මා කොහෙදෝ රස්තියාදුවක් ගසා නේවාසිකාගාරයට ගොඩ වැදුනා පමණකි.
"මචං ප්‍රොෆා," (ඒ මගෙ කැම්පස් එකේ කාඩ් එක.)
"උඹට ගර්ල්ස් හොස්ට්‍රල් එකෙන් කෝල් එකක්..."
"මට...? උඹට හොඳටම ෂුවර්ද..? ඇයි යකෝ මේ තනිකඩ මට මොකා කතාකරන්නද...?"
"හලෝ ප්‍රොෆෙසර්.." එහා පැත්තේන් නුහුරු සිංහලෙන් කවුදෝ කෙල්ලක් අමතනු ඇසේ.
"ඔව්, කවුද..?"
"මම නාදියා කතා කරන්නේ. මට ලොකු උදවුවක් ඕනේ."
"හ්ම්....කියමු බලන්න."
"මේකයි. අද හිෂාම් (ඇගේ පෙම්වතා) මාව බලන්න ආව. එයාට නවතින්න තැනක් හොයාගන්න බැරි වුනාලු. බෝයිස් හොස්ට්‍රල් එකේ අද එයාව තියාගන්න අවසර දෙන්න පුළුවන්ද..?"
මම මදක් කල්පනා කළෙමි. නොදන්නා බාහිර පුද්ගලයෙකු පිරිමි ශිෂ්‍ය නේවාසිකාගාරයේ නවත්වාගෙන රාත්‍රී මුර සංචාරයේ එන නේවාසිකාගාර පාලකට අසුවුවහොත් මගේ ශිෂ්‍ය නායකකම පමණක් නොව ඇතැම්විට ශිෂ්‍යභාවය පවා අහිමිවිය හැකිය.
එහෙත් මගේ මිතුරිය කිසිදා මගෙන් මෙවැනි උදවුවක් ඉල්ලා නැත.
මොකද කරන්නේ...?
ඔන්න ඔහෙ ඕන රෙද්දක්..!
මම තීරණයක් ගතිමි.
"ඕ.කේ."
අප සරසවිය කඳුකර පෙදෙසක පිහිටා තිබූ අතර එදින ඉතා ශීත කාළගුණයක් පැවති දිනයක් විය. බස් නැවතුමේ සිටින මා මිතුරියගේ 'අනාථ පෙම්වතා' රැගෙන ඒමට මම අමතර කුඩයක් සහිතව පිටත් වීමි.
මා සිතූ පරිදිම ඔහු සතුව කුඩයක් පවා නොවීය. මා ඔහු නේවාසිකාගාරයට කැඳවාගෙන මිතුරන්ට හඳුන්වා දීමි.
මා නේවාසිකාගාරයේ නායක පට්ටමට තෝරාගත් කොළු රෑන, තමන්ගේ බෙල්ල ගහලා ගියත් කටේ කෙළ බිඳක් නොහෙලන බව මට සක්සුදක් සේ විශ්වාසය.
<අතුරු කතාවක්>
කොල්ලන් එසේය. දශක තුනකට ආසන්න මගේ ජීවිතයේ කිසිම පිරිම මිතුරකු මා පාවා දී නැත. විශ්වවිද්‍යාලයේ රැකියාවක් හෝ වෙනත් වාසියක් උදෙසා විශ්වාස කළ නොහැකි තරමට අනුකම්පා විරහිත ලෙස මා පාවාදෙනු ලැබුයේ මා ඉතාම සමීපතමයයි සිතා සිටි මිතුරියන් ය. අද දක්වාම මා තුළ කෙල්ලන් කෙරෙහි ආකල්පය ඉතාම නරක එකක් වන්නට මෙවැනි සිද්ධි රාශියක් බලපෑ බව කිව යුතු මනාය.
<අතුරු කතාවක් අවසානය>
"මචං මෙන්න මූට නාන්න අඳින්න සෙට් කරල දීපන්."
පසුදින භාරදිය යුතු පැවරුමක් තිබුණෙන් මා ඔහුව කොල්ලන්නට බාර දී කාමරයට වැදුනෙමි.
පැය කිහිපයකට පසු නැවත මා එනවිට කොල්ලන් සෙට් එක ඔහු ගැන බලා කියාගෙන ඉවරය. මට සොයා බලන්නට දෙයක් ඉතුරු කර නැත.
එකෙක් උගේ අළුත්ම සබන් කැටයක්ද, අනෙකා අමතර තුවායක්ද, තවෙකෙක් සරමක්ද වශයෙන් ඔහුගේ සියළු අවශ්‍යතා සොයාබලා ඉටුකර දී ඇත. කීමට වටින කතාව නම් එතන සිටි කොල්ලන් විසි දෙනාගෙන් එක් අයෙකු හැර අන් සියල්ලන්ම සිංහල එවුන් ය. ඉතිරි එකා හෙවත් අජා (ඔව්. ඔව්. පිට්ටුව කෑ එකා තමයි.) දමිළයෙකි. සියළු දෙනාම ජාති භේදයකින් තොරව ඔහුට හොඳින් සලකා ඇත.
සති අන්තය වූයෙන් හිස් ඇඳක් සොයාගැනීම අපහසු නොවීය.
පසුදින උදෑසන ඔහු යන්නට සූදානම් වූ මා හමුවන්නට ආවේ ය.
"මචං. උඹට දෙන්න මගේ ගාව මුකුත් නෑ. හැබැයි එක දෙයක් තියෙනව. ඒක රහසක්."
නිරුත්තර වීමි. මගේ දිගු නිහැඬියාව අතරතුර ඔහු කතාව දිගටම කරගෙන ගියේය.
"මේක අපේ ගෙවල් වලින් දන්නෙත් නෑ. අපේ කිසිම මුස්ලිම් යාළුවෙක් දන්නෙත් නෑ. ඒ මොකද මට ඒ එකෙක්වත් විශ්වාස නෑ. ඒත් මට උඹව විස්වාසයි ඒ හැම එකෙකුටම වඩා."
මා තවමත් නිහඬය.
"මම එයාව කසාද බැන්දා...!"
"කන්ගැජුලේෂන්ස් මචං. උබේ සිලෙක්ෂන් එක හරියටම හරි. ඒකි හරිම හොඳ එකියක්."
ඔහුට වූ පොරොන්දුව එය සිදුවී සත් වසරක් වන අද දක්වාම මම පණමෙන් රැකීමි.
අද ඔවුන් දෙපළ කොහේ කොතනක සිටිනවාදැයි නොදනිමි. බොහෝ විට එක වහළක් යට සිටිනවා ඇත. ඇතැම්විට දරු කැළකගේ ආදරණීය දෙමාපියන් වීමටද පුළුවන. දැන් මෙය හෙළි කිරීමෙන් ඔවුන්ට අවැඩක් නොවනු ඇති.
මේ ගැන මගේ වැඩිදුර අදහස් දැක්වීමෙන් වැළකී සිටිමි. එක් වදනක් පමණක් යළි අවධාරණය කරමි. එනම් අද කාලයේ විවිධ ජාතීන් අතර පමණක් නොව එකම ජාතියේ, එකම කාර්යාලයේ පමණක් නොව ඇතැම්විට එකම පවුලේ අය අතර පවා දුර්ලභ දෙයකි.
එනම් විශ්වාසයයි.
ජීවිතයේ වරක් දෙවරක් හෝ එය ලබන්නට වාසනාවන්තයෙක් වීම ගැන අනේක වාරයක් උදම් අනමි.
ලියවිල්ලත්,රටාවත් අගෙයි..ජය!
ReplyDeleteමේ පැත්තට අළුත් වගේ..? බොහොම ස්තුතියි දිරි ගැන්වීමට.
DeleteMe blog eka kiyawaddi matat mage/ape athithe mathak una,
Deletemamanam cmapas giye na, giye karmika widyalekata witarai
eth ekat iwarakaragatte na, dahasak prasna madde rata giya,mita aurudu 13 kata udadi,
mata lankawe kauruth hitiye na laga,
mage hama duka sapakma beda gatte ape nowena minissu ekka,
Ada man manager kenek karmika ansen
man igenagatte sinhal nowena minissungen
me blog eka maawa ayet parana mataka atharata arangiya
puluwnai nam sinhala sinhalen liyanna kiyala dennna
Deletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
Deleteලින්ක් එකට යන්න.
සිංහලෙන් කියන්න ඕන දේ Singlish වලින් type කරන්න.
සිංහල Text එක Select කරලා Ctrl + C
අවශ්‍ය තැන Ctrl + V කරන්න.
මගේට් යාලුවෙක් මුස්ලිම් ගර්ල් කෙනක්ව බැදලා ඉන්නවා යාලුවට වැඩිය හොදයි ඒ ළමයා
ReplyDeleteහෑ නෝන දකියි..(විහිලු)
Deleteඑක හරි මගේ ගැනී අපේ යාලුකම ගැන වැරදි ටෙක් දෙන වේලවල් තියනවා ඒ උනාට එක බොක්කේ යාළුකමක්
Deleteවිශ්වාසය ම්
ReplyDeleteඉතින් FB පැත්තේ ගිහින් බලන්නකෝ..අනිවා ඇති ඩබලම ....
ReplyDeleteනාදියා (නාතියා යූසෆ්) කාලයක් හිටියා ෆේස්බුක්. එයාගෙ ප්‍රෝෆයිල් පික්චර් එකට ඇත්ත ෆොටෝ එක දාල තියෙනවා කියල මුස්ලිම් කොල්ලො බැන බැන හිටියෙ. දන අවුරුදු 4කින් විතර ඒ ප්‍රොෆයිල් එක ඇක්ටිව් නෑ. හිෂාම්ට එකවුන්ට් එකක නැද්ද කොහෙද..
Deleteස්කයිප් වලින් හොයන්න බලන්න.. (ලෝකේ අනිත් මුස්ලිම් රටවල අය එක්ක ලක්ෂ ගාණක් ඇති " නාදියා / හිශාම් " ලා ) ඔවුන් හමුවේවායි පතනවා මිත්‍රයා ...මාත් මගේ පැරණි පෙම්වතියක්ව හෙව්වා..ඒත් හොයාගන්න බැරි උනා...
Deleteඑයා දැන් කොහේ කොහොම ඉන්නවද දන්නේ නැහැ...
Deleteකසාද බඳින එක වැදගත් වැඩක්..ඒක ලොකු රාජාකාරියක් තමයි.
ReplyDeleteමෙහෙම විස්වාසය රකින අය හරිම අඩුයි අද කාලෙ. ඔබ හොඳ හිතක් ඇති කෙනෙක්.
ReplyDeleteසංවෙදී කමක් දැනුන කතාවක්..
ReplyDeleteනාදියා කිව්වහම මොකක්දෝ උනා... ;)
ReplyDeleteඇත්ත කතාව මචං.. හිත හොඳ උන් හොයා ගන්න හරි අමාරුයි!
අම්මේ ඔව්... විශ්වාසය කියන එක නම් අද හොදම මිතුරන්ගෙන්වත් බලාපොරොත්තු වෙලා තියන යාළුකම නැති කර ගන්න ඕන නැහැ.එක නිසා යාලුකමයි තමන්ගේ පුත්ගලික වැඩ වෙනමයි තියාගත්තම හොදයි.මටත් හොදම යාළුවෙකුගෙන් දෙයක් උනා.හැබැයි මම මගේ අවස්ථාව ඌට දීල නිකන් හිටිය, මොනවා උනත් ඌ මට කල දේවල් මතක තිබුන නිසා.මට ආපු රැකියාවකට ඉන්ටර්විව් හවස තිබුන, බලනකොට එක කාමරේ ඉඳන් මූ ගිහින් උදේ ඉන්ටර්විව්,ඌට කතා කරන්නේවත් නැතුව.කලින් දවසේ මගෙන්ම යන හැටි අහගෙන.නමුත් මාව තෝරා ගත්ත කියල, උදේ තව ලංකාවේ කෙනෙක් ආව කිව මුගේ නම කියල...මම අද වෙනකල් ඌට අගවල නැහැ ඒ වගේම අදටත් හොදින් ඇසුරු කරනවා හැබැයි මගේ කිසිම පුත්ගලික දෙයක් කියන්නේ නැතුව....ඔන්න අපේ ලංකාවේ කොල්ලෝ ...
ReplyDeleteහොද උන් හම්බුවෙන්නේ හුඟක් කලාතුරකින්.. විශ්වාසය කියන දේ ලේසියෙන් ගන්න බෑ..
ReplyDeleteඅදයි මේ පැත්තට ගොඩ උනේ..
//නොදන්නා බාහිර පුද්ගලයෙකු පිරිමි ශිෂ්‍ය නේවාසිකාගාරයේ නවත්වාගෙන රාත්‍රී මුර සංචාරයේ එන නේවාසිකාගාර පාලකට අසුවුවහොත් මගේ ශිෂ්‍ය නායකකම පමණක් නොව ඇතැම්විට ශිෂ්‍යභාවය පවා අහිමිවිය හැකිය//
ReplyDeleteරුහුණෙ එළියකන්දෙ නං ඕන දෙයක්. ඕන කොනෙක් තියාගන්න පුළුවන්.
විශ්වාසය මත තමයි මේ ලෝකේ සෑම හොඳ දෙයක්ම රඳා පවතින්නෙ .
ReplyDeleteනියම කතාව.. (Y) "ජිවිතේ කියන්නේ මනුස්සකම් වල එකතුවක් " නම් ඇත්තටම කොච්චර ලස්සන වෙයිද? :)
ReplyDeleteකතාවෙ ගලායාම අගෙයි. කැම්පස් ජීවිතේට ආපහු යන්න හිතුනා.
ReplyDelete