සෙමා යනු මගේ බැචෙකි. එහෙත් ඔහු සතු 'සෙමක්' නොවීය. නම මුලකුරු සමග ඉක්මනට කියැවීමෙදී මෙසේ ශබ්ද වන නිසා ඔහුට ඒ නමින් අමතන්නට හිතවත්ම අය හුරුවූහ.
ඔහු නිකම්ම නිකම් බැචෙක් නොව අප සරසවියේ සියලු පීඨවල, සියලු බැච් වල සිසුන් ඒකමතිකව පිළිගත් නිළ නොළත් ශිෂ්‍ය නායක විය. නිළ නොළත් වූයේ අප විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් (පමණක් නොව ආචාර්ය සංගම් පවා) සපුරා තහනම් වීම නිසා මිස අන් කිසිවක් නිසා නොවෙයි. පාලක පැලැන්තිය සිතා සිටියේ මෙය සරසවියක් නොව මධ්‍ය මහා විද්‍යාලයක් ලෙසටය. ප්‍රධාන ශිෂ්‍ය නායකට පත්වීම් ලිපියක් මගින් බලතල පැවරීම පාසැලකට තරම් නොවටී යයි ඔවුන් සිතන්නට ඇත.
නමුත් මා ඔහු මුළින්ම හඳුනා ගත් සිදුවීමනම් එතරම් ප්‍රසන්න එකක් නොවේ. නායකයන් තෝරා පත්කරගැනීමේ සභාවක කිසිවෙකුත් නොසිතූ පරිදි ඔහු විසින්ම ශිෂ්‍ය නායක තනතුර ඉල්වා සිටියේය. සාමාන්‍යයෙන් සිදුවන්නේ යමෙකු විසින් නම යෝජනා කිරීමයි. ඔහුට අවශ්‍යමනම් මිතුරකු මගින් යෝජනා කරවීමට තිබුණි. මෙසේ ඔහු සම්ප්‍රදායට එරෙහිව නැගී සිටීම මා තුළ එවෙලේ ඇතිකළේ පහන් සිතුවිල්ලක් නොවේ. එනමුත් මගේ උපකල්පිතය සාවද්‍ය එකක් බවද, ඔහු ඒ තනතුරට ඉතාම සුදුස්සා බවද ඉතිහාසය විසින් පසක් කර තිබේ.
ඔහු තරම් සාර්ථක වූද, ජනප්‍රියවූද, සිසුන් වෙනුවෙන් පුද්ගලික ජීවිතය කැපකළා වූද, ඒ වෙනුයෙන් පළිගැනීමට ලක්වූවා වූද, සෘජු , නිර්භය, රැවටීමට ලක් නොවන, නොසැලෙන ආත්ම ශක්තියක් ඇත්තා වූද, ඉතාමත්ම ඉහළ සංවිධානාත්මක හා වෙනත් කුසලතා වලින් පරිපූර්ණ වූද නායකයකු මා දිවියේ කිසි දිනෙක දැක නැත.
සිසු ගැටළු පිළිබඳ විවාදාත්මක සංවාද වලදී, ඔහු කතාකරන්නේ කවරකු සමගද යන්න ඔහුට වැදගත් නැත. උපකුළපති වේවා, උසස් අධ්‍යාපන ඇමති වේවා, ජනපති වේවා, ගැටළුව මගහැරීමට ගන්න ලද උත්සාහයන් ඔහු අතින් නිර්දය ලෙස විවේචනයට ලක් ලක් විය. මෙවැනි අවස්ථාවක ඔහු නැවැත්වීම කවරකු විසින් කරන්නට තැත් කරත් එය ව්‍යර්ථ වී ප්‍රතිවිරුද්ධ පාර්ශවයට කට උත්තර නැති වේ. ඔහුගේ කතාව තුළ සියුම් උපහාසක් ගැබ් වී ඇත. ඔහුගේ කරුණු අතිශයින් තාර්කිකය. පහසුවෙන් බිඳ හෙලීමට නොහැකිය. ව්‍යංගාර්ථ මගින් ප්‍රතිවිරුද්ධ කරුණු උපහාසයට ලක් කිරීමට ඔහු සමතෙකි.
කෙසේ වෙතත් ඉතාමත්ම දැඩි සිසු පීඩනය හමුවේ පීඨ මට්ටමින් සිසුන්ට බලතල පැවරීමට බලධාරීන්ට සිදුවිය. පීඨ මණ්ඩල සඳහා පීඨ වලින් ශිෂ්‍ය නියෝජිතයන් සිසු කැමැත්ත මත තෝරා පත් කර ගැණින. ඔහු මගේම පීඨයේ සිසුවකු වුවද, පීඨ ශිෂ්‍ය නියෝජිත වශයෙන් තෝරා පත්කරනු ලැබුවේ මාය. සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් කෙරුණු මෙහි, ලැබෙන දුර්ලභ අවස්තාවෙන් උපරිම ඵල ලබා සිසු ගැටළු සීමිත කාලයක් තුළ සියල්ල ඉදිරිපත් කෙරීම අවශ්‍යතාව වූ නිසාත්, සාපේක්ෂව වඩාත් චතුර ලෙස හා වේගවත් ලෙස කඩුව හැසිරවීමට මා සතු හැකියාව ඊට හේතු විය.
එවෙලේ මට හැඟුනේ මා කිසිවකුගේ ඉත්තෙකු වූ බවයි. නීත්‍යානුකූල බලතල හිමි පීඨයේ එකම ශිෂ්‍යයා ලෙස මට ඉටුකිරීමට සිදුවන්නේ 'සෙමා' ගේ න්‍යාය පත්‍රයයි. පීඨ මණ්ඩලය මා නියෝජනය කළත් තිරය පිටුපස සිටින සැබෑ නායකයා වනු ඇත්තේ ඔහුය. පරිපාලනය පමණක් නොව ඇතැම්විට සිසුන්ගේද බහුතරය අදටත් සිතාගෙන සිටින්නේ එසේ විය හැකිය.
එහෙත් යථාර්තය එය නොවේ. පීඨ ශිෂ්‍ය නායක ලෙස මා ගත් තීරණ හා පීඨ මණ්ඩලයේ පළ කරන ලද අදහස් වලට ඔහු අංශු මාත්‍රයකවත් බලපෑමක් එල්ල නොකළේය. ඒ වෙනුවට සමස්ථ විශ්වවිද්‍යාලය මට්ටමින් නොව, පීඨ මට්ටමෙන් ගත්කළ මා ඔහු නියෝජනය කළ නායක බව ඔහු නිහතමානීව පිළිගෙන අදාල ගරුත්වය මට ලබාදීමට කටයුතු කළේ ය. මෙය නායකයකු සතු ඉතා හොඳ ගුණාංගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
සංවිධානාත්මක හැකියාව හැකියාව අතින් ඔහුට සමකළ හැකි අන් කිසිවෙක් නොවීය. වරක් මා දිවා ආහාරය ගැනීමට කැන්ටිමට පැමිණි විට කැඳවීමක් ලැබුණි. මේ වන විට අප සොයුරු සිසුවෙකු අසාධාරණ ලෙස පන්ති තහනමකට ලක්ව පැයක් පමණ ගත වී ඇති බව මම දැන සිටියෙමි. සාකච්ඡාව ඒ ගැන විය යුතුය.
ඔහු මා කැඳවාගෙන ක්‍රීඩාපිටිය වෙත ගියේය. ඉතාම අල්පයක් හැර සමස්ථ විශ්වවිද්‍යාලයේම සිසුන් එහි සිටිනු දැක මම මවිතයට පත්වීමි. මිනිත්තු කිහිපක් තුළ එවැනි දැවැන්ත සංවිධානයක් කෙනෙකු කරන්නේ කෙසේද? අප සියලු දෙනා එක්ව ඉතා සාමකාමී ලෙස පරිපාලන ගොඩනැගිල්ලේ බිම පැය කිහිපයක් වාඩි වී සිටියෙමු. සාකච්චාවක් ලැබිණ. අප සොයුරු නිදොස් කොට නිදහස් කෙරිණ.
ශිෂ්‍ය ව්‍යාපාරය තුළ පමණක් නොව, සියලු තන්හි ඔහුගේ සංවිධානාත්මක හැකියාව කැපී පෙණුනි. එය දන්සැලක් වුවද, මළගෙයක් වුවද, විනෝද චාරිකාවක් වුවද වෙනසක් වූයේ නැත.
විශ්වවිද්‍යාලයට ආදරය කිරීමේ ආදර්ශය අප විසින් ප්‍රගුණ කරන ලද්දේ ඔහුගේ නායකත්වය යටතේය. විශ්වවිද්‍යාලය සතු සියළු භෞතික දේපළ සුරැකීම එහිම කොටසක් විය. එය ස්වයං විනය පිළිබඳ දැවැන්ත සාර්ථක ආකල්පමය විප්ලවයකි. මෙය කෙතරම් තදින් ක්‍රියාත්මක වූයේද යත්, මා උපාධිය නිමකර පිටවන තෙක්ම, එකදු පෑන් ඉරක්වත් ඩෙස්ක් මත, වැසිකිළි වල පවා දක්නට නොලැබිණ.
වරක් එක්තරා සැඳෑ කාලයක මට කැන්ටිමට කැඳවීමක් ලැබුණි. පාවා දීමේ සිද්ධියක් මත අප විසින් පිළිකුළ් කරන ලද 'ජූනියර්' බැච් එකක ශිෂ්‍ය නියෝජිතයෙක් සමග ඔහු සිටියේය. සුහද ක්‍රිකට් තරඟාවලියක් සඳහා මගේ පීඨයේ ජෙයේෂ්ඨ සිසුන් නිදහස් කිරීමට අවසර දෙන මෙන් ඔහු ඉල්ලා සිටියේය. මගේ අවසරයකින් තොරව ඔහුට ඉතා පහසුවෙන් එම තීරණය ගත හැකිව තිබුණත් ඔහු එසේ කළේ නැත.
විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ සිට සුළු සේවක දක්වා ඔහුට පුද්ගලික සම්බන්ධතා රාශියකි. ඔහු මේවා භාවිත කළේ හුදෙක්ම සිසුන්ගේ යහපත සඳහා පමණි. සිසුන්ට සපුරා තහනම් වූ සාදවල පවා සිදුවන දෑ සාක්ෂි සහිතව කවරාකාරයෙන් හෝ ඔහු වෙත පැමිණේ. ඔහු වෙනුවෙන් යම් රහසිගත ඔත්තු සේවයක් පැවතුණි දැයි නොදනිමි. කෙසේ වෙතත් පරිපාලනයේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ විද්‍යුත් පිටපත් සහිත සාක්ෂි රාශියක් ඔහු සතුවිය. ඒවා ලැබෙන්නේ කොහෙන්දැයි මා විමසූ විට ඔහු කීවේ ලැබෙන විදිය වැඩක් නොමැති බවත්, කිසිදු හේතුවක් නිසාවත් අදාල පුද්ගලයන් පාවා නොදෙන බවත්, අවශය නම් මා වෙනුවෙන් එවැනි සේවාවක් පවත්වා ගත හැකි බවත් (ඇත්ත වශයෙන්ම මා වෙනුවෙන් එවැනි රහස් ඔත්තු සේවයක් ක්‍රියාත්මක වී තිබිණ!), නමුත් මට සේවය කරන්නේ කවුරුන්දැයි මා පවා දැනුවත් නොවන බවත්ය. (දැන් අදාළ පුද්ගලයන් කිසිවෙකුත් අදාල තනතුරුවල සේවයේ නියුතු නොවන නිසාත්, එවැනි දෙයක් තවදුරටත් ක්‍රියාත්මක නොවන නිසාත් පරිපාලනය කළබල විය යුතු නැත. එවැනි සූක්ෂම ශිෂ්‍ය නායකත්වයක් යළි කිසිදා ඇති නොවනු ඇති නිසා පාලකයන්ට සදා නිදහසේ සැතපිය හැක.)
නායකත්ව දිවිය හැර, සාමාන්‍ය ජීවිතයේදී ඔහු ඉතා මිත්‍රශීලී, සමාජශීලී, මුඛරි, අපූරු පුද්ගලයෙක් විය.
කිසිවෙකු විසින් කමිසයක් හොඳින් මැද තිබුණි නම් කිසිදු විමසීමකින් තොරව එය ඇඳගෙන යාම ඔහුගේ සිරිතයි. කොල්ලන්ගේ බෝඩිමක හෝ නේවාසිකාගාරයක ඇත්තේ පෞද්ගලික 'දේපළ' නොව පොදු දේ බව ඔහු විශ්වාස කළේය. එය ඇඳුම්, දන්තාලේප, ෂැම්පු, සබන් පමණක් නොව ඇතැම් විට යටඇඳුම්, රැවුළ බාන උපකරණ පවා විය හැකිය!
ඔහු තරම් එකිනෙකට වෙනස් වූ කුසලතා වලින් යුත් පුද්ගලයකු මා දැක නොමැති තරම්ය. ආහාර පිසීමේ, ඇඳුම් මැසීමේ පමණක් නොව පණුවෙකු මෙන් දඟළමින් නර්තනයේ යෙදීමටද ඔහුට හැකිය. වරක් බෝඩිමේ සිටි දුප්පත් කොල්ලන් ගැන අනුකම්පා කළ ඔහු, ඉතා සාධාරණ මුදලකට බෝඩිමීදී ඔහු විසින්ම පිළියෙල කරන ලද ආහාර ලබාදුන්නේය. මමද ඔහුගේ කෑම කා ඇත්තෙමි. ඉතා ප්‍රණීතය.
එක් නරක පුරුද්දක් නම් විය. එනම් ඉඳහිට හඳුන් කූරක් පත්තු කර ගැනීමයි. දිනක් මා කුස්සියට යනවිට මූ එකක් පත්තු කරගෙන දුම් දමමින් සිටියේය. මට වැඩිය ඕවා අල්ලන්නේ නැත. මම ඌ එළියට ඇද දමා දොර වැසුවෙමි. මා සිතුවේ ඔහු ඊට උරණ වනු ඇති කියාය. නමුත් බී අවසන් වූ විට මා යළි ගෙතුළට ගත් විට ඔහු කිසිවක් නොවූ පරිදි හැසුරුණි. කිසිදා හැදෙන එකෙක් නොවූ නිසා මා වැඩිපුර අවවාද දෙන්නට ගියේ නැත.
ඔහුගේ මුඛරි කම ගැන කිසිදා අමතක නොවන අපූර්ව සිද්ධියකින් පොත් ගනණක් වුව ලිවිය හැකිමේ අපූරු චරිතාපදානය නිමා කරමි.
ප්‍රායෝගික පරීක්ෂණයක යෙදී සිටි අප සොයුරියක් ඕනෑවට වඩා මේසයට නැඹුරු වීම නිසා ඇය ඇඳ සිටි ඇඳුම පිටුපසින් තරමක් පහළට ගොස් තිබුණි. මෙය දුටු සෙමා
"ඒයි...බජ්ජ-හුරී, උඹේ ඇඳුම හදාගනින් බං" යයි කීවේ සෙමිනි.
නමුත් ඇයට එය හරියට ඇසුනේ නැත.
"ඈ...?"
නැවත පවසන ලද නමුත් එවරද සාර්ථක වූයේ නැත.
උගුර පෑදූ සෙමා කාටත් ඇසෙන සේ මහහඬින් මෙසේ තෙපලීය.
"අද රෝස පාට එකක් නේ ඇඳන් ආවෙ...?" !!!
Monday, September 17, 2012
Thursday, September 13, 2012
ජීවන සුනාමිය
ජීවිතයේ වාසනාව හා අවාසනාව සදා අප සමග නොවුවත්, ඒ ද්විත්වයම කිසිදා අප හැර නොයන බව මට තදින් විශ්වාස කිරීමට සිදුවී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ අත්විඳීමට සිදුවූ විශ්වාස කිරීමට තරම් නොහැකි එක පිට එක පැමිණි දුක්, කම්කටොළු මැදින් මා සොයා ආ වාසනාව නිසාය. විටෙක මා තරම් අවාසනාවන්තයෙකු මේ මිහිපිට නොමැති යයි හැඟුනිද, ඒ අවාසනාවම මට ජීවිතයේ නොසිතූ විරූ ජයග්‍රහණ ළඟා කර දී ඇති අයුරු මා විශ්මයට පත් කරයි. ජීවිතය නම් මෙයැකැයි සියල්ල උපේක්ෂා සහගතව ඉවසීමටත්, කම්පා නොවීමටත් මා ප්‍රගුණ කළේ ඒ අසමසම අවාසනාවන්ත සිදුවීම් සමුදායයි.
ඒ වන විට ගෙවෙමින් තිබුණේ මගේ සරසවි දිවියේ තෙවන වසරයි. ඉතා උද්යෝගිමත් ලෙස අධ්‍යයන කටයුතු කරමින් සිටි මගේ ඒකායන අරමුණ වූයේ උපාධියේ ඉහළම සාමාර්ථයක් ලබා ආචාර්ය මණ්ඩලයට බැඳීමයි. තෙවන වසර ප්‍රථම සෙමෙස්තර විභාගයෙන් GPA අගය ලෙස 3.8 ඉක්මවින් මා කණ්ඩායමේ ඉහළම ළකුණු වාර්තා කර තිබීම ඒ බලාපොරොත්තු තවත් තීව්‍ර කළේය.
නමුත් අවාසනාව මා හඹා ආවේ මටත් හොරාය. වසර 2 1/2 කට අධික කාලයක් පෙරුම් පුරමින් බලා සිටි මට ඇයගෙන් ලැබුයේ අනපේක්ෂිත පිළිතුරකි. මෙයින් ලද ජීවිත කළකිරීම හා වෙනත් කරුණු කිහිපයක් මුල් කොට ගෙන මට දැඩි මානසික අවපීඩනයකට මුහුණ දීමට සිදුවිය. එය එකම හේතුව නොවුවත්, මා ක්‍රමයෙන් කෘශ වී සිරුර වැහැරී දැඩි ලෙස රෝගාතුර වූයෙමි. එක්තරා දිනෙක එහි සීමා මායිම් දෙගොඩ තලා ගලා ගොස් මා ක්ලාන්ත වී ඇද වැටුනි.
රෝහලට ඇතුළත් කර කරන ලද පරීක්ෂණ වලින් හෙළි වූයේ මා සදාකාලික රෝගියකු බවට පත්ව ඇති බවයි. මගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම 667 ඉක්මවා තිබූ අතර මා දියවැඩියා රෝගයේ ඉතා අවාසනාවන්ත ගොදුරක් වී තිබුණි. ඒ වනවිට මා යන්තමින් ජීවිතයේ 24 කණුවට ළගා වූවා පමණි.
මියෙන තුරාම මා හට දිනපතාම දෙවරක් ඉන්සියුලින් එන්නත් කිරීම අනිවාර්ය බව වෛද්‍යවරු නිර්දේශ කළහ. ඔවුන්ගේ තවත් එක් නිර්දේශයක් වූයේ එම එන්නත මා විසින්ම කරගත යුතු බවයි!
මෙය මා දැඩි කළකිරීමකට පත්කිරීමට සමත් විය. වෙනත් අයකු විසින් කරන එන්නත් කිරීමද මා ඉවසන්නේ ඉතා වේදනාවෙනි. දිනකට දෙවරක්, මියෙන තුරාම මගේ සිරුර මවිසින්ම සිදුරු කර ගැනීම ඉවසිය හැකිද? තව කොපමණ දුරක් යා යුතුව තිබේද..?
මීට අමතරව මුළු ජීවිත කාලයටම බලපාන පරිදි මට සියලුම රසවත් ආහාර සපුරා තහනම් කරන ලදී.
ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ වූයේ, සිරුරේ සංඥා හසුරුවන රසායනික සමතුළිතතාව බිඳ වැටීම හේතුවෙන් මගේ දෑසේම පෙනීම නැති වී ගියාට පසුය.
තෙවන වසර අවසන් විභාගය ළඟ ළඟ එයි. මේ මානසික කායික තත්ත්වය හමුවේ මගේ අරමුණු වලට කෙසේ නම් යා හැකිද..? එය සිහිනයක් පමණි. මේ ගෙවී යන්නේ අධ්‍යයන නිවාඩුවයි.
මා ඇය සමඟ අමනාප නොවුවත්, ඇය මා බැලීමට පැමිණියේ නැත. සදාතනික රෝගියකු බවට පත්ව ඇති මා, මින් ඉදිරියට ඇය පමණක් නොව සමස්ථ ගැහැණු වර්ගයා විසින්ම ආදරවන්තයෙකු, ආදරබර ස්වාමි පුරුෂයකු හා තම දරුවන්ගේ ආදරණීය පියා ලෙස පිළි නොගනු ඇත. මා නිරෝගී කල ප්‍රතික්ෂේප කරන ලද හේතුන් ගැන සිතන විට, මෙය දරා ගත නොහැකි තරම් කටුක යතාර්ථයක් බව මට පසක් වුණි.
මට සිතුනේ මා තරම් අවාසනාවන්තයෙක් මිහිපිට තවත් නොමැති බවයි.
යන්තම් පෙනීම ලබා, මුහුණ දුන් තෙවන වර අවසන් විභාගයේ ප්‍රථිඵල නිකුත් වීමත් සමගම එය සනාථ විය. සියලුම විශයන්ට සාමාන්‍ය සාමාර්ථ ලබා, මා කණ්ඩායමේ අන්තිමයා වී තිබුණි. GPA යන්තමින් 2.0 ඉක්මවීය. ප්‍රථම පන්ති සාමාර්ථය සාමාන්‍ය සාමාර්ථයක් බවට පත්ව තිබුණි. මීට පෙර විභාගයේ Batch Top වූ මා මෙවර Batch Bottom වීම කොතරම් දරුණු දෛවයේ සරදමක්ද..? මගේ එකම සැනසීම වූ ඉහල සාමාර්ථයක් සහිත උපාධිය හා අනාගත රැකියාව කෙරෙහි බලාපොරොත්තුද කෙමෙන් මා හැර යන බව දැනුණි.
කෙසේ වෙතත් අවාසනාවට දිනුම නොදී සටන් කළ යුතු බව මම තීරණය කළෙමි. මගේ අරමුණට යාමට නම් අවසන් වසර සියළුම විෂයන්ට අති විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින්, ගෞරව උපාධිය සඳහා සම්පූර්ණ කළයුතු පර්යේෂණයද ඉතා උසස් තත්වයෙන් තිබිය යුතුය. මේ සඳහා ඉතාමත්ම දැඩි කැපකීම් කිරීමට අවශ්‍යය. ඉතාම සුළු අත්වැරදීමකින් පවා එය අහිමි වී යා හැකිවීමේ අවදානම මා දැරිය යුතුය.
ඔව්..මම එය කළෙමි...!
මට අවශ්‍ය කර තිබූ පන්ති සාමාර්ථය සහිතව මා උපාධිය ඉතා ඉහළින් සමත් වී තිබුණි. මෙවර මට සිතුනේ මා ඉතා වාසනාවන්ත බවයි.
නමුත්... මා සිතුවා වැරදිය....'කට වැඩි නිසා' මා ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීම විශ්වවිද්‍යාලය විසින් නිගරු කොට ප්‍රතික්ෂේප කරන ලදී.
පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගන්නට පෝළිමේ රස්තියාදු වූ මට දැනුනේ නැවතත් අවාසනාව යළි මා ලුහු බැඳ එන බවයි. රටේ සියළුම ප්‍රධාන පෙළේ මෘදුකාංග සමාගම් මගේ පන්ති සාමාර්ථය සත පහකට මායිම් නොකර මගේ සේවය අනවශ්‍ය බව පැවසීය. අවසානයේ අප ශිෂ්‍ය කණ්ඩායෙම් ඉතිරිව සිටියේ මාත්, තව අයෙකුත් පමණි.
අවසානයේ මට රැකියාවක් ලැබුණි. නමුත් අවාසනාවේ සෙවනැළි තවමත් මා අත් නොහැරි බව වැටහුනේ රැකියාවේ වෙහෙසකාරී බවත්, ඊට ගෙවනු ලැබූ සොච්චම් වැටුපත් හේතුවෙනි. මේ වන විට රැකියා ලබා සිටි මගේ 'බැචාලා' අතුරින් ඉතාම අවම වැටුපකට සේවය කළේ මාය. කොතරම් අඩුද කියනවානම්, ඉතා දුක්ඛිත තත්ත්වයේ නවාතැන් හා ආහාර පහසුකම් ලබමින් පවා මා ලැබූ මාසික චේතනය, මාසයේ මූලික වියදම් ආවරණය කිරීමටවත් ප්‍රමාණවත් නොවීය. මා අවසන් වසරේ කරන ලද සියළු කැපකෙරීම් ගඟට කැපු ඉනි මෙන් විය. මා ලැබු දැනුමෙන් කිසිවෙකුටත් පළක් නොවන බව වැටහුණි.
නමුත් අවාසනාව තල්ලු කරගෙන වාසනාවට මා වෙනුවෙන් මවෙත පැමිණීමට ඉඩ හසර ලැබී තිබුණි.
කිසිවෙකුත් නොසිතූ පරිදි, අසාර්ථක යයි අත් හැර දමා තිබූ සංකීර්ණ ව්‍යාපෘතියක්, ඉතා දැඩි කැපවීම මත අති සාර්ථක ලෙස දින කිහිපයක් තුළ 'ගොඩ දැමීමට' මට හැකිවිය. එතැන් සිට මවෙත සියල්ල ළඟා වන්නට වූයේ නන්දා මාලිනියගේ 'පූජාසනයේ ඔබ හිඳුවා..' ගීතය යථාර්ථයක් බවට පත් කරමිනි.
නමුත් මෙන්න මේ සිදුවීම නිසා මා එම රැකියාව අත් හැර දමා යළි මගේ ප්‍රථම අරමුණට යාමට ප්‍රයත්නයක යෙදුනෙමි. මා උගත් සරසවිය නව උපකුලපතිවරෙකු යටතේ පාලනය වුවද, ඔහු අසත්‍ය වූ කේළාම් විශ්වාසයට ගන්නෙකු වීම මා නැවත වරක් කළකිරීමට තරම් ප්‍රබල සාධකයක් වීම මගේ අවාසනාවක්ද නැත්නම් මගේ මවු සරසවියේ අවාසනාවක්ද යන්න නොදනිමි.
අවාසනාව වාසනාව බවට පරිවර්තනය කිරීමට තරම් මා දිරිමත් වීම ගැන අද උදම් අනමි. මා වැළඳගත් රෝගයට සාප කරමින් නොසිට මම එය පිළිබඳව ගැඹුරෙන් හැදෑරීමි. ජාන ඉංජිනේරු විද්‍යාව හා ජෛව තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන්නට මෙය තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බව පෙනේ.
කෙසේ වෙතත් රටේ කීර්තිමත් විශ්වවිද්‍යාල කිහිපයක්ම මා උණුසුම් ලෙස පිළිගනිමින් මගේ දැනුමට නිසි අගයක් එක් කළහ. ඉතා දැඩි තරඟයකින් අනතුරුව මා පමණක්ම තෝරා ගැනීමට තුඩුදුන් එක් ප්‍රබලම සාධකයක් වූයේ අවාසනාව විසින් මා උගැනුමට පොළඹවන ලද විරල දැනුමයි.
මා හට අවාසනාවද, වාසනාවද ගෙනා ජානය (gene) 'LARS2' බව මම සොයාගතිමි.

Friday, September 7, 2012
ඈත පළාත්වල ජීවිත....
මේ කතාව කියවගෙන යනකොට ඔබට සිනා පහළ වේවි නිතැතින්ම...කමක් නෑ ඒක ස්වාභාවිකයි, නමුත් පස්සෙ හරි ටිකක් හිතල බලන්න අපි හිනා වෙලා තියෙන්නෙ අපිටමයි නේද කියලා මොහොතකට හරි....අපි උපහාසයෙන් බැලුවේ අපේම රටේ අපේම වැඩිහිටියෝ, දරුවෝ පිරිසක් දිහා...කැත්ත, උදැල්ල, ගිණි ගහණ අව්ව, වැස්ස, වන සිවුපාවා එක්ක ඔට්ටු වෙලා රටට බත, ධාන්‍ය සපයන උත්තමයන්ට....
ඒ නිසා කරුණාකරලා මේක කියවලා හීන් හිනාවක් දාලා මේ මිනිස්සුන්ව අමතක කරලා දාන්න එපා...
හරි මෙන්න කතාව. මම දුරින් හඳුනන කෙනෙකුගෙ සත්‍ය අත්දැකීමක්.
මේක වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනවලු.
ගුරුවරයෙක් වෙච්ච මගේ හිතවතාට දුෂ්කර සේවා විදියට බොහොම පිටිසර පළාතක පාසලකට පත්වීම ලැබුනලු.
මෙයා ගිහින් තියෙන්නෙ මෝටර් සයිකලයෙන්. ගිහින් නැවැත්තුවම ළමයෙක්ගෙ තාත්තා කෙනෙක් යයි සිතිය හැකි ගැමි මනුස්සයෙක් ළඟට ආවලු.
මේ කාලෙ මේ ගමේ මෝටර් සයිකල් එහෙම දකින්න ලැබෙන්නෙ බොහොම කළාතුරකින්ලු. මෙයා අපේ හිතවතාගෙන් ඇහුවලු මෙහෙම,
"මහත්තය, උඹ මොකෙන්ද ආවෙ?"
අපේ හිතවතාට ඇමතුවෙ මහත්තය කියලද වෙන මොකක් හරි කියලද කියල හරියට මතක නෑ. කොහොමවුනත් ඒ අදහස තියෙන ගැමි වචනයක්.
'උඹ' කියල කිව්වට අපේ හිතවතාට ටිකක් විතර අප්සට්ලු. ඒ උනත් මේ පළාතෙ හැටි වෙන්න ඇති කියල දුන්නලු අහපු එකට උත්තර.
"මම මෝට(ර්) සයිකලෙන් ආවෙ."
මේක ඇහුව විතරයි අර මනුස්සයගෙ මූණ ඇඹුල් උනාලු, තරහ ගිහින් වගෙ එතැනින් යන්න ගියාලු.
කාර්යාලයට ගිහින් විදුහල්පතිතුමා හමුවෙලා, රාජකාරි
කටයුතු එහෙම සම්පූර්ණ කරලා, ආ ගිය කතා එහෙම කතාකරනකොට කිව්වලු අර මනුස්සයට තරහ ගිය සිද්දිය.
විදුහල්පතිතුමාට තේරුණාලු අවුල.
"මදැයි ඔයින් ගියා. මේ පළාතෙ 'මෝ' කියන්නෙ අම්මට. 'මෝට' කියන්නෙ 'උඹෙ අම්මට....' වගේ කතාවක්නේ....!"
ඔය වගේ භාෂා වෙනස්කම් නිසා වෙච්චි සිද්දි බර ගානක් කිව්වා, දැන් මට මතක නෑ.
ඔන්න අපේ ගුරුතුමා පන්තියට ගිහින් නාමලේඛනය පරීක්ෂා කරනවලු පහුවදා.
මෙහෙම බලාගෙන ගනකොට තියෙනවලු හරි අපූරු නමක්.
'දිවංගත ප්‍රේමදාස'
කුතුහලයට පත්වුනු අපේ ගුරුතුමා හොයල බැලුවලු මේ නමේ උපත.
බලනකොට මේ නම අයිති දරුවගෙ තාත්තා තමයි නම දාල තියෙන්නෙ. දරුව ඉපදිල තියෙන්නෙ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අභාවප්‍රාප්ත වෙච්ච දවස්වලලු.
ඒ දවස්වල 'වෑර්ලස් එකේ' (ගුවන් විදුලියේ) හරියට වැඩසටහන් වල කියවුනනානේ ඔය 'දිවංගත ප්‍රේමදාස' නාමය. මේ ගැමි මනුස්සයා හිතල තියෙන්නෙ දිවංගත කියන්නෙ 'ශ්‍රීමත්' වගේ විශේෂණ පදයක් කියලා. තේරුම හොයලා නැහැ, ලස්සන නිසා දැම්මලු.
බලාගෙන ගියාම අපේ නගරබද 'පොෂ්' අම්මල තාත්තලත් ඔය වගේ තේරුම හොයන්නැතුව නම් දානවානේ! (උදා. 'ට්‍රික්සි' = ප්‍රයෝගකාරී / සෙල්ලක්කාර )
ආයෙ දවසක් ආවලු අලුතෙන්ම දරුවෙක් බාර දෙන්න. බාර දීලා දෙමාපියෝ ගියාලු. අපේ ගුරුතුමා අර දරුවගෙන් විස්තර අහනවලු.
"පුතේ ඔයාගෙ තාත්තගෙ නම?"
කොළුවා උඩ බිම බළයි.
"ඇයි පුතේ දන්නෙ නැද්ද?"
(නොදන්නා බව හැඟවීමට ඔළුව වනයි.)
"හොඳයි ඔයාගෙ අම්මා ගෙදරදි තාත්තට කතා කරන්නෙ කොහොමද?"
"ඕයි..කියලා"
"එතකොට තාත්ත අම්මට...?"
"ඒයි.....!"
වායුසමනය කරපු විවේකාගාරයක, සැප පුටුවකට බර වෙලා ජනතා මුදලින් නඩත්තු වෙන අන්තර්ජාල සබඳතාවකින් මේක ලියන මට, ඔබ ලවා ඔවුන්ව උපහාසයට ලක් කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බව යළි යළිත් අවධාරණය කරන්නනම ඕනෑ. මහාචාර්ය ගංගානාත් කියනව වගේ, අපිව මේ විදියට නඩත්තු කරන්න මේ අහිංසකයින් පවා දායක වෙනවයි කියන එක කවදාවත් අමතක කරන්න හොඳ නෑ. මගේ විවේකාගාරයේ දැල්වෙන පහනත්, වායුසමන යන්ත්‍රයත් වැඩකරන්නෙ විදුලියෙන් නොවේ, මේ අසරණයින්ගෙ ලේ දහදිය වලින් කියලයි මට හිතෙන්නෙ. අන්තර්ජන්ජාලෙ හුවමාරු වෙන්නෙ දත්ත නොවෙයි, ඔවුන් හෙලන කඳුළු කියලයි මට හිතෙන්නෙ. මේ ගැමියන්ට සේවය කරන්න අනන්ත දුක් ගැහැට විඳින අපේ ශ්‍රේෂ්ඨ ගුරු පරපුරට මෙය උපහාරයක්ම වේවා..!
Saturday, September 1, 2012
ගුරු සිත සලිත කළ ගැමි සුවඳ
කලකට පසු අද යළිත් අතිශයින් සංවේදී අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය. අවුලකට ඇත්තේ එහි ප්‍රතිඵලය සිත් තැවුලකින් කෙළවර වීමයි.
ප්‍රථම උපාධියේ අවසන් විභාගය ලියා ප්‍රතිඵල එන තෙක් මාතර නගරයේ පුද්ගලික පන්තියක් ආරම්භ කළෙමි. ඉලෙක්ට්‍රොනික් හා රොබෝ උන්මත්තකයකු වූ මගේ පාඨමාලාව 'ක්ෂුද්‍රපාලක පරිගණක වැඩසටහන්ගතකරණය හා රොබෝ තාක්ෂණය' නම් විය. ඉතා කෙටි ශීර්ෂයකින් යුත් නිසාදෝ එය අතිශයින් ජනප්‍රිය විය. කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් සූ... ගාලා ශිෂ්‍යයෝ 4 ක් වැනි අති විශාල සංඛ්‍යාවක් ආරම්භයේ සිටියත් පාඨමාලා ගාස්තු එකතුකරනවිට එය 2 දක්වා ශීඝ්‍ර ලෙස සංවර්ධනය වී තිබුණි.
එක් ශිෂ්‍යයෙක් නම් ආරම්භක දිනයේම ඔහු පන්තිය නතර කරන බව මට දිනය අවසානයේ දැන්වීය. මගේ ඉගැන්වීමේ ප්‍රශ්නයක් නැති බවත්, මේ පාඨමාලාවේ අන්තර්ගතය තම අවශ්‍යතාවට නොගැලපෙන බව ඔහු අවංකව කියා සිටියේය. රූපවාහිනී අළුත්වැඩියා කිරීම හා ගෙවල් වයරින් කිරීම ජීවිකාව කරගත් ඔහුට කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු හෝ අධි තාක්ෂණික වාහන පරිගණක පාලක පද්ධති නිර්මාණය කිරීමට අවශ්‍ය නැති බවත්, දුප්පත් පවුල් කාරයෙකු වූ තමාට විවිධ රටා මවන බුදුරැස්මාලාවක් සාදා ගැනීම ප්‍රමාණවත් බවත්, මගේ පාඨමාලාවේ වපසරිය පුළුල් බවත්, මගේ දැනුමට ගරු කරන බවත් ඔහු ඉතා අවංකව දන්වා ඉවත් විය.
උපාධිය ලබාගත් පසු රැකියාවේ හා පශ්චාත් උපාධියේ කටයුතුවල කාර්යබහුලත්වය හේතුවෙන් මට එම පාඨමාලාව එක් ශිෂ්‍ය කණ්ඩායමකට සීමා කිරීමට සිදුවිය. (එය ත්‍රෛමාසික පාඨමාලාවකි.)
වසර දෙකකට පසු...
අගනුවර අධික කාර්යබහුල ජීවිතයට සමු දී හැදුණු වැඩුණු නගරයට පැමිණියෙමි. එක් දිනක් ඉහත කී අපූරු ශිෂ්‍යයා මට අහම්බෙන් මුණ ගැසුණි. මා පාඨමාලාව ඉගැන්වීම නවතා දමා ඇති බව ඇසූ ඔහු බෙහෙවින් කණගාටු විය. කෙසේ වෙතත් මගෙන් එම පාඨමාලාව නිවසටම පැමිණ තමන්ට අවශ්‍ය ලෙස හැදෑරීමට අවැසි බව කියා සිටියේය. ඒ සඳහා ගාස්තුවක්ද කියන ලෙස ඉල්ලීය. රු. අටදහසකට එය තීන්දු විය.
ඔහු අද දහවල් 12 ට මගේ නිවසට පැමිණ සවස 5 පමණ වනතුරු මා සමඟ එකී කාරණයේ යෙදුණි. හෙතෙම දහවල් ආහාරය නගරයෙන් ගෙන පැමිණ තිබුණෙන් මම සවස 3ට පමණ නිවස තුළ දිවා ආහාරය ගත් අතර ඔහු ෆෝටිකාවට ගොස් අම්මා සහ තාත්තා සමඟ පිළිසඳරක යෙදෙනු ඇසින.
සවස 5.30ට පමණ අදට පාඩම අවසන් කළෙමි. පාඨමාලා ගාස්තුවෙන් කොටසක් ලෙසට රු. පන්සියයක් ඔහු මට දුන් අතර මම එය එතරම් ගණනකට නොගත්තෙමි.
ඔහුගේ යම් විශේෂයක් මා දුටුවේ අන්තිම මොහොතේය. වයස තිස් ගණනක් වූ ඔහු මට දණ ගසා වැන්දේය !
එවෙලේ යම් නුහුරු හැඟීමක් මසිත පහලවුවද මට වඩා ඉතා අඩු වයස් පරතරයක් සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් මට එසේ කළ බව සිහිවී එම හැඟීම මගහැර දැමීමට උත්සාහ කළද සාර්ථක වූයේ නැත, මොහු අඩු වශයෙන් අවුරුදු දහයක්වත් මට වඩා වැඩිමල් බව මට සිතුණි.
කෙසේ වෙතත් මේ සිද්ධිය මම අම්මාට කීවෙමි.
"අනේ එයා ගියාද..? පව් හරිම අහිංසක ගැමි ළමයෙක්. ගොඩක් ඈත ඉඳන් ඇවිත් තියෙන්නෙ. හරියට ගුරු ගෞරවේ. අපිත් එක්ක එකට වාඩි උනේම නෑනෙ කොච්චර කිව්වත්. සීනි තේකොළ, බිස්කට් එහෙමත් ගෙනත් තිබුණා. සල්ලි එහෙම ගන්න එපා කීයටවත්..."
සල්ලි..? එම පිළිකුල් සහගත වදන මා සිත තුළ දෝංකාර දෙන්නට විය.
මා ඔහුගෙන් මුදල් ගත් බව සිහිවී සිත ගිණියම් විය.
ඉතා ධර්මානුකූල දිවියක් ගත කරන තමා අසාධාරණ ලෙස තම සේවයට ගාස්තු අය නොකරන බවත්, බිරිඳ රැකියාවක් නොකරන බවත්, තමා කුඩා දරුවන් දෙදෙනෙකුගේ ආදරබර පියෙකු බවත් ඔහු කී බව මට සිහිවී මට පපුව 'හෝස්' ගා ගියේය. මට එවෙළේ ආවේස වී සිටියේ කිනම් යක්ෂයෙක්ද...?
මා දැන් සිතන්නේ ඔහු අමතා නැවත පැමිණෙන දිනකදී මුදල් රැගෙන නො එන ලෙස ඉල්ලා සිටීමටයි. ඔහුගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද...?
පොල් ගැසීම
මේ කතාව මට කිව්වේ මම කලින් වැඩකරපු සොෆ්ට්වෙයා කම්පැනියෙ අපේ අයි.ටී. මැනේජර් සුදේශ්, අපි දෙන්නා 'අර්ජන්ට්' ප්‍රොජෙක්ට් එකකට නයිට් එකක් අදිද්දි.(ඒ කොම්පැනියෙ හැමදාම ඉතින් 'අර්ජන්ට්' තමා. හදිස්සියක් නැති කස්ටෙක්ගෙ ප්‍රොජෙක්ට් එකක් ආසාවටවත් හොයා ගන්න නෑ ! ඉතින් කාපන්කො පරිප්පුව!!).
සුදේශ් කළින් හිටියෙ මැද පෙරදිග රටක. ඉදිකිරීම් ඉංජිනේරු සමාගමක අයි.ටී. සෙක්ෂන් එකේ.
මේ සමාගමට ලැබුණලු මහා පරිමාණ ජල නළ එලීමේ ව්‍යාපෘති රාජයෙක්. ප්‍රොජෙක්ට් එක භාර වුනේ සුදේශ්ගෙ නවාතැනේ ගජයා, ඉන්දියන් ඉංජිනේරුවෙකුට. නගර දෙකකින් නළ එලාගෙන ඇවිත් අන්තිමට එක තැනකදි දෙකම එකට සෙට් කරන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ.
වැඩ කරපු කම්කරුවොත් වැඩි හරියක් ඉන්දියන් කාරයොලු. මේ අතර ඉඳල තියෙනවා හෙඩ් බාස් කෙනෙක්, මිනිහත් ඉතින් ෆුල් හින්දුස්තාන් ඩයල් එකලු.
වැඩ පටන් ගන්න දවසෙ පොර ඇවිත් අපේ ඉජිංනේරුවට කියනවලු
"සර්, වැඩ පටන් ගන්න කලින් අපි පොල් ගෙඩියක් එහෙම ගහලා වස් දොස් ඇරලා එහෙම කරමු."
එන්ගලංතෙ ඉගෙනගත්තු ඉන්ජිනේරු ඩයල් එක ඕව ගැන විශ්වාසයක් නෑ. එත් කමක්නෑ මුන්ගෙ හිතට හරි හොදයිනේ කියලා අවසර දුන්නලු.
ඔන්න ඉතින් ගජරාමේට වැඩ කරගෙන ගිහින් වැඩේ ඉවර වෙන්නත් කිට්ටුයිලු.
හෙඩ් බාස් තුමා ඉංජිනේරු තැන්ටත් වැඩිය හෙන පණ්ඩිතයලු. 'මෙහෙම කරන්න, අරහම කරන්න' කියලා කස්ටිය දක්කනවලු.
මෙයා ඉතින් ජීවිතේ වැඩි හරියක් ඔය වගේ ප්‍රොජෙක්ට් වලම වැඩ කරපු නිසා අපේ ඉංජිනේරුවත් හිතුවලු 'වැඩේ එළකිරි වගේ දෙයි. ආයෙ වැඩිය ඇඟිලි ගහන්න ඕනිත් නැහැ' කියලා.
ඔහොම ගිහින් වැඩේ ඉවරවෙන දවසක් ආවලු.
මලලසේකර ! ගම කාලා. දෙපැත්තෙන් ආපු බට ලයින් දෙක කොහොමවත් සෙට් කරන්න බැරිලු. මීටර් ගණනක් වෙනස්ලු බිම් මට්ටම (ලෙවල් එක).
දැන් ඉතින් මොකෑ කොරන්නේ කියලා හෙඩ් බාස් තුමා ගිහින් ඉජිංනේරුවට වාර්තා කළාලු ඔලුව කහ කහ.
අපේ ඉජිංනේරු තුමා:
"කමක් නෑ. උඹල පොල් ගෙඩියක් එහෙම ගහලනෙ පටන්ගත්තෙ?"
"ඔ.. ඔව් සර්."
"ගිහින් ගෙනෙන් තව පොල් ගෙඩියක්."
පොරට (හෙඩ් බාස්ට ) දැන් මාර හැපිලු. මිනිහ හිතුවෙ අම්බානකට කුණුහරුප අහගන්න වෙයි කියල. ඔයින් ගියා මදෑ.
"ඒ.. ඒ මොකටද සර්..?"
"ගෙනත් ගහපන් මගෙ ඔලුවෙ. බොලා වගේ උන් විශ්වාස කරල වැඩ බාරදුන්නට..!"

Friday, August 31, 2012
පිට්ටුව
කැම්පස්චල කැන්ටිමේ බත් එක කලක් ගියාම බල්ලෙකුටවත් කන්න බැරි බව දන්නවනේ. කොච්චර රසද කියනවනම් ඇස් වහගෙන එළවලු 4 ජාතියක් වෙන වෙනම කාලා බැලුවොත් කියන්න බැහැ මොකද්ද කෑවේ කියලා...ඇයි ඔක්කොම එක රහ, ඒ කියන්නේ පිරිසිදු ජලීය H2O වල තියෙන රසනේ..ඉතින් මේ කාලෙ කොල්ලෙක් ගෙදර ගියාම ගේන බත් එක නම් දිව්‍ය භෝජන පරාදයි. සමහර විට ගෙනාපු එකාටවත් කන්න ඉතුරු වෙන්නෙ නෑ. ලෙහන පමාව විතරයි. වාෂ්ප වෙනවා. සබන් දාලා අත හෝදලා කන හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රගුණ කරපු 'පොෂ්' උන් ඒ අතර හිටියොත් උන්ට සොරිම තමයි. උන්ට ඉතින් ඇවිල්ල කරන්න තියෙන්නෙ කෙහෙල් කොලේ හරි ලන්ච් ෂීට් එක හරි වතුර නැතිව හෝදන්නේ කොහොමද කියලා රස පරීක්ෂණ පවත්වන්න තමයි.
ඉතින් ඒ තරම් අහේනියෙන් ඉන්න උන් ගෙදර ගියාම ගෙදර උන්ට පුදුමයි. යසට හිටිය පොඩි එකා එකපාරටම මහා කෑදරයෙක් වුනේ කොහොමද කියලා ගෙදර මිනිස්සු දහ අතේ කල්පනා කරනව. ඒ මදිවට මෙච්චර කාලෙකට ඇඟේ හැප්පුනත් සත 5කට ගණන් ගත්තෙ නැති වත්තෙ පළතුරු ගස් හූරගෙන කන්නෙ මුන් හරියට ගිහින් තියෙන්නෙ කැම්පස් නෙවෙයි ගාමන්ට් එකක් පාලනය කරන්න වගේ.
අපේ ගෙදර මිදුලෙ ටිකක් එහායින් තියෙනව පැණි කාමරංකා කියල පළතුරු ගහක්. ගෙඩි පෙනුමෙන් නිකං ගොරක වගෙයි. ඒ උනාට පට්ට රහයි. ඕක දිහා බලාගෙන ඇවිත් අපේ ගෙදර එන කැම්පස් කොල්ලො බයිසිකලේ හප්පගන්න හැදුවෙ එක පාරක් දෙපාරක් නෙමේ.
මෙච්චර දිග පූර්විකාවක් ගත්තෙ මීළඟට කියන්න යන කතාවෙ මම කරපු කොළු වැඩේ සාධාරණිකරනය කරන්න.
Aja-X කියන්නෙ මගේ බැචෙක්. අපේ බෝඩිමේමයි හිටියේ. මුගේ මරු වැඩ ගැන වෙනම පොතක් ලිව්වොත් ඒක මහා පතරංග ජාතකයත් වැඩිය දිග වෙනවා ෂුවර්. ඒවා පස්සෙ ටික ටික කියන්නම්.
මූ ටිකක් නෙමෙයි ගොඩක් අමුතු ඩයල් එකක්. එච්චර මහත නැති උනාට ගොඩක් කන්න පුළුවන්. හිත හොඳ එකා උනාට මුගේ අවුලක් තියෙනවා. ඒ තමයි කන බොන වෙලාවට බෙදාගෙන නෙමෙයි බදාගෙන කන්න තමයි වැඩි කැමැත්ත. මූ සමහර සති අන්තෙ හැටන් වල ළඟ නෑ කෙනෙක්ගෙ ගෙදර ගිහින් ලොකු කෑම එකක් එහෙම ගෙනාවට බෝඩිමේ අනිත් උන් එක්ක බෙදාගෙන කන්න එහෙම පින්සර සිතුවිල්ලක් පහල වෙන්නෙම නෑ බැරිවෙලාවත්. අනිත් එකෙකුටවත් මේක වැඩිය ඇල්ලුවෙ නෑ.
ඉතින් අපි හිතාගෙන හිටියා අපේ වෙලාව ආවම මේකට "දෙන්නං ජම්බූ".
ඔන්න දවසක් පොර හැටන් ගිහින් ආවා. එනකොටම තරුක අහපි "මොනවද බං නැන්ද ගේන්න දුන්නෙ?"
"මුකුත් නෑ."
ඒක කොහොමටත් වෙන්න බැරි දෙයක්. අඩු ගානේ මූට කන්න හරි කෑම එකක් ගෙදරි දෙන්න ඇති.
මූ ගියා බාත් රූම් එකට නාගන්න. කොල්ලා හෙන පිරිසිදු ඩයල් එක.
තරුකයයි අඹේවෙලයයි මාවත් ඇදගෙන ගියා උගෙ රූම් එකට. ඇරියා බෑග් එක. මේ තියෙන්නෙ හෙන ගැහුවා වගේ තඩි කෑම පාර්සලයක්. ඒක දැක්කම පේනවා "පුතේ මේක යාලුවොත් එක්ක බෙදාගෙන කන්න" කියලා එවපු එකක් කියලා. මුගේ කල්පනාව මේක තනියම කන්න.
ඒකෙ තිබුනෙ පිට්ටුවකුයි, චිකන් සහ බිත්තරයක්.
පිට්ටුවෙන් බාගයකට ටිකක් අඩුවෙන් අපි තුන්දෙනා කෑවා. පට්ටම රහයි. අනිත් දෙන්න බිත්තරෙනුත් බාගයක් කාලා අනිත් පැත්තට හරවලා තිබ්බා. (ලිහපු ගමන් පේන්නෙ ෆුල් බිත්තරේම තියේ වගේ)
ආපහු ඔතලා තිබුණු විදියටම තියලා අපි මුකුත් නොදන්න ගානට හිටියා.
මෙන්න මූ නාගෙන එනවා පොෂ් කොල්ලා වගේ. අපිත් කෑම ගෙනත් තිබුනෙ කඩේකින්. අපි අපේ බත්මුල් ලිහාගෙන කාල ඉවරවෙන්න කිට්ටු වෙනකං හොරගල් අල්ල අල්ල මූ හිටිය.
ඊට පස්සෙ මූ ගිහින් ගෙනාව උගෙ 'පිට්ටුව'.
"ඇයි උඹ කිව්වෙ මුකුත් ගෙනාවෙ නෑ කියල?"
"මොනාද බං?" එකෙක් නොදන්න ගානට ඇහුව.
"කව්ද මගෙ කෑම එක කාල.බිත්තරෙනුත් බාගයක් කාල." මූ නහයෙන් අඬයි."තොපි කෑව නේද..?"
"මේ මේ... හු**** කතා කරන්න එපා. අපි කොහොමද දන්නෙ තොගෙ බෑග් එකෙ ඔහොම මගුලක් තියෙනව කියල...?"
"උඹට මතක නැතුව උඹ බස් එක තේ බොන්න නවත්තපු වෙලාවක උඹම කන්න ඇති."
"***** ******"
බියකරු අත්දැකීමක්
මම ඉගෙන ගත්ත කැම්පස් එක කඳු පළාතක තිබුන එකක්. කාලෙකට ගිණියම් මේ පළාත සීසන් එකට, ඒ කියන්නෙ නොවැම්බර්, දෙසැම්බර් කාලෙට නුවරඑළිය වගේ සීතල වෙනවා.
අපේ නවාතැන තිබුණේ කඳු මුදුනක. මේ කාලෙට වලාකුළු යන්නේ අපේ ෆෝටිකෝව මැදින් කිව්වොත් ඒක කිසිසේත්ම අතිශයෝක්තියක් නෙමෙ.
මේ ගෙදර අයිතිකාරයො දුර පළාතක පදිංචි වෙලා හිටියෙ. අපි කැම්පස් කොල්ලො සෙට් එකක් තමයි මේක අරක්ගෙන හිටියෙ. වෙන කවුරුවත් නැහැ.
මේක වුන දවස්වල හිටියෙ මම විතරයි. ඉයර් එකක් ඉවරවෙලා මාසෙකට වැඩි නිවාඩුවක් ලැබිලා කවුරුත් ගෙවල්වල ගිහින්. මේ ගතවෙන්නෙ නිවාඩුවෙ හරි මැද දවස්.
මම මොකද මේ පාළු ගෙදර කළේ කියල ඔබ හිතාවි. අපේ උපාධියේ කණ්ඩායම් ව්‍යාපෘතියට අපි කළේ පරිගණකයකින් පාලනය වන වාහනයක්, අර ග්‍රහලෝක වලට එහෙම යවන්නේ රෝවර් යානා, අන්න එහෙම එකක්. ඉතින් මේකෙ විදුලි හා ඉලෙක්ට්‍රොනික් පද්ධතිය සැලසුම් කරල ඇටෙව්වේ මම. ඉස්සර ඉඳලම මට ඔය රොබෝ උණ තිබුණා. මම කර කර හිටියේ ඕකෙ වැඩ. (මේ තමයි ඒ මහා රෝවර් රාජයා. කොහොමද කොල්ලගෙ වැඩ?)
තනියමද කියල අහනවා? ඔව්. ගෲප් එකේ අනිත් උන් මේ වැඩ වලට ආස නෑ. උන්ට සොෆ්ට්වෙයා වැඩ භාර දීල තිබුනේ.ඒ කියන්නේ ප්‍රොග්‍රෑමින්, සිමියුලේශන්ස් වගේ වැඩ.
(කෑවා! කෑවා!! නොගැලපෙන් තැනකට ටෙක්නිකල් දේවල් දාලා ඩිවොලොප් වේගෙන ආපු ෆීලින්ග් එක තනිකරම කෑවා කියලා හිතෙනවනම් සොරි වෙන්ට ඕනෑ. මට ඕනි වුනේ මේක නිවාඩු මාසෙ ගෙදර නොගිහින් කරන්න තරම් සංකීරණ ප්‍රොජෙක්ට් එකක් බව කියන්න මිසක් මගේ වැඩ පෙන්වීම එහෙම නෙවෙ. හරිය?)
මම සාමාන්‍යයෙන් ඔය හොල්මන්, අවතාර වගේ ඒව විශ්වාස කරන කෙනෙක් නොවෙයි. කොහොමත් මම දේව ගණයෙ නිසා මට ඒව පේන්නෙ නැතිලු. රෑ වෙනකම් වැඩ කරලා මම කන්න කඩේට යන්නෙ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ එළියෙන්. යකාට බයනම් සොහොනෙ ගෙවල් හදනවද?
දවසක් වැඩ කර කර ඉඳලා මම එළියට යන්න ඉස්සරහ දොර අරින්න ගියා. (සීතල නිසා වහගෙන ඉන්නෙ.) ඕකෙ අගුල කරකවල අරින එකක්. සාමාන්‍යයෙන් ටිකක් තදයි.
ලොක් එකට අත තිබ්බා විතරයි මෙන්න ඒක හෙමිහිට නිකම්ම කැරකෙනවා! ඒ විතරක් නම් මදැයි දොරත් හෙමීට ඇරුණා!! (මගේ කිසිම ආයාසයක් නැතිවම!)
මම එකපාරටම දැක්කේ ෆෝටිකෝව මැදින් ගුප්ත විදියට ගලාගෙන ගිය තද මීදුම් වලාකුළක් විතරයි. ඒ මැදින් මතුවුනේ කවුද..? දඬු ලේනා...!
ඒ උගෙ කැම්පස් කාඩ් එක (අන්වර්ථ නාමය).
මට ක්ෂණිකව ඇතිවුනේ මෙහෙම හැඟීමක්...(අවංකවම)
මූ ඇක්සිඩන්ට් එකකින් මැරිලා, මට පෙනී ඉන්නවා ඒ පණිවිඩය දෙන්න. ඔහොම කතා බර ගාණක් මම කියවලා තිබුණා. හදිසියේ නොසිතන මොහොතක මැරිච්ච මිනිස්සු තමන්ගෙ ළඟම හිතවතුන්ට ඊට මොහොතකට පසු පෙනී හිටපු සිද්ධීන් පිටරටවලින් විතරක් නොවෙයි ලංකාවෙනුත් ගොඩක් වාර්තා වෙලා තිබුණා. හදිසියේ ගෙදර ආපු තමන්ගේ සැමියා එක්ක කතාකරලා මිනිත්තු ගණනකින් ඔහු යුදබිමේදී මිය ගිය පණිවිඩය ලද සෙබළ බිරිඳකගේ කතාවක් කියවලා වැඩි දවසක් ගෙවිලා තිබුනේ නෑ.
"බය උනාද...?"
මෙහෙම කියලා දඬුලේනා මගෙ අත අල්ලා ගත්තා.
උගේ අත උණුසුමට තිබුන, එතකොට තමයි මට තේරුණේ මූ මැරිලා නෑ කියලා!
මේ ටිකක් අභව්‍යයි වගේ හිතෙයි. ඒත් මතක තිතාගන්න මේ ඔක්කොම වුනේ තත්පර 2-3ක් ඇතුළත කියලා. මට කියන්න ඕනි උනේ අපි එදිනෙදා දකින, අසන දේවල් කොච්චර අපේ යටි හිතට බලපෑම් කරනවද කියලා.
විශේෂයෙන් මෙන්න මේ සිද්ධියට පස්සෙ තමයි මම මේ වගේ ඒව ඇත්තටම විශ්වාස කරන්න පටන් ගත්තේ.
අපේ නවාතැන තිබුණේ කඳු මුදුනක. මේ කාලෙට වලාකුළු යන්නේ අපේ ෆෝටිකෝව මැදින් කිව්වොත් ඒක කිසිසේත්ම අතිශයෝක්තියක් නෙමෙ.
මේ ගෙදර අයිතිකාරයො දුර පළාතක පදිංචි වෙලා හිටියෙ. අපි කැම්පස් කොල්ලො සෙට් එකක් තමයි මේක අරක්ගෙන හිටියෙ. වෙන කවුරුවත් නැහැ.
මේක වුන දවස්වල හිටියෙ මම විතරයි. ඉයර් එකක් ඉවරවෙලා මාසෙකට වැඩි නිවාඩුවක් ලැබිලා කවුරුත් ගෙවල්වල ගිහින්. මේ ගතවෙන්නෙ නිවාඩුවෙ හරි මැද දවස්.
මම මොකද මේ පාළු ගෙදර කළේ කියල ඔබ හිතාවි. අපේ උපාධියේ කණ්ඩායම් ව්‍යාපෘතියට අපි කළේ පරිගණකයකින් පාලනය වන වාහනයක්, අර ග්‍රහලෝක වලට එහෙම යවන්නේ රෝවර් යානා, අන්න එහෙම එකක්. ඉතින් මේකෙ විදුලි හා ඉලෙක්ට්‍රොනික් පද්ධතිය සැලසුම් කරල ඇටෙව්වේ මම. ඉස්සර ඉඳලම මට ඔය රොබෝ උණ තිබුණා. මම කර කර හිටියේ ඕකෙ වැඩ. (මේ තමයි ඒ මහා රෝවර් රාජයා. කොහොමද කොල්ලගෙ වැඩ?)
තනියමද කියල අහනවා? ඔව්. ගෲප් එකේ අනිත් උන් මේ වැඩ වලට ආස නෑ. උන්ට සොෆ්ට්වෙයා වැඩ භාර දීල තිබුනේ.ඒ කියන්නේ ප්‍රොග්‍රෑමින්, සිමියුලේශන්ස් වගේ වැඩ.
මම සාමාන්‍යයෙන් ඔය හොල්මන්, අවතාර වගේ ඒව විශ්වාස කරන කෙනෙක් නොවෙයි. කොහොමත් මම දේව ගණයෙ නිසා මට ඒව පේන්නෙ නැතිලු. රෑ වෙනකම් වැඩ කරලා මම කන්න කඩේට යන්නෙ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ එළියෙන්. යකාට බයනම් සොහොනෙ ගෙවල් හදනවද?
දවසක් වැඩ කර කර ඉඳලා මම එළියට යන්න ඉස්සරහ දොර අරින්න ගියා. (සීතල නිසා වහගෙන ඉන්නෙ.) ඕකෙ අගුල කරකවල අරින එකක්. සාමාන්‍යයෙන් ටිකක් තදයි.
ලොක් එකට අත තිබ්බා විතරයි මෙන්න ඒක හෙමිහිට නිකම්ම කැරකෙනවා! ඒ විතරක් නම් මදැයි දොරත් හෙමීට ඇරුණා!! (මගේ කිසිම ආයාසයක් නැතිවම!)
මම එකපාරටම දැක්කේ ෆෝටිකෝව මැදින් ගුප්ත විදියට ගලාගෙන ගිය තද මීදුම් වලාකුළක් විතරයි. ඒ මැදින් මතුවුනේ කවුද..? දඬු ලේනා...!
ඒ උගෙ කැම්පස් කාඩ් එක (අන්වර්ථ නාමය).
මට ක්ෂණිකව ඇතිවුනේ මෙහෙම හැඟීමක්...(අවංකවම)
මූ ඇක්සිඩන්ට් එකකින් මැරිලා, මට පෙනී ඉන්නවා ඒ පණිවිඩය දෙන්න. ඔහොම කතා බර ගාණක් මම කියවලා තිබුණා. හදිසියේ නොසිතන මොහොතක මැරිච්ච මිනිස්සු තමන්ගෙ ළඟම හිතවතුන්ට ඊට මොහොතකට පසු පෙනී හිටපු සිද්ධීන් පිටරටවලින් විතරක් නොවෙයි ලංකාවෙනුත් ගොඩක් වාර්තා වෙලා තිබුණා. හදිසියේ ගෙදර ආපු තමන්ගේ සැමියා එක්ක කතාකරලා මිනිත්තු ගණනකින් ඔහු යුදබිමේදී මිය ගිය පණිවිඩය ලද සෙබළ බිරිඳකගේ කතාවක් කියවලා වැඩි දවසක් ගෙවිලා තිබුනේ නෑ.
"බය උනාද...?"
මෙහෙම කියලා දඬුලේනා මගෙ අත අල්ලා ගත්තා.
උගේ අත උණුසුමට තිබුන, එතකොට තමයි මට තේරුණේ මූ මැරිලා නෑ කියලා!
මේ ටිකක් අභව්‍යයි වගේ හිතෙයි. ඒත් මතක තිතාගන්න මේ ඔක්කොම වුනේ තත්පර 2-3ක් ඇතුළත කියලා. මට කියන්න ඕනි උනේ අපි එදිනෙදා දකින, අසන දේවල් කොච්චර අපේ යටි හිතට බලපෑම් කරනවද කියලා.
විශේෂයෙන් මෙන්න මේ සිද්ධියට පස්සෙ තමයි මම මේ වගේ ඒව ඇත්තටම විශ්වාස කරන්න පටන් ගත්තේ.
Subscribe to:
Posts (Atom)