ඒ ඔහුගෙ කැම්පස් එකේ කාඩ් එක. ඒ ඔහු දෙමළ නිසා නෙමෙයි. සෑහෙන්න කළු නිසා ය. හමෙන් කළු වුනත් හදවතින් සුදුම සුදු එකෙකි. මේ සටහන ඒ නිසාවෙන්.
අපි ෆස්ට් ඉයර් එකේ ඉන්නකොට ඉන්දියාවේ රොබින් හුඩ් නමින් හැඳින්වුනු ප්‍රසිද්ධ කොල්ලකාරයෙක් වෙඩි කා මැරුණි. මූට දමන්නට කාඩ් එකක් සොයමින් සිටි අපේ උන්ට එය ඉබ්බා දියේ දැමීමක් විය. අනේ මේ අහිංසකයගෙ කාඩ් එක විදියට ඒ මදාවියගෙ නම රෙජිස්ටර් විය.
නමින් එසේ වුවද ඔහු ඉතාම අහිංසක එකෙකි. ඔහුම පවසන විදියට ඒ අහිංසක කම යටින් හද කම්පා කෙරෙන ඛේදවාචකයක් ඇත.
ඒ කාලේ මූ හරි දඟය. ගමේ දඟකාර කොල්ලන් සමඟ මූදේ නාන්නට යයි. කිසිවෙකුත් කියන දෙයක් නාසයි. කොටින්ම නාහෙට අහන්නෙ නැති එකෙකි.
ඒත් යම් දුක්බර සිදුවීමක් නිසා මොහුට දඟ කිරීම එපා විය. එකට සිටි කණ්ඩායමේ කොල්ලෙකු දියේ ගිලී මිය යාම ඊට හේතුවයි. ඊට තමනුත් වග කිව යුතුයයි යන වරදකාරී හැඟීමකින් සිත තවන්නට ඇත.
කැම්පස් එකේදී යම් ඉසව්වුවක්, පිංකමක්, විනෝද චාරිකාවක් සංවිධානය වූයේ නම් මොහු අනිවාර්යයෙන්ම එතනය. එතන කිවුවට නිකං බලා සිටීමක් නැත. එළිවෙනකම් බර වැඩය. නහින්නේ බොක්කෙන්ය. කිසිදු වාසි අපේක්ෂාවකින් නොවේ.
දුක් විඳින්නට උපන් හපන් ය. ඒ ඔහුගෙ හැටිය. ඒවා ගානක් නැත. එය මොහුට සතුටකි.
මා පොළොවේ පය ගසා ඇවිදින මිනිසකු කළේ මොහු යයි කිවහොත් එය ප්‍රලාපයක් නොවේ. සිද්ධිය මෙසේය.
අප සරසවියේ පීඨ මණ්ඩලයේ සියලු කටයුතු සිද්ධ වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ඒ කියන්නෙ කඩ්ඩෙනි. උසස් පෙළ කඩ්ඩෙන් කිරීම නිසා මගේ කඩ්ඩ හොඳ තත්වයක පැවතුණි. ඒ නිසා පීඨයේ ශිෂ්‍ය නියෝජිත වශයෙන් කොල්ලන් තෝරා පත්කරගත්තේ මාවය.
එසේ වුවද, දුක් විඳින ජනතාව ගැන මගේ දැනුම අල්ප විය. මගේ දෙමාපියන් මහා ලොකු සල්ලිකාරයන් නොවුවද, ඒ වනවිටත් මා ජීවිතයේ කිසිදිනක කුසගින්නේ නොසිටි අයෙක්මි. කිලෝ මීටරයක්වත් එකදිගට පයින් ගොස් නොසිටියෙමි.
සරසවිය මිනිසා සම්පූර්ණ කරයි යන කතාව ඒ වනවිට මා අත්විඳිමින් සිටියෙමි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව-විද්‍යාලයක්ම විය. ගෙදරදී හාමුලා, කුමාරිහාමිලා වගේ හිටපු උන් අගේට මළගෙවල්වල කාණු කපයි. උයයි. තමන්ගේ රෙදි සෝදා ගනියි..එකී මෙකී නොකී සියල්ල....
මගේ මේ සීඝ්‍ර දියුණුව කොල්ලන්නට දැනෙන්නට පටන් ගෙන තිබුණි. මා නැවත නැවතත් පීඨ මණ්ඩලයට පත් කර යැවුණේ එහෙයිනි. ඒ සටනේ මුළින්ම සිටි අයෙකි වීරේ. (අපි ආදරයට ඌට-වීරප්පන්ට කියන්නේ එහෙමයි.)
එදා පීඨ මණ්ඩල රැස්වීම මහ එපා කරපු දවසක් විය. මා ඉදිරිපත් කළ ශිෂ්‍යයන්ගේ ගැටළු එහිදී දැඩි අවඥාවට ලක් විය. මා යළි ආවේ මගේ අතින් කා හරක් බලන ඩියුටිය ගැන දැඩි කළකිරීමෙනි.
මේ දැඩි සිත් තැවුල වීරේට කියන්නට මම නේවාසිකාගාරයේ උඩු මහළ තරණය කළෙමි.
මා එහි යනවිට ඔහු සීනි සමඟ පාන් බාගයක් කමින් සිටියේය.
"ආ...වරෙන් වරෙන් සුනෙතා."
සීනි සමඟ පාන් කෑම මට තරමක් නුහුරු හෙයින් මා මෙසේ ඇසුවෙමි.
"මචං සීනිත් එක්ක පාන් කන එක ආතල්ද...?"
ඔහු මුළදී සිතුවේ එය විහිළුවට අසන ලද එකක් කියා ය. එහෙත් මා ෆුල් සීරියස් බව දුටු ඔහු කියන්නට ගිය කුණුහරුපය ගිලගෙන ඇත්තම කතාව කීය.
"අනේ නෑ බං. හොදි එකක් ගන්න සල්ලි නෑ."
මගේ පපුව හෝස් ගා දැවී යනු දැනිණ.
පැමිණි කාරණය ඉතා අපහසුවෙන් මම ඔහුට විස්තර කළෙමි.
"මචං තරහ නැතුව ෆැකල්ටි බෝඩ් යවන්න වෙන එකෙක් තෝර ගනිල්ල. මට මෙහෙම හැමදාමත් නිකරුනේ චාටර් වෙන්න බෑ..!"
"එහෙම කරන්න එපා රත්තරන්. අපිට උඹ හැර වෙන සරණක් නෑ." ඒ කී හැඟුම්බර විලාශය අනුව එය සිරාවටම කියන ලද්දක් බව දැනුණි.
මේ අසරණයින් වෙනුවෙන් කුමක් හෝ කළ යුතු බවට මම දැඩිව තීරණය කළෙමි.
මා අද දක්වාම දිවි හිමියෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැප වන්නට එම සිදුවීම තදින් බලපෑ බව සත්‍යයකි.
දිනක් මා රාත්‍රී වේල පිණිස කැන්ටිමට යන විට වීරේ කොල්ලන් සමඟ ඔට්ටුවක් අල්ලා තිබුණි. ඒ, කොල්ලන් විසින් බිල ගෙවනු ලැබේනම් ආහාර විශාල ප්‍රමාණයක් ගිල දමන බවයි.
අප සියලු දෙනාගේ විනෝදය බවට පත්වෙමින් ඔහු එම අභියෝගය පහසුවෙන් ජයග්‍රහණය කළේය.
ඉතා කෙසඟ සිරුරක් තිබූ මෙවැන්නෙක් මෙතරම් ප්‍රමාණයක් කන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට ගැටළුවක් වුවත් මටනම් හේතුව හිතාගත හැකි විය.
ඒ අසරණයා දවල්ට සිටින්නට ඇත්තේ කුසගින්නේය. ඇතැම් විට උදේටද හරියට නොකා සිටින්නට ඇත.
වළි බේරීමට මොහු උපන් හපනෙකි. වරක් අජාගේ ගොන් පාට් එකකට මට මළ පැන ඌට පහර දෙන්නට පැන්න විට වීරේ මා තදින් බදාගති. මගේ ක්ෂණික කෝපය සැනින්ම බැස ගියේ ය.
වරක් මා ඉතා තදින් අසනීප වී අසාධ්‍ය විය. මා නේවාසිකාගාරයේ සිටින කාලසීමාව තුල වීරේ ඇතුළු කොල්ලන් මා ඉතා හොඳින් බලාගත්හ. කැන්ටිමෙන් සුප් හදාගෙන ඇවිත් පෙවූහ.
එහෙත් අන්තිමේදී මා ක්ලාන්ත වී ඇදවැටුණි. රෝහලට ඇතුළත් කරන ලද මට ලැබුණු ආරංචිය හද කම්පා කළ එකක් විය. එනම් මගේ රුධිරගත සීනි මට්ටම 667ක් වූ බවයි. ඒ වනවිට මා යාන්තමින් ජීවිතයේ 24 කණුව පසු කළා පමණකි.
මා බලන්නට පැමිණි වීරේ මගේ බලවත් චිත්ත පීඩාව දැක ඊළඟ දවසේ ආ විගස පට්ටපල් බොරුවක් ඇද බෑය. එනම් මේ පිළිබඳ ඔහු දන්නා හෙදියකගෙන් ඇසූ බවත්, මෙය තාවකාලික තත්ත්වයක් බවත් ය. එහෙත් ඒ වනවිටත් ජාන ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටි මට මා දියවැඩියා රෝගයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව ඇති බවට සැකයක් නොවීය.
එවෙලේ මෙන්ම ඉන් පසුවද මගේ හිත හැදීමට වීරේ ප්‍රමුඛ මිතුරු කැළ ගත් උත්සාහය කිසිදා අමතක නොවේ.
මා අගනුවර සරසවියක රැකියාව ලද බවට දැනුම්දුන් පසු අප උපාධි පාඨමාලාවේ උපාධිධාරීන් අතුරුන් ඉතාම අවංකව සතුටු වූ අය වේ නම් ඒ වීරේ සහ අප්පුවාය.
(අප්පුවා යනු ඔහුගේ ගජ මිතුරාය. ඔහුද දිළිඳු නමුත් අහිංසක හිත හොඳ එකෙකි.) ඒ ගැන මගේ අංශුමාත්‍ර හෝ සැකයක් නැත. අනිත් උන් බහුතරයක් උඩින් සුභ පැතුවද හිත යට තියෙන ඒවා හිටිගමන් උන්ටත් නොදැනීම එළියට පනී.
ගැටළුවක හැම පැත්තක්ම දෙස උපේක්ෂාවෙන් බැලීමට ඔහුට පුළුවන. වරක් මගේ හොඳම මිතුරිය මා පාවා දෙන ලදුව මා එය විවේචනය කළ විට මුළු ලොවම මා හා උරණ වී පිටුපාද්දී ඔහු පමණක් මගේ කතාව පැය ගණනක් සාවධානව අසා සිටියේ ය.
දුක් විඳින්නටම උපන් මේ හිත හොඳ එකාට ලැබුනේද එවැනිම රැකියාවකි. මේ ලඟදී මා "තාමත් එහෙදැයි" ඇසූ විට ඔහු ඉතා සැහැල්ලුවෙන් පැවසුවේ
"ඔව්. බං. තාම කෝට්ටේ." කියා ය.
(කෝට්ටේ යනු ගිරාඳුරුකෝට්ටේය. එහි ප්‍රවාහන පහසුකම් පවා නැති අති දුෂ්කර ගම්මානයක ඔහු උගන්වන පාසල පිහිටා තිබේ.)
"ඉතින් ඉතින් ජීවිතේ දුකද..?"
"පිස්සුද බන්. මෙහේ ගම්වල මිනිස්සු ගුරුවරුන්ට දෙයියන්ට වගේ සලකන්නෙ. ක්වාර්ටස් එකේ එළවලු එහෙම ගෙනල්ල ගොඩවල් ගහල, කාගන්න බෑ..!"
ඒ ඔහුගේ ජීවිතයයි. පහසුකම් අවම මුත් රැකියාවේ තෘප්තිය උපරිමයි. ඒ ජීවිතය ඔහු ගැමියන්ගේ නොමඳ ආදරය අතර සතුටින් ගෙවයි. එය අතිශයින් සරලය.
ඒත් වායුසමනය කළ යාන වාහන, විවේකාගාර, දුසිම් ගණන් සහය කාර්ය මණ්ඩල... හැමදේම ලබපු අපි.....?
මට මේ සියල්ල හැර දා වන්නියට ගොස් වීරේ ගෙන් ජීවිතය යළි අකුරු කරන්නට සිතේ.
ඇහැටවත් දැකලා නැති වීරේ ගැන පුදුම තරම් ආදරයක් ගෞරවයක් හිතුනා... මං හිතන්නෙ හිතට දැනෙන්න වචන හරඹ කරන්න තියන දක්ෂකම නිසා වෙන්න ඔනේ... පට්ට
ReplyDelete//ඔහුද දිළිඳු නමුත් අහිංසක හිත හොඳ එකෙකි//
ReplyDeleteදහස් වාරක් ඇත්ත , මමත් හැම තරාතිරමකම මිනිස්සුන්ට වැඩ කරනවා ,සමහරක් වෙලාවට ගෙවල් වලටම ගිහිල්ලා , ඒ මිනිස්සු කොහාටහරි ගෙනිහිල්ලා හදාගත්තොත් 850 අය කරන වැඩේට දුප්පත් මනුස්සයෙක් නං 650ක් 500ක් ඉල්ලනවා ,
''ඔයා ගොඩක් මහන්සි උනානේ එහෙම හරී නැ මෙන්න මේක තියාගන්න මම ත්‍රීවිලර් එකක ගෙනිච්චානං මීටත් වඩා යනවා''
නැති බැරි මිනිස්සු අමාරුවෙන් හරි ශ්‍රමයේ නියම වටිනාකම ගෙවනවා
කාර් දෙක තුන තියන උන්
''අපෝ අටසිය පණහක් වැඩියි . පන්සීයක් ගන්ඩ''
උන්දලාටනං මම කන්දෙකේ ඇගිලි ගහගන්ඩ හොදවැයින් දෙකක් කියලම තමා එන්නේ . එහෙම උන්ගේ වැඩ මම ආයේ කවදාවත් බාරගන්නෙත් නැ.
+++++++++++++++++++++++++
Deleteඅනිවා මචං. දුප්පතා හූරා කන එවුන්ට හොඳට අමතමු.
හරිම සුන්දර මනුස්සයෙක්.
ReplyDeleteමේ වගේ මිනිස්සු තමා පරමාදර්ශී චරිත වෙන්න ඕනි.එහෙම වුනානම් මේ සමාජේ මෙච්චර නොමඟට යන්නේ නෑ.
පුල්වන්නම් "විරප්පන්,අප්පුවා" ගැන තව සටහනක් ලියන්න
ReplyDeleteජයවේවා
වීරප්පන් මගේ මෑත කාලයේ වීරයෙක්. මෆේ ෆේස්බුකෙත් එකෙත්, ගූගල් එකෙත්, ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නෙ ඔහු. ඒ නිසාමයි මම මේක බලන්න ආවේ. ඒ වගේ මිනිස්සු හරි අඩුයි. කවදාවත් ඒ මිත්‍රත්වය නැති කර ගන්න එපා. දුෂ්කර සේවය කිව්වට. සුන්දර මනුෂ්‍යයෙකුට ඒක සුන්දර සේවයක්. මගේ අක්කා කෙනෙකුත් කාළයක් ඔහොම ගුරු පත් වීමක් ලැබිලා දුෂ්කර සේවයේ උන්නා. ඇයට දෙවඟනක් වගේ තමයි ඒ ගමේ මිනිස්සු සැලකුවේ. එවන් අයට කවදාවත් වරදින්නේ නෑ.
ReplyDeleteadee weeera teaching giyada?
ReplyDeleteඅනේ බතලියේ . උඹ ඉතින් ලෝකෙ පෙරලුනත් දන්නෙ අනුරපුරේ වෙන ඒවා විතරයි නෙ
Deletegrrrrr
Deleteමුදල පමණක්ම තම ජීවිතයයැයි සිතනා සගයන් අතර සැබවින්ම ඔහු අව්‍යාජ මිතුරෙකි
ReplyDeleteහරිම සරළ ජීවිතයක්නේ.
ReplyDeleteගිරාඳුරුකෝට්ටේ පැත්තේ උගන්නනකොට එහෙම තත්වයක් තියෙන බව අහන්නත් පුදුමයි.
Jiwat wenna salli oni
ReplyDeleteeth sathin innna salli tibunata madi
salli aduwen thibunat sathutat lagata enawa hitha hodanam
කවදාවත් නොදුටු වීරප්පන් ගැන හිතේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේ සුන්දර මිනිස්සු අද ලෝකෙ හුඟක් විරල යි.
ReplyDeleteඅනිත් උන් බහුතරයක් උඩින් සුභ පැතුවද හිත යට තියෙන ඒවා හිටිගමන් උන්ටත් නොදැනීම එළියට පනී.
ReplyDeleteමේ වගේ දේවල් වලට නම් මමත් මුහුන දීල තියෙනව අද කාලෙ හිත හොඳ මිනිස්සු හොයාගන්නව කියන එක කලුනික හොයනව වගේ . කොහොම නමුත් වීරප්පන් ගැන ලොකු සිතුවමක් මැවුන.
මගෙ කමෙන්ට් එක ස්පෑම් එකේ බලන්න සංවේදී.
ReplyDeleteස්පෑම් එකේ නෑනේ... :(
Deleteඑහෙමද? මට මතක විදියට මම ඒ කමෙන්ට් එකෙන් ඇහුවේ, ගිරාඳුරුකෝට්ටේ වැඩ කරන ගුරුවරයෙකුට ඇත්තටම ඔච්චර සැලකිළි ලැබෙනවද කියලා. ඒ මොකද මමත් ඊටත් එහා දෙහිඅත්තකණ්ඩියේ වැඩ කලා කාලෙකට ඉස්සර. නමුත් එහෙම තිබ්බේ නෑ. එහෙ හිටියේ මුල් ඉදුරුණු මිනිස්සු.
Deleteහැමෝම එහෙම සලකන්නෙත් නැතුව ඇති. කවුද දන්නෙ මූට දෝණියැන්ද ඇඟේ ගහන්න බලන්න එහෙම කරනවද කියල? :D හැබැයි අපේ එකා ඕවට අහුවෙන ජාතියෙ එකෙක්නම් නොවෙයි..... :)
DeleteDUDE; ඔබ දෙහිඅත්තකණ්ඩියේ කොහෙද? මමත් එහිමයි.
Deleteවීරප්පන් කියන අන්වර්ථ නාමය ඔහුට කදිමට ගැලෙපනවා.ෙමාකද වීරප්පන් යනු ඉංදියාෙව් ජීවත් වුණූ මංෙකාල්ල කාරෙයක් බව නමුත් ඔහු අන්ත අසරණ දුප්පත් ජනතාව ෙවනුෙවන් තම දහඩිය මහන්සිය කැපකල දුප්පතාෙග් හිතවෙතක්
ReplyDeleteසංවේදී...කතාවක්
ReplyDeleteජීවිතේ සතුට තියෙන්නෙ හදවතේ තියන සිතුවිලි අනූව,වීරෙ දුප්පත් හැබැයි හදවත පොහොසත් එළ කොල්ලෙක් කියල දැනුණා..
ReplyDeleteමට සිහිවුනේ මගේ බැචෙක්. ඔහුත් මේ වගේම අන් අය වෙනුවෙන් වැඩ කළ අයෙක්. ඒ හොඳ හිත නිසාම ශිෂ්‍යභාවයත් වසරකට නැතිවුණා!
ReplyDeleteඉතා සංවේදී කතාවක්. ඔබේ රචනා ශෛලියත් ඉතාමත් අගනේයි.
අගය කිරීම ගැන බොහොමත්ම ස්තුතියි...
Deleteඇත්තටම කියවද්දී පුදුම සංවේදී බවක් දැනෙනවා .සර්ගේ ජීවිත අත්දැකීම් වලින් ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන් .දිගටම ලියන්න.මමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනේට ආධුනිකයෙක් ,ඒ ලෙවෙල් තරගකාරීත්වයෙන් ඔලුව අවුල් කරගත් අපිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය කලයුතු ආකාරය ගෙන තවත් ඔබතුමාගේ අත්දැකීම් දෙන්න.එතකොට අපිටත් කැම්පස් ජීවිතෙන් පස්සේ හිතල සතුටු වෙන්න යමක් ඉතුරුවෙයි
ReplyDeleteMatath Campus 1edi mehema yaluwek hamba wenawanam..
ReplyDeleteA weerege wife wenna mama wasanawantha una
ReplyDeleteEka mata godaak sathutuyyy....ardarey mage mahaththayata godaakkk....mama yalu unee hebey me kisima deyak dannethuwa...eda mama dekketh yaluwan kiyana a lassana hadawwathayyy...salli nemeeee.....