Saturday, July 6, 2013

අප්පච්චිට මල් මිටක්...

කාලෙකට පස්සෙ ගොඩක් අධ්‍යාත්මිකව හැඟීම්බර වුණු දවසක්. 
ලංකාවෙ නාලිකා දුසිමක දැනට විකාශය වෙන ටෙලිනාට්‍ය අතුරින් මම බලන එකම එක, ස්වර්ණවාහිනියෙ 'අප්පච්චි'.

ආචාර්ය කේමදාසයන්ට පසුව මා කැමතිම සංගීතය කසුන් කල්හාරගේ සංගීතයත් එක්ක...

එකම හේතුව ජීවිතය ගැන ගැඹුරින් කතාකිරීම.....කසුන්ගෙ සංගීතය එහි අධ්‍යාත්මික භාවමය රසය තවත් උද්දීපනය කරනවා... 

විශේෂත්වය තමයි, මේක මුළදි මට පෙන්නන්න බැරිව තිබුණු එකක්. කොහොමත් මට ගෑණු ටෙලි පෙන්නන්න බැහැ ඉස්සර ඉඳලම.

ඒත් මේක දැන් යන්නෙ වෙනම තීම් එකක. 
ගැඹුරු අධ්‍යාත්මික ප්‍රේමයක් එක්ක.

හදවතේ ගැඹුරින්ම ඒ හැඟීම වින්දත්, කතාවෙ එන චරිතය වගෙ තරුණියො නෑ කියලයි මම හිතන්නෙ*. එහෙම බැලුවම ඒක ටිකක් අභව්‍යයි වගේ.

ඒ ඇරෙන්න වෙන කියන්න තරම් වැරැද්දක් නෑ. 

දොස්තර වගේ චරිතනම් සමාජයේ දුර්ලභ වුනත් ජීවමානයි. විශ්වාස නැත්නම් මීට කලින් පොස්ට් එක බලන්න. 

කාලෙකට පස්සෙ ගැඹුරින් අධ්‍යාත්මික රසය අත්විඳින්නට ඉඩහසර සලසන අපූරු නිර්මාණයක්. 

සංවේදී මිනිස්සු සමහර දේවල් වලට අසංවේදී නරුමයන් කරන්න පියවි ලෝකෙදි මිනිස්සු උත්සුක වුනාට,  
කලාකරුවා කියන අපූරු පුද්ගලයා ඒ ඛේදවාචකය වෙන්න නොදී නැවැත්වීම ආශ්චර්යයක්.

තාක්ෂණික මෙවලම් එක්කම ගැවසෙන මම කලාකරුවන්ට විද්‍යාඥයින්ට තරමටම ගරු කරන්නෙ ඒ නිසා...

*මට හම්බවෙලා තියෙන ආදරණීය, ආදරය හඳුනනව කියල හිතපු හැමෝම අධ්‍යාත්මික ආදරය එපා කියල පුහු ආටෝපය පස්සෙ දුවනවා ඇස් දෙකින්ම දැකපු නිසයි කියන්නෙ.

මම එක කුස උපන් සහෝදරියට වඩා බැඳීමකින් හිටිය කෙනා විශ්වවිද්‍යාලෙ රස්සාව වෙනුවෙන් මාව පාවල දුන්න. 

ඒ නිසා මට ආයෙ කවදාවත්ම ඒතරම් ගැඹුරෙන් තරුණියකට ආදරය කරන්නවත්, අධ්‍යාත්මික හිතවත්කමක් පවත්වාගෙන යන්නවත් පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි.

ඒත් ඒ දැඩි බව නරුම අන්තයකට යා නොදී බැඳ තබාගන්නෙ මේ වගෙ කලා කෘති සමත් වෙනව....

පියවි ලෝකෙදි කවදාවත් යථාර්තයක් නොවන අධ්‍යාත්මික සෙනෙහස විඳින්න මෙහෙම හරි මාධ්‍යයක් තියෙන්නෙ වාසනාවට....

මිනිස්සු රොබෝලවත් පිස්සොවත් නොකර බේරගන්න එකට අපි මේ කලාකරුවන්ට සදා ණය ගැති වෙමු.  

9 comments:

  1. 'අප්පච්චි' කියන්නෙ ඇත්තටම බලල ගොඩක් වටින වැදගත් දෙයක් ලබා ගන්න පුලුවන් ටෙලි නාට්‍යයක් නුතන සමාජය නොදකින නොලබන ගැඹුරු අධ්‍යාත්මික ප්‍රේමයක් නාට්‍ය මගින් විදගන්න,ලබා ගන්න පුලුවන් .

    ******* සංවේදී මිනිස්සු සමහර දේවල් වලට අසංවේදී නරුමයන් කරන්න පියවි ලෝකෙදි මිනිස්සු උත්සුක වුනාට,
    කලාකරුවා කියන අපූරු පුද්ගලයා ඒ ඛේදවාචකය වෙන්න නොදී නැවැත්වීම ආශ්චර්යයක්.*******

    මේ කතාව නම් පට්ට ඇත්ත මිනිස්සුන්ගෙ තියෙන මිනිස් ආත්මය මරල පොඩිපටම් කරල දාන්න කොයි තරම් නරුමයො බලන් ඉන්නවද කියන එක අද සමාජයෙ සංවේදීව නිරීක්ෂණය කරන කෙනෙකුට පුලුවන් වෙනව. අප්පච්චි වගේ හොඳ නිර්මාණයක් ගැන කතා කරාට සංවේදීට ස්තුති කරනව.

    ReplyDelete
  2. Sanwedi katawak,
    Eth matanam teli ballan lebenne na,
    net eken balanna puluwan unath ekata a tarm unanduwak na,
    eth kalawa taram minisunwa suwapath karana wena madyak nati taram.
    Man lagadi blob kiyawanna patan gattath obe blog hama welawakama ida labena widiyata kiyawanawa.
    mokada obe katha bohomayak mawa mage athitheta ekkan yanawa.
    kasun man paudglikawa agayakara charithayak.
    Digatama liyanna "Sanwedi"
    Obata Jaya

    ReplyDelete
  3. සර් කසුන්ගේ "අප්පච්චි" ගීතය අහල තියෙනවද...??
    www.youtube.com/watch?v=icBT4tm_uHU
    පිය සෙනෙහස ගැන ලියවුන මගේ ආසම සින්දුව.මගේ තාත්ත ගැන ලියල වගේ මට දැනෙන්නේ මේක අහනකොට.
    බෝඩිමේ ඉන්න නිසා මේ නාට්‍යය නම් බලල නෑ කවදාවත්...

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක බොහොම ස්තුතියි. ලස්සන ගීතයක්.

      Delete
  4. මුලදි බැලුවා... විකාරයක් වගේ නිසා නවත්තලා දැම්මා...

    ReplyDelete
  5. මම නං ටීවී බැලිල්ල නතර කරලා හුඟක් කල් දැන්.

    ReplyDelete
  6. මගේ ගෙදර TV,radio නැහැ
    ඒ නිසා ඇවිත් කියවලා ගියා

    ReplyDelete
  7. ෙහාද කතාවක් තමා ෙවලාවක් ලැබුෙනාත් මාත් බලනවා

    ReplyDelete