Friday, October 26, 2012

ඉරුණු නෝට්ටුව


මා අත තිබුණු ඉරුණු නෝට්ටුව මට පැටවූයේ කවුරුන්දැයි මා මතක් කර බැලූ මුත් සිහියට නො එයි. අද දවසේ කිහිප තැනකින්ම මුදල් ගනුදෙනු කළ බැවින් නිශ්චිත තීරණයකට එලැඹිය නොහැකි විය. ඉතිරි මුදල් එවෙලේම පරික්ෂාකර බලා භාරගැනීමේ පුරුද්දක් නොමැති වීම ගැන මම මටම දොස් පවරා ගතිමි. මීට පෙරද කටුබැද්ද හන්දියේ එක්තරා හෝටලයක් සහ බස් කොන්ස්තරවරුන් රැසක් මට රු. දහස් ගනණින් හිතාමතාම වංචා කළේ මගේ මේ අනවශ්‍ය කලබලය දඩමීමා කරගෙනය. එහෙත් තවමත් මා හැදී නැත.

මම යලිඳු නෝට්ටුව පරීක්ෂා කර බැලීමි. එය රු. 100ක නෝට්ටුවකි. හරි මැදින් බාගයක්ම ඉරී ඇත. එහෙත් 'සෙලෝ-ටේප්' පාරකින් එය ඉතා පහසුවෙන් අළුත්වැඩියා කළ හැකි බව පෙනුනි.

මා සතුව සෙලෝටේප් නොමැති වීම නිසා සහ ගන්නට සිතා සිටියත් අමතකවීම නිසා එය දිනෙන් දින කල් ගියේ ය. දින නොව සති කිහිපයක්ම කිසිදු වෙනසක් නොවී එය පසුම්බියේම රැඳුනි. බැංකුවටද කිහිප වරක්ම ගියද කළබළකාරී බව නිසා එය හොඳ නෝට්ටුවකට මාරු කර ගැනීමට අමතක විය.

මගේ හිත හොඳ කමද මෙය මෙතරම් දික් ගැස්සීමට හේතු වූවා යයි කිවහොත් වඩාත් නිවැරදිය. ගණුදෙණු කරන අවස්ථාවකදී එය අනෙක් හොඳ නෝට්ටු සමඟ ප්‍රයෝගකාරීව දෙන්නට සිතුනද හිතට එකඟව එසේ කළ නොහැකි විය.

වරක් එය ආපනශාලවට දී තේ ඇණවුම් කළෙමි. මුදල් භාරගත් සේවිකාවට එහි තත්ත්වය ගැන කල්පනාවක් නොවීය. එය ලාච්චුවේ දාගන්නට ඔන්න මෙන්න් කියා තිබියදී මට සිතුනේ මා තවත් අහිංසකයකු අමාරුවේ දමන බවත්, විශේෂයෙන්ම දිනපතා ගනුදෙනු කරන මෙවැනි හිතවත් කෙනෙකුට එසේ කිරීම බලවත් වරදක් බවත් ය. මම වහාම ඇත්ත පවසා එය ආපසු ඉල්ලා ගතිමි.

කෙසේ හෝ සෙලෝටේප්  රෝලක් ගැනීමට මම තීරණය කළෙමි. අදාල ගාස්තු ගෙවා මම එය ලබාගෙන සේවා ස්ථානයට පැමිණ හරි බරි ගැසී වාඩි වූයේ ඉරුණු නෝට්ටුව අළුත් වැඩියා කිරීමටය.

ඒත් කෝ ඒක....? එය පසුම්බියෙහි හෝ සාක්කුවල නොවීය. 

එහෙත් ඒ වෙනුවට සෙලෝටේප්  මිළදී ගැනීමට පෙර තිබූ මුදල් සියල්ලම එහි තිබුණි.....!  

10 comments:

  1. එතකොට සෙලෙටෙප් මුදලාලිට සෙලෝටේප් ගහලා ඒක අලවන්න වෙනවා?

    ReplyDelete
  2. සෙලොටේප් එක ආයෙත් ඒ කඩේටම දුන්නනම් හරිනෙ. කඩේ මුදලාලිටම අලවගන්න පුලුවන්

    ReplyDelete
  3. මරු කතාව යාලු.....අදමයි ආවේ මේ පැත්තේ....අයෙත් එනවාමයි....

    ReplyDelete
  4. ම්ම්ම් කාලෙකින් කියවපු අපුරු කතාවක්... ජය..

    ReplyDelete
  5. එතන වෙලා තියන්නේ කලබලකාරී කමයි,සංවේදී කමයි දෙක මික්ස් වෙලා නේද?

    ReplyDelete
  6. ඕ... අනවශ්‍ය සංවේදී කම ඕන නෑ

    ReplyDelete
  7. හොඳ කතාවක්....

    ReplyDelete
  8. අම්මට හුඩු මාර සීන් ක

    ReplyDelete
  9. සෙලෝටේප් කඩේට ගිහින් ඉරුණු සල්ලි කොළේ ඉල්ලගෙන අලවලා ආපහු දෙන්න :D

    ReplyDelete