ඇතැම්විට ඔබ විද්‍යා සිසුවෙක් හෝ විද්‍යාවීදී උපාධිධාරියෙක් නොවනවා ඇති. එහෙත්....ඔබ මහරගම පිළිකා රෝහළට වරක් හෝ ගොස් තිබෙනවාද?
ඒ අසරණයින් දිනක් හෝ වැඩිපුර ජීවත් වීමේ බලාපොරොත්තු සඵල කරගන්නේ මේ උදාර මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගය නිසා බව ඔබ මොහොතකටවත් සිතුවාද?
ලොව විශාලතම නොබෙල් පවුල
(රාජපක්ෂ පවුල ගැන දන්නා බොහෝ දෙනා මේ ගැන නොදන්නවා ඇති. :D )
කියුරි පවුල.
1. මාරි කියුරි - නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
2. පියරේ කියුරි (මාරි කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
3. මාරි කියුරි - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1911
4. අයිරින් කියුරි (මාරි සහ පියරේගේ දියණිය.) - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
5. ජීන් ෆෙඩ්‍රික් ජුලියට් කියුරි (අයිරින් කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
6. හෙන්රි රිචර්ඩ්සන් ලැබියුෂෙ (මාරි සහ පියරේගේ බෑණා, ඊව් කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් සාම ත්‍යාගය 1965
7. හෙලේනා ලැන්ග්විට් ජුලියට් (අයිරින් කියුරිගේ දියණිය.) නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව (නිර්දේශිත.)
මේ සියලු සාර්ථකත්වයන්, විද්‍යාව වෙනුවෙන් කරන ලද අනුපමේය සේවාවන් පසුපස කඳුලින් ලියැවුණු තවත් කතාවක් ඇත. එනම් මෙයින් බොහෝ දෙනා, විකිරණශීලිතාව (Radioactivity) ගැන පර්යේෂණයන්හි නිරතව සිට එයින්ම සිය ජීවිතය අකාලයේ කෙළවර කරගත්, වඩාත් සංවේදීව කියනවා නම් දිවි පිදූ විශිෂ්ටයින්. ඒ විකිරණ වලට නිරාවරණය වීමෙන් ආසාධනය වූ රුධිර සෛල අවසාධනය ආශ්‍රිත වූ රෝග තත්ත්වයන් හේතුවෙන්.
මොවුන් භාවිත කළ පොත් පවා අධික ලෙස විකිරණශීලී බවක් අදටත් දක්වනවා.
*මාරි කියුරි වයස 66දී මියයන්නේ ඇප්ලාස්ටික් ඇමීනියා නම් මෙවැනි රෝගයකින්.
*පියරේ වයස 46දී මිය ගියේ රිය අනතුරකින් වුවත් ඒ වනවිටත් ඔහු ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිටියා. ඔහු මග මග ඇද වැටුණේද ඒ වනවිට ඔහු ශාරීරීකව බොහෝ දුර්වලව සිටි නිසා.
*අයිරින් මියගියේ වයස 58දී ලියුකේමියාවෙන්.
*අයිරින්ගේ සැමියා ෆෙඩ්‍රික්ද මියගියේ වයස 58දී.
Friday, February 20, 2015
අපි දික්කසාද වෙමු
වෙනස් සංස්කෘතියක තියෙන කිසිම දෙයක් අපිට මතුපිටින් බලා හොඳ නරක නිර්ණය කරන්නට නොහැකියි. මේක තේරුම් ගැනීමේ අඩුපාඩුවක් නිසා මම මේ ලඟදි අලි අමාරුවක වැටුණා.
මගේ රුසියානු ජාතික මිතුරිය මරීයා වරක් මගෙන් විමසුවා "ඔබේ රටේ මිනිසුන් ජීවිත කාලයම එකම සහකරුවා සමඟ ජීවත් වනවා. දික්කසාදය සලකන්නේ අවමානයක් ලෙසටයි. මේ ගැන ඔබේ මතය කුමක්ද?"
මගේ පිළිතුර වූයේ
"ඒක අපේ සංස්කෘතියේ තිබෙන හොඳ දෙයක්. මා එයට කැමතියි."
ඇය මා දෙස හැරී බැලුවේ විමතිය හා මදක් අවඥාව මුසු බැල්මකින්.
"ඔබ විද්‍යාඥයෙක්. මං වගේ කළමණාකරණ උපාධිධාරියෙක්* නොවෙයි. ඇයි ඔබ වගේ කෙනෙකුත් එහෙම පටු විදියට හිතන්නේ?"
මෙවර තිගැස්සී ගියේ මම. මෙවැනි චෝදනාවක් කවදාවත් මට එල්ල වී නැහැ. ඊළඟ මොහොතේ ඇය එය පැහැදිළි කළා.
"මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සිතන පතන විදිය පවා වෙනස් වෙනවා. ඉලක්ක, අරමුණු වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒ අරමුණු වලට යනකොට තමන්ගෙ ආදරණීයයන් අමතක වෙනවා.
එතකොට එතැන ඉන්නේ අපි ආදරය කළ කෙනා හෝ විවාහ වූ දිනයේ සිටි කෙනා නොවෙයි. මං අහන්නේ අපි ආදරය කළේ වෙන කෙනෙකුට නම්, අහවල් මගුලකටද අතීතයෙ හිටි කෙනෙකුට මැරීගෙන කත් අදින්නේ?. අතීතයේ ජීවත් වෙන්නේ. වර්තමානයේ ජීවත් වන අපිව වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකෙ ඉඳිද්දි අපි මොකටද එහෙම අය නොසොයා දුක් විඳ විඳ ඉන්නෙ? මට නම් තේරෙන්නේ නැහැ."
මම නිරුත්තර වුණා.
ගමනාන්තයට ළඟා වීමට ගත වූ ඊළඟ පැය 2 1/2 ම මම කල්පනා කළේ ඇගේ පිළිතුරේ තර්කාණුකූල භාවය හා එයට අභියෝග කළ හැකි පිළිතුරක් ගැනයි.
ඇය නැගූ ප්‍රශ්නය තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා.
"මිනිස්සු වෙනස් වෙනවා නම්, ඇයි අපිට වෙනස් වෙන්න බැරි?"
----------------------------------------------------------------------
*මගේ කළමණාකරණ උපාධිධාරී මිතුරන් තරහ වන්නට එපා. මේ ඇය කියපු දේ එළෙසින්ම සිංහලට නැගූ විට හැඟෙන අදහසයි.. මගේ පෞද්ගලික මතය නම් කිසිම උපාධිධාරියෙක් වෙනත් කිසිම උපාධිධාරියෙකුට වඩා ලොකු නැත කියාය.

Tuesday, February 17, 2015
හයිබ්‍රිඩ් සිහිනය බොඳ කළ එකාලාට සුද්ධ සිංහලෙන්....
හයිබ්‍රිඩ් ගැන හරවත් සමාජ කතිකාවතක් ඇතිවෙමින් පවතී. එයට පොහොර දමමින් බ්ලොග් එකෙහි මකුළුදැල් කැඩීමට තීරණය කළෙමි.
සතුට නම් සිළුමිණේම මෙවැනි අගනා අපක්ෂපාතී ලිපියක් පළ වීමය. (එහෙත් යහපාලනය ෂෝක්..! කීමට ඉක්මන් නොවෙමි.)
ලංකාවේ හයිබ්‍රිඩ් මෝටර් රථයක් භාවිත කරන අයගෙන් 95% කට වඩා උගත් වෘත්තිකයින්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධනපතීන් වන දේශපාලඥයින්, සුපිරි වය්‍යාපාරිකයින්, නින්දගම් වලින් ඕසෙට සල්ලි ගලන නායක හිමිවරුන්, මහාපරිමාණ ටියුෂන් ගුරුවරුන් වැන්නවුන් ඉන්ධන පිරිමැසීමක් හෝ පරිසර හිතකාමී බවක් ගැන තකන්නේ ඉතාමත්ම කළාතුරකිනි. ඒ අනුව හයිබ්‍රිඩ් රථය යනු මෙරට උගත් වෘත්තිකයාගේ නිල වාහනය යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
උදාහරණක් ලෙස, මා ලැබූ අධ්‍යාපන පසුබිම මත, මගේ මිතුරන් බොහෝ දෙනා තොරතුරු තාක්ෂණික හෝ ඉංජිනේරු වෘත්තිකයින්ය. නැතහොත් සරසවි ඇදුරන්ය. ගණනින් 70ක් පමණ වන මගේ උසස් පාසැල්, විද්‍යාවේදී, පශ්චාත් හා ආචාර්ය උපාධි බැචාලාගෙන් හා මා සේවය කළ ආයතන සතරෙහි වෘත්තීය සඟයන්ගෙන් 50ක් පමණ එක්කෝ හයිබ්‍රිඩ් රථයක් භාවිත කරති; නැතහොත් ළඟදීම එකක් මිළදී ගැනීමට බලාපොරොත්තු වෙති. එය පෞද්ගලිකව මා සම්බන්ධයෙන්ද අදාලය.
මෙවැනි සන්දර්භයක් තුළ මෙරට උගත් වෘත්තිකයින් සූරා කන මෙවැනි අම්බරු ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් සිදුවන්නේ මෙරට ගැන උගතුන් කළකිරී බුද්ධි ගලනයට ඉණිමං බැඳීම මිස අන් කිසිවක් නොවේ.
මෙවැනි අදූරදර්ශී රොබින්හුඩ් ප්‍රතිපත්ති හදනා එකාලා දැනගතු යුතු දෙයක් ඇත. එනම් පසුගිය රජය පිරිහීමට 6% කාලයේ උගතුන්ට කරනලද අවමන් පාරාවළල්ලක් ලෙස ක්‍රියාකළ බවත්, එකී දූෂිත රජය පෙරලන්නට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හා විශ්වවිද්‍යාල ප්‍රජාව සාධනීය මෙහෙවරක් ඉටු කළ බවත් ය.
එවන් සරසවි ප්‍රජාවේ හා ඉන් පිටවන්නන්ගේ වත්මන් හා අනාගත බලාපොරොත්තුවල ගෙළ සිඳලන්නට ඉදිරිපත් වන්නේ නම්, නුඹලාට වැඩි දුරක් යා නොහැකිය.
Subscribe to:
Posts (Atom)