මගේ පියාගේ කෘතියක් රාජ්‍ය සම්මානයක් උදෙසා නිර්දේශ වී ඇති බව අහම්බයෙන් දැනගන්නට ලැබුණි. (Link)
මුළදී මා එය විශ්වාස නොකළත් (ඔහුගේ කුසලතාවය පිළිබඳ අවිශ්වාසයක් නිසා නොව, රටේ ක්‍රමය පිළිබඳව ඇති සුපහන් සංවේගය හේතුවෙන්) එය සත්‍යයක් බව දැනගන්නට ලැබුණි.
මේ ඒ පිළිබඳව උදම් ඇනීමක් නොව, කලාකරුවෙකුගේ ජයග්‍රහණයක කැටිව ඇති, මතුපිටින් ලොවට නොපෙනෙන කටුක යථාර්ථය පිළිබඳ හෙළිදරව්වක් යයි කිවහොත් වඩාත් නිවැරදිය.
'පළමු දඩයම' මෑතකදී ග්‍රන්ථයක් ලෙස දොරට වඩින්නට පෙර එය පළමු වරට උපත ලැබුවේ වේදිකා නාට්‍යයක් ලෙසටය. ඒ අතීතය මින් වසර 8ක්, එනම් 2007 දක්වා ඈතට දිව යයි. නමුත් එහි වස්තු බීජය ම'පියාගේ සිත තුළ පිළිසිඳ ගන්නට ඇත්තේ ආසන්න වශයෙන් මීට දශකයකට පමණ පෙරාතුව ය.
එයට මුල්වූ සංවේදී අත්දැකීම නොහොත් වස්තු බීජය බොහෝ දෙනා නොදනී. සිද්ධිය සැකෙවින් මෙසේය:
දැන් විශ්‍රාම සුවයෙන් පසුවන ම'පියා එකල මාතර නගරයේ ප්‍රමුඛතම බාලිකා විද්‍යාලයක නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඇදුරුතුමන් විය.
වෙනත් සංස්කෘතියක් නියෝජනය කළද, නාට්‍යකරණයට සහජ දක්ෂතා පෙන්නුම් කළ දක්ෂ ශිෂ්‍යාවක් විය. ජීවිතයේ සාමාන්‍යපෙළ කඩඉම වුව පසු කළේ නොමැති වුවද ඇගේ දෙමාපියන්ගේ අභිලාෂය වූයේ ඇය කුඩා කලම ගිවිසගත් පරිදි වය්‍යාපාරික තරුණයෙකුට විවාහ කර දීමය. මේ පිළිබඳව සිසුවිය තුළ අබමල් රේණුවකුදු කැමැත්තක් නොවුවද, දෙමාපියන් ඒ සඳහා ඇයට බලකර සිටින්නට වූහ. මේ පිළිබඳ සිත් තැවුලෙන් නොකා නොබී දින ගත කළ ඇය පිළිබඳ ම'පියාට දැනගන්නට ලැබුණි.
ඔහු ඇගේ නිවසට ගියේ ය. එහිදී ගුරුවරයෙකු වශයෙන් ඔහු හද කම්පා කරවන අත්දැකීමකට මුහුණ පාන්නට සිදුවිය.
"අනේ සර්....මාව බේරගන්න!" සිසුවිය ඔහු පාමුළ වැඳ වැටුණා ය.
දෙමාපියන්ට කෙතෙක් කරුණු පැහැදිලි කර දුන්නද සිය දියණියගේ සුකොමළ ජීවිතයට වඩා ආගමික චාරිත්‍රය ලොකු කරගත් ඔවුහු සිය රුදුරු තීරණය වෙනස් නොකළහ.
ඉතා සංවේදී පුද්ගලයෙකු වූ මගේ පියා මින් ඉමහත් කම්පාවට පත්විය.
අප්‍රිකානු අනුභූතියක් තුළ ගොඩනැංවුවද, ම්ලේච්ඡ ගෝත්‍රික සමාජයක මස් වැද්දෙකුගෙන් ඉගෙණුමෙහි සමත් තරුණියක් ගලවාගෙන සිදාදියට පළා යන්නට යත්න දරණ ගුරුවරයෙකුගේ ප්‍රස්තුතය (තේමාව) රැගත් එම නිර්මාණයෙන් පිළිබිඹු වූයේ අප ජීවත්වන සමාජයේම එක් අඳුරු පැතිකඩකි. තවත් එක් 'කාන්තාරයේ කුසුම' කි. (Desert Flower by Waris Dirie)
'පළමු දඩයම' ඔහු සේවය කරන විද්‍යාලයේ පෙරහුරු දර්ශනයක් රඟදැක්වූ දිනය ඔහුට වඩාත් වේදනාකාරී එකක් විය. 100% ක්ම ස්වතන්ත්‍ර වූ මේ නිර්මාණය, පරිවර්තනයක් හෝ අනුවර්තනයක් විය යුතුයැයි ඇතැම්හු නිගමනය කළහ. මීටත් වඩා බරපතළ චෝදනාවකට, (සිය පෞද්ගලික ජීවිතයට බලපෑම් එල්ලවන තරමේ) ඔහු ලක්විය. කථාවේ යටිපෙළ අරුත තේරුම් ගන්නට නොහැකි වූ එක්තරා කලාකාරයන් පිරිසක් එය අර්ථ දැක්වූයේ මෙසේයැ!
කලාකරුට සිය සිසුවියක් පිළිබඳ සිතක් පහළ වී ඇත. මෙය සමාජ සම්මතයට පටහැනි නිසා එකම විසඳුම "අපි පැනලා යමු" යන්න වය්‍යාංගයෙන් පැවසීමයි. කතාවේ තේමාව දිවෙන්නේ ඒ ඔස්සේය...!
මේ කතාව මගේ අම්මාටද අසන්නට ලැබුණා නොව, 'ෆුල් සීරියස් මූඩ් එකක' කිසිවෙකු විසින් පවසන ලදී. විශ්වවිද්‍යාලයේදී ප්‍රේම සම්බන්ධයකින් විවාපත් වී දශක තුනකට අධික කාලයක් පුරාවට ම'පියා ගැන දන්නා ඇය එය අළුයම ලූ කෙළ පිඬක් ලෙස බැහැර කිරීම අප කාගේත් පූරුවේ වාසනාව විය.
දහඩියෙන් කඳුලෙන් ඉපයූ, (එක් දර්ශන වාරයකට) අසූ දහසකට අධික (සෑම දර්ශන වාරයකම ආදායම ඊට වඩා බෙහෙවින් අඩු වූ බව කිව යුතුය.) මුදලක් හා මිළ කළ නොහැකි කැපකිරීම් රාශියක අග්‍ර ඵලය ලෙස ඔහු එය නැවත නැවතත් වේදිකා ගත කළේය. ඒ මාස ගණනක කාලය තුළ කිසිදිනෙක ඔහු මධ්‍යම රාත්‍රී පසුවී අළුයම උදාවනතුරු නිවසට පැමිණියේ නැත. ඔහු එනතුරා හදවත් රෝගියෙකු වූ මගේ මවුතුමිය නිදිවරා මගබලා සිටියාය.
අන්තිමේදී එය 2008 රාජ්‍ය නාට්‍ය උළෙලට නිර්දේශ විය. එය නැරඹූ නැසීගිය කලාශිල්පී එච්.ඒ. පෙරේරා මහතා එය ඔහු සිය ජීවිත කාලයේ නැරඹූ හොඳම වේදිකා නාට්‍ය අතළොස්ස අතර තිබෙන බවද, රාජ්‍ය සම්මානයක් නියත බවද කීය. ඔහු පමණක් නොව, එකී රාජ්‍ය නාට්‍ය උළෙලේ සියළුම නාට්‍ය එකක් හෝ අත නෑර නැරඹූ දිවයිනේ ප්‍රකට මාධ්‍යකරුවෙක් එය සනාථ කළේ ය.
නමුත් පුදුමය නම් අවසානයේ කුසලතා සම්මානයක් හෝ දිනාගැනීමට එය සමත් නොවීමය. විවෘත මනසක් සහිතව මා නැරඹූ එතරම් කැපී පෙනෙන විශේෂත්වයක් නොමැති ඇතැම් නාට්‍යවලට සම්මාන වරුසා වසින්නට විය. අප ස්වතන්ත්‍ර නිර්මාණයක් යයි අනුවර්තනයක් ඉදිරිපත් කිරීම ඊට හේතුව යයි තැන තැන කසුකුසු ගානු ඇසිණ.
ලොකුම විහිළුව නම් එකී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය සම්මානය දිනූ 'නිර්මාණය' අනුවර්තනයක් වීම ය. මා ඒ වනවිටත් නරඹා තිබූ 'අ බියුටුෆුල් සන්ඩේ' නම් විශ්ව කීර්තියට පත් නිර්මාණයේ විදේශීය නම් වෙනුවට ලාංකික නම් ගම් ආදේශ කිරීම මගින් නිර්මාණකරු එය ස්වතන්ත්‍ර නිර්මාණයක් යයි අපූරුවට ඒත්තු ගන්වා තිබුණි.
සම්මාන සඳහා නිර්දේශ වූ නාට්‍යය නිර්මාණය අත්වූ කල දසාව එසේ වෙද්දී ඉන් බිඳක්වත් නොසැලුනු ම'පියා, එය 'ග්‍රන්ථාරූඪ' කිරීමට සත් වසක් දුක් විඳී ය.
මහා දානපතියන්, සමාජයේ පරමාදර්ශී පුද්ගලයින් ලෙස පෙනී සිටින බොහෝ පොත් ප්‍රකාශකයින්, ඔහු නොසලකා හැරියා පමණක් නොව ඔහුට අවමන් කිරීමටද නොපැකුළුනි.
පසුගිය 'දූෂිත' රජය පෙරළා වත්මන් යහපාලනය උදාකිරීමට මාධ්‍ය මගින් මහ මෙහෙවරක් කළ එක්තරා මහැදුරෙකුට අයත් 'විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය' එහිළා විශේෂ ය.
ගිනි අවුවේ නාට්ටාමි කෙණෙකු මෙන් මහා පොත් මිටියක් අතේ දරාගෙන ඔහු එකී ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට ගොඩවන විට එහි සිට ඇත්තේ එකී මහැදුරුතුමාගේ ප්‍රියාදර ඇඹෙණිය යි.
"අපෝ..! ඔය අප්‍රසිද්ධ ලේඛකයින්ගෙ පොත් ගහල අපිට නිකං පාඩු විඳින්න බෑ. අපි බිස්නස් එකක්නෙ කරන්නෙ. අනිත් එක මේ දවස්වල කවුද නාට්‍ය පොත් කියවන්නෙ? මේ දවස්වල නැගල යන්නෙ ඔය නවකතා, ශිෂ්‍යත්ව පොත් වගේ ඒවනෙ. බැරිද ඒ වගේ ඒව කරන්න?"
සොච්චම් කතෘ භාග (භාග කිවුවට 50% නොවේ. 5 % කි!) ගිවිසුමක් යටතේ මුද්‍රණයේ පවතින සිය පොතක සෝදුපත් බැලීමට සිවුවන මහළ නැගීමට ගිය මගේ පියාට, ඇස් ගොඩගේ නම් ජාතියේ මහා පහන් තැඹ, සිය ආයතනයේ විදුලි සෝපාව භාවිත නොකර පියගැටපෙළ භාවිත කරන්න යැයි අණ කර තිබේ. තුන් වේලවත් කන්න නොතිබූ අන්ත දිළිඳු ගොවියෙකුගේ පුතෙකු වූ ඔහුට තට්ටු සතරක් නැගීම මහ ලොකු කජ්ජක් නොවේ. එහෙත් පඩි පෙළ නගින අතරතුර ඔහු මට මෙසේ කීය.
"මේ මිනිස්සු මැරෙනකොට ගෙනියන්නද දන්නෙ නෑ අපි වගේ දුප්පත් ලේඛකයින් හූරා කාල මෙච්චර හම්බ කරන්නෙ. අඩු ගානේ දරුවෙක් මල්ලෙක්වත් ඉන්නවනම් කමක් නෑ."
ප.ලි. කංචුක නිර්මාණය: ලංකාදීප ප්‍රවීණ කාටුන් ශිල්පී පියල් උදය සමරවීර මහතාගේ පුත් පසත් සමරවීර.
මේ හා සබැඳි වෙනත් ලිපි:
පොත්
මගේ තාත්තා හෙවත් 'පළමු දඩයම' මැවූ ලේඛක තුමාගේ අපූරු ජීවිත කථාව
Sunday, October 18, 2015
Friday, September 4, 2015
දෙමළු...
වස කම්මැලිකමෙන් මං උදේ නැගිටිනකොට 'මචං යූ ප්‍රිෆර් ටී ඕර් කොෆී?' කියල අහල තාමත් නිදි මරගාතෙ ඉන්න මගෙ අතට 'බෙඩ් ටී' එක දෙන එකා දෙමළෙක්.
ටික වෙලාවකින් උදේ කෑමට කැන්ටිමට එනව. "සර් මොනවද?" කියල අහල කන බොන ජාති ස්ටාෆ් ටේබල් එකටම ගෙනත් දෙන එකා දෙමළෙක්.
ඊට පස්සෙ ඔෆිස් එකට එනව. මාව දැකල දෙයියො බුදුන් දැකල වගෙ අතුගගා හිටපු කොස්ස කෙළින් කරල අල්ලගෙන එකත්පසක්ව පැත්තකට වෙලා යටහත් පහත්ව "ගුඩ් මෝර්නින්ග් සර්" කියන ගෑණි දෙමළියක්.
ඒ වෙනකොටත් මගෙ ප්ලාස්ක් එකේ උණුකරල නිමපු වතුර පුරවල. ඒත් වැඩි වෙලාවක් යන්න කළින් මම වතුර සේරම බීල ඉවර කරනව. එතකොට "සර් වතුර ඕනෙද" අහල අල්ලපු බිල්ඩින් එකට දුවල ඉක්මනට වතුර උණුකරල නිමල ගේන ගෑණි දෙමළියක්.
රාජකාරි වැඩකට ඇඩ්මින් බිල්ඩින් එකට ගියාම හැමදේම හොයල බලල උදවු කරන Assistant Registrar දෙමළෙක්.
උදේ 10 ටයි හවස 3.30 ටයි අපිට තේ හදල බොහොම ගෞරවයෙන් පිළිගන්වන්නෙ දෙමළියක්. කොටින්ම අපි බීපු තේ කෝප්පෙ පවා හෝදන්නෙ දෙමළ ගෑණියෙක්.
ඔෆිස් එකේ වැඩයි පී.එච්.ඩී එකේ වැඩයි වැඩිවෙලා ස්ට්‍රෙස් උනාම මගේ වැඩත් එක්ක අදින්නෙ දෙමළෙක්.
මං කෑවද, බීවද, බෙහෙත් බිව්වද, මේ හැම එකක්ම සහෝදරයෙක් වගේ හොයා බලන්නෙ දෙමළෙක්.
"අයියා. ගෙදර අය බලන්නෙ නැතුව පාළුයි." කියල තමන්ගෙ දුක මාත් එක්ක බෙදාගන්න ජූනියර් ලෙක්චරර් දෙමළ කෙල්ලක්.
කොණ්ඩෙ වැවිල වැඩියි කියල හිතුනම හවසට ටවුන් එකට යනව. ටවුමට යන බස් එකේ කොන්දොස්තර දෙමළෙක්.
සැලූන් එකේදි මගේ කොණ්ඩෙ කපන්නෙ දෙමළෙක්.
ආපහු එන ත්‍රීවීල් එක එළවන්නෙ දෙමළෙක්.
"මගෙ වෙඩින් එකට 'සුනිත්' එන්නම ඕන කියල" ඔෆිස් එකටම ඇවිත් ඉන්විටේෂ්න් එක දීල, මං ඒ වෙනුවෙන් යාපනේ ගියාම මගේ අත මිරිකල තදින් බදාගෙන වැළඳගත්තෙ දෙමළෙක්.
ඒ යන ගමනෙදි මට සත 5ක් වියදම් කරන්න දෙන්නෙ නැතුව, නැවතුන තැනදි මදුරුවෙකුටවත් මට ළං වෙන්න නොදී, ළිඳෙන් වතුර අදින්නවත් දෙන්නෙ නැතුව මාව පොඩි එකෙක් වගේ පරිස්සමින් බලාගත්ත එකා දෙමළෙක්.
මේ දැනුත් කෑමට යන්න මගේ වැඩ ඉවරවෙනකම් බලාගෙන ඉන්න එකා දෙමළෙක්.
දැන් ඔබට තිබෙන සාධාරණ ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්නම්.
Q. උඹ/මල්ලි/අයියා/සර් වැඩ කරන්නෙ තමිල්නාන්ඩුවෙද / තූත්තුකුඩියෙද?
A. නෑ මචං/මල්ලි/අයියා/පුතා. මේ සිරි ලංකාවෙ බදුල්ලෙ. පහසුකම් නම් තූත්තුකුඩියෙ වගෙ තමා. ඒත් මේකත් ලංකාව ඇතුළෙම තියෙන පුහුලමක් තමා.
Q.ප්‍රභාකරනුත් දෙමළෙක්නේ?
A. ඔව්. දෙමළෙක් විතරක් නෙවෙයි නොම්මර එකේ ත්‍රස්තවාදියෙක්.
Q. 'ත්‍රස්තවාදියා' යන වචනයට ඔබ දෙන නිර්වචනය කුමක්ද?
A. නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරන, එසේ කරන්නට සැලසුම් කරන හෝ අනුබල දෙන ඕනෑම එකෙක් (මොන ජාතියේ වුනත්) ත්‍රස්තවාදියෙක්.

Thursday, June 4, 2015
ජීවිත තුට්ටුවකට නොවටිනායයි සිතන මාතර මහ රෝහල
මා කරන්නට යන්නේ ඉතා බරපතල චෝදනාවකි. එනම්,
ලංකාවේ ඉතා අකාර්ය්‍යක්ෂම සහ නොසැලකිලිමත්ම රෝහල් කාර්ය මණ්ඩලය වැඩ වාසය කරන්නේ මාතර මහ රෝහලේ බවය.
සඳුදා උදේ දේශනයක් අතරතුර, (11.00 ට පමණ.) මට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි. හදිසි යනු රාජකාරි දිනවල කාර්යාල වේලාවේ මා කාර්යබහුල බැවින්, මා අමතන්නට එපා යයි ගෙදර මිනිස්සුන්ට කලින්ම දැනුම් දී ඇති බැවින්, එවන් වේලාවක ලැබෙන්නේ ඉතා වැදගත් පණිවුඩයක් පමණක් හෙයිනි.
ඉන් කියැවුණේ, අපට ඉතා ලබැඳි මගේ ඥාති සොයුරියක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
ඒ අනුව මා දේශනය කළින් නවත්වා මාතර හා ගාල්ල බලා පිටත් වූයෙමි.
දැන ගත් පරිදි සිදුවීම් දාමය මෙසේ ය.
මීට දින 3-4 කට පෙර ස්වසන අපහසුතාවය හා මද උණ ගතිය හේතුවෙන් මා ඥාති සොයුරිය මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී තත්ත්වය උත්සන්න වී ඇති අතර, රෝගය නිවුමෝනියාව යයි නිගමනය කර ප්‍රතිකාර කර ඇත. දින 3කට පසු ස්වසන අවහිරතාවය සහ මද උණ ගතිය තිබියදීම
"ඔයාට දැන් සනීපයි. අනිත් එක මොකටද මෙතන තද බදේ අස්සෙ ඉන්නෙ. අපිට ඇඳනුත් නැහැ. අනිත් අයට දෙන්න තියෙන චාන්ස් එකත් නැති වෙනවා." යයි කියමින් අප ඥාතීන්ගේ දැඩි විරෝධතාවය මැද බලෙන්ම ටිකට් කප්පවා ඇත.
තත්ත්වය එන්න එන්නම නරක් වූ හෙයින්ද, මාතර රෝහලෙන් තවදුරටත් පිළිසරණක් නොමැති හෙයින්ද ඥාතීන් මැදිහත් වී සොයුරිය කරාපිටිය ශික්ෂණ රෝහල (Teaching Hospital) ට ඇතුළත් කරන ලදී.
එහිදී හෙළිවූයේ මා ඥාති සොයුරියට ඉතා දරුණු වයිරසයක් වන Influenza A H1N1 ආසාධනය වී ඇති බවයි. මේ වනවිට ස්වසන අපහසුතාවය උත්සන්න වී ඇති අතර, වහාම දැඩි සත්කාර ඒකකය (ICU - Intensive Care Unit) වෙත යොමු කරන ලදී.
එහිදී හෙළිවූයේ, රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය 78 දක්වා පහළ බැස තිබූ බවයි. (නීරෝගී පුද්ගලයකුගේ මෙය 92-98 දක්වා පරාසයක පවතී.)
වෛද්‍ය නිගමනය වූයේ තවත් ඒකක කිහිපයක් පහළ බැස්සානම්, එනම් තවත් අඩ පැයක් හමාර වූවානම් ඇගේ ජීවිතය අවසන් වන බවය.
මේ මොහොත වනවිටත් ඇය ජීවත් වන්නේ ඉතා අවදානම් තත්ත්වයක, සම්පූර්ණයෙන්ම යන්ත්‍ර ආධාරයෙන් ය.
මා ඥාති සොයුරිය, මාස කිහිපයක් වයසැ'ති බිලිඳු දියණියකගේ අම්මා කෙනෙකි. අම්මාගේ උණුසුම නොමැතිව අවිහිංසක සුරතල් දියණිය හඬනු දැක්ම තරම් හද කම්පා කරවන දර්ශනයක් මිහිපිට නොමැති තරම් ය.

Saturday, April 18, 2015
Extrasensory Perception (ESP) යනු යථාර්තයක්ද? මායාවක්ද? (සංවේදීගේ අත්දැකීම් ඇසුරින්)
සටහන තැබීමට කළින් කාරුණික මතක් කිරීමක් කරනු කැමැත්තෙමි. එනම් උග්‍ර භෞතිකවාදී අදහස් දරන අයට මෙය කිසිසේත්ම ඉන්ද්‍රීය ගෝචර සංකල්පයක් නොවන හෙයින්, ඔවුන් මෙය කියවීමට සිය වටිනා කාලය මිඩංගු නොකළ යුතු මනාය. සෘජුවම කිවහොත්, විශ්වයේ පවතින්නේ මිනිස් සිරිරේ භෞතික සංවේදන ඉන්ද්‍රියන් වන ඇස, කණ, නාසය, දිව හා චර්මය යනාදියට සහ විද්‍යාත්මක උපකරණ හෝ ගණිතයමය අභ්‍යුනය, තර්කනයට හසු වන්නා වූ බලවේගයන් පමණක්මැයි යන මතයේ දැඩිව එල්බගත් අයවළුන්ට මෙය සාතිශය බොලඳ, විද්‍යාත්මක සාක්ෂ්‍යවලින් තොර, හුදෙක් ප්‍රලාථයක් පමණක් වනු ඇති බවය.
Extrasensory Perception (ESP) යනු ඉහත කී පංචේන්ද්‍රියයන්ට හැර, සයවන ඉන්ද්‍රියක් ලෙස සැලකෙන මනසට අතිග්‍රහණය කෙරෙන පණිවුඩ හා බාහිර සංවේදනයන් පිළිබඳ කෙරෙන අධ්‍යනයකි. මෙය ඩූක් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ ජේ.බී. රයින් විසින් මූලිකත්වය ගෙන ක්‍රමවත් අධ්‍යයනයකට බඳුන් වූවායැයි සැලකෙන නමුත්, විද්‍යාත්මක දර්ශනය පිළිබඳ දේශනයකදී මෙකී විෂය පථය ප්‍රථමයෙන්ම ගැඹුරුන් හදාරා ඇත්තේ සිද්ධාර්ථ ගෞතම විසින් බව අසන්නට ලැබුණේ අබෞද්ධ විද්‍යාඥයෙකුගේ මුවිනි. (සිද්ධාර්ථ ගෞතම යන නම ඇසුණු සැණින් 'ආගම නේ? අපොයි අවිද්‍යාව. මිත්‍යාව' කියා අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරන 'ප්‍රාමාණික විද්වතුන්' මෙරටද දුලබ නොවන බව කණගාටුවෙන් සටහන් කර තබන්නේ ලද අත්දැකීම් මත ය.)
පඳුර වටේ තැළුවා ඇති ය.
ආසන්නතම අත්දැකීම ලද්දේ ඉතා මෑතකදීය.
එකම සම්මුඛ පරීක්ෂණයට මුහුණ පා, එකම දිනයේ ස්ථිර පත්වීම් ලද, ඉතා ලෙන්ගතු දමිළ ජාතික මිතුරෙකු මට සිටී. දැඩි හින්දු භක්තිකයකු වන ඔහුද මා මෙන්ම ඉතා සංවේදී අයෙකි.
සති 2කට පමණ ඉහතදී, මා සේවය කරන සරසවියේ අවසන් වසර සිසුන් විසින් සමුගැනීමේ සාදයක් සංවිධානය කර තිබුණි. කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ටද ඊට ඇරයුම් ලැබුණි.
ආචාර්ය මණ්ඩලයේ අයට සමරු ඵලකයක්ද පිරිනැමුණි.
සාදය අවසන, සිසුන්ට සුභ පතා මා වාහනයට පැමිණියේ තරමක් ප්‍රමාද වී, අවසානයටය. මා එනතුරු මිතුරන් සහ අංශාධිපතිතුමා මිනිත්තු කිහිපයක් රැඳී සිට ඇත.
නිල නිවාසයට ආසන්න වත්ම මට හදිසියේ යමක් මතක් වීමෙන් මහත් කණගාටුවක් ඇති විය. එනම් මා ලද සමරු ඵලකය හෝටලයේ අමතක වී දමා විත් වීමයි.
එය මේ සරසවියේ සිසුන්ගෙන් මා ලද පළමු සිහිවටනය වීම නිසා එය මට මහඟු වටිනාකමකින් යුත්තක් විය. මට යළි යළිදු දැනුනේ මහත් පශ්චාත්තාපයකි.
ඒ පිළිබඳම මා මිතුරාටද පැවසීමි. ඔහු කිසිත් නොකී ය.
නිල නිවාසය කීවාට ඇත්ත වශයෙන්ම මාත්, මගේ දමිළ මිතුරාත් තාවකාලිකව නවාතැන් ගෙන සිටින්නේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාර්ය මණ්ඩලයට වෙන්වූ කාමරයකය.
මුහුණ සෝදාගෙන පැමිණ යළි මේසය ඉදිරිපිට හිඳගත් මා විමතියට පත්වීමි.
මට අමතක වූ සමරු ඵලකය මේසය මත විරාජමානව සිටී...!
මේ නම් මා මිතුරාගේ වැඩක් බව මම එසැණින් වටහා ගතිමි. එහෙත් මට එය අමතක වන බව ඔහු කල්තියා දැනගත්තේ කෙසේද? ඔහු උත්සව ශාලාවෙන් පිටවූයේ මා ඉන් පිටවීමට මිනිත්තු කිහිපයකට ප්‍රථමය.
මේ පිළිබඳව ඔහුගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ කිසියම් අධ්‍යාත්මික බලවේගයක් (Spiritual Influence) විසින් මට එය අමතක වනබව ඔහුට දැනගන්නට සැලැස්වූ බවයි. සාමාන්‍යයෙන් මමද අත්භූත බලවේග (පමණක් නොව නක්ෂ්ත්‍රය, ගුරුකම්, දෙවියන්, යක්ෂයින් පමණක් නොව බෝධි පූජා හා පිරිත් පවා) කෙරෙහි දරන්නේ ඇල්මැරුණු ආකල්පයක් වුවද කිසිදු හේතුවක් නිසා අසත්‍යයක් නොපවසන මගේ මිත්‍රයා කියන දෙය එක්වරම ප්‍රතික්ෂේප කිරීමට මට සිත් නොවේ.
මේ හා සමාන වෙනත් අත්දැකීමක්ද මා සතුව පවතී. ඒ මීට වසර 8කට පමණ පෙරාතුව, මා සරසවි ශිෂ්‍යයෙක් වී කාලයේ ය.
සරසවියේ සිවු වසරම මා හා එකටම සිටි ඉතා කුළුපග මිත්‍රයෙක් විය 'තෙලා'. ඉතාම අවිහිංසක, අවංක, අව්‍යාජ මිත්‍රයෙක් වූ ඔහු ගැන වෙනම සටහනක් නොතැබීම ඔහුට කරන බලවත් අසාධාරණයකි.
සවස් වරුවේ දේශන නිමවී මා නවාතැනට ගොඩ වූයේ දැඩි තෙහෙට්ටු ගතියෙනි. වේලාව ගත වත්ම මා උණ රෝගයෙන් පෙළෙන්නට විය. ඒ සමඟම දැඩි කුසගින්නක් මා කය දවන්නට වූ අතර ශරීරය අප්‍රාණික වූ නිසා අන්ත අසරණ භාවයකට පත්වීමි.
මා දියවැඩියා රෝගයෙන් පීඩා විඳි නිසා සාමාන්‍ය ආහාර පරිභෝජනයට නොගෙන, විශේෂයෙන් සැකසූ ආහාරයක් ගන්නා ලෙසට වෛද්‍යවරු උපදෙස් දී තිබුණි. එය පිළියෙළ කිරීමට සරසවිය අසල නිවසක කාරුණික කාන්තාවක් භාරගෙන තිබුණි.
බෝඩිමේ මිතුරන් සියල්ලට දුරකථන ඇමතුම් ගත්තද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. ඒ අතර දැඩි වර්ෂාවක්ද ඇද හැලෙන්නට පටන්ගත් අතර ක්‍රමයෙන් අඳුරද ගලා එන්නට විය.
අධික සීතලෙන් හා කුසගින්නෙන් පීඩා විඳිමින් සිටි මොහොතක 'තෙලා' ගෙට ගොඩවූයේ හිතට මහත් සැනසීමක් ගෙනදෙමිනි.
"මචං...මට කෙළ උණ. උබට පුළුවන්ද අජන්තා අක්කගෙන් මගෙ කෑම එක අරගෙන එන්න?"
ඔය කියන අජන්තා අක්කාගේ නිවසට මෙතැන සිට කිලෝමීටරයක් පමණ දුරය. ඒ මදිවට පිටත අධික ශීතලය. නා කපන වැස්සය. ගණ අඳුරය. කෙසඟ දුර්වල සිරුරකට හිමිකම් කී තෙලාට එය මේ මොහොතේ මහත් අභියෝගයක් වනු නිසැකය. ඇරත් ඇගේ නිවස පිහිටා ඇත්තේ මුඩුක්කුවක් වැනි එතරම් ප්‍රියමනාප නොමැති පරිසරකය. තෙලා එවැනි පරිසරයකට රෑ පානේ තට්ට තනියම යවන්නේ සිතකින් නොවේ.
මද සිනාවක් පෑ 'තෙලා', මා මහත් පුදුමයට පත් කරමින් සිය බෑගය විවෘත කර මගේ කෑම පාර්සලය ගෙන හැර පෑ ය.
"පුදුමයි නේ බං. උඹ එතනින් නෙවෙයිනේ වෙනදට කන්නේ...?"
"නෑ. බං. මං ගෙදරටම ගිහින් ගෙනාවේ. ඒ වෙනුවෙන්ම."
"උඹ කොහොමද දැන ගත්තේ මම කෑම එක ගත්තේ නෑ කියලා..?"
"මට නිකං හිතුනා."
"නිකං...?"
මගේ අම්මාටනම් එවැනි අත්දැකීම හිසේ කෙස් ගණනට තිබේ.
නමුත් ඒ සිහින මාර්ගයෙනි.
කලකින් හමු නොවූ ගමේ සමීප ඥාතියෙක් සුදෙන් සැරසී ඇගේ සිහිනයට පැමිණේ. අදාල ඥාතියා තවදුරටත් ජීවතුන් අතර නොමැති බවට දුරකථන ඇමතුමක් පසුවදාට ලැබෙයි...!
ඇගේ ආසන්නතම 'අධ්‍යාත්මික හීනය' මෙසේය:
මා කුඩා කිරි දරුවෙකුව සිට ක්‍රමයෙන් වත්මන් ස්වරූපය දක්වා රූපාන්තරණය වී, එක්වරම නැගිට මහත් අභිමානයෙන් යුතුව ඇවිදියි.
ඒ දිනවල මා සිටි මානසික මට්ටම ඉතා සංකීර්ණ එකක් විය.
සය මසකට පෙර මා සේවය කළ සරසවියෙන් ඉවත් වී ආචාර්ය උපාධිය සඳහා විදේශීය සරසවියක ලියාපදිංචි වුවද, පොරොන්දු වූ මූල්‍යමය සහනය නොලැබී යාම සහ සැඟවුණු ගාස්තු ඇතුළත්වීම යන හේතු නිසා එය තාවකාලිකව අත් හැර දමා ගෙදර එන්නට සිදුවිය.
මාස 5ක් පමණ දේශීය හා විදේශ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ දුසිම් 2කට පමණ ඉදිරිපත් වුවද, ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා සුදුසු රැකියාවක් නොලදිමි.
කිසිදු ආදායමක් නොමැති වීමෙන් ආර්ථික දුෂ්කරතා හිස ඔසවන්නට වූ අතර, මාස 5ක පමණ ඇවෑමෙන් වාහනය පවා ලක්ෂ 7ක් පමණ පාඩුවට විකුණා දමන්නට සිදුවිය.
මේ හේතුවේන් මා පසු වූයේ බලවත් මානසික පසුබෑමක ය.
අම්මාගේ සිහිනය සංඛේතාත්මකව සැබෑවක් බව සාධනය කරමින් පසුදින උදයම මට එක්තරා ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් ලැබුණි.
ඒ මා උගත් සරසවියේ ස්ථිර කථිකාචාර්ය තනතුරට පත්වීමකි.
මෙවැනි තවත් එක් අත්දැකීමක් පමණක් සටහන් කර තබන්නෙමි.
එදින අම්මාගේ සිහිනය ඇය නිවසේ ඉදිරිපස දොර තදකොට අල්ලාගෙන සිටින දර්ශනයකි. දොරේ අගුළු නොදා තිබූ අතර, කිසියම් බාහිර පුද්ගලයෙක් දොර තල්ලු කරගෙන බලයෙන් නිවසට ඇතුළ් වීමට උත්සාහ කරමින් සිටී.
මා අසා ඇත්තේ ඒ කවරෙක්ද කියායි.
පිළිතුර "මාරයා" ය.
ඊට පසුදින, (පියවි ලොවේදී) මගේ පියා මාරාන්තික දුම්රිය අනතුරකින් දිවිගලවාගත්තේ අනූ නවයෙනි.
දුම්රිය වේදිකාව හා ධාවනය වන දුම්රිය අතරට වැටුණු ඔහු, 'ෂොක් ඇබ්සෝබර'යක පැටළී පීල්ල මත අඩි 50ක් පමණ ඇදී ගියද, සුළු සීරීම් තුවාළ වලින් පමණක් ඔහුගේ සිරුරට හානි වී තිබීම අප කාගේත් අතිශයින් දුලභ වාසනාව විය.
සබැඳි:
හේතුවාදියෝ
අධ්‍යාත්මික හීන
පුනර්භවය පට්ටපල් බොරුවක්....?
සමාධි සුව

Friday, February 20, 2015
ඔබේ දැනුම් පොතට....
ඇතැම්විට ඔබ විද්‍යා සිසුවෙක් හෝ විද්‍යාවීදී උපාධිධාරියෙක් නොවනවා ඇති. එහෙත්....ඔබ මහරගම පිළිකා රෝහළට වරක් හෝ ගොස් තිබෙනවාද?
ඒ අසරණයින් දිනක් හෝ වැඩිපුර ජීවත් වීමේ බලාපොරොත්තු සඵල කරගන්නේ මේ උදාර මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගය නිසා බව ඔබ මොහොතකටවත් සිතුවාද?
ලොව විශාලතම නොබෙල් පවුල
(රාජපක්ෂ පවුල ගැන දන්නා බොහෝ දෙනා මේ ගැන නොදන්නවා ඇති. :D )
කියුරි පවුල.
1. මාරි කියුරි - නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
2. පියරේ කියුරි (මාරි කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
3. මාරි කියුරි - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1911
4. අයිරින් කියුරි (මාරි සහ පියරේගේ දියණිය.) - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
5. ජීන් ෆෙඩ්‍රික් ජුලියට් කියුරි (අයිරින් කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
6. හෙන්රි රිචර්ඩ්සන් ලැබියුෂෙ (මාරි සහ පියරේගේ බෑණා, ඊව් කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් සාම ත්‍යාගය 1965
7. හෙලේනා ලැන්ග්විට් ජුලියට් (අයිරින් කියුරිගේ දියණිය.) නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව (නිර්දේශිත.)
මේ සියලු සාර්ථකත්වයන්, විද්‍යාව වෙනුවෙන් කරන ලද අනුපමේය සේවාවන් පසුපස කඳුලින් ලියැවුණු තවත් කතාවක් ඇත. එනම් මෙයින් බොහෝ දෙනා, විකිරණශීලිතාව (Radioactivity) ගැන පර්යේෂණයන්හි නිරතව සිට එයින්ම සිය ජීවිතය අකාලයේ කෙළවර කරගත්, වඩාත් සංවේදීව කියනවා නම් දිවි පිදූ විශිෂ්ටයින්. ඒ විකිරණ වලට නිරාවරණය වීමෙන් ආසාධනය වූ රුධිර සෛල අවසාධනය ආශ්‍රිත වූ රෝග තත්ත්වයන් හේතුවෙන්.
මොවුන් භාවිත කළ පොත් පවා අධික ලෙස විකිරණශීලී බවක් අදටත් දක්වනවා.
*මාරි කියුරි වයස 66දී මියයන්නේ ඇප්ලාස්ටික් ඇමීනියා නම් මෙවැනි රෝගයකින්.
*පියරේ වයස 46දී මිය ගියේ රිය අනතුරකින් වුවත් ඒ වනවිටත් ඔහු ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිටියා. ඔහු මග මග ඇද වැටුණේද ඒ වනවිට ඔහු ශාරීරීකව බොහෝ දුර්වලව සිටි නිසා.
*අයිරින් මියගියේ වයස 58දී ලියුකේමියාවෙන්.
*අයිරින්ගේ සැමියා ෆෙඩ්‍රික්ද මියගියේ වයස 58දී.

අපි දික්කසාද වෙමු
වෙනස් සංස්කෘතියක තියෙන කිසිම දෙයක් අපිට මතුපිටින් බලා හොඳ නරක නිර්ණය කරන්නට නොහැකියි. මේක තේරුම් ගැනීමේ අඩුපාඩුවක් නිසා මම මේ ලඟදි අලි අමාරුවක වැටුණා.
මගේ රුසියානු ජාතික මිතුරිය මරීයා වරක් මගෙන් විමසුවා "ඔබේ රටේ මිනිසුන් ජීවිත කාලයම එකම සහකරුවා සමඟ ජීවත් වනවා. දික්කසාදය සලකන්නේ අවමානයක් ලෙසටයි. මේ ගැන ඔබේ මතය කුමක්ද?"
මගේ පිළිතුර වූයේ
"ඒක අපේ සංස්කෘතියේ තිබෙන හොඳ දෙයක්. මා එයට කැමතියි."
ඇය මා දෙස හැරී බැලුවේ විමතිය හා මදක් අවඥාව මුසු බැල්මකින්.
"ඔබ විද්‍යාඥයෙක්. මං වගේ කළමණාකරණ උපාධිධාරියෙක්* නොවෙයි. ඇයි ඔබ වගේ කෙනෙකුත් එහෙම පටු විදියට හිතන්නේ?"
මෙවර තිගැස්සී ගියේ මම. මෙවැනි චෝදනාවක් කවදාවත් මට එල්ල වී නැහැ. ඊළඟ මොහොතේ ඇය එය පැහැදිළි කළා.
"මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සිතන පතන විදිය පවා වෙනස් වෙනවා. ඉලක්ක, අරමුණු වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒ අරමුණු වලට යනකොට තමන්ගෙ ආදරණීයයන් අමතක වෙනවා.
එතකොට එතැන ඉන්නේ අපි ආදරය කළ කෙනා හෝ විවාහ වූ දිනයේ සිටි කෙනා නොවෙයි. මං අහන්නේ අපි ආදරය කළේ වෙන කෙනෙකුට නම්, අහවල් මගුලකටද අතීතයෙ හිටි කෙනෙකුට මැරීගෙන කත් අදින්නේ?. අතීතයේ ජීවත් වෙන්නේ. වර්තමානයේ ජීවත් වන අපිව වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකෙ ඉඳිද්දි අපි මොකටද එහෙම අය නොසොයා දුක් විඳ විඳ ඉන්නෙ? මට නම් තේරෙන්නේ නැහැ."
මම නිරුත්තර වුණා.
ගමනාන්තයට ළඟා වීමට ගත වූ ඊළඟ පැය 2 1/2 ම මම කල්පනා කළේ ඇගේ පිළිතුරේ තර්කාණුකූල භාවය හා එයට අභියෝග කළ හැකි පිළිතුරක් ගැනයි.
ඇය නැගූ ප්‍රශ්නය තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා.
"මිනිස්සු වෙනස් වෙනවා නම්, ඇයි අපිට වෙනස් වෙන්න බැරි?"
----------------------------------------------------------------------
*මගේ කළමණාකරණ උපාධිධාරී මිතුරන් තරහ වන්නට එපා. මේ ඇය කියපු දේ එළෙසින්ම සිංහලට නැගූ විට හැඟෙන අදහසයි.. මගේ පෞද්ගලික මතය නම් කිසිම උපාධිධාරියෙක් වෙනත් කිසිම උපාධිධාරියෙකුට වඩා ලොකු නැත කියාය.

Tuesday, February 17, 2015
හයිබ්‍රිඩ් සිහිනය බොඳ කළ එකාලාට සුද්ධ සිංහලෙන්....
හයිබ්‍රිඩ් ගැන හරවත් සමාජ කතිකාවතක් ඇතිවෙමින් පවතී. එයට පොහොර දමමින් බ්ලොග් එකෙහි මකුළුදැල් කැඩීමට තීරණය කළෙමි.
සතුට නම් සිළුමිණේම මෙවැනි අගනා අපක්ෂපාතී ලිපියක් පළ වීමය. (එහෙත් යහපාලනය ෂෝක්..! කීමට ඉක්මන් නොවෙමි.)
ලංකාවේ හයිබ්‍රිඩ් මෝටර් රථයක් භාවිත කරන අයගෙන් 95% කට වඩා උගත් වෘත්තිකයින්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධනපතීන් වන දේශපාලඥයින්, සුපිරි වය්‍යාපාරිකයින්, නින්දගම් වලින් ඕසෙට සල්ලි ගලන නායක හිමිවරුන්, මහාපරිමාණ ටියුෂන් ගුරුවරුන් වැන්නවුන් ඉන්ධන පිරිමැසීමක් හෝ පරිසර හිතකාමී බවක් ගැන තකන්නේ ඉතාමත්ම කළාතුරකිනි. ඒ අනුව හයිබ්‍රිඩ් රථය යනු මෙරට උගත් වෘත්තිකයාගේ නිල වාහනය යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
උදාහරණක් ලෙස, මා ලැබූ අධ්‍යාපන පසුබිම මත, මගේ මිතුරන් බොහෝ දෙනා තොරතුරු තාක්ෂණික හෝ ඉංජිනේරු වෘත්තිකයින්ය. නැතහොත් සරසවි ඇදුරන්ය. ගණනින් 70ක් පමණ වන මගේ උසස් පාසැල්, විද්‍යාවේදී, පශ්චාත් හා ආචාර්ය උපාධි බැචාලාගෙන් හා මා සේවය කළ ආයතන සතරෙහි වෘත්තීය සඟයන්ගෙන් 50ක් පමණ එක්කෝ හයිබ්‍රිඩ් රථයක් භාවිත කරති; නැතහොත් ළඟදීම එකක් මිළදී ගැනීමට බලාපොරොත්තු වෙති. එය පෞද්ගලිකව මා සම්බන්ධයෙන්ද අදාලය.
මෙවැනි සන්දර්භයක් තුළ මෙරට උගත් වෘත්තිකයින් සූරා කන මෙවැනි අම්බරු ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් සිදුවන්නේ මෙරට ගැන උගතුන් කළකිරී බුද්ධි ගලනයට ඉණිමං බැඳීම මිස අන් කිසිවක් නොවේ.
මෙවැනි අදූරදර්ශී රොබින්හුඩ් ප්‍රතිපත්ති හදනා එකාලා දැනගතු යුතු දෙයක් ඇත. එනම් පසුගිය රජය පිරිහීමට 6% කාලයේ උගතුන්ට කරනලද අවමන් පාරාවළල්ලක් ලෙස ක්‍රියාකළ බවත්, එකී දූෂිත රජය පෙරලන්නට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හා විශ්වවිද්‍යාල ප්‍රජාව සාධනීය මෙහෙවරක් ඉටු කළ බවත් ය.
එවන් සරසවි ප්‍රජාවේ හා ඉන් පිටවන්නන්ගේ වත්මන් හා අනාගත බලාපොරොත්තුවල ගෙළ සිඳලන්නට ඉදිරිපත් වන්නේ නම්, නුඹලාට වැඩි දුරක් යා නොහැකිය.
Sunday, February 9, 2014
කාටවත්ම නොකී මගේ ප්‍රේම වෘත්තාන්තය
එක අතකට මේක කිසිම තේරුමක් නැති දෙයක් කියලත් හිතෙනවා. කෙනෙක්ගෙ අතිශයින් පෞද්ගලික ජීවිතේ දේවල් තව කෙනෙකුට හෙළි කරන එක.
ඇත්තටම මේක කියවන කෙනෙකුට ගන්න කිසිම දෙයක් නෑ. නමුත් පුරා අවුරුදු 5ක් මම මේක හිතේ තදකරගෙන හිටියා. මාව හොඳින්ම තේරුම් ගෙන සිටිනවා යයි මා විශ්වාස කරන හිතවත්ම මිතුරු මිතුරියන්වත් මේ කතාව මෙච්චර විස්තරාත්මකව අදවන තුරුම දැනගෙන හිටියෙ නෑ.
එහෙනම් ඇයි මම මේ දේවල් හිටිහැටියෙම වමාරන්නෙ? මටත් හිතාගන්න බෑ ඇත්තම හේතුව.
ආසන්නතම හේතුව මේකයි. අවසානයක්, පරක් තෙරක් පේනතෙක් මානයකවත් නොපෙනෙන මේක මට දැන් ඇති වෙලා. කාට හරි කියලා දාලා හිත සැහැල්ලු කරගන්නයි අවශ්‍ය.
මගේ පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙන් ඔබේ වටිනා කාලය කා දැමීම ගැන දහස් වාරයක් මට සමාවන්න.
මේක ඒක-පාර්ශවික ප්‍රේම කතාවක්. මේ දක්වා කතාව අහපු හැමෝම කිවුවෙ එහෙමයි.
එක-පාර්ශවික ප්‍රේමය, දෙදෙනාගේම එකඟතාවය ඇතුව දළුළා වැඩුණු, ගලා යන, බිඳුණු ප්‍රේමය තරම් උත්තරීතර දෙයක් නොවන බවයි, මට ඒ හැමෝම කිවුවේ. මේක සමාජ සම්මතයක් තරමටම මිනිස්සුන්ගේ හදවත් තුළ පැලපදියම් වී තිබෙන බව දකින්නට ලැබෙනවා. අවසානය කුමක් වුවත්, සම්මත හෝ අසම්මත ප්‍රේම කතා වලින් 99% කටත් වඩා දිවෙන්නේ එම, ඒ කියන්නේ දෙදෙනාගේම කැමැත්ත මත ඇතිවූ ඒවා.
දශක තුනක ජීවිතයේ මා නරඹූ දේශීය-විදේශීය නිර්මාණ දහස් ගණනක් අතුරින් ඒක-පාර්ශවික ප්‍රේමයට තැනක් දීපු නිර්මාණයක් මම දුටුවේ එකම එකයි. ඒ ගුණදාස කපුගේ ගායනා කරන 'උන්මාද සිතුවම්' ගීතය ඇතුළත් 'එක් ටැම් ගේ' සිනමා සිත්තම. මේ සටහන තබන්නට එයින් ලැබුණු ධෛර්‍යය අප්‍රමාණ බව කිවයුතුයි.
මගේ ජීවිතයේ මම තරුණියන් 3 දෙනෙකුට ආදරය කර තිබෙනවා. කියන්න කණගාටුයි එයින් පළමු 2ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක පාර්ශවික ඒවා. ඒ කියන්නේ ඒවාට අනිත් පාර්ශවයෙන් අංශු මාත්‍ර හෝ දිරිගැන්වීමක් ලැබුණේ නැති බව අවංකවම කියන්න ඕනා.
ඉන් පළමු එක ඇතිවූයේ මීට වසර 11කට පෙර, මා උසස් පෙළ හදාරණ කාලයේ. මා සහභාගී වූ රසායන විද්‍යාව කුඩා කණ්ඩායම් පන්තියකට පැමිණි අසල්වාසී සමවයස් තරුණියක් කෙරෙහි. අවුරුදු 3ක් විතර මම බලාපොරොත්තු තියාගෙන හිටියත් ඇය දැඩිව මාව ප්‍රතික්ශේප කළ නිසා සරසවියේ පළමු වසරේ මගේ කණ්ඩායම් ව්‍යාපෘතියක හිටපු කෙනෙකුට මා අවධානය යොමු කළා. මාස කිහිපයක් ඇවෑමෙන් කල් යල් බලලා මා මගේ අදහස ප්‍රකාශ කරන්නට ඔන්න මෙන්න තිබියදී මගේ මිතුරකු ඇයට ඇගේ ගම් පළාතේ පෙම්වතකු සිටින බව සොයාගත්තා. ඉතින් හිත හදාගන්නට සිද්ධ වුණා.
ගොඩක් දෙනෙකුට බොක්කටම වදින්නේ ප්‍රථම ප්‍රේමය බව පැවසෙතත් මා සම්බන්ධයෙන්නම් එය සම්පූර්ණයෙන්ම වෙනස්. හේතුව වඩාත් හොඳ අවබෝධයෙන් යුතුව, වඩාත්ම ගැඹුරින්, අධ්‍යාත්මිකව මම පෙම් කළේ තුන්වන සහ අවසන් වතාවට.
පළමු වසර අවසානයේ විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරපු ක්ෂේත්‍ර චාරිකාවකදී තමයි අපි එකිනෙකාට සමීප වුණේ.
මගේ දෙවන උත්සාහයක් අසාර්ථක වූ නිසා මා සිටියේ තරමක කළකිරීමෙන්. නමුත් ඒ ගමනේදී ඒ වනවිට එකම බෝට්ටුවේ සිටි ඇයව හඳුනාගන්නට ලැබුණා. එකම බෝට්ටුවේ කිවුවේ ඒ වන විට ඇයත් ඇගේ ආදරය බිඳිලා වේදනාවෙන් හිටියේ.
අවුරුදු 2 1/2ක්ම අපේ හිතවත්කම (අවසානයේ ඇය එය හැඳින්වූයේ එහෙමයි.) ගලාගෙන ගියා.
මට ඕනෑ වුණේ ඇගේ ආදරය ස්ථිරවම දිනාගන්නා තුරු කිසිවෙකුටත්ම ඒ ගැන දැනගන්නට ඉඩ නොතැබීම. කොටින්ම මගේ හිතවත්ම මිතුරන්, මිතුරියන්වත් ඒ ගැන හාංකවිස්සියක්වත් දැනගෙන හිටියේ නෑ. ඉන් සමහරු අදවනතුරුත් මේ ගැන දන්නෙ නෑ.
ඇත්ත. ඇය මට කවදාවත්ම 'මම ඔයාට ආදරෙයි' කියා නෑ. අහන අහන කෙනා එය හුදෙක් මගේ හිතළුවක් යයි නිගමනයට එන්නට ඒක පාවිච්චි කරනවා. සමහරවිට ඇත්ත වෙන්න ඇති.
ඒත් ඒ අවුරු දෙකහමාරට අපි අතරේ ඇතිවුණු දුරකතන සංවාද, කෙටි පණිවුඩ, 'මිස්ඩ් කෝල්ස්' (මීට අවුරුදු 7 1/2 කට කළින් ඔය ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවි ජනප්‍රිය වෙලා තිබුණෙ නෑ. 'මිස්ඩ් කෝල්' තමයි හුඟක් ජනප්‍රිය වෙලා තිබුණෙ.)
සමහර දවස්වල මගේ ජංගම දුරකථයට ඇයගෙන් ලැබුණු 'මිස්ඩ් කෝල්ස්' ගණන දුසිම් ගණනක්. කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)ත් එහෙමයි.
ඒ කිසිම එකක 'ආදරය' කියන වචනය තිබුණේ නැති බව ඇත්තයි. නමුත් මේ හැම එකකම සාමාන්‍ය මිත්‍රත්වයට එහා ගිය දැඩි ලෙන්ගතුකමක් තිබුණු බවයි මට හැඟී ගියේ.
ඇයත් මා මෙන්ම ඉතාම සංවේදී හදවතක් තිබුණු කෙනෙක්. ඉතාම සුළු දේටත් මහා ලොකුවට සිත රිදවා ගන්නා කෙනෙක්. මේ අවුරුදු දෙක හමාරට එවැනි සිදුවීම් දුසිම් ගණනක් ඇය මට පවසා තිබෙනවා. සමහර දවස්වල රාත්‍රියට අපි පැය ගණන් හැඟීම්බර කතාවල යෙදුණා. කෙළින්ම ආදරය යන මාතෘකාවට නොබැස්සත් අපි කතා කළේ ඊට ගොඩක් සම්බන්ධ දේවල් ගැන. ජීවිතය ගැන, සමහර දේවල්වල නිස්සාරත්වය ගැන එකිනෙකා හිතන පතන විදිය ආදියයි. එතැනදී මට හැඟී ගිය දෙයක් තමයි, මේ තරම් මම සිතන පතන විදියට අනුකූලතාවයක් දක්වන වෙනත් සිතක් දරන්නෙක් මේ ලෝකේ සිටීම හරිම පුදුම සහගතයි කියන කාරණය. අපි අතරේ ඒ තරම් ගැලපීමක් තිබුණා.
ඇයට මා ගැන හැඟුණේ හුදෙක් සාමාන්‍ය මිත්‍රයෙක් ගැන දැණුන විදියටයි කියා මට තවමත් සිතෙන්නේ නෑ. එය එහෙම වූයේ කෙසේදැයි වචනයෙන් විස්තර කරන්නට බැහැ.
ඒ අවුරුදු 2 1/2 තුළදීම මම ඇයට මගේ ආදරය ප්‍රකාශ කරන්නට සුදුසු අවස්ථාවක් එනතුරු කල්මරමින් සිටියේ. නමුත් විස්තර කරන්නට තේරෙන්නේ නැති හේතුවකට මා එය දවසින් දවස කල් දැමුවා. එය එයට වඩාත්ම සුදුසු වේලාව නොවේයයි මගේ සිත කියූ නිසයි. අනවශ්‍ය ලෙස කළබල වීමෙන් ආදරය පමණක් නොව, ජීවිතයේ හමුවූ වඩාත්ම මා තේරුම් ගත්, අවිහිංසක, සංවේදී, හැඟුම්බර, චාම්, සරල, අවංක යන ගුණවලින් පරිපූර්ණ වූ තැනැත්තියගේ මා කෙරෙහි අවධානය, සැබෑම ලෙන්ගතුකම, ඇසුර පවා අහිමි වී යා හැකි බව මට හැඟී ගියා.
මේ අතරේ ඇගේ යම් සියුම් වෙනසක් මා නිරීක්ෂණය කළා. වෙනදාට වඩා කල්පනාවේ නිමග්න වෙමිනුයි ඇය කාලය ගත කළේ. යම් කෙනෙකුට දුරකථනයෙන් අමතන්නට ඇය උත්සාහ දරණ බවත්, අනිත් කෙළවරෙන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන නිසා යම් තැවුලකින් ඇය සිටින බවයි මට හැඟුනේ. නමුත් ඇගේ නිහඬ බව ප්‍රශ්න කරන්නට මා බිය වුණා. මේ වනවිටත් මට එසේ කිරීමට අයිතියක් තිබුණේ නෑ.
අන්තිමේදී මගේ ප්‍රාණ සමාන යෙහෙළියක් මඟින් මා පිළිබඳව ඇගේ අදහස කුමන ආකාරයක එකක් දැයි දැනගැනීමට මා තීරණය කළා.
මා යෙදවූ යෙහෙළිය ඉතා විශ්වාසවන්ත වුවත්, ඇය කී කතාව මට පිළිගන්නට අපහසු වුණා.
"එයා හොඳ යාලුවෙක් තමයි. ගතිගුණත් ගොඩක්ම හොඳයි. නමුත් එයා වගේ කෙනෙක් බඳින්න නම් මම කැමති නෑ."
එයට හේතුවත් මගේ මිතුරිය උපක්‍රමශීලීව අසාගන්නට සමත් වූ තිබුණා. එයත් විශ්වාස කරන්නට අපහසුයි.
ඇය පවසා ඇත්තේ මෙවැන්නක්:
ඇයට අවශ්‍යයිලු සරසවියෙන් පිටවූ වහාම විවාහ වීමට. ඇය විවාහ කරගන්නා තැනැත්තාට තමන්ගේම කියා නිවසක්, වාහනයක් තිබිය යුතුයිලු.
ඇය වගේ සරල, චාම් (ඇත්තටම මම ඇයට කැමති වන්නට ප්‍රධානම හේතු එකී කී ගුණාංගයි.) භෞතික දේවල් වලට වඩා අධ්‍යාත්මික දේවල් අගය කරන කෙනෙක් හදවතට එකඟව ඒ විදියට කතා කරන්නේ කොහොමද කියා මට සිතාගන්නවත් බැරි වුණා.
මොකද්ද මේ කතාවේ තේරුම කියා මා දින ගණනක් කල්පනා කළා. සමහරවිට ඇය කියපු කාරණය ඇත්ත වන්නට පුළුවන්. හැඟීමවලට ඉඩනොදී යථාර්ථයට මුහුණදෙන්නට ඇය ඉටාගන්න ඇති.
නමුත් මා පරාජය බාරගන්නට කැමති වූයේ නෑ. විශේෂයෙන්ම ඇය වගේ අය අද කාලේ හොයන්න හරිම අමාරුයි.
ඉතින් මම තීරණය කළා ඇයට අවශ්‍ය සුදුසුකම් හදා ගැනීමට.
ඒ වනවිට මම සිහින මවමින් සිටියේ උපාධියේ ප්‍රථම පන්ති සාමර්ථයක් ලබා ආචාර්ය මණ්ඩලයට බැඳීමට. එය මා පමණක් නොවේ, ඇය ඇතුළු මුළු විශ්වවිද්‍යාලයම දැන සිටියා. මගේ ඒ ගැන කිසිවෙකුට අබමල් රේණුවකවත් අවිස්වාසක් තිබුණේ නෑ.
නමුත් ඇය වෙනුවෙන් අවශ්‍යනම් එය පවා අත් හරින්නට මා තීරණය කළා. (මීට වසර 5-6කට පෙර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුට ලැබුණේ ඉතාම සොච්චම් වැටුපක්.)
උපාධිය ලැබූ පසු ආචාර්ය මණ්ඩලයට නොබැඳී ඉංජිනේරුවකු ලෙස පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වී, එයින් ලැබෙන ඉහළ වැටුපෙන් සාපේක්ෂව කෙටි කාලයක් තුළ නිවස හා වාහනය යන අරමුණු වලට ලඟා විය හැකි බව මට පෙනී ගියා.
මේ අනුව, ඒ කැපකිරීම කිරීමට මා සම්පූර්ණ සූදානමින් සිටියා. ඒ අරමුණු ඉටුකරගන්නා තෙක්, තවදුරටත් අපේ සමීප සම්බන්ධතාවය පෙර පරිදිම ඉදිරියට ගෙන යාමටයි මා බලාපොරොත්තු වූයේ.
මේ වනවිට උපාධියේ තුන් වන වසර අවසාන භාගයයි ගතවෙමින් තිබුණේ. ඒ වනවිටත් එකිනෙකාගේ සුවදුක් විමසන කෙටි පණිවුඩ හුවමාරු වෙමින් තිබුණා.
ඒ අතරේ මගේ මිත්‍රයෙක් ගෙනා ආරංචිය නම් මට සුභදායක එකක් වුණේ නෑ. එයින් කියැවුණේ ඇය ඇගේ ගම් පළාත වන මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක නාවික ඉංජිනේරු විද්‍යාව හදාරණ තරුණයෙගෙන් ආදරය අයදින බව.
එක්තරා දිනෙක මම දුටුවා ඇගේ යම් කැපී පෙනෙන වෙනසක්. ඇය වෙනදාට වඩා බොහෝ සතුටින් සිටින බවයි මා දුටුවේ. ඇගේ ජංගම දුරකථනයටත් කිසිම නිවනක් තිබුණු පාටක් පෙනෙන්නට තිබුණේ නෑ.
මා අනුමාන කළ දේ නිවැරදි වී තිබුණා. ඔහු ඇගේ ආදරය පිළිගෙන තිබුණා.
ලෝකයට හොරෙන් ආලය කිරීමේ බරපතලකම මට තේරුණේ එදායි. අපි අතර සිදුවූ කිසිම දෙයක් අප දෙදෙනා හැර අන් කිසිවෙකු දැන සිටියේ නෑ.
එය මට දැඩි කම්පනයක් ඇති කරන්නට සමත් වුවත් හිතේ හැටියට ශෝක වන්නට හැකි වාතාවරණයක් එහි තිබුණේ නෑ. ප්‍රසිද්ධියේ හිතේ අමාරුව පිට කරන්නට යාමෙන් මා උන්මත්තකයෙකු හා කුහකයෙක් යයි මිතුරන් අතරේ ආකල්පයක් ඇති වනවාට මා බිය වුණා.
එදින මා දැඩි තීරණයක් ගත්තා. ඒ දෙබිඩි ජීවිතයක් ගතකරන්නටයි. එනම් ලෝකයට පෙනෙන්නට ඉතාම සාමාන්‍ය ජීවිතයක් ගතකරන අතර දුක, ශෝකය හුදකලාවම විඳ දරාගන්නට. වෙනත් වචනවලින් කියනවා නම් සැහැල්ලු විනෝදකාමී ජීවිතයක් ගතකරන බව මවාපාමින් රහස් ශෝකභරිත ජීවිතයක් ගෙවන්නට.
මගේ එම තීරණය වහාම ක්‍රියාවේ යෙදුණා.
ඒ අනුව දිවාකාලයේ සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකළ මා, දේශන නිම වී පැමිණ කාමරයට වැදී දොර වසා විදුලි පහන නිමා දමා, යහනේ වැතිරී පැය ගණනක් හිතේ හැටියට ශෝක වන්නට මා පුරුදු වූවා.
(කෘෂි විද්‍යා සිසුවෙකු වූ මගේ කාමර සඟයා, හිස් ඇඳක් තිබූ වෙනත් කෘෂි විද්‍යා සිසුවෙකුගේ කාමරයේ ලැගුම් ගන්නට යාම එයට විශාල පහසුවක් වුණා.)
මටත් නොදැනීම ආහාර රුචිය කෙමෙන් කෙමෙන් මගෙන් ඉවත් වී ගියා. තරමක් තරබාරු සිරුරක් තිබූ මගේ ශරීරය ක්‍රමයෙන් කෘශ වී යන්නට පටන් ගත්තා.
ශරීරය දුර්වල වීම හේතුවෙන් මා නිතර රෝගාතුර වන්නට පටන් ගත්තා. රෝගවලට ප්‍රතිකාර ගන්නා බව ඇඟෙවුවත් ඇත්තටම එවැන්නක් සිදු වුනේ නෑ. 'ඕනේනම් ඉබේම සුව වී ගියාවේ. නැත්නම් වෙන ඕනම දෙයක් වුනාවේ' යන ස්ථාවරයක මා සිටියා.
මාස 7කට පමණ මේ විදියට ගෙවී ගියා.....
එකදිගට මාසයක් විතර උණ, ශරීරය අප්‍රාණික බව තිබුණා. හරිහැටි ප්‍රතිකාරයක් ගැනීමට මට වුවමනාවක් ඇති වූයේ නෑ. කෑම අරුචිය උත්සන්නම වුණා. ජීවිතය යන්තම් ගැටගසා ගත්තේ බිස්කට් කිහිපයක් සහ ප්‍රධාන වශයෙන්ම ග්ලූකෝස් වලින් සහ ෆාමසියකින් මිළදී ගත් 'ජීවනී' නම් පානයකින්.
දිනක් මේ මෙහි උච්චයට ළඟා වුණා. සිහිසුන්ව ඇදවැටුණු මා රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වූයේ මගේ රුධිරගත ග්ලූකෝස් මට්ට්ම ඇදහිය නොහැකි තරම් ඉහළ මට්ට්මක පවතින බවයි. සංඛ්‍යාත්මක වශයෙන් එය 667ක් වූවා. එවැනි ඉහළ අගයක් ඔවුන්ගේ ජීවිතයේ කිසි දිනෙක වාර්තා වී නොමැති බව වෛද්‍යවරු ප්‍රකාශ කළා. එහි ප්‍රතිඵලයක් ලෙසට මා තාවකාලික අර්ධ අන්ධභාවයට පත්වූවා.
වැඩිදුර පරීක්ෂණ වාර්තා මගින් වෛද්‍යවරු මවිතයට පත්වුණා. එනම් මට වැලඳී තිබුණේ අකලට වැළඳෙන දියවැඩියා ප්‍රභේදය (Type I/Insulin dependent) නොව, වයස්ගත පිරිසි අතර බහුල Type II/Insulin independent නම් ප්‍රභේදයයි.
ජානමය හේතු නිසා තවත් වසර ගණනාවකින් මතුවන්නට තිබූ ප්‍රවේණික රෝගයක්, අධික මානසික අසංතුළිත භාවය නිසා කල්තියා අත්විඳින්නට සිදු වූ බවයි විශේෂඥ වෛද්‍ය මතය වූයේ.
මා නේවාසිකව ප්‍රතිකාර ලැබූ සති 3 තුළ තුළ මා බලන්නට පැමිණි ලබැඳියන් අතර සෑම දිනකම මම ඇගේ දෑස බලාපොරොත්තු වුවත් කවදාවත් එය ඉටුවූයේ නෑ.
මා මුළින් කී මගේ දෙබිඩි ජීවිතය, වසර 5කට පසුවත් අදටත් නොවෙනස්ව පවත්වාගෙන යනවා. ඉන් මිදෙන්නට මට කවදා හැකියාවක් ලැබේදැයි සිතාගන්නටත් අමාරුයි.

Friday, January 17, 2014
උන්ටම ගිය රටක්....!
ප්‍රභූවරයෙක් මහමග වඩින කල ලේන්සුව අතට ගෙන කාණුවට බැස, දෙකට නැමී 'හාමුදුරුවනේ' යයි කී කලක් තිබුණි. මා සිතා සිටියේ ඒ යුගය අවසන් බවය. එහෙත් ඊයේ අපරභාගයේ සන්ධ්‍යා කාලයේ සිදුවූ එක්තරා අත්දැකීමක් හේතුවෙන් මගේ ඒ කල්පිතය බිඳී ගියේ ය.
වෙහෙසරකර දිනක නිමාව සනිටුහන් වෙද්දී මා රියට ගොඩවූයේ නිවස බලා යාමටය.
වාහනය මාතර - කතරගම ප්‍රධාන මාර්ගයෙන් ඇතුළ් මාර්ගයට දමා වැඩි දුරක් යාමට මත්තෙන් ප්‍රධාන ලාම්පු දල්වාගත්, එක්සත් රාජධානියේ නිෂ්පාදිත නවතම ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ පෙළක් විරුද්ධ දිශාවෙන් එනු දක්නා ලදී.
පාරේ ඉඩ තිබෙන්නේ වාහන දෙකක් යන්තමින් මාරුවීමට පමණි. එසේ තිබියදී රිය පෙරහර පැමිණෙන්නේ අධික වේගයෙනි. ඒ මදිවට ඩිෆෙන්ඩර් වර්ගයේ රථ 4ට මැදිවූ අළුත්ම සුදු පැහැති ලෑන්ඩ් කෲෂර් ප්‍රාඩෝ රථයක් එන්නේ පාර හරි මැදය.
ප්‍රාඩෝ රථය හා මගේ රථය ගැටී අනතුරක් සිදුවීමට ඔන්න මෙන්නය. එහෙත් එහි රියැදුරුට රාජ උෂ්ණය වැදී තිබීම නිසාවෙන්දෝ මා රිය ලං ලංව පැමිණෙනු දැකීම කිසිදු චකිතයක් ඇති කරන්නට සමත් නොවී ඇති බව පැහැදිලි විය. මාර්ගය අයිනට ගනු වෙනුවට එය තවදුරටත් වේගය අඩාල නොවීම මා රිය දෙසට විදුලි වේගයෙන් එනු පෙණින.
ගෑවෙන-නොගෑවෙන ගානට අනතුරක් නොවී රථය බේරාගැනීමට මට ඇති එකම විකල්පය මා ගතිමි. එකම වෙනස ලේන්සුව කරට ගැනීම වෙනුවට ඉංග්‍රීසි කුණුහරුපයක් කියැවීම පමණි.
අපූරු ප්‍රභූවරු!
පිං බත් කෙළින පිං තෙල් වලින් දුවනා පිං වාහන වලින් සවාරි ගසනා පිනාලා නොදන්නා වග නම්, මහමග උන්ගේ අප්පාගේ බූදලයක් නොවන බවත්, දශක තුනක් අනේකවිධ කැපකිරීම් මැද කෘතිමව වඩවාගත් සිය මොළය මිරිකා ගත් මුදලින් ගත් ඉංජිනේරුවාගේ දුප්පත් වාහනය පමණක් නොව, දහඩිය කඳුළ මතින් ගත් කම්කරුවාගේ බයිසිකල් කටුවද පිනට පහළ වූ පින් ප්‍රාඩෝවට, ඩිෆෙන්ඩරයට වඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වටිනා බවත් ය.

Saturday, January 4, 2014
ඉන්ටර්නල්ද? එක්ටර්නල්ද?
මේ සටහන තබන්නට හේතුවූයේ මෙන්න මේ අදහස් දැක්වීම යි.
සරලවම එහි කියන්නට යත්න දරන්නේ, බාහිර උපාධිධාරියාට වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් 'සම තැන දීම' අසාධාරණ බවයි. කරුණාකර සටහන අවසන් වන තුරු මගේ ආකල්පය ගැන අවසන් තීරණයකට එන්න එපා.
රජයේ විශ්වවිද්‍යාලයක පූර්ණකාලීනව උපාධියක් හදාරණ කෙනෙක්ගේ ජීවන අත්දැකීම් වෙනස්. මොකද විශ්වවිද්‍යාලයක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය විශ්ව-විද්‍යාලයක් (Univers-ity) වන නිසා. එයින් ලැබෙන්නේ අද්විතීය විශ්වීය (Universal) දැනුමක්. පොත පතේ දැනුම පමණක් නොවෙයි.
ගෙදරදී තමන්ගෙ රෙද්දක් හෝදගන්න බැරි, තේ එකක්වත් හදාගන්න බැරි හාමුලා, කුමාරිහාමිලා කැම්පස් ඇවිත් අගේට තමන්ගේ වැඩ කරගන්නවා. අවුරුද්දකින් දෙකකින් අගේට උයන්නත් ඉගෙන ගන්නවා. ගෙදරදි බැරිවෙලාවත් ආයුධයක් අල්ලන්නෙ නැති, කැත්ත උදැල්ල අල්ලන්න දන්නේවත් නැති උන් අගේට මළ ගෙවල්වල කාණු කපනවා. වත්තෙ හතර මායිම නොදන්න උන් ලංකාවෙන් තුනෙන් දෙපංගුවක් කවර් කරනවා. කුණුහරුපයක් ඇහුණොත් ලැජ්ජාවෙන් මූණ රතුවෙන උන් අපූරුවට කුණුහරුප කියනවා. කෙල්ලෙකුටනම් ඇඹරෙන්නේ නැතුව අහගෙන, දරාගෙන ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. (මේ හැමදේම ජීවිතේට වැදගත්.)
කැම්පස් එකක් කියන්නේ සමාජයේ සෑම ජනකොටසකම නියෝජනයක්. සෑම ජාතිකයකම, සෑම ආගමකම අය එතන ඉන්නවා. විවිධ සංස්කෘති එහිදී මිශ්‍ර වනවා. ඒ විතරක් නොවෙයි, විවිධ මත, ආකල්ප දරන පුද්ගලයින් හා ගැටෙන්න වෙනවා. විවිධ සමාජ වලින් පැමිණි අය (ධීවර ආදී.), විවිධ තරාතිරම් වල අය, විවිධ දේශපාලන මත දරන අය, කුලභේද සලකන අය, උඩරට-පහතරට භේද සලකන අය, විවිධ දුර්ගුණ, විකෘති ඇබ්බැහි වලට යොමු වුණු අය ආදී වශයෙන් සංකීර්ණ සංකලනයක්. ඒ හැම ජාතියේම අය එක්ක එක නේවාසිකාගාරයේ, එක කාමරයේ ඉන්න සිදුවනවා. (උදාහරණයක් විදියට සරසවි ශිෂ්‍යයන් අතරේ ඉන්නවා ගංජා පානය කරන අය, මම හොඳට දන්නවා. අපේ හොස්ටල් එකේ හිටියා හෙළුවෙන් ඇවිදින එකෙක්.)
සාමාන්‍ය පවුලක කෙනෙක් වන මම, කෝටිපති ව්‍යාපාරිකයින්ගේ දෝණියැන්දලා එක්කත්, මහපොළ 2,500න් තමනුත් ජීවත් වෙලා ඉතුරු කරලා ගෙදරටත් යැවූ අන්ත දුගී අසරණ 'තෙලා' එක්කත් එකම පොල් රොටිය බෙදාගෙන කාලා තියෙනවා.
කැම්පස් එනකොට සිංහල වචනයක් වත් නොදන්න (පස්සේ අපිටත් වඩා දක්ෂ විදියට සිංහල කුණුහරුප කියපු.) දමිළ 'කැනා' (ඔය පහළ පිතූරෙ දැකුම්-කළුවට ඉන්නෙ කැනෝජන් හෙවත් ආරණීය 'කැනා'. උගේ ගැන වෙනම සටහනක් නෙමෙයි පොතක් ලියන්න පුළුවන්. හරිම ආතල් ඩයල් එක.) ප්‍රධාන චරිතය රඟපාපු සහ ෆයිරූස්, ෂිෆාන් සහ රිෆ්කි මුස්ලිම් මිතුරන් වෙතින් සහාය නළුවන් විදියට උපරිම සහයෝගය ලබපු වේදිකා නාට්‍ය 3ක් සාර්ථකව වේදිකාගත කරලා තියෙනවා.
කැම්පස් ජීවිතේ උපරිමෙන් විඳපු කෙනෙකුට, ඒ කියන්නෙ විවිධ සංස්කෘතින් එක්ක මිශ්‍ර වෙච්ච කෙනෙකුට කවදාවත් පට්ට ජාතිවාදියෙක් වෙන්න බෑ. කැනාල හිතන්නෙ, පතන්නෙ, අපිව දකින්නෙ කොහොමද කියන එක තේරෙන්නෙ උන් එක්ක එකට කාපු, පිස්සු කෙළපු උන්ට විතරයි. උන් අපි ගැනත්, අපි උන් ගැනත් හිතන හැටි වෙනස් කරන්නෙ නැතුව කවදාවත් මේ රටේ ජාතික ලෙඩේ - ජාතිවාදය නිට්ටාවටම සුව කරන්න බෑ. මෙන්න මේ අතිනුත් (හරියට) කැම්පස් ගියපු එකෙක් සාමාන්‍ය එකෙකුට වැඩිය පරිණත වෙනව.
සංවිධානය කරපු දන්සැල්, අවුරුදු උත්සව, වෙසක් උත්සව, රාමසාන්, දීපවාලි ආදී උත්සව සංබ්‍යාව මෙච්චරයි කියා කියන්න බෑ. ගියපු විනෝද චාරිකා ගණනත් ඉලක්කම් දුසිම් කිහිපයකට අඩු නෑ. කොටින්ම මගේ ඡායාරූප එකතුවෙන් 90% කටත් වඩා තියෙන්නෙ ඒ සදා අමතක නොවෙන මිහිරි මතක.
මිනිසුන් එකිනෙකා තේරුම් ගන්නවා. අන්‍යෝන්‍ය සහයෝගය, නායකත්වය, සංවිධානය, වගකීම් ඉසිලීම, මිනිස්සුන්ගේ අමාරුකම් තේරුම් ගැනීම, වැරදි වලට සමාව දෙන්නට ඉගෙන ගන්නවා.
කණ්ඩායමක් විදියට වැඩ කරන්නේ කොහොමද (කණ්ඩායම් ව්‍යාපෘති වලදි.), ඒ වගේ වෙලාවක එකෙක් වැටුණොත් (ලව් සීන් එකක් නිසා/ආර්ථික හෝ වෙනත් නොසිතූ විරූ මානසික/සාමාජයීය ආදී සංවේදී ගැටළුවක් නිසා) කොහොමද ඌව ගොඩ දාන්නෙ කියලා ඉගෙන ගන්නවා.
කැම්පස් උප සංස්කෘතියෙ(sub-culture) තියෙනවා 'කුප්පිය දානවා' කියල එකක්. මේකෙදි කරන්නෙ දේශනවලදි ගොඩක් අයට නොතේරෙන කරුණු, තේරුණු කෙනෙක් සරලව කියා දෙන එක. පුදුමය කියන්නෙ මහාචාර්යවරු මාස ගණන් කියලත් තේරෙන්නෙ නැති ඒව කුප්පියෙදි විනාඩි ගණනෙන් තේරෙන එක. (ඒක භාෂාමය සහ ආකල්පමය හේතු මත සැබෑ වන ආශ්චර්යයක්. ආකල්පමය කිව්වෙ සමහරු මහාචාර්යවරු කියන දේවල් තේරෙන්නෙම නෑ කියල පූර්ව-ආකල්පෙක ඉන්න නිසා.) මේ අත්දැකීම් සාමාන්‍ය ජීවිතේට වගේම වෘත්තීය ජීවිතේටත් ඉතාම වැදගත්.
දුප්පත්-පොහොසත් සෑම දෙනෙක්ම ජීවිතය හරියටම අත්දැකීමෙන් විඳින්නේ මෙහිදි කිව්වොත් එය නිවැරදියි.
මේ පහත තියෙන්නේ ඒවාට සාක්ෂි. මේ අඩවිය කියවලා වැඩිම දෙනෙක් සිනාසුනු මෙන්ම අඬපු අනුවේදනීය සත්‍ය සටහන්.
සරසවි ජීවිතයේ රසවත් සිදුවීම්.
සරසවියේදී හමුවූ අපූරුම චරිත
වෙනස් අත්දැකීම්
බලන්න, මේ අඩවියේ සටහන් වලින් වැඩිම ප්‍රමාණයක් සහ ජනප්‍රිය සහ වැඩිම ප්‍රතිචාර (කමෙන්ට්ස්) ලැබූ සටහන් සියල්ලම පාහේ සරසවි ජීවිතයට සම්බන්ධ ඒවා. ඒ කියන්නේ ජීවිතේ හොඳම අත්දැකීම් වලින් අති බහුතරය ලබා තිබෙන්නේ සරසවි භූමිය තුළදී. සරසවි ජීවිතයේ වසරක්, සාමාන්‍ය ජීවිතයේ වසර 5කට මා සමාන කරන්නේ ඒ නිසයි.
නමුත්, සමාජ අත්දැකීම් අතින් අභ්‍යන්තර උපාධිධාරියෙක් බාහිර උපාධිධාරියෙකුට වඩා අනිවාර්යයෙන්ම ඉදිරියෙන් සිටියත් විෂය දැනුමෙන් බාහිර උපාධිධාරියෙක් එවැන්නෙකුට දෙවැනි වන්නේ නෑ.
මා මේ කරුණ කියන්නේ දීර්ඝ කාලීන අත්දැකීම් වලින්. ඔය දෙපිරිසම සමඟ මා විවිධ අවස්ථාවල ගණුදෙනු කර තිබෙනවා. ඇතැම්විට බාහිර උපාධිධාරීන් සිටින්නේ පූර්ණ කාලීනව සරසවි වල ඉගෙන ගත් අයට පවා ඉදිරියෙන්.
බාහිර උපාධිධාරියෙක් සිය උපාධිය සම්පූර්ණ කරන්නේ දහසකුත් එකක් අභියෝග, දුක් කම්කටොළු මැද. අභ්‍යන්තර වුවත්, බාහිර වුවත් උපාධියක් සම්පූර්ණ කිරීම පහසු කටයුත්තක් නොවෙයි.
මෙන්න මේ නිසා, රැකියාවක් ප්‍රදානය කිරීමේදී බාහිර උපාධිධාරියාට සම අයිතිය දෙන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ. සරසවි යන්නට ලකුණු කිහිපයක් මදිවූ පළියට ඔවුන් හෙළා දැකිය යුතු නැහැ. ඔවුනුත් අපේම සොයුරන්, සොයුරියන්.

- තවත් එක් සංවේදී සත්‍ය කතාවක්…
- ඈත පලාත්වල ජීවිත
- විශ්වාසය
- ජීවන සුනාමිය
- කාලය මැවු වෙනසක අරුමේ...
- වචන දුසිමක් කළ විප්ලවයක්.....
- නුඹට අවසරයි.....
- පසුතැවීම
- දැන් හැදෙන ළමයි
බලන්න, මේ අඩවියේ සටහන් වලින් වැඩිම ප්‍රමාණයක් සහ ජනප්‍රිය සහ වැඩිම ප්‍රතිචාර (කමෙන්ට්ස්) ලැබූ සටහන් සියල්ලම පාහේ සරසවි ජීවිතයට සම්බන්ධ ඒවා. ඒ කියන්නේ ජීවිතේ හොඳම අත්දැකීම් වලින් අති බහුතරය ලබා තිබෙන්නේ සරසවි භූමිය තුළදී. සරසවි ජීවිතයේ වසරක්, සාමාන්‍ය ජීවිතයේ වසර 5කට මා සමාන කරන්නේ ඒ නිසයි.
නමුත්, සමාජ අත්දැකීම් අතින් අභ්‍යන්තර උපාධිධාරියෙක් බාහිර උපාධිධාරියෙකුට වඩා අනිවාර්යයෙන්ම ඉදිරියෙන් සිටියත් විෂය දැනුමෙන් බාහිර උපාධිධාරියෙක් එවැන්නෙකුට දෙවැනි වන්නේ නෑ.
මා මේ කරුණ කියන්නේ දීර්ඝ කාලීන අත්දැකීම් වලින්. ඔය දෙපිරිසම සමඟ මා විවිධ අවස්ථාවල ගණුදෙනු කර තිබෙනවා. ඇතැම්විට බාහිර උපාධිධාරීන් සිටින්නේ පූර්ණ කාලීනව සරසවි වල ඉගෙන ගත් අයට පවා ඉදිරියෙන්.
බාහිර උපාධිධාරියෙක් සිය උපාධිය සම්පූර්ණ කරන්නේ දහසකුත් එකක් අභියෝග, දුක් කම්කටොළු මැද. අභ්‍යන්තර වුවත්, බාහිර වුවත් උපාධියක් සම්පූර්ණ කිරීම පහසු කටයුත්තක් නොවෙයි.
මෙන්න මේ නිසා, රැකියාවක් ප්‍රදානය කිරීමේදී බාහිර උපාධිධාරියාට සම අයිතිය දෙන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ. සරසවි යන්නට ලකුණු කිහිපයක් මදිවූ පළියට ඔවුන් හෙළා දැකිය යුතු නැහැ. ඔවුනුත් අපේම සොයුරන්, සොයුරියන්.
Monday, December 9, 2013
බැහැලා බැහැලා දැන්නම් බැහැලා...
දැන් නම් මගේ දේශප්‍රේමී උණ හොඳටම බැහැලා ය.
දේශප්‍රේමයෙන් ඔද වැටී, දේශීය නිෂ්පාදකයා නගා සිටුවීමේ පරම පවිත්‍ර උත්තුංග චේතනාව පෙරදැරි කරගෙන, දේශීය (යයි කියාගත්, චීනයෙන් කොටස් ගෙන්වා එකළස් කරන) සමාගමකින් මිළදී ගත් මෝටර් රථයක් නිසා ය.
ඉතා සුළු අනතුරකට ලක්ව (ඩීමෝ බට්ටෙක් අතුල්ලාගෙන යාම නිසා) ඉදිරිපස Passenger Side දොරේ තහඩුව ටිකක් ඇතුළට එබුණි.
එවෙලේම වීදුරුව පහත් කරන්නට උත්සාහ කළෙමි. මෝටරය කැරකෙන බව දැනුනත් වීදුරුව පහත් වූයේ නැත. යම් හේතුවක් නිසා එය සිරවී තිබුණි.
රක්ෂණ සමාගමෙන් රු. 16,000 ක මුදලක් ඇස්තමේන්තු කර අනුමත කළේය. පිටින් පෙනෙන හානියට වඩා අභ්‍යන්තර හානි තිබිය හැකි බැවින් මා ඒ ගැන විමසුවෙමි.
වීදුරුව පවා සුළු හෝ හානියක් නොමැතිව හොඳින් තිබෙන නිසා ඔවුන් (පමණක් නොව මමද ) විශ්වාස කළේ තහඩු දිගහැරෙන විට අවහිරය ඉබේම විසඳෙනු ඇති බවයි.
අවශ්‍යනම් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ එකඟතාව මත මා එම වටිනාකමට එකඟ වූයෙමි.
නමුත් අවාසනාවක මහත! ගරාජයේදී තහඩුව දිගහැරිය පසුවත් ස්වයංක්‍රීයව වීදුරුව උස් පහත් කිරීම ක්‍රියාත්මක වුණේ නැත.
"පවර් ෂටර් මිකෑනිසම් එකේ" තුනී ප්ලාස්ටික් වලින් තනා තිබූ යම් කොටස් වලට හානි සිදුවී ඇති බවට කාර්මික මහතා මට වාර්තා කළේය.
ඒ අනුව මා එකී 'දේශීය' සමාගමේ අමතර කොටස් අංගනය දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමි.
හානි වූ කොටස පමණක් වෙනම විකුණන්නේ නැති බවත්, මෝටර් ආදී සියළුම කොටස් සමඟ සම්පූර්ණ යාන්ත්‍රණයම මිළදී ගත යුතු බවත් ඔවුන් දන්වා සිටියහ.
නමුත් දැනට එයද ඔවුන් සතුව නොමැති බවත්, එය චීනයෙන් ආනයනය කළ යුතු බවත් ඔවුන් සඳහන් කළහ. ඒ සඳහා මාසයක් පමණ ගතවනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබිණ.
විකල්පයක් ලෙස ඔවුන් යෝජනා කළේ මුළු දොරම අංග සම්පූර්ණව මිළදී ගැනීමටය.
නිකමට එහි මිළ විමසූ මට තරු පෙණුනි.
රු. 86,000 ක්!.
ඉන් අඩක වටිනාකමට ජපන් වාහනයක අංග සම්පූර්ණ දොර 4ම මිළදී ගත හැකිය.
මීට පෙර ඉදිරිපස බෆරය පළුදුවී එය යථා තත්ත්වයට පත් කරන්නට මා හට රු. 75,000ක වියදමක් දරන්නට සිදුවිය.
ඒ ජපන් මෝටර් රථයක බෆරය අළුතින්ම දමන්නට යන්නේ රු. 25,000 ක මුදලක් පමණක් වන සංදර්භයකදීය.
(Spare Parts Division - 077-3512439 හෝ 077-5749360 අංකවලට ඇමතීමෙන් ඉහත කරුණුවල සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරු කරගත හැකිය.)
ස්පෙයාර් පාට්ස් මෙච්චර ලාභ වන මේ රථයේ උසස් කොලිටිය ගැනත් යමක් කිව යුතුමය...
ප්‍රදර්ශනාගාරයේ සිට මගේ නිවසට ඇත්තේ කි.මී. 7ක් පමණි. ඒ ගෙන යන අතරතුර වායුසමන යන්ත්‍රය උපරිමයට දමා තිබීයදී පවා අධික ලෙස දහඩිය දමන්නට වූයෙන් හීට් මීටරය බැලුවෙමි.
අම්මට සිරිය. රතු කට්ටත් පැන තව ටිකකුත් පැන ඇත.
කාර්මිකයෙකු ගෙන්වා පරීක්ෂා කළෙමි. ඔහු රපෝත්තු කළේ රේඩියේටරයට සම්බන්ධ විදුලි පංකාව (Radiator Fan) ක්‍රියාත්මක නොවන බවකි. විලාකය පුවරුව (Fuse Box) පරීක්ෂා කළ ඔහු මට දැවී උණු වී ගිය චීනයේ නිෂ්පාදිත Relay උකරණයක් ගලවා අතට දුන්නේය.
ඒ එවැනි පළමු සහ අවසන් සිදුවීම නොවේ. මේ වනවිට වාහනයේ විදුලි පද්ධතියේ උපාංගවලින් හරි අඩක්ම ජපන් ය. මෙහෙම ගියොත් තව වැඩි දවසක් යන්නට කළින් මෙය ඉබේම ජපන් වාහනයක් වනු ඇත!
'Factory Fitted' ස්වයංක්‍රීය විදුලි අගුළු පද්ධතිය හෙවත් Central Lock System වසර දෙකක් තුළ අළුත්වැඩියා කළ වාර ගණන 4කි. ඒ සෑම අවස්ථාවකදීම ජපානයේ නිෂ්පාදිත සෙන්ට්‍රල් ලොක් සොලෙනොයිඩ් යොදාගැනීමට මා වගබලා ගත්තේ චීනයේ නිෂ්පාදිත කොටස්වල විශ්වසනීයත්වය වරක් දෙවක් නොව, කිහිප වරක්ම මා හට සපථ වී තිබූ හෙයිනි.
නමුත් මා ඉස්තාලය වැසුවේ අස්සයා පැනගිය පසුය. මේ වනවිට එම විදුලි උපාංග හොඳ තත්ත්වයේ ඇති නමුත් දුරස්ථ පාලකය මගින් දොරගුළු ලෑම සහ හැරීම කළ නොහැකිය. පොර සේ දුරස්ථ පාලකයේ බොත්තම ඔබා, අනතුරුව ආදී කාළීන රථයකට මෙන් දොරට යතුර දමා කරකැවිය යුතු වේ.
වායු සමන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබියදී මට ගෝබි කාන්තාරය හෝ උත්තර ධ්‍රැවය මතක් වූයේ වරක් දෙවරක් නොවේ.
ඒ සෑම අවස්ථාවකදීම චීනයේ නිෂ්පාදිත අධි තාක්ෂණික සංවේදක (Sensor) සහ පරිගණක පද්ධති වල නිරවද්‍යතාව මා වෙත මනාව ඔප්පු කර පෙන්වන ලදී.
අන්තිමේදී Climate Control තාක්ෂණය හිතින් අහක් කරගෙන සරල On-Off ස්විචයක් මගින් වායුසමනය ක්‍රියාත්මක කිරීමටත්, සීතල වැඩි වූ පසු එකී ස්විචය යොදාගෙන එය ක්‍රියාවිරහිත කිරීමටත් මට හිත හදාගන්නට සිදු වූයේ අදාල අධි තාක්ෂණික සංවේදක සහ පරිගණකය ප්‍රතිස්ථානගත (Replace) කිරීමට මගේ මාසික ආදායම මෙන් කිහිප ගුණයක් ඕනෑවන බව දැනගත් දිනය. (අවම වටිනාකමක් ඇති කාර් කට්ටක් අමාරුවෙන් දිවුවාට කැම්පස් ගුරුවරු කියන්නේ මහා ලොකු සල්ලිකාරයන් නෙමේය. බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගසාගෙන දුවන තවත් දුප්පත් රජයේ සේවකයෙක් පමණි.)
මේ වනවිට රථයේ ඩෑෂ් බෝඩය මත සවිකර තිබෙන ඔරලෝසුව කෙතරම් හොඳින් ක්‍රියාත්මක වන්නේද යත්, ඉලක්කම් පමණක් නොව ග්‍රීක අක්ෂර මගින්ද වෙලාව දක්වනු ලබයි. නමුත් ඒ වේලාව අදාල වන රට දන්නේ දෙවියන් වහන්සේ පමණි.
මේ වන විට ඉදිරි ෆොග් ලාම්පු වලින් එකක් නිවන් ගිහිල්ලාය.
ඒ අතරේ පිටුපස ෆොග් ලාම්පු පද්ධතියම පත්තුකරන් ගිහිල්ලාය.
වසර දෙකක් ඇවෑමෙන් 'බීට් සයිලන්සරයක්' නොමිළේම හිමි විය.
ආ. අමතක වුණාය. සුපිරි ඉන්ධන පිරිමැස්ම ගැනත් යමක් කිව යුතුමය.
සංවේදී වැඩ කොරන විස්සවිජ්ජාලය තියෙන්නේ එයාගේ ගෙදර සිට කි.මී. 5.5ක් පමණ ඉතා විශාල දුරකින්ය.
මාසයට දවස් 20ක් විතර ඔය දුර එහා මෙහා ගියාම ලීටර් 40ක ටැංකිය සම්පූර්ණයෙන්ම හිඳෙනවා ය. ඒ ටැංකියේ හිලක් තියෙන නිසා නොවේය, සුපිරි චීන තාක්ෂණයෙන් නිර්මිත, මල්ටි පොයින්ට් ඉලෙක්ට්‍රොනික් ෆුඑල් ඉන්ජෙක්ෂන් එන්ජිමේ සුපිරි කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට පින්සිදුවන්නටය.
මේකට හේතුව මගේ ඩ්‍රයිවින් ඉස්ටයිල් එකේ වෙනසක් බව මෙය විශ්ලේෂණය කළ මෝටර් රථ විශේෂඥයෝ කියන්නට වූ නිසා මේ හොරය අල්ලන්නට තීරණය කළෙමි.
1986 ජපානයේ නිෂ්පාදිත කාර් කට්ටක්ද මා සතුව ඇත. ඔය EFI තියා මෙලෝ මළදාන කොම්පීතර තාක්ෂණයක් ඒකට ගෑවිලාවත් නැත. තනිකරම කාබියුරේටර්ය. මේකේ එන්ජින් ධාරිතාව 1500කි. ('දේශීය' රථයේ සිලින්ඩර් capacity 1000කි.)
සැෆාන් එකේ ඒ/සී දාගෙන මාසයක්ම වැඩට ගියත් දැවී තිබුණේ පෙට්‍රල් ලීටර් 20කට අඩු ප්‍රමාණයක් පමණි.
මේ අනුව සුපිරි චීන තාක්ෂණයේ මහිමය සිතාගත හැකිවිය.
කෙසේ වෙතත් (කවුරුහරි අරන් දෙනවා නම්) ක්ෂණිකව ත්වරණය කර අඩු කාලයකදී උපරිම වේගයට ළඟාවිය හැකි සිලින්ඩර 6යේ අධිබල ටර්බෝ එන්ජිමක් සහිත අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්, මර්සිඩීස් බෙන්zස්, වොල්වෝ, ෆර්ජෝ, පෝ(ර්)ෂා හෝ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ, මොන්ටේරෝ වැනි වාහනයක් පවා නඩත්තු කිරීමේ හැකියාව මා සතුව ඇතිබව පෙන්වා දීමට මේ 1000cc. එන්ජිමට හැකිවීම අරුමයක් මැයි!
මේ කියන වාහනය හරිහැටි නඩත්තු නොකර, සෑහෙන දුරක් ධාවනය කළ (එනම් පට්ටා ගසන ලද) සෑහෙන්න පැරණි එකක්යැයි ඔබ සිතනු ඇත.
අහෝ ඛේදයකි!. ඉරකි. තිතකි.!! යටින් දඟරයකි.!!! වසර දෙකක් 'ඉපැරණි' මේ අනගිබවනීය වාහනය, තවමත් ධාවනය කර ඇත්තේ කි.මී. 15,000ක් පමණි!
මේක මෙච්චර ඔඩු දුවනකම් පොල් ගෑවාදැයි ඔබ අසනු නො අනුමානය.
මේ අවුරුදු 2 තුළ වාහනය විකිණූ සමාගමට පැමිණිලි කළ වාර ගණන ඉසේ කෙස් ගණනට විය. (මා තට්ටයෙකු නොවේ.)
"කතාවනම් දෝලාවෙන්, යන්න වෙන්නෙ කකුල් දෙකෙන්" කියමන මතක් කර දෙමින් ඔවුහු ඔවුන්ගේ අති විශිෂ්ට කස්ටමර් කෙයාර් සේවාවෙන් මට සංග්‍රහ කළහ.
ප්‍රතිචාරය ඉතා ඉහළ වූයෙන් අන්තිමේදී මගේ මාධ්‍ය සඟයකු මාර්ගයෙන් එහි වගකිවයුතු නිලධාරියෙකු (නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රේණියේ පුද්ගලයකු) වන ආරියරත්න මහතා (දු. අං. 077-3667667) සම්බන්ධ කර ගැනීමට හැකිවිය. මා කතාකරණ සෑම මොහොතකම මොකක් හෝ වැදගත් මීටිමක සිටින ඔහු බේරෙන්නට බැරි තැන නිශ්ශංක නම් මහතෙකුගේ දුරකථන අංකය (077-0284685) ලබාදෙමින් දක්ෂ ලෙස බෝලය පාස් කළේය.
නිශ්ශංක මහතා උපදෙස් දුන්නේ නිල වශයෙන් පැමිණිල්ලක් දමා එන්නට කියා ය. ඒ අනුව මා සමාගමේ General Line එකට (0114-7844844) ඇමතුමක් ගතිමි. සංවාදය මෙසේ විය:
"හෙලෝ. මම කස්ටමර් කෙනෙක් කතාකරන්නෙ. මට කම්ප්ලේන් එකක් කරන්න ඕන. කොහොමද ප්‍රොසීඩියර් එක?"
එහා පැත්තෙන් ගැහැණු කටහඬකින්
"කවුද කිව්වෙ කම්ප්ලේන් කරන්න කියල?"
"මිස්ටර් නිශ්ශංක."
"එහෙනම් එයාගෙන්ම අහගන්න කම්ප්ලේන් කරන්න ඕන ප්‍රොසිඩියර් එක"
ඇමතුම විසන්ධි විය.
දේශප්‍රේමී වනවාට අපිට මෙහෙම සලකනවා මදිය.

Saturday, December 7, 2013
ආගම, ආගමික සාහිත්‍යය සහ ආගමික සංස්කෘතිය
දර්ශනය, ආගම, ආගමික සාහිත්‍යය සහ ආගමික සංස්කෘතිය කියන්නෙ එකක් නොවෙයි, 4ක්. ඒක තේරුම් ගන්න බැරි අය තමයි මේව හරි ලොකුවට අල්ලගෙන දඟලන්නෙ. (දෙගොල්ලොම, ආගම් අදහන අයයි, මොකක් හරි අල්ලගෙන ආගම් වලට පහර ගහන්න බලාගෙන ඉන්න අයයි.).
දර්ශනය කියන්නෙ යම් ආගමක අධ්‍යාත්මික හර පද්ධතිය. උදාහරණයක් ලෙසට බෞද්ධ දර්ශනයේ නම් පටිච්ච සමුප්පාදය, චතුරාර්‍ය සත්‍යය වගේ තාර්කික සංකල්ප.
ආගම කියන්නෙ තමන්ගෙ ආගමික ශ්‍රාස්තෘවරයගෙ රූපයක් හදාගෙන වඳින එක. ශ්‍රද්ධාව, විශ්වාස, ඇදහිළි..ඕව අයිති ආගමට. මේක පුළුල් පරාසයක විහිදෙනව. දේව සංකල්පවල සිට බෝධි පූජා, පිරිත් /ගීතිකා, ධාතු වන්දනාව / තැන්පත් කිරීම දක්වා.
ඊළඟට පසු කාලීනව එකතුවෙච්ච ආගමික සාහිත්‍යයක් තියෙනවා. මේවයෙ තියෙන හැම දෙයක්ම ඇත්ත නොවෙයි. එහෙම වෙන්න ඕනෙත් නෑ. සමහර ඒව සුරංගනා කතා වගේ.
මේක බෞද්ධ සාහිත්‍යය කියල අතිශයෝක්තියෙ අඩුවක් නෑ. උදාහරණයක් ගත්තොත් ජාතක පොතේ මේ වගේ ඒව ඕනතරම් හමුවෙනව.
සත්තු කතා කරනව, සස ජාතකයෙදි ශක්‍රය හාවගෙ රූපෙ හඳේ කොටනව...
අවුල තියෙන්නෙ ආගමික සාහිත්‍යයේ එන සමහර සුරංගනා කතා පොඩි එවුන් නිදිකරවන්න විතරක් පාවිච්චි නොකර ෆුල් සීරියස් ගැනීමයි. මේ ෆැන්ටසිය බිඳින්න එන එවුන් එක්ක තද වෙන්නේ ඒ නිසයි.
තව සමහරුන්ට ආගමකට පහර ගැසුවා කියා සිතාගෙන ස්වයං ආතල් ගන්නත් පුළුවන් වෙන්නෙත් මේ ආගමික සාහිත්‍යයි, ආගමයි, එහි දාර්ශනික හර පද්ධතියයි ඔක්කොම එකයි කියා හිතාගෙන ඉන්න නිසා. ආගමික සාහිත්‍යයේ එන අතේ මාට්ටු කෙප්පයක් අල්ලගෙන ආගමේ දාර්ශනික පදනමක් නෑ කියල නිගමනයකට එනව.
ඔක්කොම එකයි. මිථ්‍යාවන්. එකක්වත් එපා කියන තැනට සමහරු තල්ලු වෙන්නෙ එවැනි සංදර්භයක් තුළ.
ආගමික සංස්කෘතිය කියන දේ වෙනම දෙයක්. මිනිස්සු අඳින පළඳින විදිය, කතා කරන විදිය, ආගන්තුක සත්කාර කරන විදිය, උත්සව, සැරසිලි, ආවාහ-විවාහ-චාරිත්‍ර, වෙනත් සිරිත් විරිත් ආදී ක්‍රියාදාම වල එකතුවක්. සංකීර්ණ කාරණා රාශියක් මේ සම්මුති-ආචාර ධර්ම පද්ධතිය සම්මත වීමට සහ පැවැත්මට බලපානව. රටේ දේශගුණය පවා බලපානව. (උදා. අරාබි ඇඳුම.) වෙන ආගම්වල, සංස්කෘතීන් බලපානව. ඔය ගවමස් පිළිකුළ් කිරීම පිරිසිදු බෞද්ධ සංස්කෘතීකාංගයක් නෙමේ නේ. ගවයා විශේෂ සහ වන්දනීය වන්නේ හින්දු භක්තිකයින්ට. රටක සංස්කෘතීන් මිශ්‍ර වීම සාමාන්‍යයි. බෞද්ධයින් විවිධ දේව ඇදහිළි, නක්ශත්‍රය වගේ හයර් එකට ගත්ත විශ්වාසයන් පස්සෙ දුවන්න ගන්නෙත් එහි ප්‍රතිඵලයක් ලෙසට.
ආගමේ දාර්ශනික පදනමෙන් බලාපොරොත්තු වෙන්න ඕන පරිපූර්ණත්වය, නිරවද්‍යහාවය, අතිශයෝක්තියෙන් තොර බව සහ විශ්වසනීයත්වය ආගමික සාහිත්‍යයෙන් බලාපොරොත්තු වෙන එක මෝඩකමක්.
ඒ වගේම ආගමික සාහිත්‍යයේ හෝ ආගමික සංස්කෘතියේ අඩුපාඩුවක් අල්ලාගෙන ආගමේ දාර්ශනික පදනමක් නෑ කියන්න හදන එකෙන් පෙනෙන්නෙ ඒ කෙනාගෙ යමක් අවබෝධ කරගැනීමේ නොහැකියාව සහ දාර්ශනික නූගත්කම පමණයි.
(දාර්ශනික නූගත්කම යනුවෙන් මා අදහස් කරන්නේ දර්ශනය පිළිබඳ උපාධි ගසා නැත කියන එක නොවෙයි. ලෝකයේ පිළිගත් විද්වතුන් විසින් ප්‍රාමාණික විශ්ලේෂණයකින් අනතුරුව යම් වලංගුභාවයක් ඇතැයි නිර්ණය කරන ලද යම් දර්ශනයක්, නිසිආකාර හැදරීමකින් තොරව ඒ ගැන අපරිණත අවසන් නිගමනයකට එලැඹීමේ ප්‍රවේශයයි.)
කාල යන්ත්‍රය සහ භෞතිකවාදියෝ
ඔන්න ඉතින් අපේ හේතුවාදී, භෞතිකවාදී අති පණ්ඩිත මල්ලිලා දෙන්නෙකුට දවසක් හම්බුණාලු කාල යන්ත්‍රයක් (Time Machine). නොදන්න අයට දැන ගන්නයි කියන්නෙ, හේතුවාදීන් කියන්නේ භෞතික පැහැදිලි කිරීමක් කරන්න බැරි, විද්‍යාත්මක උපකරණවලට අහුවෙන්නෙ නැති සේරම මිත්‍යාවන් කියලා ෂුවර් පිටම කියන මහා ප්‍රාඥයෝ නේ. එයාල ගැන තවත් කියනවනම් එයාලගෙ අසාමාන්‍ය බුද්ධි මට්ටමට (අයින්ස්ටයිනුත් පරාදයි!) ඔය ආගම් වගේ සිල්ලර කෑලි ගෝචර වෙන්නේ නැති නිසා එයාල නිර්-ආගමික යි (හරි ආඩම්බරෙන් ඒ බව කියන්නෙ).
කාල යන්ත්‍රය(Time Machine) කිව්වෙ අතීතයට, අනාගතයට කාලය, අවකාශය හරහා තරණය කරන්න පුළුවන් මැෂිමකටනේ. තමන්ට යන්න ඕන කාලය ක්‍රි.ව. වලින් හරි ක්‍රි.පූ. වලින් හරි සෙට් කරල, ප්‍රාධූර්භූත වෙන්න ඕන රටත් සෙට් කරල 'ඕකේ' කරන්න විතරයි තියෙන්නේ.
ඉතින් අපේ ගොයියො දෙන්න වැඩර්ල වගේ සෙට් කළා ක්‍රි.ව. 1687. රට විදියට එංගලන්තය සිලෙක්ට් කලා. පොෂ් රටනෙ. එබුව රතු පාටට දිලිසි දිලිසි තිබුණ 'OK' රතු බට්න් එක.
පොඩි අවුලක් වුනානේ. මැෂින් එකේ සුළු කාර්මික දෝෂයක් තිබුන නිසාත්, සීට් බෙල්ට් නොදා හිටපු නිසාත් මේක වේගෙන් කැරකෙනකොට අපේ ප්‍රාඥයො දෙන්නගෙ විශාල ඔලු දෙක හැප්පුනා මැෂිමෙ යකඩ බිත්තියක. හරි වැඩේ තමයි, දුමින්ද සිල්වට වෙඩි වැදුන වගේ මතකය, නූතන දැනුම් සම්භාරයත් එක්කම ඉරේස් වෙලා ගියානෙ මේ දෙන්නගෙම.
ඔන්න දැන් මැෂිම කැරකිල ඉවරවෙලා නතරවෙලා. ඩබල ඇහැ ඇරලා බලනකොට ඇපල් වත්තක් මැද. කොන්ඩෙ වවාගත්ත ටිකක් පිස්සු වගේ ලුක් එකක් තියෙන පොරක් ගල් බංකුවක් උඩට වෙලා පොතක් බලනව. අපේ පොරවල් දැන් හැංගිලා බලන් ඉන්නව.
වැඩි වෙලාවක් යන්න උනේ නෑ, "තහ්" ගාල කොන්ඩෙ වවාගත්ත පොරගෙ ඔලුවට වැටෙනව ගෙඩියක්. ඇපලක්.
"හොඳ වෙලාවට ගහ පොල් ගහක් නොවුනෙ!" අපේ මලයෙකුට කියවුනා.
දැන් පොර (කොණ්ඩෙ වවාගත්තු ඩයල් එක) අහස පොළොව ගැටගහන්න කල්පනා කරනව. මේ අතරෙ අපේ බුවාල මිනිහට කිට්ටු කළා.
"ඔයාල කවුද? මම සර් අයිසෙක් නිවුටන්."
"හඳුනාගැනීම සතුටක් අයිසෙ නිවුටන්"
(අපි මිනිස්සුන්ට ඔය 'සර්', 'ඩොක්ටර්', 'ප්‍රොෆෙසර්' වගේ කැටයම් දාන්නෙ නෑනෙ නම මුළට. එතකොට උන් ලොකු වෙනව. ඒ නිසා කෙළින්ම නම කියල කතා කරනව. මිනිස්සු කවුරුත් එකයි. කෙළින්ම බෝක්කුවක් උඩ ජොයින්ට් එකක් දාන රස්තියාදුකාරයයි, ප්‍රොෆෙසර් කාරයයි ඔය ඔක්කොම එකයි. මොකද දෙන්නගෙම තියෙන්නෙ එකම රතු ලේ නෙ. ආයෙ මොකටද එකෙක් විතරක් ලොකු කරන්නෙ.)
"ඔයාල හොඳ වෙලාවට ආවෙ. මම මේ දැන් විශිෂ්ට නිගමනයකට ආවා. මම හොයාගත්ත මේ ඇපල් ගෙඩිය බිම වැටෙන්න හේතුව."
"හේතුව? මොකද්ද?"
"ගුරුත්වාකර්ෂණ බලය."
"කෝ කොහෙද එහෙම එකක් තියෙන්නෙ. අපිටනම් පේන්නෙ නෑ. මොන උපකරණෙටද ඕක අහුවෙන්නෙ?"
"ඒක අදෘෂ්‍යමානයි. හොඳයි මම ඔප්පු කරන්නම්. සෛධාන්තිකව. ඒකට මාස කීපයක් යයි. හොඳයි, එහෙනම් කියන්න බලන්න ඔයාල හිතන හේතුව ඒ ඇපල් ගෙඩිය බිම වැටුන."
නක්කල් හිනාවක් කට කොනකට නගාගත් අපේ බුවා,
"අපිනම් ඔය අදෘෂ්‍යමාන බලවේග විශ්වාස කරන්නේ නෑ. ඕව පට්ටපල් බොරු. මිථ්‍යාවන් පස්සෙ දුවන්න එපා සහෝදරයා. හේතුව නේද? හේතුව තමයි ඒ ගෙඩිය නටුවෙන් ගිලිහිච්ච එක. නැට්ට කැඩුන්නැත්තන් ඒක තාම ගහේ!. හොඳයි නැද්ද?"
නිවුටන් කාරයා ඉංගිරිසියෙන් කුණුහරුප දෙකක් කියලා අන්තිමට මෙහෙමත් කිවුවා:
"දුප්: පරයෝ මගෙ වත්තට අනවසරෙන් ඇවිත් මාවම චාටර් කරනව. පලයව් ආපු තූත්තුකුඩියකට තොලොන්චි වෙලා මගේ දෑහට නොපෙනී."
ඩබල හනිකට මැෂිමට ගොඩ වෙලා අතට අහුවෙව්ච ඉලක්කම් හතරක් ඩයල් කළා. ඩයල් වුනේ 1895. ටාගට් ඩෙස්ටිනේෂන් ඇවිල්ලා ජර්මනිය.
ප්‍රාධූර්භූත වුනා ලැබ් එකක් ඇතුළේ. පොරක් වීදුරු ටියුබ් එකක් ඇතුළෙ තව මොකක්ද අටවගෙන හෙන බර වැඩක්.
"හෙලෝ. ඔයාල කොහෙන්ද ආවෙ? මේ දොරත් වහල තියෙද්දි?. කමක් නෑ. මම විලියම් රොන්ජන්."
"හඳුනාගැනීම සතුටක්, රන්ජන්. ඔය මොකද්ද ඔය අට්ටාලෙ?"
"මේකද? මම හැදුවා ඇසට නොපෙනෙන කිරණ වර්ගයක්. මේක කොච්චර ප්‍රබලද කිව්වොත් අපේ ඇඟේ මස් පසාරු කරගෙන අනිත් පැත්තෙන් මතුවෙනවා. පොඩ්ඩක් ඉන්න මම ඩිමෝස්ට්‍රෂන් එකක් දෙන්නම් ලෙසටම."
මෙහෙම කියපු පොර බලෙන්ම වගේ අපේ බුවෙක් ඇදලා අරගෙන මැෂිම උඩින් අත තියලා තුනී ප්ලාස්ටික් ෆොයිල් එකක් මැෂිමට දාලා මැෂිම ක්‍රියාත්මක කළා. ටික වෙලාවකින් බැලින්නම් කළු ෆොයිල් එකේ තීන්ත මිනිස් අතක ඇටසැකිල්ලක රටාවට පිච්චිලා.
"මෙහෙම වෙන්නෙ මේ ඉන්විසිබල් රේ එක ඔයාගෙ ඇඟ ඇතුළෙන් ගමන් කරපු නිසා. මම ඒකෙ ඉන්ටෙන්සිටි එක- ඒ කියන්නෙ තීවෘතාව පාලනය කරපු නිසා ඔයාගෙ අස්ථි හරහා ඒ කිරණ ගමන් කළේ නෑ. ඒක නිසයි මේ විදියේ රිසල්ට් එකක් ආවේ." ජර්මන් කාරයා කියාගෙන එනකොටම අපෙ බුවෙක් පැනලා,
"ඇටේ තමයි. බලපන් මචං අපිත් හරි තැනකට තමයි ගොඩ බැහැලා තියෙන්නේ. මේ හලෝ. අපිව තම්බන්න හිතුවා මදි! ඉන්විසිබල් නේද? ඒ කියන්නෙ අදෘෂ්‍යමාන, අපි ඕවා විශ්වාස කරන්නෙ නෑ. තමුසෙ මහ බොරුකාරයෙක්නෙ ඕයි. ඕව කියනවා කොණ්ඩෙ බැඳපු චීනුන්ට!!"
පොරට අම්බානක සලකපු අපේ වීරයෝ දෙන්නා ආයෙත් මැෂිමට ගොඩ වෙලා 1608, නෙදර්ලන්තය ඩයල් කළා.
ඒ පාර මොන මඟුලක්ද? කණ්ණාඩි සාප්පුවක් ඇතුළේ.
පොරවල් දෙකක් බට, වීදුරු කෑළි අටවලා මොකද්ද අටවනවා.
"හෙලෝ, අළුත් කස්ටමර්ලා වගේ. මම හාන්ස් ලිපර්ෂයි, මේ මගේ බොක්ක, zසචාරියස් ජැන්සන්. මොකද කෙරෙන්න ඕනෑ."
"මේ මොකද්ද?"
"මේක තමයි ලෝකෙ පළමුවෙනි සංයුක්ත අන්වීක්ෂය. මේකෙන් ඔය දිලීර වගේ ක්ෂුද්‍ර ජීවීන් බලන්න පුළුවන්."
"ක්ෂුද්‍ර ජීවීන්?"
"ඒ කියන්නෙ?"
"ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් විශේෂයක්"
අපේ බුවෙකුට බකස් ගාල හිනායන්න ආවත් බොහොම අමාරුවෙන් හිනාව තදකරගෙන මෙහෙම ඇහුවා.
"හරි. ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවාමයයි කියමු. කොහොමද ඔප්පු කරන්නේ?"
හාන්ස් කියන පොර ඇතුළට ගිහින් ගෙනාවා දවස් ගාණකට කළින් කාල ඉතිරි වෙලා නොහෝදා තිබුණ පෘට් සැලඩ් කෝප්පයක්.
"බලන්න. මේක පුස් කාලා තියෙන හැටි. මෙහෙම වෙන්නෙ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා."
"ආ ඇත්තද?" කෝචොක් හිනාවක් දාපු අපේ වීරයා
"දැන් මේකෙන් කොහොමද ක්ෂුද්‍ර ජීවීන් කියල කොටසක් ඉන්නව කියල ඔප්පු වෙන්නෙ?"
ඒ පාරනම් නෙදර්ලන්ත කාරයන්ට මළම පැන්නා.
"හරි පොඩ්ඩක් ඉන්නවකො ඕයි මේ මයික්‍රස්කෝප් එක හදාගන්නකම්. එතකොට තමුසෙටම බලාගන්න පුළුවන්."
"තමුසෙගෙ බඩකඩුත්තුව තියාගන්නව ඕයි. මෙතන කෙප්ප කෙළින්නෙ නැතුව. අපි යනවා."
ඒ පාර ඩයල් කළා 1620, ඉතාලිය. කෙළින්ම ඉතාලියෙ පීසා කුළුන පාමුල.
තව රැවුල්කාර පොරක්, පුළුන් රාත්තලකුයි, යකඩ රාත්තලකුයි උස්සගෙන කුළුන මුදුනට නගිනවා.
"ඒ ගැලීලියෝ ගැළලි." ළඟ හිටපු එකෙක් කිවුවා.
"ඔය දෙකම පොළොවට එන්න ගතවෙන්නෙ එකම කාලයක් කියලයි මිනිහ ඔප්පු කරන්න හදන්නෙ. ඒ කියන්නෙ ඇරිස්ටෝටල් කියපු 'බර එක කළින් එනවා' කියන එක බොරු කරන්න."
ටික වෙලාවකින් රැවුල්කාර පොර බිමට බැස්සා. කතාවෙන් කතාවෙන් අපේ බුවාල පොරත් එක්ක හෙනට ෆිට් උණා. මිහිනගෙ ගෙදර ඩිනර් එකකටත් අපේ බුවාට ඉන්විටේෂන් ලැබුණ.
මිනිහගෙ ගෙදරත් තිබුණ යකඩ බම්බුවකට වීදුරු කෑලි ගහල හදපු අමුතු බාණ්ඩයක්.
"ඕකට කියන්නෙ දුරේක්ෂය කියල. මම තමයි ඕක මේ තරම් දියුණු තත්වෙට ගෙනාවෙ."
"ඉතින් මොනාද මේ 'බම්බුවෙන්' කරන්න පුළුවන්?"
"ඇයි ලෝකෙ ගෝලාකාරයි කියන එක ඔප්පු කරන්න පුළුවන්."
"ලෝකෙ ගෝලාකාරයි? ඒ මොන කුණුහරුපයක්ද? මෙච්චර ලස්සනට පැතළියට තියෙන පොළොව ගෝලාකාරයි කියල මිනිහ කියන්නෙ. මාර පොරක්."
"ඒකට සෑහෙන කාලයක් මේකෙන් නිරීක්ෂණය කරන්න ඕනේ. ක්‍රි.ව. 1500දි විතර මැගලන් කියන පෘතුගීසිකාරයා ගියපු චාරිකාවෙන් ඒ සංකල්පය ඔප්පු වෙනව."
"ඒක කොහොමද එහෙම කියන්නෙ? කවුද දන්නෙ මිනිහ රවුමක් ගහල වෙන තැනකින් ගොඩ වුනාද කියල. ඒකට ලෝකෙ ගෝලාකාරම වෙන්න ඕන නෑනෙ." මෙහෙම කියපු අපේ පොර රතු පෑනක් අරන් මැගලන් ගියපු පාර මෙහෙම ලකුණු කළා. (ඔය පින්තූරෙ තියෙන්නෙ අපේ පොර මාක් කරපු සිතියම.)
කොහොමහරි ගැලීලියෝවත් මඥ්ඥං කරල අපේ වීරයො දෙන්න ආපහු යහතින් කාල යන්ත්‍රයට ගොඩ වුණා.
මේ පාර ගැහුව ලොකු අංකයක්. 1911 වගේ.
පොරක් චිත්‍රයක් දිහා බලාගෙන ඉන්නව මෙලෝ රහක් නැතුව. මැද රවුමකුයි, ඒක වටේ රවුමට යන මැස්සො වගේ.
"මේ පොරනම් කළින් උන්ට වඩා ඩීසන් විදියට ඇඳන් ඉන්නව නේද?" අපේ එකෙක් කණට කරල අනිකට කිවුවා.
"මොකක්ද ඔය?"
"මේක තමයි පරමාණුක ආකෘතිය."
"මොකක්?"
"පරමාණුව කියන්නෙ පදාර්ථයේ මූලිකම තැනුම් ඒකකය. මේ තියෙන්නෙ ඒකෙ ව්‍යුහය. මැද තියෙන්නෙ න්‍යෂ්ඨිය. ඒකෙ ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන තියෙනව. වටේට ඉලෙක්ට්‍රෝන කක්ෂවල යනව."
අපේ වීරයෙකුට බකස් ගාල සිනා යනව.
"ඔයා දැක්කද?"
"නෑ. නමුත් එහෙම බවට සාධක තියෙනව."
"කතා වැඩක් නෑ. ඔයා දැක්කද නැද්ද?"
"තාම ඉලෙක්ට්‍රන් මයික්‍රස්කෝප් එක හදල නෑ. හදපු දවසට...."
"බලමු නේද?"
"කොහේද යන පිස්සෙක්..." මෙහෙම කියාගෙන අපේ ඩබල මැෂිමට ගොඩ වුණා.
කැරකුවා මීටරේ ක්‍රි.පූ. 490ට. ඉන්දියාව. රාත්‍රී කාලය.
කහ රෙදි පොරවගත්ත මනුස්සයෙකුට එවැනිම පුද්ගලයෙක් දේශනයක් දෙනවා.
"අර අඹරේ දිලෙන තරුව බලන්න. ඒක එතැන මේ මොහොතේ තියෙනාවායැයි ඔබ සිතනවාද?"
"ඔව්. ඒක එතැන තියෙනවා."
"වැරදියි. ඒක දැන් එතැන නෑ. මීට වසර කිහිපයකට කළින් එය පුපුරා ගියා. දැන් එතැන ඇත්තේ පුපුරායාමට පෙර, අවසන්වරට ඉන් නිකුත් වූ ආලෝකය පමණයි."
මේක අහගෙන හිටපු අපේ පොරක් මෙහෙම කියන ගමන් යානයට ගොඩ වුණා.
"මුන් ඔක්කොටම පිස්සු. මෙච්චර යස අගේට දිලිසි දිලිසි පේන තරුව අවුරුදු ගාණකට කළින් පිපුරුවලු!."
"පිස්සු හැදෙනවා. අනේ අම්මපා, මේ පට්ට කෙබර විශ්වාස කරන මෝඩයනුත් ඉන්නවානේ. ඒ අතින් අපි කොච්චර බුද්ධිමත්ද? "

Subscribe to:
Posts (Atom)

.jpg)

.jpg)