Wednesday, September 26, 2012
මිනිස්සුන්ට මෙච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද...?
මම ශිෂ්‍යයෙක් විදියට විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මට හොඳ යෙහෙළියෝ 3 දෙනෙක් හිටිය. හැබැයි ඒ තුන්දෙනා ගැන මට දැනුනෙ සම්පූර්ණයෙන්ම වෙනස් තුන් විදියකටයි.
ඉන් එක්කෙනෙක් මම කවදහරි මගේ ආදරවන්තිය වෙයි කියල අවුරුදු 2 1/2 කට අධික කාලයක් බලාපොරොත්තු තියාගෙන හිටිය කෙනා. මෙයා මම D කියලා හඳුන්වන්නම්. දෙවැන්නා මගේ හොඳම මිතුරිය. එයාගෙන් මම කවදාවත් හීනෙන්වත් එහෙම එකක් බලාපොරොත්තු වුනේ නෑ. ඒක මගේ හිත දන්නවා. කොටින්ම මම එයාගෙන් බලාපොරොත්තු වුනේ මගේ අක්කගෙ තැන.
සාමාන්‍යයෙන් පිරිමි තීරණ ගනිද්දි ගොඩක් දුර බලන්නෙ නැතුව, එවෙලෙ ආපු ආවේගයකට වහල් වෙලා ගන්න හදිසි තීරණ තියෙනවා. මේ සමහර ඒවා, එවෙලෙට හරියටම හරි කියලා හිතුනත් පස්සෙ ඤාව් වෙලා ඇඬෙන අවස්ථා තියෙනවා. එතකොට ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියනවනේ. ඒක නිසා ගෙදර අම්ම හරි ලොකු අක්ක හරි කියන දේ කවදාවත් අහක දාන්න හොඳ නෑ කියලයි මගෙ පෞද්ගලික මතය. මොකද ගැහැණු අය, ඒ ගොල්ලන්ගෙ සහජ ඉව පාවිච්චි කරල පිරිමි අපි නොදකින වෙනම පැත්තකින් ප්‍රශ්නයක් දිහා බලනවා කියලා මම කියන්නෙ අත්දැකීමෙන්. ඔය දෙවැනියට මම ආස්සරේ කරපු කෙනා (N කියලා හඳුන්වමු)ගෙන් මම ඇත්තටම බලාපොරොත්තු වුනේ මගේ ජීවිතයේදි, විශේෂයෙන් ගෙදර මිනිස්සුගෙන් ගොඩක් දුරස් නිසා සහ ශිෂ්‍ය නායකයෙක් විදියට මට නිතරම තීරණාත්මක තීරණ ගන්න වෙන නිසාත් (කොහොමත් මම හැඟීම් වලට ගොඩක් ඉඩ දෙන කෙනෙක්) ඒ වෙලාවට ළඟින් ඉඳගෙන හොඳ නරක කියල දෙන්න කෙනෙක් ඉන්න ඕනෑ කියල හිතුන නිසා කියල කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නෑ.
කොල්ලො සෙට් එක ඕන දේකට ඕන වෙලාවක මැරෙන්න උනත් එවරෙඩි වුනත් ඒ විදියට සියුම් කෝණවලින් සාමාන්‍යයෙන් කෙනෙක් නොදකින දෙයක් දකින්න උන්ට අමාරුයි. උදාහරණයක් විදියට ගත්තොත්, 'බූට්' එකක් කාපු වෙලාවට කොල්ලෙක්ගෙ (යාලුවෙක්ගෙ) හැසිරීම බලන්න.
"මූදෙ එක මාළුවද බං ඉන්නෙ. ඔන්න ඕක අල්ලලා දාමු මචං. තව එකකට බහිමු."
නැත්නම්
"අපි ඕකි උස්සමු.".
උන් ඔය වගෙ එකකට ප්‍රතිචාර දක්වන්නෙ ඔහොමයි. වැඩිය ගණන් ගන්නෙත් නෑ. ඒත් කිට්ටු යෙහෙළියක් ඒ වගේ වෙලාවකදි ළඟින් ඉඳන් හිත හදන්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදියකට.
තුන්වෙනි එකී මම ආශ්‍රය කළේ 'මචං' ලෙවෙල් එකෙන්. කොල්ලෙකුට කියන්න පුළුවන් ඕනෙම එකක් මේකිට මූණ බලාගෙන කියන්න පුළුවන්. අදටත් ඒ ෆිට් එක එහෙමම තියෙනවා. මේකිට 'වැලා' කියල කටපුරා කියන්නෙ එහෙම නරක අදහසකින් නෙවෙයි. ෆැමිලි නේම් එකේ එහෙම කෑල්ලක් තියෙන නිසා. ගත් කටටම 'තෝ' කියලා තමයි මම අමතන්නෙ.
මේ සටහන උන් තුන් දෙනාගෙන් දෙවැන්නා, N ගැන.
කැම්පස් එකේ පළමු සතියෙ ඉඳල උපාධිය ගන්නකම්ම (උපාධිය හම්බුනේ අවුරුදු 4ත් සම්පූර්ණ කරල තවත් අවුරුද්දකට පස්සෙ.) අපි පුදුම හිතවත්කමකින් හිටියෙ. ගොඩක් කණ්ඩායම් ව්‍යාපෘති වලදි එකම ගෲප් එකේ හිටියෙ. 3 වෙනි අවුරුද්දෙ වගෙ දෙන්න ඉන්න කුඩා කණ්ඩායම් වල හිටියෙ අපි දෙන්න.
මෙයා බයෝ කරල ආපු නිසා පරිගණක විද්‍යාව විශේෂවේදී අපේ උපාධියෙ මැතට බර ගොඩක් සබ්ජෙක්ට්ස් මෙයාට අමාරු වුනා. මට මැත එදා ඉඳලම ගේමක් නැති නිසා ගොඩක් වෙලාවට ළඟින් තියාගෙන ගණන් කියල දුන්න. මගේ ගැන කොච්චර විශ්වාසයක් තිබුනද කිවුවොත්, සමහර විභාග කාලවල හැන්දෑවෙ 6.45 වගෙ වෙනකම් අඩ අඳුරෙ අපි දෙන්න විතරක් එකට පාඩම් කළා. ගොඩක් වෙලාවට වෙන්නෙ මට මෙයාට 'කුප්පිය' දාන්න වෙන එක. ගොඩක් වෙලාවට මෙයාව 'කුප්පියට' බාර දෙන්නෙ මෙයාගෙ මනුස්සයා (එළ කොල්ලෙක්. ඌ මම කවුද කියල දැනගෙන හිටිය. අදකාලෙ කවුරුවත් එහෙම පිට මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ.).
එක පාරක් මම තදට අසනීප වෙලා විභාගෙ තියෙන දවස වෙනකම්ම් කැම්පස් එකට එන්න බැරිවුනා. පට්ට අමාරු සබ්ජෙක්ට් එකක් තිබුණ Computer Graphics කියල. ත්‍රිමාණ කණ්ඩාංක පද්ධති එහෙම මේකෙ වැහි වැහැල. හැබැයි මට අවුලක් නෑ. මෙයා මේක දැනගෙන හිටිය.
මම විභාගෙට කළින් දවසෙ බෝඩිමට ආවම කොල්ලො කිව්ව් N මම නැති නිසා ඇඬුව කියල. සමහරවිට අරක අහගන්න කෙනෙක් නැති නිසා සබ්ජෙක්ට් එක ෆේල් වෙයි කියල බය හිතෙන්න ඇති.
මම ඉගැනුම් ආධාරක, ඔය පෙට්ටි වගේ ත්‍රිමාණ වස්තු යොදාගෙන ඒ පාඩම මෙයාට කියල දුන්න.
ඔය වගේ සිදුවීම් ඉසේ කෙස් ගාණට වුනා.
අවුරුදු හතර ඉවර කරල අපි පුද්ගලික අංශයෙ රැකියාවලට ගියා. අපි දෙන්නම ගොඩක් ඉහළ විදියට උපාධිය සමත් වුනත් එකපාරටම ආචාර්ය මණ්ඩලයට ගත්තෙ නෑ. කම්පැනිවල වැඩ කරද්දිත් හිතවත්කම තවතවත් දෝරෙ ගලාගෙන ගියා රැකියාවෙ පීඩනය නිසා. ෆෝන් එකෙන් හරි ස්කයිපි වලින් හරි දිනපතාම වගේ කතා කළා.
මේ අතරෙ කැම්පස් එකේ ස්ටාෆ් යන්න අපි දෙන්නම සෑහෙන උත්සාහ කළා. පුරප්පාඩු 2ක්ම තිබුණ නිසා අපි අතරෙ තරඟයක තිබුණෙ නෑ.
අන්තිමේදි මෙයාව ස්ටාෆ් ගත්තා. ශිෂ්‍ය නායක පදවිය උසුලපු නිසා මට අපහාස කරල ප්‍රතික්ෂේප කලා. මම ඒ ගැන සැළුනෙ නෑ. පශ්චාත් උපාධිය කරගෙන ගියෙ කවදහරි දිනුම ෂුවර් නිසයි.
ඒත් මට දරාගන්න බැරි දෙයක් සිද්ද වුනා. ස්ටාෆ් ගියාට පස්සෙ මෙයා ටික ටික වෙනස් වෙන්න ගත්ත. සමහරවිට ඇඩ්මින් එක මාව රුස්සන්නෙ නැති නිසා තමන්ගෙ රැකියාවෙ පැවැත්මට හොඳ නෑ කියල හිතුවද දන්නෙ නෑ මාත් එක්ක ඇයි හොඳයි කම් පවත්වන එක.
ෆේස් බුක් එකේ මගේ පොස්ට් වලට ලයික් දාන එක මෙයා නැවැත්තුවා. චැට් වලට ආවෙත් නෑ.
දවසක් මෙයා මට දරාගන්න බැරි වැඩක් කළා. මම බලාපොරොත්තු තියාගෙන හිටපු කෙනා (D) මට පිටු පාලා නාවික ඉංජිනේරුවෙක් බැන්දා. මෙයා ඒ වෙඩින් එකේ ෆොටෝස් සෑහෙන ගානක් ෆේස්බුක් දාලා තිබුණා. ඇතිවුණු හැඟීම් හිතාගන්න පුළුවන්නේ.
මම මෙයාට බොහොම සුහදශීලීව මැසේජ් එකක් යැව්වා මට මේවා බලන්න බෑ. මම ටික දවසකට විතරක් තාවකාලිකව ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ෂිප් එක අයින් කරනවා කියලා. මම හිතුවේ මෙයා මම ඉන්න තත්වෙ තේරුම් ගනියි කියලා. ඒත්......එවනව මට මැසේජ් එකක් මෙන්න මෙහෙම.
"බොහොම හොඳයි. මමත් බලාගෙන හිටියෙ ඔය අවස්ථාව ලැබෙනකම් තමයි. තාවකාලිකව නෙමෙයි මම සහදටම ඔබව ෆේස්බුක් එකෙන් අයින් කරනවා!"
මම හිතුවෙ ඒක නපුරු විහිළුවක් කියල. ඒත් කැම්පස් ගියාම එයා මාව අඳුනන්නෙ නෑ වගෙ හිටිය. මට ගොඩක් දුක හිතුණත් ඇත්ත තේරුම් ගත්ත. දැන් එයාට මගෙන් වැඩක් නෑ. වෙනවනම් වෙන්නෙ හානියක් මිසක් වාසියක් නොවෙයි. අනික මම එයාගෙ කවුද..? කොල්ලද...? නෑ. එයා දැන් විශ්වවිද්‍යාලෙ කථිකාචාර්යවරියක්. කළින් ඇඳන් හිටපු සරල කෙළි ඇඳුම වෙනුවට දැන් ලස්සනට සාරියක් ඇඳල. ශිෂ්‍ය කාලෙ නම කියල කතාකරපු හැමෝම හැමෝම දැන් කටපුරා 'මැඩම්' කියල කතාකරන්නෙ. මම කවුද...? කොහෙවත් යන කොම්පැණි කාරයෙක්ගෙ කුළී ඉංජිනේරුවෙක්. අඳින්නෙ ටී ෂර්ට් එකයි, කබල් ඩෙනිමයි. අපි කවදාවත් පෑහෙන්නෙ නෑ කියල හිතුන.
බොහොම අමාරුවෙන් හිත වාවගෙන මම ආපු වැඩේ කරගෙන කැම්පස් එකෙන් පිටවෙලා ආව.
ඒත් දෙයියනේ....මනුස්සයෙකුට මෙහෙමත් වෙනස් වෙන්න පුළුවන්ද....?
Subscribe to:
Post Comments (Atom)
ඔය වගේ අත්දැකීම් මට නම් සුලභයි... මම නම් හිතන්නේ මෙච්චරයි... බාහිර පරිසරයට සාපේක්ෂව මිනිස්සු වෙනස් වෙනවා... ඒක ඕනම කෙනෙකුට වෙන්න පුලුවන්... අපි ඒ දේ තේරුම් අරන් ජීවත් වෙන එකයි වැදගත්...
ReplyDeleteකෙල්ලෝ ඔහොම තමයි බං..කොහෙත්..අපේ කකුල් දෙකෙන් නැගිටලා..අපිටම කෙලවනවා...අත්දැකීමෙන් කියන්නේ..උඹට වගේම දෙයක් තමයි මටත් උනේ..?
ReplyDeleteකෙල්ලෝ හැමෝම ඔහොම නෑ හොද අයත් ඉන්නවා ලෝකෙ....
ReplyDeleteoka hamadnatama pdu dayak ban(wenas wena eka) tharum aragena jeewath wenna ona.....
ReplyDeleteකෙල්ලෝ අවස්තාවදීයි. තමන්ට ඒ ඒ කාල වලට වැඩ කර ගන්න කාව හරි එක්තරා දුරකින් තියාගෙන ඉන්නවා. හැබැයි එහෙම අන්දන්නැති අයත් ඉන්නවා.
ReplyDelete
ReplyDeleteමම කවුද...? කොහෙවත් යන කොම්පැණි කාරයෙක්ගෙ කුළී ඉංජිනේරුවෙක්. අඳින්නෙ ටී ෂර්ට් එකයි, කබල් ඩෙනිමයි.
පිස්සුද බං. ඉංජෙක් වීම කොච්චර නම් ආතල් සිදුවීමක් ද...? අපේ ෆීල්ඩ් එකේ කොච්චර එළ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද....?
Be cool man...
මචං දැන් මමත් රජයේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක්. යම් යම් සිද්ධි නිසා මම සොෆ්ට්වෙයා ෆීල්ඩ් එක ගැන කළකිරුන. සොරි මචං උබ කිව්ව හරි. ඔය ෆීල්ඩ් එකේ එළ කොල්ලො ඉන්නව තරම් ඕනිතරම්.
Delete"මමත් රජයේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක්. යම් යම් සිද්ධි නිසා මම සොෆ්ට්වෙයා ෆීල්ඩ් එක ගැන කළකිරුන."
Deleteහොඳ තීරණයක්!
කොළඹ විශ්ව විද්‍යාලයේද?
Deleteහම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඕවා ඔහොම තමා අයියා. ඒත් මං හිතුවෙ නෑ ඔය වගේ ඒවා හැමොටම වෙනවා කියලා.... මේකට තමා කියන්නේ ජීවිතය කියලා. මොනවා කරන්නද?? දුකයි තමා.... :'(
ReplyDelete"ගැහැණිය වු කලී එකෙකු හා සාමීචියෙහි යෙදෙමින් අනිකකු දෙස බලමින් තෙවැන්නකු ගැන සිතන්නියකි."
ReplyDeleteමල්ලි හරි මල්ලි, ගෑණියකේ එක්ක ආස්සරේ දැලි පිහියෙන් කිරි කනව වගේ තමයි , හිතේ එකක් කටේ එකක් බඩේ තව එකෙක්ගෙ එකක් හික් එන්න ඕකයි තත්වෙ හැබැයි එහෙම නොවන උනුත් ඉන්නව 0.0001% :-p
Deleteමචන් ගෑනු කාලගුනේ වගේ කියන්නේ නිකං නෙවෙයි! කවදාවත් සත 5කට කෙල්ලෙක් විශ්වාස කරන්න එපා! මාත් ඔය අත්දැකීම විඳගනිමින් පවතිනවා :)
ReplyDeleteකන්ද නැංගට පස්සේ ගොඩක් අය හැරමිටිය අමතක කරනවානේ. ගණන් ගන්න එපා මචන්. ඔයිට වඩා දරුණු සිද්ධි වලට මුහුණ පාලා මේ වගේ දෙවල් නිසා හිටපු ඉස්කෝලෙන් පවා අයින් කරන්න හදපු එකෙක් මම. හැබැයි කවමදාවත් මැස්සෙක් තරම්වත් ගණන් ගත්තේ නැහැ. දාපන් 5ක්
ReplyDeletekello kohomath ohomai machan
ReplyDeletetake it easy
ඔය තරමටම සංවේදී දේවල් නැතත්.. අත්දැකීම් තියෙනව... හ්ම් ඒ අනුව හිතද්දි ජීවිතයේ හරි දෙයක් අපි හරියට කලා නම්... අද මොන දේ උනත් කවදාවත් අපිට අවුලක් නෑ කියන තැන මම ඉන්නෙ... ඒනිසා සතුටුයි...
ReplyDeleteමගෙ ජීවිතේ ෆේස් බුක් එකේම තිබ්බත් ඒක නැති උනා කියල මට ලොකු දුකක් නෑ කියල හිතෙන තැනට උපේක්ෂාවට හුරු වෙච්ච වෙලාවල් තියෙනව...
හ්ම් ජීවිතේ එහෙම තමයි...
අනේ මන්ද අප්පා...................................
ReplyDeleteඅනේ මන්ද කියන්නේ මොකද? ඔයාලගේ අයගේ වැඩ ගැනයි මේ කියන්නේ
DeleteMacho, I know "Wela","N","D" & "N's boyfriend. I also can't believe this....Extremely sorry 4 ur loss.
ReplyDeleteමචං.....
Deleteඇත්ත තිත්තයිනේ......
මේකෙ එක අකුරක්වත් ගොතපු ප්‍රබන්ධයක් නොවෙයි කියලා මගේ හදවත දන්නවා...
මිනිස්සු කතාකරන, හිනාවෙන විදියෙන් කෙනෙක්ගෙ සැබෑ ස්වරූපය හඳුන ගන්න බැරි එක ලොකු අවාසනාවක්...
උඹ මාව අවිශ්වාස කරලා N ව විශ්වාස කරන්න විශේෂ හේතුවක් තියෙනවද...?
මම කොල්ලෙක් වුන නිසාද...?
N කෙල්ලෙක් වුන නිසාද...?
මේක පළ කළ කියලා N ගෙ යුනියෙ 450 ක් විතර මට විරුද්ධව ප්‍රතිචාර දක්වලා තිබුනා...
සමහරු ෆෝන් එකෙනුත් නරක විදියට බැන්නා....
කවුරුන් කළත් හරි දේ හරි විදියටත්..වැරද්ද වැරැද්ද විදියටත් දකින් එක නේද පිට කොන්දක් තියෙන මනුස්සයෙක්ගෙ යුතුකම....?
ගෑණු පරාණයක් කරපු පලියට එයාල කරන ඕනම දෙයක් සාධාරණීකරනය කරන එකද පිරිමිකම කියන්නෙ...?
(එතකොට කරපු එයා සම්පූර්ණයෙන්ම හරි...ලියපු මම තමයි වැරදි.....?)
කවුරුන් කළත් හරි දේ හරි විදියටත්..වැරද්ද වැරැද්ද විදියටත් දකින්න බැරි පටු විදියට හිතන මිනිස්සු සේරම දාලා ගියත් මට ප්‍රශ්නයක් නෑ...එහෙම 1000කට වඩා හරි දැක්මක් තියෙන එක මනුස්සෙයෙක් මට වටිනවා....
මේක 'ගේම ඉල්ලීමක්' නොවෙයි. මේ මට හිතෙන දේ. අවංකව හදවතට එකඟව මම ලියන්නෙ අකුරක් ගානෙ...
දැන් එතකොට ඔය N ට support කට්ටිය ඔයාට බනින්නෙ මොනා කියලද? බොරු මඩ කියලද? නැත්තම් පෞද්ගලික කාරනා පබ්ලික් කරනවා කියලද?
Deleteඑතකොට අර මචං ලෙවෙල් එකෙ යාලුවා කොහොමද? එයා තාම ෆිට් ද?
මමත් දන්න කෙනෙක්ට ඔය වගෙ එකක් උනා.. uni කාලෙ මැන්ස්ගෙන් හොදට වැඩ අරං ඩිග්රි ඉවර වෙනකොට වෙන එකෙක් බැදං මුව ටොටල් forget
@ Micro Dreams
Deleteබහුතරයක් ගත්තෙ N ගෙ පැත්ත. ඔය දෙකම කියල මට බනිනව. කමක් නෑ. කවද හරි මිනිස්සු ඇත්ත තේරුම් ගනීවි.
වැලා අදටත් මාත් එක්ක එදා වගේම ෆිට්. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. බ්ලොග් අවකාශයෙ නදී නමින් එයා පෙනී හිටින්නෙ.
ඔහොම දේවල් හිතේ තියන් ඉන්නවට වඩා, මේ වගේ publish කරලා තවත් කෙනෙක්ට දැනුවත් වෙන්න/අත්දැකීමත් ගන්න දාන එක සැහෙන්න වටිනවා.....
Deleteකෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලොත් චාටර්, කෙල්ලෝ ඔයවගේ කොච්චර බලු වැඩ කරත් වැරැද්ද පෙනී පෙනී කොල්ලෝ ගන්නේ කෙල්ලගේ පැත්ත.....හැමෝම අවස්ථාවාදීන්
minissu eka ke avidiyai ban.wade karagaththa maru una ohoma thamai godak un
ReplyDeleteයාළුවා... මම හය වසරෙ ඉඳන් දොළහ වසර වෙනකම් මගේ සහෝදරියක් වගේ ආශ්‍රය කරපු යාළුවා අන්තිමට හරියටම මඩිහේ මහනායක හාමුදුරුවන්ගේ අවමංගල පූජ්‍යෝත්සවය වෙලාවෙ ශිෂ්‍යනායක රාජකාරි වලට පාර දෙපැත්තෙ කොඩි අල්ලගෙන ඉන්න වෙලාවෙ මට කියනවා "මම හිතේ හැටියට ඔයාගෙන් පළිගත්තා. දැන් මම නිදහස්" කියලා.... කාට කියන්නද මේවා? ඒ තාක් නිකම් අත්වැරදීම්, අහිංසක සිදුවීම්, නොදැනුවත්කම් කියලා දැනිච්ච දේවල් වලට හරි තේරුමක් ආවෙ එදා තමයි. ඒත් ඉතින් අදටත් මට එයා නැතුවට පණ වුනත් දෙන යාළුවො කීප දෙනෙක් ඉන්නවා. අනුන්ගේ හිත් තේරුම් ගන්න දඟලන්න එපා ඉන්ජො. හිත රිදෙනවා විතරයි. තමන් හරි නම් එච්චරයි.
ReplyDeleteමටත් කියන්න තියෙන්නෙ ලකී කියපු එකම තමා ..
ReplyDeleteඅපි අනුන්ගෙ හිත් තේරුම්ගන්න යන්න හොඳ නෑ ..
අපිට දැනෙන විදිහට නිවැරදි දේ කළාම ඇති.
අයියෝ මචන් කතා කරලා වැඩක් නැහැ.
ReplyDeleteධනයට බලයට එක තැන යනවා බන් .
මට නම් අනන්ත වෙලා තියෙනවා .ඒත්
අන්තිමට මම පෙන්නුවා උන්ව පාරටම
වට්ටලා ..දැන් ගානට ඉන්නවා .මචන්
තරහ වෙන්න එපා මෙහෙම කිව්වට
බල්ලියන්ට උන්ට හිමි තැන දෙන්න ඕන .
අනේ මන්ද කොල්ලන්ට බැහැ ඔහොම වෙනස් වෙන්න .
මේ ලෝකේ හැම ගෑනීම ඔහොමයි බන් .
හැම ගෑනිම ඔහොමයි .අවුල් ගිය ඕන වෙලාවක
මට කතා කරන්න.. අද්දැකීම් ගොඩයි
මට ඔහොම දේවල් වෙලා තියෙනවා පුදුම විදිහට ..
බල්ලියෝ කියන්නේ පුදුම බල්ලියෝ .
හොද ගෑණියෙක් ඇත්තෙම නැද්ද මේ ලෝකේ..
"හොද ගෑණියෙක් ඇත්තෙම නැද්ද මේ ලෝකේ.." දැන් කාලේ හොයන්න අමාරුම දේ එක තමයි
Deleteකෙලි ඇඳුමේ ඉදලා සාරියට මාරු වෙනකොට කෙල්ලොන්ගේ හිතත් වෙනස් වෙනවා ඇති තමා!
ReplyDeleteහරිම ලස්සනයි..
ReplyDeleteමේ සිද්ධිය ගැන නෙමෙයි.. මේක ලියලා තියෙන විදිහ ගැන.
හැමෝම වෙනස් වෙනවා. ඒක ඉතිං ඇත්තක්.
හැමෝටම වෙනස් වෙන්නත් පුළුවන්..
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. සංවේදී උත්සහ කලේ නැද්ද N එහෙම කියන්න හේතුව?
ReplyDeleteකෙල්ලෝ වෙනස් වෙන්නේ ඇයි කියල කෙල්ලොවත් දන්නේ නෑ එක ජන්ම ගතිය, හේතුවක් ඇහෙව්වොත් අපිට හිතා ගන්නවත් හේතුවක් කියන්නේ
DeleteFell sad about u
ReplyDeleteකෙල්ලොත් නිකන් සමාජ විද්‍යාවක් වගේනේ......පරිසර සදකවලට අනුව වෙනස් වේ...
ReplyDeleteඕක කෙල්ලො විතරක් කරන දෙයක් නෙවෙයි.. කොල්ලොත් අනන්ත ඔය විදියේ වැඩ කරනවා.. හැබැයි කෙල්ලෝ ඕවා මත්තේ නැහි නැහී ජීවත් වෙන්න යන් නෑ... එක්කො මැරෙනවා නැත්තං හිත හදන් වෙන අතක් බලාගන්නවා... මේ දවස් ටිකේ මාත් ඔෙහාම එහෙකට පැටලිලා... මං පණිවිඩ කාරයා, දුක්ගැනවිලි අසන්නා වෙලා... අයියෝ මට ඇති වෙලා ඉන්නේ.... මොන මඟුලකට මුන් ලවු කරනවද කියලා හිතෙනවා.... ( හැබැයි ඉතිං අපිත් ඔහොම තමයි ඒ කාලේ.. හි හි... )
ReplyDeleteපරණ පෝස්ට් එකක් උනාට අදයි අහු උනේ... කෙල්ලෝ ගැන බමුණු උපමා කතා ගොඩක් කියල තියෙන නිසා කමෙන්ට් වල මේකේ මට පේන පැත්තත් ලියන්න ඕනෙ කියලා හිතුනා...
අඩෝ ....
Deleteඇයි මේ කෙල්ලො ඔහොමමයි , කොල්ලො ඔහොමමයි කිය කිය තම තමන් සුද්දවන්තයන් වෙන්න හදන්නේ..? කෙල්ලො කොල්ලො කියලා භේදයක් නෑ... වෙනස් වීම ගොඩක් අයට පොදුයි ඒ අතර කෙල්ලො තමා හෝ කොල්ලො තමා එහෙම කරන්නෙ කියලා මගේ ජීවිතේ මට එහෙම තේරිලා නෑ..
ReplyDeleteවෙනස් නොවන අයත් ඉන්නවා.. ඒකටත් ලිංග භේදයක් නෑ..
මේ මට දැනුන විදිහ..හිතුන විදිහ... මම වසර 5කට විතර මිශ්‍ර පාසලක හිටියා , වසර 9ක් ඊට කලින් බාලිකා පාසලක හිටියා..
මගේ ජිවිතේ හමුවුණ හොඳ මිත්‍රත්ව අතර මිතුරියන් මෙන්ම මිතුරන්ද ඉන්නවා... හැබැයි අතලොස්සයි.. ඒ මදැයි නේද,..? වෙනස්වෙන ගොඩක් යාළුවෝ මැද නොවෙනස් යාළුවෝ..?
ඔයා වාසනාවන්තයි.. විශ්වවිද්‍යාල සමයේ හිතට දැනෙන යාළුවෝ ඉන්නවා... මගේ නම් දැනටත් පට්ට "ෆිට්" ඉස්කෝලෙ යාළුවෝ..
:)
මෙහෙමයි
Delete"කොල්ලො සෙට් එක ඕන දේකට ඕන වෙලාවක මැරෙන්න උනත් එවරෙඩි වුනත් ඒ විදියට සියුම් කෝණවලින් සාමාන්‍යයෙන් කෙනෙක් නොදකින දෙයක් දකින්න උන්ට අමාරුයි. උදාහරණයක් විදියට ගත්තොත්, 'බූට්' එකක් කාපු වෙලාවට කොල්ලෙක්ගෙ (යාලුවෙක්ගෙ) හැසිරීම බලන්න.
"මූදෙ එක මාළුවද බං ඉන්නෙ. ඔන්න ඕක අල්ලලා දාමු මචං. තව එකකට බහිමු.".."
කියල කෙල්ලෙක් කියන නෑ නේ, ඒ වගේ කෙල්ලන්ගෙය් කොල්ලන්ගෙයි වෙනස්කම් තියෙනවා, 'සංවේදී' කියන කතාව හරි ගොඩක් කෙල්ලෝ තමා ඔහොම කරන්නේ එහෙත් එහෙම කරන කොල්ලොත් නැතුවම නොවේ
දුකයි තම නේ , තව කල් යන්න කලින් අඳුන ගත්තනේ N චරිතේ ...
ReplyDeleteමට කියන්න තියෙන්නේ අපි කාගෙන්වත් මුකුත් බලාපොරොත්තුව ඉන්න හොද නැ , අපි කර උදව්වට ප්‍රති උපකාර නොකළ කියල හෝ අපිව නොසලකා හරිය කියල අපි සිත් අමනාපකම් ඇති කරගන්න ඕනි නැ ,
හැමෝම එක වගේ නෙමේනේ
mama oyata kiyanne oya oyage wada tika hareyaata karanna kawada ho N oya laga dANA gahanawa mai
ReplyDeleteminissu monawageda kiyala therum gannna meke hoda awasthawak.jiwitheta watina athdakimak.e gana sathutu wenna.
ReplyDeleteමේ වගේ දේවල් කරන්න කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක බලපාන්නෙ නෑ. එකම දේ මනුස්සයකුගෙ හිතේ තියෙන ආත්මාර්ථකාමිකම. සමහර මිනිස්සු ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමියි. ඒක වෙනස් කරන්න බෑ. ඒක තේරුම් යන්න ගොඩක් කල්යනවා. මොන නියමයක්ද මන්ද ස්වභාව ධර්මය උනත් ඒ ආත්මාර්ථකාමීකම පිළිගන්නවා. අන්තිමට හැමදේම නැතිවෙලා ජීවිතේට කළකිරීමක් ඉතිරි වෙන්නෙ හොඳ මනුස්සයටම තමයි. හ්ම්ම් මෙහෙම තමා ජීවිතේ....
ReplyDeleteජිවිතයට යමක් ගන්නයි කියෙව්වෙ ලැබුනු නිසයි කමෙන්ටි කරන්නෙ ... ඇය එසේ හැසිරෙන්න හේතුව අදටත් ඔබ නොදන්නව ඇති ඒක නිසා යාඑවනේ ඇත්ත නැත්ත හොදහැට් දැන චෝදනා කිරිමයි හොද ...
ReplyDeleteමම හිතන්නෙ වෙනස් විදිහකට.ඇය (එන්) ඔබත් එක්ක ගොඩාක් ළඟින් ආස්‍රය කරපු නිසා මට හිතෙනව ඇගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇති වෙන්න ඇති. අනිත් අතට ඔයා තාමත් අර අනිත් ගෑණ්ළමයට ආදරය බව දැනුනනම ලබා ගන්නබැරි තන්හාවත් එක්ක හිතේ ඇතිවෙන තරහව වැඩි වෙනවා.ඒ තරහ නිසා ඔබව අයින් කරත්, හිත හදාගන්න තව තවත් ඔබෙන් ඈත් වෙන්නැති. කොහොම වුනත් ඇයට ඇගේම හේතු තියෙන්න ඇති.
ReplyDeleteඅර තුන්වැන්නිය තමා හොදම.මචං ලෙවල් එකේ හිටියම ඕනි හිතේ දුකක් ඕනිම දෙයක් මූණටම කියා දාන්න පුලුවන්.එතකොට හිතේ එකක් නැහැ නේ....
කෙල්ලො ඔහොම තමයි බන්, උන්ට වාසියක් වෙනවනම් උන්ගෙ ලෙවල් එකට වැඩිය ඉහලින් ඉන්නවනම් යට එකත් ගලවයි නැත්තන් ඉතින් පුකට පාර තමයි හෙ හෙ, උඹ කැම්පස් කට්ට කාලත් ඕක රහ තේරුම් ගත්තෙ නැති එකයි දුක.
ReplyDeleteසිරාවටම...අපෙන් ලෙක්චර් නොට් ඉල්ලගෙන.ප්‍රොජෙක්ට් ටික ගොඩ දාගෙන ශ්‍රම කරගත්තට පස්සේ මතකවත් නෑ .ඉස්සර ගුඩ් මෝනින් අයියා කියපු උන් දැන් උන්නද මලාද බැලෙන්නේ නෑ..
ReplyDeleteDegree eka goda daganna hambuna eka loku deyak, hithanna epa machan, man engineering ath arala hotel management giya kenek,yaluwoi, kelloi mata hodata jivithe gena kiyala dunna, saralawa hithapan, the best!
ReplyDelete