Monday, July 29, 2013

මගේ මංගල දැන්වීම

දැන් අවුරුදු 1 1/2 ක් තිස්සේ ගෙදරින් හැමදාමත් බත් එකක් ඔතල දෙනවා දවල්ට කන්න. මම පොඩි කාලේ ඉඳලම කෑම ඔතාගෙන එන කොළේ පවා අකුරක් නෑර කියවලා තමයි කුණු කූඩෙට දාන්නෙ කියල ගෙදර අය දන්නවා. ගොඩක් වෙලාවට මංගල දැන්වීම් පිටුවෙන් තමයි මගෙ කෑම එක එතෙන්නෙ. 

පුදුමෙ කියන්නෙ මේ අවුරුදු 1 1/2 ට එහෙම අවස්ථා අඩු ගානෙ 100ක්වත් තිබුණත්, මනාලියෝ තියෙන පිටුවක් නම් බැරිවෙලාවත් නෑ ඒ අතරෙ, ඒ හැම එකක්ම, මනාලයෝ වෙන්දේසි කරපුවා..!
කාගෙ වුනත් කමක් නෑ මම නම් හරිම ආසාවෙන් කියවන්නෙ..වෙන හේතුවක් නිසා නෙමෙයි විහිළු කතා කියවන්න වැඩිය වෙලාවක් වෙන්නෙ නැති නිසා, ඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන්ම පමණයි....

ඒත් අද කවදාවත් නැතුව මනාලියෝ වෙන්දේසි කරන පිටුවකින් අම්ම බත් ඔතලා...අනේ මන්දා....?.

කන ගමන් කියෙව්වා...කාලෙකින් නියම ඇඩ්වාන්ස් ජෝක් ටිකක් දැක්කා...ඕව නිතර කියවන අය දන්නව ඇතිනේ....'සුළු වරදකින් දරුවෙක් සිටී' වගේ ඒව.

පුදුමෙ කියන්නෙ දික්කසාද අයගෙන් 90%ක්ගේම කසාදෙ අත්සනට විතරක් සීමා වෙලා..ඉතිරි විවාහක අය ඔක්කොම වැන්දඹු.

ඇත්තටම අපි ඉන්නෙ ලංකාවෙද නැත්නම් ඉන්දියාවෙ හද්දා පිටිසර නූගත් මිනිස්සු ඉන්න ගමකද කියල හිතුණා....

එකක් දෙකක් නොවෙයි...හැම එකක්ම පටන් ගන්නේ බොදු ගොවි කියලා....(සමහරු පොෂ් විදියට B/G කියලත් දාල තිබුණා...) සමහරු උඩරට බොදු ගොවි, සමහරු අන්තෙටම ගිහින් උඩරට රදළ වෙලා...ඕනමනම් තමන්ගෙ සුදුසුකමක් විදියට දැම්මයි කියමුකෝ...ඒත් අනිවාර්යයෙන්ම 'සම කුළ' වචනෙ තියෙනවාමයි.....ඒ මදිවට මෙහෙමත් තියෙනවා...'මධ්‍යම පළාතෙන්' නැත්නම් 'නුවර, කෑගල්ල, මාතලේ, කුරුණෑගල අවටින්' (ඒ කියන්නෙ අනිත් පළාත්වල ඉන්නෙ ඔටුවො...?, උස තැනක ඉපදුනාම මාර විදියට උසස් නේ...?)

කේන්ද්‍ර පිටපත අනිවාර්යයි...(හැමෝමට පිරිමියා මොකෙක් වුනත් කේන්දරය තමයි ලොකු....)  

විශේෂත්වය තමයි වැඩිපුරම කුළ මළ, උඩරට පහතරට, කේන්දරේ පස්සෙන් පන්නන්නෙ මැදි වයසේ එහෙමත් නැත්නම් හෙට අනිද්දා වලකජ්ජ ගහන්න ඉන්න අය....අපේ අම්මටත් වඩා වයස යෝජනා 10කට වඩා තිබුණා.... ඔය බේද නිසාම ගෙදරටම නාකි වෙලා, තවත් ඒ පස්සෙම දුවනවා...!

මගේ වෛද්‍ය මිත්‍රයෙක්නම් කියන්නෙ ඕවගෙ ඉන්නෙ මොකක් හරි අඩුවක් තියෙන අයලු. වැඩි හරියක් මෙන්ටල් කේස්ලු. නැත්නම් කොල්ලෙක් ඉඳිද්දි ගෙදරින් බලෙන් බන්දල දෙන්න හදන ඒවලු. උගේ කතාව 100% පිළිගන්න අමාරු වුනත් යම් ඇත්තක් ඇතැයි හිතෙනවා....

ඒ කතා ඇහුවම නම් බයත් තිතෙනවා...ඒ බය තීව්‍ර වෙන්නෙ මගේ වෙන ඉංජිනේරු මිත්‍රයෙක් කියපු කතාවක් (මිනිහ බඳින්න ගෑණු ළමයෙක් හොයනව දැන් අවුරුදු ගාණක ඉඳන්...තාම හරියන පාටක්වත් නෑ..., මිනිහට මම එකක් සෙට් කළා...කොහෙද මිනිහගෙ කාස්ට් එක සළාගමද මොකද්දලු. මිනිහගෙ ඉංජිනේරු කම වැඩක් නෑලු. එපා කිව්ව කෙල්ල යන්තමින් උසස් පෙළ පාස් 12,000 පඩියට ඉංජිනේරුවෙක් ළඟ වැඩ කරන කෙනෙක්. මගේ ඉංජිනේරු යාළුව ලක්ෂයක් විතර පඩි ගන්න බොහොම උගත්, තැන්පත්, කිසිම දේකට අනවශ්‍ය විදියට කළබල නොවෙන, ධෛර්‍යමත්, පොළොවෙ පය ගහල ඉන්න 'එළ කොල්ලෙක්'. හසන්ත මහත්තයෝ බලමු ඒකෙත් හැටි නේද...?)

"දැන් කාලෙ කොල්ලෙක් නැති කෙල්ලෙක් හොයාගන්න ඕනනම් ඉතින් 8 වසරෙ එකකට තමයි බහින්න වෙන්නෙ...ඒත් ඉතින් ඒව බී.ඒ. (බාල අපරාධ) කාරයන්ගෙ වැඩනෙ. දරුකමට හදාගන්න තමයි වෙන්නෙ. නැත්නම් ඉතින් වරදට සමාව දෙන්න තමයි වෙන්නෙ...."
ඒකනම් කළින් එකට වැඩිය සෑහෙන්න ඇත්ත කියල හිතෙනව. මොකද දන්න කියන හැම ගෑණු පරාණයක්ම තමන්ගෙ සහකාරය දැනටම හොයාගෙන.

ඒක නිසා ඉතින් කවදහරි අපිට වෙන්නෙත් පත්තරේ දැන්වීමක් දාල ටෙන්ඩර් කැඳවන්න තමා..!

මම මේ කල්පනා කළේ දැනට නම් එහෙම අදහසක් තුන් හිතකවත් නැති වුනත් බැරිවෙලාවත් කවදහරි එහෙම දාන්න වුනොත් මට වෙන්නෙ මලලසේකර වැඩක්....

මොකද ලංකාවෙ මංගල දැන්වීමකට ඕන කරන අත්‍යවශ්‍යම දේවල් දෙකම මට නැති වීම....

ඒ නිසා ඒක දාන්න වෙන්නෙ මෙහෙම:

1984 උපන් බොදු ..... (ඕනෑම නම් හිස්තැනට අවශ්‍ය පදය සොයාගන්න. මගේ සම්පූර්ණ නම කොස්ගොඩ පතිරණගේ........නමුත් හොයාගෙන එහෙමම ඉන්න. ලියන්නවත් අමතන්නවත් එපා.) කේන්ද්‍රයක් නොමැති (ඕනම නම් හදා ගන්න. උපන් දිනය හා වේලාව 1984.09.07 පෙ.ව. 9.53. නමුත් හදාගෙන එහෙමම ඉන්න. ලියන්නවත් අමතන්නවත් එපා.)........................

දැන් ඉතින් මේක දැකල මට මංගල යෝජනා එවන්ට එපාය...
මට ඊට වඩා වැදගත් වැඩ ගොඩක් තියෙනවා ය.

35 comments:

  1. ඔහෙ පලයන්.. මෙන්න මූ මගුලක් කන්න කෙල්ලෙක් හොයනෝ

    ReplyDelete
    Replies
    1. Lol. Liyanna apa kiyanne boruwata. :D

      Delete
    2. බොදු ගොවි 8 පාස් da දරුවෙක් සිටි engineer doctors only 😂😂

      Delete
  2. ඇයි මෙහෙමත් තියෙන්නෙ “ රූමත්,පැහැපත් පෙනුමැති 58 හැවිරිදි දියණියට සුරා සූදුවෙන් තොර 60 හැවිරිදි පුතෙකු මව සොයයි,“ කියල

    ReplyDelete
    Replies
    1. අම්මට කීයද දන්නෙ නෑ...... නේද?

      Delete
  3. දැන් ඉතින් මේක දැකල මට මංගල යෝජනා එවන්ට එපාය...
    මට ඊට වඩා වැදගත් වැඩ ගොඩක් තියෙනවා ය.

    Ane ammapa Umbatath Liyanna hithena dewal.... :-)

    Owa kiyala hariyanne naa... dan kellek hoyagaththoth hodai.... :)

    ReplyDelete
  4. මේකට නං ලියන්න දේවල් බොහොමයක් හිතට ආවා....ඒත් දන්නවද සංවේදී මේ දැන්විම් දාන පුද්ගලයන්ගේ හැගුම් මොනවගේ ඇතිද කියලා... නම ම සංවේදි වුණු ඔබට ඒ ගැන මං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ... ්‍

    ඒ වගේම තමා පරිබාහිරව සිට මේ දැන්විම් බලන අපට නං මේවා ජෝක් වගේ තමා පේන්නේ...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. නුඹටත් කෙනෙක් හිදීවී
    දවසක සොයාක ඒවී....

    ReplyDelete
  7. මම හොයලා බලන්නම්. මම දැක්ක ක්‍රියේටිව්ම මංගල දැන්වීම. ෆේස් බුක් එකෙත් දාන්න බලන්න... :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්...හැබැයි මත නම් කසාද බඳින එක විහිළුවක් විතරයි....සිරාවටම......

      Delete
  8. ඔය දැන්වීම්වල ඉන්න සුරාවෙන් තොර කස්ටිය ගනන් කරලා බැලුවොත්,ස්කාගාර සංස්ථාව කොහොම පවත්වාගෙන යනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒත් අහල නැද්ද කතාවක් මිනිස්සු බොන්න පුරුදුවෙන්නෙ බැන්දට පස්සෙ කියල....? ඒක වෙන්නැති රහස. උදාහරණයක් විදියට මම දැනට අමද්‍යපයි. ඒත් බැන්දට පස්සෙ බොන්න හිතෙන්න බැරි නෑ.

      Delete
  9. හප්පා.. පත්තරේ මැද කෑල්ලෙ එන ටැබ්ලොයිඩ් සයිස් එකේ පිටුව බත් ඔතන්න මරු... ඉස්සර අපේ ගෙදරත් මුලින්ම පත්තරෙන් ගැලවි ගැලවි යන්නේ ලහිපිට කෑලි දෙකයි මංගල දැන්වීම් කෑලි ටිකයි තමයි.... හැබැයි මගේ සොයාගැනී‌ෙම් හැටියට බත් එකට හරියටම හරියන්නේ sunday times සහ Observer එකේ කොලේ.. ඒක හයියයි.. සිංහල පත්තර ඔක්කොගෙම වගේ කොල අන්තිම බාලයි... ( එතනත් ඉංග්‍රීසි සිංහල බේදේ... හි හි)

    මංගල දැන්වීම් කියවන එකේ මාර ජොලියක් තියෙනවා තමා.. මාත් ඉස්සර කරන්නෙම වැඩිම ජොලි, වැඩිම වයස කට්ටිය හොයන එක... මටත් හම්බුවෙලා තියෙනවා 70 පැනපු අයගේ දැන්වීම්... ඒවා නං මං හිතන්නේ වයසට ගියාම ළමයි ඔක්කොමත් බැඳලා ගියාට පස්සේ, සල්ලිත් තියෙනවා නං දනට පිනට කැමති අයගේ වැඩ කියලා... හි හි...

    මට මේක දැකලා කල්පනා උනේ අර කලින් දවසක් දාපු මචං පෝස්ට් එක.. අනේ මන්දා මට නං බෑ මචං කියන්න.. අයියා කියන්න වෙනවා... යන්තම් මාසයක් වැඩිමල් නිසා... හි හි....

    ReplyDelete
    Replies
    1. මචං පෝස්ට් එක ෆේස්බුක් එකේ දාපු එකක්. ඇත්තම කිව්වොත් ඒක මේකෙ දාල මම සෑහෙන්න චාටර් වුණා. කොටින්ම ඒක මෙතනට අදාල වෙන්න්නෙම නෑ.
      ඕන නම් මචං කිව්වට මගෙ අවුලක් නෑ. එහෙනම් ඉතින් දුකා ලියන සුභාෂ් මගෙ මාමගෙ වයසෙ. මම ඌට මචං කියන්නෙ කටපුරා..... :D

      Delete
    2. මං ඒක මතක් කළෙත් ඒක හින්දා තමයි... හි හි.. මට මචං කියන්නේ එච්චර කටට හුරු වචනයක් නෙවෙයි...

      අර කේන්දරේ හැදිල්ල දැන් දැකලා මතක් උනේ... ඔයා කියලා තියෙන විදියට මංගල යෝජනාවක් දැම්මනං හොද ඩිමාන්ඩ් එකක් තියෙයි... විශේෂයෙන් කේන්දරේ නෑ කියන කෑල්ල හින්දා... හි හි... ( මං වගේ කේන්දර බදං ඉන්න අයව පේන්න බැරි උන් තව එකෙක් දෙන්නෙක් වත් නැතෑ... හි හි)

      Delete
  10. ඕක තමා කියන්නේ අපායට උනත් වේල පහ යන්න කියල.මම නම් ඉන්ස්ටන්ට් නුඩ්ල්ස් වගේ යාලුවෝ විදියට හිටියා අවුරුදු 4කට වඩා.දුර දිග ගිය බවක් දන්නේ දවසක් කෙල්ලගේ පොඩි අයිය ගේදර ඇවිත් කිවලු මේකිව වෙන එකෙකුට නම් දෙන්න වෙන්නේ නැහැ ඔය යාළුවා කියන එකාටම තමා දෙන්න වෙන්නේ කියල...ඌ වැඩ ඇරිල යනකොට හැමදාම අපි දෙන්න කෙල්ලගේ ඔෆිස් එක ගාවින් බස් එකට ඉන්නවා..ඒ වගේ තියරි එකක් දාල බලහන් ...

    ReplyDelete
    Replies
    1. තියරි දාන්න කෙල්ලො ඉන්න එපාය බං

      Delete
  11. උඹත් කොහොම හරි උඹේ දැන්වීමත් යටින් ඔබා ගත්තා නේහ්? :D

    ReplyDelete
  12. Udarata upan paliyata hama ekaama ehema moda aathal ganneyi, kule oluwa uda thiyan inneyi na. Eka kiyanna one. Mamath Udarata. Eth ape kule usas kiyala salakena ekak (mokadda kiyana eka methenta adaala na.) unath api eka oluwa uda thiyagena na. Indiyawe kula krameta wada ape kula krame wenas. Indiyawe thiyanne Brahmana kramaya. Ape thiyanne rakiyaawal matha, sewaya kireema matha athi una system ekak. Eth yam yam hethu matha, danduwam widiyata Rajathumaata samahara kula pahatha daala "adu kula" hatiyata nam karanna wela thiyanawa. Ewata Uda Rata aya pali naha. Mama meka godak than wala dakala thiyanawa. Pahatha Rata aya Uda Rata pahath karala kathaa karana eka. Uda Rata Pahatha Rata bedayata waga kiyanna one suddo. E gollange paalanaya nisa thamayi mehema bedayak aawe. Anika Pahatha rata kattiya e jeewana rataawata huru wela e nam walata maaru una. Sinhala sirith athaarala e sirith pilipadda Uda Rata ayata nigraha karanna gaththa godayo kiyala. Dan kaageda waradda??
    Sorry meka Singlish type karanna unaata. Mage phone 1e Sinhala na.

    ReplyDelete
    Replies
    1. උඩරට හැමෝම නෙවෙයි සහෝදරයා මම කිව්වෙ....සමහර හණමිටි අදහස් තියෙන අය ගැන......මොකද එහෙම අය ඉන්නවා මම පෞද්ගලිකව දන්න. අපේ කැම්පස් එකේ හිටපු ෂ් රොෆ්, නුවර කෙනෙක්. මිනිහ ගාල්ල/මාතර ආචාර්යවරුන්ට පවා 'තමුන්' කියල කතා කරන්නෙ. උඩරට සම්භවයක් තියෙන සාමාන්‍ය සේවකයින්ටවත් එහෙම කතාකරන්නෙ නෑ. ඒක මුළු කැම්පස් එකේම ප්‍රසිද්ධ කාරණයක්.
      මේ ළඟදි මම මගෙ ඇසිස්ටන්ට් ස්ටාෆ් එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක මාතර ප්‍රසිද්ධ හෝටලයක තේ බිබී හිටිය. මම මනුස්සකමට කතා කළා පොරට. මටත් දැම්ම 'තමුන්' ටෝක් එක. මම කළින් කොළඹ විශ්වවිද්‍යාලෙ වැඩ කළේ. ළඟදි මෙහෙට (රුහුණට ) මාරු වෙලා ආවෙ. නමුත් මිනිහ මගෙ ඩෙසිග්නේෂන් එක හොඳටම දන්නව. මම අප්සට් ගියා කියල දැකපු ඉන්ස්ට්‍රක්ටර් මිත්‍රයා (මිනිහ ගොඩක් කල් මෙහෙ වැඩකරන කෙනෙක්) කිවුව මෙහෙම. "එයා එහෙම තමයි සුනෙත් සර්...නුවරනේ..."
      හැබැයි ඉතින් ඕව ඔළුවෙ තියාගෙන නටන්නෙ නැති එළ කොල්ලොත් ඉන්නව උඹ කිවුවත් වගෙ. නුවර කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙ පුතෙක් (මගෙ බැචෙක්) මාත් එක්ක දෙහිවල මුඩුක්කුවක එක ඇඳේ හිටිය මාස ගාණක් අපි කැම්පස් එකෙන් අවුට් වෙලා අඩු පඩියට කම්පැනිවල ට්‍රේනින් ඉන්න කාලෙ. කැම්පස් කාළෙත් අපි දෙන්න හදාගෙන යන බිල්ඩිමක හතරවැනි තට්ටුවෙ කොන්ක්‍රීට් ස්ලැබ් එකක නිදාගෙන තියෙනව.

      Delete
  13. මිනිස්සු අදටත් ඔය දේවල් වලට ලොකු වටිනාකමක් දෙනවා . වෙන මොකවත් නෙමෙයි පරම් පරාවෙන් ගෙනාපු පරම්පරා කරුමේ හන්දා

    ReplyDelete
  14. අවුරුදු 50 ක විතර ලස්සන කෙල්ලෙක් හොයල දෙන්නෙයි. කිරි ටොයි කෑල්ලක් ඉන්නවා..

    ReplyDelete
  15. මේ ගෙන නම්කතා කරල වැඩක් නෑ. සමහරක් උගත් නවීනයි කියන ගොබිලන්ගෙ අදහස් ඇහුවම වමනෙ යන්න එනවා.. මුන් ඉන්නෙ 14 ශතවර්ෂයෙ..

    ReplyDelete
  16. 5wasare kellatath kollo innawa ban apita ne. A/l exam ekata admisan genna giyama danagathe ekama panthiye kollekuta later ekak dila eka kiyawala mage badath kora una

    ReplyDelete