Tuesday, August 20, 2013

සත්තු

පින්බර පෝය දවසේ සිත නිවෙන වැඩක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අප නිවසේ වසර ගණනාවක් අඛණ්ඩව පවත්වාගෙන ගිය 'ලේන් ලෑල්ල' පුළුල් කරන්න.
මේ ඉන්නේ එය අළුතින් විවෘත කර නොබෝ වේලාවකින් එහි ගොඩ වැදුණු අමුත්තෙක්.

නගරයට තරමක් ආසන්න වුවත්, ලේනුන්, දඬු ලේනුන් විතරක් නොවෙයි විවිධ වර්ගවල අලංකාර පක්ෂීන් මෙහි දිනපතාම පැමිණෙනවා. ඒ අතර ගිරවුන්, කොට්ටෝරුවන්, සුදු රෙදි හොරුන් ඇටි කුකුළු පවුලක් වරදින්නේ නෑ. නමුත් මෙන්න මෙයාලා නම් එහි ගොඩවෙන්නේ කළාතුරකින්. යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ යනකොට කළින් තිබුණු ලෑල්ලත් පෙරළගෙනමයි වෙනදට යන්නේ..අළුත් ලෑල්ල ශක්තිමත්ව හදපු නිසා අද නම් එහෙම වුනේ නෑ. 

සතුන් කියන්නේ අපිට වඩා සොබාදහමට නෑදෑකම්, ඇඟෑළුම් කම් දක්වන පිරිසක්. ඔවුන් හරිම සංවේදීයි. 

ඇතැම් වෙලාවට මිනිස්සුන්ගේ ගතිපැවතුම් ඔවුන්ට ප්‍රේරණය වන අවස්ථාද තිබෙනවා.

අපේ ගෙදර තරුණ, ශක්තිමත්, ක්‍රියාශීලී පුෂ්ටිමත් පූසෙක් ඉන්නවා 'ගාර්ෆීල්ඩ්' නමින්. අපේ ගෙදර සියලු දෙනාම අනුගමනය කරන සත්ව අවිහිංසාවාදය එයාත් රකින බව ඔබ විශ්වාස කරන එකක් නෑ. ඔව් ඒක පුදුමාකාර විශේෂත්වයක්. මීයෙක් වගේ සතෙක් ළඟින් ගියත් එයා ඉව කරල බලල පැත්තකට වෙනවා. හරිම පුදුමයි.
(හදවතක් නැති නරුමයෝ කියන්න පුළුවන් 'ඒ බළලගෙන් වැඩක් නෑ.' කියා. ඒත් අපිට නම් එයා වාසනාවක්.)  

සතුන් දැකීම සහ ඔවුන්ට අහර සැපයීම පුදුමාකාර සතුටක් දනවන්නක්. ඒ සතුට සතෙක් කූඩුවක හෝ ටැංකියක කොටුකරගෙන විඳින්න බෑ...

මම නොකළත් අපේ තාත්ත සතුන් එක්ක දොඩමළු වෙන කෙනෙක්. පුදුමාකාර විදියට සතුන්ට ආදරය දක්වන කෙනෙක්.
(මං දන්නවා එහෙම අයට පිස්සො කියන අයනෙ මේකෙ වැඩිපුර ඉන්නෙ. මම නම් ඒ වගේ අය ගණන් ගන්නෙ නෑ. මම ලියන්නෙ එයාල වෙනුවෙන් නොවෙයි.)

අපේ ගෙදර හැමෝම සතුන්ට ඇල්මක් දක්වනවා. ඔවුන් සමඟ මොහොතක් ගත කිරීම හෝ ඔවුන්ගේ ක්‍රියාකලාපය බලාසිටීම පවා මානසික පීඩනය දුරලා සිත සතුටින් තබාගන්නට පුදුමාකාර විදියේ සාර්ථක උපක්‍රමයක්.

එක අතකට මේ මිනිස්සු වෙනුවෙන් ලියනවට වඩා මෙහෙම සතෙක් වෙනුවෙන් යමක් කරන එක හොඳයි කියල හිතෙනවා.

18 comments:

  1. ඒ වුනාට ඉස්සර වගේ බර්ඩ් බාත් එහෙම තියාගෙන හිටියොත් උසාවි යන්න පුලුවන් දැන්.:D

    ReplyDelete
    Replies
    1. You can have a bird bath. As long as you replace water every day and make sure to leave it empty if you heave home for few days.

      Delete
  2. අර ආව අමුත්තා කෑඳැත්තෙක්ද? එහෙම කෙනෙක් ගෙවත්තෙ දකින්න ලැබීමත් මාර සතුටක්...

    ඩ්‍රැකියගෙ ගෙදරත් කුරුළු ලෑල්ලක් ක්‍රියාත්මක වෙනවා. ඒකත් ඩ්‍රැකියගෙ තාත්තා පටන් ගත්ත එකක්. කුරුළු ලෑල්ලට එන ගිරවු එක්ක ඩ්‍රැකියගෙ අම්මත් දොඩමළු වෙනවා හරියට.ඩ්‍රැකියත් ගොඩක් වෙලාවට ගෙදර බලු උන්නැහැ එක්ක දොඩමළු වෙනවා, ඌත් හොඳට ඒකට ප්‍රතිචාරත් දක්වනවා.

    ගාර්ෆීල්ඩ් කියලා සෑහෙන ප්‍රසිද්ධ පූසෙකුත් ඉන්නවනෙ. ඌ නං කම්මැලි තක්කඩි පූසෙක් 1978.06.19 තමා උගෙ උපන්දිනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.කෑඳැත්තෙක් තමා. මෙහේ එහාපැත්තෙ වගුරක් තියෙනවා. ඒක නිසා වෙන්න ඇති මෙච්චර සත්ව විවිධත්වයක් තියෙන්නෙ.
      ගාෆීල්ඩ් නම ප්‍රසිද්ධ කාටූන් එකෙන් තමා අහුලගත්තෙ.

      Delete
  3. ඇත්තට ම ගාර්ෆීල්ඩ් වගේ පූසෙක් ඉන්න එක වාසනාවක්. අපිත් නගරයක ඉන්නේ. ප්‍රධාන පාරට කිට්ටුවෙන් ම. අපේ ගෙදරත් කෑම ලෑල්ලක් තියෙනවා. පටන් ගත්තේ දැනට අවුරුදු 10 කට විතර කලින්. අපේ ගෙදර හිටපු පූස් තඩියා එකක් බැහැ. කිහිප වතාවක් ම ලේන් පැටව් ඇල්ලුවා. අන්තිමේ දී පූස ව දෙන්න වුණා. නැත්තං අනිත් සත්තුන් ව බේර ගන්න බැරි වෙනවනේ. මම දන්න විදියට බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා ඒක බලගතු පින්කමක් කියලා :) දැන් පූස් තඩියා නැති නිසා ලේන් පැටව් අපි එක්ක සමීප යි. බයක් සැකක් නැතු ව අතට ම ඇවිත් කෑම කනවා. ඒක හරිම සුන්දර සතුටක්.

    ReplyDelete
    Replies
    1. ඕකට තමයි කියන්නේ ඉස්සෙල්ල අපු පූසට වැඩ පස්සේ අව ලේනා ලොකු උන කියල.

      Delete
  4. මං අහල තියෙන විදියට පූසෝ හෙන කම්මැලියි... පූසියො තමයි සත්තු අල්ලනවා කියන්නෙ.. අපෙ ගෙදර බලුරාලත් අනේ කිසිම ගාණක් නෑ සත්තු නං මොකෙක් ඇඟ උඩ නැග්ගත් ඔලුව හරවල බලන්නෙත් නෑ.... හි හි.. ඒ තරම් මහ කම්මැලියෙක්... පූසියෙක් ඉන්නවා එයා තමයි කුරුලු පැටව් එහෙම අල්ලන්නෙ.... එයා ඉතිං කැලෑවෙ ඉඳලා ඇවිත් අපේ ගෙදර පදිංචි උන කෙනෙක් නිසා එයාගේ ගතිගුණ අරින්න අපිට බෑ.. දැන් නං වයසයි.. ඉස්සර නං ගුටි කනවා අපෙන් ගේ කුරුළු පැටවු අල්ලලා එහෙම...

    කෑම ලෑල්ලක් නං මේ අපි දැන් ඉන්න ගෙදරත් තියෙනව... එහා ගෙදර පූස් තඩිය ගහ යට රැකගෙන හිටියත් උෟව ගනං නොගෙන ලේන්නු එහෙම එනවා... පූසන්ටත් ගනං දාන ලේන්නු... හි හි...

    ReplyDelete
  5. හැබැයි මීයෙක් ලඟින් ගියත් අල්ලන්නේ නැති පූසෙක් ගැන ඇහුවමයි.

    ReplyDelete
  6. ඔබවැනි අය දැනගැනීම සතුටක්. අපේ ගෙදරත් ඔය ක්‍රමයම තමයි.
    මේ ඉන්නේ අපේ බලු යාලුවා එයත් න්ගෙදරට කෑම කන්න එන කුරුල්ලන් බලන්න හරිම ආසයි. අළු කොබෙයියන් ජෝඩුවක් එනවා. බොහෝ වෙලාවල් වල මේ දෙන්නා ළඟටම ගිහින් අපේ යාලුවා බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  7. මම ඉන්න තැන නම් තියන්නේ මහා පාර අද්දරම. ඒ නිසා වැඩිය බලු බළල්ලු එහෙම නෑ. ඒත් අපේ ගෙදර තලු බඩියෙක් ඉන්නවා. තව ලේන්නු එහෙම එනවා. උන්ට කන්න ලැල්ලක් නම් නෑ ඒ උනාට එක තැනකට දාල තියනවා. එහා ගෙදර බළල් තඩිගෙන් තමා බේරගන්න බැරි.
    අපේ ලෝකේ නම් සත්තු එහෙමට නෑ.. දන්නවනේ ඒකෙ තියන පරිසර තත්වේ??

    ReplyDelete
  8. ඔයාලගේ ඔය ආතල් කතා ඔක්කොම තියෙන්නේ ඔය ලේන්නු කුරුල්ලෝ වගේ පොඩි පොඩි සත්තු එනකන් විතරයි. ඔය තරම් සත්තු ආතල්ද කියලා බලන්න පොඩ්ඩක් අපේ පැත්තට ආවොත් පුළුවන්. දඬුලේන්නු රිලවු හම්බාවෝ එහෙම ආවොත් පලාතක් ඉවරයි. ඕනනං කියන්න හොඳ රිලවු සෙට් එකක් ඉන්නවා එවන්න. වහලේ උළු ටිකත් ගලවලා බිමට යන්නේ. ඇන්ටනාවක් වයර් එකක් තියෙන්න බැ. ගැනු කට්ටියට බයත් නැ. හොඳම දේ සත්තුන්ට උන්ගේ වැඩක් බලාගන්න දීලා තමන් තමන්ගේ වැඩක් බලා ගන්න එක. හුරතලේට ඕනනම් ගුහාශ්‍රිතව ඇති කරන සත්තු ඉන්නේ.

    ReplyDelete
  9. ලේන් ලෑල්ලත් තිබ්බා. ලේනෙක් මොකක්හරි දෑතින් අරන් කන හැටි බලන්න අදත් මං හරිම ආසයි..සත්තුන්ට කතාකරන පිස්සුව මටත් තියෙනවා බෝ උනේ අපේ අම්මාගෙන්.. අපේ ගේ වටේ හිටි හැම සතෙක්ම අම්මාට දරුවෙක් වගෙයි..

    ReplyDelete
  10. අපේ දඩු ලේනව මතක් වෙනවා මචන්

    ReplyDelete
  11. විශ්වවිද්‍යාල ජීවිතයේ යථාර්තය...

    http://campusapi123.blogspot.com/

    ReplyDelete