Saturday, August 31, 2013

මාරු කාසි

කාසි රු.1000ක් බාර දුන් විට බැංකුවෙන් රු. 1200ක් (පුවතක්)



මෙහෙම කළාම කොන්දොස්තර මේන්  කියලා ඉතුරු දෙයි කියලද හිතන් ඉන්නේ...? මහ මෝඩම කතාවක්නේ....ඕකෙන් වෙන්නේ මිනිස්සුන්ට ගානට දෙන්න තියෙන මාරු කාසි ටිකත් බැංකුවට දීලා ඉතුරු ඉල්ලලා බස් කොන්දොස්තරට තවතවත් පිංසෙන්ඩු වෙන්න වෙන එකයි. 

ඕක නිසා වෙන්නෙ කොන්දොස්තරගෙ මාරු කාසි පෙරේත කම තවත් වැඩි වෙන එකයි. තියෙන කාසි බෙදල දාන්න නෙමෙයි, මගීන්ගෙන් කොහොමහරි මාරු කාසි එකතු කරගෙන ගිහින් බැංකුවට දාල තව අමතර ගානක් හොයා ගනියි. අනෙ අපිටනම් කමක් නෑ. ඒ වුණත් මීට පස්සෙ බස් එකට දෙන්න ගානට තිබුණොත් හොඳයි. නැත්නම් කළින්ටත් වඩා සොරි වීමේ සම්භාවිතාව තවත් ඉහළ යනව කියල මේ ආර්ථික විද්වතුන්ට තේරෙන්නෙ නෑනෙ. කඩ වල මුදලාලි මහත්වරුත් පනාව දාලා මාරු කාසි ගනියි....මාරු නැති අයට දෙයි කියලනම් හිතන්න අමාරුයි...මොකද එකතු කරලා බැංකුවට දීලා නිකම්ම ඉඳලා ගානක් ගන්න පුළුවන්නෙ. කොහොමත් සාමාන්‍ය මනුස්සයෙකුට වැඩිය බස් කොන්දොස්තර කෙනෙකුට හරි සිල්ලර මුදලාලි කෙනෙකුට හරි තමයි ඔච්චර ගාණක් සාපේක්ෂව අඩු කාලෙකින් කාසි වලින් එකතු කරන්න අවස්ථාව වැඩි. එහෙම බැලුවම මේක එයාලට ඉල්ලමක්.

එයාලා දෙන්නෙ නැත්තේ නැති නිසා නොවෙයි..හොර කමට..වරක් මට ඉතුරු රු.34/= ඉල්ලගන්න කොළඹ-මාතර බස් එකක කොන්දොස්තරට 6 පාරක් මතක් කරන්න සිද්ධ වුණා. 6 වෙනි වතාවේ 10 කොළේකුයි 20 කොළේකුයි දුන්නෙ නිකං මූණට දමලා ගහලා "ංආ. තියාගන්නව තමුසෙගෙ මහලොකු රු. 30..!." කියන්න වාගෙ (හරියට අපි එයාගෙ සල්ලි ඉල්ලුව වගෙ.) තරහෙන් පිපිරෙමින්...

මම දන්න බස් සේවයේ ඉන්න කෙනෙක් කියනවා මේ විදියට අහිංසක මගීන්ගෙන් එක දවසකට විතරක් 'වමට ගහන' (හොරා කන) මුදල රු. 600/= ඉක්මවනවලු. මම ඇහුව ඉතින් ඒ සල්ලි වලට මොකද කරන්නෙ කියල...ගුණසිංහපුර බස් ටර්මිනල් එකේ සෙට් එක රෑට සෙට් වෙලා බෝතල් පාටි දානවලු...

ඕක තනිකරම ආකල්පමය ප්‍රශ්නයක්.

කඩේ මුදලාලි වුනත් ඔය දේ කරන්නෙ හිතලමයි. මොකද රු. 5ක් වෙනුවට ටොෆි එකක්, චොකලට් එකක් දුන්නම මිනිහට එතනිනුත් අඩු ගානේ රුපියලට දෙකක ලාභයක් තියෙනව. මිනිස්සුන්ට ඒ වංචාව පේන්නෙ නෑ. රු. 5ක ඉතුරු දෙන්න කඩ හිමියට ගිහින් තියෙන්නෙ රු. 3ක් පමණයි. මෙතනත් වංචාව...

බස් කොන්දොස්තරල ගැනනම් තව කතා තියෙනව..

සාමාන්‍යයෙන් මම කොළඹ යන්නෙ බස් එකේ වුනත් රිසර්ච් එකට ඕන උපකරණ තොගයක් ගෙනියන්න තිබුණ නිසා ගිය සතියෙ සතිඅන්තෙ මොරටු සරසවි ගියේ මගේ කාර් එකේ.
කළින් දවසෙ ගොඩක් නිදිමරල හිටපු නිසා දන්න කියන රියදුරු මහත්තයෙක්ගෙ සහය ගත්ත. එයා බස් රථයක ටෙම්පරි වැඩ කරන කෙනෙක්.

එයා කියනවා ඔය දුර ගමන් බස් මගදි කෑම කන්න නවත්වන තැන්වලදි කොන්දොස්තරයි, රියැදුරුටයි එහෙම බස් එක නවත්වන්න ඒ හෝටලය තෝරා ගැනීම වෙනුවෙන් හෝටලයෙන් එක් වාරයකට අවම රු. 200 සිට රු. 400 දක්වා ගානෙ ගෙවනවලු. (නොමිළේ සුපිරිම කෑම, සිගරට්, සමහරවිට අරක්කු, ගංජා පවා වලට අමතරව..) 

ඒ මුදල අල්ලන්නෙ කොහොමද කියල දන්නවනෙ ඉතින්.... අසරණ මගී ජනතාවගෙන් තමා ඉතින්...

උපරිම ශීත කළ මිළ රු. 28/= ක් වන බීම බෝතලය මගීනට ගන්න වෙන්නෙ රු.50/= දීලා. මම දවසක් ඇහුව ඇයි මෙහෙම කරන්නෙ කියල...

ශීතකරණයට වැයවන විදුලි බිල අධිකයිලු....එතකොටම වගේ අපේ බස් එකේ හිටපු අය අරගෙනම ඒ ශීතකරණෙ බීම සේරම වගේ ඉවර වුනා.. කඩේ කොළුව අළුත් බීම කේස් එකක් ගෙනත් සිං සිං ගාලා ශීතකරණය පිරෙව්වෙ රොබෝ කෙනෙක් වගේ...
මම එතනින් පි වෙන්නත් කළින් තව කොළඹ-කතරගම / තංගල්ල / මාතර බස් තුනක් ආවා.. ඒ බීම ලොට් එකත් ඉවරයි...

ඒ කියන්නෙ බීම ටික ෆ්‍රිජ් එකේ තියෙන්නෙ ඊළඟ බස් එක එනකම් විතරයි...
ඒ කියන්නෙ විනාඩි ගානක් බීම එකක් ෆ්‍රිජ් එකේ තැබීම වෙනුවෙන් ඒ එක බීම බෝතලයකට රු. 20ක විදුලි බිලක්...!

කෙනෙකුට හිතෙන්න පුළුවන් අද කාලෙ විදුලි බිලේ හැටියට එහෙම නොකර බෑ කියා. හොඳයි. අපි හිතමු දවසකට බීම 500ක් විකිණෙනවා කියා. (මොන 500ද..? 1000 පනිනවා මං හිතන්නෙ.) හරි එතකොට 20/= ගණනේ දවසකට 20x500=10,000. 
එතකොට මාසෙකට 10,000 x 30 = රු. 300,000 /= (ලක්ෂ 3යි.) පොඩියි කියල හිතුවට පුංචි රුපියල් 20කින් කරන වංචාව පෙනේද..!

කඩ කාරයො හිතන් ඉන්නෙ අපි බබ්බු කියල. නැත්නම් මිනිස්සු මේ අසාධාරණය දැන දැනම කරන්න දෙයක් නැති කමට ගිණි ගණන් දීලා බොනවා...

හොරකම, වංචාව කියන එක පොඩි මිනිහගෙ ඉඳල රටේ ලොකුම පුටු දක්වාම පිළිකාවක් වගේ ඔඩු දුවල තියෙන්නෙ දැන්...

මාරු කාසි ගැන අපූරු ලිපියක් මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක 'පැණි වළලු' තීරු ලිපියෙත් සටහන් කර තිබෙනවා...

11 comments:

  1. ඔය හෑම එකටම නිති තියෙනව.ලන්කවෙ මිනිස්සු හෑදිල තියෙන්නෙ ප්‍රශ්න ඈතිකර ගන්නෙ නෑතිව ශෙප් එකෙ ඉන්න මිසක් තමන්ගෙ අයිතිය ට කතකරන්නෙ නෑ.රස්සවෙදිත් එ විදියටම ශෙප් එකෙ ඉන්න බලන්නෙ.ඉතින් මිනිස්සු නිතිය ඉල්ලන්නෙත් නෑ.නිලදාරි ක්‍රියාත්මක කරන්නෙත් නෑ.අපි බොහොම සතුටින් ගසාකන්න ඉඩ දෙනව.මම් කඩයක් කලත් මෙ ක්‍රමෙ යටතෙ මෙ විදියටම කරයි.(මම නම් ඔවයින් වතුරවත් බොන්නෙ නෑ,ලග කඩෙකින් බිම එකක් අරන් බොනව )

    ReplyDelete
  2. මම නම් ඉතුරු ගාන පොඩි ගානක් නම් ඉල්ලන්නේ නෑ. අනික මම බස් එකකට නගින්නේ නියමිත මුදල අරගෙන. ඒකත් අතට අරගෙන. සමහර උන් ටිකට් එක ගන්න පර්ස් අදින්නේ. පොකට් අදින්නේ කොන්දා ටිකට් ගන්න කිව්වම. ඒ කියන්නේ ටිකට් නොගෙන යන චේතනාවෙන්ද ගොඩ උනේ කියලා හිතෙනවා. පිට රටවල එහෙම නෑ නේ. මිනිස්සු නියමිත මුදල බොහෝ වෙලාවට අරගෙන නගින්නේ.

    ඔය බස් නවත්තන තැන්වල කෑමට බීමට තියා, මුත්‍රා කරන්නවත් යන්නේ නෑ. මොකෝ ඒ තියෙන සැරට ජුන්ඩා හැලෙන්න උනත් පුළුවන්..

    අපිට රට හදන්න බෑ සංවේදී... අපි හැදුනම හරි...

    ReplyDelete
  3. ලංකාව ඉතින් දැන් වංචාකාරයන්ගේ රටක්නේ. වැල යන අතට මැස්ස ගහනවා ඇරෙන්න අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ :(

    ReplyDelete
  4. මාතලන් කියල තියෙන කාරණය ඇත්ත. මාරු සල්ලි අරන් ගියාම අහවරයි ...

    ReplyDelete
    Replies
    1. හිතල බලපුවාමයි කඩකාරයන්ගෙ ගැහිල්ල තේරෙන්නේ..

      Delete
  5. මේ රටෙනම් රජයේ බස්වල කොන්දෝ නැ නගින කොටම යන තැන කියලා නියමිත ගැන ඩ්‍රයිවර් ලග තියෙන කැටයට දන්නා ඕන වැඩිපුර දන්මොත් no ඉතුරු සල්ලි ඒ නිසා යන ය දැනගන්න ඕන මාරු සල්ලි අරන් යන්න

    ReplyDelete
  6. අපේ මට්ටමේම ඉන්න උන්ගේ ටාගෙට් එකත් අපි. අපිට උඩින් වගේම , පහතින් ඉන්න උන්ගේ ටාගෙට් එකත් අපිමයි. හැම එකාම සූරාකන්නේ, වංචා කරන්නේ අපිටමනේ.

    ReplyDelete
  7. මාරු කාසි අරන් යන එකම තමා කරන්න තියෙන්නෙ. පිට රටවල් වල මාරු කාසි ගන්න මැශින් තියෙනවා. ඒ නිසා වැඩේ පහසුයි. අපේ තිබ්බොත් ඒකත් කඩලා සල්ලි ටික ගනීවි.

    ReplyDelete
  8. pivisenna http://videotutorialslk.blogspot.com/

    ReplyDelete
  9. මැතකදී ෆේස්බුක් එකේ පළවුණු පොස්ට් එකකින් නම් දැක්වුනේ කොන්දොස්වරයෙක් ගැන හොද කතාවක් .රුපියල් විස්සේ ඉතුරුව ඉල්ලලා කැගහද්දි තමන් ඇත්තටම දීපු රුපියල් 500 යක ඉතුරුවා දීපු කොන්දොස්තරවරයෙක් .බහුතරය නම් එහෙම හිතන්නේ නැහැ කියන එක නම් මමත් පිලිගන්නවා .කොහොමහරි හරියට ගැන අරගෙන බස් එකට නැග්ගම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..

    ReplyDelete
  10. රුපියලක් අඩුවෙන් දීලා බලන්නේ මොනවද වෙන්නේ කියලා

    ReplyDelete