Monday, December 9, 2013

බැහැලා බැහැලා දැන්නම් බැහැලා...

දැන් නම් මගේ දේශප්‍රේමී උණ හොඳටම බැහැලා ය. 

දේශප්‍රේමයෙන් ඔද වැටී, දේශීය නිෂ්පාදකයා නගා සිටුවීමේ පරම පවිත්‍ර උත්තුංග චේතනාව පෙරදැරි කරගෙන, දේශීය (යයි කියාගත්, චීනයෙන් කොටස් ගෙන්වා එකළස් කරන) සමාගමකින් මිළදී ගත් මෝටර් රථයක් නිසා ය.

ඉතා සුළු අනතුරකට ලක්ව (ඩීමෝ බට්ටෙක් අතුල්ලාගෙන යාම නිසා) ඉදිරිපස Passenger Side දොරේ තහඩුව ටිකක් ඇතුළට එබුණි.
එවෙලේම වීදුරුව පහත් කරන්නට උත්සාහ කළෙමි. මෝටරය කැරකෙන බව දැනුනත් වීදුරුව පහත් වූයේ නැත. යම් හේතුවක් නිසා එය සිරවී තිබුණි.

රක්ෂණ සමාගමෙන් රු. 16,000 ක මුදලක් ඇස්තමේන්තු කර අනුමත කළේය. පිටින් පෙනෙන හානියට වඩා අභ්‍යන්තර හානි තිබිය හැකි බැවින් මා ඒ ගැන විමසුවෙමි.

වීදුරුව පවා සුළු හෝ හානියක් නොමැතිව හොඳින් තිබෙන නිසා ඔවුන් (පමණක් නොව මමද ) විශ්වාස කළේ තහඩු දිගහැරෙන විට අවහිරය ඉබේම විසඳෙනු ඇති බවයි.

අවශ්‍යනම් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ එකඟතාව මත මා එම වටිනාකමට එකඟ වූයෙමි.

නමුත් අවාසනාවක මහත! ගරාජයේදී තහඩුව දිගහැරිය පසුවත් ස්වයංක්‍රීයව වීදුරුව උස් පහත් කිරීම ක්‍රියාත්මක වුණේ නැත.

"පවර් ෂටර් මිකෑනිසම් එකේ" තුනී ප්ලාස්ටික් වලින් තනා තිබූ යම් කොටස් වලට හානි සිදුවී ඇති බවට කාර්මික මහතා මට වාර්තා කළේය.
ඒ අනුව මා එකී 'දේශීය'  සමාගමේ අමතර කොටස් අංගනය දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමි.

හානි වූ කොටස පමණක් වෙනම විකුණන්නේ නැති බවත්, මෝටර් ආදී සියළුම කොටස් සමඟ සම්පූර්ණ යාන්ත්‍රණයම මිළදී ගත යුතු බවත් ඔවුන් දන්වා සිටියහ.

නමුත් දැනට එයද ඔවුන් සතුව නොමැති බවත්, එය චීනයෙන් ආනයනය කළ යුතු බවත් ඔවුන් සඳහන් කළහ. ඒ සඳහා මාසයක් පමණ ගතවනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබිණ.

විකල්පයක් ලෙස ඔවුන් යෝජනා කළේ මුළු දොරම අංග සම්පූර්ණව මිළදී ගැනීමටය.

නිකමට එහි මිළ විමසූ මට තරු පෙණුනි. 

රු. 86,000 ක්!. 

ඉන් අඩක වටිනාකමට ජපන් වාහනයක අංග සම්පූර්ණ දොර 4ම මිළදී ගත හැකිය.

මීට පෙර ඉදිරිපස බෆරය පළුදුවී එය යථා තත්ත්වයට පත් කරන්නට මා හට රු. 75,000ක වියදමක් දරන්නට සිදුවිය. 
ඒ ජපන් මෝටර් රථයක බෆරය අළුතින්ම දමන්නට යන්නේ රු. 25,000 ක මුදලක් පමණක් වන සංදර්භයකදීය.

(Spare Parts Division - 077-3512439 හෝ 077-5749360 අංකවලට ඇමතීමෙන් ඉහත කරුණුවල සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරු කරගත හැකිය.)

ස්පෙයාර් පාට්ස් මෙච්චර ලාභ වන මේ රථයේ උසස් කොලිටිය ගැනත් යමක් කිව යුතුමය...

ප්‍රදර්ශනාගාරයේ සිට මගේ නිවසට ඇත්තේ කි.මී. 7ක් පමණි. ඒ ගෙන යන අතරතුර වායුසමන යන්ත්‍රය උපරිමයට දමා තිබීයදී පවා අධික ලෙස දහඩිය දමන්නට වූයෙන් හීට් මීටරය බැලුවෙමි.

අම්මට සිරිය. රතු කට්ටත් පැන තව ටිකකුත් පැන ඇත.

කාර්මිකයෙකු ගෙන්වා පරීක්ෂා කළෙමි. ඔහු රපෝත්තු කළේ රේඩියේටරයට සම්බන්ධ විදුලි පංකාව (Radiator Fan) ක්‍රියාත්මක නොවන බවකි. විලාකය පුවරුව (Fuse Box) පරීක්ෂා කළ ඔහු මට දැවී උණු වී ගිය චීනයේ නිෂ්පාදිත Relay උකරණයක් ගලවා අතට දුන්නේය.

ඒ එවැනි පළමු සහ අවසන් සිදුවීම නොවේ. මේ වනවිට වාහනයේ විදුලි පද්ධතියේ උපාංගවලින් හරි අඩක්ම ජපන් ය. මෙහෙම ගියොත් තව වැඩි දවසක් යන්නට කළින් මෙය ඉබේම ජපන් වාහනයක් වනු ඇත!

'Factory Fitted' ස්වයංක්‍රීය විදුලි අගුළු පද්ධතිය හෙවත් Central Lock System වසර දෙකක් තුළ අළුත්වැඩියා කළ වාර ගණන 4කි. ඒ සෑම අවස්ථාවකදීම ජපානයේ නිෂ්පාදිත සෙන්ට්‍රල් ලොක් සොලෙනොයිඩ් යොදාගැනීමට මා වගබලා ගත්තේ චීනයේ නිෂ්පාදිත කොටස්වල විශ්වසනීයත්වය වරක් දෙවක් නොව, කිහිප වරක්ම මා හට සපථ වී තිබූ හෙයිනි. 

නමුත් මා ඉස්තාලය වැසුවේ අස්සයා පැනගිය පසුය. මේ වනවිට එම විදුලි උපාංග හොඳ තත්ත්වයේ ඇති නමුත් දුරස්ථ පාලකය මගින් දොරගුළු ලෑම සහ හැරීම කළ නොහැකිය. පොර සේ දුරස්ථ පාලකයේ බොත්තම ඔබා, අනතුරුව ආදී කාළීන රථයකට මෙන් දොරට යතුර දමා කරකැවිය යුතු වේ.

වායු සමන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබියදී මට ගෝබි කාන්තාරය හෝ උත්තර ධ්‍රැවය මතක් වූයේ වරක් දෙවරක් නොවේ.
ඒ සෑම අවස්ථාවකදීම චීනයේ නිෂ්පාදිත අධි තාක්ෂණික සංවේදක (Sensor) සහ පරිගණක පද්ධති වල නිරවද්‍යතාව මා වෙත මනාව ඔප්පු කර පෙන්වන ලදී.

අන්තිමේදී Climate Control තාක්ෂණය හිතින් අහක් කරගෙන සරල On-Off ස්විචයක් මගින් වායුසමනය ක්‍රියාත්මක කිරීමටත්, සීතල වැඩි වූ පසු එකී ස්විචය යොදාගෙන එය ක්‍රියාවිරහිත කිරීමටත් මට හිත හදාගන්නට සිදු වූයේ අදාල අධි තාක්ෂණික සංවේදක සහ පරිගණකය ප්‍රතිස්ථානගත (Replace) කිරීමට මගේ මාසික ආදායම මෙන් කිහිප ගුණයක් ඕනෑවන බව දැනගත් දිනය. (අවම වටිනාකමක් ඇති කාර් කට්ටක් අමාරුවෙන් දිවුවාට කැම්පස් ගුරුවරු කියන්නේ මහා ලොකු සල්ලිකාරයන් නෙමේය. බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගසාගෙන දුවන තවත් දුප්පත් රජයේ සේවකයෙක් පමණි.)

මේ වනවිට රථයේ ඩෑෂ් බෝඩය මත සවිකර තිබෙන ඔරලෝසුව කෙතරම් හොඳින් ක්‍රියාත්මක වන්නේද යත්, ඉලක්කම් පමණක් නොව ග්‍රීක අක්ෂර මගින්ද වෙලාව දක්වනු ලබයි. නමුත් ඒ වේලාව අදාල වන රට දන්නේ දෙවියන් වහන්සේ පමණි.

මේ වන විට ඉදිරි ෆොග් ලාම්පු වලින් එකක් නිවන් ගිහිල්ලාය.
ඒ අතරේ පිටුපස ෆොග් ලාම්පු පද්ධතියම පත්තුකරන් ගිහිල්ලාය.

වසර දෙකක් ඇවෑමෙන් 'බීට් සයිලන්සරයක්' නොමිළේම හිමි විය. 

ආ. අමතක වුණාය. සුපිරි ඉන්ධන පිරිමැස්ම ගැනත් යමක් කිව යුතුමය.
සංවේදී වැඩ කොරන විස්සවිජ්ජාලය තියෙන්නේ එයාගේ ගෙදර සිට කි.මී. 5.5ක් පමණ ඉතා විශාල දුරකින්ය.
මාසයට දවස් 20ක් විතර ඔය දුර එහා මෙහා ගියාම ලීටර් 40ක ටැංකිය සම්පූර්ණයෙන්ම හිඳෙනවා ය. ඒ ටැංකියේ හිලක් තියෙන නිසා නොවේ, සුපිරි චීන තාක්ෂණයෙන් නිර්මිත, මල්ටි පොයින්ට් ඉලෙක්ට්‍රොනික් ෆුඑල් ඉන්ජෙක්ෂන් එන්ජිමේ සුපිරි කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට පින්සිදුවන්නටය.

මේකට හේතුව මගේ ඩ්‍රයිවින් ඉස්ටයිල් එකේ වෙනසක් බව මෙය විශ්ලේෂණය කළ මෝටර් රථ විශේෂඥයෝ කියන්නට වූ නිසා මේ හොරය අල්ලන්නට තීරණය කළෙමි.

1986 ජපානයේ නිෂ්පාදිත කාර් කට්ටක්ද මා සතුව ඇත. ඔය EFI තියා මෙලෝ මළදාන කොම්පීතර තාක්ෂණයක් ඒකට ගෑවිලාවත් නැත. තනිකරම කාබියුරේටර්ය. මේකේ එන්ජින් ධාරිතාව 1500කි. ('දේශීය' රථයේ සිලින්ඩර් capacity 1000කි.)
සැෆාන් එකේ ඒ/සී දාගෙන මාසයක්ම වැඩට ගියත් දැවී තිබුණේ පෙට්‍රල් ලීටර් 20කට අඩු ප්‍රමාණයක් පමණි.
මේ අනුව සුපිරි චීන තාක්ෂණයේ මහිමය සිතාගත හැකිවිය.

කෙසේ වෙතත් (කවුරුහරි අරන් දෙනවා නම්) ක්ෂණිකව ත්වරණය කර අඩු කාලයකදී උපරිම වේගයට ළඟාවිය හැකි සිලින්ඩර 6යේ අධිබල ටර්බෝ එන්ජිමක් සහිත අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්, මර්සිඩීස් බෙන්zස්, වොල්වෝ, ෆර්ජෝ, පෝ(ර්)ෂා හෝ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ, මොන්ටේරෝ වැනි වාහනයක් පවා නඩත්තු කිරීමේ හැකියාව මා සතුව ඇතිබව පෙන්වා දීමට මේ 1000cc. එන්ජිමට හැකිවීම අරුමයක් මැයි! 

මේ කියන වාහනය හරිහැටි නඩත්තු නොකර, සෑහෙන දුරක් ධාවනය කළ (එනම් පට්ටා ගසන ලද) සෑහෙන්න පැරණි එකක්යැයි ඔබ සිතනු ඇත.
අහෝ ඛේදයකි!. ඉරකි. තිතකි.!! යටින් දඟරයකි.!!! වසර දෙකක් 'ඉපැරණි' මේ අනගිබවනීය වාහනය, තවමත් ධාවනය කර ඇත්තේ කි.මී. 15,000ක් පමණි!

මේක මෙච්චර ඔඩු දුවනකම් පොල් ගෑවාදැයි ඔබ අසනු නො අනුමානය.

මේ අවුරුදු 2 තුළ වාහනය විකිණූ සමාගමට පැමිණිලි කළ වාර ගණන ඉසේ කෙස් ගණනට විය. (මා තට්ටයෙකු නොවේ.)
"කතාවනම් දෝලාවෙන්, යන්න වෙන්නෙ කකුල් දෙකෙන්" කියමන මතක් කර දෙමින් ඔවුහු ඔවුන්ගේ අති විශිෂ්ට කස්ටමර් කෙයාර් සේවාවෙන් මට සංග්‍රහ කළහ.

ප්‍රතිචාරය ඉතා ඉහළ වූයෙන් අන්තිමේදී මගේ මාධ්‍ය සඟයකු මාර්ගයෙන් එහි වගකිවයුතු නිලධාරියෙකු (නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රේණියේ පුද්ගලයකු) වන ආරියරත්න මහතා (දු. අං. 077-3667667) සම්බන්ධ කර ගැනීමට හැකිවිය. මා කතාකරණ සෑම මොහොතකම මොකක් හෝ වැදගත් මීටිමක සිටින ඔහු බේරෙන්නට බැරි තැන නිශ්ශංක නම් මහතෙකුගේ දුරකථන අංකය (077-0284685) ලබාදෙමින් දක්ෂ ලෙස බෝලය පාස් කළේය. 

නිශ්ශංක මහතා උපදෙස් දුන්නේ නිල වශයෙන් පැමිණිල්ලක් දමා එන්නට කියා ය. ඒ අනුව මා සමාගමේ General Line එකට (0114-7844844) ඇමතුමක් ගතිමි. සංවාදය මෙසේ විය:

"හෙලෝ. මම කස්ටමර් කෙනෙක් කතාකරන්නෙ. මට කම්ප්ලේන් එකක් කරන්න ඕන. කොහොමද ප්‍රොසීඩියර් එක?"

එහා පැත්තෙන් ගැහැණු කටහඬකින් 
"කවුද කිව්වෙ කම්ප්ලේන් කරන්න කියල?"

"මිස්ටර් නිශ්ශංක."

"එහෙනම් එයාගෙන්ම අහගන්න කම්ප්ලේන් කරන්න ඕන ප්‍රොසිඩියර් එක"

ඇමතුම විසන්ධි විය.

දේශප්‍රේමී වනවාට අපිට මෙහෙම සලකනවා මදිය.

32 comments:

  1. අයියෝ LOCAL වලට ගිය කලක්....
    සිරිගක දේ සිරි සැප දේ කියන්නේ බොරු එහෙනම්....

    ReplyDelete
    Replies
    1. සිරිසැප දේ කියන්න මොකද්ද මේකේ සිරිලක හදන්නෙ? ඇණේ මුරිච්චියෙ ඉඳලම චීනෙන් නෙ ගෙන්නන්නෙ.

      Delete
  2. ඔය වගේ කර්මාන්තවලට කියන්නේ ළදරු කර්මාන්ත infant industries කියලා.ඉතින් වැඩත් ළදරු මට්ටමේ තමයි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  3. උබට හොද හොද හොද හොද වැඩේ . . . දේශප්‍රේමී වෙන්න ඕන නම් මචන් අර සුපර් මාර්කට් එකෙන් එළවලු නොගෙන පොලෙන් ගනින් ඒ හොදටම ඇති.( හැබැයි එතනත් පරිස්සමින්)ඒ තරම් අනිත් උන් දෙසප්රෙමි හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. නිදකින් තොපි වගේ යාළුවො. අමාරුවෙ වැටෙනකං ඉන්නෙ හුරේ දාන්න

      Delete
    2. එහෙම නෙමේ බන් දැන් උබට අනේ පව් උබ අරකද මේකද කියල වැඩක්ය. ඕක දීල දාපන් කියන එක උබටම දැන් හිතිලානේ ඇත්තේ.ඉතින් මම උබව ටිකක් වෙනස් මානසිකත්වයකට ගෙනියන්න මෙහෙම කිව්වේ.බලපන් එක හරි ගියානේ,අඩුම ගැනේ උබ කර කොම්පැනියට බනින එක නතර කොරල මට හරි බන්නනේ නැත්ද හා . . .

      Delete
  4. සර්
    විකුනනවනං කියන්නකො !!
    මගෙ තරහ කාරයෙක් වාහනයක් හොයනව ගන්න !!

    ඕක QQ ද දන් නෑ !!

    ReplyDelete
  5. මං මේ බැලුවා බැස්සා බැස්සා කිව්වට නැග්ග නැගිල්ලකුත් නෑනේ.. හැක්.. ඕවා ඔහොම තමා..

    ReplyDelete
  6. මයි‍ක්‍රො එච්චරම අවුල් කියල දැනං හිටි‍යෙ නෑ ‍නෙව‍. දැනුවත් කිරීම ‍බො‍හොම වටිනව.

    ReplyDelete
    Replies
    1. okkoma boru. mamath use krnne panda. mu usere ekatama indian katu use krana ekek wenna athi

      Delete
  7. වාහන කාර්මික දැනුම අතින් ඉදිරියෙන්ම සිටින ඉංජිනේරුවකු සතු මේ සමාගමෙන් මෙහෙම වෙනවනම් ...... අයියෝ සල්ලි
    මෙහෙ තියෙන චීන අමතර කොටස් සාමාන්‍යයෙන් මෙහෙම හදන වාහන වල අමතර කොටස් වලටත් වඩා ලාබයි ..... අයි ලංකාවේදී ඒවා ඔච්චර ගණන් .... මම කියන්නේ චීන බඩු

    ReplyDelete
  8. පණ තියෙන චීන බඩු ඇර.. වෙන චීන බඩු වලින් නම් වැඩක් ගන්න හිතන්න එපා.. හෙහ් හෙහ්...

    ReplyDelete
  9. කාර් එකක් ගන්න එක ගෑනියෙක් ගන්න තරම් සරල නැහැ..ගෑනි නම් රන් දෙක තුනක් දුවලා වෙන එකෙක් ඩ්‍රයිව් කරන්න කැමති නම් ඊරිසියාව ඩොට් ඊඑක්ස්ඊ එක පොඩ්ඩක් මග ඇරලා දීල දාන්න පුලුවනි. නමුත වාහනයක් එහෙම නැහැ.
    කොහොම වුනත් අපේ අයියා ගාව තියෙනවා මයික්‍රො පැන්ඩා එකක් මිනිහා තලාගෙන ලයිට් එකකුයි සයිඩ් කන්නාඩියකුයි ගියා ..එච්චරයි.. වෙන අවුලක් නම් නැහැ.. ඔය කියන වාහනේ ඊටත් බාල එකක් වෙන්න ඇති. ගන්න කලිං සමාජයේ තයෙන යූසර් කමෙන්ට්ස් බලලා වාහනයක් ගන්න එක කෝකටත් හොදයි..

    ReplyDelete
  10. සංවේදී දන්නවද චීන මහා ප්‍රාකාරයේ ඇති වැදගත්කම ?
    චීනා කාලයක් පවතින්න හැදුවේ ඔච්චරම තමය් !

    ReplyDelete
  11. පරණ ජපන් වාහනයක් ගත්තා නම් ඉවරනේ. මට තේරෙන්නෙ නෑ.. සෙල්ලම් කාර් වගේ ජරාවල් සල්ලි දීලා මොනවට ගන්නවද කියලා..

    ReplyDelete
    Replies
    1. දැනට අවුරුදු 2 කට වගේ කලින් එයාර් ෆෝර්ස් එකට පැන්ඩා පැකේජ් එකක් ආව මොකක් හරි ලීසිං කොම්පැනියකින් ...මගේ හිතවතියක් ඉන්නවා. එතුමියට මම වැඳ වැඳ කිව්වා... ඇහුවේ නැහැ නෙව...

      Delete
  12. මං හිතන්නෙ මේ කියන්නෙ පැන්ඩ කාර් එක ගැන වෙන්ටැ!

    චීනගෙ කුණුගොඩවල් ගත්තොත් ඉතින් ඔහොම තමයි. කවුරුහරි පින්වන්තයෙක් හොයල දීල දාන්න, වෙන මොනා කරන්නද ඉතින්.

    ReplyDelete
  13. මොනාද අනේ ඍණාත්මක පෝස්ට් දාන්නේ ... :)

    ReplyDelete
  14. මයික්‍රෝ වල එහෙමත් කේස් එකක් තියෙනවද? ඒ උනත් ඉතින් ගන්න අපේ දේ කියන එකේ මෙහෙම පෝස්ට් දන්න එක හරි මදිනේ.. ;)

    ReplyDelete
  15. බ්‍රැන්ඩ් නිව් බඩුවක් විකුනුවම එකට උවමනා කොටස සපයන එක විකුනි සමාගමෙ වගකිමක්.පාරිභොකිකයට අවශ්‍ය කොටස පමනක් මිලදි ගැනිමෙ අයිතිය තියෙනව.පාරිභොගික අධිකාරිය කියල එකක් තියෙන්නෙ ඔකට තමයි.වැඩෙ වෙයිද කියලනම් දන්නෙ නැ.අනික දැන් තියෙන ට්‍රෙන්ඩ් එකක් ඔය වාහනෙ අඩුවට දිල ස්පෙයර්ස් පට්ට වැඩි ගානකට දෙන.යුනිටෙඩ් මොටොර්ස් ගෙන්නන විවා එලයිට් කාර් එකෙ එන්ගිමයි ගෙයර් බොක්ස් එකයි වෙනම ගන්න ගියොත් කාර් එකක් අලුතින් ගන්නවට වඩ ලක්ශ 2හමාරක් විතර යනව.

    ReplyDelete
  16. ජපානයේ නිෂ්පාදිත ලුමලා පාපැදියක් ගත්තානම් ,සරීර සවුක්‍යය ට බෝනස් එකකුත් හම්බවෙනවා නොව ඔය 5.5 km පැදලා, හැබැයි ස්ටේටස් ඇන්ඩ් රෝල් නම් මේන්ටේන් කරන්න අමාරුයි ඒකෙන්

    ReplyDelete
    Replies
    1. Make sure to buy a life insurance with that if you plan to share same roads with Sri Lankan private buses.

      Delete
  17. බිස්නස් වලදි මිලදී ගන්න බඩුව හෝ සේවාවා අදාල මිලට වටින්නේද යන්න හැර වෙන වෙන දේවල් හිතන්න ගත්තම අප්සෙට් වෙනවයි කියලා නේන්නං අපට උගන්නලා තියෙන්නේ....

    ReplyDelete
  18. මම දන්නා හොඳ ගුරෙක් ඉන්නවා. මොකද කියන්නේ ඔය පිටටම තව කීයක් හරි දීලා හොඳ හුනියමකුත් කරගමු නැත්තටම නැති වෙලා යන්න. හෙහ් ..හෙහ්

    ReplyDelete
  19. This is the reason why you should look at total cost of ownership when you buy something. Most people look at comfort, prestige, fuel economy but forget to look at maintenance cost and insurance overhead.

    ReplyDelete
  20. චීනෙ හදන බඩු කොලිටි 3කින් ගහනවා. හොඳම වර්ගෙ ඇමරිකාවට. හැබැයි පට්ට ගනන්... අපෙ උං බාලම කොලිටි 1කේ ඒවා අරං හොඳම එකේ මිලට විකුනණවා... මේක දැම්මෙ චීනෙ ගැන ප්‍රේමයකින් නම් නෙවෙයි.....

    ReplyDelete
  21. උබේ වාහන්නේ උබේ කරුමෙට සෙට් වෙච්ච එකක්. උබට ලෑම්බොගිනි එකක් අරන් බලපන් ඔකට හපන් වේවි... ඔයතරම් අවුල් නම් ඔකෙම නෑගලා ගන්ගකට පලයන්..

    ReplyDelete
  22. මහත්මයා... දේශීය වාහනේ තත්වය සහ ඒ මගින් මුන් වංචා කරන විනිමය ගැන බුකියේ හෙළිදරව්වක් කරලා දේශප්‍රේමී හැත්ත බුරුත්තක්ම පොලු අමෝරාගෙන ඇවිත් මගේ ප්‍රොෆයිල් එක දෙවනත් කළා. මට මොඩය කිව්වා, බූරුවා කිව්වා, බැන්න . මෙව්වා දානවා කියල බිරිඳ ගෙනුත් බැනුම් ඇහුව. අන්තිමට පිට එවුන්ගේ කොමෙන්ටු අයින් කරන්නත් උනා.කොටින්ම කිව්වොත් හතර විලිලජ්ජාවකට පත් උනා. මේක දැක්කම ඔලුවට පවන් ගහනවා වගේ, ස්තුතියි...

    ReplyDelete
  23. අන්තිමේදී Climate Control තාක්ෂණය හිතින් අහක් කරගෙන සරල On-Off ස්විචයක් මගින් වායුසමනය ක්‍රියාත්මක කිරීමටත්, සීතල වැඩි වූ පසු එකී ස්විචය යොදාගෙන එය ක්‍රියාවිරහිත කිරීමටත් මට හිත හදාගන්නට සිදු වූයේ අදාල අධි තාක්ෂණික සංවේදක සහ පරිගණකය ප්‍රතිස්ථානගත (Replace) කිරීමට මගේ මාසික ආදායම මෙන් කිහිප ගුණයක් ඕනෑවන බව දැනගත් දිනය.

    panda wala Automatic climate control thiyeda? pacman emoticon pacman emoticon gahapu pacha athe palawenawa kiyanne mekata pacman emoticon

    ReplyDelete
  24. අන්තිමේදී Climate Control තාක්ෂණය හිතින් අහක් කරගෙන සරල On-Off ස්විචයක් මගින් වායුසමනය ක්‍රියාත්මක කිරීමටත්, සීතල වැඩි වූ පසු එකී ස්විචය යොදාගෙන එය ක්‍රියාවිරහිත කිරීමටත් මට හිත හදාගන්නට සිදු වූයේ අදාල අධි තාක්ෂණික සංවේදක සහ පරිගණකය ප්‍රතිස්ථානගත (Replace) කිරීමට මගේ මාසික ආදායම මෙන් කිහිප ගුණයක් ඕනෑවන බව දැනගත් දිනය.....

    AC පොරක් ලඟට ගිහිල්ල ඕකට දා ගන්න පරණ කාලේ ඔටෝ AC ඔෆ් වෙන ස්විච් එකක්. එතකොට එකෙන් කලින් නියම කරන කූල් එකට ආවම කොම්ප්රෙසර් ඒක ඔෆ් කරනවා...

    ReplyDelete