදි තියෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. පට්ටයි මචං...නියම විස්තරයක්...එළ ඈ.... (y)

      Delete
    2. ඔන්න දේශකයට හොඳ වැඩේ...... හෙන්රි, සාර්ථක සහ ඵලදායී ඉගැන්වීම් රටාවකට ගුරුවරු හුරුවිය යුතුයි, එක මෙහෙමයි කියලා කියන්න බෑ, එතැනදී ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් උගන්වනවාද නැත්තං සිංහලෙන් උගන්වනවාද කියන එක නෙවෙයි, එක ආකර්ශනීය ,ඵලදායී එකක වෙනවද කියන එකයි වැදහත්.

      Delete
  7. සම්පූර්ණ ඇත්ත කතාවක්, මාත් ගණිතය බැරි අමු මැට්ටෙක් වෙලා හිටිය, ඒත් මන් දැන් යුනි යන්නෙ උසස් පෙල ගණිතය කරල හොද රිසාල්ට් ගත්ත නිසා, හේතුව මගෙ ගුරුවරයා

    ReplyDelete
  8. පිනන්න ඉගන ගන්නනම් වතුරට බහින්නම ඔනා....... මම හිතන්ෙන් කඩ්ඩටත් එෙහමයි

    ReplyDelete
  9. Matath Maths walata oya dema una. 6, 7 wasarawala mama honda lakunu gaththa. 8 wasare apita ugannapu widiyath, e awrudde una mata ithaama thadin danunu siduweemakuth nisa mage maths watuna. English nam mama O/L wenakal kisima clz ekakata giye na. Eka nam mama poth kiyawala allagaththe. Mata tharamak durata French puluwan uneth teacher kenek 9 wasare ugannapu tika panthiye aya ekka jolliyata paawichchi karala. Ugannana kramaya gana kathaawata ekangayi. Mama hithanawa labana sathiye comment Sinhalen daanna puluwan wewi kiyala. Nokia 6720c ekata Sinhala daanna widiyak dannawa nam kiyanna.

    ReplyDelete
  10. තව ගැටලුවක් වෙන්නේ අපිට ඉස්කෝල වල උගන්නන්න හදන්නේ සේරම ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය, උච්චාරණය තිටට හරියට කරන්න. මම හිතන්නේ එක ඇදගෙ නනෑමක් කියල. සමහර රස්සා වලට ඒවා ඕනි වෙන්න පුළුවන්. හබි බහුතරයකට ඕනි එක නෙමෙඉ. මටනම් තම සුද්දෙක් වත් හම්බු වෙලා නැහැ අපේ ඉස්කෝලවල ගුරුවරු තරම් හොඳට ඉංගිරිසි කතාකරන්න දන්න. අපි උත්සහ කරන්නේ අපේ මව් භාෂාවටත් වඩා හොඳට දෙවන භාෂාව ඉගනගන්න.

    මීට වඩා ප්‍රයෝගික ඉලක්කයක් තිබුනානම් ඕක ඔච්චර අව්ලක් නොවෙන්නත් තිබුන.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනෙ ස්පෝකන් ඉන්ග්ලිෂ් කියල වෙනම ක්ලාස් බිහිවුනෙ.

      Delete
  11. ඉංගිරිසි තමා මාව කෑවේ

    ReplyDelete
  12. බොහොම ඉස්සර එක දවසක් කොලඹ කැම්පස් එකේ ලොකු දේශනයක් තිබ්බලු ඉංග්‍රීසි බාසාවෙන්.. ඒක ඉවර වෙලා දේශකයා ඇහුවලු කාට හරි ප්‍රශ්න තියෙනවද කියල .. එක කොල්ලෙක් නැගිටලා හයියෙන් මෙහෙම කිවුවලු.
    ෆීල් ඉන් ද බ්ලෑන්ක්ස් විත් සූටබල් වර්ඩ්ස් විදින් බ්‍රැකට්ස්
    ඇත්ත තමා .. අපේ ඉස්කෝලවල ඕ ලෙවල් වෙනකල් ඉගැන්නුවේ ඕකයි..

    ReplyDelete
  13. https://www.khanacademy.org/

    Start learning now

    ReplyDelete
  14. https://www.youtube.com/watch?v=gM95HHI4gLk

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මට මැතට එකොළහ වසරේ පලවෙනි වාර විභාගේ ලකුණු 25යි.ඊට පස්සේ පේර කැම්පස් එකේ අයිය කෙනෙක් මට නමය වසරේ ඉඳන් ඔක්කොම ගණන් පාඩම් එකට කරලා පාඩම් 15ක් හදලා කලා.ඌ මට කිව ඉස්කෝලේ සිලබස් ගැන ඇත ඇරලා සා පෙ විභාගේට ලෑස්ති වෙයන් කියල.මට සා පෙ ගණන් වලට විශිෂ්ට සාමාර්ථයක් එක්ක උසස් පෙළ කළා ගණිත අංශයෙන්.උඋට පින් සිද්ද වෙන්න මම හොදට පාස් උනා.ඌ මට කල පිනම ඇති මම ජිවිත කාලෙටම පින් දෙනවා ඌට.ඌ හිටියේ හෙන කන්දක් මුදුනේ, ගදර යන්න පාරක් නැහැ තේ වතු මැදින් පාර තියන්නේ.ඉස්කෝලේ එන්න උදේ 5 ටවත් ගෙදරින් එන්න ඕන.බොහොම දුප්පත්.මම අද මෙතන ඉන්න ඇත්තටම ඌ නිසා..මිනිහ දැන් ඇමරිකාවේ පදිංචිය..පොස්ට් ඩොක් එකක් කරනවා......

    ReplyDelete
  17. මට හම්බ වුණා අමුතුම තාලේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. ඒ පන්තිය අපේ බැංකුවෙන් පවත්වපු එකක්. එයා කලේ මේ වැඩිහිටියෝ ටික තියාගෙන ඕපදූප දේශපාලනය වගේ ඒවා කථා කරන එක. හැම කෙනාම පැන පැන තමන්ගේ අදහස් කියන්න ගත්තා. පොතේ ඉංග්‍රීසි ඉගැන්නුවේ බොහොම පොඩ්ඩයි. ඒකෙන් ගොඩක් දෙනා දියුණු වුණා.

    තව අපේ ටීචර් කෙනෙක් හිටියා. එයා කිව්වා මුලින්ම බ්‍රෝකන් හරි කතා කරන්න කියලා. එකත් තරමක් දුරට සාර්ථක වුණා.

    මමත් o/l දෙපාරක් ෆේල් එකෙකුට තුන් පාරක් ෆේල් එකෙකුයි ගොඩ දාලා තියෙනවා. තුන් පාර ෆේල් එකා ක්‍රෙඩිට් එකක්ම කෙලලා ඇරියේ නැද්ද. මේකෙන් පේනවා ඕනෑම දෙයකට තියෙන උනන්දුව තමයි ජයග්‍රහණය කරා ගෙන යන්නේ කියලා.

    ReplyDelete
  18. ඉංග්‍රීසි ඉගෙන ගන්නවට වඩා ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න එ‍ක ලේසියි. අපි ලංකාවේ මස්කඩේ ඉගෙන ගන්න කාලේත් මම වගේම කඩ්ඩ බැරි එවුන් ගොඩක් හිටිය. ඒත් අපි හැමෝම, එකෙක් ඇර, ගොඩ ගියා. ෆේල් වෙච්ච එකා කිව්වේ ඌට එහෙම උනේ කඩ්ඩ නිසා කියලයි. දැන් ඒ ෆේල් වෙච්ච පොර ඇමරිකාවේ, citizen. බැලුවම ලංකාවේ ජිවත් වෙන්න තරම් කඩ්ඩක් අමරිකාවෙවත් ඕන නැහැනේ.

    ReplyDelete
  19. මේකයි මචන් ඕහ්.... සමාවෙන්න සර්.. මට වැරදුනාමම ඔලෙවෙල් විතරයි පාස්. ඒ නිසා විශ්ව විද්‍ල ආචාර්යතුමෙකුගේ පෝස්ට් එකකට කමෙන්ට් දාන්ට අපිට අයිතියක් නෑ නෙව. සමාවෙන්ඩ සර්... (මට හීනමානෙ කියලා ලෙඩක් තියනවා. ඒකයි මේ එක්කොම. හිකිස්)

    ReplyDelete
  20. අපේ ලමයින්ට ගොඩක් බැරි ඉංග්‍රීසි කතා කරන්න. ඒකට ගුරුවරයාටම දොස් කියන්න බෑ. අර බ්ලොග්වෝකර් කියල තියෙනව වගේ සිලබස් කව කරන ගැටලු, ගුරුවරුන්ව අදීක්ශනයට ලක් කිරීමේදී ඉංග්‍රීසි කතා කලොත් ලකුනු අඩු වීම, සිංහලෙන් උගන්නන විට ඒ ගුරුවරයාට ඉංග්‍රීසි බෑ කියා අනිත් ගුරුවරු සිතීම වගේ ප්‍රස්න තියෙනවා. පංතියක් ඇතුලෙ විවිද දැනුම් මට්ටම් තිබීම තව එකක්. පෙල පොත් නුසුදුසු වීම (ඒ පොත් දුශ්කර පාසල් තියෙනව කියල හිතාගෙන ලියපුව නෙවෙයි.) පොඩි පන්තිවලදිත් අමාරු ව්‍යාකරන අඳුන්වා දීම. (පැසිවෙ වොයිස්) ඒ වගේ ගැටලු ගොඩක් තියෙනව ඉංග්‍රීසි ලංකාවෙ ජනප්‍රිය නොවෙන්න.

    ReplyDelete
  21. මම මේ පාර O/L ලියලා ගණන් fail වුනා.මමත් 6,7 පන්ති වලදී ගණන් කෙලව ගත්ත.දැන් නයට උසස් පෙළ කරනවා .මට ගණන් ඉගෙන ගන්න ක්‍රමයක් කියන්න.මම english ගන්න අසයි,එත් කොච්චර class ගියත් වැඩක් වුනේ නැ ඒවගේ කියල දෙන්නේ english බාෂාව ගැන.මට ඕනි කඩ්ඩෙන් කතා කරන්න.පුලුවන්නම් කියන්නකෝ ක්‍රමයක්

    ReplyDelete