දැන් මාස කීපයකට කලින් සරසවියෙන් පිටවෙච්ච මගේ දරුවෙක් ජීවිතය ගැන කළකිරුණු ස්වරයෙන් මෙසේ කියයි...
"සර්. රස්සාවක් නම් හම්බුනා. ඒත් සෑහෙන්න දුක් විඳින්න වෙලා. හරිහමන් පඩියකුත් නැහැ. සොච්චම් පඩිය ගැන හිතෙනකොට මොකටද මෙච්චර ඉගෙන ගත්තේ කියල හිතෙනවා. කැම්පස් ගියපු නැති අපේ වයසෙ උන් ජොබ් පර්මනන්ට් වෙලා පවුල් පන්සල් වෙලා පිළිවෙළකට ඉන්නවා....අපි කවද්ද ගෙදර මිනිස්සුන්ට සලකන්නෙ සර්...?"
මම සිනාසී මෙසේ කීමි.
"පුතා. ඔයා දන්නවද, දෙහිවල විලියම් හෝල්ට් එක..?"
"ඔව් සර්..."
"ඊට හෝල්ට් එකක් මෙහා තියෙනවා ඇලීතියා කියලා ඉන්ටනැෂනල් ස්කූල් එකක්."
"සර් ඒකෙ ඉගැන්නුවද...?"
"නෑ. ඒක ඉස්සරහින් යන පාරෙ මීටර් 700ක් විතර ගියාම හම්බුවෙනවා මුඩුක්කුවක්."
"...!!!?...."
"මම සොෆ්ට්වෙයාර් ජොබ් එකේ ප්‍රොබේෂන් කාලෙ හිටියෙ ඒකෙ කාමරයක බෝඩ් වෙලා. දන්නවද පුතා ඒකෙ දෙපැත්තකම බිත්ති නෑ."
"අයියෝ සර්...!"
"ඉන්නකො කියනකම්. ඒ දවස්වල කවදාවත් නැතුව කොළඹ උදේ පාන්දර අංශක 18ට බැස්සා."
"............"
"මාත් එක්ක එක ඇඳේ නිදාගත්තෙ නුවර කෝටිපති පවුලක කොල්ලෙක්. ඌ මාත් එක්ක අන්ඩග්‍රැජුවෙට් කාලෙ හදාගෙන යන බිල්ඩිමක 4 වෙනි තට්ටුවෙ ස්ලැබ් එක උඩ නිදාගෙන තියෙනව."
ඔහු විශ්මයෙන් මා දෙස බලා සිටියි....
මම දිගටම දොඩමළු වෙමි.
"ඔයා දන්නවද..? අපේ තාත්ත ආර්ථික විද්‍යාව විශේෂ ගෞරව උපාධියක් තියාගෙන අවුරුදු 6ක් කුඹුරු කෙටුව කියල...ඊට අමතරව කුළී වැඩත් කරල තියෙනව. තාත්තත් එක්ක වහල තිබිල පටන් ගන්න හදන ෆැක්ටරියක මැෂින් වල මලකඩ කඩපු අපේ මාම අද මහ බැංකුවෙ ඩිපියුටි ඩිරෙක්ටර් කෙනෙක්."
"ජීවිතේ එක රැයින් බුදුවෙච්ච මිනිස්සු නෑ පුතා. කට්ට කාල, පොළොවෙ පය ගහල පදම් වෙලා හැදිච්ච එකා ආයෙ කවදාවත් ලේසියෙන් වැටෙන්නෙ නෑ. වැටුනත් ඩිප්‍රෙස් වෙන්නෙත් නෑ."
සහතික ඇත්ත අත්දැකීම් තමයි මිනිස්සු සම්පූර්ණ කරන්නේ , ජීවිතය ජයගන්න නං (ඇත්තටම ජයගන්න ) , ඇත්තටම ජීවත් වෙන්න ඕන
ReplyDeleteදන්නෝ දනිති.... :P
ReplyDeleteගුරුවරයෙක් වෙන්න ඕනෙ මෙන්න මේ වගේ මිනිස්සු තමයි කියල කීප වතාවක්ම කියන්න හිතුන දැන් කියලම යන්නම් අනේ ඔබතුමා වගේ පොතට වගේම ජීවිතයටත් ගරු කරන ගුරුවරු තව තවත් බිහිවේවා............
ReplyDelete//කැම්පස් ගියපු නැති අපේ වයසෙ උන් ජොබ් පර්මනන්ට් වෙලා පවුල් පන්සල් වෙලා පිළිවෙළකට ඉන්නවා....අපි කවද්ද ගෙදර මිනිස්සුන්ට සලකන්නෙ සර්...?"//
ReplyDeleteමෙන්න මේ කතාව ඇතුලේ නං කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.... මොකද මාත් කැම්පස් එපා කියලා ප්‍රයිවට් ජොබ් එකකට ගියෙ....
කියපු විදියටම කට්ට නොකා නං “හරි හමන් මිනිහෙක්” වෙන්න බෑ... ඒක තමයි ඇත්ත.. සමහරු රස්සාවට එන්න කට්ට කනවා.. සමහරු ඇවිල්ලා කට්ට කනවා.. කොහෙම හරි කට්ට හරියට කන එකා ගොඩ යනවා....
නියමයි මචං. අපේ උන් හිතන්නේ ඩිග්‍රිය කියන්නේ, තව්තිසා දෙව්ලොව පහල උනාය කියලා. උඹලා වගේ උන්ගෙන් ඉගෙන ගන්න උන් ගැන කිසි දුකක් නෑ. උඹලට පව්ත් නෑ. ඩිග්‍රිය අරගෙන එන උන් මොනවද දන්නේ කියලා හිතෙනවා ට්‍රේන් කරද්දි. සබ්ජෙක්ට් එක විතරයි. ඒකෙත් ප්‍රැක්ටිකල් පැත්ත නෑ. එහෙමත් වෙලාවක තමයි උඹ වගේ උන් හම්බ වෙන්නේ.
ReplyDeleteමාතලන්,
Deleteඔකේ දෙපැත්තක්ම තියෙනවා. අගතියකින් තොරව මගේ අද්දැකීම කියන්න පුළුවන් (මා මේ රටේ විශ්ව විද්‍යාල දෙකකම ඉගෙන තියෙන නිසා)
ඉගැනීමක් දේශන,ඇදලා පොත් කියවීම,යහළුවන් සමග සාකච්චා කිරීම අද්දැකිම් ලැබීම යන කරුණු 4කින් සම්පුර උනේ නැත්නම් ඒක හරි ඉගෙනගනිමක් වෙන්නෙ නැහැ මා දන්නා ලෙස නම් නම් අද ශිෂ්‍යයා විශ්ව විද්‍යාලයේදී 50% ක් විතර කරන්නේ දේශනා වලට යන එක විතරයි.පුස්තකාලේ පැත්තේ පලාතක යන්නෙ නැහැ.යහළුවෝ සමග කුමන අධ්‍යාපන සාකච්චාද? ඉතින් රස්සාවට එලියට ගියාම හරියට නයායවත් දන්නෙ නැති නිසා නිකම්ම පච වෙනවා.
ඕනෑම ප්‍රයෝගික තත්වයක් ගැඹුරෙන් විමසුවාම එකට අදාළ න්‍යාය හෙළිදරව් කරගන්න පුළුවන්. හැබැයි අද්දැකීම හරියටම (බොරු නොකර)විඳින්න ඕනෑ.
කොතරම් හොඳට න්‍යාය හා අද්දැකීම් ලැබුනත් අපේ රටේ ඉහලට යන්න නම් ලොක්කෝ එක්ක ශේප් එකේ ඉන්න පුළුවන් සාමාන්‍ය බුද්ධියත් තියෙන්න ඕනෑ. ඒක නැති ඕන තරම් හොද වැඩ කාරයෝ පරද්දලා මැට්ටෝ රජ වෙලා ආයතන අතීතයේදී ආයතන විනාශ කෙරුවා.අදත් සමහර ආයතන විනාශ කරනවා.
Aniwaaryenma aththa. Mahansiye tharamata thamayi prathipala wadi wenne. Thalala hondata padam karapu yakade thamayi hondatama kal pawathinne. E wage katta kaapu eka thamayi koheth rakenne.
ReplyDeleteකොහොම කිව්වත්, ලංකාවේ උපාධිධරයන්ට වෙන්නෙ හරි අසාධාරණයක්! අපේ උන් කට්ට කාලම නාකි වෙනව....
ReplyDeleteසම්පුර්ණ ඇත්ත කතාවක්. අනේ මං මොඩයෙක් නිකමකේ ලියලා කවද්ද මනුස්සයෙක් වෙන්න පුළුවන් කියලා කොච්චර බැනුම් අහනවද :)
ReplyDeleteඅර ළමයා ඩොක්ටර් වෙනවා ටික දවසකින් අර දුව බැංකුවේ අරයා යුනි.... අනේ මෙවුවා කියද්දි කට පියන් ඉන්නෙ දවසක මම හොද ලියන්නෙක් වෙන්න උත්සහා කරනවා. අද හෙට බැරි වෙයි එත් දවසක ඒ අරමුණ ජය ගනි කියලා දන්න නිසා කියන කතා ඇහෙන කතා දකින කතා ඉවසන් පාඩුවේ ඉන්නවා.
ප්‍රැක්ටිකල් උනා නං අවුලක් නෑ. කතාව සහතික ඇත්ත..
ReplyDeleteකට්ටේ ආතල් එක තෙරෙන්නේ කාලාන්තරයක් බලන් ඉන්ඩම වෙනව....
ReplyDeleteදුකේ නීරස නොවිඳපු උන්ට සැපේ රසය තේරුම් ගන්නත් බැරි වෙනවනේ මචෝ . . උඹේ පැහැදිලි කිරීම නියමයි. උඹේ ප්‍රායෝගික උදාහරණ වලින් පස්සේ ගෝලයා යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා.
ReplyDelete
ReplyDeleteපුංචි සිද්ධි ටිකක් මතක් උනා සහෝදරයගේ තාත්තා ගැන කියද්දි...... අපේ තාත්තා උ\පෙ ප්‍රතිඵල එනකම් ගඩොල් පොරන වල මැටි අනලා ගඩොල් කපලා තියනවා.දැන් ඔහු ලංකා බැංකුවේ සේවය කරනවා.අපේ බාප්පා නගර සබාවේ කුනු ටැක්ටරේ එලවලා තියනවා,දැන් ඔහු එතැනම බදු බාණ්ඩාගරික .......මගේ මහත්තයා කෑම්පස් යන්න සල්ලි නැති නිසා රු.100 පඩියට මේසන් බාස්ලට අත් උදව්වට ගිහින් තියනවා,කාලයක් ප්‍රසන්ග නමින් සීනී වයඹ පලාතේ බෙදා හැරිම් කරලා තියනවා.දැන් ඔහු ඉතාලියේ එස්සෝ ඉන්ධන බෙදා හරින සමාගමේ ඉන්ධන හලක ප්‍රධාන සේවකයෙකු ලෙස වැඩ කරනවා
කට්ට කාලා ලබා ගන්න අත්දැකිම් එක්ක ගොඩ නගන ජීවිතේ කවදාවත් වැටෙන් නෑ.........
"සර්. රස්සාවක් නම් හම්බුනා. ඒත් සෑහෙන්න දුක් විඳින්න වෙලා. හරිහමන් පඩියකුත් නැහැ. සොච්චම් පඩිය ගැන හිතෙනකොට මොකටද මෙච්චර ඉගෙන ගත්තේ කියල හිතෙනවා. කැම්පස් ගියපු නැති අපේ වයසෙ උන් ජොබ් පර්මනන්ට් වෙලා පවුල් පන්සල් වෙලා පිළිවෙළකට ඉන්නවා....අපි කවද්ද ගෙදර මිනිස්සුන්ට සලකන්නෙ සර්...?"
ReplyDeleteමට නම් මේ ටික හොඳට දැනුණා... ඔය කට්ට කාලා කවද හරි හම්බ කර ගන්න කොට, උගන්නන්න දුක් මහන්සි වුණු ගෙදර මිනිස්සු මැරිලා...
එත කොට එක පන්තියක් කිසි කට්ටක් නැතු ව විභාග, පරීක්ෂණ මුකුත් නැතුව කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන් ම ඇඳුනුම්කම්වලට ලොකු ලොකු තැන් වලට යන්නෙ නැද්ද..? ඇත්තට ම කැප වෙලා වැඩ කරපු සහ දක්ෂ අය පහළ ඉඳිද්දි ඒ අයගෙන් කොපි කරපු අය පේන්නෙත් නැති තරං උඩ.. එහෙමත් වෙනව නේද?
වානේ පන්නරය ලබනව තමයි.. හැබැයි කවද හරි... මට දුකයි ඒ ගොල්ලන්ගෙ ලස්සන කාලෙ එහෙම වෙන්නෙ නැති එක ගැන.. අසාධාරණ ව-
matath campus awa mul kale ehema hithuna....danuth welawakata hithenawa...eth gedara gana mathak weddi me duka kamak ne tka kalayaine kiyala hithenawa...eth eliyata yaddi job1k nethnam.............................................................
ReplyDeleteඅපූරුම කතාවක්..ජීවිතේ දුක කියන එක ඇත්තටම විඳපු කෙනෙකුට සැපක් විඳින එක ඒ හැටි දෙයක් නෙවෙයි....:)
ReplyDelete"තාර පාර දිග පාට පාට කඩ...."
ReplyDeleteමේ ළමයින්ට මුදල් ඇත්නම් කල හැකි දේ ගොඩක් පේන්න තියේ නෙවැ අවට..
අපිස් සතොස් ජීවිතයකට හුරුවීමත් "උත්සාහය උක්දණ්ඩක් වැන්නේ - වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ" මතක තබාගැනීමත් අපේක්ෂා භංගත්වයෙන් මිදෙන්න උදව් වේවි
මේ වගේ යමක් කියවීමෙන් එක්කෙනෙක්ගේ හරි ආත්මශක්තිය දියුණු වෙයිනම්..
ඔබට තුති!