Wednesday, July 31, 2013

බාප්පලාගේ බලාපොරොත්තු කඩකිරීමේ සතුට

මහමග රිය පදවන (ලොකුම ලොකු හැර) ලොකු කුඩා කාටත් හිසරදයක් වූ, කාගේත් පොදු සතුරෙක් සිටින බව තමන්ගේම කියා කුමක් හෝ වාහනයක් ඇති සියල්ලෝම දනිති. ඒ බාප්පලා හෙවත් ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ය. ඉහත ප්‍රකාශය පිළිබඳව ජීවිතේට අනුන්ගේවත් වාහනයක් පදවා නැති අය මෙසේ කියනු ඇත. 

"ඔවුන් සිටින්නේ නීතිය ආරක්ෂා කර එමගින් මහජනයාගේ ජීවිත සුරක්ෂිත කිරීමටය. කොටින්ම ඔවුන් නැත්නම් ලංකාවේ රියැදුරන්ගේ විනය මීටත් වඩා දරුණු ලෙස පිරිහෙනු ඇත. නීතිගරුක, විනය ගරුක රියැදුරෙකුට කිසිදා ඔවුන්ගෙන් බාධාවක් ඇති නොවන අතරම ඔවුන් කෙරෙහි අප්‍රසාදයක් ඇති නොවනු ඇත...!"

මමද කාලයක් ඔය මතයේ සිටියෙක්මි. එහෙත් දැන් නම් ඒ ගැන සරලව කීමට ඇත්තේ "ආච්චිගෙ රෙද්ද!" කියා ය. 

ඔවුන් පිළිබඳ යථාර්ථය අවබෝධ කිරීමට දීර්ඝ කාලීන රියැදුරු අත්දැකීම් වුවමනාය.

ඊට හේතු බොහෝය.

එක් ප්‍රබල හේතුවක් නම් සැබෑ ලෙසම වරදක් නොකළ රියැදුරන් පවා සිය අභිප්‍රාය මත රස්තියාදු කිරීමය. මෙවැනි අත්දැකීම් රාශියක් පෞද්ගලිකව මට ඇත. වරදට දඬුවම් කර යළි එම වරද යම් රියදුරෙක් අතින් සිදුවීම වැලැක්වීමට වඩා ඔවුන්ට ඇත්තේ හුදෙක් සිය බල පරාක්‍රමය පෙන්වීමට ඇති පහත් රුචිකත්වයක් හා දඩ මුදලක් නියම කිරීම මගින් ලැබෙන කොමිස් කුට්ටිය පිලිබඳ ලොබ බැඳි ආශාවකි. 

දිනක් මා ව්‍යායාම පිණිස මුහුදු වෙරළ අයිනේ වාහනය නැවැත්වූ විට මට පෙනී ගියේ මීට මීටර 50ක් පමණ එහා වඩාත් ඉඩ පහසුකම් ඇති තැනක වාහනය ආරක්ෂිතව ගාල් කළ හැකි බවය. යළි රථය පණගන්වා මදක් ඉදිරියට ධාවනය කළෙමි.

යළි නැවැත්වීමට අදහස් කරන ස්ථානය දෑස් මානයේ තිබූ නිසා මා ආසන පටිය පැළඳුවේ නැත. නමුත් කොහේදෝ සිට පැමිණි බාප්පලා දෙදෙනෙක් මා ආසන පටි පැළඳ නැතැයි කියමින් මගෙන් දඩ මුදලක් කඩා ගැනීමේ අභිරුචියෙන් වාහනය නවත්වා ඉන් බසින විටම මා අභියස 'බලාපොරොත්තු සහගතව' පෙනී සිටියහ. ඔවුන්ට අනුව මා මගේම දිවි නසාගැනීමට තැත්කළ මහා අපරාධකරුවෙකි.

එහෙත් නීතිය කෙසේ වෙතත් ප්‍රායෝගිකව අදාල අවස්ථාවේ මා ආසන පටි පැළඳීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව මා තාක්ෂණික හේතු ඉදිරිපත් කරමින් පැහැදිළි කළෙමි.



ආසන පටි පැළඳීමේ වැදගත්ම අවශ්‍යතාව වන්නේ එය පැළඳ නැත්නම් අනතුරකදී ක්‍රියාත්මක වන වායු බැලූන හෙවත් 'එයාර් බෑග්' ක්‍රියා විරහිත වීමය. මෙයට හේතු 2කි.
  1. ආසන පටි පැළඳ නැතිවිට ක්‍රියාත්මක වූයේ නම් පිම්බුණු වායු බැලූනය මගින් මුහුණ මත ඇතිකරන බලය හේතුවෙන් හිස පිටුපසට ක්ෂණිකව ගැස්සීම නිසා හානිය අවම වීම වෙනුවට ජීවිත අවදානම තවත් ඉහළ යාම.
  2. ඇතැම් දරුණු අනතුරු වලදී රියැදුරු හෝ මගියා ඉදිරිපස වීදුරුව හෙවත් වින්ඩ්ස්ක්‍රීනය කඩාගෙන ඉදිරියට විසිවීම. මෙනිසා ආසන පටි පැළඳ නැත්නම් එයාර් බෑග්හි නිසි ප්‍රයෝජනය නොලැබී යාම.
ඉහත හේතූන් (විශේෂයෙන්ම අංක 1) නිසා ආසන පටි පැළඳ නැත්නම් වාහනයේ පරිගණකය මගින් අදාල එයාර් බෑග් එක ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත කරනු ලැබේ.

කෙසේ වෙතත් ආසන පටි පැළඳ සිටීමම අනතුරකදී එය ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නොවේ. එය කෙරෙහි අනිවාර්යයෙන්ම ඝට්ටනයේ තීව්‍රතාව ආදී වෙනස් කාරණාද රාශියක් බලපවත්වයි.



ඉංග්‍රීසි අකුරු සහිත අංක දරණ වාහන වලට පමණක් ආසන පටි නීතිය ලංකාවේදී අදාල වන්නේ, එයාර් බෑග් සහිත වාහන බහුල වශයෙන් ලංකාවේ භාවිතය ජනප්‍රිය වන්නේ එම අංකනය හඳුන්වා දුන් වර්ෂ 2000 පමණ කාලවකවානුවේ සිට වීම නිසා ය. ඒ අනුව මේ අපූරු නීතිය, එයාර් බෑග් සහිත වුවත් 300-, 301-  හෝ 64-, 65- වැනි මෝටර් රථ වලට බලපානේ නැත!  

මා ධාවනය කළේ ඉතා කෙටි දුරකි. ක්ෂණිකව ත්වරණය කර අඩු කාලයකදී උපරිම වේගයට ළඟා විය හැකි අධි බල රේසින් වර්ගයේ නොවූ සාමාන්‍ය මෝටර් රථයක් වූ මගේ මෝටර් රථය, මීටර් 50ක දුරක් ධාවනය කිරීමේදී ළඟා විය හැකි උපරිම වේගය පැ.කි.මී. 40-50ක් පමණය. නමුත් මා ධාවනය කළේ පැ,කි.මී. 30ට අඩු වේගයකිනි. මෙවැනි වේගයකදී ආසන පටි පැළඳ සිටියත් එයාර් බෑග් ක්‍රියාත්මක නොවේ. 

නමුත් මේ ප්‍රායෝගිය යතාර්ථය හෝ මගේ තර්කනයේ තාක්ෂණික වලංගු භාවය ඔවුන්ට වැදගත් නොවීය. ඔවුන්ට අවශ‍ය වූයේ නීතිය අන්තවාදීව ක්‍රියාත්මක කොට මගෙන් රජයට හා ඔවුන්ට පෞද්ගලිකව මුදලක් කඩා ගැනීම පමණකි. එතැනදී ඔවුන් මගේ ජීවිතයට ආදරයෙන් එසේ කළා යයි කීම මොන විහිළුවක්ද?    

මොවුන් බලා සිටියදී කඩ ඉරි යොදා බෙදා ඇති මාර්ගයේ වාහනයක් ඉස්සර කිරීම හෝ පොලිස් වාහනයක් නිවැරදි ලෙස ඉස්සර කිරීම අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බව මේ 'නීතිය රැකීමට සිටින සුර දූතයන්' කීප වරක්ම මට ඔප්පු කර පෙන්වා ඇත.

මොවුන්ගේ තවත් මට පෙන්නන්නට බැරි දුර්ගුණයක් නම් මිනිස්සුන්ට කතා කරන්නට දන්නේ නැති වීමයි. මෙය තනිකරම නූගත්කම හා පසුගාමී ආකල්ප හා බැඳී පවතින්නක් බව මම වසර ගණනක් පුරා අත්විඳිමි. සිය නිළ ඇඳුම හමුවේ මොන තරාතිරමේ උගත් / වැදගත් / නීතිගරුක / විනයගරුක වුවත් සියළු පුරවැසියන් නිවට නියාළු ලෙස දෙකට නැමෙමින් 'සර්' කියමින් භය පක්ෂපාතීත්වය පළ කළ යුතු බව මොවුහු උදක්ම විශ්වාස කරති. 

නමුත් සියළුම තරාතිරමේ - නූගත් ප්‍රාදේශීය සිට ඇමැටි දක්වා දේශපාලුවන් හා උන්ගේ බත්බැලයන් හමුවේ මේ ගාම්භීර ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනු දැක ඇත්තෙමි. කොටින්ම මොවුන්ගේ සද්ද සියල්ලම පොඩි මිනිහාටය. අමාරුවෙන් මිලියනයක දෙකක වාහනයක් දුවන මධ්‍යම පාන්තිකයාටය. වාහනයේ වටිනාකම මිලියන 5ට වැඩිනම්, වර්ගය ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ, මොන්ටේරෝ, බෙන්z, බී.එම්.ඩබ්ලිව්,වොල්වෝ, අවුඩි නම් දෑස් ඉදිරිපිටම මොන තරම් වෙට්ටු දැම්මත් ඒවා නවත්වා එහි සිටින ප්‍රභූන්ගේ වටිනා කාලය කා දැමීමට මොවුන්ට සිත් නොදේ.

පගා සහ කප්පම් ගැනීම පිළිබඳව කප් ගසා ඇත.

එකී මෙකී කාරණා රාශියක් නිසා වාහන පදවන්නන්ගෙන් 90% කටම මෙන්ම මටද බාප්පලා හිසරදයකි.

ලංකාවේ රියැදුරන්ගේ විනය පිළිබඳව මා සෑහීමට පත් නොවෙතත්, දිනපතාම ඔවුන්ගේ ක්‍රියාකළාපය හේතුවෙන් ලේ පයින්ට් එකක් විතර පිච්චුනත් එක සැනසීමක් මට ඇත. ඒ නම් ලංකාවේ රියැදුරන් අතර ප්‍රචලිත, බාප්පලා ඉදිරියෙන් සිටින බව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණෙන අන් රියදුරන්ට දැන්වීමේ 'හෙඩ් ලයිට්' සම්මුතියයි.

දිනපතාම මා බාප්පලාට අසු නොවීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දී ඉදිරියට ගමන් කරන විට තරාතිරම නොබලා හමුවන සෑම වාහනයකටම ප්‍රධාන ලාම්පුව දල්වා "ඉස්සරහ බාප්ප්ලා. අහුවෙන්න එපා." යයි අනතුරු හඟවමි. අවම වශයෙන් කිලෝමීටරයක් වත් යනතුරු මා එසේ කරන විට සිතට දැනෙන්නේ පුදුම සතුටකි. මා අහිංසකයෙක් මරුකටකින් බේරා ගත්තා වැනි හැඟීමකි. මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඒ බාප්පලාගේ දවසම මස්තපාදු වෙන්ට - එකදු අහිංසකයෙක්වත් අහුවෙන්ට එපා ය කියා ය.

අන් රියදුරන් මා පසුකර යනවිට කෘතඥතාව පළකිරීමට නළාව නාද කරනු ඇසීම මගේ තෘප්තිමත් භාවය උපරිම කරවයි.

ළඟින් යන වෙන අත්දැකීමක්  කාට කියන්නද මේ අවනඩුව....? 

29 comments:

  1. "දිනපතාම මා බාප්පලාට අසු නොවීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දී ඉදිරියට ගමන් කරන විට තරාතිරම නොබලා හමුවන සෑම වාහනයකටම ප්‍රධාන ලාම්පුව දල්වා "ඉස්සරහ බාප්ප්ලා. අහුවෙන්න එපා." යයි අනතුරු හඟවමි. අවම වශයෙන් කිලෝමීටරයක් වත් යනතුරු මා එසේ කරන විට සිතට දැනෙන්නේ පුදුම සතුටකි. මා අහිංසකයෙක් මරුකටකින් බේරා ගත්තා වැනි හැඟීමකි. මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඒ බාප්පලාගේ දවසම මස්තපාදු වෙන්ට - එකදු අහිංසකයෙක්වත් අහුවෙන්ට එපා ය කියා ය."
    +++++++++++++++++++++++++++++++++++++++++++++
    මේක මගෙත් පුරුද්දක් .....ලැබෙන සතුට කියා නිමක් නැ .....
    මටත් බාප්පලා නම් අරහං ...පුදුම ගදක් තියෙන්නේ ලගින් ගියත්..
    සමහරවිට මුන්ගේ නිල ඇදුමේ පාටත් (ගූ පාට) බලපානවද දන්නේ නැ ...

    ReplyDelete
  2. අල්ලල දෙන්න ඕන පොලෝසියට මේකව

    ReplyDelete
    Replies
    1. අල්ලලා දෙන්න පුළුවන් හරිම ලේසියෙන්. මෙයා ඉන්නෙත් ඔයාගේ අතේ දුරින්.

      Delete
  3. මොනා කරන්නද.. මාත් ඔය හෙඩ් ලයිට් සම්මුතියට කැමතියි... ඇත්තටම ට්‍රාෆික් බාප්පලා මේ තරම් පිරිහෙන්න හේතුව මොකද්ද... දවසක් අපේ මහත්තයගේ ලයිසන් එකේ ලැමිනේට් එක ගලෝලා.. එහෙම විතරලු හොයන්න පුළුවන් හොර එකක්ද කියලා.. මෙයාට යකා වැහිලා ගෙදර ආවේ... පස්සේ දඩේ ගෙවල ලයිසන් එක ගනිද්දි එහෙමම එනට්‍රියකුත් දාගෙන ආවා පොලිසියෙන්මයි මේක ගැලෙව්වේ කියලා.. එතන උන් බයිනවලු පොලිසියෙ එකාට... බැන්නා කියලා වඩක් තියෙනවයැ...

    ReplyDelete
    Replies
    1. මගෙත් තියෙන්නෙ 2002 දී නිකුත් කරපු පරණ ලැයිසොමක්. ඒකෙ දැන් සුදු ප්ලාස්ටික් කාඩ් එක විතරයි. අකුරු ටික පර්ස් එකේ. කියලා වැඩක් නෑ කොලිටිය.

      Delete
  4. මමත් පුරුද්දක් වශයෙන් කරන වැඩක් ඕක. නමුත් දවසක් මම අනු නමයෙන් බේරුනේ ඔය ලයිට් ගහන්න ගිහින් එදා නුවර ගම්පොල පාරේ ට්‍රැෆික් මහත්තුරු කාණ්ඩ 3ක් හිටියා 1/2km වගේ දුර වලින්. ඔය විදිහට ලයිට් ගහපු හැමෝම අල්ලලා නඩු දැම්ම. දන්නවද නීතිය "රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරියට බාදා කිරිම".

    ReplyDelete
    Replies
    1. එක හරි අම්මගෙ නිතියක් නෙ .හෙඩ් ලයිට් දැම්මම උන්ගෙ රජකාරියට බාදා වෙන්නෙ කොහොමද.නඩු කිව්වොත් උන් පරදිනව.උන් ලින්නෙ හොරාට හැන්ගිල ඉදන් වැරදිකරන් එවුන් අල්ලන්න නෙමෙයි.වැරදි කිරිම අවම කරවන්න.මම දන්න විදියට සමහර රටවල ඉස්සරහින් පොලිස් ඉන්නව වෙග මාපක තියෙනව කියල සලකුනු කරනව.රියදුරන්ට වැරදි නොකර යන්න

      Delete
  5. පොලිස් කාරයො ඔහොමම තමා,කියකට හරි කොටන්න තමා බලන්නේ.ඉස්කෝලේ අටවසරට ගිහින් මිනිස්සු ගොඩකට කියල සර් කියවගන්න තියන එකම රස්සාවනේ.සමහර රාලල අඩුගානේ ලයිෂන් එකේ තියන නමවත් කියන්න දන්නෙ නැහැ.එකත් රියදුරාගේ පිහිට තමා.

    ReplyDelete
  6. රාජ්‍ය රකින මුර බල්ෙලා හැටියට තමයි සමාජවාදෙය්දී ඔවුං හදුන්වන්ෙන. අෙන් අප්ප මුන් බල්ෙලාම තමයි.

    ReplyDelete
  7. Appoo mathak karanna epa...!
    Mata paare gaman epaa uneth okayi. Dan yanne Dumriye. Dawasak mama andurana Dumriya Riyaduru mahaththayek traffic police kenekuta ela wadak kara. Eda nam apita bada palenakal hina :-D

    ReplyDelete
  8. Appoo mathak karanna epa...!
    Mata paare gaman epaa uneth okayi. Dan yanne Dumriye. Dawasak mama andurana Dumriya Riyaduru mahaththayek traffic police kenekuta ela wadak kara. Eda nam apita bada palenakal hina :-D

    ReplyDelete
  9. කාලෙකට ඉස්සර ලයිට් ගහලා මමත් බාප්පලාට මාට්ටු උනා.හැබැයි මගෙන් කන් පිරෙන්න අහගත්තා උන් දෙන්නා. මම උන්ට කියලා දුන්නා ඇයි මම එහෙම කලේ කියලා. මම කිව්වා අධික වේගයෙන් එන වාහනයක් ස්ලෝ කරවන්න තියෙන් හොඳම ක්‍රමය ලයිට් ගහන එක. යම් විධියකින් මම එහෙම කරේ නැත්නම් බාප්පලා ඉන්න තැනට එන්න කළින් රිය අනතුඅරකට ලක් උනානම් මරණ කීපයකින් කෙළවර වෙන්න තිබුනා කිඅයලත් උන්ට කිව්වා. පුළුවන්නම් නඩු දාන්න..මම මේ ටික උසාවියට කිඅයලා මම මේ දේ කලේ සත් භාවයෙන් අනතුරක් වලක්වාගැනීමට කියලා ඔප්පු කරනවා කියලත් කිව්වා....උන් ටිකක් ගෙම්බර් දැම්මා...ඒකාලේ යමක් කමක් කරන්න පුළුවන් පට්ටමක් තිබුන හින්දා උන් මට යන්න දුන්නා...

    ReplyDelete
    Replies
    1. ..//.ඒකාලේ යමක් කමක් කරන්න පුළුවන් පට්ටමක් තිබුන හින්දා උන් මට යන්න දුන්නා...//...

      කොච්චර නීතිය ගැන දනන් හිටියත් කට වගේම පට්ටමත් තිබුන්නැත්නම් සොරි තමා.

      Delete
  10. පොලිසියේ මූලික පරිපාලන කටයුතු ලංකාවෙදි වෙන ආකාරය ස්වාධීන නැහැ. මේක ස්වාධීන කරන්න රනිල් වික්‍රමසිංහ රජය උත්සාහ කලා. නමුත් පසුව ඒක වෙනස් වුනා.
    අයියෝ ඕව කරන්න ඕනි නැහැ.. මේ පොලිස් කාරයො ටික හිරේ දැම්ම නම් හරි කියලා කෙනෙක් හිතනවා ඇති.
    තනි සිද්ධියක් හෝ තනි කොටසකින් අපිට පාලනය කරන්න බැරි උවදුරක් මේක. ඒ සඳහා සමස්ථ දෙපාර්ථමේන්තු පරිපාලනයම විනයගත නව පද්ධතියකට අනුකූල වෙන්න ඕනි.

    කොහොම වුනත් ඔය කියන ජාතියෙ පොලිස් කොමිසන් වලටත් ගොඩක් අය ඇත්තටම කැමති නැහැ. එක පැත්තකින් අපිට අපේ එකෙක් පොලිසියෙන් කුදලාගෙන ගියාම ඌව නිදහස් කරගන්න හිල් තියෙන්නත් ඕනි. අනික් පැත්තෙන් අපිට වදදෙන ට්‍රැපික් කාරයො නැතිවෙලා හොද ටැපික් කාරයො එන්න ඕනි. ඔය දෙකම එකපාර තියෙන්න පුළුවන් හොදම විදියට තමයි මේ තියෙන්නෙ.

    ReplyDelete
  11. .......//මොවුන් බලා සිටියදී කඩ ඉරි යොදා බෙදා ඇති මාර්ගයේ වාහනයක් ඉස්සර කිරීම හෝ පොලිස් වාහනයක් නිවැරදි ලෙස ඉස්සර කිරීම අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බව මේ 'නීතිය රැකීමට සිටින සුර දූතයන්' කීප වරක්ම මට ඔප්පු කර පෙන්වා ඇත.//....

    කියලා වැඩක් නෑ. මාත් ගිය මාසේ ඔහොම දඩයක් ගෙව්වා. මං උන්ට බැන්නා කියල දඩකොලේ දුන්නේ උසාවි දිනේකුත් දාලා. ඒක අතට ගන්නකොටත් "තමුසෙලට හෙනගහනවා" කියලයි අතට ගත්තෙ. ෆෝන් එකේ රෙකොර්ඩිනුත් ඕන කළා. උන් ඉස්සරහම එතන ෆොටෝ දෙක තුනකුත් ගත්තා. පස්සේ මාමා ඕක දැනගෙන එයාම ගිහින් දඩෙත් ගෙවලා ශේප් කරලා දැම්මා. අර ඕඩියෝ ක්ලිප් එකයි ෆොටෝ ටිකයි මතු ආරක්ෂාවට තියාගත්තා. දන්නවනේ ලංකාවේ හැටි.

    ඔය නීතිය බරපතලම විදියට බලපාන්නෙ ත්‍රීවීල් වලට. ඊළඟට බයික්.

    ------------
    පෝස්ට් එකට ලින්ක් එකක් දානකොට අදාළ වාක්‍යය සිලෙක්ට් කරලා "link" කියන ඒක දෙන්න. <a href=... කියල දාන්න ඕනි කමෙන්ට් එකකට විතරයි.

    මේ දේවල් ඔයා දැනටම දන්න අතපසු වීමක් නිසා කරන්න බැරි වෙච්ච දෙයක් වෙන්න ඇති. මං ලොකු කමකට දැම්මා කියලනම් හිතන්නෙපා සහෝ.
    අදමයි මේ පැත්තේ ආවේ. පොදු මාතෘකාවක් නිසා ඇදිලා ආවා කියලා කිව්වොත් නිවැරදියි. :D ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ආහ්..ලික් එකේ කේස් එක ඔය කිව්වමයි දැක්කේ. කළබලේට වෙච්ච වැඩක්. බොහොම ස්තුතියි පෙන්වා දීමට.පරිගණක විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් වුනත් ඔබේ පෙන්වාදීම මම නිහතමානීව මහත් සැලකිල්ලෙන් භාර ගන්නවා. (ඕක තමයි කියන්නේ ගුරුන්ටත් අකුරු වරදී කියලා)

      Delete
  12. නුවරඑළියෙ පාරවල්වල නම් හෙඩ්ලයිට් ගහන අය අල්ලන්න එක ළඟ පොලිසිය ඉන්නවා. එක කට්ටියක් දැකලා හෙඩ් ලයිට් ගැහුවම ඊට එහායින් ඉන්න දෙන්නා දකිනවා. නවත්තලා දඩ කොළ දෙන ගමන් කියනවා හෙඩ් ගහන්න එපා කියලාත්.

    ReplyDelete
    Replies
    1. හෙඩ් ලයිට් ගැහුවා කියා වරදක් ඒ දඩ කොළයේ නෑ රොෂාන්. ඇල්ලුවොත් වෙන වරදකට තමා දඩ කොළය දෙන්නේ.

      Delete
    2. ඇත්ත.. ඒ අයට වැරදි මවන්නත් පුලුවන්නෙ.

      Delete
  13. හෙඩ් ලයිට් ගහලා කියලා මාවත් එක දවසක් ඇල්ලුවා. මගෙන් ඇහුවා හෙඩ් ලයිට් ගැගුවද කියලා. මම කිව්වා ඔව් කියලා. එහෙනම් ලයිසන් ගන්න කිව්වා. මොකටද ඇහුවම හෙඩ් ලයිට් ගහපු එකටලු. මම කිව්වා යාලුවෙකුට හෙඩ් ලයිට් ගහන්න බැරිද මාර කතාවක්නේ කියන්නේ කියලා. එයා කිව්වා නඩු දානවා කියලා. නඩු දාන්න බැරිනම් ඕන කෙහෙල් මලක් කරගන්න කියලා මම ගියා. යික දුරයි ගියේ ආයෙත් ඇල්ලුවා. තමුසෙ ට්‍රැෆික් සාජන් එක්ක කොක්කක් දාගෙන නේද අවේ කියලා. මම කිව්වා කොක්කක් දාගත්තේ නෑ. යාළුවෙකුට හෙඩ් එක ගහලා ඒකට ඇල්ලුවා, එයා මට නඩු දානවා කිව්වා. මේ ටිකට නඩුව දාලත් ඉවරද කියලා. ඌටත් අර ක්ලතාවම කියලා මම ගියා. අද වෙනකන් නඩු නෑ..

    ReplyDelete
    Replies
    1. ++++++
      හෙඩ් ලයිට් ගැහුවට නඩු දාන්න බෑ. ඒත දන්න එකා බේරිලා යනවා. ඒත් කෙළිය තියෙන්නේ අපේ අහුවෙන බහුතරයකගේ වෙනත් වැරදි තියනවා. ඒවට තමා නඩු දාන්නේ.

      Delete
  14. සංවේදීගේ මේ පෝස්ට් එකට මා එකඟ නෑ. බාප්පලා පගාව ඉල්ලුවත් දෙන්නේ කවුද අපිම නේද. අපේ මොනයම් හෝ වරදකට අහුවුණොත් අපි බලන්නෙත් කියක් හෝ දී මාරුවෙන්න. මේක නීතියේ වැරැද්දක්. යාපනේ ගිහින් එහේ ඉර කපා අහු වුණත් දඩය ගෙවන්න ආයිමත් එහේටම යන්න වෙනවා. එයින් ගැලවෙන්න කියක් හෝ ගෙවා යන්න අප පගා දෙනවා. ඒ නිසා ඔවුන් ගන්නවා. වරද කළා. අහු වුණා. එතැනම විදිමත් නිත්‍යානුකූල ක්‍රමයකට දඩය ගෙවා යන්න හැකිනම් වරදවල් කරන අයත් අඩුවෙයි.පගා ක්‍රමයත් නැතිවෙයි.
    අමතක නොකරන්න ඒ අය කරන්නෙත් රාජකාරියක්.
    පාරේ ඉන්න රාලහාමි දවසට නඩු 20ක් නොගෙනාවොත් ඌට මේ මාසේ නිවාඩු යන්න නෑ. ඒ පීඩනේම සංවේදීව හිතා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්. එකඟ නොවෙන්න ඔබට අයිතියක් තියෙනවා. මම ඒකට ගරු කරනවා. මිනිස්සුන්ගෙ අදහස් විවිධයි නේ. :)

      Delete
  15. //සිය නිළ ඇඳුම හමුවේ මොන තරාතිරමේ උගත් / වැදගත් / නීතිගරුක / විනයගරුක වුවත් සියළු පුරවැසියන් නිවට නියාළු ලෙස දෙකට නැමෙමින් 'සර්' කියමින් භය පක්ෂපාතීත්වය පළ කළ යුතු බව මොවුහු උදක්ම විශ්වාස කරති//

    සහතික ඇත්ත , මට ඔය ගැන අත්දැකීම් දෙකතුනක්ම තියනවා

    දවස් තුනකට කලින් යාළුවෙක් දක්කාගන ආපු හන්දා එකට බෝතල් හතරක් ගහපු එකෙක් , ( අපි ගෙනාපු බෝතල් හතරෙන් තුනකම මූඩිය ඇරියේ ඌ ) එහා පැත්ත පේනේ නැති අතුරු පාරක පාර මැද්දේ බයික් එක නතර කරගන තව බයික් කාරයෙක් එක්ක හෙන කතාවක් , යන්ඩ ඉඩ නැති හන්දා බයික් එක නවත්තපු මං පොර දිහා බැලුවහම තමයි කවුද කියලා අදුර ගත්තේ , කලින් දවසේ බදාගන මගේ මූනත් ඉඹලා කටපුරා මල්ලියා කියාපු හන්දා මම කියුවා

    '' අයියේ වැඩට යන ගමං , කෝ ඔයා මාව බලන්ඩ එනවා කියුවට ආවේ නෑනේ ''

    කියලා , මු එකපාරටම කියපි , ''

    කොහොමද -ත්තෝ තොට මං අයියා උනේ , පේන්නේ නැති තැනක හොන් එක ගහන්ඩ දන්නේ නැද්ද ''

    කියලා , මම පොරට කියුවා

    '' ඔයාට ඇහුනේ නැද්ද මම හෝන් කරනවා ''

    ''දිපං ලයිසන් එක ''

    යුනි‍ෆොම් ඇදගන උන්න හන්දා ලයිසන් එක දුන්නහම මූ කෝට් එකේ සාක්කුවට දාගත්තා


    '' අයියේ ලයිසන් එක දෙන්න ''

    '' දහයෙන් පස්සේ පොලිසියට ඇවිත් ගනින් ''

    මොකවත් නොකියා එතනින් ටිකක් එහාට ගිය මං , ගත්තා යාළුවට කෝල් එකක් , ඌගේ ජාතිය ඉස්සෙල්ලම අමතලා එහෙම වෙච්ච සීන් එක කියුවා ,

    ''උඹ යන්න එපා පොලිසියට . මම ලයිසන් එක ගෙනත් දෙන්න කියලා කියන්නං''

    පැය දෙකක් යන්න කලින් පොර මම ඉන්න තැනට ඇවිත් මාත් එක්ක හොදට කතා කරලා ලයිසන් එකත් දීලා යන්න ගියා .

    වල් බල්ලෝ



    //දිනපතාම ඔවුන්ගේ ක්‍රියාකළාපය හේතුවෙන් ලේ පයින්ට් එකක් විතර පිච්චුනත් එක සැනසීමක් මට ඇත. ඒ නම් ලංකාවේ රියැදුරන් අතර ප්‍රචලිත, බාප්පලා ඉදිරියෙන් සිටින බව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණෙන අන් රියදුරන්ට දැන්වීමේ 'හෙඩ් ලයිට්' සම්මුතියයි.//

    එහෙම ඉස්සරහා ඉන්න එකාට කියුවහම පොර දක්වන ප්‍රතිචාරය දැකු්කහම මාර සතුටක් ඇති වෙනවා

    ReplyDelete
  16. අයියගෙ ලියන විදියෙ වෙනසක් දැනෙනව. ආසාවෙන් කියවන්න පුළුවන්. වෙනසකටත් එක්ක අයියට කතාවක් ලියන්න පුළුවන්ද අපිට කියවන්නත් එක්ක. මම වැඩිය බ්ලොග් කියවන කෙනෙක් නෙමෙයි. දෙතුන් දෙනයි දන්නෙත්.අයිය කෙටිකතාවක් ලිව්වොත් විතරක් ඒක මට මේල් කරන්න. මොකද මම නිතර බ්ලොග් ඇසුරෙ ඉන්න කෙනෙක් නෙවේනෙ..

    sulaedr@gmail.com

    ReplyDelete
  17. පාර බලාගෙන යනවට අමතරව ඔය යක්කු කොහේ කොහේ හැංගිල ඉන්නවද කියලත් අවධානයෙන් යන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න ඇති පහු ගිය දවස් වල අනතුරු වලට හේතුව :D

      Delete
  18. සංවේදී මෙන්න මම ලියපු පොලිස් කතා වලින් එකම එකක්. මීට යාබද පොස්ට් වල අනිත්වා ඇති.

    සිංහලෙන් (Wordpress)
    52. තවත් පොලිස් කතා තුනක්: #2. ‘මම නිකං බැලුවෙ’

    ඉංග්‍රීසියෙන් (Blogger)
    37. Close Encounters Of The Cops Kind - Three More Cop Stories: #2 NICE TRY, DUDE!! E

    ReplyDelete