කළින් සටහන මාතලන් තැබූ සටහනට ඌණ පූර්ණයක් වන අතර මෙය එම ඌණ පූර්ණයට ඌණ පූර්ණයකි.
ගෝණිබිල්ලා ඇඳුමට සිය භාර්යාවන් / දියණියන් රිංගවන්නට වැඩිපුරම කැසිල්ලක් ඇත්තේ නූගත් මුස්ලිම්වරුන්ටය.
දිනක් මා කළින් සේවය කළ සරසවියේ අප දෙපාර්තමෙන්තුවේ සේවයට වාර්තා කර තිබුණේ මා සහ මුස්ලිම් ජාතික තරුණ ආධුනික කථිකාචාර්යවරිය වන සඛීනා අක්කා පමණකි. මා උසස්වීමක් සමඟ වෙනත් විශ්වවිද්‍යාලයකට පත්වීමක් ලැබ තිබුණෙන් මා පැවැත්වූ ඇතැම් දේශන ඇයට පැවරී තිබුණි.
මා අසලට පුටුවක් ඇදගත් ඇය මගෙන් 'කුප්පියක් දා ගනිමින්' (වැරදි ලෙස හිතන්ට එපා ය. කැම්පස් භාෂාවෙන් කුප්පිය දානවා කියන්නේ නොදන්න දෙයක් කියාදීමට ය.) සිටියා ය. තිර යොදා සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ගුරු විවේකාගාරය, වායුසමනය කරන ලද නිසා දොර වසා තැබේ.
එක්වරම එහි දොර ඇරගෙන පැමිණියේ ඇගේ සැමියාය. ඔහු විශ්වවිද්‍යාලයටම අනුබද්ධ ආයතනයක ගණකාධිවරයෙකි. ඔහු අඩි හයකටත් වඩා උස, උසට ගැලපෙන මහතින් යුතු ශක්තිමත්, ප්‍රියමනාප පුද්ගලයෙකි.
මා එක්වරම තිගැස්සීමකට ලක්වූවා යැයි කිවහොත් එය මුසාවක් නොවේ. හේතුව මගේ සිතේ 'එහෙම' අදහසක් තිබූ නිසා නොව, මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය වෙනස් බව අසා තිබුණු නිසාය.
මා සිතුවේ මට කෙසේ වෙතත් සඛී අක්කාට දෙකක් අසා ගන්නට ලැබෙන බවය.
යම් කිසිවක් දමිළ භාෂාවෙන් සෙමින් කියූ සඛී අක්කාගේ සැමියා, ගුරු විවේකාගාරයෙන් පිටව ගියේ ය.
මම නැවතත් මගේ 'කුප්පිය දැමීම' ආරම්භ කළෙමි.
මිනිත්තු 10ක් යන්නට මත්තෙන් ඇගේ සැමියා යළිත් ආවේ හිස් අතින් නොවේ!
කිරිහලෙන් කිරි පැකට් 3ක් රැගෙන ය.
ඉතා සැහැල්ලුවෙන්, විහිළු තහළු කරමින් අපි තිදෙනා කිරි පානය කරමින් අල්ලාප සල්ලාපයේ යෙදුණෙමු.
"මෙයාට ඔහොම කියල දුන්නට මතක හිටින්නෙ නෑ. අනින්න හොඳ ටොක්කක්..!"
මා දැන් රාජකාරි කරන ස්ථානයේ මගේ හොඳම මිතුරිය මුස්ලිම් ජාතික කථිකාචාර්යවරියකි. ඇය භක්තිමත් ඉස්ලාම් බැතිමතියකි. දිනකට දෙවරක් සිය නිල කාමරයේ දොර වසාගෙන, බිම රෙදි කඩක් එළාගෙන යාඥා කරයි. අප කාර්ය මණ්ඩලයේ සිටින එකම මුස්ලිම් ජාතිකයා ඇය බැවින්, මෙය කිසිවකුගේ දෝෂාරෝපණයෙන් මිදීමට නොව, ඇය කැමැත්තෙන්ම ඉටු කරන කර්තව්‍යක් බව පෙනී යයි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ප්‍රථම පන්ති උපාධිධාරිණියකි.
ඇය හිස ආවරණය කරන නමුදු, මුහුණ ආවරණය කරන්නෙ නැත.
සවස 6.00 පමණ තෙක් රාජකාරි කිරීමට සිදුවන ඇතැම් දිනවලදී මම ඇය නගරයට ගොස් ඇරලවමි. මගේ සිංහල ජාතික මිතුරියන් පවා වාහනයේ ඉදිරි අසුනේ අසුන් ගැනීමට පැකිළෙද්දී ඇය මගේ වාහනයේ ඉදිරි අසුනේ ගමන් කරයි.
මේ ළඟදී ඇය විවාපත් වූවාය. වෙඩිමට මටද ආරාධනා පතක් ලැබුණි. මම එහි ගියෙමි. මා සිතුවේ මනාළිය පිරිමින්ට, විශේෂයෙන් අන් ආගමක පිරිමින්ට දැක ගැනීමටවත් නොලැබෙනු ඇත කියා ය. එහෙත් මා සිතුවා වැරදිය.
සභාව මැද ඇය හා ඇගේ සැමියා මා පිළිගත්තේ අතට අත දීමෙනි.
ඔබ විශ්වාස නොකරනු ඇත,
ඉතා අලංකාර ලෙස වෛවර්ණ ඇඳුමින් සැරසී සිටි ඇය කිසිදු ශීර්ෂාවරණයක් පැළඳ සිටියේ නැත...!
මට තියෙන්නෙ ඕකෙ අනිත් පැත්තටම ගිය අත්දැකීමක්... උගත්, බොහොම අවබෝධාත්මකව තමන්ගේ ආගම ගැන කතා කරන කෙනෙක්ගේ ( අද මගේ හිතේ යම්තරමකට හරි මුස්ලිම් ආගම ගැන ගෞරවයක් තියෙන්නෙ ඒ කෙනා එක්ක කතා කරපු දේවල් නිසා) වෙඩිම අන්තිම සාම්ප්‍රදායිකයි... මනාලිය දකින්න පුලූවන් ගැණු අයට විතරයි.. එයා හිටියේ වෙන හෝල් එකක... වේදිකාවක් උඩ ඔලුවේ ඉදල රත්තරන් පොරෝලා.. හරියට දේවාලෙක පිළිමයක් වගේ... මට ඇත්තටම දුක හිතුනේ මේ කතාව අහලා... ඒ ළමයා තමන්ගේ පොඩි කාලේ ඉදලා අරන් තිබ්බ ෆොටෝ පවා ගිනිතියලා කසාදෙට කලින්... බඳින එකා අකමැති වෙයි කියලා හිතලා...
ReplyDeleteනූගත් මිනිස්සු නොතේරුම් කමට, කරන්න තියෙන එකම දේ විදියට ( දෙවියන්ව විශ්වාස කිරීමෙන් තමන්ට හොඳක් සිද්ධවෙයි කියලා හිතන එක) ඕවා කරද්දි උගත් මිනිස්සුත් ඕවා කරන එකයි මට නම් තේරුම් ගන්න බැරි.. ( හැබැයි ඉතිං අපෙ රටේ අධ්‍යාපනයත් එක්ක ගත්තම උගත් කියන නිර්ණායකය මහ විකාරයක්...)
අනේ මන්දා මේ පිස්සු විකාර කොහෙන් ඉවර වෙයිද කියලා....
Deleteහැම සමාජයකම(ආගමික) ඔබ කියනා ආකාරයේ විවිධ පුද්ගයන් ඉන්නවා.මටත් ඉන්නවා මුස්ලිම් යාලුවෙක් අපි එක්ක එකට වැඩ කරන. මගේ බ්ලොග් එකටත් ලියනවා.ඌ අපිත් එක්ක පිස්සු කෙළින්නත් එනවා. එවා මෙතැන කියන්න බෑ.ඒ වෙලාවට අපේ බොහොම අයට ඌ දෙයියෙක්.ඒ කියන්නේ මුස්ලිම් කියා ඌ කොන් කරන අපේ උන්ට.හැබැයි ඒ මොහොත තවත් අන්තවාදී මුසල්මානුවෙක් දැක්කොත් මොකක් වෙයිද?කරුණු වටහා ගන්න හැකි අය උන් අතරත් අප අතරත් ඉන්නවා. ප්‍රශ්නය ඒ ප්‍රමාණය බොහොම ටිකයි.
ReplyDeleteඇත්ත. මම උත්සාහ කරන්නෙත් ඒ දේ කියන්න. කිසිම ජන කොටසක් එකම කැටගරියකට දාන්න බෑ කියන එකයි. මගේ කළින් ලිපියයි මේකයි දෙකම කියවපු කෙනෙකුට තේරෙයි....
Deleteමෑතකදි මම මිතුරියකගේ විවාහයක් සඳහා අහුන්ගල්ලේ හෝටලයක රැයක් ලැගුම් ගත්තා.. ඒ විවාහයට අදාල නොවූ, නමුත් හෝටලයේ ලැගුම්ගෙන සිටි දවස පුරා මුහුණු ආවරණ බැඳගෙන හිටපු මුස්ලිම් කාන්තාවන් තුන්දෙනෙක් රාත්‍රි 10.00 න් පසුව බිකිනි ඇඳගෙන පිහිණුම් තටාකයට බැස්සා... මුහුණු ආවරණය කරගෙන.... නමුත් පේන්න ඕන ඔක්කොම බොහොම පැහැදිලිව පේන්නත් තිබුණා... නමුත් මුහුණ ආවරණය කරගෙන හිටියෙ හරියට අරක තියෙන්නෙ නලලෙ වගේ....
ReplyDeleteඊට පසුදින ඒ සියළුම දෙනා කළු ඇඳලා මුහුණු ආවරණය කරගෙන හිටියා... මුහුදු වෙරළට ගිය ඔවුන් මුහුණු ආවරණ ඉවත් කළා... අප මුහුදු වෙරළේ සිටියත්, ඔවුනට ඒ ගැන ගාණක් තිබුණෙ නැහැ..
මට මේ වෙනස්කම තේරෙන්නෙ නැහැ.. තේරුම් ගන්න උත්සාහ කළෙත් නැහැ..
ඔන්න ඔහොමයි ඒ සිද්ධිය.
එදා රෑ ඇල් අක්කට නිදියන්න බැරිවෙන්න ඇති.(විහිලු)
Deleteඑදා රෑ විතරක් නෙවෙයි... :P
Deleteමටත් මුස්ලිම් යාලුවෙක් ඉන්නවා සජ්ජාන් නවාස් කියලා,මම එකටම කොම්පියුටරයක් පාවිච්චි කරන්න ඉගෙන ගත්තේ සජ්ජාන්ගෙන්, කිසිම ලෝබ කමක් නැතුව අදටත් මට උදව් කරනවා.අනිත් කෙනා වසන්තා චෙන්නයි වල යාලුවෙක් මා එක්ක වැඩට යනවා.එයාගේ මහත්තයා යාපනයේ දෙමළ ජාතිකයෙක් ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට උදව් කරන දෙන්නෙක් ................
ReplyDeleteපු0චි කතාවක් ඒ එක්කම මතක් උනා....
2004 දි ශිෂය නායක පුහුණුවකදි අපිට පොඩි චාට් එකක් දුන්නා යා කරන්න.
මුස්ලිම් ජාතිය අපිරිසිදුයි
දෙමල ජාතිය පිලිවෙලයි
සි0හළ ජාතිය අපිලිවෙලයි
වෙනත් ජාතින්. ත්‍රස්තවාදි
ඔය චාට් එක මමත් යා කරා මුස්ලිම් අපිරිසිදුයි,දෙමල අය ත්‍රස්තවාදි,සි0හල අය පිලිවෙලයි,වෙනත් ජාතින් අපිලිවෙලයි,
හිටපු76 දෙනාම එක එක විදිහට යා කිරිම් කරලා තිබුනා.
හැබැයි ඔය අපිරිසිදුයි ,පිලිවෙලයි,අපිලිවෙලයි, ත්‍රස්තවාදි කියන කරුනු හතර හැම ජාතියටම පොදු ලක්ෂණයක් කියලා අපි,මම එදා ඉගෙන ගත්තා.
ආදර්ශමත් කතාවක්. හැම ජාතිකයම ඔය කියන 4 පිරිසම ඉන්නවා. මම කියන්න උත්සාහ කරන්නෙත් ඒක. හැබැයි ඕනම ජාතියක අන්තවාදීන් පිටුදකින්නත් මම පසුබට වෙන්නෙ නෑ.
Delete