Friday, April 26, 2013

අගනුවර දේපළ මිළට ගන්නේ බලාගෙනයි...

මේ ළඟදී අප හිතවතකු ඉතා දුක් මහන්සියෙන් හම්බකරගත් රුපියල් මිලියන ගණනක මුදලක් මරු කටට යා නොදී වලකා ගත්තේ අනූ නවයෙනි. මෙන්න ඒ ත්‍රාසජනක කතාපුවත..!

රු. ලක්ෂ 45ක මිළකට සුපිරි සහසුකම් සපිරි අංග සම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ යයි යන ආරංචියට ඔහු එහි ගියේය. පුවත සැබෑවකි. නිවස පිහිටා තිබෙන ස්ථානය අනුව සහ නිවසේ වටිනාකම අනුව බැලූ බැල්මටම එය ගජ වාසියක් බව ඕනෑම කෙනෙකුට පෙනී යයි. එවන් නිවසක් ඉඩම සමඟ ගොඩනැගුමට දැන් කාලේ අඩුම ගානේ රු. ලක්ෂ 85ක් වත් වැයවන බව කාගේත් මතය විය. එහෙත් නිවස විකුණා දැමීමට එහි හිමිකරුට තිබූ අසාමාන්‍ය නොඉවසිලිවන්ත භාවය නිසාම අප හිතවතාට තරමක සැකයක් ජනිත වී තිබුණි.

ඒ අනුව ඔහු කළේ නීතිවේදිනියක අප තවත් මිතුරකුගේ බිරිඳගේද සහය ඇතුව එහි යම් නීතිමය ගැටළුවක් පවතීද යන්න සොයා බැලීම ය. 

පුදුමයකට මෙන් එහි කිසිදු නීතිමය අවහිරයක් නොවීය. ඔප්පු පිරිසිදුය. තනි හිමිකරුය. වෙනත් උරුමකරුවන් හෝ නඩු නැත. අප හිතවතා අපමණ සතුටු වූ අතර ගණුදෙනුවට සූදානම් විය. 

එහෙත් යම් ගුප්ත රහසක් මෙහි ඇතැයි අප හිතවතුන්ට ඉවෙන් මෙන් දැනී තිබුණි. ඒ අනුව මිළ ගෙවීමට ප්‍රථම අනුමාන කරන ලද  සියළු සැකකටයුතු කරුණු එකින් එක සොයා බැලීමට තීරණය කරන ලදී. 

ඒ අනුව මෙය යම් අපරාධයක් සිදුවූ ස්ථානයක්ද යන්න සොයා බලන ලදී. එම පරීක්ෂණයෙන් අදාල නිවස සමත්වූ අතර මීළඟට අවධානය යොමු කරන ලද්දේ එය අනවසර ගොඩ කිරීමක් මත සිදුකරන ලද්දක් ද, වැසි කාලයට යට වන්නේද, යම් කාලයකට පමණක් පවතින ගන්ධයකට ආදී පීඩාවකට ලක්වන්නේද (ආසන්නයේ යම් රසායනික නිෂ්පාදන සහිත කර්මාන්තශාලාවක් ඇත්ද.) හා අසල්වැසියන්ගෙන් බාධා එල්ල වන්නේද යන කරුණුයි. එම චෝදනා වලින් අදාල නිවස එකින් එක නිදහස් වෙද්දී අප හිතවතාගේ සතුට මෙන්ම සැකයද තීව්‍ර විය.

කාටත් අමතක වූ කරුණක් කිසිවකු විසින් මතක් කරන ලදී. එනම් මෙය අනාගත සංවර්ධන ව්‍යාපෘතියකට අත්පත්කර ගැනීමට සැලසුම් කර තිබේද යන්නයි. අරුමයකි ! එවන් අවදානමක්ද නොමැති බව පසක් කරගන්නා ලදී.

අවසාන වශයෙන් නිවසේ හිමිකරුගේ වරිතය සහ ව්‍යාපාර පිළිබඳව සොයා බලන්නට තීරණය කළේ මිතුරන්ගේ බලපෑමටය. ඔහු ඉතාම ධාර්මික ව්‍යාපාරිකයයෙකු බවද ඔහුගේ සියළුම ව්‍යාපාර වල සුජාත භාවය පිළිබඳ කිසිදු ගැටළුවක් කිසිදා ඇති වී නොමැති බවද අනාවරණය විය. ඔහු ගැන නරකක් කී කෙනෙකු සොයා ගැනීම උගහට විය.

මේ අතර පොරොන්දු වූ මුදලට වඩා තවත් ලක්ෂ කිහිපයක්ම අඩු කිරීමට නිවසේ හිමිකරු කැමැත්ත පළ කළේ අප පුදුමයෙන් පුදුමයට පත් කරමිනි. ඒ සමඟම ඔහුගේ පරම ඉල්ලීම වූයේ හැකි තරම් ඉක්මනින් ගණුදෙනුව අවසන් කරන ලෙසයි.

එවර නම් අප සිතුවේ නිවසේ හිමිකරු යම් මිත්‍යා විශ්වාසයක් මත එල්බ ගනිමින් යම් නක්ෂත්‍ර කරුවකුගේ නොමඟ යැවීමකට හසුවී අනවශ්‍ය පාඩුවක් කරගැනීමට තරම් බොළඳ වී ඇති බවය.

එහෙත් අපට වැරදී තිබිණ. අන්තිම මොහොතේ සත්‍යය හෙළිවූයේ අප හිතවතාගේ පූරුවේ පිනකටය.

මෙම නිවස පිහිටා තිබෙන්නේ කඩුවෙළ සිට කොස්වත්ත හරහා පාර්ලිමේන්තුවට යන මාර්ගය අද්දර ය. මෙය ඉදිකරන දිනවලම එක්තරා දේශපාලඥයෙකුට මෙය ගැන සිතක් පහළ වී ඇත. ඔහු කර ඇත්තේ නිවසේ හිමිකරුට සිය සිතැඟි හෙළිකිරීමයි. නමුත් තබා ඇති ලංසුව ඉඳුරාම නොවටිනා එකක් බව දැනගන්නට ලැබිණ.
මේ ගැන උරණ වූ හිමිකරු එයට එකඟ වී නැත. එහෙත් ඔහු කළේ කළු ගලේ ඔළුව ගසා ගැනීමක් බව වටහා ගන්නා විට ප්‍රමාද වැඩිය.

ලංකාවේ දේශපාලන බලය හිමිවීම යනු කප්-රුක පහළ වීමක් යැයි දේශපාකයින් සතු ආකල්පය සනාථ කරමින් සිය සිතූ පැතූ සම්පත අයත් කරගැනීමට (සාධාරණ ක්‍රියාපිළිවෙත පළ නොහෙන කල.) එකී දේශපාලඥයා සිය සුපුරුදු උපක්‍රමය නොහොත් විකල්පය භාවිත කර තිබිණ. එනම් ජීවිතයද, භෞතික දේපළද යන්න තෝරාගැනීමට අදාල නිවසේ හිමිකරුට අවස්ථාවක් දෙන ලද බව සිය පාතාල සඟයින් මගින් දැන්වීමයි. 

දාඩිය මහන්සියෙන් හම්බකරගත් දේපළ සිය මරණයට හේතුවක් කරගන්නට කැමැත්තේ කවුරුන්ද...? ඔහු සිය 'ජීවිත තර්ජනය' කාගේ හෝ ඇඟේ ගසා බේරෙන්නට දරන ලද උත්සාහයට තවපොඩ්ඩෙන් ගොදුරු වන්නේ අප හිතවතාය.

මේ මර උගුලෙන් අප හිතවතා ගැළවුනද, මේ වනවිටත් වෙනත් අහිංසකයෙකු එයට ගොදුරු වී ඇතුවා විය හැකිය. තමා ජීවිත කාලයක් දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සේසතම කොහේවත් යන තක්කඩි රැළක් බුක්ති විඳිනු බලා හූල්ලනවා විය හැකිය.

ඒ නිසා කරුණාකර දේපළක් මිළදී ගැනීමට පෙර (ඉහත කී කරුණු වලට අමතරව.) එය රටේ සීදේවි දේශපාලක උතුමෙකුගේ ඇල්ම බැල්ම වැටුණු එකක්දැයි මනා ලෙස තහවුරු කර ගන්න...!     

26 comments:

  1. මම අද උදේ ෆේස්බුක් එකේ දාපු ස්ටේටස් එක හරියටම හරි නේද මචන්?

    මේ තියෙන්නේ ඒක.

    දේශ්ප්‍රේමියෙක්: කොළඹට ඇවිත් ගෙදරයනකම් විශ්වාසයක් නැති යුගයක් නිමාකල අපේ අතිගරු ජනාධිපතිට ජය වේවා.

    දේශ්ද්‍රෝහියෙක්: ඉස්සරකොටි ත්‍රස්තවාදය තිබ්බ කාලේ තිබ්බේ එලියට බැස්සොත් ගෙදර එන්න බැරිවෙයිද කියන බය විතරයි, දැන් අතිගරු ජනාධිපතිට පින් සිද්ද වෙන්න ගෙදර හිටියත් දේසපාලන හෙංචයියෙක් ඇවිත් නෙළලා යයිද කියලත් බයෙන් ඉන්න වෙලා තියෙන්නේ. අපේ අතිගරු ජනාධිපතිට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මවං..ඒක දැකලා තමයි මේ සීන් එක මතක් වුනේ...අගනුවර විතරක් නෙමෙයි මම දන්න දකුණු මුහුදු තීරයේ හෝටල් එහෙමත් මේ ක්‍රමේට ඩැහැගෙන තියෙනවා...එහෙම එක සිද්ධියක් මට කිවුවෙ හෝටලේක වැඩ කරන උග්‍ර රාජපාක්ෂිකයෙක්...අම්මයි දුවයි කරගෙන ගිය මේ හෝටලෙන් ඔලුවට පිතෝලෙ තියල ලියාගෙන උන් දෙන්නා මහ දවාළෙ එළියට ඇදල දාලා ....

      Delete
    2. ඔන්න බලන්න දුකා අයියේ... මේ වගේ දේවල් අහද්දි කොහොමද සතුටින් ඉන්නේ.... සතුට නැති වෙනවනේ... ලේ කෝප වෙනවනේ....

      Delete
  2. මේ දැනුම් වත් කිරිම හරිම වටිනවා දේපළක් වාහනයක් ගන්න යන කෙනෙකුට.

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ ලේක් හවුස් එකේ පත්තර වලින් මේවට විරුද්දව යමක් කරන්න බැරිද නලින් අයියා?

      Delete
    2. හයියූ....දුකා....හම්මෝ......මටනම් බෑ...යකෝ..මෙහෙම හිනාවුනොත් මං මැරෙයි. විරෙත්තෙනවා....බං.

      Delete
    3. ඇයි දුකෝ මේ දුක

      Delete
  3. දැනුවත්ව සිද්ද වෙන මේ වගේ මංකොල්ල කෑම්වලින් නම් බේරෙන්න මගක් වත් තියෙයි... ඒත් මේ අසාධාරණ බදු, අසාධාරණ බිල් වගේ මංකොල්ලයන්ගෙන් කොහොම ගැලවෙන්නද? අපි නොදැනුවත්වම අපිව කොයි තරම් සූරා කනවද? මංකොල්ල කනවද?

    ReplyDelete
  4. මගේ හිතවතකුටත් ඔය වගේ ම සිද්දියක් උනා. තලවතුගොඩ කැපිටල් මෝල් එකට අල්ලපු ඉඩම මගේ මිත්‍රයාගෙ. එයාගෙ පුතාගෙ විදේශ අධ්‍යාපන කටයුත්තකට මුදල් අවශ්‍යෙවලා ඒ ඉඩම විකුණන්න ලැහැස්ති වෙනකොට ඒ කිට්ටුව ප්‍රාෙද්ශීය දේශපාලු උලමෙක් ඒ ඉඩම අයිති කරගෙනත් ඉවරයි..!!
    අන්තිමේ ලොකුම ලොක්කෙකුගෙ නමකුත් කියාගෙන ආපු ඒ තක්කඩියා, අපේ මිත්‍රයාගෙ ඔලුවට පිස්තෝලයක් තියල ඔප්පුවට අස්සන් කරන්න කිව්වාම, පාරෙ තිබිච්ච කාර් එකක බොනට්ටුව උඩ ම තියාගෙන අස්සං කරල සද්ද නැතුව ආවලු..!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ...රටකට ගිය කළක්....

      Delete
    2. අන්න දැක්ක නේද අයියේ . . ඔහොම බැලුවාම ප්‍රභාකරන් හොඳයිනේ අප්පා . ..

      Delete
  5. මේක බොරුවක් නෙවෙයි... ඔය හා බොහෝ දුරට සමාන සිද්ධි කීපයක් මමත් දන්නවා... වැඩිය කියන්න දෙයක් නෑ... කියන්න අවශ්‍ය ටික පෝස්ට් එකේ තියෙනවා....

    ReplyDelete
  6. Watath niyarath goyam kaa nam kaata kiyamida e amaaruwa kiwwalu..
    Yako ara 1weni comment 1e kiyala thiyana kathaawa sahathika aththane..
    Bohoma sthuthyi danuwath kalaata!

    ReplyDelete
  7. මේවගේ ඒව හතර අතේ ප්‍රසිද්ද කරන එක තමා හොඳම දේ... මේ විදිහම වුන කෙනෙක් ගැන මමත් දන්නව... හැබැයි මනුස්සයව ඇමති පට්ටමක් තිබුන පලියට බයකරන්න හෝ අත තියන්න බැරි වෙන තරමට සල්ලි තියෙන නිසා අදාල ඇමතිය වල්ගෙ කකල් දෙක අස්සෙ ගහන් ඉන්නව...

    ReplyDelete
  8. මේ වගේ තිරිසන් හැත්ත මේ රටේ හැමදාම ඉඳීවි.

    ReplyDelete
  9. මට නම් මචං 'ප්‍රභාකරන් මහත්තයා නැතුව පාළුයි' කියල. වැඩිදුර හිතන්න එපා...නිකං කටට ආවට කිව්වේ.

    ReplyDelete
  10. වෙන තරමක් වෙන්නේ ඔහොම තිරිසංවැඩ තමයි අනේ

    ReplyDelete
  11. මේ වගේ පුවත් වලදි තක්කඩියා හදුනා ගන්න පුළුවන් ක්‍රමයයකට ඉගි සපයන්න

    ReplyDelete
  12. අද වන විට ඒකාධිපති පාලනය නම් බූවල්ලා සෑම දෙසකටම අඬ විහිදුවා ඇති බවට තවත් සාක්කියකි.
    W3Lanka

    ReplyDelete
  13. අගනුවර නෙවෙයි ආශ්චර්ය ද්විපයේ කියල නම වෙනස් කලා නම් හරියටම හරි මොකද කොතනත් තත්වය එකයි . බලහත්කාරයට එන ලොක්කට ඉහලින් ලොක්කෙක්ට තමන්ගේ කනෙක්ශන් එකක් නැති නම් , හෝ එහෙම ඊටත් ඉහල ලොක්කෙක් ඇත්තේ නැතිනම් ආශ්චර්ය ද්විපයේ ජනතාවට නාථ දෙවියන්ගේ පිහිටම.... ඒකත් නෑ ඌත් පිහිට වෙන්නේ තෝර ගත්ත බත් බැලයො ටිකකට විතරයි . අර මාතලන් උන්නැහේ හැමදාම කියනවා වගේ බෝට්ටුවකින් හරි මෙහෙන් මාරු වෙලා පලයල්ලා කියල තමයි මටත් කියන්න තියෙන්නෙ

    ReplyDelete
  14. කොච්චර නං ආශ්චර්යමත් රටක් ද අපිට තියෙන්නේ. අනේ මන්දා! මේ ළඟ දී මං දැක්කා පත්තරේක දාලා තියෙනවා කැමරන් කෝච්චියක හිටගෙන යනවා. හීනෙන් වගේ දැක්ක එක්ක ද දන්නේ නැහැ. එක අතකට ඉතින් ඒ එංගලන්තේ වගේ නොදියුණු රටවල්වලනේ. අපේ එහෙම ද?

    ReplyDelete
  15. කතා කරලා වැඩක් නැත! හැමදෙයක්ම අපිට නැතිවෙන එකේ පිරිසිදු ලේ ටිකවත් ඉතුරු කරන් ඉමු නේ?

    ReplyDelete
  16. මිනිහෙකුට මිනිහෙකුට වගේ සළකන්න කියලා බළකරන්න කැමැත්තක් වත් නැති ජාතියක් නේ ලංකාවෙ ඉන්නෙ. මේ තරම් ලොකු දේවල් නෙවෙයි, අඩු ගානෙ බස් එකක වත් මිනිහෙක් වගේ යන්න නිදහසක් නෑනේ. ඒ යන්න වෙන්නෙත් හරියට මරන්න ගෙනියන හරක් වගේ නැත්තං නාසි හිරකාරයො වගේ. වාහනයක් අරන් පාරෙ යන්න නිදහසක් නෑ, පාරෙ නීතිය බල්ලට ගිහිං. පොඩි පොඩි දේවල් ඉවසන් ඉන්නකොට, ඔලුවට අතහෝදලා යන එක ගැන කම්ප්ලේන් කරන්න දෙයක් නෑනේ.

    ReplyDelete
  17. ඔයා ලියලා තියෙන මේ හරිම ලස්සන ලිපිය මම කීප සැරයක්ම කියෙව්වා. රූප ත් එක්ක එකතු වුනාම ඒ විස්තරය හරිම රසවත්. මම ඔයාට සුබ පතනවා. මමත් බ්ලොග් එකක් කරනවා. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි කියවලා බ්ලොග්කරණයට තවමත් ආධුනික මාව දැනුවත් කරලා මගේ අඩුපාඩු වැරදි පෙන්නලා දීලා යන්න ඔයාට බොහෝම ස්තූතියි...

    ReplyDelete
  18. මේවට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ මොලයක් නැති මැටි හරක්ට චන්දෙ දෙන අපේ මී හරක් ජනතාවට ... මම නම් කියන්නෙ මොන පක්ෂයේ හරි කමක් නෑ ඉගෙනගත්තු මේ රටට ආදරයක් තියෙන එකෙක්ට ඡන්දෙ දෙන්න කියල ... අපේ මිනිස්සුන්ට එවා වැඩක් නෑ .. දුමින්ද , පබා , මර්වින් වගේ එවුන්ට වැඩිම මනාප දීපු ගොන් වහන්සෙලා ඉන්න රටක මේවා post කරන එකත් පලකට නැති වැඩක් ... මටනම් ඇත්තටම දුකයි දේශපාලුවන්ගෙ බලය නිසා අසරණ වෙන මිනිස්සු ගැන .....

    ReplyDelete