මා කරන්නට යන්නේ ඉතා බරපතල චෝදනාවකි. එනම්,
ලංකාවේ ඉතා අකාර්ය්යක්ෂම සහ නොසැලකිලිමත්ම රෝහල් කාර්ය මණ්ඩලය වැඩ වාසය කරන්නේ මාතර මහ රෝහලේ බවය.
සඳුදා උදේ දේශනයක් අතරතුර, (11.00 ට පමණ.) මට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි. හදිසි යනු රාජකාරි දිනවල කාර්යාල වේලාවේ මා කාර්යබහුල බැවින්, මා අමතන්නට එපා යයි ගෙදර මිනිස්සුන්ට කලින්ම දැනුම් දී ඇති බැවින්, එවන් වේලාවක ලැබෙන්නේ ඉතා වැදගත් පණිවුඩයක් පමණක් හෙයිනි.
ඉන් කියැවුණේ, අපට ඉතා ලබැඳි මගේ ඥාති සොයුරියක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
ඒ අනුව මා දේශනය කළින් නවත්වා මාතර හා ගාල්ල බලා පිටත් වූයෙමි.
දැන ගත් පරිදි සිදුවීම් දාමය මෙසේ ය.
මීට දින 3-4 කට පෙර ස්වසන අපහසුතාවය හා මද උණ ගතිය හේතුවෙන් මා ඥාති සොයුරිය මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී තත්ත්වය උත්සන්න වී ඇති අතර, රෝගය නිවුමෝනියාව යයි නිගමනය කර ප්‍රතිකාර කර ඇත. දින 3කට පසු ස්වසන අවහිරතාවය සහ මද උණ ගතිය තිබියදීම
"ඔයාට දැන් සනීපයි. අනිත් එක මොකටද මෙතන තද බදේ අස්සෙ ඉන්නෙ. අපිට ඇඳනුත් නැහැ. අනිත් අයට දෙන්න තියෙන චාන්ස් එකත් නැති වෙනවා." යයි කියමින් අප ඥාතීන්ගේ දැඩි විරෝධතාවය මැද බලෙන්ම ටිකට් කප්පවා ඇත.
තත්ත්වය එන්න එන්නම නරක් වූ හෙයින්ද, මාතර රෝහලෙන් තවදුරටත් පිළිසරණක් නොමැති හෙයින්ද ඥාතීන් මැදිහත් වී සොයුරිය කරාපිටිය ශික්ෂණ රෝහල (Teaching Hospital) ට ඇතුළත් කරන ලදී.
එහිදී හෙළිවූයේ මා ඥාති සොයුරියට ඉතා දරුණු වයිරසයක් වන Influenza A H1N1 ආසාධනය වී ඇති බවයි. මේ වනවිට ස්වසන අපහසුතාවය උත්සන්න වී ඇති අතර, වහාම දැඩි සත්කාර ඒකකය (ICU - Intensive Care Unit) වෙත යොමු කරන ලදී.
එහිදී හෙළිවූයේ, රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය 78 දක්වා පහළ බැස තිබූ බවයි. (නීරෝගී පුද්ගලයකුගේ මෙය 92-98 දක්වා පරාසයක පවතී.)
වෛද්‍ය නිගමනය වූයේ තවත් ඒකක කිහිපයක් පහළ බැස්සානම්, එනම් තවත් අඩ පැයක් හමාර වූවානම් ඇගේ ජීවිතය අවසන් වන බවය.
මේ මොහොත වනවිටත් ඇය ජීවත් වන්නේ ඉතා අවදානම් තත්ත්වයක, සම්පූර්ණයෙන්ම යන්ත්‍ර ආධාරයෙන් ය.
මා ඥාති සොයුරිය, මාස කිහිපයක් වයසැ'ති බිලිඳු දියණියකගේ අම්මා කෙනෙකි. අම්මාගේ උණුසුම නොමැතිව අවිහිංසක සුරතල් දියණිය හඬනු දැක්ම තරම් හද කම්පා කරවන දර්ශනයක් මිහිපිට නොමැති තරම් ය.
මේ වගේ රෝහල් නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනෙ...
ReplyDeleteසොයුරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
Deleteහැමදෙයක්ම යෝධ ඇලේ නැම්මේ යන්න පටන් අරන්...
ReplyDeleteවෙළදාමක් නැති කිසිම දේක පැවැත්මක් නැතිවෙන තත්වෙට ඇවිත්...
චා.. චා... දුක්බර කතාවක්. ඇගේ වාසනාවට සහ අනෙකුත් අයගේ හැකියාවට ඇය වෙනත් රෝහලකට ඇතුලත් කල නිසා හොඳයි. එහෙම කරගන්න බැරි උදවියගේ ඉරණම කොතරම් නපුරු වෙයිද? මට කෙලින්ම මේ වගේ සිද්ධියකට මුනදෙන්න උනේ නැති උනත්, අහලා තියෙනවා මේ වගේ සිද්ධි මේ රෝහල සම්බන්ධයෙන්. මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද හැබෑටම?
ReplyDeleteඅපි දන්න කියන කාලයේ ඉදලම මාතර රෝහල කියන්නෙ නම කැත වෙච්ච ආයතනයක්. මේක කවුරුත් දන්න දෙයක්. රෝහල් බලධාරීනුත් දන්නව ඇති. නමුත් කිසිදු පියවරක් ගන්නෙ නෑ.
ReplyDeleteඒ වගේම රෝහල් කියන්නෙ (පොදුවේ) මුදා නොගත් කලාප වගේ. පොඩ්ඩක් වචනයක් වැරදුන ගමන් ස්ට්‍රයික් කරනව. හැබැයි තමුන්ගෙ අතින් සිදුවන වැරදීම් වලට කිසිදු දඬවමක් නෑ.
ඔබේ සොහොයුරියට ඉක්මන් සුව පතනවා සංවේදී. මේක අදක ඊයෙක ඉඳලා අහන්න ලැබෙන කතාවක් නෙවෙයි. නමුත් හැමෝම එකම විදියත් නෙවෙයි.
ReplyDeleteඅත් දෙකම උස්සල එකඟයි.. නඩුවක් දානවනම් සාක්කියට මාව කැඳවන්න.. එනවා. තව එකක්. පහසුකම් අතින් පහතින්ම තියෙන ප්‍රධාන රෝහලක් කියලත් දාන්න.
ReplyDeleteඔබේ සොහොයුරියට ඉක්මන් සුවය පතමි.
වැඩක් නැ ඔක්කොම උන්ගේ වාසියට හැදිල තියෙන්නේ
Deleteමම හිතන්නෙ මේ සිදුවීම නිකං මේ ලියලා අතපිහිදාගෙන පොඩි ආතල් එකක් ගන්න වාට වඩා සීරියස් වැඩක්. ඔබුට පුලුවන් නම් මේ ගැන ලිපියක් අදාල බලධාරින්ට සහ ඒ ලියපු ලිපි වල කොපි සහ ඔය කියන මාතර රෝහේල ඩොකියුමන්ට් කොපි ඇටෑච් කරලා ලිපියක් ගහන්න ආන්න ඒක තමය වැදගත්..
ReplyDeleteනඩු මාර්ගෙට ගියත් උං බේරෙන තත්ත්වයක්නෙ තියෙන්නෙ. ඔක්කොටම වඩා ඉවසන්න බැරි නර්ස් ලගෙ පණ්ඩිත කතා. උං හිතං ඉන්නෙ අපි හද්දා පිටිසර කියලා.
ReplyDeleteමාතර රෝහල ඔය වගේ වැඩ වලට කප් ගහල තියෙන්නේ...
ReplyDelete2000 අවුරුද්දේදී මගේ යාලුවෙක් කළුවරේ පුෂ් බයිසිකල් එකක් පැදගෙන යද්දී තවත් කළුවරේ ආපු බයික් එකක හැප්පිලා මුණ බිම වැදිලා නාස් පොල්ල කැඩිලා තිබුනා...
නහය ඇදවෙලා තියෙන එක කැත නිසා උගේ යාලු කෙල්ල ඒක ඔපරේෂන් කරලා හදා ගන්න කියල කියපු නිසා සිංහල අවුරුදු කිට්ටුව මගේ යාළුවා මාතර ඉස්පිටිතාලේ ඇඩ්මිට් වෙලා.
ඒ පොඩි ඔපරේෂන් එක කරලා සිහිය ගන්න බැරිවෙලා යාළුවා මළා කියල හරියටම අපිට ආරංචිය ආවේ සිංහල අවුරුදු දවසේ... ;(
medical negligence වලට කප් ගහපු රටක් මේක
ReplyDeletetotally agree with you.
ReplyDeletematara hospital eke inne maha ballo. hena gahanna ona panapitin ma okunta. man dekapu jara ma hospital eka matara
totally agree with you.
ReplyDeletematara hospital eke inne maha ballo. hena gahanna ona panapitin ma okunta. man dekapu jara ma hospital eka matara
x-mirage key 2019
ReplyDeleteavast driver updater activation code
ReplyDeleterazer surround pro free
remotescan enterprise