Friday, July 19, 2013

පුනර්භවය පට්ටපල් බොරුවක්....?

පුනර්භවය පට්ටපල් බොරුවක් කියනා හිතවත් භෞතිකවාදී සොයුරාට සහ ලංකාවේ භෞතිකවාදීන්ට / සමාජවාදීන්ට ආදරයෙන්...



පර්යේෂකයින් ලෝකය පුරාම සොයාගත් පුනර්භව සාධක 11,000 කට අධික ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා. විශේෂත්වය වන්නේ මේ පර්යේෂණ කරලා තියෙන අය සියල්ලන්ම බටහිර අබෞද්ධ පර්යේෂකයින්. ඇතැම් අය උපතින්ම භක්තිමත් ක්‍රිස්තු භක්තිකයන්. පුනර්භවයක් නැත කියන්න තිබෙන්නේ තර්කනය පමණයි. නමුත් එවැන්නක් තිබෙනවා කියන්නට ලොව පිළිගත් පර්යේෂයින් විසින් පර්යේෂ පත්‍රිකා 8,000 කට අධික පමණක් ජාත්‍යන්තර ජර්නල වල පළ කොට තිබෙනවා. 

මේ ගැන ඔවැනි අදහසක් ඇති වන්නට ප්‍රධාන හේතුව තමයි ආසියාතික රටවල මිනිසුන් මුදල් හෝ ප්‍රසිද්ධිය තකා තමන්ට පෙර භවය මතක යයි පවසන අතේ රෝල් පට්ට පල් බොරු. නමුත් පුනර්භවයක් ගැන අසාවත් නැති බටහිර රටවල දේවභක්තිකයින් විසින් පවසා තිබෙන කරුණුවල සත්‍යතාව පර්යේෂයින් විසින් අදාල ස්ථානවලට ගොස් ඔවුන් කිසිදිනක ගොස් නැති ස්ථානවල භෞතික වස්තුවල පිහිටීම සහ කිසිදින හමුවී නැති, ඇතැම් විට සම්පූර්ණයෙන්ම වෙනස් භාෂාවක් කතාකරන පුද්ගලයින් පිළිබඳ කරුණු නිවැරදි බව සනාථ කොට තිබෙනවා.
උදාහරණයක් ලෙසට, පුනර්භවය කියන්නා විසින් කියන ලද එක් ස්ථානයක වසා දැමුනු ළිඳක් (එය පර්යේෂකයින්ට නිරීක්ෂණය වී නැති තරමටම ආවරණය කර උඩින් කොන්ක්‍රීට් සහ පස් යොදා වසන ලද්දක්.) පිළිබඳව අදාල කරුණු සත්‍ය බව නිවැසියන් සනාථ කොට තිබෙනවා. මීට අමතරව ඇතැම් පුද්ගලයින් කිසිදා හෙළි නොකළ රහස් පුනර්භව කියන්නන් විසින් හෙළිකොට ඒ බව එම රහසට සම්බන්ධ වෙනත් පුද්ගලයින් පිළිගෙන තිබෙනවා. මීට අමතරව ඉතාම පෞද්ගලික අන්වර්ථ නාම, සුරතල් නම් සහ කෙටි නම් වලින් ඉන් පෙර කිසිදා හමු නොවූ පුද්ගලයින්ට අමතා තිබෙනවා.

ඇතැම් දරුවන් පවුලේ කිසිවෙකු නොදන්නා විදෙස් භාෂාවලින් කතාකොට තිබෙනවා.

ඔබ දන්නවාද 'අරණකට පෙම් බැඳිමි' සහ 'මාවතේ ගීතය', 'අපරාජිත ජීවිතයක්', 'අපූගේ ලෝකය' යන කෘති වංග බසින් සිංහලයට පරිවර්තනය කළ (මේවායේ මුළ් කතුවරයා විභූතිභූෂණ බන්ධ්‍යෝත්ප්‍යාය නම් වංග ලේඛකයෙක්.) චින්තා ලක්ෂ්මි සිංහාරච්චි මහත්මිය වයස අවුරුදු 5 දී වංග බසින් ලියැවුණු පුවත්පත් ලිපියක් ලියැවී තිබූ භාෂාව නිවැරදිව හඳුනා ගත් බව? මීට පෙර ඇය කිසි දිනෙක එවැනි භාෂාවක් මිහිපිට ඇති බව හෝ දැනසිට නැහැ. මේ බව ඇය විසින්ම ලියා තිබෙන අතරම ඇගේ පියා විසින්ද සනාථ කර තිබෙනවා. (ඇය විසින් මෙම පුවත්වත් කැබැල්ල සුරැකිව තබාගෙන එය පසුකාලීනව වංග භාශාව දත් පුද්ගලයෙකුට ඉදිරිපත් කරනු ලැබුවා.) ඇගේ වංග භාෂාව ඉගෙනීමේ ශීඝ්‍රතාවය ඉතාම අසාමාන්‍ය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇගේ මහාචාර්යවරයා සාක්ෂි දරනවා. 

එපමණක් නොව, ඇය සහ ඇගේ සැමියා වරක් ඉන්දියාවේදී වංග බස කතාකරන ලේඛකයෙකු හමුවූ විට ඇය කිසිදින කථාකර නොතිබූ එම භාෂාව ඉතාම චතුර ලෙස කතාකළ බව එම ලේඛකයා මෙන්ම ඇගේ සැමියාද සාක්ෂි සපයනවා. එම ලේඛකයා පසුව එම දෙපළට පවසා තිබුණේ 

"මා සිතුවේ ඇය උපතින්ම වංග දේශයේ ඉපදී හැදී වැඩුණු පුද්ගලයෙකු බවයි..."!

ඔබ දන්නවාද, අද ජාත්‍යන්තර සමාගමක ඉලෙක්ට්‍රොනික සහ රොබෝ ඉංජිනේරු විද්‍යාව විශේෂඥ ඉංජිනේරුමය උපදේශකයෙකු වන මම පළමුවරට සංකීර්ණ යාන්ත්‍රණයක් වටහා ගත්තේ වයස අවුරුදු 4 දී බව? අපේ ගමේ ප්‍රභූ නිවසේ (වැවේ ගෙදර) ගුවන් විදුලි යන්ත්‍රය අළුත්වැඩියා කළේ වයස අවුරුදු 5දී බව...? අපේ පවුලේ හෝ මාතර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගමේ කිසිම කෙනෙක් ඒ දුර්ලභ තාක්ෂණ දැන සිටියේ නෑ. 

මගේ තාත්තා කලාකාරයෙක්. ඔහු තාක්ෂණය පිළිබඳ මළපොතේ අකුරක් දන්නේ නෑ. ඔහු සහ මගේ අම්මා යන දෙන්නාම ගණිතය සහ ඉංග්‍රීසි භාෂාවට අතිශයින්ම දුර්වලයි. නමුත් මා කුඩා කල සිටම ඒ විශයන් දෙකට පුදුමාකාර ලෙස ලෙන්ගතුයි සහ දක්ෂයි. ඒ විෂයන් වල විභාග වලට කළින් දවසේ මා පොතක් අතින් අල්ලන්නේවත් නෑ. නමුත් හැමදාම වැඩිම ළකුණු. සාමාන්‍ය පෙළ ගණිතයට 100% යි. 
අද දක්වාම අපේ පවුලේ කිසිම දෙනෙකුට පිහිටා නැති සමහර ක්ෂේත්‍ර වලට මා විශේෂ දක්ෂතා දක්වා තිබෙනවා. 

මොරටුව සරසවියේ මා හැදැරූ පශ්චාත් උපාධියට තෝරාගන්නා ලැබුයේ ලංකාවේ අපේක්ෂකයින්ගෙන් ඉතාම විශිෂ්ට ලෙස ප්‍රථම උපාධිය සමත් සහ බුද්ධි ඵලයෙන් ඉතාම ඉහළ අය පමණයි. නමුත් ඔවුන් අතුරින් උසස් ගණිතය, රොබෝ තාක්ෂණය සහ දර්ශනය යන ඉතාම සංකීර්ණ විෂයන් සියල්ලටම A+ සාමාර්ථ ලැබූ ඉතාම අතළොස්ස අතර මා සිටිනවා. විශේෂයෙන්ම දර්ශනය විෂයයට එවැනි සාමාර්ථයක් ලැබීමට ඉතාමත්ම ඉහළ ඉංග්‍රීසි කියැවීමේ සහ ලිවීමේ හැකියාවක් අවශ්‍ය බව දන්නෝ දන්නවා. විශේෂත්වය තමයි, (දර්ශනය විෂයට පොත් පත් විශාල ප්‍රමාණයක් කියෙව්වා හැරෙන්නට) ඔය කියු අනිත් විශයන්ට මා යෙදූ කාලයක් සහ ආයාසයක් නොමැති තරම්. සාමාන්‍ය කෙනෙකුට මේවා යන්තමින් සමත් වන්නත් ඉතාම දැඩි කැපකිරීම් කරන්න වෙනවා.   

ඔබේ ඔය පරිණත අවසන් නිගමනය ලබාදීමට කළින් එහෙම වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න වෙනවා.  

ඔබට තර්කාණුකූලව කරුණු ඉදිරිපත් කළ හැකියි. ඒත් සමඟම ඔබ කළ යුතු තවත් දෙයක් තිබෙනවා. එනම් පුනර්භවය බොරුවක්නම්, ඉහත සාක්ෂි පදනම් විරහිත බව සාක්ෂි සහිතව සාධනය කර පෙන්වීම. ඔබට එසේ කළ හැකිනම් ඒ ගැන කිසිම තර්කයක් ඉතිරි වන්නේ නැහැ.

නමුත් ඔබ එය දැක නැති හෝ අත්විඳ නැති පළියට හෝ විද්‍යාත්මක උපකරණ වලට අසු නොවන පළියට එවැන්නක් නැතැයි කීම සාර්ථක උත්සාහයක් නොවෙයි. මොකද ඔය ලංකාවේ ඇතැම් මානසික දොස්තරලා නැතැයි කියන අධ්‍යාත්මික ශක්තීන් පිළිබඳව මට ප්‍රබල පෞද්ගලික අත්දැකීම් ඇති නිසා.

34 comments:

  1. නොදන්නා දේවල් ගැන විවෘත මනසකින් ඉඳීම හොඳයි. කොහොම උනත් පුනර්භවය නෑ කියල ඔප්පු කරන්න කලින් තිබිය යුතුයි කියල ඔප්පු කල යුතුයි.

    ReplyDelete
  2. ඔබේ ඉලෙක්ට්‍රොනික් දැනුම මගින්ද පුනර්භවය ඔප්පු කරන්න යන්නේ ..? කරුණාකරලා මට කියනවද ඒ කොටස කොහොමද මෙතනට සම්බන්ධ උනේ කියලා ...?

    ඔය විදිහට බැලුවොත් ඉතින් මොන තරම් දේවල් තියේද මෙයා..මර්වින් අන්කලුත් දුටුගැමුණුට නෑකම් හදාගන්න එකේ අපිටත් නෑකම් හදාගන්න පුළුවන්නේ සීසර්ට උනත්..

    බොහොම සංවාදශීලී මාතෘකාවක් ඔබ පටලන් තියෙනවා.. මේක හරියට " ඩීසල් එන්ජිම හොයාගත්තෙත් ගින්දර හොයාගත්ත මනුස්සයමයි " වගේ කතාවක්.. දැන් ඔබ කියන්නේ ඔබ අයිසැක් නිව්ටන්ගේ නැවත ඉපදීම කියලද ...? එතකොට ටෙස්ලා කියන්නේ අයින්ස්ටයින්ද ...? ( දෙන්නම එකම යුගයේ හිටියී )

    අනේ මන්දා ඔබ වරද්දන් මූලිකම දෙයක් ...

    ReplyDelete
    Replies
    1. මම එච්චර පොරක් නෙමෙයි. :D :D :D සමහර විට මම ගිය භවයේ රේඩියෝ රෙපයාර් කරපු ගමක රේඩියෝ බාස් කෙනෙක් වෙන්නත් පුළුවන්. (සිරාවටම)
      මම කියන්න උත්සාහ කළේ මම පොරක් කියන එක නොවෙයි. (එතනදි ඔබත් පටලගෙන.) සමහර දේවල් අපි පෙර භවයෙන් රැගෙන ආ හැකි බවයි. (ඒක මගේ විශ්වාසය. ඔබ ඒක පිළිගන්න ඕන කියල නියමයක් නෑ)
      ඔබ පුනර්භවය විශ්වාස නොකරන භෞතිකවාදියෙක් වෙන්න ඇති (මම දන්නෙ නැහැ.). එසේනම් ඔබට මෙයින් සිතාගත හැක්කේ පුනර්භවය තිබෙනවා හෝ නැති විය හැකි බවත්, නමුත් විශ්වයේ ඇතැම් සංසිද්ධි වලට ද්‍රව්‍යමය පැහැදිළි කිරීමක් සෑම විටම කළ නොහැකි බවයි.

      Delete
    2. නමුත් ඔබ කියනවා නම් පුනර්භවය නෑ කියලා මට හොඳටම ෂුවර් කියා මා මතැන් සිට මේ ගැන ඔබට අදහස් දක්වන්නේ නෑ.

      Delete
    3. \\\ඔබ පුනර්භවය විශ්වාස නොකරන භෞතිකවාදියෙක් වෙන්න ඇති (මම දන්නෙ නැහැ.).\\\
      යම ලොවට අධිපති යම රජු සහ ඔහුගේ හැසිරීම

      මෙන්න මේ පෝස්ට් එක කියවන්න කමෙන්ට් සමග..මම මේ ගැන දරණ මතය පැහැදිළිවම තේරේවි සහ මම ඉන්න තැන ගැනත් තේරේවි..


      \\\එසේනම් ඔබට මෙයින් සිතාගත හැක්කේ පුනර්භවය තිබෙනවා හෝ නැති විය හැකි බවත්, නමුත් විශ්වයේ ඇතැම් සංසිද්ධි වලට ද්‍රව්‍යමය පැහැදිළි කිරීමක් සෑම විටම කළ නොහැකි බවයි. \\\
      පුනරුත්පත්තිය පිළිගන්නවාද? Reincarnation - believe it or not

      මන් අහන්න කැමතියි ඔතොකොට මන් TV , රේඩියෝ වත්
      නැතුව ජීවිතේට අහල දැකල නැති දේවල් කිව්වේ කොහොමද
      කියල ?

      නිකන් සරල දේවල් වලට අභ්‍යවකාශේ ඉඳන් හිතන්න එපා .
      තේ කෝප්පේ කිඹුල්ලු හොයන්න එපා.ඔයාට තේරුම් ගන්න
      බැරි උනා කියල ඒවා බොරුම බොරු , සහතික බොරු කියල
      කියන්නේ කොහොමද ?

      ඔයා මට කියන්න ජීවිතේට මල මිනියක් කර ගහල තියෙනවද ?
      ( ගෑනු ළමයෙක් නිසා නැතිව ඇති ) ඔයා දන්නවද සාමාන්‍ය පිරිමි
      4 , 6 හෝ 8 කර ගැහුවත් එන බර දරන්න බැහැ කියල ?

      පෙට්ටිය 30 kg දාමු
      මිනියේ බර 60kg දාමු ( ඒත් එච්චර වෙන්න බැහැ බඩ වැල් ඇතුළු
      අවයව , ලේ අයින් කරන නිසා...)

      ඔක්කොම බර 100kg දාමු ..
      4න් බෙදුවොත් කීයද ?

      25 kg නේද ?
      ඉතිරියත් කියවන්න

      Delete
    4. සොරි වෙන්ට ඕනෑය. ඒත් මුළදි අර වගේ කමෙන්ට් එකක් දැම්මේ ඇයි...?

      Delete
  3. මම හිතන් හිටිය විදිහ ගැන නැවත හිතන්න හිතාගත්තා,සිංහාරච්චි මැතිනිය ගැන සිද්ධිය මා මවිතයට පත්කලා.ඔබේ අධ්‍යාපනික දැනුම සහ පුනර්භවය අතර සහසම්බන්ධයක් තිබිය හැකිද?

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකටම තියෙනවා යයි කියා මම කියන්නේ නැහැ. නමුත් තිබිය හැකි බවයි මට හිතෙන්නෙ. (කලින් පිළිතුර බලන්න.)

      Delete
  4. කර්මය මුල් වූ බුද්ධ දර්ශනය පිළිගත් අයෙකුට පුනර්භවය යනු අරුමයක් නොවේ. පුනර්භවය පිළිගත් අයෙකුට, සරල භොතික විද්‍යාත්මක මූල ධර්ම මගින් හැකියාවන් කර්මානුරූපිව සංක්‍රමණය වීම තේරුම් ගැනීමට මහත් අපහසුවක් නොමැත. නමුත් එය සැමගේ පිළිගැනීමකට ලක්වීම උදෙසා විද්‍යානුකූලව සනාත කිරීම සඳහා සිතේ ව්‍යූහය සොයාගෙන ඉදිරිපත් කල යුතුව ඇත.

    ReplyDelete
  5. පෙර භවයක් ඇතැයි යන්න හෝ නැතැයි යන්න තාමත් කිසිවකුට ඔප්පුකරන්න හැකිවෙලා නෑනේ. ඉතින් තවදුරටත් මේක වාදයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. සහෝදරයා මම පිළිතුරු දී ඇත්තේ පුනර්භවය නැත කියා 100% ෂුවර් පිටම කියන පොරකට මිසක් ඔබ වැනි විවෘත මනසක් ඇත්තවුන්ට නොවේ. මම පෞද්ගලිකව එය විශ්වාස කරන කෙනෙක්. ඒ මම උපතින් බෞද්ධයෙක් නිසා නොවෙයි. තර්කාණුකූලව පිළිගත හැකි නිසා. නමුත් මා එය විශ්වාස කරන පළියටම එය නිරපේක්ෂව තිබිය යුතුමය, එය අන් සියල්ලන් පිළිගත යුතුමය කියා දෙයක් නැත. ඒ නිසා එය පිළිනොගන්නා පළියට මම පහර කෙනෙකුට පහර ගහන්නෙ නෑ. තිබෙනවා හෝ නොතිබෙනවායයි හරියටම සාක්ෂි නොමැතිව ඔප්පු කරන්නේ නොමැතිව එවැන්නක් නැතැයි කියා අවසන් නිගමනයකට එලැඹීම නම් මම විවේචනය කරනවා.

      Delete
  6. මට ගිය ආත්මේ මතක නෑ. ඒ නිසා මම පිලිගන්නේ නෑ. මට එහෙම එක්කෙනෙක් තවම හමුවෙලත් නෑ. පත්තර කාරයෝ ගොඩක් වෙලාවට බොරු ලියන්නේ. එක දෙක කරලා. එහෙම කෙනෙක් දැක්කොත්, ඒ බව සනාත කලොත් සමහර වෙලාවට පිලිගන්න ඉඩ තියේවි.

    නමුත් සමහර අටගේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි බව නම් පිලිගන්නවා.

    ReplyDelete
    Replies
    1. maranin pasu nawatha ipadeemak athi bawata ona tharam sadaka oppu kala haka...

      Delete
    2. ඒ වගේ දෙයක් මගේ පුංචි කාලෙ මට සිද්ධවෙලා තියෙනවා.. ඒ නිසා මම ඒ ගැන විශ්වාස කරනවා

      Delete
    3. අවුරුදු දෙක වගේ වයසෙදි මම පිහි ඇනුමක් ගැන, ගෙදරක තිබුණු බව කියන වාහන (කාර්, වැන්) ගැන ලොකු විස්තරයක් කියල. ඒ කාලෙ අපේ ගමේ පාරෙ බස් එකක්වත් ගියේ නැහැ. අම්මව තාත්තව පවා මම ප්රතික්ෂේප කලාලු මගේ අය නෙමෙයි කියලා.. අදටත් ඒ සමහර දේවල් ඡායාවක් වගේ මතකයි..ඒත් පැටලිලි සහගතයි

      Delete
    4. අවුරුදු දෙක වගේ වයසෙදි මම පිහි ඇනුමක් ගැන, ගෙදරක තිබුණු බව කියන වාහන (කාර්, වැන්) ගැන ලොකු විස්තරයක් කියල. ඒ කාලෙ අපේ ගමේ පාරෙ බස් එකක්වත් ගියේ නැහැ. අම්මව තාත්තව පවා මම ප්රතික්ෂේප කලාලු මගේ අය නෙමෙයි කියලා.. අදටත් ඒ සමහර දේවල් ඡායාවක් වගේ මතකයි..ඒත් පැටලිලි සහගතයි

      Delete
    5. ඒ වගේ දෙයක් මගේ පුංචි කාලෙ මට සිද්ධවෙලා තියෙනවා.. ඒ නිසා මම ඒ ගැන විශ්වාස කරනවා

      Delete
  7. මමත් සාමාන්‍යපෙල කාලෙ ඒබ්‍රහම් ටී කොවුර් මහත්තයගෙ පොත් කියවල අහේතුකවාදියෙක් (හැබැයි මේ අය ප්‍රසිද්ධ හේතු වාදීන් කියල) උනා. මං විශ්වවිද්‍යාලෙ ඉන්නකාලෙ බයිබලයයි. කු‍රානයයි,ට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයයි කියෙව්ව. මන් දැන් තෙරුවන්සරන ගිය බෞද්ධයෙක්.

    කරමය,පුනර්භවය වගේ දේවල් හුදු තර්කනය මත පමනක් ගොඩ නැගුන දෙයක් නෙවේ. ඒව ප්‍රත්‍යක්ස මූලිකයි. එනම් ඒව පරීක්සනයට ලක්කරන්න පුලුවන්, පරීක්සනයට ලක්කරල අවබෝධ කරගන්න පුලුවන්. ත්‍රිපිටකයෙ තියෙන විඩිහට කරල බලල ඒක වැරදි කියල ඔප්පු කරන්න පුලුවන්ුන කෙනෙක් නෑ ඒක කාටවත් කරන්නත් බෑ. ඔය ක‍ර්මය, පුනර්බවය වගේ දේවල් නෑ කියන කවුරුවත් ත්‍රිපිටකය කියවල තියෙනවඩ. නෑ. කවුරුහරි කීව දෙයක් අල්ලගෙන විද්‍යාව ගැන කෑගහනව. හැබැයි ol වල විද්‍යාවට තියෙන්නෙත් s සමාර්තයක්

    ReplyDelete
  8. පුනර්භවය පට්ටපල් බොරුවක්ම තමයි.
    පරීක්ෂන වාර්ථා කියන ඒවා නිර්මානය වෙනවා. ලෝකයේ ජනකාන්ත මිත්‍යාමත කියලා ජාතියක් තිබෙනවා. මාධ්‍ය විසින් සපුරන්නෙ මිනිස්සු කැමති දේවල්. මිනිස්සු මායාවන් වලට කැමති නිසා ඒවා ලියන අය ඒ ගැන පරීක්ෂන කරන අය ඕනි තරම් ඉන්නවා.
    ඔ්‍ය එක විද්‍යාඥයෙක්ට පුලුවන්ද බැරැක් ඔබාමා පෙර භවයේ කවරෙක් වුනාද කියලා ඔප්පු කරලා පෙන්වන්න. බැහැ නේද?
    ඉතාම අහඹු සිදුවීම් පුදුම දේවල් ලෝකෙ වෙනවා. බුරිය නැති මිනිස්සු ඔලු දෙකේ බබාලා, ඇලිච්ච ලමයි වගේ ඔය හිටපු ගමන් ගෝතයෙක් දෙන්නෙක් පිස්ස කියෝනවා. ඉතිං නිවුස් එකක් එනකල් දත් මැදගෙන ඉන්න ඕනිම රටක මාධ්‍ය කාරයෝ ඒවා උඩදානවා..

    ඉන් පස්සෙ ඒව ඇත්තම ඇත්ත කියලා හිතාගෙන අපේ අය අපේ පොත්වල තියෙන දේවල් ආන්න සුද්දෝත් හොයාගෙන කියලා චූන් වෙනවා. අපිට ෆිසික්ස් කෙමිස්ටි වලිං හොයාගත් බොහෝ දේවල් වලිං ප්‍රෙය්ජනවත් වගේම සපලදායි පෙනෙන නිර්මාණ කරන්න හැකියාව ලැබිලා තියෙනවා.

    නමුත් ඔය පුනර්බවයෙන් කොරන්න පුලුවන් මොනයම්ම හෝ ඉටිගෙඩියක් තියෙනවද? මෝඩ කමට ජානගත ගතානුගතිකත්වයට වඳින පුදන මිනිසුන්ට රස කර කර කියවන්න ආටිකල් නම් ලියත හැකි පුනර්භවය සම්බන්ධයෙන්..

    ReplyDelete
    Replies
    1. ඔහේලට කියන්නේ ගොබ්බයෝ කියලා.

      Delete
  9. මිත්‍රයා, පුනර්භවය ඇතිවෙන්නෙත් හේතු සහිතවමයි. නැතිවෙන්නෙත් හේතු සහිතවමයි. ඒබව හේතු සාදක සහිතවම පෙන්වා වදාලා. පුනර්භවය තමාගේ ප්‍රත්‍යක්සය තුලින් බලාගතහැකි වැඩ පිලිවෙලකුත් කියල දුන්නා. පුනර්භවය නැතිකරන ක්‍රමයත් කියල දුන්නා. ඔබට තිබෙන්නේ ඒ වැඩ පිලිවෙල අනුගමනය කරල එහි සත්‍ය අසත්‍ය බව ඔබම බලා ගැනීමයි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන්වහන්සෙගේ විස්මිත අවබෝදය පොත කියවල බලනන

    ReplyDelete
    Replies
    1. //ඔබට තිබෙන්නේ ඒ වැඩ පිලිවෙල අනුගමනය කරල එහි සත්‍ය අසත්‍ය බව ඔබම බලා ගැනීමයි.// දැන් ඔබතුමා සත්‍ය අසත්‍ය බව අවබෝධ කරගෙනද ඉන්නේ???

      //පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන්වහන්සෙගේ විස්මිත අවබෝදය පොත කියවල බලනන//

      එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.

      තොප,

      අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .

      පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,

      තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), - යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,

      අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,

      තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,

      න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,

      ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,

      අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,

      භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,

      මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,

      මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක. (කාලාම සූත‍්‍රය)

      (උපුටා ගැනීම - මාතලන් ගේ බ්ලොගේ පලවූ ඇනෝ කොමෙන්ටුවකිනි)

      දැන් මොකද කරන්නේ සෑර් රිබත්ගොඩ ඤානානන්ද ගේ පොතේ තිබ්බ කියල පිළිගන්නේ කොහොමද???

      Delete
  10. ග්‍රැන්විල් ධර්මවර්ධනල, නාථ ද සිල්වලා ගිය පාරේ ඔබතුමාත් යනවා වගේ........ දැන් ඔබතුමා කිව්ව මොන කාරනාවෙන්ද පුනර්භවයක් තියනවා කියල ඔප්පු වෙන්නේ???? පුනර්භවයක් නැත්තම් නෑ කියල ඔප්පු කරලා පෙන්නන්නේ කොහොමද??? මිත්‍යාවන් විස්වාස කරන හැමෝම ගහන බයිලයක් තමයි ඔය නැත්තම් නෑ කියල ඔප්පු කරලා පෙන්නන්න කියන එක. රසල්ස් ගෙ ටි පොට් තියරියෙන් ඔය බයිලේට උත්තර දීලා තියෙනවා නේද???

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ මම නාථ සිල්වා අනුගාමිකයෙක් කියන එකට මම උත්තර දෙන්නම්...
      1. මම බෞද්ධ, අබෞද්ධ කිසිම දෙවියෙක් විශ්වාස අදහන්නේ වත් ගරු කරන්නේ වත්, පින් දෙන්නේවත් නෑ....
      2. පන්සල් / අසපු වලට අරක්ගෙන සිටින කිසිම චීවරධාරියෙකු ගැන අංශු මාත්‍ර පැහැදීමක් නෑ.
      3. බෝධි පූජා හෝ ඒවායේ අරක්ගෙන ඉන්නවා යයි කියන දෙවියන්, දේවතා එළි ගැන විශ්වාසක් නෑ
      4. නක්ෂත්‍රය, ගුරුකම්, මන්තර, කෙම් ගැන කිසිදු විශ්වාසයක් නෑ.
      බෞද්ධ දර්ශනයට හා දේශීයත්වය ලැදියාවක් දක්වන බව ඇත්ත. නමුත්,
      5. රජයට පක්ෂපාතීත්වයක් දක්වන්නෙ නෑ. දේශීයත්වය හා රජය පටලවා ගන්නේ නෑ. දේශප්‍රේමිය හා රජයේ පිළිවෙත අගය කිරීම වෙනස් කරුණු දෙකක් කියා විශ්වාස කරන කෙනෙක්. සරලවම කිවුවොත් රාජ්‍ය විරෝධියෙක්.
      6. බටහිර විද්‍යාව මහ ඉහළින්ම පිළිගන්න කෙනෙක්. එය රැකියාව කරගත්ත කෙනෙක්, එයට මහත් සේ ආදරය කරන කෙනෙක්, එහි උන්නතිය උදෙසා විවාහය පවා කැප කිරීමට සූදානම් කෙනෙක්.
      දැන් මොකද කියන්නේ ඔබතුමා...?

      Delete
  11. ඔබතුමා කාලාම සූත්‍රයෙන් කාලයි කියල තියෙන්නෙ. ඉතුරු ටිකතථොයාගෙන කියවන්න. එතකොට අහපු ප්‍රස්නෙට උත්තරේ ලැබෙයි

    මම කිවෙ ඒ පොත පිලිගන්න කියල නෙවෙයි. කියවල බලන්න කියල. ඒකෙ බොහොම සරලව හේතු ඵල දහම විස්තර කරල තියෙනව.

    හැබැයි ඔබතුමා කොච්චර බුද්ධිමත්ද කියනවනම් පොතේ නම අහපු ගමන් පොතත් විවේචනය කරල ලේකකයටත් බැනල ඉවරයි. නෙවේ මිත්‍රය, යමක් වීවේචනය කරන්න හරි බැහැර කරන්න හරි පිලිගන්න හරි ඕනෙ ඒ ගැන හොදට දැනගෙනයි. හේතු සහිතවයි. ඒකටයි හේතු වාදය කියන්නෙ.

    මම කීව කාරනා වලින් නෙවෙයි බුදුරජානන් වහන්සේ දේශනාකල කරුනු වලිනුයි පුනර්භවය ඔප්පු වෙන්නෙ. ඒක ඔප්පු කරන ක්‍රමයත් උන්වහන්සේ දේශනාකරල තියෙනව. ඒ ක්‍රමය සූත්‍ර පිටකයේ තියෙනව කියවල බලන්න. (කැමතිනම් නොකි‍යවා විවේචනය කරන්න පුලුවන් :D)

    ඔබතුමා ගුරුත්වාකර්ශන වාදය පිලිගන්නවද? එහෙනම් ඒක ඔප්පු කරල පෙන්වන්න

    ReplyDelete
  12. සංවේදී මම පිළිගන්න ක්‍රමය නම්,
    ඇත්තෙන්ම මම කෙලින්ම එකම පුද්ගලයා තව තැනක උපදිනවා කියල නම් පිළිගන්නෙ නැහැ. මම කියන්නෙ යම් පුද්ගලයෙක්ට එහෙමත් නැත්නම් කළලයකට ජීවය දෙන්න හෙතුවෙන යම් බලශක්තියක් තිබෙනවා. එය මම පිළිගන්නවා. එයට ගන්ධබ්බයා, විඤ්ඤාණය වගේ නම් කියනවා. ඊට පස්සෙ එම පුද්ගලයා මැරෙන කොටම ඒක තව කළලයකට ජීවය දෙන්න යනවා. මගේ කියවීම එපමණයි. කෙනෙක්ට තම ජීවිතේ කරපුව ගොඩ ගහගෙන ඊලඟ උපතට ගෙනියන්න නම් හැකිද කියන්න බැහැනෙ. හැබැයි එය යම් කිසි ධන හෝ සෘණ කුසලාකුසල මත වන ආරෝපණයක් වැනි දෙයක් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. පිලි ගැනීම හෝ නොගැනීම නොවෙයි බැහැර කරන්න බැරි විදිහෙ සිදුවීම් වාර්ථා වෙන එකයි ගැටළුව.

      Delete
  13. //පර්යේෂකයින් ලෝකය පුරාම සොයාගත් පුනර්භව සාධක 11,000 කට අධික ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා. විශේෂත්වය වන්නේ මේ පර්යේෂණ කරලා තියෙන අය සියල්ලන්ම බටහිර අබෞද්ධ පර්යේෂකයින්. ඇතැම් අය උපතින්ම භක්තිමත් ක්‍රිස්තු භක්තිකයන්. පුනර්භවයක් නැත කියන්න තිබෙන්නේ තර්කනය පමණයි. නමුත් එවැන්නක් තිබෙනවා කියන්නට ලොව පිළිගත් පර්යේෂයින් විසින් පර්යේෂණ පත්‍රිකා 8,000 කට අධික පමණක් ජාත්‍යන්තර ජර්නල වල පළ කොට තිබෙනවා. //

    11,000 ක් ඕනෙත් නැහැ. 8000ක් ඕනෙත් නැහැ.
    25 ක හරියට රෙෆරන්සස් දෙන්න ජර්නල් එකයි, අවුරුද්දයි එක්ක!
    පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔබතුමා මහාචාර්ය රීස් ඩේවිඩ්ස් ගැන අහලාවත් නෑ වගේ.
      මම කියන්නද ඔබතුමාට වෙලා තියෙන දේ...? ඔබතුමා තිතාගෙන ඉන්නවා බටහිරයො හොයාගන්න දේවල් තමයි මරු...පෙරදිග සොයාගැනීම් නම් මොනවද කියා...
      බටහිර විද්‍යාව යනු පරම සත්‍යයි..ඉන් එහා සත්‍යයක් නැත කියා...මම හරිද..?

      Delete
  14. සුබම සුබ උපන් දිනයක් වේවා සුනෙත් මගේ මිත්‍රයා...!

    ReplyDelete
  15. පුනුරුත්පත්තිය පිල්ගන්න වෙනවා.,, මොකද කිවොත් .. බොහෝ දෙනෙක් පිලිගන්නවනේ බටහිර වෙදකම ගොඩාක් දියුනුයි කියලා , නමුත් කිසිම කෙනෙකුට බටහිර වෙදකම ප්‍රගුණ කල වෙද්‍යවරයෙකුටවත් ජිවය ඇතිවෙන්නේ කෙසේද කියා පැහැදිලි කරන්න බැ . මම කිහිප දෙනෙකුගෙන්ම මේ පිළිබඳව අසා තිබෙනවා. නමුත් කිසිම කෙනෙකුට මේකට පැහැදිලි කරන්න බැ ,,, ඒ නිසා අපට පිළිගන්න වෙනවා,, විද්‍යාවට එහා ගිය බෝහෝ දේවල් ලෝකය තුල පවතින බව, මෙන්න විදියට හිතලා බලන්න ,, අපි ඕනෑම යන්ත්‍රයක් නිපදවූ පසු.එය එක පාරටම ක්‍රියාත්මක වෙන්නේ නැ .එහෙම ඒවා හදන්නත් බැ. යන්ත්‍රයක් ක්‍රියාත්මක වීමට නම් අනිවාර්යෙන්ම බාහිර බලපෑමක් හෝ කිහිපයක් වගේම , උත්තේජනයක් අවශ්‍ය වෙනවා .. ඩිසල් එන්ජිමක් උදාහරණයකට අරන් මේ පිළිබඳව පැහැදිලි කලොත්, මේක ක්‍රියාත්මක වෙන්න ඩිසල් ඕනේ වෙනවා. ඩිසල් තිබුන පලියටම වේද කරන්නෙත් නැ .. තවත් අවශ්‍යතා කිහිපයක්ම සැපිරිය යුතු වෙනවා .. මේ හෙම දෙයක්ම තිබුනත් ... පළමු ආරම්බය සඳහා විදුලි මොටරයකින් උත්තේජනයක් සැපයිය යුතු වෙනවා.. මේ වගේම තමයි ජීවයත් ,, මවු කුසක කලලයක් තිබුණු පලියටම ජීවයක් ලැබෙන්නේ නැ . අන්න ඒ යන්ත්‍රය ක්රියමක වෙන්න ලැබෙන උත්තේජනය තමයි මනෝකාය හෝ ඒ අදාල දෙය.. ජීවියෙක් ආරම්බ වීමට සුදුසු පරිසරය ගොඩනැගුනු පසු මනෝකාය හරහා තමයි අපට ඒ උත්තේජනය ලැබෙන්නේ.

    ReplyDelete
  16. ඔබ විද්‍යා විෂයයන් හැදෑරු අයෙක් වුවත් තාර්කනය අතින් ඉතා ම අසාර්ථකයි. ඔබගේත් ගමේ අවුරුදු 80ක් පමණවූ උවැසියකගේත් වෙනසක් නැහැ, දෙදෙනාගේම ඇත්තේ භක්තියක් පමණයි.

    ReplyDelete
    Replies
    1. තමන් නොපිළිගන්නා තර්කයක් 'බාලයි', 'දුර්වලයි' කියා ෂේප් වී තමන් දිනුවා යයි තමන්ම හිත රවටා ගැනීම දැන් බ්ලොග් ලෝකයේ විලාසිතාවක් වෙලා.
      චින්තා ලක්ෂ්මි සිංහාරච්චි මහත්මියගේ අත්දැකීම් ප්‍රභල සාක්ෂ්‍යක් නොවේද? තමන්ට ගෝචර නොවන පළියට තර්කය අවප්‍රමාණ කිරීම සාධාරණද?
      මෙතන කොතනද භක්තියක් සම්බන්ධ වෙන්නේ? දුර්වල තර්කය ඇත්තේ එතැන නොවේද?

      Delete
  17. Sanwedi, mama FB, G+ use karanne na. Blog kiyawanawa ofiz time ekedi. akath lagadi patan gaththe. puluwan nan mata mail ekak danna. mata oyagen udauwwak illa ganna puluwan wei kiyala hithenawa hithata wada dena loku gataluwakata.

    kriyeshianuradhi@gmail.com

    ReplyDelete