Friday, September 27, 2013

මාර්ෂල් ලෝ

වේලාව උදෑසන 8.00ට පමණ.

ලැප්ටොප් පරිගණකය උරෙහි දරාගෙන ඔහු කොළඹ සරසවියේ පිවිසුම් ගේට්ටුව අබියසය. අඳුරු වර්ණ ගැන්වුණු නිළඇඳුම ළාගත් නිලධාරියා මහ හඬින් ගුගුරන්නේ මහා අපරාධ කාරයෙක්ගෙන් ප්‍රශ්න කරන පොළිස් නිළධාරියෙක්ගේ ස්වරයෙනි.

"තමුන් කවුද?"

"මම ස්ටාෆ්." 

"මොකද්ද තනතුර..?"

"ආධුනික කථිකාචාර්ය."

"අයි.ඩී. එක...?"

"මම ගිය සතියෙ ආවෙ. අයි.ඩී. එක ඇප්ලයි කරල තියෙන්නෙ."

"මෙන්න මෙයාට යුනිවර්සිටි අයි.ඩී. එකක් නෑ. ස්ටාෆ්ය කියන්නේ.." දැඩි අවඥාවෙන් 'වරදකරු' පෙන්වා ඔහු තවකෙකුට කියයි.

"මොරටුවෙ අයි.ඩී. එක තියෙනව."

"මේක මොරටුවද..? ඒ කියන්නෙ තමුසෙ ස්ටුඩන්ට් කෙනෙක්නෙ. වී.සී. මැඩම් කියල තියෙන්නෙ අද පිට කැම්පස් වලින් කඩාකප්පල්කාරයො මෙහෙට එනව කියල. ඔය අහුවුනෙ එකෙක්. මෙන්න මූව මැඩම් ගාවට යවමු."

එවරනම් ඔහුගේ ඉවසීමේ සීමා දෝරෙ ගලා යයි.

"මේ. හලෝ. මේක අන්ඩග්‍රැඩුවේට් අයි.ඩී. එකක් නෙමෙයි. නිකං මිනිස්සුන්ට අපහාස කරන්නෙ නැතුව ඩීන් ඔෆිස් එකට කතාකරල අහනව මම කවුද කියල...!"

තවමත් සැර බාල වී නොමැත.

"අපිට වී.සී. මැඩම් කියල තියෙන්නෙ මොකා ආවත් කලම්බු යුනි අයි.ඩී. නැත්නම් ඇතුළට ගන්න එපා කියල. ඔච්චර පොර නම් මැඩම් ගාවට ගිහින් ස්පෙෂල් පාස් එකක් අරන් එනව."

ඉහත සංවාදය හමුදා නිලධාරියෙක් හා සරසවි ශිෂ්‍යයෙක් අතර සිදුවූවක් නොවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ විනය පාලක නිළධාරී හෙවත් මාර්ෂල්වරයෙක් හා මේ සිදුවීම වූ එකල එහි ආධුනික කථිකාචාර්යවරයෙක් (වත්මන වෙනත් විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක්) අතර සිදුවූ සංවාදයකි.

නිමිත්ත : (සරසවියේ සියළුම අඩුපාඩු සංසිදුවීමෙන් අනතුරුව) කෝටි ගණනක වියදමින් මාර්ෂල්වරුන්ට වායුසමනය කළ නිළ නිවාස ඉදිකිරීමට පාලනාධිකාරිය තීරණය කිරීම.

8 comments:

  1. දැන් ඔය මාෂල්ලා ව ගෙදර යවලා රක්නා ලංකා එකට දෙනවා කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ අනිත් ජෝකර්ලා. කවුරුහරි ළමයින්ට ගහන්න ආවොත් මුන් දුවන්නෙ පණ එපා කියලා...හිහ්...

      Delete
    2. ඒ කට්ටියට උපදෙස් ඇතුලේ වෙන කිසිම දෙකට මැදිහත් වෙන්න එපා සියලු සිද්දීන් වීඩියෝ ගත කරන්න කියලා ..... ඊට පස්සේ රැට තමයි අර සිද්දීන් වලට අදාල පුද්ගලයන්ගේ ගෙවල් පැත්තේ සුදු වැන් එන්නේ

      Delete
  2. ඒකත් එහෙමද? ඔය ආධුනික කථිකාචාර්යවරයා කවුද කියලා හිතාගන්න අමාරුම නෑ මට නම්.

    ReplyDelete
  3. සාමාන්‍යෙයන් ඔය වගේ අවමානයක් වුනාම එක්කෝ කථිකාචාර්ය වරයා නිහතමානී වෙලා ගිහින් වීසී හමුවෙලා කාරණාව කියලා මාෂල් වරයා මීට වඩා කරුණාවන්ත විය යුතුයි කියලා අවබෝධ කරලා දෙන්න ඕනි..
    නැත්නම් ඔතන ඉන්න මනුස්සයා එක්ක ඇරගන්න යන්නෙත් නැතුව...ඔය අවුල්ය කියන යුනියටම රිංගන්න යන්නෙත් නැතුව එදාම අස්වීම දීලා ගෙදර ගෙහින් වෙන ජොබක් හොයාගන්න ඕනි..
    මෙයාලට මේක අස්සෙම රිංගල ඉන්නත් ඕනි..ඒ මදිවට දෙවිවරුන්ට වගේ සලකිල්ල ලබාගන්නත් ඕනි..
    ඔය හැම දේම හැම වෙලාවෙම ලැබෙන්නෙ නැහැ..

    ReplyDelete
  4. උගත්කමට ගරු කරන්න දන්නේ නැති මිනිස්සු :(

    ReplyDelete
  5. අපේ පැත්තෙත් වැඩි වෙනසක් නෑ! මේ ලඟදි අපේ එකෙක්ගේ කමිසේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන තියෙන්නේ පත්‍රිකා බෙදුවා කියලා!

    ReplyDelete
  6. ඕවා ගැන ඉතින් මොනවා නම් කියන්නද?

    ReplyDelete