කාලෙකට පස්සෙ ගොඩක් අධ්‍යාත්මිකව හැඟීම්බර වුණු දවසක්.
ලංකාවෙ නාලිකා දුසිමක දැනට විකාශය වෙන ටෙලිනාට්‍ය අතුරින් මම බලන එකම එක, ස්වර්ණවාහිනියෙ 'අප්පච්චි'.
ආචාර්ය කේමදාසයන්ට පසුව මා කැමතිම සංගීතය කසුන් කල්හාරගේ සංගීතයත් එක්ක...
එකම හේතුව ජීවිතය ගැන ගැඹුරින් කතාකිරීම.....කසුන්ගෙ සංගීතය එහි අධ්‍යාත්මික භාවමය රසය තවත් උද්දීපනය කරනවා...
විශේෂත්වය තමයි, මේක මුළදි මට පෙන්නන්න බැරිව තිබුණු එකක්. කොහොමත් මට ගෑණු ටෙලි පෙන්නන්න බැහැ ඉස්සර ඉඳලම.
ඒත් මේක දැන් යන්නෙ වෙනම තීම් එකක.
ගැඹුරු අධ්‍යාත්මික ප්‍රේමයක් එක්ක.
හදවතේ ගැඹුරින්ම ඒ හැඟීම වින්දත්, කතාවෙ එන චරිතය වගෙ තරුණියො නෑ කියලයි මම හිතන්නෙ*. එහෙම බැලුවම ඒක ටිකක් අභව්‍යයි වගේ.
ඒ ඇරෙන්න වෙන කියන්න තරම් වැරැද්දක් නෑ.
දොස්තර වගේ චරිතනම් සමාජයේ දුර්ලභ වුනත් ජීවමානයි. විශ්වාස නැත්නම් මීට කලින් පොස්ට් එක බලන්න.
කාලෙකට පස්සෙ ගැඹුරින් අධ්‍යාත්මික රසය අත්විඳින්නට ඉඩහසර සලසන අපූරු නිර්මාණයක්.
සංවේදී මිනිස්සු සමහර දේවල් වලට අසංවේදී නරුමයන් කරන්න පියවි ලෝකෙදි මිනිස්සු උත්සුක වුනාට,
කලාකරුවා කියන අපූරු පුද්ගලයා ඒ ඛේදවාචකය වෙන්න නොදී නැවැත්වීම ආශ්චර්යයක්.
තාක්ෂණික මෙවලම් එක්කම ගැවසෙන මම කලාකරුවන්ට විද්‍යාඥයින්ට තරමටම ගරු කරන්නෙ ඒ නිසා...
*මට හම්බවෙලා තියෙන ආදරණීය, ආදරය හඳුනනව කියල හිතපු හැමෝම අධ්‍යාත්මික ආදරය එපා කියල පුහු ආටෝපය පස්සෙ දුවනවා ඇස් දෙකින්ම දැකපු නිසයි කියන්නෙ.
මම එක කුස උපන් සහෝදරියට වඩා බැඳීමකින් හිටිය කෙනා විශ්වවිද්‍යාලෙ රස්සාව වෙනුවෙන් මාව පාවල දුන්න.
ඒ නිසා මට ආයෙ කවදාවත්ම ඒතරම් ගැඹුරෙන් තරුණියකට ආදරය කරන්නවත්, අධ්‍යාත්මික හිතවත්කමක් පවත්වාගෙන යන්නවත් පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි.
ඒත් ඒ දැඩි බව නරුම අන්තයකට යා නොදී බැඳ තබාගන්නෙ මේ වගෙ කලා කෘති සමත් වෙනව....
පියවි ලෝකෙදි කවදාවත් යථාර්තයක් නොවන අධ්‍යාත්මික සෙනෙහස විඳින්න මෙහෙම හරි මාධ්‍යයක් තියෙන්නෙ වාසනාවට....
මිනිස්සු රොබෝලවත් පිස්සොවත් නොකර බේරගන්න එකට අපි මේ කලාකරුවන්ට සදා ණය ගැති වෙමු.
Saturday, July 6, 2013
Friday, July 5, 2013
වීරප්පන්
ඒ ඔහුගෙ කැම්පස් එකේ කාඩ් එක. ඒ ඔහු දෙමළ නිසා නෙමෙයි. සෑහෙන්න කළු නිසා ය. හමෙන් කළු වුනත් හදවතින් සුදුම සුදු එකෙකි. මේ සටහන ඒ නිසාවෙන්.
අපි ෆස්ට් ඉයර් එකේ ඉන්නකොට ඉන්දියාවේ රොබින් හුඩ් නමින් හැඳින්වුනු ප්‍රසිද්ධ කොල්ලකාරයෙක් වෙඩි කා මැරුණි. මූට දමන්නට කාඩ් එකක් සොයමින් සිටි අපේ උන්ට එය ඉබ්බා දියේ දැමීමක් විය. අනේ මේ අහිංසකයගෙ කාඩ් එක විදියට ඒ මදාවියගෙ නම රෙජිස්ටර් විය.
නමින් එසේ වුවද ඔහු ඉතාම අහිංසක එකෙකි. ඔහුම පවසන විදියට ඒ අහිංසක කම යටින් හද කම්පා කෙරෙන ඛේදවාචකයක් ඇත.
ඒ කාලේ මූ හරි දඟය. ගමේ දඟකාර කොල්ලන් සමඟ මූදේ නාන්නට යයි. කිසිවෙකුත් කියන දෙයක් නාසයි. කොටින්ම නාහෙට අහන්නෙ නැති එකෙකි.
ඒත් යම් දුක්බර සිදුවීමක් නිසා මොහුට දඟ කිරීම එපා විය. එකට සිටි කණ්ඩායමේ කොල්ලෙකු දියේ ගිලී මිය යාම ඊට හේතුවයි. ඊට තමනුත් වග කිව යුතුයයි යන වරදකාරී හැඟීමකින් සිත තවන්නට ඇත.
කැම්පස් එකේදී යම් ඉසව්වුවක්, පිංකමක්, විනෝද චාරිකාවක් සංවිධානය වූයේ නම් මොහු අනිවාර්යයෙන්ම එතනය. එතන කිවුවට නිකං බලා සිටීමක් නැත. එළිවෙනකම් බර වැඩය. නහින්නේ බොක්කෙන්ය. කිසිදු වාසි අපේක්ෂාවකින් නොවේ.
දුක් විඳින්නට උපන් හපන් ය. ඒ ඔහුගෙ හැටිය. ඒවා ගානක් නැත. එය මොහුට සතුටකි.
මා පොළොවේ පය ගසා ඇවිදින මිනිසකු කළේ මොහු යයි කිවහොත් එය ප්‍රලාපයක් නොවේ. සිද්ධිය මෙසේය.
අප සරසවියේ පීඨ මණ්ඩලයේ සියලු කටයුතු සිද්ධ වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ඒ කියන්නෙ කඩ්ඩෙනි. උසස් පෙළ කඩ්ඩෙන් කිරීම නිසා මගේ කඩ්ඩ හොඳ තත්වයක පැවතුණි. ඒ නිසා පීඨයේ ශිෂ්‍ය නියෝජිත වශයෙන් කොල්ලන් තෝරා පත්කරගත්තේ මාවය.
එසේ වුවද, දුක් විඳින ජනතාව ගැන මගේ දැනුම අල්ප විය. මගේ දෙමාපියන් මහා ලොකු සල්ලිකාරයන් නොවුවද, ඒ වනවිටත් මා ජීවිතයේ කිසිදිනක කුසගින්නේ නොසිටි අයෙක්මි. කිලෝ මීටරයක්වත් එකදිගට පයින් ගොස් නොසිටියෙමි.
සරසවිය මිනිසා සම්පූර්ණ කරයි යන කතාව ඒ වනවිට මා අත්විඳිමින් සිටියෙමි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව-විද්‍යාලයක්ම විය. ගෙදරදී හාමුලා, කුමාරිහාමිලා වගේ හිටපු උන් අගේට මළගෙවල්වල කාණු කපයි. උයයි. තමන්ගේ රෙදි සෝදා ගනියි..එකී මෙකී නොකී සියල්ල....
මගේ මේ සීඝ්‍ර දියුණුව කොල්ලන්නට දැනෙන්නට පටන් ගෙන තිබුණි. මා නැවත නැවතත් පීඨ මණ්ඩලයට පත් කර යැවුණේ එහෙයිනි. ඒ සටනේ මුළින්ම සිටි අයෙකි වීරේ. (අපි ආදරයට ඌට-වීරප්පන්ට කියන්නේ එහෙමයි.)
එදා පීඨ මණ්ඩල රැස්වීම මහ එපා කරපු දවසක් විය. මා ඉදිරිපත් කළ ශිෂ්‍යයන්ගේ ගැටළු එහිදී දැඩි අවඥාවට ලක් විය. මා යළි ආවේ මගේ අතින් කා හරක් බලන ඩියුටිය ගැන දැඩි කළකිරීමෙනි.
මේ දැඩි සිත් තැවුල වීරේට කියන්නට මම නේවාසිකාගාරයේ උඩු මහළ තරණය කළෙමි.
මා එහි යනවිට ඔහු සීනි සමඟ පාන් බාගයක් කමින් සිටියේය.
"ආ...වරෙන් වරෙන් සුනෙතා."
සීනි සමඟ පාන් කෑම මට තරමක් නුහුරු හෙයින් මා මෙසේ ඇසුවෙමි.
"මචං සීනිත් එක්ක පාන් කන එක ආතල්ද...?"
ඔහු මුළදී සිතුවේ එය විහිළුවට අසන ලද එකක් කියා ය. එහෙත් මා ෆුල් සීරියස් බව දුටු ඔහු කියන්නට ගිය කුණුහරුපය ගිලගෙන ඇත්තම කතාව කීය.
"අනේ නෑ බං. හොදි එකක් ගන්න සල්ලි නෑ."
මගේ පපුව හෝස් ගා දැවී යනු දැනිණ.
පැමිණි කාරණය ඉතා අපහසුවෙන් මම ඔහුට විස්තර කළෙමි.
"මචං තරහ නැතුව ෆැකල්ටි බෝඩ් යවන්න වෙන එකෙක් තෝර ගනිල්ල. මට මෙහෙම හැමදාමත් නිකරුනේ චාටර් වෙන්න බෑ..!"
"එහෙම කරන්න එපා රත්තරන්. අපිට උඹ හැර වෙන සරණක් නෑ." ඒ කී හැඟුම්බර විලාශය අනුව එය සිරාවටම කියන ලද්දක් බව දැනුණි.
මේ අසරණයින් වෙනුවෙන් කුමක් හෝ කළ යුතු බවට මම දැඩිව තීරණය කළෙමි.
මා අද දක්වාම දිවි හිමියෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැප වන්නට එම සිදුවීම තදින් බලපෑ බව සත්‍යයකි.
දිනක් මා රාත්‍රී වේල පිණිස කැන්ටිමට යන විට වීරේ කොල්ලන් සමඟ ඔට්ටුවක් අල්ලා තිබුණි. ඒ, කොල්ලන් විසින් බිල ගෙවනු ලැබේනම් ආහාර විශාල ප්‍රමාණයක් ගිල දමන බවයි.
අප සියලු දෙනාගේ විනෝදය බවට පත්වෙමින් ඔහු එම අභියෝගය පහසුවෙන් ජයග්‍රහණය කළේය.
ඉතා කෙසඟ සිරුරක් තිබූ මෙවැන්නෙක් මෙතරම් ප්‍රමාණයක් කන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට ගැටළුවක් වුවත් මටනම් හේතුව හිතාගත හැකි විය.
ඒ අසරණයා දවල්ට සිටින්නට ඇත්තේ කුසගින්නේය. ඇතැම් විට උදේටද හරියට නොකා සිටින්නට ඇත.
වළි බේරීමට මොහු උපන් හපනෙකි. වරක් අජාගේ ගොන් පාට් එකකට මට මළ පැන ඌට පහර දෙන්නට පැන්න විට වීරේ මා තදින් බදාගති. මගේ ක්ෂණික කෝපය සැනින්ම බැස ගියේ ය.
වරක් මා ඉතා තදින් අසනීප වී අසාධ්‍ය විය. මා නේවාසිකාගාරයේ සිටින කාලසීමාව තුල වීරේ ඇතුළු කොල්ලන් මා ඉතා හොඳින් බලාගත්හ. කැන්ටිමෙන් සුප් හදාගෙන ඇවිත් පෙවූහ.
එහෙත් අන්තිමේදී මා ක්ලාන්ත වී ඇදවැටුණි. රෝහලට ඇතුළත් කරන ලද මට ලැබුණු ආරංචිය හද කම්පා කළ එකක් විය. එනම් මගේ රුධිරගත සීනි මට්ටම 667ක් වූ බවයි. ඒ වනවිට මා යාන්තමින් ජීවිතයේ 24 කණුව පසු කළා පමණකි.
මා බලන්නට පැමිණි වීරේ මගේ බලවත් චිත්ත පීඩාව දැක ඊළඟ දවසේ ආ විගස පට්ටපල් බොරුවක් ඇද බෑය. එනම් මේ පිළිබඳ ඔහු දන්නා හෙදියකගෙන් ඇසූ බවත්, මෙය තාවකාලික තත්ත්වයක් බවත් ය. එහෙත් ඒ වනවිටත් ජාන ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටි මට මා දියවැඩියා රෝගයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව ඇති බවට සැකයක් නොවීය.
එවෙලේ මෙන්ම ඉන් පසුවද මගේ හිත හැදීමට වීරේ ප්‍රමුඛ මිතුරු කැළ ගත් උත්සාහය කිසිදා අමතක නොවේ.
මා අගනුවර සරසවියක රැකියාව ලද බවට දැනුම්දුන් පසු අප උපාධි පාඨමාලාවේ උපාධිධාරීන් අතුරුන් ඉතාම අවංකව සතුටු වූ අය වේ නම් ඒ වීරේ සහ අප්පුවාය.
(අප්පුවා යනු ඔහුගේ ගජ මිතුරාය. ඔහුද දිළිඳු නමුත් අහිංසක හිත හොඳ එකෙකි.) ඒ ගැන මගේ අංශුමාත්‍ර හෝ සැකයක් නැත. අනිත් උන් බහුතරයක් උඩින් සුභ පැතුවද හිත යට තියෙන ඒවා හිටිගමන් උන්ටත් නොදැනීම එළියට පනී.
ගැටළුවක හැම පැත්තක්ම දෙස උපේක්ෂාවෙන් බැලීමට ඔහුට පුළුවන. වරක් මගේ හොඳම මිතුරිය මා පාවා දෙන ලදුව මා එය විවේචනය කළ විට මුළු ලොවම මා හා උරණ වී පිටුපාද්දී ඔහු පමණක් මගේ කතාව පැය ගණනක් සාවධානව අසා සිටියේ ය.
දුක් විඳින්නටම උපන් මේ හිත හොඳ එකාට ලැබුනේද එවැනිම රැකියාවකි. මේ ලඟදී මා "තාමත් එහෙදැයි" ඇසූ විට ඔහු ඉතා සැහැල්ලුවෙන් පැවසුවේ
"ඔව්. බං. තාම කෝට්ටේ." කියා ය.
(කෝට්ටේ යනු ගිරාඳුරුකෝට්ටේය. එහි ප්‍රවාහන පහසුකම් පවා නැති අති දුෂ්කර ගම්මානයක ඔහු උගන්වන පාසල පිහිටා තිබේ.)
"ඉතින් ඉතින් ජීවිතේ දුකද..?"
"පිස්සුද බන්. මෙහේ ගම්වල මිනිස්සු ගුරුවරුන්ට දෙයියන්ට වගේ සලකන්නෙ. ක්වාර්ටස් එකේ එළවලු එහෙම ගෙනල්ල ගොඩවල් ගහල, කාගන්න බෑ..!"
ඒ ඔහුගේ ජීවිතයයි. පහසුකම් අවම මුත් රැකියාවේ තෘප්තිය උපරිමයි. ඒ ජීවිතය ඔහු ගැමියන්ගේ නොමඳ ආදරය අතර සතුටින් ගෙවයි. එය අතිශයින් සරලය.
ඒත් වායුසමනය කළ යාන වාහන, විවේකාගාර, දුසිම් ගණන් සහය කාර්ය මණ්ඩල... හැමදේම ලබපු අපි.....?
මට මේ සියල්ල හැර දා වන්නියට ගොස් වීරේ ගෙන් ජීවිතය යළි අකුරු කරන්නට සිතේ.

ෆේස්බුක් මචංලා
උදේ පාන්දරම මෙහෙම සටහනක් තැබීමට සිදුවීම කරුමයකි. එක අතකට මෙය කිසිම තේරුමක් නැති ලියවිල්ලකි. එහෙත්, අපේ රටේ ෆේස්බුක් භාවිත කරන්නන්ට ඇඟිල්ලෙන් ඇන මේවා කියා දීමට සිදුවීමට තරම් මූලික ආචාර ධර්ම (Fundamental Ethics) අතින් පිරිහී ඇති බව වැටහෙන විට දැනෙන්නේ කණගාටුවකි.
ෆේස්බුක් හි සම්බන්ධවන සෑම අයෙකුම එම සන්දර්භයේදී සැලකෙන්නේ මිතුරකු හැටියටය. එය හුදෙක් සබඳතාවක් නිරූපණය කිරීමට යොදාගැනෙන යෙදුමක් පමණක් බව ඇතැම් නවක සාමාජිකයින්ට වටහා ගැනීමට නොහැකි වී තිබේ. උදාහරණයක් ලෙස ඔබේ ගුරුවරයෙකු ඔබේ ආරාධනය පිළිගත් පළියට ඔබට ඔහුට 'මචං' කීමට නොහැකිය.
මා දිනකට මචං යන ආමන්ත්‍රණය සැබෑ ලෙසම ලබන්නේ ඉතා කලාතුරකින්ය. ඇතැම් දිනවල අන්තර්ජාල ඔස්සේ සමාජ ජාලයකින් හෝ ස්කයිපි වලින් පමණක් එම ආදරණීය ආමන්ත්‍රණය ලැබේ. අප දෙපාර්තමේන්තුවේ පිරිමි ආචාර්යවරු ඉතාම අල්ප වීම ඊට හේතුවයි.
එහෙත් අන්තර්ජාලය ඔස්සේ මට මචං කියන බොහෝ දෙනෙකු මා පෞද්ගලිකව හඳුනන්නන් නොවෙති. මෙවැනි එක් මචං කෙනෙකු මෑතකදී තමා යන්තමින් සාමාන්‍යපෙළ සමත්වූයේ යයි ප්‍රසිද්ධ කර තිබෙනු දුටිමි....! (මා සාමාන්‍යපෙළ සමත් වී දැනට වසර 14ක් පමණ වේ.)
මීට මාස කිහිපයකට පෙර සිදුවූ සිදුවීමක් මෙසේය:
සරසවියේ තෙවන වසර ප්‍රායෝගික ක්‍රියාකාරකමක් අධීක්ෂණය කිරීම සඳහා මම ප්‍රධාන පරිගණක විද්‍යාගාරයට පිවිසියෙමි. එක් තරුණයෙක් මා දැක ළඟට පැමිණ "සුනෙත් අයියා නේද..?" යි ඇසීය. මා සිතුවේ ඔහු ප්‍රදර්ශකවරයෙක් කියාය. කොහොමත් අප සහය ආචාර්ය මණ්ඩලය නිතරම වෙනස් වේ. බොහෝ දෙනෙකු ස්ථිර රැකියාවක් ලද විලස ප්‍රදර්ශක ධූරයට සමුදෙන නිසා ඔවුන්ගේ අඩුව පිරවීමට නවකයින් බඳවා ගැනීම සාමාන්‍ය දෙයකි.
එහෙත් අප විශ්වවිද්‍යාලයේ සහය ආචාර්ය මණ්ඩලයේ කිසිවකු ආචාර්යවරුන්ට නම කියා හෝ අයියා, අක්කා කියා අමතන උප සංස්කෘතියක් නැත. මේ නිසා මා සහ අට දෙනෙකුගෙන් සමන්විත මගේ සහය ආචාර්ය මණ්ඩලය එකී ඇමතීමෙන් පත්වූයේ අපහසුතාවයකටය. වඩාත් බලපතල කාරණය වන්නේ එකී පුද්ගලයා, අප කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් නොව, ශිෂ්‍යයෙක් වීමයි!
කන්නන්ගර දරුවෝ ෆේස්බුක් පිටුවේ ඇඩ්මින් වරයා / වරුන් මගෙන් කරන ලද නිල ආරාධනයකට අනුව 'ප්‍රොෆෙසර්ගේ තාක්ෂණික සටහන' නමින් බ්ලොග් අඩවියක් ඇරඹීමි. වරක් මා අසල්වැසි සොයුරකුගේ නිර්මාණයක් වන සබ්මැරීනයක් පිළිබඳව එහි සටහනක් තැබුවෙමි. එයට දස දෙසින් ප්‍රතිචාර ගලා එන්නට විය. ලංකාවේ විවිධ නව නිර්මාණ කරුවන් ඒ අතර විය. මා සරසවි ඇදුරෙක් ලෙස පැහැදිලිව එහි සඳහන්ව තිබියදීත්, මේ වන විටත් පාසැල්/උසස් අධ්‍යාපන ආයතන/කාර්මික විද්‍යාල ශිෂ්‍යයන් වන බොහෝ දෙනෙකු මට ඇමතීමට යොදාගෙන තිබුනේ මචං ෆිට් එකය.
සංයුක්ත තැටි මුද්‍රණය කරන යන්ත්‍රයක් නිපදවූ තවමත් ශිෂ්‍යයකු වූ එක් තරුණයෙක් මෙසේ කියා තිබුණි.
"උඹේ අඩවිය මේ වගේ ඒවාට තැනක් දෙන නිසා මේකත් පළ කරපන්."
තවත් එක් පුද්ගලයෙකුව බේරෙන්නට බැරි තැන මගෙ ෆේස්බුක් ගිණිමට එකතු කර ගතිමි. තවමත් ශිෂ්‍යයෙකු වූ ඔහුගෙන් මා ලද පලමු ඇමතුම "හලෝ අංකල්" ය.
මට බලෙන් 'සර්' කියවාගැනීමට අවශ්‍ය නැත. ගෞරවය යනු ඉල්ලා සිටිය යුතු දෙයක් නොව, ක්‍රියාවෙන් උපයාගත යුත්තක් බව දනිමි.
මා කියන්නේ මට මචං, අයියා / මල්ලී කියන්නට එපා කියා නොවේ. ඔබ මගේ සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමහල් නම් ඔබේ රැකියාව, අධ්‍යාපනය කුමක් වුවද ඔබට එසේ කිරීමට අයිතියක් ඇත. කොහොමත් මචං යනු හෘද්‍යාංගම බව වැඩියෙන් දැනෙන අපූර්ව ඇමතීමකි. අයියා, මල්ලී යනුත් එසේය.
එහෙත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ දැනටමත් ශිෂ්‍යයෙක් නම්, ඔබට වඩා වසර ගණනාවක් වැඩිමහල් කෙනෙකුට අයියා හෝ මචං කීමට පෙර දෙවරක් සිතන ලෙසයි.
මන්ද, ඒ අයියා හෝ මචං, ඔබේ ගුරුවරයා හෝ ආයතන ප්‍රධානියා වූ දිනක ඔබට මෙන්ම ඔහුටද ඔබ එසේ අමතන විට අපහසුතාවයක් දැනීම නොවැලැක්විය හැකි නිසා ය.
ප.ලි. මෙතුමා වැනි බොහෝ දෙනෙකු මෙහි ඇතැම් වචන නොදැක සිටීම හේතුවෙන් මට මේ සටහන තොරණක් බවට පත්කිරීමට සිදුවිය. එසේ වුවද එහි මුල් අන්තර්ගතය කිසිදු ආකාරයකින්වත් වෙනස් කර නොමැත. (සමාවන්න. එක් තැනක 'තවමත් ශිෂ්‍යයකු වන' යන්න යෙදීමට මට අතපසු වී ඇති බව මා පිළිගනිමි. ඇතැම් විට මේ සියළුම වැරදි වැටහීම් ඒ නිසා විය හැකි බවද, එය මා අතින් සිදුවූ මුද්‍රණ දෝෂයක් බවද සඳහන් කරනු කැමැත්තෙමි. ඒ හැර මෙහි වෛවර්ණ ගන්වන ලද අන් සියල්ල, ඒ වනවිටත් මෙහි තිබූ ඒවාය.) ඔබටත් තවදුරටත් එසේ වචන මගහැරෙන අක්ෂි දෝෂයක් තිබේනම් කරුණාකර මෙහි මාතෘකාව යළිත් කියවා බලන්න. විශේෂයෙන් ෆේස්බුක් හා මගේ අනෙත් අඩවිය උදෙසා බලපැවත්වුවත් මෙය සමස්ථ බ්ලොග් ලෝකය උදෙසා ලියන ලද්දක් නොවන බව තවමත් ඔබ විශ්වාස නොකරයි නම්, කණගාටුයි, ලකී මහතා අතින් ඔබේ මනස අපයෝජනය ලක්ව ඇති බව කීමට සිදුවේ.

Thursday, July 4, 2013
විශ්වාසය
මා කොහෙදෝ රස්තියාදුවක් ගසා නේවාසිකාගාරයට ගොඩ වැදුනා පමණකි.
"මචං ප්‍රොෆා," (ඒ මගෙ කැම්පස් එකේ කාඩ් එක.)
"උඹට ගර්ල්ස් හොස්ට්‍රල් එකෙන් කෝල් එකක්..."
"මට...? උඹට හොඳටම ෂුවර්ද..? ඇයි යකෝ මේ තනිකඩ මට මොකා කතාකරන්නද...?"
"හලෝ ප්‍රොෆෙසර්.." එහා පැත්තේන් නුහුරු සිංහලෙන් කවුදෝ කෙල්ලක් අමතනු ඇසේ.
"ඔව්, කවුද..?"
"මම නාදියා කතා කරන්නේ. මට ලොකු උදවුවක් ඕනේ."
"හ්ම්....කියමු බලන්න."
"මේකයි. අද හිෂාම් (ඇගේ පෙම්වතා) මාව බලන්න ආව. එයාට නවතින්න තැනක් හොයාගන්න බැරි වුනාලු. බෝයිස් හොස්ට්‍රල් එකේ අද එයාව තියාගන්න අවසර දෙන්න පුළුවන්ද..?"
මම මදක් කල්පනා කළෙමි. නොදන්නා බාහිර පුද්ගලයෙකු පිරිමි ශිෂ්‍ය නේවාසිකාගාරයේ නවත්වාගෙන රාත්‍රී මුර සංචාරයේ එන නේවාසිකාගාර පාලකට අසුවුවහොත් මගේ ශිෂ්‍ය නායකකම පමණක් නොව ඇතැම්විට ශිෂ්‍යභාවය පවා අහිමිවිය හැකිය.
එහෙත් මගේ මිතුරිය කිසිදා මගෙන් මෙවැනි උදවුවක් ඉල්ලා නැත.
මොකද කරන්නේ...?
ඔන්න ඔහෙ ඕන රෙද්දක්..!
මම තීරණයක් ගතිමි.
"ඕ.කේ."
අප සරසවිය කඳුකර පෙදෙසක පිහිටා තිබූ අතර එදින ඉතා ශීත කාළගුණයක් පැවති දිනයක් විය. බස් නැවතුමේ සිටින මා මිතුරියගේ 'අනාථ පෙම්වතා' රැගෙන ඒමට මම අමතර කුඩයක් සහිතව පිටත් වීමි.
මා සිතූ පරිදිම ඔහු සතුව කුඩයක් පවා නොවීය. මා ඔහු නේවාසිකාගාරයට කැඳවාගෙන මිතුරන්ට හඳුන්වා දීමි.
මා නේවාසිකාගාරයේ නායක පට්ටමට තෝරාගත් කොළු රෑන, තමන්ගේ බෙල්ල ගහලා ගියත් කටේ කෙළ බිඳක් නොහෙලන බව මට සක්සුදක් සේ විශ්වාසය.
<අතුරු කතාවක්>
කොල්ලන් එසේය. දශක තුනකට ආසන්න මගේ ජීවිතයේ කිසිම පිරිම මිතුරකු මා පාවා දී නැත. විශ්වවිද්‍යාලයේ රැකියාවක් හෝ වෙනත් වාසියක් උදෙසා විශ්වාස කළ නොහැකි තරමට අනුකම්පා විරහිත ලෙස මා පාවාදෙනු ලැබුයේ මා ඉතාම සමීපතමයයි සිතා සිටි මිතුරියන් ය. අද දක්වාම මා තුළ කෙල්ලන් කෙරෙහි ආකල්පය ඉතාම නරක එකක් වන්නට මෙවැනි සිද්ධි රාශියක් බලපෑ බව කිව යුතු මනාය.
<අතුරු කතාවක් අවසානය>
"මචං මෙන්න මූට නාන්න අඳින්න සෙට් කරල දීපන්."
පසුදින භාරදිය යුතු පැවරුමක් තිබුණෙන් මා ඔහුව කොල්ලන්නට බාර දී කාමරයට වැදුනෙමි.
පැය කිහිපයකට පසු නැවත මා එනවිට කොල්ලන් සෙට් එක ඔහු ගැන බලා කියාගෙන ඉවරය. මට සොයා බලන්නට දෙයක් ඉතුරු කර නැත.
එකෙක් උගේ අළුත්ම සබන් කැටයක්ද, අනෙකා අමතර තුවායක්ද, තවෙකෙක් සරමක්ද වශයෙන් ඔහුගේ සියළු අවශ්‍යතා සොයාබලා ඉටුකර දී ඇත. කීමට වටින කතාව නම් එතන සිටි කොල්ලන් විසි දෙනාගෙන් එක් අයෙකු හැර අන් සියල්ලන්ම සිංහල එවුන් ය. ඉතිරි එකා හෙවත් අජා (ඔව්. ඔව්. පිට්ටුව කෑ එකා තමයි.) දමිළයෙකි. සියළු දෙනාම ජාති භේදයකින් තොරව ඔහුට හොඳින් සලකා ඇත.
සති අන්තය වූයෙන් හිස් ඇඳක් සොයාගැනීම අපහසු නොවීය.
පසුදින උදෑසන ඔහු යන්නට සූදානම් වූ මා හමුවන්නට ආවේ ය.
"මචං. උඹට දෙන්න මගේ ගාව මුකුත් නෑ. හැබැයි එක දෙයක් තියෙනව. ඒක රහසක්."
නිරුත්තර වීමි. මගේ දිගු නිහැඬියාව අතරතුර ඔහු කතාව දිගටම කරගෙන ගියේය.
"මේක අපේ ගෙවල් වලින් දන්නෙත් නෑ. අපේ කිසිම මුස්ලිම් යාළුවෙක් දන්නෙත් නෑ. ඒ මොකද මට ඒ එකෙක්වත් විශ්වාස නෑ. ඒත් මට උඹව විස්වාසයි ඒ හැම එකෙකුටම වඩා."
මා තවමත් නිහඬය.
"මම එයාව කසාද බැන්දා...!"
"කන්ගැජුලේෂන්ස් මචං. උබේ සිලෙක්ෂන් එක හරියටම හරි. ඒකි හරිම හොඳ එකියක්."
ඔහුට වූ පොරොන්දුව එය සිදුවී සත් වසරක් වන අද දක්වාම මම පණමෙන් රැකීමි.
අද ඔවුන් දෙපළ කොහේ කොතනක සිටිනවාදැයි නොදනිමි. බොහෝ විට එක වහළක් යට සිටිනවා ඇත. ඇතැම්විට දරු කැළකගේ ආදරණීය දෙමාපියන් වීමටද පුළුවන. දැන් මෙය හෙළි කිරීමෙන් ඔවුන්ට අවැඩක් නොවනු ඇති.
මේ ගැන මගේ වැඩිදුර අදහස් දැක්වීමෙන් වැළකී සිටිමි. එක් වදනක් පමණක් යළි අවධාරණය කරමි. එනම් අද කාලයේ විවිධ ජාතීන් අතර පමණක් නොව එකම ජාතියේ, එකම කාර්යාලයේ පමණක් නොව ඇතැම්විට එකම පවුලේ අය අතර පවා දුර්ලභ දෙයකි.
එනම් විශ්වාසයයි.
ජීවිතයේ වරක් දෙවරක් හෝ එය ලබන්නට වාසනාවන්තයෙක් වීම ගැන අනේක වාරයක් උදම් අනමි.

මෙවැන්නන්ට කුමක් කරමුද...?
මම මේ කියන සිද්ධිය සිදු වී තවම පැය කිහිපයක් පමණි ගත වී ඇත්තේ.
මා සේවය කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේය. එහි ආචාර්යවරයෙක්මි.
මාතර නගරයට ස්චයංක්‍රීය මාර්ග පාලන සංඥා (Traffic Lights) හඳුන්වා දෙන ලද්දේ මේ මෑතකදි. ඒ නිසාම මිනිස්සුන්ට වැඩිය හුරු නැත.
ඊයෙ සවස මා Traffic Light එකක වාහනය නවතාගෙන සිටිනවිට වම් පැත්තේ තිබුණ ඉතාම සීමිත ඉඩ ඔස්සේ මෝටර් බයිසිකලයක් පැමිණ මගේ වාහනේ රියදුරු අසුනට සමාන්තරව එහා පැත්තේ නැවැත්වීය.
මා එච්චර ගණනකට ගත්තේ නැත්තේ හැමදාමත් ත්‍රීවීල් රියැදුරන්, මෝටර් බයිසිකල් කරුවන් ඔහොම රිංගන එක අරුමයක් නැති නිසා ය.
ඒත් මේ හාදයා මා බලාපොරොත්තු නැති දෙයක් කළේය. වීදුරුවට මහත් කළබලයෙන් තඩිබාන්නට විය.
මා ක්ෂණිකව වීදුරුව පහත් නොකරන්නට වීදුරුව කුඩු වී යනු නොඅනුමානය. එකෙණෙහිම මා සවනත වැකුණේ නොසරුප් වදන් පෙළකි.
එකට එක කරන්නට යාමෙන් දෙවැන්නාද වරද මුළින් කළ කෙනාගේම තත්ත්වයට වැටෙන නිසා මා ඉවසා සිටීමි.
මට කියන්නට අවශ්‍ය වූයේ මෙයයි.
වාහනයක පාලනය අතට ගන්නා තැනැත්තාට ඉවසීම සහ විනය යන ගුණයන් මනා ලෙසම අත්‍යවශ්‍ය ය. කණගාටුවට කරුණ වන්නේ ලංකාවේ, විශේෂයෙන්ම එකී රියැදුරන් දෙපිරිසේ (යතුරු පැදි හසුරුවන ගුරු භවතුන් ආදී රජයේ සේවකයින් හැර) සහ බස් රථ රියැදුරන්ගේ විනය නම් ගන්නම දෙයක් නැති බවය. ඔවුන් ලැබූ අඩු අධ්‍යාපනය ඊට හේතුවක් විය හැකි ය.
රියැදුරු බලපත්‍රය ලබාදෙන විට රිය පැදවීමේ හැකියාව සහ මාර්ග සංඥා පිළිබඳ දැනුම පමණක් පරීක්ෂා කිරීම මොවුන්ගේ විනය මෙතරම් පිරිහීමට හේතුවයි.
රියැදුරු බලපත්‍ර ලබාදීමේදී අධ්‍යාපන සුදුසුකම් සැලකීම ප්‍රායෝගික නොවන බවද සත්‍යයකි.එසේ වුවද රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී රියැදුරන්ගේ ඉවසීම සහ විනය පිළිබඳව මීට වඩා සැලකිළිමත් විය යුතු බව මගේ පෞද්ගලික මතයයි. එම ගුණාංග ඇගයීමට යම් ක්‍රමවේදයක් තිබුණේ නම් වඩාත් හොඳය.
කෙසේ වුවත් මෙය තනිකරම පුද්ගල ආකල්ප (attitude) හා තදින් බැඳී පවතින්නකි.
නීතියෙන් විනය හදනවා යන්න යථාර්ථයක් නම් ඉතා දැඩි විනයක් පවත්වාගෙන යන හමුදාවෙන් පැන්න ගමන් මිනිසුන් සමාජ විරෝධීන් වන්නේ නැත.
මෙයට කුමක් කරමුද...?
මේ හා සමාන තවත් අමිහිරි අත්දැකීමක් මෙය.
කාට කියන්නද මේ අවනඩුව....?

Friday, June 21, 2013
නුඹට අවසරයි......
අට විසි වියේදී මා සූවිසි වියැති පුතුන්ගේ පියෙකු කළ ආදරණීය පුතුනි.....
මා දෙපා නමැද සරසවි මවු තුරුලෙන් නික්මී ඉගිල යාමට අවසර පතන පුතුනි......
නුඹට අවසරයි......
එහෙත්....නුඹ ගැන බියක් මසිත නැතුවාම නොවෙයි...
මන්ද....අදින් පසු නුඹ ගැටෙන්නේ පරිපූර්ණ තත්ත්ව තුළ හැසිරෙන අථත්‍ය යථාර්තය සමඟ නොව,
පරිපූර්ණ යථාර්තය සමඟ නිසායි.
ඒක තේරුණේ නැතුව ඇති....
මට කියන්න ඕන වුනේ මෙපමණකි.....
ආදරණීය පුත,
කඩුල්ලෙන් එහා ලෝකය නපුරුයි.....
ඒ නපුරු ලෝකයේ ලොකු මිනිසෙක් නොව, හොඳ මිනිසෙක් වී
නපුරු ලෝකයට දිවි හිමියෙන් සේවය කරන්න...
නපුරන්ගෙන් ප්‍රවේසම් වී
ඔවුන'තර සිටින අහිංසකයින් වෙනුවෙන් ඔබ ලැබූ තාවකාලික ජීවිතය කැපකරන්න.
මතක තබාගන්න, ඔබ, ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි....
ඔවුන්ගේ ලෝකයේ කඳුලැලි පිසින එකම ඉටුදෙවියා ඔබයි....
කිසිම හේතුවක් නිසාවත් ඔවුන්ට නපුරු වන්නට එපා...
හැකිනම් මා පෙවූ සිප්කිරෙන් බිඳක් ඔවුන්ගේ මුව'ඟ තවරන්න...
එය, මා ඔබ වෙතින් ලබන ඉහළම ගෞරවයයි...
නුඹත් මමත් මේ රටට වී ඇති ණය ගෙවිය හැකි එකම මග එයයි...

Monday, June 17, 2013
ගුරුවරු මෙහෙමයි
මගේ අම්මා ගුරුවරියක්. ගම්බද ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ හරිම දුප්පත් අහිංසක ළමයි. මේ සිදුවීම වෙලා දැන් මාසයක් විතර ඇති.
හය වසරෙ ගැහැණු ළමයෙක් ඇවිල්ල අසනීපයි කියල ගෙදර යන්න අවසර ඉල්ලුවලු. මොකද්ද අසනීපෙ කියල ඇහුවම බඩේ අමාරුවක්ලු. ගෙදර තියෙන්නෙ හැතැප්ම 6ක් විතර ඈත නිසාත්, එක්ක යන්න කවුරුවත් නැති නිසාත් එයාව නිදහස් කරල නෑ.
ටික වෙලාවකින් පණිවුඩයක් එනවලු එයා සුදු ගවුම නාස්ති කරගෙන කියලා. ඉතින් අම්මයි තව ගුරුතුමීල කීප දෙනෙකුයි ගියාලු බලන්න. බැලුවම කතාව ඇත්තලු. සුදු ගවුම එහෙම පිටින්ම කහ පාට වෙලාලු. 'මොකද වුනේ පුතේ?' කියල ඇහුවම කිවුවලු කතාව.
මෙයා වැසිකිළියට ගිහින්. හය වසරෙ උනත් තාමත් ළාමක නිසාත් (සෝදගන්න තේරෙන්නෙ නැති නිසා), පාලනය කරගන්න බැරි තරමට අසනීපය තදට තිබුණ නිසාත් ගවුමෙයි, කකුල් වලයි හැම තැනම මළද්‍රවය ගෑවිලා.
ඉතින් මොකද කරන්නෙ, අපේ ගුරු තුමීලා එයාව හේදුවලු. ඉහළ පන්තියක ළමයෙක් ළඟ පාත ගෙදරකට යැවුවලු ගවුමක් ගේන්න.
මෙයාට හරියන පාට ගවුමක් ගෙනාවලු. දැන් දරුව හොඳටම දුර්වල වෙලා. කොහොමහරි ගෘහ විද්‍යා කාමරෙන් කෝපි එකක් හදල දුන්නලු. නියෝජ්‍ය විදුහල්පතිතුමා උපදෙස් දුන්නලු ගෙදර ගිහින් ඇරලවන්න කියලා.
අපේ අම්මයි, තව ගුරුතුමියකුයි ත්‍රී-වීල් එකක් ගෙන්නගෙන මේ දරුව එක්කගෙන ගියාලු. හැතැප්ම 6ක් විතර එහා, ධීවර ගම්මානෙක ගොඩක්ම දුප්පත් ගෙදරක්ලු. පොල් රුප්පාවක් මැද කරදිය සුවඳ හමන තැනක්ලු. (මට මැවිල පෙණුන කියනකොට.)
යනකොට දරුවගෙ අම්ම, ලොකු අක්කත් එක්ක කොහු අඹරනවලු. කට්ටිය දැකපු ගමන් මෙයාල හිතුවෙ වෙන දෙයක්. ඇයි උදේ සුදු ගවුමක් ඇඳගෙන ගිය දරුව දැන් ඉන්නෙ පාට ඇඳුමෙන් නෙ.
එයාලට කාරණේ පැහැදිලිකරල දුන්නමලු සැනසුම් සුසුමක් හෙළුවෙ. ගුරුවරුන්ට නොසෑහෙන්න ස්තුති කරල ඇත්තම කිවුවලු.
"අනේ නෝනෙ. තේ එකක්වත් හදල දෙන්න ගේ හරියෙ අඩුම කුඩුම නෑ. මෙයාලගෙ තාත්ත මූදු ගිහින් දැන් දවස් දෙකක් වෙනව. මේකි ඊයෙ රෑට කෑවෙත් නෑ. අද උදේටත් නොකා ගියේ."
කොහොමහරි දරුව හොඳට බලාගන්න කියල අම්මල ආපහු ඉස්කෝලෙට ආවලු. ත්‍රී-වීල් එකට ගෙවපු රු.600 අපේ අම්මගෙ අතින්.
ඔය එක සිද්ධියක් විතරයි. ඔය වගෙ ඒව අනන්ත ඒ වගෙ ඉස්කෝලවල වෙනවලු. සමහර දවසට එක වසරෙ දරුවො වැසිකිළි ගියාම එයාල සෝදන්න වෙන්නෙ ප්‍රාථමික පන්ති භාර ගුරුතුමියටලු.
අපේ අම්ම අනන්ත ළමයින්ට ගෙදරින් කන්න හදාගෙන යනව. සල්ලි වලින්, පොත් පත් වලිනුත් උපකාර කරල තියෙනව, දැනටත් කරනව. දුප්පත් පාස්ල්වල ගොඩක් ගුරුවරු එහෙමයි.
මම මේ සටහන තිබ්බෙ මේ දවස්වල ගුරුවරු ගැන වැඩිපුර කතාවෙන හින්ද. හේතුව දන්නව ඇතිනෙ.
තව කියන්න දේවල් අනන්ත තියෙනව අපේ උදාර ගුරු පරපුර ගැන. විශේෂයෙන්ම දුෂ්කර පාසල්වල ගෙවෙන ජීවිත ගැන.
ජීවිතේ ලස්සනම තරුණ කාලෙ ඈත දුෂ්කර පළාතක අවම පහසුකම්වත් නැතුව හැම ගුරුතුමෙක්ම, ගුරුතුමියක්ම වගේ සේවය කරනව. අවුරුදු 6ක් කිවුවට ගොඩක් වෙලාවට ඒක ඒ කියන කාලෙට සීමා වෙන්නෙ නෑ. එයාලට තියෙන එකම සහනය ගැමියන්ගෙ අව්‍යාජ ආදරය විතරක්මයි.
ගමන් පහසුකම්වල තියෙන දුෂ්කරතා නිසාම කිහිපවතාවක්ම තමන්ගෙ දරු ගැබ ගබ්සා වුණු ගුරු අක්ක කෙනෙක් මම දන්නව. ඒ එක කතාවක් විතරයි.
කාලකණ්ණි නූගත් දේශපාලුවන් ඉදිරියේ දණ ගහන්න වෙන්නෙ මේ උත්තරීතර මනුස්සයන්ට කියල හිතෙනකොට පුදුම වේදනාවක් හදවතට දැනෙන්නෙ.
මේ සටහන් වලිනුත් කියවෙන්නෙ ඒ වගේ අත්දැකීම්.
ඈත පලාත්වල ජීවිත - 2
ඈත පලාත්වල ජීවිත

Subscribe to:
Posts (Atom)