Sunday, January 27, 2013

හලාල් නොවූ මිනිසත්කම


පටු මං මාවත් රාශියක් ඔස්සේ රිය පදවා මම වෙහෙසට පත්වී සිටියෙමි. වැලිගම නගරය පසු කර කිලෝමීටර 3ක් පමණ ඇතුළට මා ගමන් කරන්නට ඇත. පාර පුරා ඉබාගාතේ යන එළු රෑන මට නිතැතින්ම මතකයට ගෙන ආවේ කරුණාරත්න දිවුල්ගනේගේ 'රාමලාන් සඳ බලන්න එන්න පාතිමා' ගීතයයි.

දැන් මා පැමිණ සිටින්නේ තුං-මං සන්ධියකටයි. මා මිතුරියගේ මංගල ආරාධනා පත්‍රය ගෙන ආවේ හොඳ වෙලාවටය. මේ කළබළ අස්සේ මට උත්සව ශාලාවේ නම අමතකව ගොස් තිබිණ. දන්නා කෙනෙකුගෙන් අසා දැන ගැන්මට මම තීරණය කළෙමි.

"ඉස්ලාම් සෙක්‍රටේරියට් හෝල් එක කොහෙද දන්නෙ නෑ නේද....?" 
මා ඇසූ පැණයට තරුණයාගෙන් ලැබුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නොවේ. ඔහු දමිළ භාෂාවෙන් කියූ දෙය අනුමාන වශයෙන්වත් මට සිතාගත නොහැකි විය. මා අවට බැලුයේ වෙනත් පිළි සරණක් සොයමිනි. 

"ආ..මාත්තියා...ඔහොම කෙළිම්ම ඉස්සරහට ගිහින් එළොලු කඩේ එක්ක තියෙන පාරෙන් හරවන්ඩ." රිය කවුළුවෙන් එබී බැලූ තලතුනා මිනිසෙකු කීය.

"බොහොම ස්තුතියි." 
මා වීදුරුව වසා ගත්තා පමණකි. එකම වේලාවේ දෙපැත්තකින් පැමිණි වාහන කිහිපයක්ම එතන එක පොදියට එක් වී කිසිදු වාහනයකට එහා මෙහා විය නොහැකි වාතාවරණයක් නිර්මාණය විය. අනෙක් වාහන සියල්ලම තොර තෝන්චියක් නොමැතිව නළාව නාද කරන්නේ මට අප්‍රසාදය පළ කරන්නට මෙනි.

කොහොමටවත් වාහනය ඉදිරියටනම් යා නොහැකිය. පසුපසට ගැනීමට රිවර්(ස්) ගියරය දැමූ මා දුටුවේ එයද අසාර්ථක ප්‍රයත්නයක් බවයි. මා රිය පිටුපස දැනටමත් දිගු වාහන පෝළිමක් ඉමහත් නොඉවසිල්ලෙන් පසුවූහ.

මා පත්වූයේ අන්ත අසරණ තත්වයකටය. මේ අතර මගේ රියට සමාන්තරව තිබූ වෑන් රථයේ රියැදුරු යමක් පවසන බව දුටිමි. ඔහුගෙන් යම් වැදගත් උපදෙසක් අපේක්ෂාවෙන් මම වීදුරුව පහත් කළෙමි.
එකෙණෙහිම මා සවනත වැකුණේ අතිශය කඨෝර අසැබි වදන් සමූහයකි.
ඔහුගේ කෝපය සමනය කිරීමට මා මළානික සිනාවක් පෑවද ඔහු නොවේ ඉන් සැලුනේ. අසභ්‍ය වචන භාවිත කළ චතුර වාග් විලාශය අනුව නම් අනිවාර්යයෙන්ම ඔහු සිංහල ජාතිකයෙකි.

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ මේ වූ දෙයට මම අන්දමන්ද වී කිසිවක් කරකියාගත නොහෙන තත්වයට පත්වීමි.
මේ අවස්ථාවේ මගේ පිළිසරණට ආවේ අසළ තිබූ වසා තිබූ කඩයක් ඉදිරිපිට කල් මරමින් සිටි රැවුළ වවාගත්, කෙසඟ පුද්ගලයෙකි.
මට පිටුපසින් තිබූ වාහන පෙළ තරමක් පිටුපසට ගමන් කරවීමට ඔහු සමත් විය. 

"එන්න මාත්තියා." 

පැටළුණු නූල් බෝලය ලිහාගත් මම, "බොහොම ස්තුතියි. මම යනවා." කියන්නට අතින් සන් කළෙමි.

ඔහුගේ මුහුණේ ඇඳී තිබූ උපේක්ෂා සහගත මද සිනාව, ස්වයංක්‍රීයව වැසී යන අඳුරු පැහැ ගන්වන ලද වීදුරුව තුළින් වුවද පැහැදිළිව දුටිමි. 

11 comments:

  1. අසභ්‍ය වචන භාවිත කළ චතුර වාග් විලාශය අනුව නම් අනිවාර්යයෙන්ම ඔහු සිංහල ජාතිකයෙකි.

    ----------
    පදනමක් නොමැති කතාවකි... මාත් සමග එක වසරේ සිට එකට ඉස්කෝලේ ගිය මගේ මුස්ලිම් මිත්‍රයන්ට මා හා සමානවම හෝ ඊට වඩා නොසරුප් කීමේ හැකියාවක් ඇති බව හොදාකාරවම දනිමි ... ඔවුන්ගේ වාග් විලාශයද වෙන්කර හදිනිය නොහැක

    ReplyDelete
  2. මේ අවස්ථාවේ මගේ පිළිසරණට ආවේ අසළ තිබූ වසා තිබූ කඩයක් ඉදිරිපිට කල් මරමින් සිටි රැවුළ වවාගත්, කෙසඟ පුද්ගලයෙකි.

    "එන්න මාත්තියා."

    රැවුල හා වාග් ස්වරූපය මිනිසත් කම දුට සැනින් ඔහු මුස්ලිම් විය...

    කනකොට කබරගොයත් තලගොයා වෙනවලු...

    ඔබට මෙය සියුම්ව විදගැනීමට හැකියාවක් තිබුනා ඔබ එවන් මුසල්මානුවකු ඉස්ලාමය පිලිඔදවම සුලු විවේචනයක් ඉදරිපත් කලානම්...

    එසේනම් ඔබ අද හිස් සුන් මළකදකි!!!

    අහෝ ඛේදයකි ඉරකි තිතකි... ඔබ වැනි දරුවෙකු මේ ලක් පොළවේ සිංහලයෙකුට දාව ඉපදුනානේ...

    ReplyDelete
    Replies
    1. මේ සටහන යෝධයා සහ එවන් අදහස් දරන්නන් වෙනුවෙනි.
      මා ඉස්ලාම් අන්තවාදයට (ඉස්ලාම් දහමට නොවේ), හලාල් මාෆියාවට සහ සහජීවන අන්තවාදයට එරෙහිව හඬ නගන මෙරට ඉදිරි පෙළ ක්‍රියාකාරියෙකි. ඉස්ලාම් මූලධර්මවාදීන්ගෙන් මරණ තර්ජන ලබා සිටින කෙනෙකු බව ඔබ දන්නවාද..? මා සම්පාදනය කළ ලිපි වල සබැඳි (ලින්ක්) ඔබට එවිය හැකිය. ඔබේ විද්‍යුත් ලිපිනය ලබාදෙන්න. එවිට මගේ අනන්‍යතාවය හෙළි කරන්නෙමි.
      නමුත් මේ කිසිවක් කවුරුන් විසින් කළද යහපත් දේ යහපත් ලෙස දකින්නටත්, අයහපත් දේ අයහපත් ලෙස දකින්නටත්, මිනිසෙකුට විවෘත මනසක් තිබිය යුතුය යන්න මගේ හැඟීමයි.

      Delete
  3. මේ සටහන යෝධයා සහ එවන් අදහස් දරන්නන් වෙනුවෙනි.
    මා ඉස්ලාම් අන්තවාදයට (ඉස්ලාම් දහමට නොවේ), හලාල් මාෆියාවට සහ සහජීවන අන්තවාදයට එරෙහිව හඬ නගන මෙරට ඉදිරි පෙළ ක්‍රියාකාරියෙකි. ඉස්ලාම් මූලධර්මවාදීන්ගෙන් මරණ තර්ජන ලබා සිටින කෙනෙකු බව ඔබ දන්නවාද..? මා සම්පාදනය කළ ලිපි වල සබැඳි (ලින්ක්) ඔබට එවිය හැකිය. ඔබේ විද්‍යුත් ලිපිනය ලබාදෙන්න. එවිට මගේ අනන්‍යතාවය හෙළි කරන්නෙමි.
    නමුත් මේ කිසිවක් කවුරුන් විසින් කළද යහපත් දේ යහපත් ලෙස දකින්නටත්, අයහපත් දේ අයහපත් ලෙස දකින්නටත්, මිනිසෙකුට විවෘත මනසක් තිබිය යුතුය යන්න මගේ හැඟීමයි.

    ReplyDelete
  4. දෙමල වචනයක් රැවුලක් දැක්ක ගමන් හිතළු තීරණ ගන්නා ඔබ වැන්නවුන්ගෙන් ජාතික ව්‍යාපාරයට අවැඩක් මිස වැඩක් කිසිදිනක සිදු නොවේ ...

    ReplyDelete
  5. මහාචාර්ය කැල්ක්යුලස් : මට චරිත සහතික දෙන්න ඔබතුමා කවුද...? ප්‍රොෆෙසර් කිවුවට වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගියපු නැති බවයි පෙනෙන්නේ පටු ආකල්ප වලින්. ජාතික සටන් කරන්න කළින් මනුස්සකම ඉගෙනගන්න.

    ReplyDelete
    Replies
    1. This is so funny... first you decided someone's ethnicity just by having beard face.. then you are trying to assume my qualifications, yes I know just by having a PhD im not qualified to comment on all the world's issues, but this is general knowledge.. ha ha haa

      Delete
    2. As a researcher I know this, you cant decide about something just by looking at the outer appearance. If you are studying about animal behavior, you should observe a decent number of individuals (or replicates) or a population as a whole.Just by observing one persons behavior you cant conclude anything, you have to get data from whole sri lankan muslim population to give that kinda discussion. good luck with that.

      Delete
  6. සිංහල ජාතිකයෙක් කියලා මේ කන්ටෙක්ට් එකේ කිව්වේ මුස්ලිම් මිනිස්සුත් හොඳයි කියන එක මිසක් මුස්ලිම් ෂෝයි සිංහල නරකයි කියන එක නෙමයි කියලයි මට හිතෙන්නේ. කොහොමත් අන්ත ජාතිවාදීන් වුනාම තමන්ගේ එවුන්වවත් ගොඩ දාන්න හිතන්න ඕනි. හැබැයි අපේ වෙන්නේ වෙන එකක්. අපේ ඉන්නේ ටෝක් ජාතිවාදියෝ.. අන්තිමට අපි ඔක්කොම මිනිස්සු. කවුරුත් ඒක දැනගන්න ඕනි.

    ReplyDelete
  7. මේ මොන කෙහෙම්මලක් ද? හැම ලිපියකම හොඳ ලිපියක් කියල නැට්ට එල්ලන්න? කමෙන්ට් එකක් දෙනකොට අඩුම ගානේ ලිපිය කියවන්න. ඊට අදාළ සංවාදයක යෙදෙන්න. නිකම්ම නිකං මෙහෙම කමෙන්ට් කරන එක කිසිම වැදගම්මක් නැති දෙයක්.

    ReplyDelete
  8. ඔව් සහො.මගෙ තාත්තනැතිවෙනකොට මම හිටියෙ කොලඹ.අරන්චිය ආවෙ රැ 7ට.අපි එන්න පිටත් වුනෙ බයික් 2කින්.කලුතරදි පැච් එකක් ගිහින් මුස්ලිම් කොල්ලො ටිකක් දුන්න සප් එකක් .කියල වැඩක් නැ

    ReplyDelete