"කාලා...කාලා...විනාශ කරලා...ඇයි මේක වහල තියන්නෙ නැත්තෙ...?" තාත්තාගේ කටහඬේ තියෙන්නෙ තරහකට වඩා වේදනාවක්. මම කම්පියුටරෙන් ඇස් දෙක අමාරුවෙන් ගලවගෙන හැරිලා බැලුවා.
අයියෝ මේ මොන අපරාදයක්ද...? තාත්තා පණටත් වඩා ආදරෙන් ආරක්ෂා කරපු පොත් දුසිම් ගණනක් මීයො කාල විනාශ කරල.
මම දැන් පාවිච්චි කරන කාමරය ඉස්සර අපේ ගෙදර පුස්තකාල කාමරය. ඔව්. තාත්තගෙ පෞද්ගලික පුස්තකාලය. දැන් ඒක මගෙ බුක්තියට සරි වුනත් ලොකු බිත්ති කබඩ් එකක් තියෙනව තාමත් පොත් සිය දහස් ගණනක් තියෙන. අමතක වීමකින් මට ඒකෙ දොරක් වහන්න බැරි වෙලා.
පොත් එකින් එක අරන් ස්ටූල් එක උඩින් තියෙන ගමන් තාත්තා එක පොතක් බොහොම සීරුවෙන් අතට ගන්නවා දැක්කා.
අළුත ඉපදුණු රෝසපාට මී පැටවු හතරදෙනෙක් පොත උඩ එහෙට මෙහෙට පෙරලෙනවා. එතකොටම අපි දැක්ක මී අම්ම උඩ මුල්ලකින් ඔළුව දාල හරිම දුකෙන් බලන් ඉන්නව. තාත්ත හිමීට උන් එක්කම පොත උඩින් තිබ්බ.
"අරන් යනව ළමයි ටික. කරදර කාරයෝ."
මී අම්ම පැටවු ටික කටින් අරගෙන ගියේ රටක් රාජ්‍යයක් ලැබුණ වගේ.
මට කියන්න ඕන කතාව ඕක නෙමෙයි.
ඇත්තටම මේ පොත් තාත්ත අවුරුදු තිස් ගණනක් තිස්සෙ නොකා නොබී එකතු කරපුව කියල කිවුවොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. එකතු කරන්න පටන් අරන් තියෙන්නෙ තාත්ත කැම්පස් ඉන්න කාලෙ. ඒ කාලෙ තාත්ත හරිම දුප්පත්. මුළු මාසෙම වියදමට ගෙදරින් හම්බෙලා තියෙන්නෙ රුපියල් 50ක් වගෙ බොහොම සොච්චමක්. ඒක නිසා කැම්පස් ඉන්න ගමන්ම තාත්ත පත්තර කන්තෝරුවක වැඩ කරල තියෙනව. 'අත් තටු නැති කුරුල්ලෝ' කියල චිත්‍ර කතාවක් ලියල තියෙනව තරුණ පරපුර අතර බොහොම ජනප්‍රිය වෙච්ච. පොත් අරගෙන තියෙන්නෙ ඒ සල්ලි වලින්. සල්ලි ටිකක් අතට ආපු ගමන්ම තාත්ත යන්නෙ මරදානෙ මගී පාලම යට තියෙන දුප්පත් පොත් සාප්පු වලටයි පොත් විකුණන වෙළෙන්දොයි ළඟටලු.
පොත් වලට තාත්ත කොච්චර ආදරේද කියල කියනවනම් ජීවිතේ පරදුවට තියල ඒව රැක ගත්ත අවස්ථා තියෙනව. ඒ දවස්වල උග්‍ර සමාජවාදියෙක් (පස්සෙ 88-89 ජේ.වී.පී. කාරයො කෙළපු පිස්සු දැකපු ඔහු කළකිරුණ. ඔහු දැන් හොඳ බෞද්ධයෙක්.) එයා ගාව තිබිල තියෙනව ලෙනින් පොත් කට්ටලයම. ඒ කාලෙ ඒව ළඟ තබාගැනීම මරණයෙන් වන්දි ගෙවන්න ඕන වරදක්. කවුරුත් කිවුවෙ ඒව පුච්චල දාන්න කියල. ඒත් කවදාවත් පොතක් පුච්චන්නෙ නැති තාත්ත ඒව ඉටි කොළේක ඔතල වළක් කපළ දාල කෙසෙල් ගහක් හිටෙව්වා.
පොත් තරම් මගෙ ජීවිතයට ළංවුණු තවත් වස්තුවක් නැති තරම්.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමනේ සත්‍යතාව හොඳටම අත්වින්ද කෙනෙක් මම.
තාත්තගෙ පුස්තකාලෙ විවිධ විෂයන් අළලා තිබුණ පොත් සිය දහස් ගණනක් තිබුණ. හැම ක්ෂේත්රයකම වගේ. කෙටි කතා, නවකතා, පරිවර්තන, චරිත කතා, දාර්ශනික විග්රහ, ප්‍රබන්ධ කතා, මනෝ විද්‍යාව, යොවුන් නව කතා, සාහිත්‍ය විචාර, නාටය පිටපත්. කොටින්ම සුරංගනා කතාවේ සිට මාක්ස්වාදය, ගැඹුරු බෞද්ධ දර්ශනය දක්වාම. පුදුමාකාර විවිධත්වයක් තිබුණත් වැඩියෙන්ම තිබුණෙ රුසියන් පරිවර්තන.
ඔයින් මෙයින් මමත් පොත් කියවන්න ඇබ්බැහි වුණා. මක්සිම් ගෝර්කිගෙ 'අම්මා', තොල්ස්තෝයිගෙ 'ළමා විය', 'මගේ සරසවි' වගේ පොත් වයස අවුරුදු අට වෙනකොට මම කියවල ඉවරයි.
අපේ තාත්ත ලේඛකයෙක්. පොත් විසිගණනක් ලියල තියෙනව. නමුත් පොත් ප්‍රකාශකයො ඔක්කොමලා වගේ එයාව හූරගෙන කෑව. වැඩියෙන්ම හූරගෙන කෑවෙ ජාතියේ පිනට පහළ වුනායයි කියන, සාහිත්‍ය ලෝකයට අසමසම සේවයක් කරනවා යයි බෙරිහන් දෙන ගොඩගේ මුදලාලි කියල මම බය නැතුව කියනව. තාත්ත මාස ගණන් පර්යේෂණ කරලා, නිදිමරාගෙන ලියපු ලොකු පොත් වලට දුන්නෙ රු. 5000ක් වගෙ සොච්චමක්. සමහර වෙලාවට සල්ලි නොදී පොත් 50ක් විතර දෙනව විකුන ගනින් කියල. පෞද්ගලික වියදමින් පොත් මුද්‍රණය කරන්න තරම් වත්කමක් තිබුණෙ නැති නිසා වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.
ඔය අතරෙ එන්න ඕන සල්ලි ඉල්ලන්න ගිහින් කිහිප දවසක්ම රස්තියාදුවෙලා අන්තිමට කොහොමහරි මුණගැසුනම පොත් ප්‍රකාශකයො එයාලගෙ වෙන පොත් ණයට දෙන්නම්, පොත් බිස්නස් එකක් පටන් ගන්න කියල තාත්තට කියල තිබුණ. (ඒ ඉතින් අපිට තියෙන ආදරේට නෙමෙයි.)
සොච්චම් ගුරු වැටුපෙන් පොත් අච්චු ගහන්න බැරි නිසා තාත්ත ඒකට කැමති වෙලා තිබුණ.
ඉතින් පොඩිවට පොත් සාප්පුවක් දැම්ම ගෙදර.
ඒකෙන් වැඩියම සතුටු වුණේ මම. කියවල තිබුණෙ නැති තවත් පොත් දහස් ගණනක් නොමිළෙම කියවන්න මට අවස්ථාවක් ලැබුණ. කොළඹ ඉඳන් පොත් ලෝඩ් එකක් ගෙනාපු දවසට මම එළි වෙනකම් නිදාගන්නෙ නෑ.
ඒව අහක ගියේ නැහැ. පහ වසර ශිෂ්‍යත්වය මම ඉතාම ඉහළින් සමත් වුනත් කිසිම අමතර පන්තියකට ගියේ නැහැ. එකම එක ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්වත් කළෙත් නැහැ. සාමාන්‍ය පෙළත් එහෙමයි. ඔක්කොම විශිෂ්ට සාමාර්ථ. මාතර දිස්ත්‍රික්කයෙන් 47 වෙනියා.
විශ්වවිද්‍යාලයෙ පවා කණ්ඩායමේ ඉහළම ළකුණු ලබාගෙන ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න තරම් මට වාසනාව ලැබුණෙ තාත්තගෙ පුස්තකාලෙන් මම ලබපු පොත පතට ඇබ්බැහි වීමේ පුරුද්ද නිසාත්, තෝරන්නේ නැතුව ඕනම විශයයක් ගැන ලියවුණු ඕනම පොතක් එක හුස්මට කියවලා ඉවර කරනකම් නින්ද යන්නෙ නැති තරමටම ප්‍රගුණ කරපු පොත් සම්බන්ධ දැඩි ආශාවත් නිසයි.
මගේ සහෝදරියත් ඒ වගේ. එයා පසුගිය සෙමෙස්තරයෙ වෛද්‍ය විද්‍යාලයෙ ඉහළම ළකුණු ලාභියාලු.
ජීවිතේ මුහුණ දීපු කිසිම දැනුම මිණුම හෝ බුද්ධි පරීක්ෂණයකින් අසමත් නොවීමේ රහසත් මේ කියවීමේ පුරුද්ද කියල මට විශ්වාසයි. රූපවාහිනියෙ ප්‍රශ්න විචාරක වැඩසටහන් වල අහන බොහොමයක් ප්‍රශ්න වලට උත්තර මම දන්නවානේ කියල සියුම් ආඩම්බරයක් එනව එහෙම එකක් බලද්දි.
නයා ඇති. තව අපූරු දෙයක් කියන්න බැරි වුණා.
ඒ තමයි තාත්තගෙ ලොකුම පොත් අල්මාරියෙ තිබුණ දොරක් මම වයස 13-14 වෙනකම් මට ඇරුණෙ නැති. නිසි වයස ආවම තාත්ත ඒකෙ යතුරත් දොරේම රඳවල තිබුණ.
ඇත්තටම ඒකෙ තිබුණෙ මොනවද කියල ලොකු කුතුහලයකින් මම හිටියෙ.
ඒකෙ තිබුණෙ ඒ වෙනකොට මම කවර් කරල නොතිබුණ තවත් අපූරු විෂය ක්ෂේත්රයක් ආවරණය කරන්න සමත් දැනුම ගබඩාවක්. ඒ තමයි ලිංගික මනෝ විද්‍යාව, ඒ හා සම්බන්ධ සමාජ විද්‍යා පර්යේෂණ (ඩෙස්මන්ඩ් මොරිස්ගේ 'මනුසත් උයන', 'නිරුවත් වානරයා' වගේ ඒව), තව පොඩි උන්ට කියෙව්වට කිසිම තේරුමක් නැති පොත්. වරදවා තේරුම් ගන්න එපා කුණුහරුප පොත් නොවෙයි, ඔය 'කැළණි පාළම', 'සුද්දිලාගෙ කතාව', 'අපේ කාලයේ කුමාරිකාවගෙ කතාව', 'අයෝමා' වගේ ඒ ලිංගික සූරාකෑම, පුරුෂාධිපත්‍ය, සමාජ අසාධාරණය වගේ තේමාවල වල දුවන ඒවා.
මේවායින් ඒ ඒ වයසට කුතුහලයෙන් ඉන්න අපේ සමාජයේ වැඩිපුර එළිපිට කතාකරන්නෙ නැති දේවල් ගැන වුනත් හොඳ නිවැරදි, පුළුල්, විද්‍යානුකූල දැනුමක් ලැබුණෙ. මේක නිසා වෙනත් අවිශ්වාසදායක ක්‍රම වලට ඒ දැනුම හොයන්න අවශ්‍ය වුනේ නෑ.
අපේ රටේ දැන් ඔය වයසෙ ඉන්න ළමයි ගොඩක් නොමග යන්නෙ ඒ දැනුම ලබන්න එහෙම හොඳ මාධ්‍යයක් නැති නිසා. අඩු ගානෙ ඉස්කෝලෙ ගුරුවරුත් ඔය මාතෘකාව වුවමනාවෙන්ම මග හරිනව. එතකොට ඉතින් සමවයසෙ යාළුවො කියන ඕන බේගලයක් විශ්වාසෙට ගන්නව. අසභ්‍ය පොත් (දැන් කාලෙ නම් තියෙන්නෙ වීඩියෝනෙ.) වල දකින විකෘති හැසිරීම් ස්වාභාවික ඒව කියල හිතාගන්නව. මේකට දරුවො පලි නෑ. ඒ වයසට ඒ දේවල් ගැන කුතුහලක් ඇති නොවෙනවනම් ඌ ලෙඩෙක්. මේ වෙලාවෙ පිහිටට එන ඕන ගෝතයෙක්, මිථ්‍යාවක් විශ්වාස කරන්න කිසිම කෙනෙක් පැකිළෙන්නෙ නෑ. ඒක ස්වභාවිකයි. හරි මගපෙන්වීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මුළාවේ.
මේක ඛේදවාචකයක්. මං හිතන්නෙ මේකට සාර්ථකම විසඳුම සොයා ගැනීමේ ගෞරවය අපේ තාත්තට ලැබෙන්න ඕන.
සමාජයේ ජීවත් වෙනකොට ඔය හැම දෙයක් ගැනම අවබෝධය ඕන වෙනව.
සංවේදී මනුෂ්‍යයෙක් වෙන්නත් කියවීම ගොඩක් වැදගත් වෙනව. ජීවිතයේ ගොඩක් සැප විඳින කෙනෙක්, දුක් අඩුවෙන් උහුලන කෙනෙක් ලෝකෙ දුක් විඳින මිනිස්සු ගැන සමහර වෙලාවට දැන ගන්නෙ පොත පතින් වෙන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නෙ.
පොත් ගැනම ලියපු එකේ මගේ ප්‍රියතම පොත ගැනත් නොකිවුවොත් ඒක පරිප්පු නැති හෝටලේ වගෙ වෙනවනෙ.
විභූතිභූෂණ බන්ධ්යොත්ප්යාය ලියපු අපූර් සංසාර්. මේක 'අපූගේ ලෝකය' නමින් සිංහලට පරිවර්තනය කරල තියෙනව මගේ ප්‍රියතම ලේඛිකාව චින්තා ලක්ෂ්මි සිංහාරච්චි මහත්මිය.
(එතුමිය මගේ ප්‍රියතම ලේඛිකාව වෙන හේතුවත් අමුතුයි. ඒ එයාගෙ ඇත්තම ජීවිත කතාවට මම කැමති නිසා. ගමක හැදිච්ච, අහිංසක ගැමි ආදරයක් ලබපු කෙනෙක්.)
පථේර් පංචාලි (මාවතේ ගීතය), අපරාජිතෝ (අපරාජිත ජීවිතයක්) සහ අපූර් සංසාර් (අපූගේ ලෝකය.) කියන පොත් තුනෙන්ම කියවෙන්නෙ අපූ කියල කෙනෙක්ගෙ ජීවිත කතාව. ඇත්තටම ඒක මුල් කතුවරයගෙ ජීවිත කතාව. (සත්‍යජිත් රායි ෆිල්ම් තුනකුත් කළා මේව පාදක කරගෙන.)
(මම පුනර්භවය විශ්වාස කරන කෙනෙක්) මේක කියවන හැම වෙලාවෙම මේක ලිවුවෙ මම කියන හැඟීම මට එන්නෙ මොකද කියල හිතාගන්න බෑ. ඒ තරම් මේ කතාව මගේ සිතුම් පැතුම් වලට සමීපයි. මෙයාගෙම 'වණ අරණකට පෙම් බැඳ' කියවද්දිදිත් ඒ හැඟීම ම එනව.
මම ඕනම දෙයක් කියවන්න ආසයි.
අදටත් මම කෑම ඔතාගෙන ආපු කඩදාසියක්වත් අතහරින්නෙ නෑ. අකුරක් නෑර කියවල තමයි කුණු කූඩෙට දාන්නෙ.
මම කවදහරි පුතෙක් හැදුවොත් වැඩියෙන් කැමති වෙන්නෙ එයා එයාගෙ තාත්තගෙ විද්‍යාගාරෙ දැවටෙනවට නෙමෙයි, සීයගෙ පුස්තකාලෙ පීරනවට. මොකද ඔහුගෙ මොළය සහ හදවත හැදෙන්න ඕනෙ ලෙයින් මසින් මිසක් යකඩ වලින්වත්, සිලිකන් වලින්වත් නොවෙන නිසා. නැත්නම් මගේ අතින් හැදෙන රොබෝ කෙනෙකුයි එයාගෙයි අතර තියෙන වෙනස මොකද්ද...?
Thursday, May 23, 2013
Wednesday, May 15, 2013
කාට කියන්නද මේ අවනඩුව....?
(හිතේ දුකට ලියැවෙන ඒවා.)
මේ දවස්වල රෑ දෙගොඩහරියක් වෙනකම් රිචර්ච් එකක වැඩ නිසා උදේට මැරුවා වගේ නින්ද යනවා. අද උදේ ඇහැරෙනකොට 9.00ට කිට්ටුයි. මලලසේකර..10ට මගේ ලෙක්චර් එකක්. සාමාන්‍යයෙන් මට පැය භාගයක් විතර ස්ලීප් ඉන(ර්)ෂියා (නිදි මරගාතේ) තිබුනත් වෙලාව දැක්ක ගමන් ඒක කොහෙද නැතුව ගියා.
ඉක්මනට ලෑස්ති වෙලා යාන්තම් 9.30 ට විතර ගෙදරින් පිටත් වුනා. යනකොට මගදි කෝල් එකක් ආවා. කැම්පස් එකේ යාලුවෙක්ගෙන්. මම අද එනවද කියලා ඇහුවා.
ඉතින් පොඩ්ඩක් ස්ලෝ කරන්න වුනා. ස්ලෝ කියන්නෙ ඕන්නම් 40ට අඩු වෙන්නැති 60 ඉඳලා. ඒ ඇසිල්ලෙන් ත්‍රී වීල් බුවෙක් (දැන් ගම් වල කියන්නෙ වීල් කියලනෙ.) වෙට්ටුවක් දාල ඉස්සර කළා.
කෝල් එක ඉවර වෙලා ආපහු වේගෙ වැඩි කළා. මාව ඉස්සර කරපු බුවා දැන් 40ට විතර කොටනවා. මට ඉස්සර කරන්න දෙන්නෙත් නෑ. යන්නෙ පාර මැද.
ලංකාවෙ මිනිස්සුන්ගෙ මහ පුදුම මානසිකත්වයක් තියෙන්නෙ කියල බැන බැන ඔහොම කිලෝ මීටරයක් විතර ආවා. දැන් මම හොඳ ගානට ස්ට්‍රෙස් වෙලා. පාර දෙකට බෙදපු සුදු ඉර කඩ ඉරක් වෙනකම් නොඉවසිල්ලෙන් බල බලා ආවෙ. ත්‍රී වීල් කාරය තාම පාර මැදින් යන්නෙ.
ඉතින් ඒ වර්ණවත් මොහොත උදා වුනා. පාරෙ අනිත් ලේන් එකේ පෙනෙන තෙක් මානෙක වත් වාහනයක් තිබුනෙත් නෑ. වේගෙ ටිකක් වැඩි කරල ඉස්සර කලා. ඊට කලින් හෝන් ගහල සිග්නල් එහෙම දාල ඉඩ ඉල්ලුවට ත්‍රීවීල් ඩයල් එක නෙමෙයි ගණනකටවත් ගත්තෙ.
ඒගොල්ලො වී.අයි.පී.(Very Important Person) නෙවෙයි වී.වී.අයි.පී.(Very Very Important Person) නෙ.
තියෙන ගතිය කියන්නෙ මම ඉස්සර කරද්දිත් ඇඟට කැපුවනෙ.
මගෙ කරුමෙ කියන්නෙ සුදු බඳ පටි බාප්ප කෙනෙක් ඉඳලා අත දැම්මනෙ. දන්න තරමට වරදක් කළෙ නැති වුනත් නීති ගරුක පුරවැසියෙක් වශයෙන් වාහනේ නැවැත්තුවා. දැන් පොරවල් ඉන්නවා මම බැහැල එනකම්. ඕන්නම් වරෙන් කියල මම වීදුරු පාත් කරගෙන හිටිය. එක්කෙනෙක් ආව. මගෙ රියදුරු බලපත්‍රෙ ගත්ත. කතාවත් නැතුව යන්න ගියා. විනාඩි දෙකක් විතර බැලුව එන පාටක් නෑ. බැරිම තැන මම බැහැල ගියා. මෙන්න ලියල තියන් ඉන්නව මාගල වගෙ දඩ කොළයක්.
"ඇයි...?" මම ඇහුව.
"වැරදි විදියට ඉස්සර කිරීම."
"මම ඉස්සර කළේ කඩ ඉරි තියෙන තැනකින්"
"ඒ වුනාට තවපොඩ්ඩෙන් ත්‍රීවිල් එක හැප්පෙනව."
"ඔහොම බැලුවොත් අපිට කවදාවත් වාහනයක් ඉස්සර කරන්න හම්බෙන්නෙ නෑනෙ."
දඩ කොළේ මගෙ අතට දෙන ගමන්
"පොලිසියට ඇවිත් මේක ගෙවල ලයිසන් එක ගන්න පුළුවන්."
මේ හාදයො එක්ක කතා කරල වැඩක් නෑ කියල හිතුන නිසා ඒක අරගෙන මම ආව.
වැඩි දුරක් යන්න හම්බුනේ නෑ. පිටුපස්සෙන් ආපු මට දඩ කොළේ දීපු රාළහමිගෙ ට්‍රැෆික් වාහනේ පාරෙ ඉරි සේරම කපාගෙන මාව ඉස්සර කරගෙන ගියා.
Monday, May 13, 2013
අපේ අල්ලපු ගෙදර මලයගෙ වැඩ හෙවත් ලංකාවේ පළමු සබ්මැරීනය
(මේක මගේම වෙනත් බ්ලොග් අඩවියක තියපු සටහනක්.)
අපේ අල්ලපු ගෙදර ඉන්නවා සාගර විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න පොඩි කොල්ලෙක්.
දවසක් මම ගෙදර ආව විතරයි, මිනිහ කඩාගෙන බිඳගෙන ආව අපේ ගෙදර.
"අයියෙ, සොලිඩ්-වර්ක්ස් තියෙනවද..?"
සොලිඩ්-වර්ක්ස් (SolidWorks) කියන්නෙ ඔය ඉංජිනේරු ඇඳීම් කරන සොෆ්ට්වෙයා එකක්නෙ. ඔටෝකැඩ් (AutoCAD-Computer Aided Design) වගෙ තමයි. හැබැයි මේකෙන් Stress Analysis (බල එහෙම දාල විශ්ලේශනය) කරන්න පුළුවන්. කොටින්ම ආකෘතිය ඇත්තටම implement කළාම (හැදුවම) මොන වගේද කියල Simulate (සමාවෙන්න. ගැලපෙන සිංහල වචනෙ දන්නෙ නෑ. Virtual Reality - අතත්‍ය යථාර්තයද මොකද්ද කියල කියනව) කරල බලන්න පුළුවන්.
"අයියෝ මල්ලි මගේ ගාව තියෙන්නෙ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ පාවිච්චි කරපු රජ කාලෙ වර්ෂන් එකක්නෙ. දැන් අවුරුදු 7ක් විතර පරණයිනෙ. ඒ මදිවට වෛරස් ගාර්ඩ් කාරය ඒකෙ ක්‍රැක් එකත් කාලා. මොන වගේ වැඩකටද...?"
"කමක් නෑ එහෙනම්. මේ පොඩි වැඩකට. කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට."
ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සම්බන්ධ ප්‍රශ්න කීපයකට විසඳුම් අහගත්ත මිනිහ යන්න ගියා.
* * * * * * * * * * * * * * * * *
මම උගන්වන්නෙ විශ්වවිද්‍යාලෙ විද්‍යා පීඨෙ වුනත් ඉංජිනේරු පීඨෙ සෑහෙන ළමයි පිරිසක් මාව අඳුනනවා. එහෙම කෙනෙක් ළඟදි ආව මාව මුණ ගැහෙන්න. ඔය ආගිය කතා අතරෙ මෙහෙම කතාවකුත් ඇදුනා.
"සර් මේ ළඟද ඉන්නෙ...?"
"ඔව්නෙ. කැකණදුර. ඇයි දන්නවද ඒ හරිය..?"
"නෑ. උදිත අතුකෝරල දන්නවද...?"
"ඔව්. දන්නවා. අපේ ගෙවල් ළඟ. අර සාගර විශ්වවිද්‍යාලෙ ඉන්න හාදයනෙ...?"
"මිනිහ පට්ට වැඩ්ඩෙක්නෙ. මිනිහ සබ්මැරීන් එකක් හදල දැන් මාර ප්‍රසිද්ධයි...."
"නෑ...!" මට පුදුම හිතුණා. මෙච්චර එකක් වෙලත් මම හාංකවිස්සියක්වත් දැනගෙන හිටියෙ නෑනෙ.
ඕක තමයි කියන්නෙ ගමේ පුහුලන් ගමට අගේ නෑ කියල.
නොදන්න අයට දැනගන්නයි කියන්නෙ. මේක සරල වැඩක් වගෙ පෙනුනට ගොඩක් අමාරු අභියෝගයක්.
විෂේශයෙන්ම මුහුදු වතුරෙ ඝනත්වය වැඩියි. මුහුද යටදි පීඩනය දරාගන්න විදියට කුටියක් නිර්මාණය කරනව කියන එක පහසු කටයුත්තක් නොවෙයි. සමහර වෙලාවට පීඩනය වර්ග අඟලට ටොන් ගණනක් වෙන්නත් පුළුවන්. පොඩි හරි නොසැලකිළිමත්වීමකින් දුර්වල තැනකින් වතුර කාන්දු (leak) වෙන්න පුළුවන්.
අනිත් එක තමයි මේ තාක්ෂණය හරිම දුර්ලභයි. කිමිදෙන්න සහ ආපහු උඩට එන්න පාවිච්චි කරන්නෙ ටැංකි වලට වතුර පුරවගන්න එකයි ආපහු හිස් කරන එකයි. මේකත් ගොඩක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. අධි පීඩන වායු තමයි හිස්කරන්න යොදාගැනෙන්නෙ.
කෙනෙකුට ගොඩක් සරලයි වගෙ පෙණුනට මේව බොහොම භාරදූර වැඩ. පොඩි හරි වැරදීමකින් ඇතුළෙ ඉන්න කාර්ය මණ්ඩලයට අනතුරක් වෙන්න පුළුවන්.
ඉතින් මේ අභියෝගය ජයගත්ත අපේ උදිත මලයට මගේ උණුසුම් සුභ පැතුම්.
අපේ රටට තවතවත් ඕන මේ වගෙ අළුත් දේවල් කරන මොළ. එහෙම අය ගැන දැනුවත් කිරීම මගේ යුතුකමක් විදියට හැඟුණු නිසයි මේ සටහන. අනිත් එක රට වටේටම මුහුද තිබුණත් අපේ රටේ සාගර සම්පත් ගවේශනය තියෙන්නෙ තවමත් ඉතාම අසතුටුදායක තත්වයක.මේ වගේ අඩුවියදම් දේශීය තාක්ෂණික උපක්‍රම භාවිත කරනවනම් අපිට ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ එන්න සුළු හරි රුකුළක් ලැබෙයි කියල හිතෙනව.
ප.ලි. මේක දැනට සෙමි-සබ්මැරීන්, ඒ කියන්නෙ සම්පූර්ණයෙන්ම ගිලී නොයන මට්ටමේ තියෙන්නෙ. ඒ වුනාට උදිතට අවස්ථාවක් දෙනවනම් සම්පූර්ණයෙන්ම ගිලෙන මාදිලියෙ එකක් වුනත් හදන්න අවශ්‍ය කරන දැනුම තියෙනව කියල මට හොඳට විශ්වාසයි.

අපේ රටේ වැසියන්ගෙ සාමාන්‍ය දැනුම
අවවාදයයි : පණ්ඩිත (ෆුල් සීරියස්) ලිපියකි.
අවුරුද්දට සාමාන්‍ය පෙළ ගණිතය උගන්නපු ගුරුතුමාගෙ ගෙදර ගියෙමි. මේ එහෙදි අහපු කතාවක්.
(ඇත්තම සිද්ධියක්)
විද්වත් සුහද කතාවට සහභාගී වී සිටින්නේ සිංහල භාෂාව පිළිබඳ ගුරු උපදේශකයෙක්, එවැනිම සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ වියතුන් යයි කියාගත් ගුරු භවතුන් කිහිපදෙනෙක් හා අපේ ගණිත ගුරුතුමා ය.
අප ගණිත ගුරුතුමාද හොඳ කලා රසිකයෙකි. අර්ථ රසයෙන් අනූන ගීත විචාරය කිරීම කතාබහේ මාතෘකාව විය.
ආචාර්ය අමරදේවයන් ගායනා කරන 'සන්නාලියනේ' ගීතයද විචාරය පිණිස කරළියට පැමිණියේ ය.
ගණිත ගුරුතුමා : "හැබෑටම කවුද ඕක ලිව්වෙ...?"
කිසිවෙකුගෙන් පිළිතුරක් නොමැත.
අන්තිමේදී සිංහල භාෂාව පිළිබඳ ගුරු උපදේශකතුමා ඉදිරිපත් විය.
"ඕක ලිවුවෙ අපේ සුනිල් ආරියරත්න සර් නෙ."
ගණිත ගුරුතුමා : "පු* තමා."
කට්ටිය මීයට පිම්බාක් මෙනි.
"මහගම සේකර."
මෙය ඇසූ මටද සිනාව නවතාගත නොහැකි විය.
හැබෑටම අපේ රටේ මිනිස්සුන්ගෙ සාමාන්‍ය දැනුමට මොකද වෙලා තියෙන්නෙ....?
අවවාදයයි : පණ්ඩිත (ෆුල් සීරියස්) ලිපියකි.
කලකට ඉහතදී මම අගනුවර සරසවියක ශාස්ත්‍ර පීඨය සඳහා තොරතුරු තාක්ෂණය පිළිබඳ දේශන පැවැත්වීමි.
එදින දේශනය වූයේ තොරතුරුවල ආරක්ෂාව සලසා ගැනීම පිළිබඳව ය.
පරිගණක වෛරස පිළිබඳ හඳුන්වාදීමක්ද කෙරිණ. 'ට්‍රෝජන් හෝ(ර්)ස්' (Trojan Horse) යනු මෙවැනි එක් ද්වේශ සහගත පරිගණක වැඩසටහනකි.(Malware - Malicious Software) . යම් ප්‍රයෝජනවත් වැඩසටහන් මෙන් පෙනී සිට හීන් සීරුවේ පරිගණකයට රිංගා ගැනීම මේවායේ සහලක්ෂණය යි. මේ සඳහා අදහස ලබාගෙන ඇත්තේ සුප්‍රකට ග්‍රීක පුරාණ (ප්‍රබන්ධ) පුරාවෘත්තයක් වන ට්‍රෝජන් අශ්වයා කථා වස්තුවෙනි.
මේ කතාව අසා ඇති අය ඇත්දැයි මා විමසුවේ එය සිද්ධාන්තය වටහා ගැනීමට රුකුළක් වන නිසා ය.
අවාසනාවකි...! සිය ගණනක සිසු පිරිසෙන් එය අසා සිටි එකදු අයෙක් හෝ නොවීය...!!
සෙමෙස්තරය අවසානයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමට ගිය මා පිස්සන් කොටුවේ නොගිහින් බේරුණේ අනූ නවයෙනි..!
හාරසියයකට නොඅඩු උත්තර පත්‍ර වල මහා පරිමාණයේ අක්ෂර වින්‍යාස අඩුපාඩු සහ ව්‍යාකරණ වැරදි නොතිබුණේ අතේ ඇඟිලි ගණනටත් අඩු උත්තර පත්‍ර සංඛ්‍යාවක පමණි.
ඇතැම් පිළිතුරු හාස්‍යොත්පාදක විය. උදාහරණයක් ලෙස FTP යන්නෙහි තේරුම අසා තිබුණි.
(නිවැරදි පිළිතුර File Transfer Protocol) ලබා දී ඇති පිළිතුර : Female Transport Protocol
ඒකනම් කමක් නෑ කියමු. උගන්නපු දවසෙ ආවෙ නෑ යයි හිතමු.
එහෙත් රටේ කලා විශය ධාරාවෙන් ඉහළම ළකුණු ලබා ගෙන රටේ හොඳම සරසවියට එන සිසුන්ගේ සාමාන්‍ය දැනීමේ සහ භාෂා දැනුම පිළිබඳ තත්ත්වය මෙසේනම්...?
මෙයට එක් ප්‍රබල හේතුවක් ලෙස මා සොයාගත්තේ අපේ රටේ සිසුන් තමා හදාරණ පටු විෂය ධාරාව අලලා ලියවී ඇති සීමිත (නිර්දිෂ්ට) පොත්පත් හා බොළඳ නවකතා හැරුණුකොට වෙනත් කිසිවක් කියවන්නේ නැති බවයි.
අපේ අනාගත විද්වත් පරපුර....?

Friday, April 26, 2013
අගනුවර දේපළ මිළට ගන්නේ බලාගෙනයි...
මේ ළඟදී අප හිතවතකු ඉතා දුක් මහන්සියෙන් හම්බකරගත් රුපියල් මිලියන ගණනක මුදලක් මරු කටට යා නොදී වලකා ගත්තේ අනූ නවයෙනි. මෙන්න ඒ ත්‍රාසජනක කතාපුවත..!
රු. ලක්ෂ 45ක මිළකට සුපිරි සහසුකම් සපිරි අංග සම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ යයි යන ආරංචියට ඔහු එහි ගියේය. පුවත සැබෑවකි. නිවස පිහිටා තිබෙන ස්ථානය අනුව සහ නිවසේ වටිනාකම අනුව බැලූ බැල්මටම එය ගජ වාසියක් බව ඕනෑම කෙනෙකුට පෙනී යයි. එවන් නිවසක් ඉඩම සමඟ ගොඩනැගුමට දැන් කාලේ අඩුම ගානේ රු. ලක්ෂ 85ක් වත් වැයවන බව කාගේත් මතය විය. එහෙත් නිවස විකුණා දැමීමට එහි හිමිකරුට තිබූ අසාමාන්‍ය නොඉවසිලිවන්ත භාවය නිසාම අප හිතවතාට තරමක සැකයක් ජනිත වී තිබුණි.
ඒ අනුව ඔහු කළේ නීතිවේදිනියක අප තවත් මිතුරකුගේ බිරිඳගේද සහය ඇතුව එහි යම් නීතිමය ගැටළුවක් පවතීද යන්න සොයා බැලීම ය.
පුදුමයකට මෙන් එහි කිසිදු නීතිමය අවහිරයක් නොවීය. ඔප්පු පිරිසිදුය. තනි හිමිකරුය. වෙනත් උරුමකරුවන් හෝ නඩු නැත. අප හිතවතා අපමණ සතුටු වූ අතර ගණුදෙනුවට සූදානම් විය.
එහෙත් යම් ගුප්ත රහසක් මෙහි ඇතැයි අප හිතවතුන්ට ඉවෙන් මෙන් දැනී තිබුණි. ඒ අනුව මිළ ගෙවීමට ප්‍රථම අනුමාන කරන ලද සියළු සැකකටයුතු කරුණු එකින් එක සොයා බැලීමට තීරණය කරන ලදී.
ඒ අනුව මෙය යම් අපරාධයක් සිදුවූ ස්ථානයක්ද යන්න සොයා බලන ලදී. එම පරීක්ෂණයෙන් අදාල නිවස සමත්වූ අතර මීළඟට අවධානය යොමු කරන ලද්දේ එය අනවසර ගොඩ කිරීමක් මත සිදුකරන ලද්දක් ද, වැසි කාලයට යට වන්නේද, යම් කාලයකට පමණක් පවතින ගන්ධයකට ආදී පීඩාවකට ලක්වන්නේද (ආසන්නයේ යම් රසායනික නිෂ්පාදන සහිත කර්මාන්තශාලාවක් ඇත්ද.) හා අසල්වැසියන්ගෙන් බාධා එල්ල වන්නේද යන කරුණුයි. එම චෝදනා වලින් අදාල නිවස එකින් එක නිදහස් වෙද්දී අප හිතවතාගේ සතුට මෙන්ම සැකයද තීව්ර විය.
කාටත් අමතක වූ කරුණක් කිසිවකු විසින් මතක් කරන ලදී. එනම් මෙය අනාගත සංවර්ධන ව්‍යාපෘතියකට අත්පත්කර ගැනීමට සැලසුම් කර තිබේද යන්නයි. අරුමයකි ! එවන් අවදානමක්ද නොමැති බව පසක් කරගන්නා ලදී.
අවසාන වශයෙන් නිවසේ හිමිකරුගේ වරිතය සහ ව්‍යාපාර පිළිබඳව සොයා බලන්නට තීරණය කළේ මිතුරන්ගේ බලපෑමටය. ඔහු ඉතාම ධාර්මික ව්‍යාපාරිකයයෙකු බවද ඔහුගේ සියළුම ව්‍යාපාර වල සුජාත භාවය පිළිබඳ කිසිදු ගැටළුවක් කිසිදා ඇති වී නොමැති බවද අනාවරණය විය. ඔහු ගැන නරකක් කී කෙනෙකු සොයා ගැනීම උගහට විය.
මේ අතර පොරොන්දු වූ මුදලට වඩා තවත් ලක්ෂ කිහිපයක්ම අඩු කිරීමට නිවසේ හිමිකරු කැමැත්ත පළ කළේ අප පුදුමයෙන් පුදුමයට පත් කරමිනි. ඒ සමඟම ඔහුගේ පරම ඉල්ලීම වූයේ හැකි තරම් ඉක්මනින් ගණුදෙනුව අවසන් කරන ලෙසයි.
එවර නම් අප සිතුවේ නිවසේ හිමිකරු යම් මිත්‍යා විශ්වාසයක් මත එල්බ ගනිමින් යම් නක්ෂත්ර කරුවකුගේ නොමඟ යැවීමකට හසුවී අනවශ්‍ය පාඩුවක් කරගැනීමට තරම් බොළඳ වී ඇති බවය.
එහෙත් අපට වැරදී තිබිණ. අන්තිම මොහොතේ සත්‍යය හෙළිවූයේ අප හිතවතාගේ පූරුවේ පිනකටය.
මෙම නිවස පිහිටා තිබෙන්නේ කඩුවෙළ සිට කොස්වත්ත හරහා පාර්ලිමේන්තුවට යන මාර්ගය අද්දර ය. මෙය ඉදිකරන දිනවලම එක්තරා දේශපාලඥයෙකුට මෙය ගැන සිතක් පහළ වී ඇත. ඔහු කර ඇත්තේ නිවසේ හිමිකරුට සිය සිතැඟි හෙළිකිරීමයි. නමුත් තබා ඇති ලංසුව ඉඳුරාම නොවටිනා එකක් බව දැනගන්නට ලැබිණ.
මේ ගැන උරණ වූ හිමිකරු එයට එකඟ වී නැත. එහෙත් ඔහු කළේ කළු ගලේ ඔළුව ගසා ගැනීමක් බව වටහා ගන්නා විට ප්‍රමාද වැඩිය.
ලංකාවේ දේශපාලන බලය හිමිවීම යනු කප්-රුක පහළ වීමක් යැයි දේශපාකයින් සතු ආකල්පය සනාථ කරමින් සිය සිතූ පැතූ සම්පත අයත් කරගැනීමට (සාධාරණ ක්‍රියාපිළිවෙත පළ නොහෙන කල.) එකී දේශපාලඥයා සිය සුපුරුදු උපක්‍රමය නොහොත් විකල්පය භාවිත කර තිබිණ. එනම් ජීවිතයද, භෞතික දේපළද යන්න තෝරාගැනීමට අදාල නිවසේ හිමිකරුට අවස්ථාවක් දෙන ලද බව සිය පාතාල සඟයින් මගින් දැන්වීමයි.
දාඩිය මහන්සියෙන් හම්බකරගත් දේපළ සිය මරණයට හේතුවක් කරගන්නට කැමැත්තේ කවුරුන්ද...? ඔහු සිය 'ජීවිත තර්ජනය' කාගේ හෝ ඇඟේ ගසා බේරෙන්නට දරන ලද උත්සාහයට තවපොඩ්ඩෙන් ගොදුරු වන්නේ අප හිතවතාය.
මේ මර උගුලෙන් අප හිතවතා ගැළවුනද, මේ වනවිටත් වෙනත් අහිංසකයෙකු එයට ගොදුරු වී ඇතුවා විය හැකිය. තමා ජීවිත කාලයක් දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සේසතම කොහේවත් යන තක්කඩි රැළක් බුක්ති විඳිනු බලා හූල්ලනවා විය හැකිය.
ඒ නිසා කරුණාකර දේපළක් මිළදී ගැනීමට පෙර (ඉහත කී කරුණු වලට අමතරව.) එය රටේ සීදේවි දේශපාලක උතුමෙකුගේ ඇල්ම බැල්ම වැටුණු එකක්දැයි මනා ලෙස තහවුරු කර ගන්න...!

Wednesday, April 24, 2013
එක්තරා ඓශ්චර්යමත් රටක...
වර්ෂ 1933
වෙතයි,
ආචාර්ය ෆර්ඩිනන්ඩ් පො(ර්)ෂ,
මෝටර් රථ ඉංජිනේරු නිර්මාණ ශිල්පී,
ජර්මනිය.
මහත්මයාණෙනි,
ජර්මනියේ ජනතාවගේ පාලකයා ලෙසට මට මගේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් භාවිත කරනවා දැකීමට අවශ්‍යයි.
ඔබ ඒ සඳහා වෝල්ක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව අරඹන්න. ඒ සඳහා සියලු පහසුකම් හා ප්‍රතිපාදන මගේ රටවැසියන් වෙනුවෙන් සලසා දෙමි.
ස්තුතියි.
මීට,
ඇඩොල්ෆ් හිට්ලර්.
එකුන්විසිවැනි සියවස එක්තරා රටක....
මේ රටේ මිනිස්සු වාහන පාවිච්චි කරනවා වැඩියි. ඒය අධෛර්යමත් කිරීමට සෑම යතුරු පැදියකටම අවම බදු මුදල වශයෙන් රු. 70,000ක් ද
කුඩා මෝටර් රථයක් සඳහා අඩුම බදු මුදල රු. 750,000ක්ද වශයෙන් සංශෝදනය කරන්නට නිර්දේශ කරමි.
මීට,
ඓශ්චර්යමත් රටේ මුදල් ඇමති
Sunday, April 21, 2013
මේ දවස්වල එක්තරා රටක.....
පෙනෙන තෙක් මානයේ ඇත්තේ ගිණියම් වූ වැලි තලාවයි...ඒ ශුෂ්ක කාන්තාරය හැර වෙන පිළිසරණක් නැති පීඩිත වූ ගෝත්‍රික ජන කොඨ්ඨාශයක්....රත් වී කැකෑරෙන ලෙය ඔවුන් දරදඬු මිනිසුන් කිරීමට සමත්වී ඇත. ජීවත් වීමට අත්‍යවශ්‍ය සාධකයක් වන ජලය හිඟ කමින් අපිරිසිදු කමින්ද, එයින්ම පැණ නැගුණු රෝග පීඩා, ආසාධන වලින්ද පීඩිත වී සිටින ඔවුන්ට ඇති ජීවත් වීමේ අරගලය මදිවට ඒ මරු කතරම සිය ජීවිත තෝතැන්න බවට පත්කරගත් වෙනත් ගෝත්‍රික කණ්ඩායම් වල ආක්‍රමණ වලටද නිතර මුහුණ දීමට සිදුවේ. එය සම්පූර්ණයෙන්ම කාන්තාරය සතු අතිශයින් සීමිත සම්පත් බෙදාගැනීම සඳහා වූ තරඟයකි. අන් ගෝත්‍රික කණ්ඩායම් සතු සම්පත් කොල්ලකෑම එහි මූලික අරමුණ විය.
විටෙක මේ සියළු ගැටළු වලට විසඳුම් සෙවීම පසෙකලා එකම ගෝත්‍රික කණ්ඩායමේ සාමාජිකයින් අතර අභ්‍යන්තර ගැටුම් ඇතිවේ. ඉතා සුළු කරුණු මුල්කරගෙන පවා පටන් ගන්නා මේ ගැටුම්, අතිශය දරුණු මුහුණුවරක් ගනී. ඇතැම්විට කෙළවර වන්නේ ගෝත්‍රයේ පැවැත්ම උදෙසා වටිනාම සම්පත වන මිනිස් සම්පතට සැලකිය යුතු තරම් විනාශයක් අත් කර දෙමිනි. විශේෂයෙන් බාහිර ආක්‍රමණ වලට සාර්ථකව මුහුණ දීමට නම් පිරිස් බලය ඉතා වැදගත් සාධකයකි. එනම් එකම ගෝත්‍රයේ උන් ඇණ කොටා ගැනීම යනු සිය'තින් ගෙළ සිඳ ගැනීමකි. නමුත් මේ බව පෙන්වා දීමට තරම් ජගතෙක් ඒ ගෝත්‍රය තුළ නොවීය. අනෙක් අතට කර්කෂ පරිසරය මහින් දරුණු සිත් ලබා ඇති ඔවුන්, කෙනෙකුගේ අවවාදයක් පිළිපදින්නට තරම් විනයක් ඇති පිරිසක් නොවූහ.
නමුත්....සිය ගෝත්‍රයේ මිනිසුන් වැටී ඇති මේ නරාවලෙන් ඔවුන් ගොඩ ගැනීමට එක්තරා මනුෂ්‍යයෙකුට අවංකව අවැසි විය. ඔහු මේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම්, හුදකලාව ගැඹුරු කල්පනාවක නිමග්න වෙමින් සොයන්නට තීරණය කළේය. ස්වාභාවිකව පිහිටි එක්තරා ගුහා පද්ධතියක් තුළට වී ඔහු දින ගණන් අහස පොළොව ගැටලන්නට කල්පනා කළේ ය. චින්තන ධාරාව එකම දිශානතියකට දැඩි මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව යොමු වීම ඔහුව යම් අධ්‍යාත්මික දියුණුවක් කරා ගෙනයන්නට සමත් විය. ලැබූ මානසික සංවර්ධනය උපයෝගී කොටගෙන ඔහු සිය ගැටළු වලට විසඳුම් සෙවීය. එවිට ඔහුට පෙනී ගියේ විශ්වයේ මිනිසාට අභිබවිය නොහැකි යම් බලවේග පවතින බවත්, ඒ පිළිබඳව සිය ජනයා දැනුවත් කිරීමෙන් ඔවුන් තුළ ඒ පිළිබඳව යම් බියජනක හැඟීමක් ජනිත කර, එමගින් ඔවුන් යම් තාක් දුරකට හික්මවිය හැකි බවය. මේ බලවේගය ඔහු 'දෙවියන්' ලෙස නම් කළේය.
විශේෂයෙන්ම, මේ බලවේගයට වැරදි කරන අයට දඬුවම් කළ හැකිය යන කාරණය ඉස්මතු කළහොත්, අශිෂ්ටත්වය සෑහෙන දුරකට පාලනය කළ හැකි බව සක්සුදක් සේ පැහැදිලිය.
මේ සංකල්පය හුදෙකලාව ඉදිරිපත් කළ නොහැකිය. මේ සමඟම යම් නීති පද්ධතියක් ද ඉදිරිපත් කළහොත්, එය මූලික හර පද්ධතියක් ලෙස සමාජගත කිරීම සාර්ථක විය හැකිය. ඒවා සර්වබලධාරියෙකු විසින් පණවන ලද දේව නීති බැවින් උල්ලංඝනය කිරීමට ඔවුන් අනිවාර්යයෙන්ම පැකිළෙනු ඇත. කොයි ජගතත් අන්තිමට දඬුවමට ස්වභාවයෙන්ම බියක් දක්වන හෙයිනි.
ඔහු සාර්ථක විය..! කෙතරම් සාර්ථක වීද යත්, ඔහු ඉදිරිපත් කළ සංකල්ප, ආගමක් ලෙසටද, ඔහු ඔවුන්ගේ ආගමේ නායකයා බවටද ඔවුහු ඒකමතිකව පිළිගත් හ. මගපෙන්වීමට කෙනෙකු නොමැතිව අයාලේ ගිය යාත්‍රාවක්, විනාශය පෙනි පෙනී සිටියදී දක්ෂ කප්පිත්තෙක් එහි පාලයන භාරගැනීමෙන් උද්දාමයට පත් නැවියන් මෙන්ම ඔවුහුද මේ ආගම හා එයටම බද්ධ වූ නීති පද්ධතිය දැඩිව වැළඳ ගත් හ.
මෙම නීති අතිශයින්ම ප්‍රායෝගික විය. ශාකමය ආහර අතිශයින්ම දුලබ වූ සන්දර්භයක සත්ව අවිහිංසාවාදයට පැවැත්මක් නැත. බාහිර කොල්ලකෑම් වලට මුහුණ දීමට ඇති සාර්ථක හා ප්‍රයෝගික ක්‍රමෝපාය සතුරාටත් මෛත්‍රී කරමින් බවුන් වැඩීම නොව එම අසාධාරණට විරුද්ධව සංවිධානාත්මකව අවි අමෝරා ගැනීම සහ පිරිස් බලය හැකි තරම් ඉහළ නැංවීමයි.
මේ සඳහා ඇති එකම විසඳුම නම් හැකි තරම් දරුවන් බිහි කිරීමයි. සන්නද්ධ සටන් වලට මුහුණ දී මියයෑම සහ වෙනත් හේතු නිසා ජන ගහණයේ පිරිමි ගහණයට වඩා ස්ත්‍රී ගහණය අධික බව නිරීක්ෂණය කරන ලදී. මේ සඳහා විසඳුම ඒ වනවිටත් ජනප්‍රිය ක්රමක්ව පැවති බහු-බාර්යා ක්‍රමය අනුමත කිරීමයි. තවද, ගෝත්‍රයේ පැවැත්මට අතිශයින්ම තීරණාත්මක සාධකයක් වන මිනිස් සම්පත වැඩිදියුණු කිරීමට දායක වීම ස්ත්‍රීන් සතු ප්‍රධානතම කාර්යභාර්ය බව වටහාගන්නා ලදී. මෙවන් පසුබිමක, ඔවුන්ට වෙනත් අරමුණුවලට යොමුවීමට ඉඩදිය නොහැක. කොයි දේ කරන්නත් ගෝත්‍රයේ පැවැත්ම තහවුරු වී තිබිය යුතු නොවැ? එනම් ඔවුන්ගේ හිතුමතයට වැඩකිරීම නොහොත් අයිතිවාසිකම් ගැන කතාකිරීම සම්පූර්ණයෙන්ම අර්ථශූන්‍ය ය. උගෙනීම වැනි ගෝත්‍රයේ පැවැත්මට සෘජුවම දායකත්වයක් නොදෙන ක්‍රියා වෙනුවට පුරුෂයන් හා එක්වී සිය පිරිස් බලය ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගෙන් අපේක්ෂා කළ පරම යුතුකම විය.
ජලය දුලභ වූ පරිසරයක, නිතිපතා ස්නානය කිරීම ප්‍රයෝගික නැත. අනෙක් අතට, දුහුවිල්ල විසින් නිරන්තරයෙන්ම ගත අපිරිසිදු කරනු ලබයි. විශේෂයෙන්ම, ගැහැණුන්ගේ දිගු වරලසට ධූලි වැකීම මහත් හිරිහැරයකි. මේ සඳහා ඉදිරිපත් වූ විසඳුම සම්පූර්ණ කාන්තා සිරුරම ඇඳුම් වලින් ආවරණය කිරීමයි. ඇත්ත වශයෙන්ම මෙයට වෙනත් හේතු ද නොතිබුණා නොවේ. කඨෝර දිවි පෙවෙතක් ගෙවූ කාන්තාර වාසී පිරිමි, ජීවන සටනෙන් හා සතුකරගත් සම්පත් අන්‍යන්ගෙන් රැක ගැනීමට සටන් කිරීමන් හෙම්බත් වූවෝ, ඔවුන්ට තිබූ එකම සහනය සහවාසයයි. මේ නිසා ඔවුහු ස්වභායෙන්ම සාපේක්ෂව තරමක් කාමුක ගති පැවතුම් ඇත්තෝ වූහ. ආවරණය නොවූ කාන්තා සිරුර, ඔහුන්ගේ හැඟීම් අවුස්සන්නට සමත් වීම ස්වභාවිකය. නමුත් ශිෂ්ටත්වය කරා ක්‍රමිකව පියමං කරන සමාජයක මෙහි යම් පාලනයක් තිබිය යුතුයි. මේ නිසා කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ඉහත කී ක්‍රියාමාර්ගය ගන්නට සිදුවිය.
මීට අමතරව, ඒ වන විටත් පැවති යම් ගෝත්‍රික චාරිත්‍රවලට ආගමික අරුතක් දී දිගට පවත්වාගෙන යාමට සිදුවිය. උදාහරණයක් ලෙසට චර්ම ජේදනය. ජලය මද වීමෙන් නිරතුරුව පිරිසිදු කරගන්නට නොහැකි වීමෙන් ජනනේන්ද්‍රිය කෙළවර වියැළීම සහ විෂබීජ නිසා ආසාධන තත්වයන් හටගත් අතර, එම සම්භාවිතාව අවම කිරීම එහි අරමුණ විය. ඇත්ත වශයෙන්ම එම චාරිත්‍රයට ඉතා දිගු ඉතිහාසක් තිබූ අතර, අළුතෙන් හඳුන්වාදීමක් අවශ්‍ය නොවීය.
වවාගෙන කෑම (එසේ කිරීමට අවැසි යටිතළ පහසුකම් ඔවුන් සතු නොවීය.) වෙනුවට මෙම ගෝත්‍රිකයින් උනන්දු වූයේ සම්පත් හුවමාරුව මගින් තමන්ට වඩාත්ම වාසිදායක ගණුදෙනුවලට එළැබීමයි. මේ නිසා පසුකළෙක වෙළදාම බවට විකාශනය වූ භාණ්ඩ හුවමාරුවට, ඔවුහු නිතැතින්ම දක්ෂයෝ වූහ. එය ඔවුන්ගේ ජාන වලටම කා වැදින.
මේ දක්වා මෙහි දිගහැර ඇත්තේ එකී ජන කොටසේ ඉතිහාසයයි. ඔවුන්ගේ වත්මන් තත්ත්වය මෙතැන් සිට....
කාලයක් ගතවන විට ඔවුහු සිය නිජබිම වූ මරුකතර අත් හැර සශ්‍රීක ප්‍රදේශවලට සංක්‍රමණය වූහ. භාණ්ඩ හුවමාරුවට අතිශය දක්ෂයින් වූ ඔවුන්ගේ සේවය ගැන පැහැදුනු ඇතැම් ජන කොටස්, ඔවුන්ට සිය ගැහැණු පාවා දී, ඉඩකඩම් ප්රදානය කර සිය රට වැසියන් බවට පත්කර ගත් හ.
ඔවුන්ද සිය සංස්කෘතික අනන්‍යතාව රැක ගනිමින් වසර දහස් ගණනක් එක්තරා රටක සතුටින් සමාදානයෙන් කල් ගෙවූහ. මේ සඳහා සිය අනන්‍යතාවයට හානියක් නොවන පරිදි යම් යම් දේවල් වෙනස් වීම් වලට බඳුන් වීමට සිදුවන බව ඔවුහු බුද්ධිමත්ව වටහා ගත් හ.
කාන්තාවන්ගේ මුහුණ සම්පූර්ණයෙන්ම වැසීමට අවශ්‍ය නොවන බවද, ඔවුන්ට අධ්‍යාපන වරම් ලබා දීම ගැටළුවක් නොවන බවද වටහා ගන්නට අපහසු නොවීය. ශාකමය ආහාර බහුල මෙහි, ඉවක් බවක් නොමැතිව සත්ත්වයන් මරාකෑමට අවශ්‍ය නොවන බව ද මැනැවින් අවබෝධ කරගත් මොවුන්, මාංශ භක්ෂකයින් නොවී ඒ රටේ අනෙකුත් ජනකොටස් අතර ජනප්‍රිය ආහාර ගන්නට හුරු වූහ. ඔවුන් සමඟ අධ්‍යාපනය ලැබූහ, ඔවුන් සමඟ විවිධ රැකියාවල නිරත වූහ.....
ගෝත්‍රික සමාජයේදී සිය ගෝත්‍රයෙන් පිටත මිනිසුන් සතුරන් ලෙස සැලකුවද, නිතරම සිය ගෝත්‍රිකයින් කල්ලි ගැසෙන්නට, වෙන් වන්නට උත්සාහ කළද, අන් ගෝත්රිකයින්ගේ ඇදහිළි හා විශ්වාස හෙළා දකින්නට පෙළඹුනද ඒ ගති පැවතුම් සෑහෙන දුරකට වෙනස් කරගෙන අන් මත, අන් ජාතිකයින් සහ ඔවුන්ගේ ඇදහිළි, විශ්වාස ඉවසීමට හා ඊට ගරු කිරීමට පවා ඔවුන් දක්ෂ ලෙස සමත් වූහ. කොටින්ම ඔවුහු ඒ රටේ සංස්කෘතියට හා ජීවන රටාවට අනුගත (adapt) වූහ. මෙසේ ඔවුන් හා එම රටෙහි අනෙකුත් ජනවර්ග සමඟ ඔවුහු ඉතා සමඟියෙන්, සහජීවනයෙන් සතුටින් ජීවත් වූහ. අන් ජාතිකයින් පිළිකෙව් කර කොන් වනවාට වඩා, පාරිභෝගිකයාගේ භූමිකාව නිරූපණය කර ආර්ථික වශයෙන් ජීවත් කරවන ඔවුන් අතරම සහෝදරත්වයෙන් ජීවත් වීම ඔවුන්ගේ අපේක්ෂාව විය.
එහෙත්....මේ සියල්ල 'ඇල්ලුවේ' නැති පිරිසක් වූහ.
ඒ කාන්තාරයේ දිවි පෙවෙතින් ලද ඒ පරිසරයට ගැලපෙන සේ සකස් කරන ලද නීති පද්ධතිය, එළෙසින්ම සිය ජනයා ජීවත් වන වෙනත් සමාජවලත් ක්‍රියාත්මක කළ යුතු බව විශ්වාස කරන දැඩිමත ධාරීන්ය.
සිය ජාතිකයින් අන්‍ය ජාතිකයින්ගේ ගතිසිරිත් 'හයර් එකට' ගෙන ඇති බවත්, කාලානුරූපව සහ පරිසරයට අනුව අනුගත වනවා යයි කියමින් මූලික හර පද්ධතියට හානි පණවා ඇති බවත් මොවුහු විශ්වාස කළහ.
ඔවුන්ට අනුව මෙය බරපතල වරදකි. වහාම මේ වරද නිවැරදි කළ යුතුය....! එනම් ගෝත්‍රික සමාජයේ ප්‍රගුණ කළ ගති සිරිත් නැවත සිය ජනයා අතරට ගෙන යා යුතුය. එය කාන්තා සිරුර සම්පූර්ණයෙන් වැසීම, ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි කිරීමන් ආරම්භ කර අන් ඇදහිලි අදහන්නන් පිළිකෙවු කර (හැකිනම් ඔවුන්ට සහ ඔවුන්ගේ භෞතික හා අධ්‍යාත්මික දේපළ වලට හානි පමුණුවා) ඔවුන්ගෙන් වෙන් වීම දක්වා දිවෙන පුළුල් 'රැඩිකල්' වෙනසකි. අවාසනාවකට මෙලෙස සිතන්නන් බිහිවන්නේ පෙරකී අවිහිංසක සාමාකාමී ජනයා අතරින්ම ය.
ඒ අනුව ඔවුහු කාටත් නොදැනී සංවිධානය වන්නට වූහ. මොවුන්ගේ ඒකායන අරමුණ වූයේ අන්තවාදී මත නොදරණ සාමාන්‍ය වැසියන්ගේ මොළ සෝදා ඔවුන් ආගමික උන්මත්තකයි කිරීමයි. මෙය කෙතරම් දුරට ක්‍රියාත්මක වූයේද යත්, ආයුධ සන්නද්ධ කල්ලි පවා නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූහ. එකී රටේ වෙනත් ජාතීන් දෙකක් අතර අනවරථ යුද්ධයක් පැවතීම එයට වෙස් වළාගත් ආශිර්වාදයක් විය. කවුරුත් අවධානය යොමු කළේ යුද්ධය දෙසටය. ඒ මදිවට රටේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ මෙවන් ඇතැම් කල්ලි වලට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබිණ. එයට හේතුව වූයේ රටේ නිල හමුදාවල සතුරා වූ, රටේ දෙවන බහුතර ජාතිකයින් නියෝජනය කරනවා යයි කියාගත් ජාතිවාදී සංවිධානයකට යටත් නොවී සිටීමට ඔවුහු සිය ආයුධ බලය පෙන්වීමය.
කලක් යනවිට ඒ රටේ යුද්ධය අවසන් විය. මේ දැඩිමත දාරීහු හීන් සීරුවේ ක්‍රියාත්මක වූහ. කාටත් නොදැනී අහිංසකයින්ගේ 'බ්‍රේන් වොෂ්' කරමින් ඔවුහු යළිදු ගෝත්‍රික, කල්ලිවාදී සමාජයකට තල්ලු කරන්නට සිහින බලමින් සිටියහ (තවමත් සිටිති.) ඒ සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඔවුන් සතු විය. ඔය කියන රටේ දැනට ක්‍රියාත්මක නොවන, කාන්තාර සමාජයේ තවමත් ක්‍රියාත්මක අශිෂ්ට නීතියක් එරටට හඳුන්වාදීම එම සැලසුමේ ප්‍රධාන සන්ධිස්ථානයකි (milestone). ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට රටේ අධිකරණ ඇමතිවරයා ඇතුළු පිරිස නම්මවා ගැනීම ඔවුන් ලැබූ ජයග්‍රහණයකි. සිය ජාතිකයින් වැඩිපුර ජීවත්වන පළාත්වල කාන්තාරයේ දක්නට ලැබෙන ශාක ආදිය රෝපණය කරමින් සියුම් ලෙස කාන්තාර ගෝත්‍රික මානසිකත්වය ගොඩනගමින් සිටිති.
විද්වතුන් යයි කියාගත් අන්තවාදීන් පිරිසක්, එම සැලසුමේම තවත් කොටසක් සියුම් ලෙස ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් විය.
එනම් පාරිභෝගිකයින් සිය ජාතිකයින් සහ අන්‍ය ජාතිකයින් බෙදා වෙන් කිරීමයි. සියවස් ගණනක් අඛණ්ඩව පැවති පාරිභෝගික සහජීවනය සියුම් ලෙස අභියෝගයකට ලක් කරන ගමන්ම, අන්‍ය ජාතිකයින්ගේ මුදල් සම්මාදම් කර එය සිය ආගමික ව්‍යාප්තිවාදී කටයුතු වලට යොදාගැනීමට මොවුහු සමත් වූහ. මෙහි අරමුණ වූයේ සිය ජාතිකයින් අන්‍ය ජාතීන්ගෙන් මානසික වශයෙන් වෙන් කර තැබීමයි. ඔවුන් විශේෂ වරප්‍රසාද ලැබිය යුතු බව අන්‍ය ජාතිකයින්ට දැන්වීමයි. දැනටමත් ඔවුහු රටේ සියළු වරප්‍රසාදවලට සමව අයිතිය බුක්ති විඳින අතරම, ඇතැම් විට විශේෂ වරප්‍රසාද ද උදා.විවාහ නීතිය. භුක්ති විඳින බවද ඔවුහු අමතක කළහ. අවාසනාවකට මෙසේ සෑම දෙයක්ම එක් ජන කොටසකට විශේෂයක් කරන්නට යාම කෙළවර වන්නේ ඔවුන් සමාජයෙන් බෙදා වෙන් කිරීමෙන් බව එරටෙහි කිසිවකුත් වටහා නොගත් හ. අන්තවාදීන්ගේ අරමුණද එයයි.
මේ අතර අන්තවාදී මත දරන්නේ නැති සහජීවනය අගය කරන සිය ජාතිකයින් බිලි බා ගැනීමට ඔවුහු (විද්වතුන් යයි කියා ගන්නා) අපූරු උපක්රමයක්ද භාවිත කරති. එනම් ජාත්‍යන්තර මට්ටමේ මෙවන් මත දරන අන්තවාදීන් ගෙන්වා දේශන පැවැත්වීමයි. බේරුවල නම් නගරයක පවත්වන ලද මෙවැනි එක් දේශනයක පිටපත් ලියුම්කරුටද ලැබිණ. ඒ ලියුම්කරුගේ මිතුරකු මාර්ගයෙනි. නිවැරදි ආගම තමන් අදහන එක පමණක් බවත්, අන් ආගම් වලට ගරු කළ නොවන බවත් දේශකයා පුන පුනා කියයි. ගරු නොකිරීම සාධාරණීකරණය කිරීම ඔහු යොදාගන්නා උත්සාහය නින්දිතය. එනම් රටේ බහුතරයක් අදහන ආගමේ හර පද්ධතියට අවමන් කිරීමයි. මෙමගින් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්දැයි පැහැදිලිය.
මෙහි පිටපතක් රටේ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසටත් ලැබී තිබිණ. සියල්ල නරක අතට හැරෙන්නට එය තීරණාත්මක ලෙස බලපෑවේය. තමා විසින් කිරි පොවා ඇති දැඩි කර ඇත්තේ සර්පයින් බව වටහා ගන්නට ඔවුන්ට වැඩි වේලාවක් ගතවන්නේ නැත.
අනාගතයේ ඇති විය හැකි මහත් ව්‍යසනයක පෙරනිමිති දැකීමට තරම් දූරදර්ශී වුවද, යම් අදූරදර්ශී වැඩපිළිවෙළකට යොමුවීමට සිදුවීම අවාසනාවකි. එනම් ඒ වනවිටත් රට තුළ ගොඩනැගෙමින් තිබූ ප්‍රතිවිරුද්ධ බලවේගයකට සහය දැක්වීමට තීරණය කිරීමයි. අන්තවාදයට පිළිතුරු සැපයිය යුතු වුවද, ඔය කියන බලවේගය යන්නේ වැරදි මාවතක වීම ඊට හේතුවයි.
එනම් අන්තවාදියා සහ අන්තවාදී මත නොදරන, සහජීවනය අගය කරන අදාල ජාතිකයින්ද වෙන්කර ගැනීමට ඔවුන්ට නොහැකි වීමයි. මෙහි ප්‍රතිඵලය ඉතා දරුණු වූවකි. එනම් අන්තවාදය පිටුදැකීම වෙනුවට එක් ජාතියක්, අසාධාරණ ලෙස තවත් ජාතියක් සහ ඔවුන්ගේ ආගමික ඇදහිළි, ගති සිරිත් හෙළා දැකීමට පෙලැඹීමයි. මේ වන විට එය උග්‍ර අතට හැරෙමින් පවතී. එකිනෙකා නුරුස්සන ස්වභාවක් දක්නට ලැබේ. අන්‍ය ජාතිකයින්ගේ ව්‍යාපාර වර්ජනය කරති. වර්ජනය නොකරන අයට කුණු බිත්තර ගසති. ඇතැම් විට ව්‍යාපාරික ස්ථානවලට පහර දෙති. සමාජ ජාලවල එකිනෙකාගේ ආගම්වලට අපහාස කරගනිති. ආගමික නායකයින්ගේ පෞද්ගලික ජීවිත ගෙන හැර ඔවුන්ට අපහාස කරති. එක විකාරයකි.
මේ සියල්ල සිදුවන්නේ වැරදි අවබෝධය මත ය. එක් අතකට මොකා කීවත් කාන්තාරයේ විදියට ජීවත් වන්නට අවශ්‍ය නැති බව එක් පාර්ශවයක් තේරුම් ගත යුතුය. අනෙක් අතට ඔය කියන ජාතියේ හැමෝටම එහෙම වන්නට අවශ්‍ය නොමැති බවත්, බහුතරයට අවශ්‍ය සහජීවනයෙන් පෙරපරිදිම ජීවත් වීමටත් බව අනෙක් පාර්ශවයද තේරුම් ගත යුතුය.
අන්තවාදීන් අන්තවාදී වැඩ කළායැයි කීම තවත් අන්තවාදයක් සාධාරණීකරනය කිරීමට හේතුවක් නොවේ. එනම් අන්තවාදයට පිළිතුර අන්තවාදය නොවේ. ජාතිවාදයට පිළිතුර ජාතිවාදය නොවේ. එය බුද්ධියෙන් ආමන්ත්‍රණය කළ යුතු ගැටළුවකි. රට තුළ අන්තවාදයක් ක්‍රියාත්මක වන විට, සාමාන්‍ය ජනයා කුපිත වී නීතිය අතට ගැනීම නොව කළ යුත්තේ, ඒ පිළිබඳව අදාල පාර්ශව දැනුවත් කර එය මර්දනය කිරීමට ආරක්ෂක අංශවලට සහය දීමයි. ඔවුන් ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ සඳහා බල කිරීමයි.
මෙහිදී අදාල ජාතීන් දෙපාර්ශවයම දැනුවත් වීම ඉතා වැදගත් ය. සෑම සුළු ජාතිකයෙක්ම අන්තවාදියෙක් නොවන බව සහ ඔවුන් එසේ වන්නේ කාගේ හෝ උසිගැන්වීම මත බව 'මහජාතිය' තේරුම් ගත යුතුය. කළ යුතුවන්නේ එවන් අවස්ථා අවහිර කිරීමයි. උදාහරණයක් ලෙසට, එක්තරා ගායකයෙක් රටට පැමිණීම වැලැක්වීමට වළි කෑ ඔවුන්, එකී අන්තවාදී ආගමික දේශකයාගේ ආගමනය පිළිබඳ දැනුවත් වී සිටියේ නැත!
අන්තවාදය වැඩෙන්නට ඉඩදී බලා සිට පොදුවේ අන්තවාදය පැණනැගුණු සමස්ථ ජනකොටසටම පහරදීම කිසිදු ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙකුට අනුමත කළ නොහැකිය. බොහෝ විට මෙහිදී සිදුවන්නේ මුවහමට තඩිබෑමයි. එනම් අන්තවාදීන් සිය කටයුතු නිවී සැනසිල්ලේ කරගෙන යන අතරතුර කොහේවත් යන අහිංසකයින් පිරිසක් ඔවුන් වෙනුවෙන් ගුටි කෑමයි. මින් සිදු වන්නේ එකී ජන කොටස තුළ සිටින අන්තවාදී නොවන කොටස්, පහරදුන් ජාතියත් සමඟ වෛරයක් ගොඩනගාගෙන ඔවුන්ද අන්තවාදයට තල්ලු වීම පමණි. අන්තවාදය නොසැළේ.
අන්තවාදයක් මැඬපැවැත්වීම සහ ජාතියක් මැඬපැවැත්වීම යනු දෙකකි. ඉන් පළමු වැන්න ශිෂ්ටය, දෙවැන්න අශිෂ්ටය.
Subscribe to:
Posts (Atom)